සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

Por ___Sky-Heart___

21.3K 4.3K 3K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... Más

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •

• දහ වන දිගහැරුම •

588 129 54
Por ___Sky-Heart___

" යුගාන් !! යුගාන් !! යුගාන් !! යුගාන් !! "

" කමෝන් යුගාන් ඕකට තව ගහපන් !! "

" ඕක නවත්තපන් යුගාන් !! "

මුලු කැම්පස් එකේම හිටපු අය වට වෙලා හිටියේ කැම්පස් එකේ තියෙන ග්‍රවුන්ඩ් එකට ඒ වෙන මොකක් නිසා වත් නෙමේ යුගාන් උදේ පාන්දරම කොල්ලෙක් එක්ක වලියක් දාගෙන ග්‍රවුන්ඩ් එක මැද ගහ ගන්න ගත්තු නිසා . යුගාන් ඇමති පුතෙක් උනු නිසා හැම කෙනෙක්ම සපෝට් කලේ යුගාන්ට ඒකෙන් පික් අප් වෙන යුගාන් තව තවත් අර කොල්ලට බිම දාගෙන ගහන්න ගත්තා .

ඒත් කොහෙදෝ ඉදන් දුව ගෙන ආපු සිතිජ වලිය මැදට පැනලා වලිය නවත්තන්න හැදුවත් ඒකෙන් සිද්ද උනේ යුගාන් ගෙන් හොද පාරවල් දෙකක් සිතිජටත් කන්න උනු එක . ඒත් එහෙමයි කියලා වලිය තවත් දුරට ඇදුනොත් යුගාන්ටත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතලම සිතිජ ගුටි කාගෙන හරි වලිය නවත්තන්න ගොඩක් උත්සාහ කලා . ඒත් යුගාන්ව ටිකක් මෙල්ල කරන එක සිතිජට අපහසු උනා .

වට වෙලා ඉන්න උන් වලිය නවත්තනවා වෙනුවට යුගාන්ට චීර් කරද්දි සිතිජ වටේ ඉන්න උන්ටත් කුනුහරපෙන් දෙකක් තුනක් කියද්දි උන් ගෙන් සමහරක් වලිය නවත්තන්න සිතිජට සප් එක දුන්නා . ඒත් යුගාන් ඉන්න ආවේගෙත් එක්ක යුගාන්ව කන්ට්‍රෝල් කරන එක ගොඩක් අමාරු උනා . යුගාන්ගේ තොල පැලිලා නහයෙනුත් ලේ ඇවිත් තිබුනා .

ඒත් ඒ ගැන නම් යුගාන්ට වගේ වගක් නැහැ . මොකද යුගාන් ඉන්නේ තමන් බිම දාගෙන ගහන කොල්ලව මරන සයිස් එකෙන් . යුගාන්ගේ පාරවල් නිසාම ඒ කොල්ලා නැගිට ගන්න වත් බැරුව හරි අමාරුවෙන් හිටියා . කැම්පස් එකේ දන්න එකෙක් නම් ජීවිතේට යුගාන් එක්ක නම් එල්ලෙන්නේ නැහැ . ඒත් අවාසනාවකට ඒ කොල්ලා ෆස්ට් යියර් ස්ටුඩෙන්ට් කෙනෙක් උනා .

" උබ දන්නවද යකෝ මම කවුද කියලා !! මම තමයි අල්පොන්සු ඇමති තුමාගේ එකම පුතා !! උබ හැප්පුනේ වැරදි එකා එක්ක "

ආයෙම යුගාන් ඒ කොල්ලගේ මූණට ගහ ගෙන ගහ ගෙන යද්දි සිතිජ යුගාන්ව අහකට තල්ලු කරලා යුගාන්ව අල්ල ගත්තා . ඒත් සිතිජව පිටි පැස්සට තල්ලු කරපු යුගාන් ආයෙම බිම පණක් නැතුව ඉන්න කොල්ලට ගහන්න ගද්දි වටේ ඉන්න හැම එකෙක්ම කෑ ගහන්න ගත්තේ යුගාන් ගහපු පාර ඒ කොල්ලගේ නහයෙන් ලේ එන්න ගත්තු නිසා . ඒත් යුගාන්ට නම් ගානක් වත් නැහැ .

ඒ අතර ලෙක්චස් වලට වලට එන ගමන් හිටපු තීර්ථයි තීනුයි කැම්පස් එක ඇතුලට ආපු ගමන් එහෙන්මම නතර උනේ ග්‍රවුන්ඩ් එක මැද ලොකූ කෝලහාලයක් දැකපු නිසා . බැලූ බැල්මෙන්ම ලොකු වලියක් කියලා හිතුනු නිසා තීර්ථයි තීනුයි ටිකක් එහාට වෙලා බලන් හිටියේ ගහ ගන්නේ කවුද කියලා බලන්න . ඒත් කිසිම පෙන්නේ නැති තරමටම කට්ටිය වට වෙලා හිටපු නිසා වලියේ අයිතිකාරයා යුගාන් කියලා තීනුට දැන ගන්න බැරි උනා .

" මොකද බං අර "

" කවුද බං දන්නේ මොකෙක් හරි මරා ගන්නවා වෙන්න ඇතී "

" කවුද බං මේ උදේ පාන්දර ලෙක්චස් පටන් ගන්නත් කලින් මරා ගන්න එකා "

තීනු තීර්ථගේ කර අතක් දාන ගමන් කියද්දි තීර්ථ ඇස් දෙකත් හීනි කරන් තීනු දිහා බැලුවා .

" එහෙම එකෙක් ඉන්නවා නම් ඒ ... "

" යුගාන්න් !! "

තීර්ථ කියන්නත් කලින් තීර්ථ කියන්න ගියපු දේ සම්පූර්ණ කරපු තීනු තමන්ගේ බෑග් එක ගලවලා තීර්ථගේ අතෙන් තියන ගමන් සොනික් වැහිලා වගේ ග්‍රවුන්ඩ් එකට දිව්වා . ඔය පණ කඩා ගෙන තීනු ග්‍රවුන්ඩ් එකට දුවන්නේ යුගාන්ව බේර ගන්න කියලා තීර්ථ දන්න නිසාම කටත් ඉරක් කරන් තීනු යන දිහා ඉනටත් අත් දෙක තියා ගෙන තීර්ථ බලන් හිටියා . යුගාන්ගේ කොච්චර පලු ඇරියත් තීනුටත් යුගාන් ගැන හොයන්නේ නැතුව ඉන්න බැහැ .

" අම්මපා ගස් නරියා මූටත් කිසිම ලැජ්ජාවක් නෑනේ "

තමන්ටම මුමුණ ගත්තු තීර්ථ තීනු ඕන පුකක් කර ගත්තාවේ කියලා තීනුගේ බෑග් එකත් එල්ල ගෙන ලෙක්ච හෝල් එකට ගියා . කට්ටිය අතරෙන් රිංගලා ආපු තීනු දැක්කේ තාමත් ඉවරයක් නැතුව කොල්ලෙක්ට ගහන යුගාන්ව . ඒක දැක්ක හැටියෙම තීනුගේ ඇග හිරි වැටිලා ගියේ ඒ කොල්ලා ඉන්නේ ගොඩක් අමාරුවෙන් කියලා දැකපු නිසා . යුගාන් ගාවට ලං උනු තීනු යුගාන්ව තල්ලු කරලා යුගාන්ගේ කනට පාරක් හයියෙන් ගහද්දි හැමෝම සයිලන්ට් උනා .

" තීනු !!! "

යුගාන් තීනු ගහපු තමන්ගේ කම්මුලත් අල්ල ගෙනම තීනුගේ නම මුමුණද්දි තීනු ගෙන් එල්ල උනේ යුගාන්ට දැඩි රැවුමක්

" එනවා යන්න මාත් එක්ක !! "

යුගාන්ගේ කන තද කරලා අල්ල ගත්තු තීනු යුගාන්ව ඇද ගෙන කැම්පස් එකේ තිබුනු බෙන්ච් ලයින් එකට ආවා . මෙච්චර වෙලා වලිය නතර කර ගන්න සිතිජ ෆුල් ගේමක් දුන්නත් තීනු ඇවිත් යුගාන්ගේ කනට එකක් ගැහුවට පස්සේ වලියට නතර උනේ කොහොමද කියලා සිතිජ තාමත් ග්‍රවුන්ඩ් එක මැදට වෙලා කල්පනා කරමින් හිටියා . බෙන්ච් ලයින් එකට ආපු හැටියෙම තීනු යුගාන්ව තල්ලු කරලා දැම්මා . තීනු හිටියේ යුගාන් එක්ක පුදුමාකාර තරහකින් .

" තමුසෙ කවුරු කියලද හිතන් ඉන්නේ ?? "

" අල්පොන්සු ඇමති තුමාගේ එකම පුතා කියලා "

යුගාන් තමන්ගේ අත් දෙකත් හරහට බැදන් කියද්දි තීනු අත දිග ඇරලා යුගාන්ගේ ඔලුවට හොද පාරක් ගැහුවා . යුගාන් ගොඩක් හිතුවක්කාර තද ගති තියෙන කොල්ලෙක් . යුගාන් ටිකක් හරි සැලෙන්ඩර් උනේ තීනුට විතරයි . යුගාන් තීනු නිසා මේ වෙලාවේ කට පියා ගෙන ඉවසන් හිටියත් යුගාන් හිටියෙත් ගොඩක් කේන්තියෙන් . තීනු දිහාත් අමුතු විදිහට බලපු යුගාන් බෙන්ච් එකෙන් වාඩි උනේ තොල් අතර තියෙන ලේ තමන්ගේ ඇගිල්ලෙන් පිස දමන ගමන්

" සෙල්ලම් කරනවද තමුසේ ?? බලනවා අර කොල්ලා හිටියේ බාගෙට මැරිලා වගේ මොනවා හරි උනා නම් ?? "

" ඌට මොනවා උනත් මට මොකද ?? "

" හහ් මට අමතක උනා තමුසෙ මහ ලොකු ඇමති පුතා කියලා තමුසෙට කොහෙද තවත් මනුස්සයෙක්ගේ දුකක් දැනෙන්නේ !! "

තීනු තරහින් හූමිටි තියද්දි යුගාන් තමන්ගේ ඇස් රෝල් කර ගනිමින් අහක බලා ගත්තා . මොනවා උනත් යුගාන් කලේ වැරැද්දක් තමන්ගේ තාත්තා ඇමති කෙනෙක් උනු පලියට යුගාන්ට බැහැ තව කෙනෙක්ට මැරෙන්න ඔන්න මෙන්න ඉන්න තරමට ගහන්න ඒක ලොකු වැරැද්දක් ඉතිම් තීනු යුගාන්ට අකමැති වෙන එක අහන්න දෙයක් නෙමෙයි . කොහොමත් යුගාන්ට මනුස්සයෙක්ගේ දුකක් නොදැනෙන තරම් .

" නවත්ත ගන්නවා තීනූ ඔය කියවිල්ල "

" පොඩ්ඩක් හිතනවා තමුසෙ ඔය කොල්ලට ගහපු විදිහට මට කවුරු හරි ගැහුවා නම් "

තීනු අහපු දේට යුගාන් තමන්ගේ ඇස් රතු පැහැයට හරවා ගනිමින් තීනු දිහා බැලුවා .

" තමුසෙට කවුරු හරි අතක් හරි තිබ්බොත් මං ඌව කෑලි කෑලි වලට කපලා කැම්පස් එක ඉස්සරහ ගෙනල්ලා දානවා මොකද ඌ අත තියන්නේ මගේ දේකට මේ යුගාන්ගේ දේකට !! එහෙම එකෙක්ව මම ලේසියෙන් අතාරින්නේ නැහැ අන්න ඒක මතක තියා ගන්නවා !! "

යුගාන් තීනු දිහාවට හැරිලා තීනුට ඇගිල්ලකුත් දික් කර කරලා කියව ගෙන කියද්දි තීනුගේ කටට ඉබේටම අගුලු වැටුනා . යුගාන්ගේ කිව්ව හැම වචනයක් වචනයක් ගානෙම කිව්වේ තීනුගේ ඇස් දිහා බලා ගෙන තීනුට උනත් තේරුන් ගියා යුගාන්ගේ ඇස් වල තිබුනු අව්‍යාජ බව . යුගාන් ලෝකෙට අමනුස්සයෙක් උනත් තීනු ගාවදි ගැහීම් පිරුනු නිකැලැක් ආදරවන්තයෙක් උනා . ඒ හැගිම් අවංකයි කියලා තීනුට උනත් සහතික වෙන්න පුලුවන් උනා .

" අහ් ඒකෙන් වැඩක් නැහැ තමුසෙගෙ තොල පැලිලා නහයෙනුත් ලේ එනවා "

" ඉතිම් මොකද ඒ ගැන හොයන්නේ ?? "

" ඒකෙන් තමුසෙට වැඩක් නෑනේ මට ඕනෙ නම් මම හොයනවා "

තීනු යුගාන්ට සැරෙන් කියද්දි යුගාන් දිවෙන් තමන්ගේ කම්මුල තෙරපුවා . බැන බැන හරි තීනු තමන් ගැන හොයනවට යුගාන් ගොඩක් ආසයි . තීනු කොච්චර තමන්ට අකමැති උනත් ඒ අකමැත්ත ඇතුලෙත් පොඩි හරි ආදරය නොතිබුනාමත් නෙමෙයි ඒත් තීනුට ඕනේ උනේ නැහැ දඩබ්බර හිතුවක්කරයෙක්ට තමන්ගේ හිත දෙන්න .

" මම ඒකට කැමති නැහැ "

" තමුසෙ කැමති උනත් මම තමුසෙ ගැන හොයනවා තමුසෙ අකමැති උනත් ඒත් මම තමුසෙගෙ ගැන හොයනවා එච්චරයි !! "

තීනු තමන්ගේ අත් දෙකත් හරහට බැදන් කියද්දි යුගාන්ට යාන්තන් පොඩි හිනාවක් ගියා . තීනු කොච්චි කරලක් උනත් යුගාන්ව නිවන්න පුලුවන් උනේ තීනුට විතරයි . යුගාන්ගේ තොලෙහි වගේම නහයෙත් තවමත් ලේ තිබුනු නිසා තීනු තමන්ගේ සාක්කුවේ තිබුනු ලේන්සුව අතට අරන් යුගාන්ගේ ඉස්සරහින් තියෙන බෙන්ච් එකෙන් වාඩි වෙලා ලේන්සුව යුගාන්ගේ තොල් දිහාවට ලං කරද්දි යුගාන් පිටි පැස්සට බර උනා .

" මොකක්ද කරන්නේ ඔය ?? "

" කට වහ ගෙන ඉන්නවා පාඩුවේ "

තීනු ආයෙම ලේන්සුව අර ගෙන යුගාන්ගේ තොල් මතින් තියලා ලේ ටික පිස දමන්න ගත්තා . ලේන්සුව පැලුනු තොලෙහි ගෑවෙද්දි දැනෙන දැවිල්ල නිසාම යුගාන් තමන්ගේ ඇස් තද කර ගත්තා . තීනුට උනත් තේරුනා යුගාන් ඉන්නේ වේදනාවෙන් කියලා . හිමින් සැරේ පිඹමින් තීනු යුගාන්ගේ තොල් අතරේ තිබුනු ලේ පිස දමලා ලේන්සුව ලේ තැවරිලා තියෙන යුගාන්ගේ නහය දිහාවට ආයෙම ගෙනිච්චා .

තීනු තරමක් යුගාන්ගේ මුහුණ දිහාවට නැඹුරු වෙද්දි යුගාන්ගේ ඇස් කෙලින්ම යොමු උනේ තීනුගේ ලා දුඹුරු පැහැති ඇස් වලට . තීනු කොල්ලෙක් උනත් හරිම ලස්සනයි . තීනු තමන් ගාවින්ම ඉද්දි යුගාන්ගේ හදවත ගැහෙන්න ගන්න එක යුගාන්ට නතර කර ගන්න එක කරන්න බැරි උනා . ලේන්සුවෙන් ලේ පිස දැමූ තීනු යුගාන් ගෙන් අකට වෙද්දි යුගාන් තමන්ගේ දිවෙන් තොල් තෙමා ගත්තා .

" තමුසෙට ගොඩක් රිදෙනවද ?? "

" ම්හ් රිදෙනවා තමයි !! "

" හොද වැඩේ රණ්ඩු වලට පැටලෙන්න යනවට තමුසෙටත් කියන දේ අහන්න බැහැනේ "

තීනු යුගාන්ටත් රවන ගමන් කියද්දි යුගාන් නම් කලේ තීනුට කිසිවක් නොකියාම බිම බලා ගත්තු එක . මොකද යුගාන් උනත් දන්නවා තමන්ගේ අතේ තමයි වැරැද්ද කියලා ඉතිම් වැරැද්ද තමන්ගේ අතේ තියෙද්දිත් තීනු එක්ක වාද කරන්න යුගාන්ට පුලුවන් කමක් තිබුනේ නැහැ . තීනුට ඕනේ උනෙ යුගාන් හොද කෙනෙක් වෙනවා දකින්න ඒත් හැම දාම සිද්ද උනේ ඒකේ අනිත් පැත්ත .

" එනවා යන්න ලෙක්ච හෝල් එකට මං ගාව ප්ලාස්ටර් තියෙනවා ඔය තුවාල වෙලා තියෙන තැන් වලට ප්ලාස්ටර් ගහමු "

තීනු තමන් ඉන්න තැනින් නැගිටලා යුගාන්ගේ අතකින් අදින ගමන් කිව්වත් යුගන් නම් හෙල වුනේ නැහැ . කොහොමත් යුගන්ට ඉගෙන ගන්න ලොකු හේතුවක් තිබුනෙත් නැහැ . තීනු යුගාන්ගේ ඔලුවට පාරක් ගහපුවම ඔන්න ඒ පාර නම් යුගාන් තීනු දිහා රවලා බැලුවා .

" රැව්වට මම තමුසෙට බය නැහැ එනවා යන්න ලෙක්ච හෝල් එකට "

තීනු ආයෙම යුගාන්ගෙ අතින් අදිද්දි යුගාන් මූණත් බෙරි කර ගෙන තමන් හිටපු තැනින් නැගිට්ටා . තීනු බලෙන්ම මරෙන්න ගෙනියන හරකා වගේ යුගාන්ව ලෙක්ච හෝල් එකට ඇද ගෙන ආවා . වාසනාවකට වගේ තාම ලෙක්චස් පටන් අර ගෙන නොතිබුනු නිසා තීනු යුගාන් එක්ක එකම තැනින් වාඩි උනා . ඒත් තීනුගේ බෑග් එක තියෙන්නේ තීර්ථ ගාව නිසා තීනු තීර්ථ ගාවට යන්න හැදුවත් යුගාන් තීනුගේ අතකින් අල්ලලා නතර කර ගත්තා .

" යන්න එපා තමුසෙ ඔහොම ඉන්නවා "

තීනුගේ අතින් අල්ලලා තීනුව නතර කරපු යුගාන් ලෙක්ච හෝල් එකේ හිටපු කොල්ලෙක් ලවා තීනුගේ බෑග් එක තීර්ථ ගෙන් ඉල්ලලා ගෙන්න ගත්තා . තීනුත් ඉතිම් ඒකට මුකුත් නොකියා හිටියා හැම වෙලාවෙම යුගාන් එක්ක එල්ලි එල්ලි ඉන්න බැරි නිසා . කොහොම නමුත් තීනු තීර්ථ ගාවින් වාඩි නොවී යුගාන් ගාවින් වාඩි උනු එකට නම් තීර්ථ යටි හිතින් තීනුට අම්බානකට දෙහි කපන්න ගත්තා .

ප්‍රොෆිසෙර් ආවට පස්සේ ලෙක්චස් පටන් ගත්තත් යුගාන් නම් මේසෙට ඔලුව තියන් හිටියා ඇරෙන්න ඔලුවක් උස්සලා ලෙක්ච එක අහන් හිටියේ නම් නැහැ . සිතිජත් හොරාට ලෙක්චස් කට් කරපු නිසා යුගාන්ටත් ඕනේ උනේ ලෙක්ච හෝල් එකෙන් කොහොම හරි පැන ගන්න ඒත් තීනු එක්ක මෙහෙම ලගින් ඉන්න යුගාන්ට ලේසියෙන් නොලැබෙන නිසා යුගාන් ඒ අදහස අත ඇරලා දැම්මා .

" ඒ යුගාන් තමුසෙ ලෙක්ච එක අහන්ද ඉන්නේ ?? "

" මට ඕවා වලින් වැඩක් නැහැ "

" අර්හ් මෝඩයා නැගිටලා ලෙක්ච එක අහන් ඉන්නවා නැත්තම් මම ආයේ යනවා තීර්ථ ගාවට "

තීනු එහෙම කියනවත් එක්කම මෙච්චර වෙලා මේසෙට ඔලුව තියන් හෙන කම්මැලි කමේ හිටපු යුගාන් ඔලුව උස්සලා තීනු දිහා බැලුවා . තීනු ආයෙ යනවට තමන් අකමැති නිසා යුගාන් මූණත් දෙක කර ගෙන බෑග් එක ඇතුලේ තිබුනු පොත් ටික එලියට අර ගත්තා . තීනුගේ පොතටම එබිලා නෝට් ටික යුගාන් කුරුටු ගා ගත්තත් ලෙක්ච එක නම් හරියට ඔලුවට දා ගත්තේ නම් නැහැ .

පැය හතරක මුලු ලෙක්ච එක යුගාන්ට දැනුනේ කල්පයක් වගේ . කාලයත් හරි හිමින් ගත වෙද්දි යුගාන් ඈනුම් කීපයක්ම ඇරියා . ඒත් තීනු නම් හරි උද්‍යෝගයෙන් ලෙක්ච එකට ඇහුම්කම් දුන්නා . ලෙක්ච එක අහන් ඉන්නවට වඩා තමන්ගේ එහා පැත්තේ ඉන්න තීනු දිහා බලන් ඉන්න එක හොදයි කියලා හිතුනු නිසාම යුගාන් තමන්ගේ කම්මුලට අතකුත් තියා ගෙන තීනු දිහාවට තමන්ගේ ඇස් හොවා ගත්තා .

ගෙවුනු පුලු පැය හතරම යුගාන් ගෙවලා දැම්මේ එහෙම . තීනු ලෙක්ච එකට කොච්චර ලොකු අවදානයක් දුන්නද කියනවා නම් තමන්ගේ එහා පැත්තේ ඉන්නේ යුගාන් කියන එකත් තීනුට අමතක උනා . ලෙක්ච එක ඉවර උනු හැටියෙම තීනුත් යුගානුත් පොත් ටික බෑග් එකට දමා ගෙන හිටපු තැනින් නැගිට්ටා . ඒත් තීනු එක පාරටම යන්න හදද්දි යුගාන් තීනුගේ අතින් අල්ල ගත්තා .

" ඇයි ?? "

" යමු මාත් එක්ක !! "

" අද මම තීර්ථලගේ ගෙදර යන්නේ !! එයාගේ තාත්තත් කැම්පස් එක ගාවට එනවා කිව්වා අපිව එක්කන් යන්න !! "

තීනු කිව්ව දේට නම් සිද්ද උනේ යුගාන්ගේ හිත නරක් උනු එක . මොකද යුගාන් හැමදාම වගේ අදත් හිතුවේ තීනු එක්ක බස් හෝල්ට් එකට යන්න . ඒත් තීනු අද තීර්ථගේ ගෙදර යනවා නම් යුගාන්ට බැරි වෙනවා තීනු එක්ක යන්න . එහෙමයි කියලා මේ වගේ දේවල් වලට තීනු එක්ක එල්ලෙන්න වුවමනාවක් යුගාන්ට නොතිබුනා .

" ම්ම්හ් පරිස්සමෙන් යන්න "

" හරි !! "

තීනු යුගාන්ව පාස් කර ගෙන අඩි කීපයක් යද්දි යුගාන් ආයෙම තීනුට කතා කරපු නිසා තීනු යුගාන් දිහා ආපහු හැරිලා බැලුවා .

" මං ආදරෙයි !! "

යුගාන් ගේ කටින් ඒ වචන ටික පිට වෙද්දි බූමිතෙල් ගහපු ගැරඩියා වගේ තීනු ලෙක්ච හෝල් එකෙන් එලියට ලිස්සලා ගියා . ලමයි ගොඩක් ඉන්න හෝල් එක මැද ඉදන් යුගාන් අර වගේ දෙයක් හයියෙන්ම කියද්දි තීනුට ලැජ්ජ හිතුනා . කම්මුල් දෙකත් යාන්තමින් රතු කර ගෙන තීනු තීර්ථ ගාවට දුවන් යද්දි තීනුගේ රතු උනු මූණ දැකලා තීර්ථ නම් කලේ තීනුට විහිලු කරපු එක .

විහිලු කර කරම තීර්ථයි තීනුයි කැම්පස් එකෙන් එලියට යද්දි තීර්ථගේ තාත්තා කාර් එකෙන් ඇවිත් තිබුනා . කොල්ලා දෙන්නා කාර් එකට නැග ගත්තට පස්සේ කාර් එක කැම්පස් එකෙන් ඈතට ඇදෙද්දි තීනුට අමතක උනා යුගාන් ගාව තියෙන තමන්ගේ හිතත් අර ගෙන එන්න . කොහොම හරි යුගාන් නම් සිතිජ එක කයියක් ගහ ගෙන කැම්පස් එකේ ගේට් එකෙන් එලියට පැන ගත්තා .

" දැන් උබ කියන්නේ හස්නා හෙට ඉදන් කැම්පස් එනවා කියලද "

" නැතුව ඉතිම් හැබැයි හස්නා මගේ නංගි කියලා කවුරුත් දැන ගන්න නරකයි "

" උබ නම් යුගාන් නැති ප්‍රශ්නයක් ඕයි මේ දා ගන්න හදන්නේ !! ඔය කෙහෙල් මල කරන්න ගිහින් තීනු නැති වෙයි උබට "

කොල්ලා දෙන්නා හෙන බරපතල දෙයක් ගැන චැට දාන ගමන් බස් හෝල්ට් එක දිහාවට ඇවිදන් ගියා . මේ දෙන්නා මේ කතා කරන්නේ හෙට හස්නා කැම්පස් එකට එන එක ගැන හැබැයි හස්නා කියන්නේ යුගාන්ගේ නංගි කියලා දන්නේ සිතිජ විතරයි .

" එහෙම වෙන්නෙ නැහැ බං හස්නා මට සප් එක දෙන්නම් කිව්වා ඕකිට ඔය වගේ දේවල් ඊසී බං ඊසී "

" එහෙනම් කර ගනිම්කෝ හැබැයි පුතෝ කෙලව ගත්තට පස්සේ මගේ රෙද්ද අස්සේ නම් එන්න එපා "

" මොකක්ද ඕයි හැම එකම අසුභවාදීව හිතන්න එපා ටිකක් පොසිටිව් විදිහට හිතන්න පුරුදු වෙයන් !! මගේ සිතිජ මැණික උබර් මට සප් එක දෙනවා නේද මගේ රත්තරං යාලුවේ "

යුගාන් මහ පාරෙම සිතිජව ටිකක් බදා ගන්න ට්‍රයි එකක් දෙන ගමන් කියද්දි සිතිජ යුගාන්ව අහකට තල්ලු කලා . අසහනේ ඇටේ ඉදන් තියෙන උන් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි ඒත් සිතිජ හරි අමාරුවෙන් උනත් යුගාන් එක්ක අවුරුදු බර ගානක් එකට හිටියා . තීනුට පැණි හැලුවට මොකද යුගාන්ගේ අත හැම වෙලාවෙම නතර වෙන්නේ සිතිජගේ පුක ගාව .

" උබටත් උදව්වක් ඕනේ උනාම විතරයිනේ මට අර මැණිකයි මේ මැණිකයි ඔක්කොම කියන්නේ "

" හැම වෙලාවෙම මැණික කියද්දි අගයක් නෑනේ මැණික ටිකක් තේරුම් ගන්න "

" පලයන් හුත්තෝ යන්න මහ පාරේ වේසකම් කරන්නේ නැතුව "

සිතිජ යුගාන්ව අහකට කරලා බස් හෝල්ට් එකට දුවද්දි යුගාන් තමන්ගේ මූණත් දෙක කර ගෙන හැටට හැටේ සිතිජගේ පස්සෙන් දිව්වේ සිතිජ තමන්ව දාලා තනියම බස් එකට නැග ගනි කියලා හිතුව නිසා . කොහොම නමුත් හස්නාගේ කැම්පස් ගමන් ආරම්භයත් එක්ක ලොකු විපර්යාසයක් සිද්ද වෙන්න යන බව නම් නොඅනුමානයි ..




To be continue

_________________________________________

ඔච්චමක් ගෙනාවෝ 🌚

පරක්කු වෙනවට වෙරි සොරි වැඩ නිසා හිර වෙලා

කමෙන්ට්ස් ටිකක් හලන්නකෝ එතකොට තමා කතාව ලියන්න හරි ආසාවක් ඇති වෙන්නේ 🌚

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Seguir leyendo

También te gustarán

17.1K 401 22
Na Jaemin was just your average everyday college student with a part-time job as an intern at a big company who was known for his flirtatious persona...
2.2K 80 10
[WARNING: CANON DIVERGENCE] Here again, another time and more people to help. Not his ideal world but it's hard to say no when someone has took you i...
860 52 9
Victoria, Jolie, sûre d'elle ,grande gueule mais ça, c'est le visage qu'elle veut donner et que les autres voient. La vrai Victoria vit tout les jour...
13.3K 395 19
Yuna never intended to meet the boy with the brightest smile she's ever seen and, she never intended, to meet the future pirate king, but she did. Af...