සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• එකළොස් වන දිගහැරුම •

569 143 56
By ___Sky-Heart___


" අතින් නෙමෙයි මිනිහෝ ඉනෙන් අල්ල ගනිම් !! හරකෙක් වගේ තෝ "

" තමුසෙ මගෙන් කන්න හදන්නේ !! කෙල්ලෙක් දිහා ආසාවට බලපු නැති මම කොහොමද කෙල්ලෙක්ගේ ඉනෙන් අල්ල ගන්නේ ?? "

" මම තමුසෙගෙ නංගි යකෝ මෙන්න මෙහෙ අල්ල ගනිම් "

හස්නගේ කැම්පස් ජීවිතේ පලවෙනි දවස නිසා හස්නා එක්ක උදේම යුගාන්ටත් කැම්පස් එකට එන්න සිද්ද උනා . අනික තීනුව සෙට් කර ගන්න හස්නා ගහලා තිබුනු මාස්‍ටර් ප්ලෑන් එක යුගාන්ට දැන් හෙණ ගෙඩියක් වෙලා තිබුනා . යුගාන්ගේ කෑල්ල වගේ හස්නා කැම්පස් එකේ පේන්න ඉදලා කොහොම හරි තීනුගේ හිතේ තියෙන එක දැන ගන්න එක තමා ඔය හස්නා ගහලා තිබුනු ප්ලෑන් එක උනේ .

ඒත් යුගාන්ට නම් දැන් ඒක කරන්න බැහැ බැහැ වගෙත් මොකද පොඩ්ඩක් හරි ගැස්සුනොත් තීනුට ලං වෙනවා කියන එක ආයේ හීනයක්ම තමයි කියලා යුගාන් දැනන් හිටියා . ඒත් හස්නා පසු බහින්න අකමැති නිසා යුගාන්ට කර කියා ගන්න දෙයක් නැති උනා . කුම්බලා මාළු කෑවා නම් විදවපන් බළලෝ කිව්වා වගේ හස්නව මේ වැඩේට පංගාත්තු කර ගෙන තමන් කලේ ලොකු මෝඩ කමක් කියලත් යුගාන්ට හිතුනා .

අකමැත්තෙන්ම හස්නගේ ඉනෙන් අල්ල ගත්තු යුගාන් හස්නා එක්කම කැම්පස් එක ඇතුලට ඇතුලු උනා . දෙන්නා ඉන්න විදිහට නම් හැම එකාටම පෙනුනේ යුගානුයි හස්නයි කියන්නේ කපල් එකක් කියලා . යුගාන් සාමාන්‍යෙන් කෙල්ලොන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති නිසාම මුලු කැම්පස් එක පුරාම එක කසුකුසුවකින් පිරිලා ගියා .

" අඩෝ මේ යුගාන්ගේ කෑල්ලද බං "

" වෙන්න ඇතිනේ බං හැබැයි කෙල්ල ලස්සනයි නේද "

පහු කරන් ගියපු කොල්ලෝ දෙන්නෙක්ගේ කතා බහ යුගාන්ගේ කන් වලට වැටෙද්දි යුගාන් උන් දෙන්නගේ උඩ ඉදන් පහලට බැලුවා . ඒ බැල්මත් එක්ක ඒ කොල්ලෝ දෙන්නා මිසින් වෙද්දි හස්නට හිනාවක් ගියේ අයියණ්ඩි කැම්පස් එකේ හොද පොරක් කියලා දැනට මත් තමන්ට පෙනුනු නිසා . අර කොල්ලා කිව්වා වගේ හස්නා නම් හරි ලස්සනයි .

යුගාන්ට දැන් තිබුනු එකම බය උනේ තමන්ට තීනුව සෙට් කරන්න හස්නා උදව් කරන්න ඇවිත් මේකි වෙන මොකෙක් එක්ක හරි සෙට් වෙයිද කියලා . කැම්පස් එකේ එකෙක් දෙකෙක් හොදට හිටියට අනිත් උන් සේරම මහ නසරාණියෝ කියලා දන්න නිසාම යුගාන් නම් කැමති නැහැ හස්නා දිහා කැම්පස් එකේ එක කොල්ලෙක් වත් බලනවට .

කොහොමත් හස්නගේ අයියා යුගාන් කියලා දැන ගත්තු දවසට කිසිම කොල්ලෙක් හස්නව නම් ටෝක් කරන්නේ නැති වෙයි . මොකද කැම්පස් එකේ කොල්ලෝ ටික දන්නවනේ ඇමති පුතාගේ කෙරුවාව . හස්නත් එක්ක යුගාන් ලෙක්ච හෝල් එකට යන්න ගත්තා ඒ අතරේ කැම්පස් එකේ ඉන්න චීත්ත ටිකක් යුගාන් දිහායි හස්නා දිහායි බලා ගෙන දැනට මත් පදයක් හදන්න ගත්තා .

" කවුද මේ සක්කරවට්ටමට !! "

" පේන්නේ නැද්ද සදුනි ඒ යුගාන් කෙල්ල වෙන්න ඇතී ඉනෙනුත් අල්ල ගෙන ඉන්නේ "

සදුනි කියන කෙල්ල තමන්ගේ යාලුවා උනු පවනිට කියද්දි පවනිත් සදුනිට ලං වෙලා බරටම කච කච ගාන්න ගත්තා .

" එතකොට තීනු ?? "

" අයියෝ සදූ කෙල්ලෙක්ට දෙන්න පුලුවන් දේවල් තීනුට දෙන්න පුලුවන්ද ?? යුගාන්ටත් ඇති වෙලා කෙල්ලෙක් හොයා ගන්න ඇතී "

ඒ කෙල්ලෝ දෙන්නා ගැරඩියෝ දෙන්නෙක් වගේ එතිලා හිනා වෙවී කියද්දි යුගාන්ගේ විතරක් නෙමෙයි හස්නගෙත් කන් වලට හොදටම ඇහුනා මේ ගොන් කෙල්ලෝ දෙන්නා කිව්ව ඒ මගුලේ කතාව . යුගාන් නම් හිටියේ අම්බානක තද වෙලා . තීනු ගැන කවුරු හරි නරක දෙයක් කියද්දි ඒ කෙනා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වත් යුගාන් බලන්නේ නැහැ .

තමන්ගේ අත මිට මොලවා ගත් යුගාන් ඒ කෙල්ලෝ දිහාවට හැරෙද්දි හස්නා යුගාන්ගේ අතින් අල්ල ගෙන යුගාන්ව නතර කලා . තමන් කැම්පස් එකට ආපු පළවෙනි දවසෙම තමන් නිසා යුගාන් ප්‍රශ්න දා ගන්නවා දකින්න හස්නට ඕනේ උනේ නැහැ . යුගාන්ගේ තරහින් දිලිසෙන ඇස් දකිද්දි හස්නටත් පොඩි බයක් දැනුනත් මේ පොඩි පොඩි දේවල් ලොකු කරන්න ඕනේ නැති නිසා හස්නා යුගාන්ගේ අත තදින්ම අල්ල ගෙන හිටියා .

" ප්‍රශ්න එපා අයියේ !! අපි යමුකෝ අනේ මට තීනු අයියව බලන්න ඕනේ "

හස්නා යුගාන්ගේ අතේ එල්ලිලා පොඩි එකෙක් වගේ කියවද්දි යුගාන් හස්නගේ අතින් අල්ල ගෙනම ලෙක්ච හෝල් එකට ආවා . හෝල් එකට යාන්තම් ඔලුව දාපු යුගාන් තමන්ගේ ඇස් හතර වටේ කරකවමින් හොයන්න ගත්තේ තීනුව !! දැනට මත් ලෙක්ච හෝල් එකට ඇවිත් තීර්ථත් එක්ක නෝට් වගයක් කම්ප්ලීට් කරන තීනුව දකිද්දි යුගාන් හස්නට ඇස් වලින් තීනුව පෙන්නුවා .

" අර කලු පාර ටී ශර්ට් එකක් ඇදන් ඉන්නේ මගෙ තීනු "

" අනේ අයියේ එයා හරි ලස්සනයිනේ ඔයාට බැරිද අපේ සහෝදරත්වයේ නාමයෙන් තීනු අයියා වගේ ලස්සන කෙනෙක්ව මට සෙට් කරලා දෙන්න "

හස්නා මහ මනමාල මූණක් දාලා යුගාන්ට කියද්දි හස්නගේ කුඩා මොලේ හිල් වෙලා යන්න යුගාන් හොද පොල් ටොක්කක් ඇන්නා .

" කොල්ලෝ සෙට් කර ගන්න කලින් මුලින්ම ඉගෙන ගෙන ඉන්නවා "

" අනේ අයියේ මේ කුනුහරප විතරක් මගෙන් අහ ගන්න එපා !! "

හස්නා යුගාන්ට අතත් දික් කරන ගමන් කිව්වේ තමන්ට පඩියා වගේ උපදෙස් දෙන එකාගේ කෙරුවාව තමන් හොදින් දන්න නිසා .. තමන් කොච්චර වැරදි කලත් අයියලා කොහොමත් කැමති නැහැ නංගිට ඉගෙන ගන්න කාලේ ලව් එකක් සෙට් වෙනවට අඩුම ගානේ පිරිමි යාලුවෙක් එක්ක කතා කලත් ඔය අයියලා කියන ජාතියට හරි ඉක්මනට තරහ යනවා .

" හැබැයි නංගි තමුසේ කොල්ලෙක් එක්ක යාලුයි කියලා මට දැන ගන්න ලැබුනොත් හම ගහනවා තමුසෙව මම "

" හැච හැච තමා තමුසෙ ලව් කරද්දි හොදයි අපි කලොත් තමා වැරදි ඇයි අපි ඔටුවොද "

" උබ එක්ක කියවන්න බැහැ බං !! වරෙන් යන්න "

හස්නගේ අතිනුත් අල්ල ගෙන යුගාන් ලෙක්ච හෝල් එකට එනවත් එක්කම සිතිජත් කොහෙදෝ ඉදන් එක පාරටම ලෙක්ච හෝල් එකට කඩන් පැන්නා . සිතිජයා කොහොමත් කිසිම සංවරකමක් නැතුව හැදිච්ච එකා නිසා මහ සෝණා ගහලා වගේ කෑගහගෙන යුගාන්ගෙ බෙල්ලේ එල්ලෙද්දි මෙච්චර වෙලා නෝට් ලිය ලිය හිටපු තීනුත් වපර ඇහැ දාලා මේ දිහා බැලුවා .

මීට කලින් තමන් කැම්පස් එකේ දැකලා නැති කෙල්ලෙක් යුගාන්ගෙ අතින් අල්ලන් ඉන්නවා දකිද්දි තීනු තව ටිකක් හොර ඇහැ දාලා හස්නා දිහා බැලුවා . යුගාන් නොදැක්කා වගේ තීනුගේ මේ හොර වැඩේ දිහා බලන් හිටියේ තමන්ගේ තොල් අතර තියෙන හිනාව කාටවත්ම නොපෙනෙන විදිහට . තීනු තීර්ථටත් හස්නා ගැන කියද්දි තීර්ථත් හස්නා දිහා හැරිලා බැලුවා .

ඒත් තීර්ථට නම් මොකද ඌට ගානක් නැහැ . ඒත් තීනු නම් මේ ටිකට නහින්න හදනවා . යුගානුත් තීනුට පෙන්න හස්නා ලගට තව ටිකක් ලං වෙද්දි තීනු ලිය ලිය හිටපු පෑන අරන් තදින් හපන්න ගත්තේ පෑනේ විල්ල කැඩිලා යද්දි . මේ දිහා බලන් හිටපු තීර්ථගේ ඔලුව නම් විකාර වෙලා තිබුනා . වෙනදා යුගාන් කොච්චර පස්සෙන් ආවත් ගනන් ගන්නේ නැති එකා අද යුගාන් කෙල්ලෙක් එක්ක ඉන්නවා දැකලා පෑන් විලි කාලා මැරෙන්න හදනවා .

මේවා දැකලා තීර්ථගේ පුකත් තීනුට හිනා උනා !!

" මොකද බං මේ උබට වෙලා තියෙන්නේ පුකේ ගෙඩි දාලද නලියන්නේ "

" මගේ පුකේ නෙමේ අර යුගාන් උද්දිකයගේ පුකෙයි ගෙඩි දාලා තියෙන්නේ "

" අපෝ උබ උගෙ කලිසම ගලවලා උගෙ පුකේ ගෙඩි බලන්න ගියාද බං "

" පකක් කතා කරන්නේ නැතුව හිටපන් තීර්ථ !! "

තීනු තීර්ථටත් බැනලා හරි තරහින් යුගාන් දිහා බලන් හිටියා . සිතිජගේ කටේ සද්දෙත් මුලු හෝල් එකටම හොදට ඇහෙන නිසා සිතිජ යුගාන් එක්ක කතා කරන හැම දේකටම තීනු කන දාගෙන හිටියා . කැම්පස් එකේ හොදම ලමයා මේ වගේ අනුන්ගේ කතා වලට ඇහුම්කම් දෙනවා කියන එක ටිකක් අමුතුයි නම් තමයි ඒත් ඉතිම් යුගාන් කියනවා වගේ තීනු හොර බඩු කැල්ලක් නිසා ඔහොම හිටියට හෙන කුප්පයි .

" එතකොට උබලා දෙන්නා යාලු වෙලා කොච්චර කල්ද බං ?? "

" දැන් මාසයක් විතර වෙනවා බං "

යුගාන් සිතිජට කිව්ව දේ ඇහිලා තීනුට පපුවේ අමාරුවකුත් හැදුනා . හස්නා එක්ක යුගාන් යාලු වෙලා ඔය කියන හැටියට මාසයක් නම් යුගාන් මීට සතියකට කලිනුත් තමන්ගෙන් පස්සෙන් ඇවිත් තමන්ට කරදර කරපු විදිහ තීනුට මතක් උනා . රටේ නැති කුනුහරප වලින් යුගාන්ගේ මූණට ගිහින් තීනුට බනින්න හිතුනත් තව ටික කාලයක් ජීවත් වෙන්න ඕනේ නිසා තීනු ඒ අදහස අතහැරලා දැම්මා .

" අඩෝ තීර්ථ උබට ඇහෙනවද අරූ කියන ඒවා "

" ඇයි ඌ දැන් මොනවද කිව්වේ ?? "

නෝට් ලිය ලිය හිටපු තීර්ථ තමන්ගේ පොතත් වහලා දාලා තීනු දිහාවට හැරෙන ගමන් ඇහුවා .

" යුගාන් තිරිසනාගේ අතේ එල්ලිලා ඉන්න කෙල්ල පේනවද "

" අහ් ඔව් !! ඉතිම් ?? "

ආත භූත ලෝකෙන් කඩන් පාත් වෙලා වගේ උත්තර දෙන තීර්ථට කණ පැලෙන්න පාරක් තීනුට දෙන්න හිතුනත් තීර්ථ තමන්ගේ හොදම යාලුවා නිසා තීනු පාඩුවේ හිටියා .

" උන් දෙන්නා යාලු වෙලා මාසයක්ලු !! ඒත් අර පකයා මේ ඊයේ පෙරේදත් මගෙ පස්සෙන් ආවනේ "

" උබට මම කිව්වනේ තීනු ඔය යුගාන් කියන්නේ දස දාමරිකයා කියලා පේනවද උගෙ වැඩ !! ඩබල් ගේම් ගහන්න හදලා තියෙන්නේ ඕකා හොද වෙලාවට උබ ඌට කැමති නැත්තේ අම්මපා ඔය යුගාන් කාරයගේ ඇට දෙක අරන් තියන්න ඕනේ රේල් පීල්ලක අමනයා !! "

යුගාන්ව කොහොමත් දිරවන්නේ නැති තීර්ථ යුගාන්ගේ පතුරු යවද්දි තීනුත් ඔලුව වන වන තීර්ථ කියන දේවල් අහන් හිටියා . හස්නා යුගාන්ගේ අතේ එල්ලිලා ඉන්න දකින වාරයක් වාරයක් පාසා තීනු නම් පැලෙනවා . මේසේ උඩ තියෙන පොත් ටිකක් වහලා දාලා බෑග් එකට දා ගත්තු තීනු බෑග් එකත් කරට දා ගනිද්දි තීර්ථත් තමන්ගේ පොත් ටික බෑග් එකට දා ගත්තා .

" මං යනවා බං කැන්ටිමට ලෙක්චස් පටන් ගත්තම මම එන්නම් "

තීර්ථගෙන් උත්තරයක් ලැබෙන්නත් කලින් තීනු ලෙක්ච හෝල් එකෙන් එලියට ගියේ යුගාන්ටත් හොද හැටි රවන්න අමතක නොකර . බර හුස්මක් පිට කරපු තීර්ථත් තමන්ගේ බෑග් එක එල්ල ගෙන ඉක්මනින් මේසෙන් පැනලා තීනුගේ පස්සෙන් ගියා . යුගාන් මෙච්චර වෙලාවක් හිර කරන් හිටපු හිනාව එලියට දාද්දි හස්නා යුගාන් දිහා මුට පිස්සුද වගේ ලුක් එකකින් බලන් හිටියා .

" උබ දැක්කද තීනුගේ මූණ "

යුගාන් හිනා වෙන ගමන්ම සිතිජගෙන් අහද්දි සිතිජගේ හිනා හඩත් එලියට ආවා .

" හැබැයි පුතේ මං දන්නේ මෙච්චරයි පස්ස කැඩිච්ච කඩියා වගේ දැන් විදගෙන ගියේ හොදටම මල පැනලා "

" ඔව් ඔව් ගුටි කෑවත් කමක් නැහැ කියලා තව ටිකකින් එයත් එක්ක ගිහින් මම කතා කරනවා "

යුගාන් කිව්ව කතාවට සිතිජට ඔලුව වැනුවේ මොන දේ කොහොම උනත් යුගානුත් ජීවිතේට හැදෙන්නේ නැති නිසා . ඒත් ඉතිම් යුගාන් උනත් මෙච්චර කට්ටක් කන්නේ ආසාවට නෙමෙයිනේ තමන්ගේ ලව් එක සෙට් කර ගන්නනේ . ඒත් ඉතිම් දවස ගානේ සිද්ද උනේ යුගාන්ට තීනුගේ ලොකුකම් බල බල පච වෙන්න සිද්ද උනු එක .

" ඕයි අයියේ මගේ ලෙක්චස් පටන් ගන්න වෙලාව හරි මාව ගිහින් මගෙ හෝල් එකට දානවා පලවෙනි දවසෙම පරක්කු වෙන්න බැහැ !! "

ඒ අස්සේ තමන්ගේ අතේ තියෙන වොච් එක දිහා බලන් හස්නා කෑගහද්දි යුගාන්ට දැනුනේ තමන්ගේ කන් බෙරේ හෙල්ලුනා වගේ හැගීමක්

" කන ලගම ඉදන් කෑ ගහන්න එපා බං කනේ පියුස් එක යයි "

" මට ඔය කෙහෙල් මල් වලින් වැඩක් නැහැ මාව එක්කන් යනවා "

හස්නා නිකන් මොකාද වගේ කෑ ගහද්දි සිතිජ හිනා වෙන ගමන් හස්නා දිහා බලන් හිටියා .

" ඒ සිතිජ මම මේකිව ලෙක්ච හෝල් එකට දාලා එන්නම් !! මේකිගෙන් දස වදයක් තියෙන්නේ මට "

" ඉදපන් මාත් එන්නම් "

හස්නව එයාගේ ෆස්ට් යියර් හෝල් එකට එක්කන් යන්න යුගානුත් සිතිජත් දෙන්නම ආවා . හස්නගේ පිටි පැස්සෙන් කොල්ලො දෙන්නා නිකන් බොඩිගාඩ්ස්ලා දෙන්නෙක් වගේ එද්දි හස්නටත් නිකන් අමුතුම ගැම්මක් ආවා . දැනටමත් මුලු කැම්පස් එක පුරාවටම නිව්ස් එක ගිහින් ඉවරයි හස්නා යුගාන්ගේ කෑල්ල කියලා . ඒත් ඉතිම් මේ බොරුව තීනුට අහු උනු දවසක යුගාන් නම් ගස් යන එක ගැන සැකයක් නැහැ .

.
.
.

උදේම හස්නා එක්ක යුගාන් නටපු පිස්සුව නිසා තීනු නම් නිකමට වත් ආයේ යුගාන් දිහා බලන්න ගියේ නැහැ . යුගාන්ව දකිද්දිත් තීනුට ඇති උනේ කියා ගන්න බැරි තරම් ලොකු තරහක් . ලෙක්චස් ඉවර උනු හැටියෙම තීනු ලයිබ්‍රි එකට යද්දි තීර්ථට උනේ සිතිජ එක්ක මුලු ලෙක්ච හෝල් එකම අතු ගාන්න ඒ වෙන මොකක් නිසා වත් නෙමෙයි කොල්ලෝ දෙන්නා පාඩම අහන් නැතුව හිටපු එකට ප්‍රොෆිසෙර් දුන්නු පනිශ්මන්ට් එකක් හින්දා .

තීර්ථ එන්නත් තව වෙලා යන නිසා තීනු ලයිබ්‍රි එකට වෙලා ශෝට් නෝට් ගහන්න ගත්තා . ඒ වෙලාවේ ලයිබ්‍රි එකේ කවුරුත්ම හිටියේ නැති නිසාම ලයිබ්‍රි එකට ඇතුලේ ඕනවටත් වඩා තියෙන නිහඩ බවට තීනු ආස කලා . ඒත් ලෙක්චස් ඉවර උනු හැටියෙම අන්තරස් දහන් උනු තීනුව යුගාන් පස්ස කැඩිච්ච කඩියා වගේ හති දදා හොයන්න ගත්තා . හස්නටත් තවම ලෙක්චස් ඉවර වෙලා නොතිබුනු නිසාම යුගාන් කෝකටත් කියලා ලයිබ්‍රි එකට ඔලුව දැම්මා .

මුලින්ම කවුරුත් පේන්න නොහිටි නිසා යුගාන් ආයෙම හැරිලා යන්න හැදුවත් කවුරු හරි කහින සද්දයක් ඇහුනු නිසා යුගාන් ආයෙම ලයිබ්‍රි එක ඇතුලටම ගියා . ඒ යනකොට තීනු පොත් ගොඩක් අස්සේ ඉදන් හොදටම වැඩ කියලා දැකපු නිසාම යුගන් තමන්ගේ අත් දෙකත් හරහට බැද ගන්න ගමන් තීනු ගාවට ලං උනා . තීනු ඉස්සරහම ඉදන් යුගාන් බොරු කැස්සක් දාද්දි තීනු ඇස් කොනින් යුගාන් දිහා බලලා ආයෙම තමන්ගේ වැඩේට අවදානේ දුන්නා .

තීනු තමන්ව ගානකට වත් නොගන්න නිසා තීනුගේ ඉස්සරහින් තියෙන පුටුව ඇදලා අරන් වාඩි උනු යුගාන් මේසෙට අත් දෙකත් තියා ගන්න ගමන් තීනු ගේ ඇස් දිහා බලන් හිටියා . ඒත් එක මොහොතකට වත් තීනු නෙමයි යුගාන් දිහා බැලුවේ . යුගානුත් දිගටම තමන්ගේ දිහා බලන් ඉන්නවා කියලා තීනුට පේන නිසාම මේසේ පුරා තිබුනු තමන්ගේ පොත් ටිකත් බෑග් එකට දා ගත්තු තීනු මේසෙන් නැගිටලා යන්න හදද්දි යුගාන් තීනුගේ අතින් අල්ලලා තීනුව නතර කර ගත්තා .

" ඇයි ?? "

යුගාන් අල්ලන් ඉන්න තමන්ගේ අත දිහා බලන ගමන් තීනු ඇහුවත් යුගාන් ගෙන් නම් කිසිම පිළිතුරක් නම් ලැබුනේ නැහැ . ඒ වෙනුවට යුගාන් නම් කලේ තීනු දිහා තද බැල්මක් හෙලුව එක .

" මොකටද මාව නතර කලේ ?? මට කරන්න තව වැඩ තියෙනවා "

" තමුසෙ ඔය නැගිටලා යන්නේ මම ආපු නිසානේ "

" දන්නවා නම් මොකටද අහන්නේ ?? "

යුගාන් අල්ලන් ඉන්න තමන්ගේ අත ඇදලා අර ගන්න ගමන් තීනු කියද්දි යුගාන් තමන්ගේ ඇසුත් හීනි කරන් තීනු දිහා බැලුවා . බැලූ බැල්මෙන්ම ඕන කෙනෙක්ට කියන්න පුලුවන් තීනු ඉන්නේ තරහින් කියලා . අනික තීනු තරහින් ඉන්න හස්නත් එක හේතුවක් කියලා කියන්න පුලුවන් .

" ඔය ගැස්සිලි පිප්පිලි මාත් එක්ක තියා ගන්න එපා තීනු !! මම තමුසෙට අත උස්සන කැමති නැහැ ඒ නිසා කවදාවත් මාව ඒ තැනට පත් කර ගන්න එපා !! "

යුගාන් තීනුට ඇගිල්ලකුත් දික් කරන් කිව්වත් තීනු නෙමයි යුගාන් කියන ඒවට ඇහුම්කම් දුන්නේ . යුගාන් එක්ක තමන් කතා කරන්න ගියොත් දෙන්නම ආයේ පැටලෙන නිසා තීනු මුකුත් නොකියාම යුගාන්ගේ උරහිසෙත් වැදී ගෙනම ආපහු යන්න හැදුවා . ඒත් තීනුගේ අතින් ආයෙම ඇදලා ගත්තු යුගාන් තීනුව තල්ලු කර ගෙන ගිහින් බිත්තියට හේත්තු කරලා තීනුගේ මූණට පහත් උනා .

" හොදින් කිව්වම ඇයි තමුසෙට තේරුම් ගන්න බැරි ?? මම තමුසෙට රිද්දන්න කැමති නැහැ තීනු මොකද තමුසෙට රිදෙනවා කියන්නේ ඊටත් වඩා සිය දහස් වාරයක් මට රිදෙනවා කියන එක අන්න ඒක හොදට මතක තියා ගන්නවා !! "

යුගාන් ගේ ඇස් වල ගැබ් වෙලා තියෙන කේන්තිය දකිද්දි ඔන්න ඒ පාර නම් යාන්තම් බයක් තීනුට දැනෙන්න ගත්තා . යුගාන් කවදාවත් තමන්ට අතක් උස්සලා නැති උනත් යුගාන් ගේ හැටි තීනුට ආයේ ආයේ මතක් කරලා දෙන්න ඕනේ උනේ නැහැ . තීනු කවදාවත් නැතුව මේ විදිහට හැසිරෙන්නේ හස්නා යුගාන් එක්ක උදේ අර විදිහට හිටපු නිසා උනත් තීනු කැමති උනේ නැහැ ඒ වගක් පෙන්නන්න .

" තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ෆස්ට් යියර් එකේ ඉද්දි මගේ පස්සෙන් එන එක හරි නැහැ නේද යුගාන් ?? "

තමන්ගේ මූණට බර වෙලා ඉන්න යුගාන්ගේ පපුවට තමන්ගේ අත් දෙක තියලා යුගාන්ව ටිකක් පිටි පැස්සට තල්ලු කරන ගමන් තීනු කියද්දි යුගාන්ට දැන් තමා තේරුන් ගියේ උදේ වෙච්ච දේ නිසා තීනු ඉන්නේ පත්තු වෙලා කියලා . ඉබේටම වගේ යුගාන්ගේ මූණේ හිනාවක් මැවෙද්දි තමන්ගේ යටි තොල හපා ගන්න ගමන් තීනුගේ කම්මුලක් යුගාන් මිරිකුවා .

" ඒත් තීනු බබා ගර්ල්ෆ්‍රෙන්ඩ් ට වඩා මම කැමති ඔයාටනේ "

" තමුසෙ වටේ යන්නත් පුරුදු උනාද යුගාන් !! "

" මම කලින් ඉදලම ගියේ ඔයාගේ වටේ විතරයි බබා !! "

යුගාන් තීනුගේ කම්මුල දිගටම පිරිමද්දි තීනු යුගාන්ගේ අත ගසලා දැම්මා . යුගාන්ට තාම හිතා ගන්න බැහැ කොල්ලෙක්ට තීනු වගේ ලස්සන වෙන්න පුලුවන් ද කියලා . තීනුව දැක්කම යුගාන්ට හරි ලෝබයි !! එල්ලි එල්ලි හරි යුගාන් තීනු ලගින් ඉන්නේ අන්න ඒ නිසයි .

" තමුසෙගෙ කෙල්ලව අල්ලන අතින් මාව අල්ලන්න එපා "

" එහෙනම් මම කක්කි හෝදන අතින් ඔයාව අල්ලන්නද බබා "

" ඊයා යුගාන් !! තමුසෙ එන්න එපා මගෙ ලගට වත් ජරා සතා !! "

තීනු අප්පිරියාවෙන් කෑ ගහද්දි යුගාන් තව ටිකක් තීනුගේ ලගට ඇවිත් බිත්තිය දෙපැත්තෙන් තමන්ගේ අත් දෙක තියලා තීනුව තමන්ට මැදි කර ගත්තා . යුගාන්ගේ උණුසුම් හුස්ම තීනුගේ මූණට කෙලින්ම වදිද්දි තීනුට හුස්ම ගන්නත් අමතක උනා . තීනුගේ ඇස් හරි කලබලයි ඒත් හිටි හැටියේම තීනුගෙ ඇස් යුගාන්ගේ තද දුඹුරු පැහැති ඇස් එක්කලා පටලැවෙද්දි තීනු දැක්කේ යුගාන්ගේ ඇස් වලින් පේන තමන්ව !!

" තමුසෙ හෙන ලස්සනයි ඕයි !! "

යුගාන් අනන්තවත් තීනුට කියන වචන ටික අදත් හරි ලස්සනට මිමිණුවා . තීනු යාන්තන් රතු පැහැයට හැරී ගෙන එද්දි තීනුගේ කම්මුලකින් අත තියපු යුගාන් තීනුගේ මූණ තමන්ට හොදට පේන විදිහට හරව ගත්තා .

" තමුසේ මට කොච්චර අකමැති උනත් ඒ අකමැති තරමටත් වඩා මම තමුසෙට හෙන ආදරෙයි !! "

" තමුසෙ ටොම් පචයෙක් යුගාන් !! කෙල්ලක්ව හුරතල් කරලා ඇවිත් මාව නලවන්න හදන්න එපා "

" ඉතිම් ඔයාට ජෙලද බබා ම්ම් ?? ඒත් බය වෙන්න එපා මම දෙන්නටම මම ආදරෙයි කාටවත් වෙනස්කමක් කරන්නේ නැහැ මං !! "

යුගාන් ආයෙම පරණ ට්‍රැක් එකට වැටෙද්දි තීනු යුගාන්ව අහකට තල්ලු කරලා අතේ තිබුනු පොත් බෑග් එකෙන් හොද පාරක් යුගාන්ට දුන්නා . ඒත් යුගාන්ට නම් ගානක් ඇත්තෙම නැහැ .

" ඔය බලු කතාව නතර කර ගනිම් යුගාන් මං උබට හොද හිතින් කියන්නේ !! "

" නතර කලේ නැත්තම් ඔයා මොනවද මට කරන්නේ බබා ?? "

" අනේ උබ හුකහන් !! "

තමන්ගේ අතත් යුගාන්ට දික් කරලා යුගාන්ට බනින ගමන් යුගාන්වත් තල්ලු කර ගෙනම තීනු ලයිබ්‍රි එකෙන් එලියට ගියා . ඒ ගියෙත් නිකන් නෙමෙයි යුගාන්ට හොදට දෙහි කපන ගමන් . හස්නා ගහපු ගොන් ප්ලෑන් එක හරි ගිහින්දෝ කියලත් යුගාන්ට හිතෙද්දි තීනුගෙයි තමන්ගෙයි වෙඩින් එක කින්ග්ස්බරි හොටෙල් එකේ ගන්න දැනට මත් යුගාන් ප්ලෑන් කරලා තිබුනා . මොනවා උනත් යුගාන් කියන්නේ දවසක හරියන්නම ඕනේ පොරක් .

To be continue

_________________________________________

ගොඩක් කල් ගියා නේද පැටව්නේ

වැඩ එක්ක මට ලියන්න වෙලාවක් ඇත්තෙම නැහැ

ඊට කලින් මට කියන්න ඔයලා මේ කතාවට කැමතියිද කියලා

ම්හුක්

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

35K 804 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
5.5K 887 15
සුදු කොල කලු කරන්න ගොඩක් අයට පුලුවන්.... ඒත් කලු කොල සුදු කරන්න හැමෝටම බෑ..... හමුවූවන් මතකයේ තියාගන්න හැමෝටම බෑ.... ඒත්, කල්හාර මලට පුලුවන් ❀❀
3.4K 656 4
" ඒ බන් ටේ..." " කියපන් ශාන්" " අපේ කොල්ලො දෙන්නගෙන් බොටම් එකා කවුද?" " මටත් හිතාගන්න බෑ බන්...යිබෝ නේද බොටම්" " නෑ මගේ කොල්ල බොටම් නෙවෙයි...ජන්කුකා...
53.9K 653 28
Vivian Fisher was the nicest girl you could ever meet. Everyone loved her, but this summer was different. She got quiet, stayed in her room all the t...