සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.2K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• පස් වන දිගහැරුම •

633 147 50
By ___Sky-Heart___

" ඕයි තීර්ථ මාව ලග තියාගෙන ඔහොම බියර් බොන්න එපා බං "

" මට ඕනේ නම් මම බොනවා කෙදිරි ගාන්නේ නැතුව උබත් ඔය බියර් එකක් අරන් බීපන් "

" ආර්ර් උබ දන්නවනේ මට ඕවා බීලා ගෙදර යන්න බැහැ කියලා අම්මා මාව කයි බං "

" එහෙනම් ඉතිම් නිකන් ඉදපන් දැන් බියර් වලට යන වියදමත් එක්ක මේ යුගාන් කාරයගේ පාර්ටි එකෙන් පිනට බොනවා ඇරෙන්න ඕවා ගන්න සල්ලි නාස්ති කරන්න බැහැ මට "

තීර්ථ කියන්නේ පරිසමාර්ත අර්ථයෙන්ම බේබද්දෙක් ! ඒත් හොදම වැඩේ කියන්නේ තීර්ථගේ තාත්තා සුරාබදු ඒකකයේ නිලදාරියෙක් . හැබැයි තීර්ථ බව්සර් ගනන් බිව්වත් හැමදාම හිටියේ කෙලින් ඒක නිසා තීර්ථව කවදාවත් තාත්තට අහු උනේ නම් නැහැ . තීර්ථ බියර් බොන දිහා බලන් හූල්ලනවා ඇරෙන්න තීනු ආසාවට වත් බියර් උගුරක් වත් බොන්න ගියේ නැහැ .

මොකද ආසාවට බොන්න ගියා වගේ නෙමේ අම්මට මාට්ටු උනොත් පිනට හම්බ වෙන බත් පතත් නැති වෙයි කියලා තීනුට සාදාරණ බයක් ඇති උනා . බියර් බොන්න බැරි නිසාම තීනු තරහින් මේසේ උඩ තිබුනු කොකා කෝලා ග්ලාස් එකක් අරන් බොන්න ගත්තා . තීර්ථ නම් උගේ ගෙදර වගේ බියර් බිබී බයිටුත් කකා හෙනම ආතල් එකෙ හිටියා . ජීවිතේ පලවෙනි පාරට තීර්ථ තමන්ගේ හිතින් යුගාන්ට හොද කිව්වා .

කේක් කපන්න තවත් වෙලා තිබුනු නිසා යුගාන් සිතිජ එක්ක පූල් එක ගාවට වෙලා පොඩ්ඩක් විනෝද වෙමින් හිටියා . ඒත් ඇතුලට ගියපු තීනු නිකමට වත් ආයෙ එලියට නාව නිසා යුගාන් හතර වටේම තමන්ගේ ඇස් යවමින් තීනුව හොයන අතරෙම ඇතුලට ආවා . පාට පාට එලි අතරේ ලිවින් රූම් එකේ කෙලවරේම තීර්ථ එක්ක ඉන්න තීනුව යුගාන්ගේ ඇස් මානෙට අහු වෙද්දි යුගාන්ගේ තොල් අතර හිනාවක් මැවුනා .

තීනු ඉන්න දිහාවට අඩියෙන් අඩිය යුගාන් ලං වෙද්දි තීනු දුර තියාම දැක්කා සෙවල හිනාවකුත් දාගෙන එන යුගාන්ව ඒත් තීනු යුගාන්ව සතේකට මායින් නොකර කෝක් ග්ලාස් එක දිගටම හිස් කරන්න ගත්තා . යුගාන්ගෙම ගෙදර ඉදන් යුගාන්ටම ලොකුකම් දාන්න තරම් තීනු මොන වගේ ගම්මිරිස් ඇටයෙක්ද කියලා හිතා ගන්න පුලුවන් නේ !!

" තීර්ථ ඔය අතේ තියෙන බියර් එකත් අරන් පොඩ්ඩක් එහාට පලයන් මට තීනු එක්ක ටිකක් කතා කරන්න ඕනේ "

" හරි යන්නම් හැබැයි මට ගල් අරක්කු බෝතලයක් ගන්න බැරි වෙයිද "

" පූල් එක ගාව සිතිජ ඉන්නවා ඌ ගාව බඩු ඇති උබ ගිහින් බලපන්කෝ "

" හම්මට එහෙනම් බොසා මම කැපුනා "

තීර්ථට ඕනේ කරන ඒවා සිතිජ ගාව තියෙනවා කියලා කියනවත් එක්ක තීර්ථ තමන් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ අතේ තිබුනු බියර් ටින් එකත් එක්කමයි . තීර්ථ පූල් එක ගාවට යන්න හදද්දී තීනු තමන්ගේ ඇස් වලින් තීර්ථට යන්න එපා කිව්වොත් යාලුවට වඩා ගල් අරක්කු බෝතලේ ලොකු උනු තීර්ථ තීනුටත් පොඩි සැලුට් එකකුත් ගහන ගමන් එතනින් පිට උනා .

" තීර්ථ !!! "

තීනු තමන් ඉන්න තැනම ඉදලා හයියෙන් තීර්ථගේ නම කියලා කෑ ගැහුවත් වටෙන්ම ඇහෙන ඩිස්කෝ සංගීතයට තීනු කතා කරන වගක් නම් තීර්ථට ඇහුනේ නැහැ . තීනු ගාවින්ම වාඩි උනු යුගාන් තීනුගේ කරට අතක් දාද්දි තීනු යුගාන්ගේ අත ගසලා දාන ගමන් යුගාන්ට හැටට හැටේ රවන්න ගත්තා . කොහොමත් තීනු රවනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න දැනන් හිටියෙත් නැහැ .

" මොකද තීනු බබා ඔයා තරහින් වගේ ඉන්නේ "

" සිරාවටම අහන්නේ තමුසෙට ලැජ්ජාවක් නැද්ද ඕයි "

තීනු තමන්ගේ ඇස් රෝල් කරමින් යුගාන් ගෙන් අහද්දි යුගාන් කකුලක් පිට කකුලක් පටවල ගන්න අතරෙම හිනා උනා .

" මට ලැජ්ජාවක් තියෙනවා නම් තමුසෙ මට කැමති නැහැ කියලා දැන දැනත් මෙහෙම පස්සෙන් එනවද කියනවකෝ "

" ඒකත් ඇත්ත හැබැයි !! ඉතිම් මම තමුසෙට කැමති නැහැ කියලා දන්නවා නම් වෙන එකෙක්ව ටෝක් කර ගන්නවකෝ මට වද දෙන්නේ නැතුව "

" රාජ කුමාරයෝ දාහක් හිටියත් වැඩක් නැහැ තීනු බබා මම කැමති පොල් කාවයියා නැතුව "

යුගාන් තීනුගේ රෝස පාට නහයට තට්ටුවක් දාන ගමන් කිව්වේ හිනා වෙන ගමන් . හැබැයි යුගාන් කියපු එකට නම් තීනුට තරහ ගියා . තමන්ගේ මූණත් කුණ්ඩ හට්ටිය කර ගත්තු තීනු යුගාන්ගේ දිහාවට අලු කරන බැල්මක් හෙලන ගමන් යුගාන්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ල ගත්තා .

" ඔහොම ඉන්නවා දැන් තමුසේ ඔය කියන්නේ මම පොල් කාවයියෙක් වගේ කියලද ?? "

" මං එහෙම කිව්වේ නෑනේ තීනු බබා ඒත් එහෙමයි කියලා බොරු කියන්න හොදත් නෑනේ "

" තමුසෙ ඔය නොකියා කියන්නේ දැන් මම කැතයි කියලනේ "

" බුදු අම්මෝ හෙන ගහන කතාවක්නේ මේ කියන්නේ මගේ තීනු බබා තරම් කවුරුත්ම ලස්සන නැහැ .. පඩ කෙල්ලොත් කැලේ ඔයාගේ ලස්සනට "

යුගාන් තීනුගේ ලස්සන ගැන හොදටම වර්ණනා කරද්දි යුගාන්ගේ කොලර් එක ගුලි කරන් හිටපු තීනුගේ අත් ඉබේම නිදහස් උනා . තීනු කැමතියි තමන් ලස්සනයි කියලා හැම කෙනෙක්ගෙම කටින් අහ ගහන්න . ඉතිම් යුගාන් ඇස් නලලේ තියන් තීනුගේ ලස්සන අගයද්දි මෙච්චර වෙලා යුගාන් එක්ක අලි තරහෙන් හිටපු තීනු ඉබේටම නිවිලා ගියා .

" ඇත්තටම මම ලස්සනයිද "

" මොනවා අහනවද කට නම් ලැට් වලක් වගේ තිබුනට පෙනුමෙන් නම් එල-දෙන නැහැ.. මේ.. මම කිව්වේ දෙවගන වගේ "

" අනේ මේ තමුසෙ ගුටි කන්නයි ඔය හදන්නේ !! "

තීනු යුගාන්ගේ පපුවට අත මිට මොලවලා පාරක් ගැහුවේ යුගාන්ට රවන්න අමතක නොකර . ඒත් තීනු ගහපු එක යුගාන්ට දැනුනේ වත් නැහැ . තීනු දිහා බලා ගෙනම හිනා උනු යුගාන් තමන් ගාවින් සෝෆා එකේ වාඩි වෙලා ඉන්න තීනුගේ ඉනෙන් අල්ලලා තීනුව ටිකක් තමන්ගේ ලගට ඇද ගත්තා . යුගාන් ගෙන් ඈත් වෙන්න තීනු ට්‍රයි කලත් යුගාන් තීනුගේ ඉන තව ටිකක් තද කලේ තීනුට රිද්දලා .

" ආව්වා තමුසෙට අසහනේද එහෙන් මෙහෙන් මිරිකන්න නම් එන්න එපා "

" මට ඕනේ නම් මම මිරිකනවා ඇයි තමුසේ මොනවා කරන්නද ? "

" මිරික ගන්න ඕනේ නම් මිරික ගනිම් උබේ අසවල් එක මගේ මගුල් මිරිකන්නේ නැතුව "

" ප්ලීස් ඕයි අද වත් ටිකක් එල්ලෙන්නේ නැතුව ඉන්නවකෝ "

" මන්ද එල්ලෙන්නේ තමුසෙනෙ දැන් මගේ අරහෙන් මෙහෙන් අල්ල අල්ල රිලවෙක් වගේ එල්ලෙන්න හදන්නේ "

තීනු කටත් එහෙක් මෙහෙක් කර කර කියවන්න ගද්දි යුගාන්ට තරහ ගියා . මොකද යුගාන් මෙහෙම තීනුගේ පස්සෙන් එන්නේ යුගාන් තීනුට සිරාවටම ලව් නිසා ඒත් ඒ හැම පාරකම වගේ තීනු තමන්ගේ ප්‍රතික්ෂේප කරද්දි යුගාන්ට උනත් තද වෙන එක සාදාරණයි . තීනුගේ කියවිල්ල නිසාම තීනුගේ ඉනේ තිබ්බ තමන්ගේ අත යුගාන් අයින් කරලා තමන්ගේ අත් දෙක හරහට බැද ගත්තා .

ඒ විතරක් නෙමේ තීනුගේ ලගින්ම හිටපු නිසා යුගාන් තීනුගෙන් ටිකක් එහාට උනා . වපර ඇහැ දාලා යුගාන් දිහා බැලුව තීනු දැක්කේ මූණ කුණ්ඩ හට්ටිය කරන් ඉන්න යුගාන්ව . යුගාන් ඕන කෙහෙල් මලක් කර ගත්තුවාවේ කියලා තීනුත් යුගාන්ව ගානකට ගන්නේ නැතුව මේසේ උඩ තිබුනු චොකලට් කෑල්ලක් අරන් කටේ දා ගත්තා . යුගාන්ට තරහයි ! ඒත් අද වගේ දවසක තීනු එක්ක රණ්ඩු වෙන්න බැරි නිසා යුගාන් පාඩුවේ හිටියා .

තීනු නිකමට වත් යුගාන්ගේ දිහා බලන්නේ නැති නිසා ගිනි පිඹින මකරා වගේ යුගාන් තමන් හිටපු හරියෙන් නැගිටලා ගියේ තීනුව ලිවින් රූම් එකේ තනි කරමින් . යුගාන් ගියා වගේ නෙමේ තීර්ථත් නැති නිසා තීනුට තනිකමක් දැනුනා . එල්ලි එල්ලි හරි යුගාන් එක්ක ශේප් එකේ තමන්ට ඉන්න තිබුනා කියලා එක මොහොතකට තීනුට හිතුනා . ඒත් තීනු දාපු පඩ ශෝ එක නිසා ඒකත් වතුරේ ගියා .

තීනු කොච්චර තනියම ඉන්නවා දැක්කත් යුගාන් නම් ආයේ පැත්ත පලාතේ තීනු ගාවට ගියේ නැහැ . මාලුවා නහින්නේ කට හින්දා කියනවා වගේ තීනුත් තමන්ගේ කට හින්දා වැඩේ වරද්ද ගත්තා . කේක් කපන වෙලාව ලං වීගෙන එද්දි යුගාන්ගේ ගෙදර වැඩට හිටපු අය පූල් එක ගාව කේක් එක තියලා සේරම දේවල් රෙඩි කරන්න ගත්තා .

යුගාන්ගේ අම්මයි තාත්තයි යුගාන්ව බදා ගෙන සෑහෙන්න වෙලාවක් මොනවදෝ කතා කර කර ඉන්නවා තීනු දැක්කා . හැමෝම ආයේ පූල් එක ගාවට වට වෙද්දි යුගාන් හිමින් සැරේ තීර්ථව ඇතුලට යැව්වේ තීනුව එක්කන් එන්න කියලා . හෙන ගේමක් දීපු තීර්ථ හරි අමාරුවෙන් පූල් එක ගාවට තීනුව එක්කන් එද්දි නිකමට යුගාන් දිහා බලපු තීනුට යුගාන් ඇහැක් ගැහුවා .

ඒත් තීනු නම් කලේ යුගාන්ට රවා ගෙනම තීර්ථත් එක්ක පැත්තකින් හිට ගත්තු එක . බර්ත්ඩේ කේක් එකත් හරි ලස්සනට මේසේ උඩින් තියලා තිබුනා . යුගාන් කේක් නයිෆ් එකත් අතේ තියා ගෙන ඉද්දි යුගාන්ගේ අම්මයි තාත්තයි යුගාන්ගේ දෙපැත්තෙන් හිට ගත්තා . හැමෝම බර්ත්ඩේ සෝන්ග් එක කියද්දි තීනු තමන්ගේ තොල් පිට පෙරල ගත්තේ යුගාන් තවමත් තමන්ගෙ දිහා බලන් හිටපු නිසා .

" යුගාන් කපපන් යකෝ ඔය කේක් එක "

බර්ත්ඩේ සෝන්ග් එක ඉවර වෙලා කට්ටිය ක්ලැප් කරත් තීනු දිහා බලන් හිටපු යුගාන් කේක් එක තාම කැපුවේ නැති නිසා යුගාන් කේක් කපන එක වීඩියෝ කරන්න බලන් හිටපු සිතිජ කෑ ගහද්දි තමා යුගාන් හරි සිහියට ආවේ . සිතිජට මහ ගොන් හිනාවක් දාපු යුගාන් කේක් කෑල්ලක් කපද්දි වටේම හිටපු හැම කෙනෙක්ම යුගාන්ට හයියෙන් චියර් කරන්න ගත්තා . යුගාන් මුලින්ම කපපු කේක් කෑල්ලක් තමන්ගේ අම්මට කැව්වා .

" හැපි බර්ත්ඩේ පුතා අම්මා ආදරෙයි "

" තැන්ක් යූ අම්මා මාත් ඔයාට ආදරෙයි !! "

යුගාන්ගේ අම්මා යුගාන් කවපු කේක් කෑල්ල කන අතරෙම මිමිණුවේ යුගාන්ගේ නලලින් හාදුවක් තවරන ගමන් . ඊලගට යුගාන් සෞඛ්‍ය ඇමති වුනු තමන්ගේ තාත්තට කේක් කෑල්ලක් කැව්වා .

" හැපි බර්ත්ඩේ කොල්ලෝ !! තාත්තා වගේ පාර්ලිමේතුවට පැන ගන්න වත් ට්‍රයි එකක් දෙන්න "

" ම්ම් බලමුකෝ "

යුගාන්ව යුගාන්ගේ තාත්තා තදින් වැලද ගන්න ගමන් කියද්දි යුගාන්ට හිනාවක් ගියා . යුගාන්ගේ තාත්තට ඕනේ උනේ එයාගේ එකම පුතත් එයා වගේම පාර්ලිමේන්තු ඇමති කෙනෙක් වෙනවා දකින්න ඒත් යුගාන්ගේ නම් වැඩි කැමැත්තක් තිබුනේ නැහැ ඇමති කෙනෙක් වෙන්න ඒකට ඉතිම් තිබුනු ලොකුම හේතුව උනේ තීනු !! මොකද තීනු කැමති නැහැ ඇමතිලට .

කොහොම හරි අනිත් කේක් කෑල්ලත් අරන් යුගාන් තීනුට කවන්න හිතා ගෙන තීනු ගාවට යන්න හැදුවත් වීඩියෝ කරන පැත්තකින් දාලා ආපු සිතිජ දුව ගෙන දුව ගෙන ඇවිත් යුගාන්ගේ අතේ තිබුනු කේක් කෑල්ල එහෙන්මම කාලා දැම්මා . ඒ වෙලාවේ යුගාන්ට සිතිජ එක්ක ඇති උනේ පුදුමාකාර ආදරයක් . කෙටියෙන්ම කිව්වොත් සිතිජ යුගාන්ගේ හොදම යාලුවා නොවුනා නම් සිතිජ මෙලහකටත් අඩි හයක් යට .

" අම්මේ කේක් කෑල්ල නම් පංකාදු පහයි !! "

" හම්මට උක් කන්න දාලා පාට හතින්ම බඩ ගිහිල්ලත් සැනසීමක් නැහැ උබට මෝඩ හුත්තා !! "

යුගාන් තමන්ට බැන්නේ මොන කෙහෙල් මලකටද කියලා සිතිජට හිතා ගන්න බැරි උනා ඒත් ඉතිම් සිතිජ ඕවා හිතන්න යන එකෙක් නෙමෙයිනේ ඌ උගේ ආතල් එක අරන් පැත්තකට උනා . තව කේක් කෑල්ලක් කපපු යුගාන් ආයේ තීනු ගාවට එන්න හැදුවත් අනිත් උන් එක එකා ඇවිත් යුගාන්ගේ අතේ තිබුනු කේක් කෑල්ලෙන් කෑල්ලක් කලා යුගාන්ට විශ් කර කර යන්න ගත්තා .

" ඇයි හුත්තනේ තොපි මෙහෙම කරන්නේ මගේ තීනු බබාට එක කෑල්ලක් වත් කවන කල් ඉන්න බැරිද තොපි බඩජාරි හැතිකරේට .. කන්න ඕනේ නම් ඔය තියෙන කේක් ගෙඩියෙන් කපා ගෙන කාහන්කෝ මගේ අතේ තියෙන එකෙන්ම සක්කිලියෝ ටික වගේ කන්නේ නැතුව !! ආර්ර්ර් කැරි බේසාවෝ ටික !! "

යුගාන් වටේම ඉන්න උන්ට හිතෙන් බනින්න ගත්තේ එක කේක් කෑල්ලක් වත් තීනුට කවන්න තමන්ට බැරි උන නිසා . ඒ අස්සේ තීර්ථත් ඇවිත් තමන්ගේ අතේ තියෙන එකෙන්ම කද්දි යුගාන් එහෙන්මම කේක් කෑල්ල තීර්ථගේ කටට එබුවා . මොනා නැතත් කේක් එක රසට තිබුනු නිසා තීර්ථත් කේක් කෑල්ල රස කර කර ගන්න ගත්තා .

මේසේ උඩ තිබුනු ටිෂූ එකකින් අතේ තිබුනු අයිසින් ටික පිහිද ගත්තු යුගාන් . කේක් කෑල්ලක් කපලා ප්ලේට් එකකට දා ගත්තා . කේක් කපන කොට හිටපු එකෙක් වත් දැන් පූල් එකේ නැතුව බොන්න ගිහිල්ලා තියෙද්දි යුගාන්ගේ කේක් කෑල්ල දා ගත්තු ප්ලේට් එකත් අරන් තීනු ගාවට ලං උනා . ඒත් තීනු යුගාන් තමන්ගේ ලගට එනකල්ම දැක්කේ නැහැ වගේ හිටියා .

" තීනු බබා මේ කේක් කෑල්ල ඔයාට "

" මට එපා !! සේරම උන්ට කවලා මට විතරක් මොකටද ඕකේ දාලා දෙන්නේ "

තීනු යුගාන්ට පොඩි ගැස්සිලකුත් දාන ගමන් කිව්වා .

" දැන් ඔයා කැමති මං ඔයාට මගේ අතින්ම කේක් කැල්ල කවනවට නම් මට ප්‍රශ්නයක් නැහැ මේ කේක් කෑල්ලම මම ඔයාට කවන්නම් "

" විශාල කරදරයක් උනානේ මේක ! කෝ දෙනවා ඔය කේක් කෑල්ල මෙහාට "

යුගාන්ගේ අතේ තිබුනු ප්ලේට් එක තමන්ගේ අතට ගත්තු තීනු කේක් කෑල්ල කන්න ගද්දි යුගාන් ගේ මූණ පුරාම ලස්සන හිනාවක් මැව්නා . යුගාන්ට සද්දේ දැම්මට මොකද තීනුත් බලන් හිටියේ යුගාන් තමන්ට කේක් කැල්ලක් කවන කල් ඒත් කොහෙද වටේම ඉන්න උන් ඇවිත් කේක් කෑල්ලට වැඩේ දෙද්දි තීනුගේ පොඩි බලාපොරොත්තුව සලාං ගාලා බිදිලා ගියා .

යුගාන්ගේ අම්මයි තාත්තයි බර්ත්ඩේ පාර්ටි එකට ආපු කොල්ලෝ කෙල්ලෝ එක්ක කතාවට වැටෙද්දි පූල් එක ගව හිටපු ගොඩක් අය ආයේ ඇතුලට ගියේ සිතිජ ඒ ඩිංගට DJ එකක් දාන්න ගත්තු නිසා . වට පිටාවේ වැඩිය කට්ටිය නොහිටියත් ඒ අයත් බියර් අනන් මනන් බිබී පිස්සු නටන්න ගත්තු නිසා කාගෙවත් අවදානය යුගාන්ට වත් තීනුට වත් යොමු උනේ නැහැ .

යුගාන්ට මේ වෙලාවේ ඕනේ උනේ තමන් තීනුට ගත්තු ලස්සන මූන් නෙක්ලස් එක දෙන්න උනත් තීනුගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා යුගාන් ට හිතා ගන්න බැරි උනා . ඒත් තමන් ආසාවෙන් ගත්තු නෙක්ලස් එක තීනුට දෙන්න ඕනේ නිසාම තමන්ගේ සාක්කුවේ තිබුනු පුංචි බොක්ස් එක යුගාන් අතට අර ගත්තා .

තීනු තාමත් කේක් කෑල්ල කකා හිටපු නිසා යුගාන් බොක්ස් එක තමන්ගේ අතට තද කර ගත්තා . තීනු කේක් කෑල්ල කාලා ඉවර වෙලා ප්ලේට් එක ලගම තිබුනු මිනි ටේබල් එකෙන් තියලා ටිෂූ එකෙන් තමන්ගේ තොල් පිහිද ගනිද්දි එක පාරටම තීනුගේ අත ඉස්සරහට ඇදලා ගත්තු යුගාන් තමන්ගෙ අතේ තිබුනු බොක්ස් එක තීනුගේ අතෙන් තියලා අහක බලා ගත්තා ..

" මේ මොකක්ද මේ "

" පේනවනේ බොක්ස් එකක් කියලා "

" හරි මෝඩයෝ මම අහන්නේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා "

" ඒක ඉතිම් ඇරලම බලනවා "

යුගාන් ටිකක් සද්දෙන් තීනුට කියද්දි මූණත් පුම්බ ගෙනම තීනු බොක්ස් එක ඇරලා බැලුවා . තීනු සාමාන්‍යයෙන් නෙක්ලස් වලට වැඩිය ආස කෙනෙක් නම් නෙමේ ඒත් යුගාන් අර ගෙන තිබුනු මූන් නෙක්ලස් එක දැක්කම තීනුට ඉබේටම වගේ ආසාවක් ඇති උනා මොකද යුගාන් අර ගෙන තිබුනු මූන් නෙක්ලස් එක ඒ තරමට ලස්සන එකක් උනු නිසා .

" ඒක ලස්සනයි !! "

" ඒක ඔයාට "

" මට !? "

" ඔව් !! ඕක දා ගන්නවා !! මං තමුසෙටමයි ඕක රට ඉදන් යාලුවෙක්ට කියලා ගෙන්න ගත්තේ "

" අනේ මේ ඒත් මට මේක එපා !! "

" ඇයි එපා කියන්නේ තමුසේ දැන් "

" මට එපා නිසා !! "

යුගාන් මෙච්චර ආසාවෙන් ගෙනාපු නෙක්ලස් එකත් තීනු එපා කියද්දි යුගාන් ආයේ එක භාර ගනී කියලා හිතුවා නම් වැරදී . තීනුගේ අතේ තිබුනු බොක්ස් එක ඇදලා ගත්තු යුගාන් ඒකේ තිබුනු නෙක්ලස් එක තමන්ගේ අතට අරන් තීනු ගාවට ලං වෙලා නෙක්ලස් එක තීනුගේ කරෙන් දැම්මා . නෙක්ලස් එක එපා කිව්ව කෙනත් හොර ගෙඩියා වගේ යුගාන් නෙක්ලස් එක කරෙන් දාද්දි පාඩුවේ හිටියෙ වැඩිය ලොකු සීන් දාන්න ගිහින් යුගාන් ගෙන් කන්න වෙයි කියලා හිතලා .

" ඔය නෙක්ලස් එක දිගටම තමුසෙගේ කරේ තියෙන්න ඕනේ !! කැම්පස් එද්දි තමුසේ ඕක දා ගෙන එන්න ඕනේ හැබැයි ඕක ගලවලා හරි නැති කර ගෙන හරි තිබුනොත් අන්න එදාට මම තමුසෙව මරනවා !! "

" හරි හරි මෝඩයෝ කෑ ගහන්න ඕනේ නෑනේ !! මම ඕක ගල වන්නෙත් නැහැ නැති කර ගන්නෙත් නැහැ එතකොට හරිනේ "

යුගාන් තීනුට ටිකක් සැරෙන් කතා කරපු නිසා තීනු ඇත්තටම බය උනා . ඔලුවත් පහලට බර කර ගෙන තීනු තමන්ගේ මූණත් බෙරි කර ගද්දි යුගාන් තීනුගේ නිකටෙන් උස්සලා තීනුගේ මූණට එබුනා .

" තමුසෙ අඩන්නද ඔය හදන්නේ "

" නෑ මම මෙතන දහ අට සන්නිය නටන්න හැදුවේ !! හැම වෙලාවෙම තමුසෙ කරන්නේ මට කෑ ගහන එක !! කෝ තමුසෙගේ ඔය මගුලේ ආදරේ ?? ආදරෙයි නම් ඔහොමද මට කතා කරන්නේ ගහන්න හිතෙනවා තමුසෙට අගහරු වලට විසික් වෙන්න අපෘෂ්ඨවංශී ග්‍රෝතිකයා !! "

තොලත් පිට පෙරල පෙරල යුගාන්ට බැන ගෙන බැන ගෙන ගියපු තීනු යුගාන් ටත් ගස්ස ගෙන තීර්ථ ගාවට ගියා . තීනුට තරහ ගියාමත් යුගාන්ට පෙනුනේ හුරතලයක් විදිහට විතරයි !! තීනු තමන්ට බැන්නේ මොනවා කියලද කියලා වත් නොතේරුනු යුගාන් තීනු යන දිහා බලා ගෙනම හිනා වෙන්න ගත්තේ තමන්ගේ බෙල්ල පිටු පසත් පිරිමදිමින් .



To be continue

______________________________________________

ආවා ආවා මම ආවා

ටිකක් පරක්කු උනා නේද Update ගේන්න

ආයේ ඉක්මනට එන්නම්කෝ

කමෙන්ට් ටිකක් හලාගෙන යන්ඩලා

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

1.8K 244 7
දගකාර මුරන්ඩු හිත් දෙකකුයි දඩබ්බර ආදරනීය හිත් දෙකකුයි එකතු උනොත්...ඒක කොයි වගේ තියෙයිද..♡ මේ එයාලගෙ කතාව♡ ʏɪᴢʜᴀɴ ᴛᴏᴘ- ʏɪʙᴏ ʙᴏᴛᴛᴏ- ᴢʜᴀɴ ᴛᴀᴇᴋᴏᴏᴋ ᴛᴏᴘ...
4.5K 835 21
මට මාවම අමතක කරවන මගේ හිත අනන්තයක් තරම් දුරක ගිහින් අතරමං කරවන ඔය නපුරු දුඹුරු පැහැ ඇස් ඇත්තටම භාවනාවක්.... ...
12K 311 8
- [under heavy editing] Killua has just moved to a new city when he meets gon, a loyal, kind, pretty boy who wants to be his friend. ~~~~ •cover art...
16.4K 472 25
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...