(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාව...

By -Honey_Quinn-

52.9K 7.6K 3.2K

අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බ... More

අලුපාට ගැන !
පිදුමක් !?
01 ¡ !
02 ¡ !
03 ¡ !
04 ¡ !
05 ¡ !
06 ¡!
07 ¡ !
09 ¡ !
ස්ථාවර ¡ ! !
10 ¡ !
11 ¡ !
(අ)ස්ථාවරයක ස්ථාවරය ¡ !
පසුවදනක් !!
අලුපාටට තෑගි !?
හමුවක් !!

08 ¡ !

2.1K 412 182
By -Honey_Quinn-

රැහැනා ගිහින් විනාඩි පහලවකට විතර පස්සෙ කැන්ටින් එකෙන් එලියට ආපු මට ආයෙම හොස්ටලේට යාගන්න විනාඩි දහයකටත් වඩා වෙලාවක් ගියා...

එක්සෑම් ඉවර උනාට පස්සෙත් කල්පනා කර කර හිත අනන්තෙට යාගන්න තරම් අලුපාට ඇස් දෙකක්...
ඔලුව, හිත , මුලු ඇඟ පුරාම අරෙහෙ මෙහෙ දුවද්දි ඒ කල්පනාව පිටම හොස්ටල් එකට ගාටපු මට,
ඇද උඩ වැතිරිලා උඩ සිවිලිමේ ෆෑන් එක කැරකෙන රටාව දිහා විනාඩි පහක් වත් එක දිගට බලන් ඉන්න බැරි වෙලා තිබුනා...

ඊයෙ දවසටම පැය දෙකක් විතරක් නිදාගන්න සිද්ද උනු එකේ ප්‍රතිඵලයක් විදියට ටැබ්ලට්ස් අරන් වගේ නින්ද ගිහින් තිබුනු මං ,
රැහැනා රූමට ඇවිදින් අනිත් උන් එක්ක කතාකරපු සද්දෙත් එක්කම එකපාරම ඇහැරිලා ඇඳෙන් ඉඳගත්තා...

වෙලාව හයයි දාහතයි !!!
හොඳටම පරක්කුයි !!

ටවල් එකයි සබං එකයි උස්සන් බාත් රූමට දිව්ව මං නාගෙන,  විනාඩි දහයකට මිනිත්තු දෙකක් තියලා කඟවේනා වගේ ආපිට රූමට දුවගෙන ආවා..

.
.
සට සට ගාලා කුඩේ උඩට වැටෙන වැහි බිංඳු සද්දෙ කන් ඇතුලෙ අරෙහෙ මෙහෙ දුවනවා...
වැහි අඳුර අස්සෙන් දිලිසෙන වීදි ලාම්පු මැද්දෙන් උරහිසත් හකුලුවන ගමන් ... මමත් කැම්පස් එකේ ගේට් එක පහු කරගෙන විජේරාමෙ දිහාවට ඇවිදන් යනවා...

නටුවෙන් ගිලිහෙන්න තව කල් තියෙද්දිත් වැහි බරට ගිලිහිලා බිම වැටෙන රොබරෝසියා මල් අතරෙන් එක දෙකක් මගෙ කුඩේ උඩටත් වැටෙන අතරෙ , හුළඟත් එක්කම කුඩේ මුදුනෙ රැඳවුනු මලක් ඇවිදින් මගෙ වැලමිට හරියෙන් ගෑවි නොගෑවි බිමට වැටුනා....

වැහි හීතලයි , රෑ මීදුමයි , වීදි ලාම්පු එලියට දිලිහෙන තාර පාරයි !!! අතරෙ කුඩ ඉහලන් හදිසියේ ඇවිදන් යන මිනිස්සු අතරෙ ඇවිදන් යන මට මේ මොහෙතෙ ලා හිනාවක් එක්ක හිතුනෙ එකම දෙයයි !!!

" වැහි ජපුරත් අම්බානකට ලස්සනයි !!!! "

.
.

ගොරනාඩු දිදී වහින වැස්සෙත් ගිටාර් එකවත් නැතුවම ගිහින් මමත් විජේරාමෙන් බස් එකට නැග්ගෙ ,
සෙනසුරාදා පහුවෙලා මේ වෙනකොටත් දවස් හතරක් ගෙවිලා අදට පහක් වෙන නිසා !!

පැංචිට කොහොමද , කෙල්ල කොහොම තැනකද , එයා කොහොම තත්වෙකද ඉන්නෙ කියලාවත් නොදන්න හේතුවට ඒ ලඟක ඉඳලා හරි හයියක් වෙන්න ඕනි උවමනාව නිසාම මං හිතලම අද ගාලුමුවදොරට වැස්සෙම ගෑටුවා ...

මං එතනට කිට්ටු කරනකොටත් හෙනගගහා වැස්ස !!

" එක්කො එයා අද නෑවිදින් වත්ද ...!? "

" ඇත්තට මේ වැස්සෙ මොන ඒමනක්ද...සමහරවිට අද මෙතනට නෑවිත් කලින්ම ගෙදර ගිහින් වත්ද !? "

එයා අද මෙතනට නෑවිත්ම ඇතියි කියලා හිත කිව්වත් කෝකටත් කියලා ගෝල් ෆේස් ග්‍රවුන්ඩ් එකට වැස්සෙම ඇවිදන් ගිය මං
මේ වෙනකොටත් පලුයන්නම තෙත බරිත වෙලා ...

ඒ ගැනවත් ගානක් නොදැනෙන මමත් වැස්සට මඩ උනු ග්‍රවුන්ඩ් එක මැද්දෙන්ම අඩි තියන් යන ගමන් වැහි කුණාටුවට දරුණු වෙන්න හදන මුහුද දිහාත් බැලුවා...

" අද හැමදේම අලුපාටටත් වඩා අමුතුයි !! "

" විකාර නොහිතා ඉන්නවා විසල් !! වැස්ස දවසට ඒවා කොහොමත් අමුතුයි !! "

මගෙ හිතම දෙපිලකට බෙදිලා වාද කරන අතරෙ මම ග්‍රවුන්ඩ් එක පුරාම ඇස් යවන ගමන් එයාව හොයනවා...

" උමතුවෙන්ද විසල් ? මේ වැස්සෙ මිනිහෙක් පිට්ටනියක් මැද හිටගෙන ඉඳීවිද  "
හිත ආයෙම මට නෝක්කාඩු කියනවා...

ඇත්ත !! වැස්ස අතරෙ ඒ මනුස්සයා ග්‍රවුන්ඩ් එකේ ඉන්න කොහොමටත් විදියක් නැහැ ...
මං හතර අතේ ඔලුව හරවනවා...මුහුදෙන් එන හුළඟත් තදයි..
ඒ සැරට කුඩෙත් එක්ක මාවත් යන්න හදනවා...
කොහොම හරි අමාරුවෙන් ඇවිදගෙන ග්‍රවුන්ඩ් එක මැදටම ගියෙ වැස්ස නිසා අද දුර පේනවා අඩු නිසා...

යකඩ කොටුව එක තැනක !! වැස්ස නිසා ඒක උඩින් ටෙන්ට් එකක් වහලා...ඒත් අයිතිකාරයා ළඟපාතක නෑ...
සමහරවිට වැස්සෙන් බේරෙන්න වහලයක් යටට ගොඩවෙලා ඇති.

මං යකඩ කොටුව ළඟටම ගිහිල්ලත් එතන කැරකි කැරකි වටපිට එයාව හෙව්වා...මේ වැස්සෙ කොහෙ ගිහින්ද... කොහෙ කියලා හොයන්නද...
මමත් යකඩ කොටුව ළඟට ඇවිත් විනාඩි පහලවකට වඩා  ගිහින්..මං නිකමට එතන බැම්මට කකුල තියලා පහල බැලුවත් එයා පේන මානෙක නැහැ....

ඊට එහායින් පේන ඉස්සො වඩේ කඩ වල තවමත් දුං දානවා...
ඒවායින් එන සුවඳටත් බඩ පිරෙන්න එනවා...

ටිකක් ඉන්න !! මං දැක්කා...
ඉස්සො වඩ කඩයක් ළඟ වැස්සෙ ගෑවි නොගෑවි කෙල්ලත් වඩාගෙන වැස්සෙන් නොතෙමී ඉන්න දඟලන එයාව මම අහම්බෙට දැක්කා විතරයි මගෙ කකුල් මටත් කලින් ඉස්සර උනා...

" අයියෙ !! "

කඩේ ළඟටම ගිහින් ඒ පුංචි වහලෙන් වැටෙන වතුරෙන් තෙමෙන එයාගෙ වම් උරහිස බේරන්න කුඩේ අල්ලන ගමන් මම කියද්දි මාව ඇහුනා විතරයි එයා එකපාර හැරුනා..

"" උත්තර !! ""
කෙල්ලව වැස්සෙන් බේරන්න උවමනාවට ඒ අත් බාහු අස්සෙන් කෙල්ලව වටකරගෙන උන්නු එයා දැනටමත් පැත්තකින් තෙමිලා...

" තෙමෙනවා !! කෝ පැංචිව දෙන්න "
මං කෙල්ලව මගෙ අතට අරගන්න ගමන් කෙල්ලව තද කරලා මග්ව් උරහිසට තුරුල් කර ගන්න ගමන් කුඩේ එයාටත් ඇල්ලුවා..

" දැම්මම පායන පාටක් නෑ !! මෙතන හිටියා කියලා මක් කරන්නද..."
අයියෙ යං !! "



"" මට කුඩේ ඕන් නෑ.. උත්තර කෙල්ලව අරන් යංකො.. මං පස්සෙන් එන්නම් ""

මට වචනයක් කියන්න නොදී එකපාරම ඇඳන් උන්නු ශර්ට් කොලර් එකෙන් උස්සගෙන ඔලුව වහගත්තු එයා තෙමි තෙමීම යකඩ කොටුව දිහාවට දුවද්දි කරගන්න දෙයක් නැති උන මමත් පැංචිව උස්සන් ඒ දිහාවට පරිස්සමෙන් අඩි ඉක්මන් කලා..

"" මං උත්තරව අද බලාපොරොත්තු උනේ නෑ !!! ""



" එක්සෑම් ඉවරයි අයියෙ "
යකඩ කොටුව තල්ලු කරන් වැස්සෙම යන  එයා ළඟට ළං උනු මම එයාටත් එක්ක කුඩේ ඇල්ලුවා...
පැංචිව නොතෙමී බෙරන්න කියලා එයා කෙල්ලව පැනල් එකකින් ත් වැහුවා..

කුඩේ අපි දෙන්නටම මදි..ඒත් මම යන්තමට එයාගෙ ඔලුව පරිස්සම් කලා...
මොනා කරන්නද...වැහි හුළඟට එයා බාගෙට තෙමිලා...

"" මේ වෙලාවෙ උඹ ආවෙම පැංචිගෙ වාසනාවට !! එහෙම නොවුනා නම් කෙල්ල තෙමෙනවා .. ""



" සතියක් නෑවිදින් බැරි උනා..."

" වැස්ස ටිකක් අඩුවෙන්න වගේ...උඹ තෙමෙනවා අයියෙ "



"" දැනටමත් තෙමුන එකේ මෙහෙම යං ""

"" එක්සෑම් කොහොමද ? ""




" අවුලක් නෑ..ප්‍රැක්ටිකල් ලබන මාසෙට සෙට් වෙයි !! "

.
.


" අයියෙ මට උදව්වක් ඕන !! "
වැස්සෙම 138 හෝල්ට් එක ළඟට ළං වෙන්න ඇවිදන් එද්දි අපි අතරෙ තිබ්බ නිහඬියාව මං එකපාර බිඳිද්දි උදව්ව මොකක්ද අහන්න වගේ එයා ඇහි බැම උඩ යවලා මං දිහා බැලුවා..

" තෝඩි , මුල්තානි , සෝහිනී රාග ගයන්න පට්ට අමාරුයි ! "
" අනික අයියේ ගzසල් එකක් මිස් කියලා දුන්නා..ඒකත් පොඩ්ඩක් !!"

මං එයාගෙන් නොකියා ඉල්ලුවේ ඒ රාග ගයන්න උගන්නපන් අයියෙ කියලා උනත් , ඒකට එයාගෙන් මට උත්තරයක් ලැබුනෙ නැහැ...
මමත් මොකුත් නොකියා ඇවිදන් බස් හෝල්ට් එකට යන්න පාර පනින්න්න හිතලා කහ ඉර ළඟ නතර වෙද්දි එයා නතර වෙන පාටක් නෑ...

' ඒ යකඩ කඳ උස්සන් ඒ මිනිහා බස් එකේ යන්නෙ කොහොමද...උඹ අවසිහියෙන්ද විසල් '
මේ දවස් දෙකේ මගෙ හිතත් ඕනවට වැඩියි ..පොඩ්ඩ ඇත්තන් මාව අල්ලගන්න බලන්නෙ..

"" උත්තර පැංචිව අරන් බස් එකේ යං ""


" මෙහෙම හොඳයි  "
මාත් එයා එක්ක පාරදිගේ ඇවිදන් යන්න හදනකොට එයා මාව නතර කලා..

"" වැස්ස ආයෙම වැඩි වේගෙන එනවා..කෙල්ලව අරන් උත්තර යමු...""
"" ආ මේ බෑග් එකත් අරන් යං ""
යකඩ කොටුවෙන් ගත්ත කෙල්ලගෙ බෑග් එක අරන් මගෙ අතට බලෙන්ම දෙද්දි ,

" මමත් මෙහෙම එන්නං...යං "
මම කියාගෙන ආයෙම එයාට ඉස්සර උනා..ඒ එක්කම එයා මගෙ උරහිසෙන් තදේටම ඇල්ලුවා...

"" කෙල්ල අසනීපෙන් !! ""





" තෙමිලා අයියත් අසනීප වෙයි .. ඇරත් කොච්චර දුරක් එන්නද "



"" ඉක්මනින් ආවැකි !! ""
"" බස් එකේ ගිහිල්ලා කෙල්ලට ඇඳුමක් දාලා ජර්සියක් අන්දවපන් ""
"" මං ඉක්මනින් එනවා... ""



" කියන දේ අහපන් අයියෙ මමත් එ-"




"" මං අයියා... උඹ මල්ලි... උත්තර !! ""
"" හිතුවක්කාර නොවී ගිහින් ගෙදරට වෙලා ඉදපන් ""
ඒ ඇස් දෙකත් ලොකු කරගෙන කටහඬ උස් කරලා මගෙ දිහා එක එල්ලෙම බලාගෙන කියපු විදියට මං මොකද්දෝ හේතුවක් නිසා ඒ කටහඬට ගැස්සුනා...

" එහෙනම් අයියා මේ කුඩේ අරගන්න "


"" බස් එකෙන් බැහැලා යන ටිකට තෙමෙන්නද හදන්නෙ...""
"" අන්න බස් එකක් .. නැගලා යමං ""

එයා මාව ඇදගෙන ගිහින් හෝල්ට් එකේ නතර කරපු බස් එකට මාව බලෙන්ම නග්ගලා යන්න ගියා..

" මම නෙමෙයි !! උඹයි හිතුවක්කාරයා "
බස් එකේ පිටිපස්සෙ වීදුරුවෙන් පේන යකඩ කොටුව තල්ලු කරගෙන එන එයා දිහා බලාගෙන මුමුණ මුමුණම මම එතනම ශීට් එකෙන් වාඩි උනා...

.
.
.
.
.
.
හැව්ලොක් බහිද්දිත් හෙන තදේටම වැස්ස... කෙල්ල වඩාගෙන බස් එකෙන් බැහැගෙන ඉක්මනින් අඩි තියන ගමන් විනාඩි පහක් යන්නත් කලින් ඒ පුංචි ලෑලි ගෙදරට ඇවිදන් ආව මං කෙල්ලගෙ බෑග් එකේ සාක්කුවෙන් ගත්තු යතුරෙන් දොර ඇරගෙන ගෙඩ ගොඩ උනා..

එක කාමරයක් එක්ක පොඩි කුස්සි කෑල්ලක් විතරක් තිබ්බ ඒ ගෙදරට දෙවනි වතාවටත් මම ඇතුල් උනා...

කෙල්ලව අතේ තියාගෙනම ගෙදර තිබ්බ ලිප අමාරුවෙන් පත්තු කරගෙන වතුර එකක් උනුකරගත්තා..කෙල්ලව උණු වතුරෙන් හෝදවගෙන කෙල්ලටත් ගව්මක් අන්දවලා බේබි කොලෝන් ටිකක් එක්ක ඒකිව ටිකක් සුවඳ කරවලා කෙල්ල බඩගින්නට නහකුනු ගගා කෙඳිරි ගාන මැද්දෙම මම කෙල්ලවත් නලවන ගමන් තනි අතින් කිරි එකකුත් හදාගත්තා...

උණුව යන්න කියලා හිමීට කිරි බෝතලේ හොලවන ගමන් කෙල්ලගෙ ඇඬිල්ල නවත්තන්න මම ගේ එහාට මෙහාට ඇවිදින ගමන්....
ඇත්තටම දරුවෙක් නලවන්නෙ කොහොමද කියන එක ගැනවත් මගෙ කිසිම අදහසක් නෑ..

" අප්පච්චි එනකල් ඉමු... හොඳ බබාලා අඬන්නෙ නෑනෙ.."

" ඔය කඳුලුත් එනවා නේද... මගෙ ලස්සන කෙල්ලට බඩගින්නක් ඇවිදින් ද...ම්ම්ම් "
මගෙ දෙවියනේ!! මම මොකද්ද මේ කරන්නෙ...!!
ඇ ඇත්තෙන්ම මම බබාලා නලවන්න දන්නෙ නැහැ.. එයාලා අඬද්දි ඒක නතර කරන්න මම කොහොම කතා කරන්න ඕනිද වත් මට හිතාගන්න බෑ....මේ වෙලාවෙ කටට එන දේ කියලා පැංචිගෙ ඇඬිල්ල නතර කරගන්න ඕනවට මම එකේකේවා කියනවා...
කෙල්ල අඪලා අඪලා ඒ පුංචි පපුව මහන්සි වෙන්න දෙන්න බෑ...

' රටා !! '

' රටා !! '

' මචං මේ අපි !! දොර ඇරපන් '

' රටා උඹ ඉන්නවද ? '
 
වහලා තියෙන ලෑලි දොරට එක දිගට තුන් හතර පාරක් තට්ටු වැටෙන ගමන් එලියෙන් ගෑනු , පිරිමි කටහඬවල් දෙකක්ක් ඇහෙද්දි කෙල්ල වඩාගෙන ඇවිද්ද මං එක තැනක නතර වෙලා ඒකට කන් දීගෙන උන්නා..

රටා !! රටා කියන්නෙ කව්ද ? ඒ කතා කරන්නෙ කාටද කියලා නොදැන මමත් අඬන කෙල්ලගෙ පිටට තට්ටු දාන ගමන් දොරනෑර එහෙමම කල්පනා කලා...

' රටා !!  '

ආයෙම කල්පනාවට ආව මම හිමින් දොර ඇරියා...දිග ගව්මක් ඇඳගත්තු අවුරුදු තිස් ගානක ගෑනු කෙනෙක් එක්ක ඒ වයසෙම වගේ පිරිමි කෙනෙක් ..
දොර අරිද්දි කෙල්ල වඩන් උන්නු මාව දැක්කා විතරයි.. මම දැක්කා .. ඒ මූනු ටිකක් වෙනස් උනා..මොකද එයාලා බලාපොරොත්තු උනු කෙනා මම නෙමෙයි...

' ර් රටා නැද්ද මල්ලි ? '



" රටා කිව්වෙ ? "



' ආ මේව්..අකිල අකිල '



" ආ එයා තව එන ගමන්..  "
.


' ඒ කිව්වෙ ? ආ ආ එන මඟ ... '
ඒ කතා කලේ එතන හිටපු අක්කා..එයා කතා කරන ගමන් ඇවිත් මගෙ අතින් ඉකි ගගහා ඉන්න කෙල්ලව අරන් නලවන්න ගත්තා..

' එතකොට මේ මල්ලි ? '
අක්කත් එක්කම ගෙදරට ආපු ඒ අයියත් ප්‍රශ්න අහද්දි ..

" මම විසල් .. අයියගෙ යාලුවෙක් !! '



' ආ ආ විසල් .. හරි හරි මීටර් උනා..අකිලයා දවසක් ඔහොම නමක් කිව්වා.. '




" එතකොට අයියලා ? "



' ආ ආ අපි මේ වත්තෙමයි..ගමනක් ගිහින් එන ගමන්..කෙල්ල අඬනවා ඇහිලා මේ බැලුවේ..'
අයියා අතේ තිබ්බ හෙල්මට් එක අල්ලගෙන කියද්දි මං දැක්කා ඒ එක්කා පුටුවෙන් වාඩි වෙලා කෙල්ලට කිරි දෙන්න වගේ ගවුමෙ උඩ බට්න් දෙකක් ගලවන ගමන් පැත්තකට හැරුනා..

' කෙල්ලගෙ කිරි දවස අද ..අද අපි ගමනක් ගිය නිසා ඒක මඟෑරුනා..ඒකයි ඔය යන ගමන් මෙහෙට ගොඩ උනේ... '
ඒ අයියත් මගෙ ප්‍රශ්න වලින් පිරුනු මූන දිහාබලලා කියද්දි ,
මමත් ඒ අයියට හිනාවකින් උත්තර දීලා අතේ තිබ්බ ලාවට උනු කිරි බෝතලේ මගෙ අතේම තද කරගන්න ගමන් පැංචිගෙ ඒ කිරි බෝතලේ දිහා බැලුවා..

කෙල්ල අඬන එකත් නැවතුනා...බස බස ගගා කිරි උරන කෙල්ලගෙ සද්දෙ ගේ පුරාම ඇහෙනවා..

"අනේ ඒකිගෙ අම්මාත් හිටියනම් ..."
මගෙ පපුවත් අම්බානකට බරවෙනවා...

.
.
.
කිරි බීලා බීලා බඩ පිරෙද්දිම නින්ද ගිය පුංචි එකීව ආයෙම පරෙස්සමට මගෙ අතට දුන්නු ඒ දෙන්නා ආයෙම යන්න ගියාට පස්සෙ කෙල්ලව පරිස්සමට ලී තොටිල්ලෙන් තියපු මං හීතල වැහෙන්න ශීට් එකක් පොරෝලා ටිකක් වෙලා ඒ දිහා බලන් හිටියා.....

" ලොකු උනාම ලස්සන මලක් වගේ වේවි !! "
.
.
කෙල්ල නිදාගෙනත් දැන් පැය භාගයක් ගිහින්...එතකල්ම ගෙදර ඇහිරිලා තියෙන දේවල් අස් පස් කරලා පොඩ්ඩක් පිලියෙල කරන ගමන් ආයෙම වතුර එකක් ලිපට කලා...
එයා ආවම අනිවාර්යයෙන් නාගන්න වේවි !!

දොරට ලොක් එක එලියෙන් දාන ගමන් වැස්සෙම එලියට බැහැලා කෙල්ල ඇහැරෙන්න කලින් ළඟම කඩේකට දිව්ව මම ගෙදරට අඩු , සීනි , තේ , කෝපි 250 ගානෙ අරගෙන ආපිට දුවගෙන එන ටිකට එයා ඇවිදින් ...

වැස්සට තෙමිලම ඇඟටම ඇලුන ඇදුම් පිටින් ලොක් කරපු දොර දිහා බලාගෙන සීතලේ ගැහෙන එයාව දැක්ක ගමන්ම දුවගෙන ගිය මම එයාව පහු කරගෙනම ගිහින් ඉක්මනට දොර ඇරියා...

" ළඟ කඩේකට ගියා අයියේ..අනිත් පැත්තෙන් එන්න...මම වතුර එකක් උණුවෙන්න තියලා ගියෙ.."
මම කියද්දිත් මං දිහා බලලා මොකුත් නොකිව්ව එයා යකඩ කොටුව වැහෙන්න දාපු ටෙන්ට් එක උස්සන ගමන් ඒකෙ තිබුනු බීම බෝතල් ටික බෑග් එකකට දාන්න පටන් ගත්තා..

"" පැංචිට නින්ද ගියාද උත්තර ? කෙල්ල බඩගින්නෙ ඇත්තෙ ? ""



" නෑ මං පොවන්න කිරි එකකුත් හැදුවා..ඒත් එතකොටම වෙලාවට වගේ පැංචිට කිරි දෙන අම්මා ඇවිත් එයාට කිරි දුන්නා.. "




"" කව්රු ? ""




" ඇයි අයියාමනෙ කිව්වෙ පැංචිට කිරි දවස් තියෙනවා කියලා..අදත් කෙල්ලගෙ කිරි දවසක්ද අයියේ ? "




"" ඒ ඇයි ! ""




" නෑ ඒ අයියා එහෙම කතාවක් කිව්වා "



"" අයියා ? ""





" ඔව් අද කෙල්ලගෙ කිරි දවස උනාට එයාලට ගමනක් යන්න උනාලු..දැන් එන ගමන්ම කෙල්ල අඬනවා ඇහිලා දොරට කතා කලා.."




"" ආ... මොනා කියලද කතා කලේ..? "".
එයා යකඩ කොටුව අස් කරන් ගමන් කතා කරන්නෙ..කිසිම වෙලාවක කතා කරන අතරෙ මගෙ මූන දිහා බලලා කතා කලේ නැහැ..

" වෙන මොකුත් කිව්වෙ නෑ..පැංචිට නින්ද ගියාට පස්සෙ ගියා...
රටා කියලා නමකින් දොරට කතාකලේ..මම ඒ නිසා දොරාරින්නත් ටිකක් වෙලා ගත්තා   "
මං එහෙම කියද්දි ඒ මූනෙ ලා හිනවක් ඇඳුනා..මම ඒක හොඳටම දැක්කා...

"" එහෙම කතා කරද්දි උත්තර කලබල උනාද ? ""
.


" නෑ .. ඒ නම අයියට කියන්න හේතුවක් ඇති ... "

මෙච්චර වෙලා බීම බෝතල් දාපු බෑග් එක මොකුත්ම නොකියා මට දික් කරනකොට ඒක අරගෙන ගේ ඇතුලෙන් තියලා උණු කරපු වතුර මුට්ටිය රෙදි කෑල්ලකින් අල්ලගෙන කුස්සියේ දොර ළඟ හිටගෙන ඉන්න එයා ළඟින් තිබ්බා...

"" ඇතුලෙ වැලේ දාලා තුවායක් ඇති !! ""
එයා කියන ගමන් ඇඳන් හිටපු ශර්ට් එකේ බොත්තම් අරින්න ගන්නවත් එක්කම වෙන දිහාවක් බලාගත්තු මං ඉක්මනට ගේ ඇතුලට ගුහින් කුස්සියේ දොර උඩට තුවාය දාලා ,
බිම තියෙන හිස් මුට්ටිය අරන් ආපිට හැරිලා ලිප ළඟට ගිහින් වතුර අඩක් පැහෙන්න තිබ්බා..

ලිප ළඟ තියෙන පුංචි කොට බංකුවේ ඉඳගෙන සට සට ගගා ලිපේ ඇවිලෙන පොල්කටු දිහා එකම විදියට බලන් හිටියා...ලමයා ඉපදෙන්න ඉන්න කාලෙ අක්කා මේකෙ කොහොම උයන්න ඇතිද..සමහරවිට ඒ දේවල් අක්කා කරන්න ඇති ..

මං හිටියෙ කල්පනාවක ... වතුර එක පැහීගෙන එන සද්දෙත් එක්කම ඉක්මනින් නැගිටලා ඉස්සරහට ගිය මං කඩේ ගිහින් අරන් ආව කෝපි , සීනි දාපු බෑග් එක මේසෙ උඩින් අරගෙන ආපිට හැරුනා...

"" ඕවා කොහෙන්ද උත්තර !!? ""
ගැඹුරු කටහඬක් එක්ක තුවායක් විතරක් ඇඳගෙන මං ඉස්සරහ හිටගෙන ඉන්න එයාව දකිද්දිම මටවත් පාලනයක් නැති මාව එකපාර හිරිවැටීගෙන ගියා..
තාමත් තෙත කෙස් ගස් අගින් බේරෙන වතුර බිංදු මූන දිගේ රූටගෙන ඇවිත් බෙල්ලෙන් පහලට පල්ලම් බැහැගෙන ඒ පපුව මැද්දට යන්න හදනකොටම මාව පාලනය කරගත්තු මම එකපාර ඔලුව හරව හරව වටපිට බලලා ඉක්මනටම බිම බලාගත්තා..

" ක් කඩෙන් අරගත්තෙ අයියෙ "
මං කියාගෙනම බිම බලාගෙන එතනින් ඉක්මනින් ආවා....මං වැරදි අදහසකින් ඒ දිහා බැලුවෙ නැහැ..මට පොරොන්දු වෙන්න පුලුවන්..වතුර බිංදුව පස්සෙ ගියපු මං ඒ පපුව පටන් ගන්න තැනින් පහලට ඇස් අරන් ගියෙ නැහැ...

මොකක් හරි හේතුවකට එතනින් පහල බැලුවොත් මාව පිච්චිලා එකපාර අයිස් වෙයි වගේ හැඟීමක් මට දැනුනා..
මම පිරිමියෙක් වෙලත් , හොස්ටල් එකේදී රූම් එකේ අපෙ උන් කොයිතරම් නිරුවතෙන් හිටියත්...,
මේ මනුස්සයා දිහා එහෙම කෙලින් බලන් ඉන්න බැරි තරමට විකාර හැඟීමක් නිසා මගෙ පපුව මහ සද්දෙට ගැහෙන්න අරගත්තා..

උතුරන වතුර මුට්ටියවත් අල්ලගන්න බැරි තරමට වෙව්ලන අතෙන් අමාරුවෙන් ජෝගුවට වක් කරගෙන ඒකට , කෝපි කුඩු එක්ක සීනි ගානට එකතු කරන ගමන් ඒකට විතරක්ම අවදානය දෙන්න මම සෑහෙන්න උත්සාහ කරමින් හිටියා..

" උඹ වැරදි නෑ විසල් !! උඹ ආදරේ කරන පිරිමි පපුවක නිරුවතක් ඔය විදියට ඉස් ඉස්සෙල්ලාම උඹෙ ඇස් වලට මුලිච්චි වෙනකොට උඹ ඔය හැටි ගැහෙන එක අරුමයක් නෙමෙයි !! "
" ඒක ආදරේ හැටියක්... !!

" උඹටවත් දරාගන්න බැරි උඹේ ආදරේ උඹ ඉස්සරහ එහෙම ඉන්නකොට උඹ බිම බලාගත්තු එක උඹෙ පලුයන්න ආදරේ හැටියක් !! "

මං ආයෙම වතාවක් මගෙ හිත කියන වචන නිසා හුස්ම හෑල්ලු කරන ගමන් නිදහස් උනා..

අතින් අරගෙන ගිය දුං දාන කෝපි එක ,
දොර ළඟ හිටගෙන වැස්ස දිහා බලාගෙන ඉන්න එයාට දික් කලාම , ලාවට හිනාවෙන ගමන් කෝපි එක අරගෙන දොර ළඟ බිමින් වාඩි උනා..
එයා ගෙදරට අඳින්නෙත් වෙනදට ගාලු මුවදොරට අඳින ඇඳුම් !!..

"" කාලෙකින් ""
එයා කෝපි එක දිහා බලාගෙන උගුරක් බොද්දි පලවෙනි උගුරෙන්ම ඇස් දෙක ලොකු කරන් ඒ උගුර ගිලින ගමන් ඇස් දෙක පියාගෙන දොරට හේත්තු උනා..
එයාගෙ හැසිරීමෙන් තේරුනා..සමහරවිට රස ඇති..

.
.

" අයියෙ මං යන්නම් ... "
තවමත් ඇස් පියාගෙන ඉන්න එයා දිහා බලන් ඉදලා බැරිම තැන මම කිව්වෙ මේ වෙනකොටත් මට යන්න වෙලාව තියෙන නිසා..
ඒත් එකපාර මගෙ කටහඬට ඇස් ඇරපු එයා ,

"" ගzසල් එක අමාරුයි නම් ගිහිල්ලා හරියනවද ""





" අදම ඕනි නෑ .. අයියා අද මහන්සි පාටයි "





"" අදම කියලා දුන්නොත් , උඹ හෙට ඉඳලා ප්‍රැක්ටිස් කරයි !! ""




" ප්‍රැක්ටිකල් එකට තව දවස් තියෙන එකේ -"



"" ඔහොම හිතලා එක්සෑම් එක හෙට කියලා,
උඩින් පල්ලෙන් බලාගෙන ගිහින් තමයි උඹලා ප්‍රැක්ටිකල් බෝර්ඩ් එකේ පිස්සු නටන්නෙ ""
"" අන්තිමට අපි එපැයි -!! ""
එයා තද කටහඬින්ම මොකක් හරි කියන්න ගිහින් අතර මැද එකපාරම නතර කරලා ඇහිබැමත් හකුලුවන් ආයෙම එලියෙ වැටෙන වැස්ස දිහා බලන් හිටියා...

" අයියෙ ඒත් - "


"" යන්නම ඕනිම නම් උත්තර යන්න !! ""
"" ඇරත් මේ ගේ හරියෙ උත්තරට දෙන්න තරම් සැප පහසුවක් මා ගාව නෑ ""

වැස්ස දිහා බලන් සන්සුන්ව ආයෙම එයා මුමුණද්දි යන්න කියලා අතට අරගත්තු ෆෝන් එකයි පර්ස් එකයි ආයෙම මේසෙ උඩින් තියපු මමත් එයා ඉස්සරහින්ම බිමින් ඉඳගෙන දණහිස් වටේ අත් දෙක පටලවගන්න ගමන් වැස් දිහාවට ඇස් අරන් ගියා...

"" උත්තරට පුලුවන්ද මට තවත් ඒ වගේම කෝපි එකක් හදලා දෙන්න !! ""

වැටෙන වැහි අතරෙන් ඇස් අරගෙන මං දිහා බලලා කියන ගමන් එයා හිස් කරපු කෝප්පෙ මට දික් කරද්දි ,
හිනාවෙලා ඒක අතට ගත්තු මං ආයෙම කුස්සි කෑල්ල දිහාවට ඇවිදන් යන අතරෙ මං දැක්කා...
එතනින් නැගිට්ට එයත් මගෙ කුඩේ අරගෙන වැස්සෙම එලියට බැස්සා !!

.
.
.
කෝපි එක හදන අතරතුරේ එයා වැස්සෙම ගිහින් අපි දෙන්නට කන්න අරන් ඇවිත් තිබුනු රයිස් එක කාලා ගෙදරට කෝල් එකක් අරගත්තු මං කුස්සියේ ඉඳලා ආයෙම ඉස්සරහට යන ටිකට එයා ආයෙම දොරට හේත්තුවක් දාලා ඉඳගෙන හිටියා..

"" මිස් උගන්නපු ගzසල් එක මොකක්ද !? ""



" Aaj Jaane ki zid na karo "

මම කියනවත් එක්කම එයා මං දිහා බලලා මටත් එයා ඉස්සරහින් ඉඳගන්න කියලා ඔලුවෙන් සන් කරන ගමන් සින්දුව පටන් අරගත්තා...

ප.ලි

ඉන්දියන් මියුසික් සිස්ටම් එක ගත්තොත් ඒක ප්‍රධාන කොටස් දෙකයි..හින්දුස්තානි , කර්ණාටික් විදියට !!
ගzසල්  කියන්නෙ හින්දුස්තානි සංගීතයෙ අර්ධ ශාස්ත්‍රීය එහෙම නැත්තන් semi classical ගායන ශෛලියක්..
මියුසික් කරන අය දන්නවා ඇති..නොකරන අයටයි මම මේ නෝට් එක දාන්නෙ...
ගzසල් මාරම ලස්සනයි ..මාරම ෆීල්....ඒවගෙ මූලිකම තේමාව ප්‍රේමය , ශෘංගාරය...
මේ සින්දුව ඇස් පියාගෙන විඳින්න...
තේරුම එකපාරක් කියවලා සින්දුව විඳින්න...

මම මේ සින්දුව වෙන කෙනෙක්ට අහන්න දෙන්න තරම් ලෝභයි ඉස්සර..🙂..අකිල කියන චරිතෙට මේ වොයිස් එක කවන නිසා මේක අහනකොට මම මෙහෙම විකාර වෙනවානම් එතන ඉන්න විසල් දැන් මොන තත්වෙක ඉන්නවද කියන එක මම අමුතුවෙන් කියන්නෙ නැහැ   ...

ඔන්න ඔයාලගෙ අලුපාට සින්දු ලිස්ට් එකට තවත් එකක්...!!

aaj jaane ki Zid na karo
yoon hi pehloo mein baiThe raho
aaj jaane ki Zid na karo
haay mar jaayenge, hum to luT jaayenge
aisi baatein kiya na karo
aaj jaane ki Zid na Karo

අද රාත්‍රියේ  මට ඉවත්ව යන ලෙස බලකරන්න එපා.
මගේ ළඟින් ඉඳගෙන ඉන්න.
අද රෑ, යන්න කියලා බල කරන්න එපා.

අනේ මම මැරේවි, මම අතරමං වේවි,
එහෙම කතා කියන්න එපා.
අද රෑ, යන්න කියලා බල කරන්න එපා.

tum hi socho zara, kyun na rokein tumhein
jaan jaati hai jab uTh ke jaate ho tum
tumko apni kasam jaan-e-jaan
baat itni meri maan lo
aaj jaane ki Zid na Karo

ටිකක් හිතන්න, මම ඔයාව නවත්වන්නේ නැත්තේ ඇයි?
ඔයා යනකොට මගේ ජීවිතය මගේ ශරීරයෙන් ඉවත් වෙනවා වගේ දැනෙනවා...

මම ඔයාට විශ්වාසයි
මගේ ප්‍රේමණීයම ඔයා...අද මගෙ ඉල්ලීමට එකඟ වෙනවා..
මට යන්න කියලා බල කරන්න එපා...

.
.
.
.

ඉවරයක් නැති වැස්ස දිහා බලාගෙන ගzසල් එක මරන එයා දිහා බලාගෙන අදත් මම ඉවරයක් නැතුවම ඒ මූන දිහා එක දිගට බලාගෙන ඉන්නවා...

එයා හායෙ මර්ජායෙන්ගෙ ෆීල් කරන තැනදි ,
මගෙ ඇඟ පුරාම හිරිවැටීගෙන යනටිකට ..

" ඔහොම ආදරේ කරලා ...විසල් උඹ ඇත්තටම දවසක මැරිලා යාවි !! "

" මැරිලා යන්න හරි ආදරේ දීපන් විසල් !! ඒකෙන් උඹෙ ආත්මෙ හරි සතුටක් ලබාවි "

හිත ආයෙම දෙපිලකට බෙදිලා කා ගන්න අරගන්න අතරෙ ඒ දිහා බලන් ඉඳපු මම තුන්වෙනි පාර්ශවයකින් මගෙ හිතටම ඇතුල් උනා..

" උඹට ආදරේ කරන එකයි දැන් මට තියෙන එකම සැනසීම !!
ඉපදෙන්න හරි මැරෙන්න හරි ..
මැරිලා ආයෙ ඉපදෙන්න හරි ...
උඹට ආදරේ කරන්න ඉපදිච්ච මම...
මැරිලා යනකල් උඹ වෙනුවෙන්ම හුස්ම අරගනී අයියේ ... "

.
.
.
________________________________________

අලුපාට තෑගි ගොඩක් හම්බුනා....

කතාවෙ අවසානෙට දාන්න ඔක්කොම එකතු කරගෙන ඉන්නවා...

සින්දුව ලස්සනද..

ආයෙම එන්නම්..
පරිස්සමෙන් හුස්ම අරගන්න...

-ගැයුමා

_____________________________________

කතාවෙ දිගින් දිගටම දෙන හින්ට් ගැන මම දිගටම මතක් කර කර ඉන්නෙ නැහැ...
කතාවෙ අවසානෙට ඒවා නොසෑහෙන්න වැදගත් වේවි !!

සනී ආයෙම එනකල් පරිස්සමෙන් ඉන්න ...

මං ආදරෙයි ...

-සනී
2023.11.13






Continue Reading

You'll Also Like

938K 21.5K 49
In wich a one night stand turns out to be a lot more than that.
4K 60 13
What if Maleficent had two twin daughters Millie and Mal? What if Mal never fell for King Ben but instead falls for her best friend Evie? The VK's we...
783K 29.2K 104
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
580K 8.9K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...