සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.2K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• හතර වන දිගහැරුම •

697 143 46
By ___Sky-Heart___


යුගාන්ගේ බර්ත්ඩේ එක හරියම ඉරිදා වැටිලා තිබුනු නිසා තීනූ උදේම ලෑස්ති උනේ බර්ත්ඩේ පාර්ටි එකට යන්න තමන්ගේ අම්මගෙන් පර්මිෂන් ඉල්ල ගන්න . යහපත් දරුවෙක් විදිහට උදේ හයට නැගිටලා දත් ටිකත් මැදලා කෙලින්ම නා ගත්තු තීනූ රෝස කැලෙන් ආව කුමාරයෙක් වගේ කුස්සියට බඩ ගාන්න ගත්තේ මේ වෙලාවෙදි තමන්ගේ අම්මා ඉන්නේ කුස්සියේ කියලා තීනු ඉර හද වගේ දැනන් හිටපු නිසා .

එක පාරටම කුස්සියට නොයා හිමින් සැරේ හොම්බ දලා තමන්ගේ CCTV ඇස් ගෙඩි දෙක වටේ යැව්ව තීනු බැලුවේ මේ ලග පාත තමන්ගේ නංගි ඉන්නවද කියලා මොකද මන්දාරමී ඉන්න වෙලාවක තීනු අම්මා ගෙන් පාර්ටි එකට යන්න පර්මිෂන් ගන්න ගියොත් අනිවාර්යයෙන්ම මන්දාරමී තමන්ට මොකක් හරිම ගුලියක් අඹරනවා කියලා තීනු දැනන් හිටියා . සතුරන් ගෙන් හිස් වී පතය පැහැදිලිව තිබුනු නිසා තීනු හිමින් සීරුවේ කුස්සියට අඩිය තිබ්බා .

තීනුගේ අම්මා උදේට කන්න ඉදි ආප්ප වලට පිටි අනන ගමන් හිටියේ . සද්ද නොකරම අම්මා ගාවට ලං උනු තීනු එක පාරටම අම්මව පිටි පැස්සෙන් බදා ගනිද්දි තීනුගේ අම්මා දැන ගත්තා මේ ඇවිත් ඉන්නේ තීනු කියලා . කවදාවත් නැතුව තීනු තමන්ගේ අම්මව බදා ගෙන උම්මා එකකුත් දෙද්දි ගොනා හැරෙන්නේ පොල් පැලේට තමා කියලා තීනුගේ අම්මට තේරුන් ගියා . හැම එකාටම අම්මට ආදරේ කරන්න මතක් වෙන්නේ මොනවා හරිම ඕනේ උනාම කියන එක නම් ඇත්තක් ..

" දැන් මොකද ඔය ලොකු මහත්තයා මේ කුස්සිය පැත්තේ ආවේ "

" වෙන මොකටද ඉතිම් මගෙ සුද්දිව බලන්නනේ "

තීනූ තමන්ගේ අම්මව තව ටිකක් තදින් බදා ගෙන කියද්දි තීනුගේ අම්මා නම් හිනා උනේ තීනු ඔහොම හිටියට හෙන ඇට්ටරයා කියලා දන්න නිසා .

" ඔච්චර බටර් ගාන්න එපා බං මොනවද ඕනේ ? "

" එහෙම මුකුත් ඕනෙ නෑ මම මේ ටිකක් ආදරේ කරන්න ආවේ "

" අනේ උබේ නල්ල මලේ ආදරේ !! අම්මට ආදරේ දෙන්න මතක් වෙන්නේ මොකාක් හරිම ඕනේ උනොත් විතරනේ "

" ඔය ඉතිම් ඒකනේ සුද්දි එක්ක කිසි දෙයක් කරන්න බැරි ආදරේ දුන්නත් වැරදී ආදරේ නොදුන්නත් වැරදී !! "

තීනූ තමන්ගේ මූණත් හකුල ගෙන අම්මගෙන් ඈත් වෙලා ප්‍රැන්ටි එකට හේත්තු උනා . අම්මා නම් තීනුව සතේකට ගනන් නොගෙන හදා ගත්තු ඉදි ආප්ප පිටි එක ඉදි අප්ප වංගෙඩියට දාලා මිරිකන්න ගත්තා . තීනු තමන්ගේ යටි තොලත් හපා ගෙන කල්පනා කලේ කොහොමද දැන් අම්මට මේ ගැන කියන්නේ කියලා . යුගාන්ගේ බර්ත්ඩේ එකට නොයා ඒකට අහු වෙනවට වඩා අම්මගෙන් කුනු බැනුම් සේරම හරි අහගෙන බර්ත්ඩේ පාර්ටි එකට යන එක හොදයි කියලා තීනු හිතුවා .

" දැන් මොකද කියනවා හොර පූසා වගේ කුස්සියට ආවේ "

" අහ් මේකයි හැබැයි ඔන්න බනින්න බැහැ "

" බනින්නේ නෑමයි කියලා මම පොරොන්දු වෙන්නේ නැහැ හැබැයි පුතෝ මොකක් හරි නොහොබිනා වැඩක් කරලා තිබුනොත් ඇහේ ඉදන් පට්ට ගහන්නේ මම "

අම්මා තීනුට ඇගිල්ලත් දික් කර කර බනිද්දි තීනුට ඕනේ පකක් වෙච්චාවේ කියලා බර්ත්ඩේ පාර්ටි එකට නොයා ගෙදර ඉන්න හිතුනා . ඒත් තීනුට එහෙම කරන්න බැහැ මොකද අද හවස හයට යුගාන් ගේ ගාවට තීනුව එක්කන් යන්න එනවා කිව්ව නිසාම අම්මව කොහොම හරි කැමති කරව ගන්න තීනුට සිද්ද උනා . ඒක නිසාම තීනු හෙන අහිංසක මූණක් දාලා අම්මා ඉස්සරහා තොත්ත බබා තීනු වර්ෂන් රගපාන්න ගත්තා .

" අම්මේ ඔයා දන්නවා නේද අපේ කැම්පස් එකේ ඉන්න යුගාන්ව "

" ම්ම්හ් අර ඇමතිකාරයගේ පුතානේ "

" ඔව් එයා තමා ඉතිම් මේ එයාගේ බර්ත්ඩේ එක අද එයා මට ඊයේ බර්ත්ඩේ පාර්ටි එකට එන්න කියලා ඉන්වයිට් කලා ඉතිම් මම යන්නද "

" නෑ නෑ උබ කොහෙවත් යන්නේ නැහැ ඔය ඇමති පුත්තු එක්ක වැඩි ආසරේට යන්න එපා කියලා මම උබට මීට කලින් කියලා තියෙනවනේ .. ගෙදරින් එලියට එක අඩියක් හරි තිබ්බොත් අඩු කඩනවා මම !! ආයේ ඉතිම් මම නොකිව්වයි කියන්න එපා !! "

" අනේ අම්මේ !!! "

තීනු අඩි හප්ප හප්ප කෑ ගැහුවත් තීනුගේ අම්මා නෙමේ තීනුව සතේකට වත් ගනන් ගත්තේ . තීනුගේ අම්මා කොහොමත් ඔය ඇමතිකාරයොන්ට කැමති කෙනෙක් නෙමේ ඊටත් වඩා යුගාන් ගැන කනට වැටිලා තියෙන නරක දේවලුත් එක්ක තීනුගේ අම්මට ඕනේ උනේ නැහැ තීනුව යුගාන්ගේ බර්ත්ඩේ පාර්ටි එකට යවන්න මොකද තීනුගේ අම්මා හිතුවෙන යුගාන් නිසා තීනු නරක් වෙයි කියලා .

ඒත් තීනුගේ අම්මා දන්නවා නම් තීනුගේ නරක් වෙන්න දෙයක් නැහැ කියලා අනිවාර්යයෙන්ම තීනුගේ අම්මා සිය දිවි නසා ගන්න උනත් පුලුවන් පුතණ්ඩියගේ හපන්කම් වලට . ඒත් වාසනාවකට වගේ තීනු කැම්පස් එකේ කරන කිසිම හොර වැඩක් තීනුගේ අම්මට මාට්ටු වෙලා නොතිබුනු නිසා තීනුගේ අම්මා තීනු හොද එකෙක් කියලා විශ්වාස කලා . ඒත් ආන්න එතනදි නම් තීනුගේ අම්මා වැරදි උනා .

" මෙතන අඩි හැප්පුවා කියලා මම නම් යන්න දෙන්නේ නැහැ "

" මොකක්ද අම්මේ ඔයා මට කොහෙවත් යන්න දෙන්නේ නෑනේ යුගාන්ගේ බර්ත්ඩේ පාර්ටි එකට විතරනේ යන්න අහන්නේ "

" ඔය මදාවියගේ බර්ත්ඩේ පාර්ටි එක නිසාම තමා මමත් යන්න එපා කියන්නේ "

" අයියෝ අම්මේ එයා එහෙම නැහැ අනේ හරි හොදයි .. යුගාන් දැන් හොදට ඉගෙන ගන්නවත් එක්ක "

" ඈ බං උබ ගිය සතියෙත් මාත් එක්ක ඔය යුගාන් කියන කොල්ලට බැන්නා නේද දැන් මොකද උබ ඔය එක පාරටම ඌට හොද කියන්නේ "

තීනුගේ අම්මා තමන්ගේ අතේ තිබුනු ඉදි ආප්ප වංගෙඩියත් තීනු දිහාවට දික් කරලා අහද්දි තීනුගේ කටට ඉබේම යතුරු වැටුනා . ගිය සතියේ අම්මත් එක්ක යුගාන්ට බැනලා තමන් කර ගත්තේ ලොකූ ගොන් කමක් කියලා තීනුට තේරුම් ගියා ඒත් බර්ත්ඩේ පාර්ටි එකට නොගියොත් යුගාන් තමන්ව කෝටු මස් කරයි කියලා හිතුනු නිසාම තීනු නම් ගේම අතෑරියේ නැහැ .

" අනේ අහන්නකෝ අම්මේ ගිය සතියේ නරක උනාට එයා මේ සතියේ ගොඩක් හොදට හිටියා අනික බර්ත්ඩේ පාර්ටි එකට තීර්ථත් එනවා ඒක නිසා බය වෙන්න දෙයක් නැහැනේ "

" තීර්ථත් එනවද ? "

" ඔව් එයත් එනවා කිව්වා "

තීර්ථත් යුගාන්ගේ බර්ත්ඩේ පාර්ටි එකට එනවා කියලා කිව්ව නිසාම තීනුගේ අම්මගේ හිත යාන්තමින් වෙනස් උනා . මොකද තීනුගේ අම්මට අනුව තීර්ථ කියන්නේ වැදගත් දෙමාපියන්ගේ රත්තරං පුතෙක් . ඒත් තීර්ථ කියන්නේ ඇත්තටම එහෙම එකෙක් නෙමේ . ඌ ඔහොම හිටියට ලෝකේ කාලා වතුර බීපු තීනු ටත් වඩා හොද ඇට්ටරයෙක් . ඒත් තීර්ථ පෙන්නන් ඉන්න හොද මූණ නිසාම කවදාවත් තීර්ථ ගැන කිසිම කෙනෙක් කිසිම නරකක් නම් හිතුවේ නැහැ .

" ම්ම්හ් තීර්ථ පුතත් ඔය පාර්ටියට එනවා නම් යන්න ඉතිම් "

" අනේ මගේ සූකිරී මැණිකා !! මෙන්න දුන්නා උම්ම්හ්හ් "

අම්මා කැමති උනු නිසාම තීනු අම්මගේ කම්මුලකින් ලොකු උම්මියක් තියද්දි තීනුගේ අම්මා තමන්ගේ ඇදුමෙන් කම්මුල පිහිද ගත්තේ උම්මා එකට වඩා තීනුගේ කෙල තමන්ගේ කම්මුලේ ගෑවිලා තිබුනු නිසා .

" හැබැයි පුතෝ බියර් අරක්කු වගේ ජරාව නම් කට ගාලා නම් අහු වෙන්න එපා මට තෝව ගිහින් මම කරවල වාඩියකට විකුණනවා දැන ගනිම් "

" හරි අනේ ඔයාගේ සූටී පුතා ඕවා කරන්න යන්නේ නැහැ හරිද "

" උබව නම් මට සතේකට ශුවර් නෑ තීර්ථ පුතා එනවා කිව්ව නිසා යවන්නේ "

" හැබැයි ඌට වඩා නම් මම හොදයි "

තීනු කිව්ව කතාවට තීනුගේ අම්මා නම් කලේ හිනා උනු එක . හැමදාම වගේ තීනුගේ අම්මා සුද්ද කලේ තීර්ථව එතකොට තීර්ථගේ අම්මා සුද්ද කලේ තීනුව . අන්තිමේදී අම්මා කොහොම හරි යුගාන්ගේ බර්ත්ඩේ පාර්ටි එකට යන්න වචනේ දීපු නිසා තීනුට ඕනේ උනා නිකන්ම යන්නේ නැතුව යුගාන්ට මොකක් හරිම ගිෆ්ට් එකක් අර ගන්න . තීනුට නොදන්නවා උනාට යුගාන්ට ගිෆ්ට් වලින් වැඩක් නැහැ මොකද යුගාන්ට ලැබෙන ලොකුම ගිෆ්ට් එක වෙන්නේ තීනු බර්ත්ඩේ පාර්ටි එකට යන එක .

" ඒක නෙමේ අම්මේ ඉරිදා නිසා තාත්ත ගෙදර ඉන්නවා කිව්වට පේන්න නෑනේ අර පොඩි බෝම්බෙවත් මම දැක්කේ නැහැ "

" හරිම ශෝක් අයියා උනාම නංගිට කතා කරන්නේ ඔහොමද ? "

තීනුගේ අම්මා තීනු ගෙන් අහද්දි තීනු නම් කලේ තමන්ගේ ඇස් රෝල් කරපු එක

" ආදරේටනේ ඉතිම් එහෙම කියන්නේ !! කෝ දැන් එයාලා "

" නංගිට OL නිසා රිවිෂන් ක්ලාස් එකක් දාලනේ ඉතිම් තාත්තා ගියා නංගිව ක්ලාස් එකට දාලා එන්න "

" අහ්හ්හ් මේ එහෙනම් මාත් පොඩ්ඩක් හන්දියට ගිහින් එන්නම් "

තීනු තමන්ගේ ඇගේ හිරිත් අරින ගමන් කියද්දි තීනුගේ අම්මා තීනු දිහා ඇසුත් හීනි කරලා බැලුවේ මූට එක විනාඩියක් වත් ගෙදරට වෙලා ඉන්න බැරි නිසා .

" ඒ මොකද රථ ගායද "

" නෑ නෑ අනේ යුගාන්ට බර්ත්ඩේ ගිෆ්ට් එකක් අර ගන්න නිකන් යන එක හරි නෑනේ "

" අහ්හ් සල්ලි ඕනේ නම් මගේ බෑග් එකෙන් ගන්න "

" නෑ නෑ මගේ ගාව තියෙනවා මම ගිහින් මොනා හරි අර ගෙන එන්නම් "

" හ්ම් හ්ම් පරිස්සමෙන් ගිහින් එන්න .. ඔය බයික් එක අතට ගත්තම ඉගිල්ලෙන්නේ නැතුව රෝද දෙකෙන් පොළොවේ යනවා "

තීනු ගේ හැටි දන්න නිසාම එයාට අම්මා කැම්පස් එකට යන්න වත් බයික් එක දෙන්නේ නැහැ . ඒත් ඔය පොඩි පොඩි ගමන් බිමන් වලට නම් තීනුගේ ඇඩියාව නිසාම අම්මා බයික් එක අරන් යන්න ඉඩ දුන්නා . තාමත් තමන්ට බනින අම්මටත් ගස්සපු තීනූ සාලේ මේසේ උඩ තිබුනු බයික් එකේ යතුරත් අරන් ගේට්ටුවත් ඇරලා මිදුලේ නතර කරලා තිබුනු බයික් එකට ගොඩ උනා .

යුගාන් ගැන පැහැදීමක් ලොකුවට නැති උනත් යුගාන්ට හොද බර්ත්ඩේ ගිෆ්ට් එකක් දෙන්න තීනුට ඕනේ උනා . හන්දියේ කරක් ගහපු තීනු අවසානේ යුගාන්ට බර්ත්ඩේ ගිෆ්ට් එකට ගත්තේ ලස්සන වොච් එකක් . ඒත් ඒක මදී මදී වගේ තිබුනු නිසාම තීනු යුගාන්ට සිල්වර් රින්ග් එකක් ගත්තා ඒක නම් තීනු ගත්තේ යුගාන් තමන්ගේ අත පුරාවටම මුදු පුරවන් ඉන්නවා මතක් වෙලා . කොහොමත් යුගාන් මුදු වලට ආස නිසාම තීනු හිතුවා යුගාන් මේකටත් අනිවාර්යයෙන්ම කැමති වේවී කියලා .

ගිෆ්ට් එකත් අර ගෙන ගෙදර ආපු තීනු කාමරේ ඉදලම ඒ ටික රැපින් කරන්න ගත්තා . ගිෆ්ට් එකත් රැප් කරලා ඇද උඩින් තියපු තීනු බර්ත්ඩේ පාර්ටි එකට අදින්න හොද ඇදුමක් තෝරන්න ගත්තා . යුගාන්ගේ ෆැමිලි බැක්ග්‍රවුන් එක හෙනම රිච්ලි නිසා තීනු ටිකක් ඩීසන් විදිහට ඩ්‍රෙස් අප් කරන්න හිතුවා . ඇදුමත් තෝර ගෙන ශූස් දෙකකුත් මැච් කරලා තීනු සේරම දේවල් කලින්ම රෙඩි කරලා තිබ්බා . හය වෙන්න තව පැය පහක් විතර තිබුනු නිසාම තීනු පහලට ගියේ ටීවී එක බලන්න .

උදේටත් තීනු නොකාපු නිසා අම්මගේ බල කිරීමට ටීවී එක බලන කලින් තීනුට හොද බත් පිගානක් කාලා ඉන්න උනා . කෑම එකත් කාලා බඩත් කල ගෙඩිය වගේ කර ගත්තු තීනූ සෝෆාවේ දිගා වෙලා ටීවී එකේ ගියපු ෆිල්ම් එකක් බලන්න ගත්තා . ආයේ ඉතිම් මුලු දවසෙම ෆිල්ම් බලන්න තියෙනවා නම් තීනුට ඒ තරම් දෙයක් නැහැ . කකුල් දෙකත් උඩ දාගෙනම රිමෝට් එකත් කාටවත්ම නොදී ෆිල්ම් එක ඉවර වෙනකල්ම තීනු බල බල හිටියා .

ෆිල්ම් එක ඉවර වෙලා නිකමට වෙලාව බලද්දි හයට තව පැයක වගේ වෙලාවක් තිබුනු නිසා මැරතන් එකක් දුවනවා වගේ තීනු කාමරේට දුවන් ආවේ පාර්ටි එකට යන්න ලෑස්ති වෙන්න . ටවල් එකත් කරට දා ගෙන බාතෘම් එකට රිංග ගත්තු තීනු විනාඩි කීපයක් ගත වෙද්දි වොශ් එකකුත් දාගෙන එලියට ආවා . ඇද උඩ ඕනේ කරන සේරම දේවල් තිබුනු නිසා තීනුට පරක්කු නොවී ඇද ගන්න පුලුවන් උනා .

කණ්ණාඩිය ගාවට ගියපු තීනු වටයක් කැරකිලා බැලුවේ තමන්ගේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවද කියලා ඒත් එහෙම මුකුත් නැති නිසාම කොණ්ඩෙත් පීරලා පවුඩර් එකත් මූණේ ගාගෙන තමන්ගේ පෆියුම් එක මුලු ඇගේම හලා ගත්තා . යුගාන්ට දෙන්න ගත්තු ගිෆ්ට් එකත් අර ගෙන තීනු පහලට එද්දි යුගාන්ගෙන් මැසේජ් එකක් ආවේ එයා එලියේ කාර් එකට වෙලා තමන් එනකල් බලන් ඉන්නවා කියලා .

හරියටම හය වෙද්දි යුගාන් ඇවිත් තිබුනු එකට තීනු තමන්ගේ හිතෙන් යුගාන්ට බනින ගමන්ම පහලට ආවා . ගෙදර අයටත් යනවා කියලා තිනු ඉක්මනට එලියට දිව්වේ මේ විනාඩියට යුගාන් කාර් එකේ හෝන් එක ගහන්න ගත්තු නිසා . යුගාන් ඇවිත් තිබුනු කාර් එක දැකලා තීනුගේ ඇස් ගෙඩි උඩ ගියත් කිසිම වෙනස් පෙන්නන්නේ නැතුව තීනු යුගාන්ගේ කාර් එකේ ඉස්සරහ සීට් එකෙන් වාඩි උනා . සීට් එකෙන් වාඩි උනු හැටියෙම තීනු යුගාන්ගේ දිහාවට තමන් ගෙනාපු ගිෆ්ට් එක දික් කරද්දි යුගාන්ගේ තොල් අතර ලස්සන හිනාවක් ඉබේටම වගේ මැවුනා .

" හැපි බර්ත්ඩේ මෝඩයෝ "

" ඕහ් තීනු බබා මට ගිෆ්ට් එකකුත් අර ගත්තද "

" අත වන වන එන්න මම කැමති නැහැ ඒකයි ගත්තේ නැත්තම් තමුසෙට ගිෆ්ට් ගන්න මට පිස්සු නැහැ "

තීනු ගිෆ්ට් එක යුගාන්ගේ අතෙන් තියලා යුගාන්ටත් රවන ගමන්ම තමන්ගේ අත් දෙක හරහට බැද ගත්තා . මොන දේ උනත් තීනු පොඩ්ඩක් වත් යුගාන් ඉස්සරහ සකන්ඩ් වෙන්න කැමති නැති එකට යුගානුත් ගොඩක් ආස කලා . තීනුව සෙට් කර ගන්න එක වෙනම ගේමක් උනත් ඒ ගේම මගින් නතර කරන්න යුගාන්ට ඕනේ උනේ නම් නැහැ .

" ඔයාට තිබුනා මාව හග් කරලා මට කිස් එකකුත් දීලා ලස්සනට විශ් කරලම ගිෆ්ට් එක දෙන්න "

" මගෙන් කුනුහරප අහ ගන්න එපා තමුසේ අනික මම මේ පාර්ටි එකට එන්නේ තමුසේ මට තර්ජනේ කරපු නිසා විතරයි හරිද "

" කමක් නෑ තමුසෙ එහෙම හරි එනවනේ අපිට අද පාර්ටි එකේදී ගොඩක් එන්ජෝයි කරන්නත් පුලුවන් වෙයි "

යුගාන් තීනුට ඇහැක් ගහලා තීනුගේ අතක් යාන්තමින් අල්ලලා කියද්දි තීනු අත දිගෑරලා යුගාන්ගේ පපුවට ගැහුවා . යුගාන්ට නම් හිනා මොකද තීනු ඒ වගේ දෙයක් කරන එක යුගාන් කොහොමත් බලාපොරොත්තු උනු නිසා . කටත් උල් කර කර තීනු යුගාන්ට බැන්නත් යුගාන් නම් ඕවා ගනන් ගත්තේ නැහැ ඕවා කොහොමත් ඉතිම් අද ඊයෙක ඉදලා යුගාන් අහන එකකුත් නෙමේනේ . තීනුගේ බැනලි අතරෙන යුගාන් කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා .

තීනු හිතුවා වගේම යුගාන් කාර් එක ඩ්‍රයිව් කලේ යුගාන්ගේ ගෙදරට . මහ විසාලෙට යුගාන්ගේ ගේ තිබුනු නිසා පාර්ටි එකක් කරන්න ඒ ගෙදර හොදටම ප්‍රමාණවත් . අතට පයට සර්වන්ට්ලා වගේම හොදට සල්ලි භාගෙත් යුගාන්ගේ ෆැමිලි එකට තිබුනා . කොහොමත් ඇමති කෙනෙක්ගේ පුතෙක් උනු නිසාම යුගාන් පොඩි කාලේ ඉදලම හැදුනේ සැපට අඩුම ගානේ දුක කියන්නේ මොකක්ද කියලා වත් යුගාන් දැනන් හිටියේ නැහැ .

විශාල ගෙයක් ගාවින් කාර් එක නතර කරන් හෝන් කරද්දි සිකියුරිටි ගේට් එක ඕපන් කලා . ඒත් එක්කම යුගාන් කාර් එක ගෙදර පාකින් එකට දාද්දි දැනට මත් පාර්ටි එක පටන් අර ගෙන තියෙන විදිහ තීනුට දකින්න පුලුවන් උනා . කොල්ලො වගේම කොල්ලෙත් ගාර්ඩ්න් එක පුරායි පූල් එක වටේටයි රැස් වෙලා ඉදන් ඩාන්ස් කරන්න ගත්තේ වයින් වීදුරුත් තමන්ගේ අත් වල රදව ගන්න අමතක නොකර .

යුගාන් තීනු දුන්නු ගිෆ්ට් එකත් කාර් එකේ තියලා තීනු එක්කම කාර් එකෙන් බැස්සා . යුගාන්ගේ ගෙදරට ආපු පලවෙනි පාර නිසා තීනුට මේ දේවල් ටිකක් නුහුරු ගතියක් එක් කලා . කන් අඩි පැලෙන්නම තියෙන ඩිස්කෝ සද්දෙයි කෙල්ලො කොල්ලො පිස්සුවෙන් වගේ නටන විදිහයි දැක්කම තීනුට ආයෙම ගෙදර යන්න උවමනා උනා මොකද තීනු කියන්නේ නිතරම පාර්ටීස් වලට යන සෝෂියලි කෙනෙක් නෙමේ . තීනුගේ මූණ දැක්ක ගමන් යුගාන්ට තීනුව තේරුන් ගන්න පුලුවන් උනා . ඒක නිසාම තීනු ගාවට ලං උනු යුගාන් තීනුගේ ඉනෙන් අල්ල ගෙන තමන්ගේ ගාවට ලං කර ගත්තා .

" තීර්ථ ඉන්නේ ඇතුලේ බය වෙන්න එපා ජස්ට් කූල් ඇන්ඩ් එන්ජෝයි ඔයාට අද ඩ්‍රින්ක්ස් ගන්නත් පුලුවන් කවුරුත් මුකුත් කියන්නේ නැහැ "

" මට ඒ කෙහෙල් මල් වලින් වැඩක් නැහැ මට කියලා තමුසෙගේ ජමන් දිනේ දවසේ අවමංගල්ලේ ගන්න ඕනේ නැත්තම් මගේ ඉනෙන් තමුසෙගෙ අත අහකට අර ගන්නවා "

" මොකද ඕයි හැම එකටම කෑ ගහන්නේ ඉනෙන් ඇල්ලුවා විතරනේ තමුසෙව රේප් කලේ නැහැනේ "

" මගේ හුත්තවල් අල්ලන්න තමුසේ එන්න එපා ඕනේ නම් ඔය ඉන්න සක්කරවට්ටමකගේ මොකක් හරි අල්ල ගනිම් මම යනවා යන්න රෙම්ද !! "

යුගාන්ටත් ගස්ස ගෙනම තීනු යුගාන්ගේ ගේ ඇතුලට ගියේ ඇවිත් ඉන්නවයි කියපු තීර්ථව හොයා ගන්න . යුගාන් නම් හිතුවේ තමන්ගේ බර්ත්ඩේ එක දවසෙදි වත් තීනු තමන්ට ටිකක් හොදින් කතා කරයි කියලා ඒත් කොහෙද තීනු තීනුමයි කිසිම වෙනසක් නැහැ . තමන්ගේ ඔලුවත් දෙපැත්තට වනපු යුගාන් මේසේ උඩ තිබුනු වයින් ග්ලාස් එකකුත් අර ගෙන පූල් සයිඩ් එකට ගියේ දුර තියාම පූල් සයිඩ් එකේ ඉදන් සිතිජ තමන්ට අත වනන්න ගත්තු නිසා ..






To be continue

______________________________________________

ටොක් ටොක් කවුද ඉන්නේ

Update ගෙනාවෝ

අද කොටස කොහොමද

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

2K 317 5
අලුත් අවුරුදු තෑග්ගක් zhanyi ,taekook shipers ලට
10.8K 332 56
Alexandra Amethyst Morin that's his name,but most prepare Sky Scotland,she's A coldhearted person,kapag nakita mo ang childish side nya siguradohin m...
5.5K 887 15
සුදු කොල කලු කරන්න ගොඩක් අයට පුලුවන්.... ඒත් කලු කොල සුදු කරන්න හැමෝටම බෑ..... හමුවූවන් මතකයේ තියාගන්න හැමෝටම බෑ.... ඒත්, කල්හාර මලට පුලුවන් ❀❀