සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• අට වන දිගහැරුම •

607 146 53
By ___Sky-Heart___


" තීනු ?? "

" හ්ම් ?? "

" සිරාවටම අහන්නේ තමුසේ ඇයි මට මේ තරම්ම අකමැති ? "

තවමත් තීනුව බදන් ඉන්න යුගාන් තීනුගේ ඔලුව අත ගාන ගමන් අහද්දි තීනු යුගාන්ගේ පපුවට අතක් තියලා යුගාන්ගෙන් ඈත් උනා . මෙච්චර වෙලාවක් තීනු යුගාන්ගේ පපුවට හිර වෙලා ඉද්දි තීනුට දැනුනේ යුගාන් ගාවදි ආරක්ෂාවක් විතරමයි . ඒ වගේම යුගාන් බැන බැනම හරි කරන්නේ තමන්ව ඒ ආරක්ෂාවට නතු කර ගන්න එක කියලා තීනුට තේරුන් ගියා .

" මොකද දැන් එක පාරම ඒ වගේ දෙයක් මගෙන් ඇහුවේ ?? "

" ට ඕනේ නිසානේ අහන්නේ කියනවකෝ ඉතිම් "

" මම තමුසෙට අකමැති තමුසෙ අමු මදාවියෙක් වගේ හැසිරෙන නිසා අනික තමුසේ හෙන නපුරුයි හරිම පණ්ඩිතයි තව තමුසෙ කැතයි "

යුගාන් මදාවියෙක් නපුරු පණ්ඩිතයෙක් කියලා කියන්න පුලුවන් උනත් යුගාන් කැතයි කියලා නම් කියන්න බැහැ මොකද යුගාන්ගේ ලස්සනට කොච්චර කෙල්ලෝ නම් යුගාන්ගේ පස්සෙන් එන්න ඇතිද ඒත් ඒ කිසිම කෙනෙක්ව ගානකට වත් නොගෙන යුගාන් ඉන්නේ තීනු නිසාමයි . ඒක ඉතිම් තීනු නොදන්න දෙයක් නෙමේ ඒත් මෝඩ තීනු යුගාන්ට කිව්වේ අතේ මාට්ටු වෙන තඩි පචයක් .

" මම කැත උනත් මොකද තමුසෙ තරම් කැත නෑනේ "

" ආර්හ් මූ යකෝ මම කැතයි නම් තෝ ලස්සන එකෙක් එක්ක යාලු වෙයන්කෝ මට වද දෙන්නේ "

" මම ආස කැතයොන්ට "

යුගාන් තමන්ගේ තොල් තද කරන් හිනාව කා ගෙන කියද්දි තීනු යුගාන්ගේ උඩ ඉදන් පහලට බැලුවේ යුගාන්ට රවන්න අමතක නොකර . වැලි කැටයක තරම් දෙයක් තිබ්බත් ඇති තීනුට නම් ඇවිස්සෙන්න . යුගානුත් ඉතිම් කොහොමත් කැමති තීනුව අව්ස්සන්න නිසා හැම වෙලාවෙම උනේ තීනුයි යුගානුයි මරා ගත්තු එක . කොච්චර මරා ගත්තත් ඉතිම් යුගාන්ට තීනු නැතුව නම් බැහැ . තීනුට උනත් යුගාන් එක්ක එල්ලෙන්නේ නැතුව හිටියොත් නිකන් කෑවේ නැහැ වගේ .

" තමුසෙ නම් මහ පකයෙක් ඕයි මට ඔච්චර ආදරෙයි නම් තෝ කොහොමද මගේ මූණ දිහා බලන් ඔහොම කතාවක් කිව්වේ "

" තීනු බබාට වැරදිලා මම මෙච්චර වෙලා බලන් හිටියේ තමුසෙගේ බිබික්කම දිහා "

යුගාන් එහෙම කියද්දි තීනු පට ගාලා තමන්ගේ අත් දෙකෙන් අදාල ස්ථානය වහ ගත්තා . තීනුට නම් යුගාන් එක්ක තරහයි . තමන්ගේ බිබික්කම තීනු පොඩි කාලේ අම්මට ඇරෙන්න වෙන කාටවත් පෙන්නලා තිබුනේ නැහැ එහෙම එකේ කලිසම අස්සේ තියෙන බිබික්කම දිහා ඇඹලයා වගේ යුගාන් බලන් ඉද්දි ඇද උඩ තිබුනේ කොට්ටේ අරන් තීනු යුගාන්ට හොද ශොට් එකක් දුන්නේ තීනු ගහපු පාරට යුගාන් ඇද උඩටම වැටෙද්දි .

" අර්හ් මොකද .. ඕයි.. ගහන්නේ .. ?? "

" මගේ බිබික්කම දිහා තෝ බැලුවේ මොකද කතා කරපන් අමනයා !! "

ඇදට වැටුනු යුගාන්ගේ ඇග උඩට පැනලා තීනු කොට්ටෙන් යුගාන් ගේ මූණට ගහන්න ගත්තා . තීනු එක දිගටම යුගාන්ට ගහ ගෙන ගහ ගෙන යන්න ගත්තු නිසා යුගාන් නම් හිටියේ හුස්ම හිර වෙන්න ඔන්න මෙන්න . ඒත් නිශ්ක්‍රීය වෙලා තිබුනු බිම් බෝම්බයක් සක්‍රීය කර ගත්තේ යුගාන්මනේ . යුගාන් කොච්චර සුනඛ කතා කිව්වත් තීනුට ඉවසන්නම බැරි යුගාන් වල් සරා වගේ වල්කම ප්‍රදර්ශනේ කරන එක .

ආයෙම යුගාන්ගේ මූණට හොද ශොට් එකක් දෙන්න තීනු කොට්ටේ උස්සලා ගද්දි  යුගාන් තීනුගේ අත් දෙකෙන්ම අල්ලලා තීනුව හිර කර ගත්තා . එහෙන්මම තීනුගේ අතේ තිබුනු කොට්ටෙත් උදුරලා අරන් පැත්තකට විසික් කරපු යුගාන් අනිත් පැත්තට තීනුව පෙරල ගත්තා . තීනුගේ මූණ නම් තරහින් රතු වෙලා තිබුනත් තීනුගෙන් හොද හැටි කොට්ට පාරවල් කාලා හිටපු යුගාන් නම් හිටියේ පිස්සෙක් වගේ .

" මොකද ඕයි හැම ලබ්බකටම ගහන්නේ "

" තෝ අනවසරයෙන් පෞද්ගලික දේපලක් දිහා බලන් හිටියා !! "

" අනේ තොගෙ බිබික්කම හරි ලොකු එකනේ  "

" මගේ බිබික්කම මට ලොකුයි තමා මිනිහෝ !! "

තීනු යුගාන්ගේ මූණට කෑ ගහද්දි යුගාන්ගේ මූණම නිකන් ඇඹරිලා වගේ ගියේ තීනුගේ කටේ සද්දෙට තමන්ගේ කන් බෙරේ පිපිරුනා වගේ ෆීලින්ග් එකක් ආපු නිසා . යුගාන් තමන්ගේ ගෙදරටම ඇවිල්ලා තමන්ගේ බිබික්කම දිහා බැලුව එකට තීනුට තරහ ගියත් තීනු යුගාන්ගේ ගෙදරටම ගිහින් යුගාන්ට සද්දේ දාපු හැටි නම් තීනුට අමතක වෙලා තිබුනා . තීනු ගහපු හැටියට යුගාන් නම් මේ වෙලාවේ හිටියේ තීනුගේ බිබික්කම ගලව ගෙන උස්සන් යන සයිස් එකෙන් .

" තොගෙ බිබික්කම මම හපනවා දැන ගනිම් !! "

" යකෝ මගේ බිබික්කමට පොඩි කාලේ අම්මා ගම්මිරිස් පිඹලා හැදුවේ තොට හපන්න දෙන්න නෙමේ !! අහකට පලයන් ගස් හූනා චික් චික් "

තීනු තමන්ගේ අත් දෙකෙන්ම යුගානව තල්ලු කරන්න හැදුවත් යුගාන්ව තල්ලු කරන එක නම් ලේසියෙන් තීනුට කර ගන්න බැරි උනා . තමන්ගේ දණ හිස නවලා තීනු යුගාන්ගේ පපුවට තද කරද්දි යුගාන් තීනුගේ කකුල අඹරලා වගේ පහලට තද කරේ තීනුගේ කටින් ඉබේටම වේදනාත්මක කෙදිරිල්ලක් පිට වෙද්දි . තීනු නිකන් දගලන්නේ යුගාන් හරියට තමන්ව රේප් කරන්න හැදුවා වගේ .

ඒක නිසාම යුගාන්ට තීනුව කන්ට්‍රෝල් කරන්න අමාරුයි මොකද පුකට කට්ටකින් ඇනලා වගේ තීනුගෙන් පා පහර වලුත් යුගාන්ට එල්ල වෙද්දි යුගාන්ට තීනුගේ මැරුනු ආච්චි සීයා පවා මතක් උනා . මේ ලෝකේ මෙච්චර කොල්ලෝ ඉද්දි යුගානුත් මොන කෙහෙල් ඇවරියකට මූවම සෙට් කර ගන්න මර කන දිහා අහස හිටපු දෙවියොත් බලන් හිටියේ සසර කලකිරිලා වගේ .

" හිටපන් අද තෝව මම නිර්වස්තර කරලා තොගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාද්‍යට මුදා හරිනවා !! "

එහෙම කියපු යුගාන් තීනු ඇදන් හිටපු කලිසම් කොටේ පහලට අදින කොට තීනු ලතෝනි තියන්න ගත්තා

" මම ජොකා ඇදලා නැහැ යකෝ !! නවත්තපන් මේ වේස වැඩේ !! "

" ජොකා නැති එක මටත් ලේසියි අද තමුසෙව මම අතාරින්නේ නැහැ "

යුගාන් දාගෙන තීනුගේ කලිසම ගලවන්න හදද්දි තීනු දාගෙන යුගාන් ගලවන්න හදන කලිසම අල්ලන් ඉන්න ෆුල් ට්‍රයි එක දෙනවා . ඒ අතරේ තීනුගේ අම්මා දවල් කෑමත් ලෑස්ති කරලා මන්දාරමීගේ අතේ යුගාන්ටයි තීනුටයි කන්න එන්න කියලා පණිවිඩේ එවලා තිබුනා . පහල ඉදන් සින්දුවකුත් මුමුණ මුමුණ උඩ පනිමින් ආපු මන්දාරමී තීනුගේ කාමරේට තට්ටු නොකරම ඇතුල් උනේ තීනු දොර ලොක් කරන්නේ නැති වග මන්දාරමී දැනන් හිටපු නිසා .

ඒත් කාමරේ ඇතුලට ආපු ගමන්ම යුගාන් තීනුගේ කලිසම ගලවන්න හදනවා දකිද්දි මන්දාරමීගේ ඇස් උඩ ගියා . එක පාරටම දොර ගාවින් මන්දාරමී මතු වෙද්දි තීනුගේ කලිසම ගලවන්න ෆුල් ට්‍රයි එක දීපු යුගාන් ගැරඩියා වගේ තීනුගෙන් අහකට උනා . මෙච්චර වෙලාවක් කලිසම ගලවන්න හදපු එකා එක පාරටම තමන්ගෙන් අහකට උනේ මොකද කියලා බලන්න බෙල්ල හරවලා තීනු බලද්දි තීනු දැක්කේ දොර ගාව ඉන්න තමන්ගේ නංගිව .

මන්දාරමීව දැක්ක හැටියෙම තීනු ඉද්ද ගැහුවා වගේ ඇදෙන් නැගිටලා යුගාන් ගාවින්ම හිට ගත්තා . මන්දාරමී නම් හිතුවේ වෙනම දෙයක් කොහොම නමුත් කෙල්ල හිටියේ නම් තමන් දැක්ක දේ විශ්වාස කර ගන්න බැරුව . යුගාන්  තීනු එක්ක ගිය වලියක් නිසා තීනුගේ කලිසම ගලවන්න හැදුවත් මන්දාරමී ඒක තේරුම් ගත්තේ වෙනස්ම විදිහකට . හැබැයි කෙල්ලගේ මූණ පුරා නම් තිබුනේ මහ ඇඹල හිනාවක් .

" ඕයි චූටි තමුසේ මොනවා හරි නරක් දෙයක් එහෙම දැක්කද ?? "

" ඔව් මම දැක්කා යුගාන් අයියා තමුසෙගේ කලිසම ගලවන්න හදනවා !! "

මන්දාරමී ගත්තු කටටම එහෙම කියද්දි තීනු ලග හිටපු යුගාන් දිහා බලලා රවන්න ගද්දි යුගාන් තමන්ගේ ඇසුත් රෝල් කරන ගමන් තමන්ගේ බෙල්ල පිටු පස පිරිමදින්න ගත්තා .

" අම්මට නම් කියන්න එපා ඕයි දැක්ක ඒවා තමුසෙට මම ආදරෙයි නේ !! "

" අනේ තොගේ නල්ල මලේ ආදරේ අනික දන්නේ නැද්ද ඔය වගේ කිචි කිචි වැඩ කරද්දි දොර ලොක් කර ගන්න !! යකෝ හොද වෙලාවට මුල් පියවරේ ඉද්දි දැක්කේ මැද අග වගේ දැක්කා නම් මට නූල් බදින්න වෙන්නේ "

මන්දාරමී වෙනම කුනුහරපයක් කියද්දි තීනු තමන්ගේ එක ඇහැක් පොඩි කරන් මන්දාරමී දිහා බැලුවේ මේකි මොන අප්‍රප්බ්‍රන්සයක්ද කියන්නේ කියලා තේරුම් ගන්න බැරුව . යුගාන්ට නම් මන්දාරමී කියන්නේ මොකක්ද කියලා හොදටම තේරුනු නිසා යුගාන් කිසිම දෙයක් නොකියා තමන්ගේ තොල් තද කර ගෙන පහල බලන් හිටියා . තීනු නම් නොපෙන්නුවට පණ බයේ හිටියේ මන්දාරමි පරණ තරහක් අල්ලලා උනු සීන් එක අම්මට කියයි කියලා .

එහෙම උනොත් තීනුට විතරක් නෙමේ යුගාන්ටත් නිවන් සුව තමා . ඒත් යුගාන් නම් හිටියේ තමන්ව ගහලා මැරුවත් කමක් නැහැ කියන සයිස් එකෙන් . කොහොමත් යුගාන් කියන්නේ ලේසියෙන් කාටවත්ම බය වෙන කෙනෙක් නෙමෙයිගේ . තීනුගේ අම්මගෙන් ගුටි කෑවත් යුගාන් නම් තීනුගේ පස්සෙන් එන එක මේ ආත්මෙට නම් නතර කරන්නේ නැහැ . හැබැයි තීනුගේ මූණ දැක්කම කියන්න පුලුවන් තීනු මේ වෙලාවේ ඉන්නේ අම්බානක බය වෙලා කියලා .

" මේ ඒක නෙමේ ඔයාලා යාලු වෙලා දැන් කොච්චර කල්ද ?? "

මන්දාරමී දොරට හේත්තු වෙන ගමන් ඇහුවා .

" තමුසෙට සයිකොද බං අපි යාලු වෙලා නැහැ !! "

" එහෙනම් මොන කෙහෙල් පුෂ්පෙකටද යුගාන් අයියා ඔහේගේ කලිසම ගලවන්න හැදුවේ !! "

ඔන්න ඒ පාර මන්දාරමී අපහු ප්‍රශ්නෙට නම් තීනුට කට උත්තරත් නැති උනා . අසවල් වැඩේ නොකෙරුවට මොකද මන්දාරමී හිතලා තිබුනේ මුන් දෙන්නා අසවල් වැඩේ කරන්න ගියා කියලා .

" මූ මගේ නිරුවත සමාජ ජාලා වල මුදා හැරලා සල්ලි හොයන්න හැදුවේ "

" අඩේ සිරාවටම යුගාන් අයියට පුදුම අයිඩියාස්නේ අප්පා එන්නේ කලින් කිව්වා නම් මම අපේ අයියා නාන වෙලාවක් බලලා හොරෙන් හොද ෆොටෝ ටිකක් අරන් දෙනවනේ එහෙම උනා නම් අද යුගාන් අයියත් ගොඩ මාත් ගොඩ "

යුගාන්ගේ බෙල්ලට ගැටේ දාන්න හිතන් තීනු අරහෙම එකක් කිව්වත් ඒක ගියේ වෙනම පැත්තකට . තමන්ගේ එකම නංගිත් යුගාන්ගේ පැත්තට කතා කරද්දි තීනුට ආවේ මරා ගෙන මැරෙන ෆීලින්ග් එකක් . යුගාන් ගෙදර ආපු දවසෙම හැම එකාටම සමනල් ගැටේ දාලා අල්ල ගත්තු නිසා ඒ හැම එකෙන්ම උනේ තීනු බැට කාපු එක . යුගාන්ට නම් මොකද යුගාන් නම් මන්දාරමී කියපු කතාවට යාන්තමින් හිනා වෙන්න ගත්තා .

" යකෝ උබ මගේ නංගිද "

" පිස්සුද මම තමුසෙගෙ නංගි නෙමේ අනික තමුසෙම අයියේ එක පාරක් මට කිව්වේ මාව හදා ගන්න ගත්තා කියලා එහෙම එකේ මම කොහොමද ඔයාගේ නංගි වෙන්නේ ?? "

මන්දාරමී ඉද කටුව ගහන්නෙත් හරිම වෙලාවට . තීනු කියපු දේවල් වලින්ම මන්දාරමී තීනුට අඩුවක් නැතුව හින්ට් ගහන්න ගත්තා .

" නංගි ඔයාට මාව විශ්වාසයිද "

යුගාන් මන්දාරමී දිහා බලන් අහද්දි මන්දාරමී ඔව් කියන්න වගේ ඔලුව වැනුවා . ඒ දිහා බලන් හිටපු තීනු තමන්ගේ ඇසුත් රෝල් කරන ගමන් අහක බලා ගත්තේ තරහින් .

" මමයි ඔයාගේ අයියයි පොඩි වලියක් දා ගත්තා ඒකයි මම එයාගේ කලිසම ගලවන්න හැදුවේ නැතුව වෙන මුකුත් නිසා නෙමෙ "

" ඔහ්හ් වලියක්ද අනේ මම හිතුවා ඔයාලා ඩික්සි ඩිඩින් කරන්න ගියා කියලා "

මන්දාරමී ඇගිලිත් පූට්ටු කරන් කියද්දි තීනු ලග තිබුනු මල් පෝච්චි මන්දාරමීගේ මූණට එවන්න උස්සද්දි යුගාන් තීනුගේ අතේ තිබුනු පෝච්චිය අරන් මේසේ උඩින් තියලා තීනුට රැව්වා . යුගාන් හරියට හැසිරෙන්නේ මන්දාරමී උගේ නංගි වගේ . ඒත් මන්දාරමීගේ අයියා උනු තීනු මෙතන හිටියේ පිට එකා වෙලා .

" එහෙම මුකුත් උනේ නැහැ කෙල්ලේ !! දැන් මොකද් ඔයා මේ තකහනියක් උඩට ආවේ "

තීනුගේ ලග හිටපු යුගාන් මන්දාරමී ගාවට ලං වෙන ගමන් ඇහුවා . තීනු නම් තමන්ගේ අත් දෙකත් හරහට බැදන් මේ මල කෝලම දිහා ඇස් හීනි කරන් බලන් හිටියා .

" අම්මා ඔයාලා දෙන්නට කන්න කතා කරන්න කිව්වා ඒකයි මම උඩට ආවේ "

" ම්ම්හ් හරි මමයි ඔයාගේ අයියයි පහලට කන්න එන්නම්කෝ දැන් හොද නංගි බබා වගේ ඔයා යන්න අපි එන්නම් "

" ම්හූක් හරී !! "

යුගාන් මන්දාරමීගේ ඔලුව අත ගාලා කියද්දි මන්දාරමී තොලුත් උල් කර ගෙන යුගාන් කියපු දේ ඇහුවා . මීට කලින් මලාට තීනු කියන දේ අහන්නේ නැති මන්දාරමී යුගාන් කියන සැනින් පහලට යද්දි තීනුගේ ඇසුත් ටොම්බා සයිස් උනේ යුගාන් ගෙදර උන්ට කොඩිවිනයක් වත් කලාදෝ කියලා තීනුගේ යටි හිතට හිතෙද්දි .

" තමුසෙ කොහොමද චූටිව අල්ල ගත්තේ "

" අහ්හ් ආදරෙන් කතා කරන්න පුරුදු වෙනවා නංගිට මුලින්ම . තමුසෙට නංගි කෙනෙක් ඉදලා වත් දන්නේ නැහැ ආදරෙන් බලා ගන්න මට නංගි කෙනෙක් හිටියා නම් මම ඇහේ තියන් පරිස්සම් කරන්නේ !! "

ඔව් අනිවාර්යයෙන්ම යුගාන් කිව්වා වගේ එයාට නංගි කෙනෙක් හිටියොත් යුගාන් හරි පරිස්සමෙන් තමන්ගේ නංගිව බලා ගන්නවා . තීනුට ලස්සන නංගි කෙනෙක් ඉදලා වත් තීනුට බැහැ නංගිව බලා ගන්න ඒත් නංගි කෙනෙක් නැති යුගාන්ට නම් මන්දාරමීව දැක්කම හරිම ලෝබයි . කෙල්ල කටකාර උනාට ආදරෙන් කිව්වම ඕනම දෙයක් කරනවා . නංගිලා ආසම අයියලා එක්ක රණ්ඩු වෙන්න කිව්වට උන් හරි ආසයි අයියගෙන් නොකියාම ලැබෙන ඒ ආදරේට ..

" පූෆ්ෆ් එනවා යන්න කන්න "

යුගාන් දැන් කියවන්න ගත්තොත් අනිවාර්යයෙන්ම නතර කරන්නේ තමන්ට බැනලා කියලා දන්න නිසා තීනුගේ යුගාන්ගේ අතින් ඇදන් කෙලින්ම ආවේ පහලට . තීනුගේ අම්මා කෑම සේරම කෑම මේසෙට යවලා වතුර වීදුරු වලට වතුර වත් කරන ගමන් හිටියා  . මන්දාරමී නම් දැනට මත් මේසෙන් වාඩි වෙලා වැඩ පටන් අර ගෙන තිබුනේ . අතත් හෝද ගෙන යුගානුයි තීනුයි කෑම මේසෙන් වාඩි වෙද්දි යුගාන් ලග ඉන්න මන්දාරමීගේ කොණ්ඩේ යාන්තමින් ඇවිස්සුවා .

මන්දාරමීත් දත් තිස් දෙකම දාලා යුගාන් එක්ක හිනා වෙද්දි කෑම මෙසේ යුගාන්ගේ ඉස්සරහින් වාඩි වෙලා හිටපු තීනු තමන්ගේ කටත් ඉරක් කරන් මේ දිහා බලන් හිටියා . තීනු නම් ඉරිසියාවේ පැලෙනවා . තීනුගේ අම්මත් යුගාන්ට බත් බෙදලා සේරම අතට පයට ගෙනත් දෙද්දි තීනු බත් එක්ක කන්න ගත්තේ මූණත් පුස් කර ගෙන . තීනුගේ මූණ දැක්කම හිනා යන්න ආවත් යුගාන් හිනාව තද කර ගෙනම බත් එක කන්න ගත්තා .

" යුගාන් පුතා තව චිකන් කෑල්ලක් දාන්නද "

" අනේ එපා ඇන්ටි පිගානේ චිකන් පිරිලා "

තීනුගේ අම්මා යුගාන්ගේ ඔලුවත් අත ගාන්න ගද්දි තීනු වවුල් ඇහැ දාලා මේ දිහා බලන් හිටියා .

" අම්මේ මටත් චිකන් කෑල්ලක් දාන්න "

" උබේ පිගානේ තියෙන එක කාලා හිටපන් ඔක්කෝටම කලින් "

තීනු තරහටම චිකන් කෑල්ලක් ඉල්ලුවත් තීනුගේ අම්මා තීනුට බැන්නේ පිගාන පිරෙන්න චිකන් දාගෙනත් මූ තවත් චිකන් ඉල්ලන නිසා . යුගාන් ඉස්සරහම තීනු අම්මගෙන් බැනුම් අහපු නිසා තීනුට ඇත්තටම ලොකු ලැජ්ජාවක් දැනුනා . යුගානුයි මන්දාරමියි දැනට මත් තීනුට තොල් තද කරන් හිනා වෙන නිසා තීනු බත් එක කන්න ගත්තේ යකා වැහිලා වගේ .

" මොකද බං මේ කන විදිහ උබේ බඩේ හිගන්නුද කෑම දැකලා නැති එකෙක් වගේනේ බං උබ කන්නේ !! හිමින් කාපන් උබට හිර උනොත් එහෙම මේ අස්සේ උබවත් උස්සන් මට ඉස්පිරිතාල අස්සේ දුවන්න වෙයි "

තීනුගේ අම්මා අතේ තිබුනු හැන්දෙන්ම තීනුගේ ඔලුවට පාරක් ගහලා කියද්දි තීනු අම්මටත් විරිත්ත විරිත්ත බත් එක කන්න ගත්තා . දවල් කෑම කන කල්ම ඉතිම් කෑම මේසේ පුරාවටම තිබුනේ ඔය වගේ එක එක විකාර වැඩ . හැබැයි අද යුගාන් නම් හිටියේ ගොඩක් සතුටින් . තීනුත් එක්ක මේ වගේ කවදාවත් යුගාන්ට ඉන්න හම්බ වෙලා නම් නැහැ ඉතිම් එහෙම එකේ යුගාන් සතුටු නොවී කොහොමද ?

දවල් කෑමෙන් පස්සේ හවස් වෙනකල්ම මන්දාරමියි යුගානුයි කලේ තීනුව බයිට් කර කර හිටපු එක . ඒ ටිකට ඉතිම් ඒ තරම් මන්දාරමියි යුගානුයි ෆිට් උනා . තීනු නම් යුගාන් යන කල් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ මන්දාරමීට රිටන් එක දෙන්න බලන් . හැබැයි කෙල්ල නම් හිටියේ කිසිම බයක් නැතුව මොකද තීනු තමන්ට එක පාරක් හරි ගැහුවොත් ඒ ගැන කියන්න කියලා යුගාන් මන්දාරමීට කිව්ව නිසා මන්දාරමී තීනුව නම් සතේකට මායින් නොකර හෙන ගැම්මෙන් හිටියා .

හැන්දෑ වරුව ලං වෙද්දි යුගාන්ගේ අම්මත් කෝල් කර කර ඉන්න දිහාවකින් ගෙදර එන්න කියලා කෑ ගහද්දි යුගාන් තීනුගේ අම්මට වැදලා නංගිවත් හුරතල් කරලා තීනුත් එක්කම මිදුලට බැස්සා . තීනු නම් ආවේ යුගාන්ව යවා ගන්න ඕනේ කමට උනත් තීනුත් මිදුලට ආපු එකට යුගාන්ගේ හිත සතුටු උනා . තීනු ගේට්ටුව සම්පූර්ණයෙන්ම අරිද්දි යුගාන් හෙල්මට් එකත් දාගෙන බයික් එක ස්ටාර්ට් කරලා ගේට්ටුව ගාව හිටපු තීනු ගාවින් බයික් එක නතර කලා .

" මම ගිහින් එන්නම් !! පරිස්සමෙන් ඉන්නවා "

" ම්හ් තමුසෙත් පරිස්සමෙන් යනවා !! "

තීනු අහක බලා ගෙනම කියද්දි බයික් හැන්ඩ්ල් එකේ තිබුනු එක අතකින් යුගාන් තීනුගේ අතක් අල්ල ගත්තා .

" තමුසෙ මට කොච්චර අකමැති උනත් තමුසෙ ඒ අකමැති තරමටත් වඩා මම තමුසෙට ගොඩක් ආදරෙයි !! අනිත් උන් වගේ අච්චරක් මෙච්චරක් ආදරෙයි කියලා මට කියන්න තේරෙන්නේ නැහැ බං !! ඒත් මම දන්නේ මම තමුසෙට පැලෙන්න ආදරෙයි කියලා විතරයි !! "

යුගාන් තීනුගේ ඇස් දිහා බලාගෙන කිව්වත් හෙල්මට් එක නිසා තීනුට යුගාන්ගේ මූණ පෙනුනේ නැහැ . ඒත් යුගාන්ගේ වචන නිසාම තීනුගේ පපුවට ලොකු බරක් දැනුනා . යුගාන් තමන්ට මෙච්චර ආදරේ කරලත් තමන් ඒ ආදරේට වටිනාකමක් නොදී කරන්නේ වැරැද්දක්ද කියලා තීනුට නොහිතුනාමත් නෙමෙයි . ඒත් යුගාන්ට ආදරේ කරන්න තරම් යුගාන් ගැන තීනුට හැගීමක් නම් දැනුනේ නැහැ .

" බායි !! පරක්කු නොවී ගෙදර යන්න අම්මා බලන් ඇති "

" හ්ම් " 

තීනුගෙන් සෑහෙන්න පුලුවන් පිලිතුරක් නොලැබුනු නිසාම යුගාන්ගෙන් කෙටි මිමිණිල්ලක් පිට උනා . තීනුගේ අත අතෑරපු යුගාන් ආයෙම බයික් එක ස්ටාට් කරලා පාරට දාද්දි තීනු ගේට්ටුව ගාව ඉදන් යුගාන් යන දිහා බලන් හිටියා . තීනුගේ හිතට හොදක් නම් දැනුනේ නැහැ . යුගාන් තමන් එක්ක අඩුම ගානේ එල්ලෙන්නෙවත් නැතුව යද්දි තීනුට තේරුනා යුගාන්ට තමන් නිසා අව්ල් ගියා කියලා ඒත් තීනුට කියලා කරන්න දේකුත් තිබුනේ නැහැ . සුසුමක් පහත හෙලුව තීනුත් ආයෙම ගෙට ගොඩ උනේ නොසන්සුන් බවකින් ...






To be continue

_________________________________________

අද කොටස කොහොමද

ඉස්සරහට නම් update මට දිගටම දෙන්න බැරි වෙයි slow updates විදිහට තමා දෙන්න වෙන්නේ ඉතිම්

හේහේ

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

53.8K 652 28
Vivian Fisher was the nicest girl you could ever meet. Everyone loved her, but this summer was different. She got quiet, stayed in her room all the t...
34.9K 799 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
9.9K 1.5K 8
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...