Apratyāśit Prem

By c_ellara

4.6K 376 381

" බබා, මෙහෙ බලනවා මං තමුසෙට කතා කරන්නෙ, තමුසෙලගෙ උන් කොහොම දැඟලුවත් තමුසෙ මගෙ එච්චරයි. තමුසෙ ගෙ අප්පච්චි නෙවෙ... More

Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10
Part 11
Part 12
Part 13
Part 14

Characters

1.1K 44 50
By c_ellara

ඉතින් ළමයි, මේ තියෙන්නෙ මගෙ දෙවෙනි කතාව, පළවෙනි bl එක. මේක නානකොට ගහපු මනෝ පාරක් ඇසුරෙන් ලියවෙන ලද්දකි. චරිත වල, කතාවට අදාල තැන් වල මොනාහරි කේස් සහිත දෙයක් තිබ්බොත් කියන්න. ඒනම් ආදරෙන් සාදරයෙන් පිළි ගන්නවා කතාවට.

මෙයා යුහ‍ංස තත්සිළු දිව්‍යාන් වීරක්කොඩි. දැනට ලංකාවෙ කොළඹ තියෙන ප්‍රධාන පිරිමි පාසලක ඉගෙන ගන්න තව මාස පහ හයකින් ඕ ලෙවල් කරන්න ඉන්න, කියන දෙයක් නාහෙට අහන්නැති පවුලෙ එකා යකා කොල්ලෙක්. මෙයාට ලස්සනට සිංදු කියන්න, ඕනෙම sport එකක් කරන්න වගේම මිනිස්සුන්ගෙ ඔලු පලන්න, දත් ගලවන්න, කනවල් පලන්න වගේ දේවල් පුළුවන්. අහ්හ් කියන්න අමතක උනා නෙ. මොන නසරාණි, කඩාකප්පල් වැඩේ කරත් එක එක්සෑම් එකකදිවත් මෙයා තරම් ළකුණු ගන්න සිස්සයෙක් මෙයාලගෙ සෙක්ශන් එකටම නෑ. කොල්ලා දස්සයා හුම්...

එතකොට මේ ඉන්නෙ අශින්‍ය නිර්වාණ් හිමංසක තෙන්නකෝන් . මෙයා නම් ඉන්නෙ ලංකාවෙ පළවෙනි රාජධානිය වෙච්ච අනුරාධපුර. අනුරාධපුර තියන ප්‍රධානම පිරිමි පාසලකට මෙයා යන්නෙ. මෙයා ගැන කියනවා නම් මෙයාට ගොඩාක් හොඳට ඉගෙන ගන්න පුලුවන්. ඒත් වැස්සට වහලෙ හිල් වෙලා ඉන්න තැන තෙමුණත් ඉස්සරහ පේලියකට යන ගොයියෙක් නම් නෙවෙයි මෙයා. නිධානෙට අරක් ගත්ත බහිරවයෙක් වගේ මෙයත් පිටිපස්සෙ පේලියට අරක් අරන් ඉන්නෙ. මෙයාටත් තව ටික දවසකින් ඕ ලෙවල් ලියන්න තියෙනවා. මෙයා නම් බාස්කට් බෝල් පාරක් ගහගෙන චිල් එකේ ඉන්නවා. අහිංසක නම් නෑ බලෙන් වලි දාගන්නෙත් නෑ. තාත්තට විතරයි මෙයා බය.

මේ සුදේව දීපාල් වීරක්කොඩි. යුහ‍ංස ගෙ තාත්තා. ඔයාලට පේනවනෙ මෙයා වැඩ කරන්නෙ ශ්‍රී ලංකා පොලිසියෙ. පෝස්ට් එක OIC. රාජකාරි ස්ථානයට විතරක් යකා mode එක on කරගෙන වයිෆ්ටයි පුතාටයි හරිම ආදරෙන් ඉන්න ශෝක් මනුස්සයෙක් මෙයා.

මේ ඉන්නෙ ජනනි ගීතානි වීරක්කොඩි. මෙයා නම් nurse කෙනෙක්. උදේ hospital ගිහින් එතන ලෙඩ්ඩු බලන එකට අමතරව ගෙදර ඇවිත් පුතණ්ඩියා කරන් එන තුවාල වලට බෙහෙත් දාන එක තමා මෙයාගෙ රාජකාරිය.

මේ කෝසල සම්පත් තෙන්නකෝන්. මෙයත් එදාවේල හොයාගන්න ජොබ් එක කරන්නෙ පොලිසියෙ. මෙයා නම් රාජකාරිය දේවකාරිය කරගෙන, ගෙදර ඇවිල්ලත් දේවකාරිය කරන ජාතියෙ එක්කෙනෙක්. හොඳටයි නරකටයි දෙකටම මෙයා නරකයි.

මේ පූජා මධුරි තෙන්නකෝන්. අපේ අශින්‍ය බොස්ගෙ අම්මා. මෙයා ඉස්සර නම් ඉස්කෝලෙක ඉගැන්නුවා. අශින්‍ය ඉපදුනාට පස්සෙ පොලිස් හස්බන්ගෙ බලවත් විරෝධය මැද වගේම අශින්‍යට තියෙන ආදරේ නිසාම මෙයා ජොබ් එකට ටටා බායි කියලා ගෙදර නැවතුනා. දැන් නම් ඉතින් හවුස් වයිෆ් කෙනෙක්. පාට් ටයිම් ගමේ ළමයින්ට ක්ලාස් කරනවා.

ඒනම් ළමයි කතාවෙ ප්‍රධානම චරිත ඔයාලට හඳුන්වලා දීලා ඉවරයි. තව මැදදි පොඩි පොඩි අය හම්බ වෙයි. එයාලව ඔයාලගෙ ඔලුවෙන් කැමති විදිහකට මවා ගන්න... ආ මේ ඉන්න අයත් ඔයාලට සෙට් නෑ වගේ නම් එයාලවත් ඔයාලා කැමති විදිහකට මවා ගන්න. මේ images සේරම මං AI වලින් generate කරපුවා. මොනා හරි චූටි චූටි ගැටලු අවයව වල තිබ්බොත් ගණන් ගන්න එපා.

ඒනම් හඳුන්වා දීමේ හෑල්ල ඉවරයි. බලපු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.!

අහ්හ්හ් තව එකක් inseparable බලන අය...., මං එකේ updates AL ඉවර වෙච්ච ගමන් දෙනවා හොඳේ. සත්තම සත්තයි මහින්ද මහත්තයා පල්ලා.! එතකන් මේක දාන්නම් ඔයාලගෙ කම්මැලිකම යන්න කියව කියව ඉන්න. මේක ලියලා තියෙන්නෙ ටිකක් හෙහේ. ඒනම් හැමෝම පරිස්සමට ඉන්න හොදේ

ලාවියෝල් ❤️

✎ᝰ. अप्रत्याशित प्रेम 𓇢𓆸

Continue Reading

You'll Also Like

1.6K 211 4
එය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද ඇති කඹය අසලට යෑමට මහත් වූ වෑයමකි...
6.7M 311K 47
❝can you stop blasting chase atlantic so damn loudly at 3am?❞ ❝depends, can you stop crying so damn loudly at 3am?❞ 〤 caleb just made the decision to...
22.6M 694K 29
"Ethan." Aiden pauses. "I want you." He softly bites my ear. "I want to kiss you more than you will ever know." Trying to avoid the daily beatings of...
9.7M 423K 37
Luca Bakker, a football jock with haunted eyes and a pretty Dutch accent. And Theodore Hart, a shy kid from school who works at the local pet shop. T...