සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• නම වන දිගහැරුම •

664 138 35
By ___Sky-Heart___

හස්නා කොළඹ එන්න උදේම කෝච්චියට නැග්ගා කියලා පණිවිඩේ දුන්නු නිසා යුගාන් ටිකක් දවල් වීගෙන එද්දි නුගේගොඩ ස්ටේෂන් එක ගාවට කාර් එකෙන් ගියේ හස්නව ගෙදර එක්කන් එන්න . ස්ටේෂන් එක පිටි පැස්සේ දිහායින් කාර් එක නතර කරලා යුගාන් ස්ටේෂන් එකේ ඇතුලට යද්දි බෑග් දෙක තුනකුත් එල්ල ගත්තු කෙල්ලෙක් වටේම හැරි හැරි කාවදෝ හොයනවා . යුගාන් නිකමට ඒ කෙල්ල දිහා බලද්දි තමයි දැක්කේ ඒ ඉන්නේ හස්නා කියලා .

හස්නා තමන්ටත් කලින් ඒවී කියලා නම් යුගාන් කීයට වත් හිතුවේ නැහැ . කෙල්ල ඔය හැරි හැරී හොයන්නේ තමන්ව කියලා දන්න නිසාම යුගාන් අඩියට දෙකට හස්නා ගාවට ලං උනා . යුගාන්ව දැක්ක හැටියෙම හස්නා ගෙන් ලැබුනේ එච්චර හොද ප්‍රතිචාරයක් නම් නෙමේ . යුගාන් එන්න පරක්කු උනු නිසා හස්නට ස්ටේෂන් එකට වෙලා පැයක් විතර බලන් ඉන්න සිද්ද උනා . තිබුනු තරහට යුගාන් හස්නා ගාවට හිනා වෙවී එද්දි හස්නා තමන්ගේ කරේ තිබුනු බෑග් එකෙන් යුගාන්ට දමලා ගැහුවා .

" ආව්ව් මොකද ගෑනියේ ගහන්නේ ?? "

" තොපි නම් මහ පුදුම අයියලා තමා !! මම පැයක් විතර මෙතන අනික තමුසෙ ෆෝන් එක ඕෆ් කරන් මොන ලබ්බක්ද කරන්නේ ?? "

හස්නා යුගාන්ට කෑ ගහද්දි තමා යුගාන්ටත් මතක් උනේ දවල් ගේම් ගගහා ඉද්දි තමන්ගේ ෆෝන් එක ඕෆ් වෙලා ගියපු වග . කොහොමත් දැන් හස්නගෙන් බැනුම් කෝටියක් අහන්න සිද්ද වෙනවා කියලා නම් යුගාන් හොදටම දැනන් හිටියා . හස්නා තමන්ගේ ඉනට අත් දෙකත් තියා ගෙන යුගාන් දිහා ඇස් හීනි කරලා බලද්දි යුගාන් හස්නගේ කරට අතක් දා ගත්තේ හස්නගෙ රැවිලි අතරෙමයි . හස්නට නම් වෙලාවට වැඩ කරන්නේ නැති උන්ව ඇස් දෙකට පේන්න බැහැ ඒක තමන්ගේ අයියා උනු යුගාන්ට කියලා නම් වෙනසක් උනේ නැහැ .

" හරි හරි බං මං කොහොම හරි ආවනේ දැන් කෝ ඔය බෑග් ටික දෙනවා මට !! "

හස්නගේ අතෙයි කරෙයි තිබුනු බෑග්ස් දෙක යුගාන් බලෙන්ම වගේ තමන්ගේ අතට ගත්තා . පැය ගානක් කෝච්චියේ ආපු නිසා හස්නා නම් හිටියේ ගොඩක් මහන්සියෙන් . ඒක නම් කෙල්ලගේ මූණ දැක්කම ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් . යුගාන්ට එයාගෙම කියලා නංගි කෙනෙක් නැති උනත් කොල්ලා නම් හස්නට පණ ඇරලා . වැඩිය ඕනේ නැහැ තීනුගේ නංගි මන්දාරමීට පවා යුගාන් හරි ආදරෙයි .

මන්දාරමිත් පවා යුගාන් එක්ක හරි ඉක්මනින් එකතු වෙන්න ඒකත් ලොකු හේතුවක් වෙන්න ඇතී . යුගාන් හස්නගේ බෑග් ටිකත් අර ගෙන අනිත් අතින් හස්නගේ අතින් අල්ල ගත්තා . කෙල්ලව හරි පරිස්සමෙන් කාර් එක ගාවට එක්කන් ආපු යුගාන් බෑග්ස් ටික ඩිකී එකෙන් දාලා හස්නට කාර් එකේ දොර ඇරලා වාඩි වෙන්න දුන්නා . ස්ටේෂන් එක ගාවින් යන එන කොල්ලො හැරි හැරී හස්නා දිහා බැලුවේ කෙල්ල ඒ තරම් ලස්සන නිසා . 

හස්නා ගමේ හැදුනු කෙල්ලෙක් උනත් හස්නා කවදාවත්ම ගමේ විදිහට ඉදලා නැහැ . කෙල්ල ගවුම් සායවල් අදින්න කැමති නැති තරම් . කොටින්ම කෙල්ල ගමේ ජීවත් උනේ කොළඹ කෙනෙක් වගේ . ඉතිම් කොළඹ පරිසයට අමුතුවෙන්ම හුරු වෙන්න ඕනේ කියලා දෙයක් නම් හස්නට තිබුනේ නැහැ . හස්නා කාර් එකෙන් වාඩි උනාට පස්සේ යුගාන් කාර් එක නගින්නේ නැතුව හස්නාගේ සයිඩ් එකේ තිබුනු ශටර් එකට තට්ටු කරද්දි කෙල්ල ශටර් එක පහත් කලා .

" බඩගිනී නම් කියනවා මෙතන තියෙන කඩෙන් මොනවා හරි අරන් දෙන්න "

" අපෝ කන්න නම් බැහැ අයියේ බොන්න මොනවා හරි අරන් දෙනවද ? "

" හ්ම් මොනවද බොන්න ඕනේ ?? "

" පෙප්සි එකක් "

හස්නට බඩගින්නක් නොතිබුනු නිසාම බීම එකෙක් යුගාන්ට ගේන්න කියලා කිව්වා . හස්නව කාර් එකේම තියලා එහා පැත්තට පාර පැනපු යුගාන් එතන තිබුනු පොඩි කඩේකින් හස්නට බොන්න පෙප්සි බෝතලයක් ගත්තා . ඔය කිව්වත් හස්නා බූන්දි පෙරේතයා කියලා යුගාන් දන්න නිසා ඒ කඩෙන්ම හස්නට යුගාන් බූන්දි බෑග් එකක් ගත්තා . ආයෙම පාර මාරු උනු යුගාන් කාර් එකට නැගලා පෙප්සි බෝතලයත් එක්කම හස්නට අතට බූන්දි බෑග් එකත් දුන්නා . බූන්දී දැකපු පාර නම් කෙල්ලට මල් හතයි මොකද හස්නා හිතුවේ නැහැ යුගාන් තමන්ට බූන්දි ගන්න ඇතී කියලා .

" අනෙ අයියේ තමුසෙට මං ආදරෙයි හලෝ !! "

" අපෝ කන්න බොන්න අරන් දෙන කොට විතරනේ උබට අයියට ආදරේ කරන්න මතක් වෙන්නේ !! "

යුගාන් කියපු දේට හස්නා නම් කලේ යුගාන්ට ඇද කරපු එක . ඒ වගේ වෙලාවල් වලට හරි නංගිට අයියට ආදරේ කරන්න හරි මතක් වෙන එකත් ලොකු දෙයක්නේ . යුගාන් කාර් එක ස්ටාර් කරලා ගෙදරට ඩ්‍රයිව් කරන්න ගද්දි හස්නා යුගාන් ගෙනල්ලා දීපු බූන්දි බෑග් එකටයි පෙප්සි බෝතලේටයි වැඩේ දෙන්න ගත්තා . කෙල්ල කොහොමත් බඩ කට පිරෙන දේවල් නම් කන්නේ නැහැ කඩචෝරු කන්න තියෙනවා නම් හස්නට ඒ තරම් දෙයක් නැහැ . පෙප්සි බෝතලේ බාගයක් ඉතුරු කරපු හස්නා ඒක කාර් එක ඩ්‍රයිව් කරන යුගාන් දිහාවට දික් කලා .

" අහ් මේක බොන්න "

" මට එපා තමුසෙටනේ අරන් දුන්නේ බොනවා ඕක !! "

යුගාන් පෙප්සි බෝතලේ දිහා බලලා ආයෙම ඉස්සරහ බලා ගද්දි හස්නා යුගාන්ට ඉතුරු කර ගත්තු පෙප්සි ටිකට ආයෙම වැඩේ දෙන්න ගත්තා . එපා නම් බලෙන් පොවන්න බෑනේ ඉතිම් හස්නා එහෙම හිතන ගමන් බෝතලෙන් උගුරු දෙක තුනක් හලා ගත්තා . පෙප්සි බෝතලෙත් බීලා ඉවර වෙලා බෝතලේ සීට් එක ගාවින් තියලා හස්නා පොඩි නින්දක් දැම්මා . ඒ අතර යුගන් නම් ගෙවල් ගාවටත් කිට්ටු වෙලා හිටියා .

ගේ ගාවින් කීප සැරයක්ම හෝන් කරද්දි වත්තේ වැඩට ඉන්න මනුස්සයා ඇවිත් ගේට් එක ඇරියා . ගේට් එකෙන් ඇතුලට කාර් එක දාපු යුගාන් වත්තෙ අයිනෙන් කාර් එක නතර කලා . කන්න අරන් දීපුවා හොදට කාලා බීලා නිදා ගෙන ඉන්න හස්නව දකිද්දි යුගාන්ටත් අත පය තියා ගෙන ඉන්න බැරි උනා . සීට් එක පහලින් තියෙන හස්නා බීලා ඉවර කරපු පෙප්සි බෝතලේ අතට ගත්තු යුගාන් බෝතලෙන්ම ටෝන් ගාලා හොද පාරක් හස්නගේ ඔලුවට ගැහුවා .

" උබේ අම්මට ### "

වැදුනු ශොට් එකට හස්නා නැගිට්ටේ හොද උදාර වාක්‍යකුත් කටින් පිට කරන ගමන් . ඔලුවත් අල්ල ගෙනම හස්නා යුගාන්ගේ උඩ ඉදන් පහලට බලන ගමන් යුගාන්ට රැව්වා . හස්නා කොහොම හරි නැගිට්ට නිසා අතේ තියෙන හිස් වුනු පෙප්සි බෝතලේ හස්නගෙ ඇගටම විසික් කරන ගමන් යුගාන් කාර් එකෙන් බැස්සා . ඒත් එක්කම හස්නත් කාර් එකෙන් බැස්සේ යුගාන්ට හොද හැටි දෙහි කපන්න අමතක නොකර .

" තමුසෙ නම් මහ මොකෙක්ද මන්දා අයියේ බලනවා මගේ ඔලු කට්ට කුඩු වෙලා වගේ "

" ඇහුවොත් උබ ගමකට ගහන්න ඒත් හිස් බෝතලේකින් පොඩි පාරක් දුන්නම උබ නිකන් හැසිරෙන්නේ උබට යකඩ කුට්ටියකින් ගහලා වගේ !! "

යුගාන් කාර් එකේ ඩිකිය දිහාවට යන ගමන් කියද්දි හස්නා නම් තමන්ගේ අත් දෙකත් හරහට බැද ගෙන යුගාන්ට රවන්න ගත්තා . ඩිකී එකෙ තියෙන හස්නගේ බෑග් ටික ගත්තු යුගාන් ඩිකී එක වහලා හස්නා ගාවට ඇවිත් හස්නගේ අතින් අල්ල ගෙනම හස්නව ගේ ඇතුලට එක්කන් ආවා . මොන දේ කොහොම කලත් යුගාන් හස්නට ගොඩක් ආදරෙයි . දෙන්නම ඇතුලට යද්දි යුගාන්ගේ අම්මා හිටියේ TV program එකක් බල බල .

හස්නා සද්ද නොකරම ගිහින් යුගාන්ගෙ අම්මව බදා ගද්දි යුගාන් ගේ අම්මා එක පාරටම ගැස්සිලා ගියා . ඒත් තමන්ව බදන් ඉන්නේ හස්නා කියලා දකිද්දි යුගාන්ගේ අම්මා හස්නව තුරුලු කර ගත්තා . හස්නගේ බෑග් ටික නාට්ටාමියා වගේ උස්සන් ආපු යුගාන් බෑග් ටික සෙටී එකෙන් තියලා සෙටියෙන් වාඩි වෙද්දි අම්මා ගාවින් හස්නා වාඩි වෙලා හුරතල් වෙන්න ගත්තා . කෙල්ල අවුරුදු 22 ක් උනාට හැසිරෙන්නේ නම් තාමත් පොඩි ලමයෙක් වගේ .

" අනේ මගේ චූටි කෙල්ල ගොඩක් ලස්සන වෙලානේ ආසාවේ බැහැ දකිද්දි "

යුගාන්ගේ අම්මා හස්නගේ කොන්ඩේ අත ගගා කතා කලේ හරි ආදරේකින් . යුගාන්ගේ අම්මා නම් වැඩියෙන්ම ආදරෙ කලේ හස්නගේ කොන්ඩෙට . ඒ කොන්ඩේ දණ හිස ගාවටම දිගයි . හස්නගේ අම්මයි තාත්තයි කොණ්ඩේ කපන්න දෙන්න්නෙ නැති නිසා කෙල්ල ඉන්නවා මිසක හස්නා නම් දිග කොණ්ඩෙට පොඩ්ඩක් වත් ආදරේ නැහැ . හදීසියට කොණ්ඩේ කඩා ගෙන කොහෙවත්ම යන්න බැරි නිසා හස්නට නම් දැනුනේ තමන්ගේ ඔලුව උඩ මරාලයක් එල්ලලා වගේ ඒ තරම්ම කෙල්ල තමන්ගේ දිග කොණ්ඩෙට අකමැති උනා .

" අනේ පුංචිත් ඔය දහ අටේ කෑල්ල වගේ ඉන්නේ "

හස්නා යුගාන්ගේ අම්මගේ අතේ එල්ලිලා කියද්දි යුතාන් තමන්ගේ කටත් ඉරක් කරන් ඇස් දෙක රෝල් කරන්න ගත්තා  .

" අපෝ මේ කෙල්ල බටර් ගාන්න දන්නෙම නැහැ !! "

යුගාන්ගේ අම්මා හස්නගේ කම්මුලකුත් මිරිකලා කියද්දි හස්නා නම් කලේ හිනා උනු එක .

" හරි හරි දැන් කාමරේට ගිහින් ඔය බඩු ටිකත් දාගෙන ඇග පත හෝදන් එන්නකෝ කෑම ටිකක් කන්න "

" හ්ම් හරීයෝ !! "

හස්නා සෙටී එකෙන් නැගිටලා සෙටි එකට එහායින් බිම තිබුනු තමන්ගේ බෑග් ටික උස්සන් යන්න හදද්දි යුගාන් හස්නට බෑග් ටික උස්සන්න නොදී තිබුනු බෑග් ටික තමන්ගේ අතට ගත්තා .

" ඉන්නවා මම මේ ටික ගෙනත් දෙන්නම් "

යුගාන් එහෙම කියලා බෑග් ටිකත් උස්සන් උඩට යන කොට හස්නත් යුගාන්ගෙ පස්සෙන්ම උඩට ආවා . කලින් දවසේ හස්නට ලෑස්ති කරලා තිබුනු කාමරේ ඇතුලට ගියපු යුගාන් හස්නගේ බෑග්ස් සේරම මේසේ උඩින් තියලා ඇදේ කොනකින් වාඩි උනා . හස්නත් කාමරේ වටේ දිහා බල බලම ඇවිත් ඇදේ ගෙම්බා ගැහුවා වගේ දිගා උනා . හස්නා ඉන්න විදිහට නම් යුගාන්ට ඉබේටම වගේ හිනාවක් ගියා . තමන්ට හිනා වෙන යුගාන්ට පාරක් ගහපු හස්නා තමන් ඉන්න විදිහ නම් වෙනස් කර ගත්තේ නැහැ .

" ඒක නෙමේ කැම්පස් එක ගොඩක් ලොකුද හලෝ "

" ලොකුයි නම් තමයි ඒත් බය වෙන්න දෙයක් නැහැ "

" රැග් කරනවද අලුතින් එන අයව ?? "

" තමුසෙ බොරුවට බය නොවී ඉන්නවා මං ඉන්න නිසා මුසෙට ඔය මුකුත් වෙන්නේ නැහැ බය නැතුව කැම්පස් යනවකෝ මං සේරම බලා ගන්නම් "

යුගාන් හෙන ගැම්මෙන් ඒජන්ත වගේ කියද්දි හස්නට හිතුනා මූ කැම්පස් එකේ හෙන පොරක්  වෙන්න ඇතී කියලා . හස්නා හිතුවා වගේම යුගාන් කැම්පස් එකේ හෙන පොරක් උනා ඒත් ඒ තීනුට ඇරෙන්න . යුගාන් නම් හස්නට කිසිම දෙයක් කැම්පස් එක ඇතුලේ වෙන්න නොදී බලා ගනී කොහොමත් ඉතිම් ඒක හැම අයියා කෙනෙක් ලගම තියෙන ආදරණීය ගතියක් . යුගාන්ගේ මූණ දිහා කන්න වගේ හස්නා බලන් ඉද්දි ඇදේ තිබුනු කොට්ටේ අරන් යුගාන් හස්නගේ මූණට විසික් කරලා දැම්මා .

" ඒත් සහෝ කැම්පස් එකේ උන් දැන ගන්න නරකයි තමුසේ මගේ අයියා කියලා "

" ඒ මොකද ඒ ??"

" තමුසේ ගමේ ආවම පේන්නේ නැද්ද කෙල්ලෝ ලියුම් මට ගෙනත් දෙනවා තමුසෙට දෙන්න කියලා !! ඒ මදිවට තව චොකලට් කෑලිත් ගෙනත් දෙනවා දස වදයක්නේ අප්පා "

" පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා තමුසේ ලියුම් විතරනේ මෙච්චර කාලයක් ගෙනත් දුන්නේ කෝ චොකලට් "

" ආහ්හ් ඒවා මම කෑවා !! තොට දෙන්න ඕනෙද ඒවා අනික ලියුමත් අරන් තමුසේ ගාවට එද්දි එන්නේ මම මහන්සි වෙලා ඉතිම් ගමන් මහන්සියට මම චොකලට් ටික කෑවා "

හස්නා තමන්ගේ ඇගට පතට නොදැනීම කියද්දි යුගාන් නම් කලේ හස්නට රවපු එක . ඉදලා හිටලා යුගාන් ගමේ දියහා ගියාම ගමේ ඉන්න කෙල්ලො ටිකට යුගාන් තරම් නම් කෙනෙක් තවත් නැහැ . යුගාන් ගමේ එනවා කියන්නේ හස්නගේ නිදහස නැති වෙලා යන එක . වටේම ඉන්න කොණ්ඩ කුඩුච්චියෝ මර රෑටයි උදේ පාන්දරයි යුගාන්ට දෙන්න කියලා ලියුම් කෑලි චොකලට් එහෙම දීලා යනවා . හස්නා යුගාන්ට ලියුම් දුන්නත් යුගාන් නම් ඕවා කියවන්න යන්නේ නැහැ .

මොකද තීනුට ඇරෙන්න යුගාන්ගේ හිතේ වෙන කාටත් ඉඩක් තිබුනෙත් නැහැ . වචනෙන් නොකිව්වට යුගාන් තීනුට හරි ආදරෙයි ඒත් තීනු යුගාන්ට අකමැති වග යුගාන්ව හරියට රිද්දුවා . ඒත් යුගාන් නම් ඒ බවක් පෙන්නන්නේ නැත්තේ තියෙන ලොකුකමේ අඩුවකුත් නැති නිසා . සමහරවිට යුගාන් තීනුට ආදරෙයි කියන විදිහ වෙනස් කලා නම් තීනු අකමැති නොවෙන්නත් තිබුනා ඒත් යුගාන්ගේ මැර ගති යවනවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක් .

" ඒක නෙමේ තමුසෙට තාම කෙනෙක් නැද්ද ?? "

" ම්ම්හ් නැහැ ඒත් හිත ගිය කෙනෙක් නම් ඉන්නවා !! "

යුගාන් තමන්ගේ බෙල්ල පිටු පැසත් පිරිමදිමින් කියද්දි හස්නා යුගාන් දිහා අමුතු විදිහට බැලුවේ ජීවිතේට විශ්වාස කරන්න බැරි දෙයක් තමන්ගේ කන් වලට වැටුනු නිසා . හස්නා දන්න කාලෙක ඉදන් යුගාන්ට ලව් ඇලජික් ඒත් යුගාන් යටින් තීනුට ෆුල් ලව් කියලා දැනන් හිටියේ සිතිජ විතරයි . යුගාන්ගේ හිත ගිය කෙනා තීනු උනත් හස්නා ඒ ගැන නොදැන උන් නිසාම හස්නා හිතුවේ යුගාන් මේ කියන්නේ කෙල්ලෙක් ගැන කියලා . ඒක නිසාම හස්නා වපර ඇහැ දාලා යුගාන් දිහා එක එල්ලේ බලන් හිටියා .

" මේවා අට පට්ටමේ දාන්න ඕනේ කතා අයියේ !! මාගේ කන් දෙකට මේවා අදහා ගත නොහැකි උනා !! සිරාවටමද තමුසෙ ඔය කියන්නේ "

" ඔව් බං ඔව් සිරා කියන්නේ මං !! අනික ඇයි අපි ලව් කලොත් හෙන ගහනවද ?? "

" එහෙම නෙමේ යකෝ තමුසෙට කෙල්ලෝ අරහන් නේ ලගින් ගියත් රවනවා එහෙම එකේ ජාන විකෘති උනාද එක පාරටම "

හස්නා තමන්ගේ මූණ එක එක හැඩේට හදා ගෙන කියද්දි යුගාන් කලේ හිනා උනු එක . මොකද ඉතිම් තමන් හිතුවා වගේම හස්නා හිතලා තිබුනේ යුගාන් මේ කියන්නේ කෙල්ලෙක් ගැන කියලා . ආත භූත ලෝකෙන් ඇවිත් වගේ ඉන්න හස්නා නම් හිතුවෙම මේක යුගාන්ගේ අලි කෙපරයක් කියලා මොකද ඔය ඇමති පුත්තු කියන කරන ඒවා විශ්වාස කරන්නත් බෑනේ . යුගාන් තාමත් හස්නා දිහා බලන් හිනා වෙද්දි හස්නා නම් යුගාන් දිහා බලන් හිටියේ වට් ද ෆක් ලුක් එකකින් .

" මං දැන් තමුසෙට කිව්වද මං ලව් කරන්නේ කෙල්ලෙක්ට කියලා !!?? "

" ම්ම්හ් නැහැ !! "

" එහෙනම් මොන කෙහෙල් ඇවරියක්ද කියවන්නේ "

යුගාන් කිව්ව කතාව මීටර් වෙන්න ටියුබ් ලයිට් හස්නට ටිකක් වෙලා ගියා . ටිකක් වෙලා යද්දි හස්නාගේ මූණ පුරාම තිබුනේ මහ පැණි පාටක් . තමන්ගේ එකම අයියා බොක්කෙන්ම ලව් කරන්නේ කොල්ලෙක්ට කියලා කියන එක ටිකක් විශ්වාස කරන්න අමාරු උනත් යුගාන් කෙල්ලෙක්ට ලව් නොකර කොල්ලෙක්ට ලව් කරන එක නම් යුගාන්ගේ ගති ගුණත් එක්ක හස්නට සාමන්‍ය දෙයක් උනා . කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා නොබලපු යුගාන් කොල්ලෙක් දිහා හරි බලපු එක ලොකු දෙයක් .

හස්නා දෙකට ගනින්න බැහැ වගේ හිටියට හෙන BL පිස්සෙක් . අලුතින් BL ඩ්‍රාමා එකක් රිලීස් උනු ගමන්ම හස්නා කරන්නේ පුකත් උඩ දාගෙන ඩ්‍රාමා බලන එක . ආයේ ඉතිම් රයිකාන්තොපිනි කියලා කොහෙ හරි කියනවා ඇහුනොත් හස්නා ගැරඩියා වගේ එතන . මෙහෙම හිටියට හස්නා කින් පෝර්ච් බලලා වට පප්පෙක් උනු වේගාස්ට බොක්කෙන්ම ලව් කරලා හිත රිද්ද ගත්තු එකෙක් ඒවා ඉතිම් හස්නා නම් කියන්නේ නැහැ .

" ඒ කියන්නේ තමුසේ ලව් කොල්ලෙක්ටද ?? ආර්හ් අඩෝ අඩෝ සිරාවටම අයියේ මරුනේ !! පට්ට යකෝ ඒක නෙමේ කවුද ඔහේගේ ප්‍රේම කුරුල්ලා "

" එයා කැම්පස් එකේ කෙනෙක් නම තීනු !! "

යුගාන් තමන්ගේ බෙල්ලත් කස කස මූණ ටිකක් රතු කර ගනිද්දි හස්නා හයියෙන් හිනා වෙන ගමන්ම යුගාන්ගේ අතට පාරක් ගැහුවා .

" අම්මෝ අම්මෝ මූණේ තියෙන පැණි පාට බලපන්කෝ !! ඒ එයාව මට කැම්පස් එකේදී පෙන්නනවා හොදේ "

" හ්ම් පෙන්නන්නම් හැබැයි මම එයාට ට්‍රයි !! තාම සෙට් කර ගත්තේ නැහැ බං කොහෙද එයාගේ හෙන ලයින්නේ "

යුගාන් මූණත් දෙක කරන් කියද්දි හස්නගේ BL මනසට ඇට වල්ලකින් දමලා ගැහුවා වගේ එල කිරි අදහසක් ආවා . බලපු BL ඩ්‍රාමා වල තියෙන කෑලි ටිකක් පෝලිමට ඔලුවේ තියා ගත්තු හස්නා හොදම එක තෝර්න්න ගත්තා . මෙහෙම හිටියට කපු කම් කරලා හස්නට හොද පල පුරුද්දක් තිබුනා . ඩ්‍රාමා බලලා ඉගෙන ගත්තු දෙයක් මේ තරම් වැදගත් වෙයි කියලා හස්නා නම් හීනෙකින් වත් හිතුවේ නැහැ . අල ගෙඩියක් වගේ තියෙන හස්නගෙ මොල රාජයාට කුණාටුවක් වගේ අදහසක් පහල උනා .

" බිය නොවන්න අයියණ්ඩිය කොල්ලෙකු සෙට් කර ගන්නා සැටි මං පෙන්නන්නම් !! මේවත් මහ ලොකු වැඩද සමන්ත තමුසෙට ඔය කොල්ලව සෙට් කරන්නේ නැතුව මේ නංගි නතර වෙන්නේ නැහැ අයියේ නතර වෙන්නේ නැහැ !! කිව්වොත් කිව්වා ආයේ වැඩේ උනා කියලා හිතා ගන්න ඔයා "

ඇදේ දිගා වෙලා හිටපු හස්නා එක පාරටම ඇදෙන් නැගිටලා කොර වෙලා යන වදන් ටිකකුත් හලලා මද්දුම බණ්ඩාරගේ පුංචි බැදපු බාප්පගේ අක්කගේ දුව වැහිලා වගේ යුගාන්ට බොක්කෙන්ම සපෝට් එක දෙන්න මේ වෙන කොටත් තීරණය කරලා තිබුනා . සමහරවිට හස්නගේ දඩාර පැලෑනෙන් තීනු කැළඹිලා යන්නත් බැරි නැහැ කොහොම හරි යුගාන්ටත් ඕනේ තීනුව සෙට් කර ගන්න විතරයි . ඒක නිසා යුගාන් නම් හිටියේ මුහුදට උනත් බිලි වෙන සයිස් එකෙන් .

" දැන් තමුසෙ මොනවද ඔය කරන්න හදන්නේ ?? "

" කැප්ටන් යුගාන් අපිට විශේෂ මෙහෙයුමක් තියෙනවා ඒ වගේ මගේ ලග ලොකු පැලෑනකුත් තියෙනවා "

" තමුසෙගෙ පැලෑන මොකක්ද කියලා තමා මමත් මේ අහන්නේ ?? "

යුගාන් තමන්ගේ අත් දෙකත් හරහට බැදන් අහද්දි ඇද උඩ හිට ගෙන හිටපු හස්නා යුගාන්ගේ එහා පැත්තෙන් වාඩි වෙලා පත රහසක් යුගාන්ගේ කනට මුමුණන්න ගත්තා . රහසක් කියනවට වඩා හොදයි ඒක හස්නගේ දඩාර පැලෑන් කියලා කිව්වා නම් කොහොම නමුත් හස්නා කියන ඒවා අහන් ඉදාලා යුගාන් නම් හිටියේ මේවා කොහෙන් නතර වෙයිද කියලා හිතා ගන්න බැරුව . ඒත් අවුරුදු ගානක් කට්ට කාලත් කිසිම වැඩක් නැති උනු ඒකේ හස්නා කියන එක වත් කරලා බලමු කියලා යුගාන් අන්තිමේදී තමන්ගේ හිත වෙනස් කර ගත්තා ...






To be continue

_________________________________________

හායි ලමයිනේ

ගොඩාක් කල් ගියානේ

වැඩ අප්පා මට ෆ්‍රී ටයිම් එකක් ඇත්තෙම නැහැ

සතියක්ම ගියානේ මේ චැප්ටර් එකත් ලියා ගන්න

ම්හුක් හරි මහන්සී ඉතිම්

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

19.4K 606 53
˚ ༘ ❃ ·˚ ₊˚ˑ༄ 𝗬𝗢𝗨𝗥𝗘 𝗟𝗢𝗦𝗜𝗡𝗚 𝗠𝗘 𝘿𝙔𝙇𝘼𝙉 𝙃𝙊𝙁𝙁𝙈𝘼𝙉 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 the childhood best friends ...
2K 317 5
අලුත් අවුරුදු තෑග්ගක් zhanyi ,taekook shipers ලට
66.4K 10.4K 92
ඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook FanFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka...
1.9K 298 3
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කා...