Apratyāśit Prem

By c_ellara

4.6K 376 381

" බබා, මෙහෙ බලනවා මං තමුසෙට කතා කරන්නෙ, තමුසෙලගෙ උන් කොහොම දැඟලුවත් තමුසෙ මගෙ එච්චරයි. තමුසෙ ගෙ අප්පච්චි නෙවෙ... More

Characters
Part 01
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10
Part 11
Part 12
Part 13
Part 14

Part 02

335 40 26
By c_ellara

"ජනනි අඬන්න දෙයක් උනේ නෑනෙ. මට රස්සාව නැති උනාද නෑනෙ"

"මට තේරෙන්නෑ සුදී. බබාට තව ටික දවසකින් exam ඒ ළමයා ඉස්කෝලෙ හො‍ඳ නමක් හදාගෙන ඉන්නෙ කොහොමද අපි එයාවත් අරන් යන්නෙ"

ඉස්කෝලෙ ඉවර වෙලා හවස maths class එකටත් ගිහින් එපා වෙලා ගෙදර එද්දි අම්මයි තාත්තයි ඔහොම කතා වෙනවා මට ඇහුනා. මං එද්දිම එයාලා කතාව නැවැත්තුවත් උනේ මොකක් උනත් වෙලා තියෙන්නෙ හොඳ දෙයක් නම් නෙවෙයි කියලා මට තේරිලා තිබ්බෙ.

"බබා wash එකක් දාගෙන එන්න පැටියො අපිට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඕනෙ"

වලියක් දාගත්ත එකෙක් උගෙ තාත්තවත් ඇදගෙන අපේ ගෙදර ඇවිත්ද දන්නෙත් නෑ.. එක්කො එහෙම වෙන්නත් බෑ කොහෙද යන කතාවක් නෙ කිව්වෙ තාත්තා job එක ගැනත් මොනාද කිව්වනෙ. මළ වෙඩිමයි අර ඇමතියා අපේ තාත්තගෙ ජොබ් එක අදින් සමාප්ත කරලද දන්නෑ අර ඊයෙ කිව්ව scene එක නිසා.. පේන බල බල ඉන්නැතුව wash එකක් දාගෙන ගිහින්ම බැලුවා නම් ඉවරනෙ. මං wash එකක් දාගෙන පහළට යද්දිත් අම්මයි තාත්තයි හෙන serious විදිහට කතාවක හිටියෙ

"ඕ මොකද්ද වෙලා තියෙන්නෙ අම්මෙ"

"බබා තාත්තව transfer කරලා"

"Transfer කරලා.! කොහෙටද.?"

"අනුරාධපුර ට."

"Oh shit. ඉතින් තාත්තා යනවද.?"

"යන්න වෙනවා පුතේ. ඊයෙ වෙච්ච දේ නිසා හුඟක්ම මුන් case දැම්මෙ. කලින් ඉඳන්ම warning ඇවිත් නෙ තිබ්බෙ පොඩි පොඩි cases වලට. මේ සැරේ ටිකක් වැඩේ දරුණුයි අඩුම තරමෙ මේ සතිය ඇතුළතවත් යන්න වෙයි"

"අනේ එතකොට මං ඉස්කෝලෙ යන්නෙ නැද්ද.?"

"අපි එහෙ තියෙන හොඳම ඉස්කෝලෙට පුතාව දාන්නම්"

"අනේ මට බෑ අම්මා ඔය ඩොටේ ඉස්කෝලවලට යන්න මං දැන් යන්නෙත් කොළඹ තියෙන හොඳම ඉස්කෝලෙකට. මට නම් බෑ. අම්මලා ඕනෙ නම් යන්න"

"යුහ‍ංස හිතුවක්කාර වෙන්න එපා බබා. තාත්තට වෙන කරන්න දෙයක් නෑ ඒකනෙ අපි යන්න හදන්නෙ"

"ඉතින් තාත්තා ඔයා අඳුරන වෙන කාටහරි කියලා බලමුකො අපි අනේ මට නම් බෑ ඔය කැලෑ අස්සෙ රි‍ංගන්න යන්න"

"බබා එහෙම කරන්න පුලුවන් නම් අපි නොකර ඉන්නෙ නෑනෙ. අපිට යන්නම වෙනවා අනික බබා අපි කැලේකට නෙවෙයි යන්නෙ"

"ඉතින් අම්මා යන්නෙ නෑ නෙ තාත්තට යන්න කියලා අම්මයි මායි මෙහෙ ඉමු"

"මොනාද බබා ඔයා කියන්නෙ. තාත්තා කොහොමද තනියෙන් ගිහින් ඉන්නෙ අපි තුන් දෙනාම යනවා"

"අනේ අම්මා..."

"ඇති යුහ‍ංස දැන්. මේක ගැන ආයි කතා කරන්න ඕනෙ නෑ අපිට යන්න වෙනවා පොඩ්ඩක් තේරුම් ගන්න ටිකක් දවස් ගිහින් ආයි තාත්තට මෙහෙට ජොබ් එක හදාගන්න පුලුවන්"

"ම්ම්ම් හරි එනම් අපි කවද්ද යන්නෙ"

"Next week එක වෙද්දි අපි එහෙ ඉන්න ඕනෙ මටත් මෙහෙ වැඩ ටිකක් තියෙනවනෙ ඒ ටිකයි ඔයාගෙ school එකේ වැඩ ටිකයි කරගෙන අපි saturday යමු"

"හ්ම් okay එනම් ඔයාලා ඕක ගැන කතා කරගන්න මං room එකට යනවා"

shit මොන බනානා ෆ්ලවර් එකක්ද ඒ උනේ. මෙච්චර මේ colombo වල ඉන්න පුලුවන්කම තියෙද්දි දැන් අර කැලෑවක් අස්සෙ යන්න එපැයි. තාත්තත් දාගත්තොත් දාගන්නෙ ඔය වගේ ලෙඩක්මයි. මෙහෙ මට කොච්චර යාලුවො ඉන්නවද අනික මං ඉස්කෝලෙත් හැම පැත්තෙන්ම හොඳ නමක් හදාගෙන ඉන්නෙ... අහ් ඔව් ඔව් වලි දාගන්න පැත්තෙනුත් එහෙම තමයි වලි වලට කියාපු එක්කෙනෙක් නෙ මං. ඔය දන්නැති අස්සවල් වල ගිහින් මගෙ සේරම වැඩ ටික down වෙයිද දන්නැ... හහ් ඒවා කොහෙද මේ යුහ‍ංසට ඕනෙ තැනක් set එහෙට ගිහිල්ලත් මෙහෙ වගේ ඉන්නවා.

Scene එක කියන්න මහියට calls ගත්තට display එකේ Mahiya is on another call කියලා වැටෙන්නෙ. හරිනෙ ඉතින් sure එකටම දෝණිත් එක්ක හුස්ම වැටෙන සද්දෙ අහගෙන කෝල් එකේම නිදි ඇති හරි අපූරුයි මුන්ගෙ කෙරුවාවල්. අපිට නෑනෙ ඔහොම කේස්. කෑවා වැටිච්ච තැනක වැටිච්ච  විදියටම නිදාගත්තා. පින පින හුම්ම්ම්.. එක්කො උදේට school එකේදි කියනවා අහි‍ංසක කුරුළු ජෝඩු වලට disturb කරන්න ඕනෙ නෑනෙ මාත් පාඩුවෙ නිදාගත්තා.

✎ᝰ. अप्रत्याशित प्रेम 𓇢𓆸

Continue Reading

You'll Also Like

3.3K 223 15
ආ.......ද.....ර.....ය ඒ අකුරු 4 නිසාම උන්මන්තකයෙකු වු තරුණයෙක් ...... ඒ උන්මන්තක තරුණයා වෙනුවෙන්ම කැප වෙන තරුණයෙක්...... නොසිතු ආරම්භයක්........ නො...
2.9K 62 5
Mafia!Stucky x Reader {[Description Coming Soon...]}
1.2K 81 17
You left to Granite Falls to escape your messy-ish family life. You wanted to start a new life without the constrains of your home life and this quie...
5.9K 332 26
Aman and roshni who gets married to each other unwillingly without choice....they still love there ex...will they ever try to give there marriage a c...