මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

By eistrella

37.5K 4.3K 2.1K

" ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්ක... More

#හැදින්වීම
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස

12 කොටස

1.6K 206 96
By eistrella

" අඩෝ සෞම්‍ය අයියේ වරෙන් පොල් අත්තක් වියපන්.."

මං මහ පගයගෙ අස්සෙ ඉදන් ගොම්බිලියා දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉදිද්දි පොල් අත්ත විය විය හිටිය කවීන් අයියා ගොම්බිලියට එහෙම කිව්වා.. යකෝ පොල් අතු නෙවෙයි සිරාවටම මූව එකපාරටම දැක්කාම මං උඩ විසිවුණා..! ඇයි ඉතින් ඉස්සෙල්ලා මං අරම කියල තියෙන්නෙ ගොම්බිලියටනෙ.. හැබැයි ඌ මුකුත් කිව්වෙ නම් නෑ..

" මට උබලට වගේ වියන ඒවා නම් බෑ බන්.."

ගොම්බිලියා හිනා වෙවීම එහෙම කිව්වෙ..

" අඩෝ බොරුව එපා බන්.. උබලත් මේවා කරන්න ඇතිනෙ..! "

කවීන් අයියත් දැන් පොල් අත්ත පැත්තකට දාලා අරූ එක්ක කතාව.. යකෝ ඕක වියපන්..!! ගොම්බිලියො එක්ක කතා ඕන්නෑ..

" මූට ඊට වඩා වැඩ තිබ්බ බං කරන්න ඒ දවස්වල.. "

අපේ මහ පගයා අරූට කින්ඩියක් දැම්මෙ.. ඒ මොකක්ද ඒ සීන් එක..

" හම්මට ඔව් නෙ.. මට දැන් මතක් උනේ..!! "

කවීන් අයියා එහෙම කියලා හිනාවෙන්න ගනිද්දී ගොම්බිලියා 'අඩෝ එහෙම නෑ බං' කිව්වා..

" ඒ උබ නේ දැන් කරාතෙ ප්‍රැක්ටිස් කරන්නෙ..? "

මහ පගයා එකපාරටම මතක් වෙලා වගේ එහෙම ඇහුවම ගොම්බිලියා මගේ දිහා බැලුවා..

" ඔව් බං.. සෙන්සෙ ටික කාලෙකට බාරදුන්නා.."

යැයි යැයි තමයි.. කිව්ව හැටි.. ඉදපන්කො ගෙදර ගිහින් මූගෙ ගැන මහ පගයට කියන්න ඕන..

" මේ මූව අදුරනවා ඇති එහෙනම්.. "

කවීන් අයියා අත දික්කරලා මාව පෙන්නද්දි මං ඌට රැව්ව එකසියගානට..

" ඔව් අගසස් නෙ.. "

" අගසස්..!? අගසස් නෙවෙයි බං අගහිස්.. "

අනේ උට්ටො..!!!!!!!! මොන ලැජ්ජාවක්ද මේ.. ගොම්බිලියත් හිනා උනා.. අපෙ අයියා දිහා බැලුවම ඌත් හිනාවෙනෝ.. මං එහෙන්මම වියලා තිබ්බ පොල් අත්තක් අරන් අර කවීන් පගරයට දමල ගැහුවා.. මුන් ඔක්කොම එකයි බලන් ගියාම.. වැඩක් නෑ කතා කරලා.. හොද වෙලාවට නිසිනුවයි සුභාෂයයි ටිකක් එහාට වෙලා පොල් අත්තක් වියනෝ.. නැත්තන් ඕකුන් හැක හැක ගාලා මගේ රෙදිත් ලෙප්ට් වෙන්න තිබ්බා..!

" ඕයි අමාරුවෙන් ඕක විව්වෙ..!!! උබ වියල වගේ හරියට.."

මං පොල් අත්තෙන් ගැහුවාම කවීන් පරයා ඉදගෙනම කෑගහනෝ..! අනේ උගේ ග්‍රැනීගෙ ක්ලෝත් එක..!! ඕන්නෑ ඕකුන් එක්කවත් කතාවක්..

" ඒ ඒ කොහෙද යන්නෙ..! "

මං ඇහුන්නෑ වගේ යන්න හැදුවෙ නිසිනු බේසිකයා ගාවට.. කොහෙද මහ පගයා යන්න දුන්නෙ නෑනේ.. ඌ හිතන් ඉන්නෙ මං යන යන තැන එක වැඩේ දෙක කරනෝ කියලා..! මං ඌටත් ඔරවලා අහක බලාගත්තා.. මට පේනෝ ඇස් කොනින් ගොම්බිලියත් බලන් ඉන්නෝ..

" මේ විහස් මල්ලිගෙ_ "

" අඩෝ අයියෙ උබ මොකෝ මෙහේ..!? "

ගොම්බිලියා මොකක් හරි කියන්න හදනකොටම අර සෙහදු බේසිකයා කෑ ගහගෙන ඇවිත් ගොම්බිලියගෙ පිටට ගැහුවා.. මොකක්ද යකෝ මෙතන වෙන්නෙ..!!? මුන් ඔක්කොම ගොම්බිලියා අදුරනෝ වගේනෙ..

" දන්න කියන උන් ටිකක් ඉන්නො දැකලා ආවෙ බං සප් එකක් දෙන්න කියලා.. "

" හා හා.. අඩෝ අන්න OB එකේ උන් කෑම ගෙන්නුවා.. ලන්ච් එක ගමු දැන් දෙකට කිට්ටුයි.. "

සන්ලයිට් බේසිකයා ආපහු ගොම්බිලියගෙ පිටටත් තට්ටුවක් දාගෙන අපිට එහෙම කියලා ගියා නිසිනුලා පොල් අතු වියන තැනට..

" ඕයි ඉක්මන් කරපන් යකෝ..! ඔහොම වැනි වැනි හිටියොත් එලි වෙයි පොල් අත්ත වියලා ඉවරවෙද්දි.. "

ඔය දැක්කනෙ..! ඌට පුදුම ගායක් තියෙන්නේ නිසිනු දැක්කාම.. දැන් ඇති වැඩකටම බේසිකයා ගිහින් ඌට කෑගැහුවෙ.. මට පේනෝ ඊට පස්සෙ නිසිනුවා අරූට ඔරවගෙන පොල් කොළ අස්සෙන් දදා පොල් අත්ත වියනෝ.. අම්බානෙක කුණුහරුප පලනවා ඇති දැන් ඌ හිතින්..

" අඩෝ වීබී..!! වරෙන්කෝ පොඩ්ඩක්.. "

ඊට පස්සෙ මොකාද..! හැරිලා බලද්දී මිහින් බොසා තමයි කතා කරලා තියෙන්නේ.. සත්රූ අයියයි ඌත් එක්ක අර එක දවසක් ආව පොරයිත් ඉන්නෝ හබරල කොල වගයක් උස්සන්.. තඩි හබරල කොල.. යකෝ මොකටද ඒවා..

" මුට කොහෙවත් යන්න දෙන්නෙපා..! "

මොන මගුලක්ද යකෝ මේ..!!!!!!!!

" නෑ නෑ එක්කො උබත් වරෙන්.. උබ මෙතන හිටියොත් කවීන්ට පොල් අත්ත වියන්න වෙන්නෑ.. "

මහ පගයා මාව අර කවීන් බල්ලා ගාවින් තියන්න හදලත් ආයෙ මාවත් ඇදගෙන මිහින් අයියලා ගාවට ගියා.. පාඩුවේ ඉන්න දීපාආආන් යකෝ මට..!!!

" මේ මොකෝ..? මරන්න ගෙනියන හරකෙක් වගේ.. "

සත්රූ අයියා හිනාවෙවී ඇහුවේ.. හරකා..? මං නෙවෙයි ඕයි උබලගෙ හෙඩා තමයි එල හරකා..

" මූව කොහෙවත් තනියම තියන්නවත් බයයි ඕයි.. විනාඩියක් එහෙ මෙහෙ උන ගමන් එක වැඩේ දෙක කරලා තියයි.. "

මහ පගයා කිව්ව එකට අර සත්රූ පරයයි උගේ යාලු පරයයි හිනාවුනා.. මිහින් අයියා නම් මුකුත් කිව්වෙ නෑ.. ඌ හොද කොල්ලා..

" මේ අන්න උබලගෙ කෑම ටික මං අරන් තිබ්බා.. ඇවිත් කාපන්.. තව මෙන්න හබරල කොල ටික හරි.. උණ බටත් ගෙනල්ලා.. "

" එල.. ඕයි සන්ලයිට්..! පොඩි උන් එක්ක වරෙන් කන්න යන්න.. සෞම්‍ය අයියෙ වරෙන්.. තසිමා උබත් වරෙන්.. "

මහ පගයා කෑගහලා කිව්වම කවීන් පගරයත් පොල් අත්ත පැත්තකට කරලා නැගිට්ටා.. උට තමයි තසිමා කියන්නෙ.. මහ හුකන නම් ටිකක් තියෙන්නෙ ඔය අහවල් මණ්ඩලේ උන්ට.. මොන හේතුවක් නිසා හැදුණු ඒවද කියන්න මං දන්නෑ ඉතින්.. උන්ම තමයි ඒවගෙන් කතා කරගන්නෙ.. අපි එහෙම නම් වලින් කතා කරනො අඩුයිනෙ..

" මල්ලි ඕවා ටික ස්ටේජ් එකේ කොනකින් තියලා වරෙන්.. කාලා ඉවරවෙලා පොඩ්ඩක් ඒ වැඩේ බලපන්.. "

මිහින් අයිය කිව්වම සත්රූ අයියයි උගේ යාලුවයි හබරල කොල ටික උස්සන් ගියා ග්‍රවුන්ඩ් එක මැද්දෙ හදපු ස්ටේජ් එක පැත්තට.. උන් ඒවා තියල ආවම අනිත් උනුත් එක්ක අපි ගියා සයන්ස් සෙක්ෂන් එකට.. කොනේම තිබ්බ මැත්ස් ක්ලාස් එකේ මොකෙක්වත් නෑ.. ඉතින් මිහින් බොසා දුන්න කෑමත් අරන් අපි පුටු ඇදන් වාඩිවුනා.. මං මහපගයා ගාවට වෙලාම හිටියා ඉතින්.. කෑම එකේ මං කන්නෙ නැති ඒවා ඌට පාස් කරන්න එපැයි..

" අඩෝ වීබී අර බලපන්කො.. "

ගීත් අයියා කෑගහලා කිව්වම මාත් බැලුවා ඒ පැත්ත.. සයන්ස් සෙක්ෂන් එක ඉස්සරහා තියෙනො හරි අමුතු හැඩයකට හදපු අර වාඩිවෙලා වැඩක් කරන්න පුලුවන් වෙන්න වගේ තියෙන එකක්.. එතන සත්රූ අයියලා ඉන්නො පේනො.. තව උන් ටිකක් ඉන්නො.. ඒ උන්ගෙ වයසෙම එවුන්ද කොහෙද.. ඉතින් මට මොකක්වත් විශේෂත්වයක් පේන්නෑනෙ එතන.. පිස්සුද කොහෙද මුට..

" ඉතින්..!? "

" ඉතින් කියන්නෙ_ අඩෝ අර බලපන් හුත්තො..!!!!! "

ගීත් අයියා මොකක් හරි කියන්න යද්දිම කවීන් අයියා කෑගැහුව පාර අපි ආයෙ ඒ පැත්ත බැලුවා.. අම්මටසිරි දැන්නෙ දැක්කෙ.. ආවින් බොසා ඉන්නො.. ඌ අපේ පාරෙ.. පොර හිනාවෙනෝ මං දැකලම නෑ.. දත් නැද්ද කොහෙද උට.. ඒකනෙ හිනාවෙන්න බැරි.. ඔරවගෙනම වගේ ඉන්නෙ.. නෝ කතා නෝ හිනා සීන් ඌ.. හැබැයි මාත් එක්කනම් ඌ හිනාවෙලා තියෙනො.. ඔව් ඉතින් මං වගේ පිං කදක් දැක්කම එහෙම ඔරවන්න පුලුවන්ද අනේ..!?

" අර ආවින් අයියනෙ.. "

මං එහෙම කියාගෙන මහ පගයලයි පැත්තට හැරුණම උන් ඉන්නො හෙන ගහලා වගේ බලාගෙන.. ඔච්චර මොකක්ද යකෝ බලන්න තියෙන්නෙ එතන..?? සෙහදු බේසිකයගෙ කටත් ඇරිලද කොහෙද.. මං ඒක නිසිනුවට පෙන්නුවම ඌ දඩිබිඩි ගාලා මොකක් හරි දැම්මා බේසිකයගෙ කට ඇතුළට.. අඩෝ මිරිස් කෑල්ලක්ද කොහෙද.. ඌට ඒත් ගානක් නෑ අර සත්රූ අයියලා දිහා බලන් ඉන්නෙ.. මං ආයෙත් බැලුවා ඒ පැත්ත.. මුන් මෙච්චර මොකක්ද දන්නෑනෙ බලන්නෙ..

" ටහික්කෙන්න_ අර අර.. "

කවීන් පකා මැරෙන්න හදනො.. කේලම් නිකිතයගෙ හුස්ම හිරවෙලා වගේ.. මිහින් අයියනම් පාඩුවේ කනෝ.. ඌට අදාළ නෑ වගේ..

" යම්කිසි දෙයක් සිද්ධ වෙනෝ වගේද බං..!? "

" නෑ නෑ පිස්සුද ඕයි.. සුභවාදීව හිතපන්.. "

මුන් කියන මෙලෝ පකක් මටනම් තේරුන්නෑ.. මං ඒ නිසා අරුන් දිහා බලන් හිටියා.. ආවින් අයියා සුදු පාට කැප් එකකුත් දාගෙන ඉන්නෙ.. ඌ ෆෝන් එක ඔබනො හිටු කියලා.. සත්රූ අයියා කෑම එකෙන් මොනවද තෝර තෝර අර යකාට කවන්න හදනො.. ඌ කන්නෑ ඔලුව එහාට මෙහාට කරනො.. ඒ පාර සත්රූ අයියා බලෙන් එබුවා මොනවහරි අරූගෙ කටේ.. අර සත්රූ අයියගෙ අනිත් යාලු පරයත් මොනවද තෝර තෝර සත්රූ අයියගෙ කෑම එකට දානො අරූට කවපන් කියන්න වගේ.. මොන හුයන්නක්ද යකෝ එතන වෙන්නෙ..!?

" අම්මට හු_ ස්ස්ස්.. ස්ස්ස්.. "

හැමෝම අර තුන්කට්ටුව දිහා බලන් ඉදිද්දිම එකපාරටම මෙහෙන් බේසිකයා කෑගහලා පිබින්න ගත්තා.. අඩෝ දැන්ද උට මිරිස් කෑල්ල හැපිලා තියෙන්නෙ.. මං නිසිනුවා දිහා බැලුවාම ඌ ඉන්නෝ බත් එකේ ඔලුව ඔබන් ඌ මුකුත්ම කරේ නෑ වගේ.. 

" මොකද යකෝ පිබින්නෙ..!!? "

" ස්ස්ස්.. වතුර.. ස්ස් ගනින්..ස්ස් ඉක්මනට..! "

ගීත් අයියා කටත් මොකක්ද කරන් අහද්දි බේසිකයා සූස් සූස් ගගා වතුර බෝතලේ ඉල්ලගෙන ඉදුල් අතේ අත් ගොබටයි ඇගටයි හිර කරන් අනිත් අතෙන් මූඩිය ඇරගෙන බීගෙන බීගෙන ගියා.. පව් වැඩේ හැබැයි..

" බලහන්කෝ තෝ නිසා අවදානෙත් බිදුනා..! "

නිකිත අයියා කෑගැහුවම බේසිකයා ඉන්නො මූණත් මොකක්ද කරගෙන.. ඌට කදුළුත් පැනලා.. පව් හැබැයි පොර.. ඌට උනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරිද කොහෙද..

" ප්‍රශ්නයක්ද..!? "

බුදාම්මෝ යකෝ..!!!!! සත්රූ අයියා එකපාරටම අපි හිටිය ක්ලාස් එකට ඔලුව දාලා ඇහුවෙ.. දැක්කෙවත් නෑ ඌ එනෝ.. බේසිකයා කෑගහපු සද්දෙ මොකක්ද බලන්න වෙන්නැති ආවෙ.. මං මහ පගයා දිහා බැලුවම ඌ පාඩුවේ කෑම එක කනෝ.. එකෙක්වත් උත්තර දුන්නෑ සත්රූ අයියා අහපු එකට.. මුන් නිකන් දාහට අරන් සීයට දුන්නා වගේනෙ යකෝ ඉන්නෙ..

" මං දැක්කා උබලා බලන් ඉන්නොත්.. "

මං ක්ශනිකව හැරුණා මුන්ගෙ පැත්තට.. අඩෝ සත්රූ අයියලා දැකලා යකෝ කටවලුත් ඇරන් මුන් ඒ පැත්ත බලන් ඉන්නො.. සැක් ලැජ්ජාවෙ පන යනෝ.. මාත් බැලුවනෙ.. අවුලක් නෑ මුන් වගේ බලන් හිටියෙ නෑනෙ මං..!

" ඇයි උබ විජ්ජුලතාද උබ දිහා බලන්න..?? "

" නෑ මේඝලතා..! "

කවීන් අයියා කියපු එකට සත්රූ අයියා මෙහෙම කියලා කට කොනකට හිනා උනා.. ඌ යකෝ..!!!! අන්න ඒකටනම් මහ පගයට හිර උනත් එක්ක.. ඒ විනාඩියට මං පියෑඹුවේ සීගිරියේ චිත්‍ර ලගට.. සැක්.. ගලේ ඇදපු උඩුකය නිරුවත් විජ්ජුලතා දිහා බලලා මේඝලතා දිහා බැලුවාම සත්රූ අයියා මේඝලතා විදියට මැවිලත් පෙනුණා මල් ටිකකුත් අරන් ඉන්නො.. ඊව් යකෝ.. මොන විලි ලැජ්ජාවක්ද ඒ..!

" මල්ලි උබ කාලා ඉවරවෙලා වරෙන්.. අර කොල ටික උණ පතුරු වලට සෙට් කරන්න ඕනි.. "

සත්රූ අයියා මං දිහා බලන් එහෙම කියාගෙන ගියා.. අර හබරල කොල වෙන්නැති ඔය සෙට් කරන්නෙ.. දන්නෙත් නෑ මොකක්ද කියලා මංනම්.. ඕන පකක්.. ඌ කියල දෙයිනෙ.. මං ආයෙ කෑම එක ගත්තා කන්න.. මේ පකයො නිසා කන්න උනෙත් නෑ රෙද්ද..

" අයියෙ මේකට කූනිස්සො දාලනෙ.. "

මං කෑම එකේ තිබ්බ චිලිපේස්ට් එක පෙන්නන ගමන් මහ පගයට කිව්වෙ.. ඊටපස්සෙ ඌ ඒ ටික අරන් උගේ කෑම එකට දාගත්තා.. මං ඉතින් කූනිස්සො එහෙම කන්නෑනේ.. ඇලජික් එහෙම නෙවෙයි.. අර ඒ රස අප්පිරියයි..

" පුදුම කැටයම්නෙ මුගෙත් තියෙන්නේ.. "

අපි දිහා බලන් හිටිය කේලම් නිකිතයා එහෙම කිව්වම මං ඌව මරන් කන බැල්මක් දැම්මෙ.. ඕන්නැති හත්තිලව්වක් නෑ ඌට.. පාඩුවේ කන්නැතුව රෙද්දක් කියවනෝ.. අඩෝ මේ කේලම් නිකිතයටත් කාඩ් එකක් තියෙනවා.. මට මීටර් නෑ මොකක්ද කියලා.. කොහොමහරි ඌට කියන ඒ නම ඒතරම් භාවිත වෙන්නෑ..

කොහොමහරි කාලා බීලා මං සත්රූ අයියව හොයාගෙන ගියා.. යන්න කලින් මහ පගයා දහසැරයක් විතර කිව්වා මට විනාශකාරී විදියට හැසිරෙන්නැතුව ඉන්න කියලා.. අනේ රෙද්ද.. ඌ හිතන් ඉන්නෙ මන් පරමාණු බෝම්බයක් කියලද දන්නෑ..!

මං යද්දී සත්රූ අයියා උණ බටයක් පතුරු වලට පලනො උගෙ අර කෑලි දෙකට අම්බානෙට අමතන ගමන්..

" නිසල් ඕක හරියට පලපන් යකෝ..! ආවින් උබ එක්කො ඔය උණ බටේ විසිකරපන් නැත්තන් ඔය ෆෝන් එක පැත්‍තකට දාපන් මගුල.. ඔබනෝ ඔබනෝ ඉවරයක් නෑ..!! යකෝ නිසල් බලපන් ඕයි මේ උණ පතුරෙ සයිස් එක.. ඉරටු වගේ.. මීට වඩා මහතට පලපන් හුත්තො..!!! "

අම්මටසිරි එතකොට උගෙ අර අනිත් යාලු පරයගෙ නම නිසල් ද..!? නම ටිකක් අහල පුරුදුයි.. හැබැයි මට වැඩිය මීටර් නෑ..

" අනේ බොලත් එක්ක කරන්න බෑ මගුල.. පලයන් යන්න දෙන්නම.. මං තනියම කරගන්නම්.. "

සත්රූ අයියා මන්න පිහියත් දික් කරලා කෑගැහුවම ආවින් අයියයි අර නිසල් කියන පොරයි කියන පමාවට උණ බටේ දාලා යන්න හැරුනා..

" ඕයි ඕයි..! කොහෙද ඒ පාර යන්නෙ..!!? "

ආවින් අයියල යන්න හදනෝ දැකපු සත්රූ අයියා ආයෙ කෑගැහුවා.. මූට පුදුම කටක්නෙ යකෝ තියෙන්නේ..!

"යකෝ කටවහන් හිටපන් හුත්තො..! කනක් ඇහෙන්න නෑ ඝන්ටාර ගහනෝ ආපු වෙලේ ඉදන්..!! "

දෙයියනේ දෙයියනේ..! පැත්කට වෙලා උණ බටයක් සුද්ද කර කර හිටපු සත්රූ අයියලගෙම වයසෙ එකෙක්ද කොහෙද සත්රූ අයියට එහෙම කිව්වම සත්රූ අයියා ඌ දිහා මාරාවේස වෙලා වගේ බැලුවේ..

" තමුසෙට අදාළ නෑනේ පාඩුවේ ඉදපන්..! "

අර කොල්ලටත් ඌ කෑගැහුවා මන්නෙ දික්කරලා.. මූට අම්බානෙක මල පැනලා ඉන්නෙ මං හිතන්නේ ඔය උණ බට පලාගන්න බැරුව.. ඒ අස්සෙ ආවින් අයියත් බලාගෙන ඉන්නො හූම් සද්දයක් නැතුව.. ඌ දැන් දැක්කෙ මං ඇවිත් ඉන්නෝ කියලා.. මාත් එක්ක ලාවට හිනාවුනා.. අන්න දැක්කනෙ.. මං කිව්වෙ ඌ මාත් එක්ක හිනාවෙනෝ වෙන කාට එරෙව්වත් කියලා.. මාත් ආවින් අයියට ලස්සන හිනාවක් දුන්නා.. වසී වෙන්නත් ඇති මගේ හිනාවට.. පිං පාට සහිරුගෙ පිං පාට හිනාව දැක්කාම කාට උනත් ප්‍රියමනාපයිනෙ.. කාටද ඉතින් ආඩම්බර.. අපේ මුලු පවුලටම ආඩම්බරයක් මං..

" මේ මල්ලි..! ඔතන බලන් ඉන්නැතුව ඇවිත් මේ උණ බට ටික පලන්න උදව් කරපන්.. "

අර නිසල් කියන පොර මට කතා කරාම මං ගියා ඉතින්.. ගියාට මං දන්නෙත් නෑ හැබැයි ඕවා පලන්න..

" පරිස්සමට අල්ලපන් මල්ලි.. නැත්නම් ඕවට අත කැපෙයි.. "

හෙන ගේමක් දීලා මං සත්රූ අයියා එක්ක උණ බට ටිකක් පැලුවා.. මංම ඉන්න ඕනි ඉතින් වැඩක් හරියට කරන්න..! සහිරු ගැම්මක් තමයි..!!! අර උගෙ කෑලි දෙක හිටියා උන්ට බටයක්වත් පලාගන්න පුලුවන්ද බලාම්කො.. එහෙම එකේ අනිත් පලන ඒවා ගැන කවර කතාදනෙ.. ඊව් ඊව් ඩබල් මීනින්ග් එපා හරිතෙ..!!!!!!!!!!

මහ පගයටත් කියන්න ඕනි මං උණ බට පැලුවා කියලා.. ඌ හිතන් ඉන්නෙ මං අත ගහන හැම වැඩක්ම දෙල් කරගන්නො කියලනෙ.. මං ගැන හෙන ආඩම්බරයි මට.. ඒ ගැම්මෙන්ම මං තව උණ බටයක් ගත්තා පලන්න..

" උදව්වක් ඕනද..!? "

ගොම්බිලි කටහඩක් මගේ පිටිපස්සෙන්..! මොන මගුලක්ද යකෝ මේ..!! පටස් ගාලා හැරුනා මං.. මං හිතුවා හරි.. ගොම්බිලියා ඉන්නෝ මගේ පිටිපස්සෙන් හිටගෙන අතුත් බැදන්.. හද්ද අමාරුවෙන් උණ බට පැලුවට පස්සෙ උදව් ඕනිද අහන්න..!? අනෙ පලයන් බං යන්න කියලා කියලා කියන්න තිබ්බා එතකොටත් ඌ ගිහින් කරන්න ඕනි මොකක්ද කියලා සත්රූ අයියගෙන් ඇහුවෙ නැත්නම්..

" සහිරු මල්ලී.. වරෙන්කෝ පොඩ්ඩක්.."

සත්රූ අයියා මට කතා කරා.. මොන උට්ටකටද දන්නෑ ඒපාර එන්න කියන්නෙ.. අර පකා මොනා කිව්වද දන්නෑ ගිහින්.. මාත් පිහියයි උන බටෙයි පැත්තකට කරලා නැගිටලා ගියා උන් ඉන්න තැනට..

" ඒ බං අර ටික සෙට් කරන්න මේ අයියට උදව් වෙයන්කො.. "

" මොන..? "

" අර හබරල කොල සෙට් කරපු උන පතුරු වැට.. "

උදව් කරන එක නම් අවුලක් නෑ.. හැබැයි මේ ගොම්බිලියා එක්ක හවුලේ වැඩ කරනවා කියද්දී මට යකා කේන්ති එනෝ.. මූව දිරවන්නෙම නෑනේ මට..! කරන්න දෙයක් නෑ ඉතින් උදව් කරන්න වෙනෝනෙ දැන්.. මාත් ඔලුව වනලා ගොම්බිලියා එක්ක ගියා ඒ වැඩේ කරන්න..

" මේ ඔය පැත්තෙන් අල්ලන්න.. මං මෙහෙන් ගැටගහන්නම්.. "

අරූ ගිහින් උණ පතුරු වැට උස්සලා කෙලින් කරන ගමන් කිව්වෙ.. උණ පතුරු වැටක් කිව්වට ඒක උණ පතුරු වලින් කොටු කොටු හැඩේට හදපු සැකිල්ලක පිටිපස්සෙන් හබරල කොල සෙට් කරලා තියෙන්නේ.. බැලූ බැල්මට ඒ තරම් මහන්සි වෙන්න ඕන දෙයක් නෙවෙයි වගේ පේන්නෙ.. ඒ වුනාට මේවා හදන උන් තමයි දන්නෙ කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා..

" ඇදේට අල්ලන්න එපා බං.."

මං උණ පතුරු වැටේ කොනකින් උස්සලා අල්ලගත්තම ගොම්බිලියා අනිත් පැත්තෙන් ඉදන් කෑගහනෝ..

" ඇදේට නෙවෙයි අල්ලන් ඉන්නෙ.. "

" ඔය ඇදේ බන්.. උස්සපන්කො ටිකක්.. "

අනේ උට්ට..! මං ඊටපස්සෙ ටිකක් ඉස්සුවා..

" වැඩියි වැඩියි.."

" දැන්..? "

" මදි..! "

" මෙහෙම..? "

" තව ටිකක් උස්සන්න..! "

" දැන් හරිද..!? "

" වැඩියි වැඩියි.. පහළට කරන්න..! නෑ නෑ වැඩියි තව උඩට.. චුට්ටක් පහළට කරන්න.. "

" මොන_ හරියට කියපන් මිනිහෝ උඩටද පහලටද..!!!!!? "

මං කෑ ගැහුවම ගොම්බිලියා ඔලුව උස්සලා මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉදලා ලාවට හිනාවෙලා ඔලුව ගැස්සුවා..

" අයියෙ මේ.. විහිලු කරන්න එපා මාත් එක්ක..! දන්නෑ මගේ හැටි..!! "

ඒත් හිනාවෙනෝ.. මොන හුයන්නක්ද මන්දා.. මට මේ නහුතෙටම තදවෙලා ඉන්න වෙලාවෙ ඌට ආතල්..! ගොන් බල්ලා..!!!! හරියට කියන්නෙත් නෑ මේ මගුල කොහොමද අල්ලන්න ඕන කියලා.. ඇදයිලු.. උඩට කරන්නලු.. පහළට කරන්නලු.. නෑ නෑ වැඩියිලු.. මං මේ උණ බට තීරු ටිකක් අල්ලන් මැරෙන්න හදනෝ.. ඌට ආතල්..! බැරිම තැන තමයි කෑ ගැහුවෙ.. ඉවසීමෙත් සීමාවක් තියෙනෝනෙ ඕයි..!

" තනියෙන් කරගනින්..! මට බෑ.. "

" තරහ ගන්නෙපා ඉතින්.. වයසට යාවිනෙ ඉක්මනට.. "

අනේ පකක් කියවනෝනෙ මේ මිනිහා.. අනික මං වයසට ගියාම මොකක්ද උට තියෙන අමාරුව.. මං දමල ගහලා ආවා එන්න.. ඕනි මගුලක් කර ගන්නතෑ..

" හෝ හෝ කොහෙද උබ යන්නෙ..!? අන්න අරහෙන් වාඩිවෙලා ඉදපන් අපිට වැඩ වැඩි කරන්නැතුව.. "

කොහෙන්දෝ මන්දා කේලම් නිකිත පරයත් කඩාපාත් වෙලා..! මාර කරුමයක් උනානෙ මේක..!!

" අනේ මේ.. කටවහන් හිටපන්..! "

මං ඌටත් ඔරවලා නිසිනුවා ඉන්න තැනට ආවා.. අරුන් ඕන මගුලක් කරගනියිනෙ..! අර මිනිහා වැට ස්ටේජ් එකේ තියා ඔලුව උඩ හයිකරගත්තත් මට වැඩක් නෑ..!!

අරූට හිතින් බැන බැන නිසිනු ලගට ආවම ඌයි සුභාෂයයි කෙසෙල් බඩේක වටේට ගොක්කොළ රවුම් ගහලා මොකක්ද එකක් හදනො.. ලස්සනයි හැබැයි ඒක..

" උබ මෙතන හිටියට කමක් නෑ.. හැබැයි අත පය එක විදියකට තියන් ඉදපන් හරිද..! "

නිසිනුවා මං ආව ගමන්ම එහෙම කියලා දැම්මා.. මට පුදුම කේන්තියි යකෝ..

" දැන් තමුසෙටත් මාව විහිලුවක් වගේද පේන්නෙ කියපන්කෝ..!!? "

" අඩෝ අද ඊයෙ නෙවෙයිනෙ බං එහෙම පෙනුනෙ.. "

ඊට පස්සෙ ඌ එහෙම කියලා හිනා වුනාම සුභාෂයත් හැක හැක ගාන්න ගත්තා මහ හයියෙන්.. අර පැත්තක ගොක් කොළ කප කප හිටපු හිරුජ බල්ලත් හිනාවෙනෝ.. හරි එහෙනම් හිටපන්කො උබ.. මං නිසිනුවටත් ගස්සගෙන එන්න ආවා..

ඒ ආපු ඇවිල්ල නැවතුණේ අපේ ගෙදර ගේට්ටුව ගාවටත් ආවට පස්සෙ.. දැන් මාව හොයනවත් ඇති අරුන්.. ඒත් කරන්න දෙයක් නෑ මට තරහ ගිහින් ඉන්නෙ දැන්.. හැබැයි කාටහරි කෝල් කරලා මන් ගෙදර ආවා කියලා කියන්නත් හිතුනා.. එක්කො ඕන්නෑ.. ඕකුන් මාව ආතල් එකට ගන්නමනෙ බැලුවේ.. මහ පගයා දැන් නැට්ට ගිනි අරන් මාව හොයනවද දන්නෑ.. කමක් නෑ ඔන්න පොඩ්ඩක් බයවෙච්ච දෙන්..

මං එහෙන්මම උඩට දිව්වා වොශ් එකක් දාගන්න.. උදේ ඉදන් අව්වෙ හිටිය නිසායි මහන්සි උන නිසයි ඉන්න බෑ දාඩිය දාලා ඇගම ඇලෙනෝ.. කොන්ඩෙත් තෙතයි දාඩියට.. ඊට පස්සෙ ඉතින් මං නාලා ශෝටක් ගහන් ටීශර්ට් එකකුත් දාගෙන පහලට ආවා.. ඇවිත් ටීවී එකත් දාගෙනම කිචන් එකට ගිහින් ෆ්‍රිජ් එක ඇරලා බැලුවා.. චොක්ලට් කේක් තියෙනො.. මං ඉතින් ඒක අරන් එලියෙන් තිබ්බ කූල් එක බහින්න.. නැත්තන් ගල් වගේ කන්න බෑනේ.. ඒකෙ කූල් එක බහින අතරෙ තේ එකකුත් හදාගෙන මං කේකුත් කපාගෙනම ටීවී එක ඉස්සරහින් වාඩිවුනා.. ඒත් වැඩක් නෑ.. අද සෙනසුරාදා නිසා බලන්න දෙයක් නෑනෙ.. කාටූන්වත් නැතුවැති.. සූටින් මාටින් පුකේ සැමන් ටින්වත් තියෙනවාද දන්නෑ දෙරණේ..

" චූටී..!!!! "

කේක් කෑල්ල කටේ ඔබාගෙන තේ එකත් කොෆි ටේබල් එක උඩින් තියලා රිමෝට් එක අතට ගත්තා විතරයි මං ගැස්සිලා ගියා.. ඔලුව හරවලා බලද්දි දොර ගාව ඉන්නෝ කුලු මී හරකෙක්.. නිකන් නෙවෙයි රතු රෙද්දක් දැකලා කුලප්පු වෙලා වගේ ඉන්නෙ..

" තමුසෙට මං මොකක්ද කිව්වෙ ආ..!? "

මං සෝෆාවෙන් නැගිටින විනාඩියට ඒ කුලු මී හරකා මෙතන..! වෙන කවුරුවත් නෙවෙයි අපෙ අයියා.. උට ඔච්චරටම තරහ ගිහින්ද මං කියන්නැතුව ආපු එකට..

" යකෝ මිනිස්සු බය කරන්නෙපා..!!! "

අරූ කෑගහලා මගෙ පිටට එකක් දුන්නා.. නෑ දෙක තුනක්ම වැදුණා.. පාරක් වැදෙයි කියලා හිතන් හිටපු නැති නිසා මං කෙලින්ම සෝෆාවෙ.. රිදුණා හැබැයි..

" තමුසෙට එකාතකට කියල වැඩක් නෑ.. "

මං මුකුත් කිව්වෙ නෑ.. සිරාවටම මට කියන්න දේකුත් නෑ.. ඔක්කෝටම වඩා අපෙ අයියා එක්ක ඇවිත් ඉන්න නිකිත අයියයි, මිහින් අයියයි දැක්කම මට අවුල් ගියා.. උන් ඉස්සරහනෙ මං කෑවෙ ශොට් දෙක තුනක්..! මං එහෙන්මම නැගිටලා උඩට ආවා.. මං දන්නෑ මං වැරදියි තමයි.. ඒත් යකෝ අරම ගහනවද මං අහන්නෙ.. ගැහුවට කමක් නෑ මං වැරැද්දක් කරපු නිසා.. ඒ වුනාට වෙන උන් ඉස්සරහ ගහපු එක හරිද.. අර වෙලාවෙ කාගෙන හිටියට කිස් කන්න පාරවල් දෙක තුනක්ම වැදුණා.. දැන් ඉන්න බෑ පිට දනෝ.. ඇඩෙන්නත් එනෝ රෙද්ද.. එපා වෙනෝනෙ මගුල..

මං රූම් එකට ගිහින් දොරත් ලොක් කරා.. ඇඩෙනෝ යකෝ..! කම්මුල් දිගේ කදුලු බේරිලා යනෝ.. පිටත් රිදෙනෝ.. අරූ ගහපු පාර පැලිලද දන්නෙත් නෑ.. මං කදුලු පිහිදගෙනම ඇදට පැන්නා.. ගොන් පකයා..! ඌත් එක්ක කතාකරන්නෑ මං..

" චූටී..!! "

ඔන්න ඇවිත්.. දොරට ගහනෝ.. ඕන්නෑ දොර අරින්න..

" චූටි දොර අරිනවා..! "

ඇහුන්නෑ වගේ මං හිටියා.. අරූ කෑගහලා කෑගහලා යන්නෙ නැතැයි..

" චූටි..!! තමුසෙගෙ කන් ඇහෙන්නැද්ද..? මේ දොර අරිනවා..! "

ඉස්සෙල්ලා තරම් වොයිස් එකේ කේන්ති ගතියක් නෑ ඌගෙ.. ඒ වුනාට ඕන්නෑ.. ඕකා කරේ මහ අමන වැඩක්නෙ..

" හරි ඉදපන් මං තාත්තට කියන්නම්..! "

ඌ කෑගහලා කෑගහලා බැරිම තැන එහෙම කියාගෙන ගියාද කොහෙද.. ඊට පස්සෙ පල්ලෙහායින් ලාවට ඇහුනෙ කේලම් නිකිතයාගෙයි මහ පගයගෙයි කටහඩ.. මොනවද දන්නෑ කියවන්නෙ.. ඇහෙන්නෙ නෑනෙ හරියට..! ඒවා වැඩක් නෑ දැන් අරූ තාත්තට කිව්වොත් එක දෙක කරලා කියන්නෙ.. ඒ නිසා මං දඩිබිඩි ගාලා ෆෝන් එක අරන් අරූ ගැහුවා කියලා කියන්න අම්මට මැසේජ් එකක් දාන්න වයිෆයි ඔන් කරා.. වට්සැප් මැසේජස් තියෙනෝ බර ගානක්.. ඒ අස්සෙ ගොම්බිලියගෙ චැට් එකේ පේනෝ ඌ දාපු මැසේජස් වල 'අන්න උබේ බෝයිෆ්‍රෙන්ඩ්..' කියලා මොකක් හරි තියෙනෝ.. මොකක්ද යකෝ ඒ..? ටක් ගාලා ඕපන් කරා ඌගෙ චැට් එක..

" Koi lokeda athurudahan une..? "

" Anna ube boyfriend ubw hoyno.. "

මොන හත්වලාමක්ද මේ..!!? බෝයිෆ්‍රෙන්ඩ්..? කවුද යකෝ මං නොදන්න මගේ බෝයිෆ්‍රෙන්ඩ්..!!?

" Mokk..!!? "

මන් පටස් ගාලා මැසේජ් එකක් දැම්මා ගොම්බිලියට.. පොර ඔන්ලයින්.. ඔන්න සීන් කරා..

" Aa me inne..! "

" Api hithuwe oyw kwruhri karawl wadiykt ussan giyad danna kiyl.. "

අනේ හරිම විහිලුයි.. වෙන නැතුවට..! මගුලක් කියවනෝ මූ.. මං සීන් කරා මැසේජ්.. රිප්ලයි කරේ නෑ..

" boyfriendt text krpn.. ubw pissuwen wge hewwa u.. "

අඩෝ කවුරු ගැනද යකෝ මූ කියන්නෙ..?

" Kwd Boyfriend..? "

ඔන්න ටයිපින් http..

" Vihas malli.. "

මුගෙ ආච්චිට හාල් ගරන්න යකෝ..!!!! මොන හුත්තක්ද මේ..!!

" Thamuset pissud yakoo..!!? E mage aiya oi..!! Mage aiya..! "

නහුතෙටම තදවුනා මට..! ගොම්බිලියා සීන් කරා මැසේජ් එක.. හැබැයි ඒ සැනින් ඌ ඕෆ්ලයින් ගියා.. නොදන්න උට්ටවල් කියවන්න එනෝ.. කේන්තියි යකෝ..!! හැමෝම එක්කම කේන්තියි මට..!!!

ඒ අස්සෙ නිසිනුගෙනුයි සුභාෂයගෙනුත් මැසේජ් එනෝ හෝ හෝ ගාලා..

" Ado tho kohed yku inne..!! "

" Ado sahirukiiiii "

-Missed voice calls 2-

නිසිනුවා මට වට්සැප් කෝලුත් අරන්.. ඕන්නෑ ඕකුන්ව.. සුභාෂයගෙනුත් තියෙනෝ මැසේජ් විස්සක් විතර.. එහෙන් අයියත් අරන් කෝල්.. මං දැක්කෙ නෑනේ යකෝ ඉතින්..! ගෙදර ආවට පස්සෙ ෆෝන් එක බැලුවේ නෑනේ.. ඇවිත් තිබ්බ අනිත් එක මැසේජ් එකකටවත් රිප්ලයි නොකර මං ෆෝන් එකත් පැත්තකට දාලා නිදාගත්තා.. ආයෙ නැගිට්ටෙ එළියෙන් අම්මගෙ කටහඩ ඇහිලා..

" ලොකූ මොකක්ද උනේ..? "

" ඉතින් ගැහුවද මල්ලිට..!!? "

අම්මා කියන ඒවා විතරයි මට ඇහුණෙ.. අරූ කියන මේලෝකෙ දෙයක් මට ඇහුන්නෑ.. එක දෙක කරලා කියනවද දන්නෑ අම්මට.. හැබැයි ඌ එහෙම කරන ජාතියේ එකෙක් නෙවෙයි.. ඒ වුනාට කියන්න බෑනෙ ඉතින්.. ටිකකින් අම්මා මට කතා කරනො ඇහුණා..

" චූටී.. පුතේ දොර අරින්න.. "

" අපිනම් දන්නෑ ඔන්න දොරවල් ලොක් කරන් ඉදලා තාත්තගෙන් බැනුම් අහන්න උනොත්.. තාත්තා ගෙදර එන වෙලාව මේ.. "

මං ටග්ගාලා ගියා දොර ගාවට.. තාත්තා කැමති නෑ ඔය දොරවල් ලොක් කරගන්න වැඩේට.. ඉස්සරනම් බනිනො ඒකට.. දැන්නම් එහෙම වැඩි අවුලක් නෑ.. ඒත් කන්නෙ බොන්නෙ නැතුව දොරවල් වහන් හිටියොත්නම් ඉවරයි ඉතින්..

" මොකද මේ දොරවල් ලොක් කරන්..?? එන්න රෑට කන්න.. "

" කවන්නකො.. "

අඩේ අටහමාරත් වෙලා.. බඩගිනිත් නෑ හැබැයි.. අරූත් ඉන්නො දොර ගාවට වෙලා හිටගෙන.. මං උගෙ දිහා නිකමටවත් බලන්නෙ නැතුව අම්මට කවන්න කියලා ආයෙ ඇදට වැටුණා.. අම්මා හැබැයි නිකමටවත් ඇහුවෙ නෑ හවස සිද්ධිය ගැන.. ඒකත් හොදයි හැබැයි.. මගෙත් වැරැද්දක් තියෙනවනෙ..

ටිකකින් අම්මා බත් බෙදන් ආවා මට.. අරූ ඉන්නෝ බලාගෙන.. පකද දන්නෑ බලන්නෙ බේසිකයගෙන් පුරුදු වෙලා..! මං ඌ දිහා බලන්නැතුවම හිටියා..

" මට මේවා එපා.. "

අම්මා මං ගාව ඉදගෙන බත් අනද්දී මං කිව්වෙ පතෝල කෑලි පෙන්නලා.. මං පතෝල කන්නෑ.. ඊට පස්සෙ අම්මා පතෝල කෑලි ටික පැත්තකට කරා..

" අම්මා තමයි මූව හුරතල් කරන්නෙ..! පට්ට හිතුවක්කාරයි දැන් මූ..!! "

පිස්සු උට්ටා කෑගහනෝ.. ඌට ඉරිසියා ඇති අම්මා මට බත් කවද්දී..

" මූව ඉස්කෝලේ පුරාම හෙව්වා අම්මෙ..! අර සේරම වැඩ පැත්තකින් දාලා ගෙදර දුවන් ආවෙ ඊට පස්සෙ.. අඩුම තරමෙ කෝල් එකක් දාලා කියන්න කට කැඩිලා තිබ්බද මුගේ..! නිකමට ගෙදර ඇවිත් බැලුවේ මිහිනුයි නිකිතයි එක්ක.. "

මිහිනුයි නිකිතයි කියද්දී මට ආයෙ මතක් උනා උන් දෙන්නා ඉස්සරහ මූ මට ගහපු හැටි.. මං ආස නෑ පිට උන් ඉස්සර එහෙම ගහනවට බනිනවට..! මිහින් අයියා නම් අවුලක් නෑ කියමු.. ඒත් අර කේලම් නිකිතයා දැන් කීදෙනෙක්ට ඕක කියලද දන්නෑ.. ඒක මතක් වෙද්දී ආයෙත් ඇඩෙන්න වගෙ යකෝ.. කදුලුත් ආවා ඇස්වලට..

" ලොකූ..! කටවහන් ඉන්න පොඩි එකාව අඩවන්නෙ නැතුව..!"

අම්මා මගේ ඇස් වල කදුලු දැකලද කොහෙද එහෙම කිව්වම මහ පගයා කටවහගත්තා.. අර හෙනටම දුක හිතිලා ඇඩෙන්න ඉන්න වෙලාවක කවුරුහරි තමන්ගේ පැත්තට කතා කරාම පට්ටෙට ඇඩෙනෝනෙ.. සිරාවටම මට අඩන්න ඕන උනේ නෑ.. ඒවුනාට ටොක් ටොක් ගාලා කදුලු වැටුනා.. මොන නවනිංගිරාවක්ද මේ..!

" මට ඇති.."

" කෝ මේක විතරයි.. හොද පුතානෙ.."

මං බත් කෑවා ඇති කිව්වම අම්මා බලෙන්ම තව කටක් කවලා පිගාන අරන් නැගිටලා ගියා.. මාත් වොශෲම් එකට ගිහින් කට දෙපැත්ත හෝදන් ඇවිත් මගේ වතුර බෝතලෙන් වතුර බීලා ඇදට පැන්නා ආපහු.. මහ පගයා තාම ඉන්නෝ මොකාද එකා වගේ.. මොකටද දන්නෑ ඉන්නෙ..! ඊට පස්සෙ මට ඇහුනා ඌ යනෝ.. මාත් ටික වෙලාවක් ඔහේ බලන් හිටියා.. හෙට ක්ලාස් එකේ වැඩත් තියේ.. ඒ වුනාට යන්න වෙන්නෑනෙ ක්ලාස්.. ඒනිසා පස්සේ වැඩ ටික කරනෝ.. මං ඉතින් ආයෙත් ඔලුවේ ඉදන් පොරවන් ඇස් පියාගත්තා.. ලයිටුත් ඕෆ් කරේ නෑ රූම් එකේ.. කමක් නෑ අම්මා ඕෆ් කරයි.. කොහොමහරි පැයකට විතර පස්සෙ මට ලාවට නින්දයාගෙන වගේ ආවෙ.. ඒත් නිකන් මට දැනෙනෝ මගේ ශර්ට් එක පිටිපස්සෙන් නිකන් ඉස්සෙනෝ ඉස්සෙනෝ වගේ..

" ඕයි..!! "

මං කෑගහගෙන නැගිට්ටෙ.. හැරිල බලද්දී මහ පගයා ඉන්නෝ බෙඩ්ශීට් එකකුයි කොට්ටෙකුයි අරන් ඇද කොනෙන් වාඩිවෙලා..

" තමුසෙ ඇඩුවෙ යකෝ මං නිකන් පිටපැලෙන්න ගැහුවා වගේනෙ..! බලහන් පාර හිටිලවත් නෑ.. "

ආ එහෙනම් ඒකයි මේ.. පොරට අවුල් මං අඩපු නිසා.. මලවිකාර.. ගහලා තව එනෝ පාර හිටිලදත් බලන්න..

" ඕන්නෑ තමුසෙ..! අර පරයො දෙන්නා ඉස්සරහ මට ගැහුවෙ තමුසෙ.. "

මං ඌට එහෙම කියලා ආයෙ බෙඩ්ශීට් එක පොරවන් නිදාගත්තා..

" ඉතින් උබ නොකියා ආව නිසානෙ ඕයි.. "

යැයි යැයි තමයි.. ඕන්නෑ ඕකව මට..! මං සද්ද නැතුව හිටියා.. මෙන්න යකෝ ඊට පස්සෙ ඇදේ අනිත් පැත්තෙන් ඇවිත් ඇදට පැනලා ඌ හාන්සිවුනා..

" අයියෙ තමුසෙ යනවා මෙතනින්..! මේ මගේ ඇද..!! "

" ආ උබට එන්න හොදයි.. මං ආවම තමයි සද්දෙ.. අනේ මේ කටවහන් නිදාගනින්..! "

" යනවාහ් යන්න..!! "

මං ඌව කකුලෙන් තල්ලු කරන්න හැදුවේ.. යකෝ කූඩැල්ලා වගේ ඇලිලම ඉන්නෝ..

" අයියෙ යනවා මෙතනින්..! "

විසාල කරදරයක් උනානෙ යකෝ මූ.. යන්නෙත් නෑ මගුල.. කකුලකුත් දාගෙන ඉන්නො මගෙ ඇගෙන්.. කරන්න දෙයක් නැති නිසා එහෙන්මම නිදාගන්න මං ඇස් පියාගත්තා.. ඒ අස්සෙ මතක් වෙනෝ අර ගොම්බිලි පරානෙ මේ යකා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කිව්ව එක..! ඊව් ඒ http ට පිස්සුද කොහෙද.. අපි දෙන්නගෙ ටිකක් එක වගේ ශේප් කට් එක තියෙනො පේන්නෙ නැද්ද දන්නෑ.. හැබැයි ඊට පස්සෙම උගෙන් මැසේජ් එකක් ඇවිත් තිබ්බෙත් නෑ.. ඌට වුණු ලැජ්ජාව නිසා මට මූණ දීගන්න බැරුව ඉන්නවද දන්නෑ..! පව් වැඩේ හැබැයි..!!


┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈


හායි 🌚 !
පරක්කුයි තමයි මොකක් කරන්නද ඉතින් :-)

කොටසක් දෙන්නම් කියලා බොරු පොරොන්දු දුන්නට මහින්ද මාත්තයලයි නෑයො නෙවෙයි හරිතෙ 😂💔.. කොහොමහරි ඔන්න දුන්නා ටිකක් දිගට..!!

එනිවේ,
එක්සෑම්ස් ඔක්කොම කොපි කරගෙන ඇවිත් ඒලෙවල් කොපි කරන්න බැරි වෙලා ෆේල් උනාම..

(Indian Cricket Team)

#යාපනයටගිහින්හූකියලාඑන්නහිතෙනො

😂😂💔💔

බායි..
ඊළග කොටසින් හම්බෙමු !
eistrella <3

Continue Reading

You'll Also Like

59.2K 10K 66
පාලුව විඳිනා මගේ ජීවිතේ.... පාරා යනවා ඔබේ ආදරේ....❤ කොහෙහරි තැනකදී වැරදුනා මාහට.... අදටත් මා සිතින් සොයනවා ඒ තැන....💚 Begin: 2021 December 18 End:...
56.6K 1.2K 26
.. a story, of a girl who has a condition that could change her life for the greater good. Loni has a medical condition that stopped her from develop...
22.1K 699 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
5K 158 8
Paris, an incredible City in Europe that's recently been under attack of akumatized supervillains. Luckily two mysterious superheroes called Ladybug...