කස්තුරි සුවඳ ✓

By liversack

675K 112K 45K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
36 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
45 වන පරිච්ඡේදය
46 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
55 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
60 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
73 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
81 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය
අවසාන පරිච්ඡේදය

54 වන පරිච්ඡේදය

7.9K 1.1K 194
By liversack



ඒ අගෝස්තු මාසය පටන් ගත්ත ඉගිය දෙන්න ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය කරපු හුලගටද එහෙමත් නැත්තන් දැන් එතනින් හැටට හැටේ පාගලා ගිය කලු පාට Range Rover රතයේ වේගයටද කියලා හිතා ගන්න බැරුව කොළඹ තාර පාර ඉබගන්න ලං වෙන්න වෙර දරන නා ගහක අත්තක් හතර අතේ නලියන හුලං ධාරාවට නටන්න ගත්තා.

"මම නැති වුනේ මාස දෙකයි! Two moths මානි two moths! කට්ටිය මැච් දිනලා කප් ගහලා ඒක සමරන්න ට්‍රිපුත් ගිහිල්ලා! How dare you..! කොහොමද ඔයාලා මාව හලලා ට්‍රිප් ගියේ ආහ්? අර ලොකු අයියා ජීවිතේට මාව ඔහොම ට්‍රිප් එක්කන් ගිහින් තියෙනවද බබා මං අහන්නේ?!"

"පොඩි අයියා are you jealous?"

අතොරක් නැතුව ඇහෙන රක්ෂිත ගේ කියවිල්ල අහන් ඉඳලා අන්තිමට මාණික්‍ය කට ඇරියේ පේන මානයේ පහු වෙන උස ගස් දිහා බලන් කට කොනට ගත්ත හිනාවක් එක්ක. ඇත්තටම එයා ඒ කටහඩ අහන්නෙත් මාස දෙකකට පස්සේ තමයි..

"jealous? Who? Me? හහ් මං මොකට jealous වෙන්නද තව මාස ටිකයි මං මගේ නෝනවත් අරගෙන යනවා ලංකාව වටේ!"

කලින් වඩා රක්ෂිත ගේ කොන්ඩේ ටිකක් බෙල්ල ලගට වැවිලා ඒ පෙනුම දුන්නේ ඉස්සරට වඩා අමුතු ලස්සනක්.. ඒ එක්කම අමතක නොකරන Ray-Ban අවුකන්නාඩිය කැපිලා පේන හැඩ මුහුණත් එක්ක රක්ෂිතගේ වයසට වඩා තරුණ පෙනුමක් ඒ රූපේ කොයි වෙලත් රැදිලා තිබ්බේ.. ඉතින් උදේ වරුවේ කාර්යබහුල අතින් වැඩි මුණිදාස මාවතේ සුදු ඇදුමින් එහා මෙහා යන ළමයි ගැවසෙන කොළඹ හතට අයිති සුපුරුදු පිරිමි පාසලේ ගේට්ටුව ඉස්සරහා රක්ෂිත වාහනේ නවත්තපු ගමන් මාණික්‍ය ඔඩොක්කුව උඩ තියාගෙන හිටපු බෑග් එක තනි අතට එල්ලගෙන වාහනේ දොර ඇරියා.

"finally මට අක්කා කෙනෙක් හම්බවෙනවා!"

"yeah and තව කෙනෙක් අක්කාව බලන්න කියලා දුකට අඩාගෙන හොර ගමන් යන්නත් පටන් ගන්නවා"

මාණික්‍යගේ කතාවට රක්ෂිත උත්තර දුන්නේ මුහුනේ රදවගත්ත සරදම් හිනාවක් එක්ක.. ඒ කියද්දි එයාගේ ඇගිලි ඇහෙන්නේ නැති තාලයකට සුක්කානම උඩ තට්ටු වෙන්න ගත්තේ ඒ කියපු කතාව අස්සේ හැංගුන විනෝදබර හැගීම පිටට දාන්න.. ඉතින් මාණික්‍ය..

"පොඩි අයියා මං ඔයාව ලොකු අයියට කියනවා!!"

නිර්මල කොයි වෙලෙත් සනසන රක්ෂිත කොයි වෙලෙත් අවුස්සන මාණික්‍ය මූනත් දෙක කරගෙන කට හදාගනිද්දි රකකෂිතට ඒ තරම් විනෝදයක් නැති ගානට හිනා වෙන්න පටන් ගත්තේ කොච්චර ඇවිස්සුවත් එපා වෙන්නේ නැති ඒ ආසාවට.

"okay okay යන්න මෙතන වාහන හිර වෙනවා බබා"

"හා! මාව ගන්න වෙලාවට එන්න! එද්දි gummy bear packet එකකුත් අරන් එන්න!"

"ආ ඒකත් ඉතින් කලින් මාව අල්ලලා දෙනවා කිව්ව ලොක්කටම කියන්න මානි"

"ඒ මොකද?"

ගේට්ටුව ඇතුලෙන් එක පෙලට සුදු ඇදගත්ත ළමයි ඉස්කෝලේ ඇතුලට යන දිහා බලන් කාවද මන්දා හොයන ගමන් රක්ෂිත ඒ කියද්දි මාණික්‍ය නොතේරුන ඒ කියමනට හේතු ඇහුවා.

"ඔයාව අද pick කරන්න එන්න ලොකු අයියා මානි.. අද මට වැඩ වගයක් තියෙනවා කරන්න And.. මේ weekend එකේ වැඩ දාගන්න එපා අපි wedding suits බලන්න යනවා"

"ඔහ්.. මටයි ලොකු අයියටයි ලස්සන bridesmaids දෙන්නෙක් ඉඳියිනේ!"

දැන් අර මාණික්‍යගේ බොරු කේන්තිය කොහෙන් ගියාද නෑ.. හැබෙයි රක්ෂිත,

"I know mani you hate girls!"

"I don't hate!"

"okie you're not interested! ඉතින් බොරුව දාන්නේ නැතුව යන්න මං මේ ටික මනරුගේ කනේ තියන්න කලින්"

ඉතින් අර නැති වුන බොරු කේන්තිය ආයෙමත්.

"gummy bear packet දෙකක් ගේන්න!"

රක්ෂිතටත් ගස්සගෙන වාහනයෙන් බැහැලා මල්ලි දිහා එයා බලන් හිටියේ තව අවුස්සන්න තිබ්බා නම් කියන ආසාවත් එක්ක ඒත්,

"take care මානි! ඔයාට ගෙදර එනකල් no gummy bears! අද ලොක්කා office එකේ ඉඳන් එන්නේ!"

බෑග් එකත් එල්ලගෙන දොරත් වහලා යන මල්ලිට ඒ කියලා එයා ඇතුලට යනකල්ම බලන් හිටපු රක්ෂිත වාහනෙත් අරන් වේගයෙන් ඉස්සරහට ගියේ එතනට ඇවිත් තවත් වාහනයක් නතර කරද්දි.. ඉතින්,

"good morning බොසා!!"

ඉතින් දැන් තියෙන්නේ වෙනම ලෝකයක්.. බුදූ මැදුර ගාවදිම වගේ හුරු පුරුදු මිතුරු කටහඩ ලගටම දුවන් ඇවිත් මාණික්‍යගේ කරට අතක් දාගත්තේ ලගින් යන අයගේ අවදානයත් ටිකකට ඒ පැත්තට ඇදලා අරන්.. ඉතින් මාණික්‍ය ඒ කෙනාට දුන්නේ සාමාන්‍යයෙන් වෙන අයට නොදෙන මිතුරු හිනාවක්.

"morning.. කෝ.."

මාණික්‍ය ඒ ඇහුවේ හතර වටේටම ටිකක් බලන ගමන්.

"ඉන්නවා ඉන්නවා මෑන් ඉන්නවා! උබත් ඉතින් කොරවක්කගේ මස් කාලා වගේ කොක් කොක් ගානවා කියලා දන්න නිසාම මං කිව්වා ඌට ground එක ලගට එන්න කියලා"

"ඇයි මනරු කොහෙද ගියේ?"

පබසර එතනින් ගිය දහය වසරේ කොල්ලෙක් ගේ කලිසම් කකුල් ගැන විපරමෙන් බලන ගමන් ඒ කියද්දි මාණික්‍ය එයා දිහා බැලුවේ ඇස් රැලි කරන්.

"ආහ් ඌ ගියා පියනෝ හම්බවෙන්න"

"ඒ මොකද?"

"ආහ් මේ අලුත් prefects board එකට volunteers ලා තෝරනවානේ බං.. ඒ වැඩකට"

පබසර ඒක වැඩි ගානක් නැතුව කිව්වත් මොකද මාණික්‍යට ඒ වෙලාවේ මෙච්චර කාලයක් නොතේරුන දෙයක් දැන් තේරීගෙන ආවා..

"මොකෝ බං?"

ඉතින් කිසි කතාවක් නැති මාණික්‍යගේ බැල්ම පබසරට තාම තේරුම් ගන්න බෑ..

"එච්චර ඉක්මනට කාලේ ගියාද?.. "

ඇත්තටම මාණික්‍ය මේ ඉස්කෝලේට මාරු වෙලා ආපු දවසේ ඉදන් දවස් ගෙවුන වේගය එයාටත් හිතා ගන්න බෑ.. මොකද ඒ ගෙවෙන හැම තත්පරයකටම මොකක් හරි දෙයක් අතිතයට එකතු වුනා මිසක් ඉස්සර වගේ තත්පර කට්ට කැරකෙන සද්දෙවත් විනාඩි කට්ට මත්තේ නැහෙන කම්මැලිකමටවත් මාණික්‍ය ලගට ලං වෙන්න එයා වටේ හිටපු අය කිසිම ඉඩක් දුන්නේ නෑ.. ඉතින් පබසර මාණික්‍ය කර වටේට දාගෙන හිටපු අත තව තද කරන් ලොකු මිතුරු හිනාවක් මූනට ගත්තා.

"ඔරලෝසුවයි කැලෙන්ඩරෙයි මොක්කු හොයාගත්තාද කියලා මතක නෑ බං! ඒ වුනාට මතක තියා ගනින් ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා~~~ කාලය පැන යනවා!"

අන්තිමට උපුටා ගත්ත ප්‍රසිද්ධ සිංදුවක වචන ටිකක් ඒ තාලයටම කියාගෙන පබසර මාණික්‍යගෙන් වෙන් වෙලා අර කලිසමේ වැරැද්ද දැක්ක දහය වසරේ කොල්ලා පස්සෙන් ඇහැ ගහන් අඩිය තියන්න පටන් ගත්තේ ආයේ එක සැරයක් මාණික්‍ය දිහාවට හැරිලා තව පදයක් කියාගෙන.

"පමා වුනොත් මල පරවෙයි මචං! ඒක නිසා ඉක්මනට නෙලාගනින්!"

ඒකට මොනා කියන්නද කියල මාණික්‍යට හිතා ගන්න බෑ.. ඒක නිසාමද මන්දා තොල් ඇගට ගත්ත හරි හමන් විදිහට විහිද ගන්න බැරුව මග නතර වුන හිනාව එක්ක පබසර යන පැත්ත දිහා බලාගෙන එයා ටික වෙලාවක් එතනම හිටගෙන හිටියා..

ඒත් යන්න කලින් පබසර කියලා ගිය දේ මතක් වෙලා බෙල් එක වදින්න කලින් මාණික්‍ය ground එක පැත්තට ඇවිදන් යද්දි ඔන්න, මේච්චර වෙලා බලාගන්න ඕන වෙලා තිබ්බ රූපය එතන තව දෙතුන් දෙනෙක් වට කරගෙන හිටියා ඒත් මොනවාදෝ මන්දා කියවන ගමන්..

ඉතින් බලන් ඉන්නවා ඇරෙන්න ලගට යන්නවත් නම කියලා කතා කරන්නවත් මාණික්‍ය ඉක්මන් වුනේ නැත්තේ බලන් ඉඳිමත් එක කලාවක් කියලා හිතලදෝ මන්දා අදාල පුද්ගලයාම ඒ දැහැන කඩලා දානකල් මාණික්‍ය ඒ රූපය ලගින් ඇස් අහකට ගත්තෙම නෑ.

"මාණික්‍ය.. මම මෙතන"

මෙච්චර වෙලා බලන් හිටපු රූපේ එයා ලගට එනවා මාණික්‍යටවත් නිනව්වක් නැති තරම්.

"මනරු.."

ඉතින් ඒ නමටම ගැලපෙන හිත නිවිලා යන තරමේ හිනාවක් එක්ක මනරු මාණික්‍ය දිහා බලාගෙන කාටත් නැති හිනාවක් උදේම මාණික්‍යට තෑගි කරද්දි එයාගේ හිත ඒ හිනාව අල්ලලා බලන්නමයි.. ඒත් කොහොමද..

"good morning.."

ඒ මනරු.

"good morning.."

"පන්තියට යන්න මම එන්නම්.. අද උදේම geo"

"ම්.."

එතන ලොකු කතාවක් වුනේ නෑ.. ඒත් බැල්මෙන් හිනාවෙන් යාවුන හැගීම් ගොඩක් එකිනෙකාට ගොඩක් දේවල් කියාපාපු එකෙන් මනරුගේ එක වචනෙන් අවනත වුන මාණික්‍ය ආයෙම පන්තියට යන්න හැරුනේ එයා තමයි මේ ලෝකේ ඉන්න කීකරුම ළමයා වගේ..

ඉතින් මනරුගේ හිනාව එතනින් මතු සම්බන්ධයි.. මොකද හිනාව අයිතිකාරයා දැන් එයාගෙන් දුර ඇදෙනවා.. එතකොට එතනින් එහාට මූනේ ඉතුරු වුනෙ පපුව මැද්දේ ගහගෙන ඉන්න බැජ් එකේ නමට ගැලපෙන බැල්මක් විතරයි.

කොහොම හරි හරියටම උදේ පළවෙනි කාල පරිච්ඡේදයට මිහිරි මිස් පන්තියට එද්දි හැම ළමයෙක් වගේ පොත් පත් අරන් පාඩම ලෑස්ති වෙලා හිටියා කියලා කිව්වොත්.. එහෙනම් ඉර අනිත් පැත්තෙන් පායන්න ඒ ටිකම ඇති.. ඉතින් මුලු පන්තියම හිටියේ සුපුරුදු පරිදිම තම තමන්ගේ සමිති සමාගම් පිහිටගෙන කද දාගෙන.

"ළමයි පොත් ගන්නවලා! තාම හිතන් ඉන්නේ a/l වලට තව අවුරුදු දෙකක් විතර තියෙනවා කියලද?! මේ වාරේ ඉවර වුනාට පස්සේ ඔයාලට ඉතුරු තව වාර දෙකයි! ඒක නිසා දැන් පාඩමට හැරෙන්න කොල්ලනේ! ක්‍රිකට් ගහලා නැටුම් නටලා තරග තියලා ඒ ඔක්කොම ඉවරයි!"















මතු සම්බන්ධයි...

ගොඩක් නැති වුනාට sorry. මට කතා ලියන විදිහ අමතක වෙලා තිබ්බේ.

Continue Reading

You'll Also Like

337 55 22
This is the 02nd book of my covers... You can find out my 01st book in my account! Hope you'll enjoy!
9M 314K 27
Erika Lovet is used to being in the background, always in her sister's shadow. Since she was a child, her parents have always doted on Alice, have al...
1.2M 41.8K 62
The story revolves around a cricketer and a normal traditional girl who is tied in a relationship know as marriage. will they accept this arranged ma...
37.1K 4.8K 46
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️