(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාව...

By -Honey_Quinn-

73.2K 9.3K 3.7K

අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බ... More

අලුපාට ගැන !
පිදුමක් !?
01 ¡ !
02 ¡ !
03 ¡ !
04 ¡ !
05 ¡ !
06 ¡!
08 ¡ !
09 ¡ !
10 ¡ !
11 ¡ !
(අ)ස්ථාවරයක ස්ථාවරය ¡ !
පසුවදනක් !!
අලුපාටට තෑගි !?
සැබෑ අලු පාට

07 ¡ !

3K 519 176
By -Honey_Quinn-

සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් පටන් අරගෙන !
මේ පාර ඔලුව උස්සන්න වත් වෙලාවක් නැතිවෙන්න පාඩම් කරගන්න වෙලාවල් ඇහිරිලා...
එක දිගට එක ළඟම දවස් අතරින් අතර එක්සෑම් ඩේට්ස් වැටුනු නිසා එක යුනිට් එකකට වත් හරියට පාඩම් කරගන්න වෙලාවක් සෙට් උනේ නැතිම තරම් ..

එහෙම බැලුවම සති දෙකකින් මගෙ එක්සෑම් ඉවරයි..සමහරුන්ගෙ එක්සෑම් ඩේට්ස් ලබන මාසෙටත් ඇදිලා..පින තමා !!
එක්කො එක අතකට මට එකදිගට මෙහෙම ඩේට්ස් වැටුන එකත් හොඳයි...

ප්‍රැක්ටිකල් නම් කොහොමත් කල් යයි..ලබන මාසෙත් පහු වෙයි..ඊටකලින් රාග 7 ම කටපාඩම් කරගෙන ප්‍රැක්ටිස් නොකලොත් අනිවාර්යයෙන් රිපීට් සෙට් වෙන අවදානම වැඩී..මොකද මේ සෙම් එකේ තිබුනෙම බර රාග !! එක රාගයක් ගයලා අනිකට මූව් වෙන්න හෙන අමාරු ගතියක් තියෙන නිසා මේ පාර ප්‍රැක්ටිකල් එක තදේට තියේවි !

අදට හරියටම එක්සෑම් පටන් අරන් සති දෙක ඉවර වෙන දවස ..!! උදේම තිබුනු indian folk unit එකේ පේපර් එකෙන් මගෙ මේ සෙම් එකේ එක්සෑම් ඉවර නිසා බර හුස්මක් පහල දාන ගමන් මම මේ කසේ සංවාද ගහේ පහලට බර උනු අත්තක ඉඳගෙන ඔහේ බලාගෙන ඉන්නවා...

10.00 - 1.00 එක්සෑම් ඉවර වෙලා යන අපෙ උන් පහුකරගෙන 1.30- 4.30 පේපර් එක ලියන්න යන උන් වේගෙන් වේගෙන් බශා(බණ්ඩාරනායක ශාලාව) එක පැත්තට ඇවිදගෙන යනවා..
පෑන එකදිගට අල්ලලාම හිරි වැටුනු ඇඟිලි දිග අරින ගමන් මම බලාගෙන !!
අල්ලෙ ලේඛා පරාදයි ! පෑනෙන් ඇදිච්ච නිල් පාට ඉරි වලට ..

" මචං යමන් "
රැහැනා ඇවිත් කතා කරනකොට අල්ලෙ පෑන් ඉරිවල අමුතු රටා හොය හොය ඉඳපු මං සංවාද ගහෙ අත්තෙන් නැගිටලා ඌ එක්කම කැන්ටිම දිහාවට ඇවිදගෙන යනවා...

උදේ වඩේ එකත් එක්ක බීපු ප්ලේන්ටියේ පිහිටෙන් එක්සෑම් එකට ඉඳගත්තට , දැන් බඩගින්නට උගුරෙන් ගෑස් ඇවිදින් මොනවහරි කාපන් කියලා එකදිගට කෑ මොර දෙනවා..

මේ වෙලාවට ගියත් කැන්ටින් එකේ රස්නෙට කෑම ගත්තෑකි.12 , 1 ලන්ච් ටයිම් නිසා කොහොමත් කෑම තියෙනවා..රැහැනා එක්කම ගිය මාත් කෑම එකක් අරන් ඇවිත් ටේබල් එකක වාඩිවෙලා කන ගමන්..
රැහැනා කන්නෙ උගෙ කොක්ක එක්ක්ක..අනිවාර්යයෙන් උන් කන බොන වෙලාවට හරි එකට සෙට් වෙන නිසා ඒ කුරුලු ජෝඩුවගෙ ආදර හමුවට බාධාවක් නොකරම මම මගෙ පාඩුවේ කනවා..

එක්සෑම් පටන් ගත්තත් හරි මම එයාව දැක්කෙ මේ සති දෙකටම එක වතාවයි !! ගිය සෙනසුරාදා !!
සඳුදා උදේට වැටුනු එක්සෑම් නිසා ඉරිදා දවසත් පාඩම් කරගන්න තියෙන එකේ සෙනසුරාදා එක්සෑම් දවසක් නොවුන වාසනාව විඳ විඳ හොස්ටල් එකේ ඉන්න හදද්දි ,

' විසල් අදවත් යමන් '
කියාගෙන හිත ගෝරනාඩු කියනවා බැරිම තැන මමත් හිතුමතේට ගාලු මුවදොර දිහාවට යන්න ගියා.

එදත් සාමාන්‍ය වෙලාවටම ගාලු මුවදොරට ගියා උනත් , එයා එතනට එද්දි ගාලු මුවදොරට වැටෙන රෑ අඳුර මකන්න රෑ පහන් කණු පවා පත්තු වෙලා තිබුනා..
එයා එනකල් කියලා ලාවට කියපු සින්දු දෙක තුනට හිතුවට වඩා ගානක් ගිටාර් කේස් එක උඩ ඒ වෙනකොටත් තිබුනා..
.
.
.

ගිටාර් එක කේස් එකට දාගෙනත් මම බලන් හිටියා...රෑ වීදි ලාම්පු අතරින් යන එන මිනිස්සු දිහා මම එක දිගට බලන් හිටියා...
රෑ හත වෙන්න විනාඩි පහලවක් තියෙද්දිත් මම බලන් හිටියා...
ටිකකින් මං දැක්කා...
මම බලන් ඉද්දිම යකඩ කොටුවක් නැතුව බෑග් එක විතරක් එල්ලගෙන පැංචි වඩාගෙන එයා ඇවිදගෙන ආවා..කෙල්ලව ඇහැරෙයි බයටදෝ මන්දා හිමින් අඩි තියන් ඇවිදන් ආපු එයා මහන්සිය අරින්න කියලා මං උන්නු බැම්මෙම යන්තමට වාඩි උනා...

එයාගෙ ඇඳුමත් අද ටිකක් පිලිවෙලයි..මං කිව්වෙ ..., වෙනදට වඩා ටිකක් පිලිවෙලට තිබුනා..ගුරු පාට අත් කොට කමිසෙට නෝර්මල් කලිසමක් ඇඳලා බාටා දෙක දාගෙන හිටපු එයා ළඟින් අද යන්තමට බේබි කොලෝන් සුවඳකුත් දැනුනා..

වෙනදා විදියටම ආපු වෙලාවෙ ඉඳලා කිසි කතාවක් නැතුව ඔහේ ඈතක බලන් ඉන්න එයා දිහාම බලාගෙන මමත් මොකුත් නොකියාම ඒ මූනෙ ඉරියව් කියවන්න උත්සහ කරන ගමන් හිටියා..

"" පැංචි අසනීපෙන් !! ""
මගෙත් කිසි ප්‍රශ්නයක් නැතිම තැන එයා ඉස්සරහ බලාගෙනම ලාවට මුමුණද්දි ඒ මූනෙ අංශුවක් නෑරම කියවන්න උත්සහ කර කර හිටපු මම ගැස්සිලා හරි සිහියට ආවා..

මං දැක්කා..
ඒ උරහිසේ නිදාගෙන ඉන්න පුංචි කෙල්ලගෙ පුංචි ඔලු ගෙඩියෙ අතක් තියාගෙන , ඒ දිග හීනි අතැඟිලි වලින් කෙල්ලගෙ කෙස් ටික ලාවට පිරිමදිනවා..
කහ පාට චුට්ටං ගවුමක් අන්දවලා කහ පාටම මේස් කුට්ටමක් දාලා තිබුනු පුංචි එකී හරි සනීපෙට අප්පච්චිගෙ හුරහිස උඩ මූන තියන් නින්දෙන් සැනසිල්ලෙ හුස්ම අල්ලමින් හිටියා..

ඒකි හරි ලස්සනයි !!
අයියගෙ දිග නහය එක්ක දිග තොල් විතරක්ම පිහිටලා තිබුනත් කෙල්ලගෙ ඇස් , ඇහිබැම , අනික්වා අයියාගෙ විදියට තිබුනෙ නෑ..
අක්කා එයාගෙන් වැඩි කොටසක් කෙල්ලට දායාද කරලාම යන්න ගිහින් තිබුනා..

මම ටිකක් වෙලා කෙල්ල දිහාම බලාගෙන ඉඳලා එයාගෙ මූන දිහා ආයෙම බැලුවා..

" අයියෙ ? "

"" බෙහෙත් අරගන්න ගියා ""
ලොකු හුස්මක් එක්ක එයා කියනකොටත් මගෙ අතක් ඉබේටම පහලට එල්ලෙන කෙල්ලගෙ පුංචි අතේ දැවටුනා..

මගෙ හිතට ආයෙම ප්‍රශ්නයක් !!

" බෙහෙත් අරගෙන ගෙදර නොගිහින් අයියා මෙතනට ආවෙ ඇයි ? "
" කෙල්ලව සැපට නිදිකරවන්න වෙයි අයියෙ..ඒකි තෙහෙට්ටු පාටයි !! "

"" උත්තර අද මෙහෙට එයි කියලා හිත කියද්දි මම නෑවිත් කොහොමද !? ""
මුහුද දිහා බලාගෙන කියන එයාගෙ උත්තරේට මගෙ පපුව අස්සෙ මහ ලොකුවට හිරියක් යද්දි මම එකදිගටම ඒ මූන දිහා බලාගෙන හිටියා...
ඒ එක්කම වගේ අද දවසෙ පලවෙනි වතාවට එයා මගෙ මූන දිහා හරි කෙලින් බැලුවා..

නිදිමරලා තවත් හීනි වෙච්ච ඇස් යට ලාවට අලු පාට ගැහිලා ගිහින් ඒ ඇස් බෝල රතු එක්ක කහ පාටකට හැරිලා තිබුනා..
ආයෙම !! දෙවියනේ ආයෙම !!
විසල් උඹ ආයෙම ඒ ඇස් අස්සෙ ගිලෙන්න පටන් අරගෙන තිබුනා..

" මේ වෙලාව ඕකට අකැපයි විසල් !! හරි සිහියට වරෙන් .. "
මගෙ හිත මුරණ්ඩු මටම බනිද්දිත් මං එක දිගට බලාගෙන ඉඳලා ඇහි පිල්ලමක් ගහලා ලොකු හුස්මක් පහල දැම්මා..

"" එක්සෑම් අස්සෙත් මෙතනට ඇවිදින් කාලෙ නාස්ති කරගන්න හදන උඹව ඉක්මනින් ආපිට යවන්න ඕනි ""
"" ඉතින් මං පැංචිව අරන් පයින්ම ආවා !! ""

"" එහෙම නොවුනානම් අපි එනකල් බලලා බලලා උත්තර ආයෙම යද්දි සෑහෙන වෙලාවක් යයි ""

එයා මගෙ මූන දිහා එකදිගටම බලාගෙන රහසින් වගේ මුමුණද්දි ගැඹුරු කටහඬ මගෙ කන් අතරෙ එහෙ මෙහෙ දුවන්න අරගත්තා..
ඒ අතරෙත් එයාගෙ ඇස් තවමත් මගෙ ඇස් අතරෙ මොනවදෝ හොයන්න උත්සහ කරනවා...

" කෙල්ල අසනීපෙන් අයියෙ .. දැන් ගෙදර යමන් "
මං බංකුවෙන් නැගිටිද්දි මගෙ ඇස් අස්සෙ උන්නු එයා කලබලෙන් වගේ මූන බිමට හරවලා ආයෙම මුහුද දිහා බලාගෙන කෙල්ලගෙ පිට මැදින් අල්ල තියන් හිමින් නැගිට්ටා..

138 ක් එනකල් හෝල්ට් එකේ ලී බංකුවක අපි දෙන්නා උන්නෙ බර කල්පනාවල !!

" ඩොක්ටර් මොනවද කිව්වෙ ? "
කෙල්ලගෙ හීන් ඇඟිලි පුරුකක් අල්ලගෙන මම අහුවත් ඒකට නිරුත්තර උන එයා බර හුස්මක් එක්ක තොල් තදින් එකට කරගෙන බිම බැලුවා...
එතනින් එහා මම ආයෙ ආයෙම අහන්න ඕනි උනෙ නැහැ..එයා උත්තර දෙනකල් මම නිහඬවම හිටියා...

ගිටාර් කේස් එකේ සාක්කුවෙන් අරගත්තු සීයෙ විස්සෙ නෝට්ටු ටික ගනන් කරලා යන්තමට හයසීයක් එකතු වෙලා තිබුනත් ,
දාහක් වෙනකල් ඉතුරු ටික සම්පූර්ණ කරගන්න උවමනාවට මගෙ පර්ස් එකෙන් ගත්තු පන්සීය එතනට ළං කරලා විස්සෙ කොල පහක් ආයෙම මගෙ පර්ස් එකට දාගත්තා..

" අයියා එනකල් මට හොයාගන්න පුලුවන් උනේ මෙච්චරයි ! "
අතේ තිබුන රුපියල් දාහක සල්ලි ටික එයාට දික් කරන ගමන්
මම කියද්දි එයා ඇහුන නෑහුන ගානට බලන් හිටියා..

"" උත්තර ඒවා වියදමට තියාගන්න !! ""


" අයියේ !! දරුවා වෙනුවෙන් මේ ටික අරගන්න ... මගෙ අතේ වියදමට තියෙනවා "


"" ඒවා උත්තර මහන්සියෙන් හොයපු ඒවා ! පැංචිට ඕන සල්ලි මම හොයන්නම් ! ""


" මං දෙන්නෙ සතුටින් !! මට උදව් කරන්න දීපන් අයියෙ ?"


"" උඹට මොනා ලැබෙනවටද ?! ""
එක පාරම මං දිහා බලාගෙන අහපු ප්‍රශ්නෙන් මගෙ පපුව ආයෙම ගැහෙද්දි මට දැනුනා...!!
සල්ලි දික් කරන් හිටපු මගෙ අත ඉබේම පහලට උනා...

" ආපිට ගන්න බලාපොරොත්තු නැතුව මං දෙයක් දෙනවා නම් ,
ඒ දීලා මං විඳින නිදහසේ සතුටට වත් සාධාරණයක් වෙන්න මෙන්න මේක අරගනින් අයියේ !!!!!! "

කැඩෙන හුස්ම එක්ක ගොත ගැහෙන වචන පටලවන ගමන්... බිමට ඔලුව නමාගෙන මගෙ අතේ තිබුනු සල්ලි ටික එයාගෙ කකුල උඩ තියද්දිම ,
138 බස් එකක් ආපු නිසා එයාට ඒ සල්ලි අත ගන්නම සිද්ද උනා...

"හැව්ලොක් එකයි විජේරාමෙ එකයි !! "
කොන්දොස්තරට දික් කරපු රුපියල් දෙසීයෙන් ඉතුරු තිහක් ලැබෙනකොට මගෙ වම් ඇහැට හොරාට පෙනුනා...
එයා ටිකක් තද විදියට මං දිහා බලාගෙන !!

"" තවම ඉගෙන ගන්න කැම්පස් කොල්ලෙක්ගෙන් වියදම් බලාපොරොත්තු වෙන්න තරම් මේ අයියගෙ අත් කකුල් හයිය නෑ හිතුවද උත්තර !? ""

එයාගෙ ගැඹුරු වචනයක් ගානෙ මේ තරම් පපුව හිර වෙලා මාව නිරුත්තර වෙන්නෙ ඇයි කියන්න හේතුවක් මම මුල් දවස්වල දැනගෙන නොහිටියත් , මේ වෙනකොට ඒකට හේතුව මම අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා..

" පිරිමි දැඩි පපුවකට ආකර්ෂණය වෙනකොට ,
උඹෙ පපුව ඉබේටම ඒ පපුව ළඟදි ගෑනු හිතක් වගේ ලාමක වෙනවා විසල් !! "

" දැන්වත් පිළිගනින් !! ඒ පපුව වෙනුවෙන් උඹෙ හිතුවක්කාර ලාමක හිත... ඇඟිල්ලක් ගහන්න බැරිවෙන තරමට දැනටමත් ආදරෙන් පිරිලා උතුරනවා.. "

" ඔව් මගෙ රත්තරනේ... උඹේ මේ හිත ඒ අලුපාට මිනිහා වෙනුවෙන් දැනටමත් ආදරෙන් වෙව්ලනවා ... "

මගෙ හිත ජීවිතේ පලවෙනි වතාවකට ආදරෙයි වචනෙ පුනා පුනා කියද්දිත් පිරිමි හිතකට ආදරෙන් පිරුණු එක ගැන පවා පුදුම නොවුන මම ඒ මූන දිහා තව වතාවක් බලන් හිටියා...

" අත් කකුල් වාරු නැති උනත් ,
උඹ හිතේ හයියෙන් හරි ගොඩයන, යකාගෙ මිනිහෙක් කියලා මම දැනගත්තෙ උඹව දැකපු පලවෙනි දවසෙමයි අයියෙ ! "

මගෙ කටහඬට මං දිහාවට හැරුන ඒ ගැඹුරු ඇස් දිහාම බලාගෙන මගෙ ඇස් වලින් ලස්සන හිනාවකින් පස්සෙ එයාට උත්තරයක් දෙන ගමන් මගෙ කකුල් උඩ තියෙන කෙල්ලගෙ රෙදි බෑග් එක දිහා බලාගත්තා...

ඔලුව ගානට උස බස් ශීට් එකට ඔලුව හේත්තු කරගත්තු මම බස් එකේ ප්ලේ වෙන සින්දුවට කන් දීලා බස් එකේ හරි මැද්දෙන් උඩ දැල්වෙන ලයිට් එක දිහාම බලන් හිටියා..

"" පැංචිගෙ ඔප්‍රේශන් එක ඉක්මන් කරන්න වෙයිලු !! ""
මං බස් එකට නගින්නත් කලින් අහපු ප්‍රශ්නෙට , එයා වෙව්ලන බර හුස්ම එක්ක උත්තර දුන්නා..

"" කෙල්ල එකදිගට දුර්වල වෙනවා උත්තර !! ""
"" මගෙ සූටික්කි ලොකු වෙන්න වෙන්නම මේ චුට්ටං පපුව එන්න එන්න දුර්වල වෙනවලු ""
මගෙ පපුව හරියට රිදෙනවා බං අයියේ...ඒක ගැහෙන වේගෙට මාවත් වෙව්ලන්න අරගෙන ..

" අපි පැංචිව සනීප කරගමු අයියේ !! "



"" හ්ම්ම්ම්හ් !! ලබන මාසෙ මුලට දිනයක් දාගත්තා ..
ඇඟෙන් කෑල්ලක් දීලා හරි මං මේකිව සනීප කරනවා ""


' හැව්ලොක් බහින අය දොරළඟට කිට්ටු වෙන්න... '

කොන්දොස්තර කෑගහනකොටත් , එයා කියපු අවසාන වචන දෙක තුනට ඉබේටම මගෙ ඇස් අග මොනවදෝ දියරෙකින් පිරෙද්දිත් ටිකින් ටික බොඳ වෙන ඇස් වලිනුත් මං එයා දිහා එක දිගට බලන් හිටියා...

කෙල්ලව එක අතකින් වඩාගෙන අනිත් අතින් බෑග් එකත් උරහිසට දාගෙන , බස් එකෙන් බහින්න එයා දොර ළඟට ළං වෙන්න මාව පහු කරනකොටත් මගෙ ඇස් දෙකේ බොඳ වෙන ගතිය අඩු කරගන්න මම මූන පහලට නවාගෙන හිටියෙ...

" ඕනි දේකට මං ඉන්නවා අයියේ "
මාව පහුකරපු ඒ අතින් තද කරලා අල්ලගෙන ඒ මූන දිහා බලාගෙන මමම කියද්දි ,
එයාට දැනෙන්න ඇති !!
මගෙ කටහඬ ඒ වෙනකොටත් වෙව්ලන්න පටන් අරගෙන තිබුනා..

ඒ එක්කම ඒ ඇස් එකපාර මං අල්ලන් ඉන්න එයාගෙ අතදිහා බලද්දි හරි සිහියට ආපු මං ඉක්මනින් ඒ අත අතෑරියත් ඒ එක්කම ඉක්මන් උනු එයා ඒ අතින්ම මගෙ කම්මුලක් ලාවට පිරිමදින ගමන් ...

"" කඳුලු හලන එක උඹට අකැපයි මගෙ උත්තර !! ""

ගැඹුරට එහෙම කියාගෙන නතර කරපු බස් එකෙන් බැහැලා කලුවරේම නොපෙනී යන්න යද්දි ...
මෙච්චරක් වෙලා ඒ වචන අස්සෙ හිරවෙලා හිටපු මං ලොකු හුස්මක් හූල්ලන ගමන් යටිතොල තදේටම විකාරෙන ඇස් පිල්ලම් ගගහා ආයෙම බස් එකේ බල්බ් එක දිහා බැලුවා ...

" මං උඹට පලුයන්න ආදරෙයි බං අයියේ "
ආයෙමත් වෙව්ල වෙව්ලම කටහඬ ලාවට පිට කරපු මං එයා අල්ලපු කම්මුල උඩ අතක් තියාගෙන වේගෙන් වේගෙන් හුස්ම අරගත්තා....


ආදර හැඟුම් ....ආදර හැඟුම්...
නුපුරුදුයි මට ... නුපුරුදුයි මේ හැඟුම්...
ආදර හැඟුම් ....ආදර හැඟුම්...
කිතිකවයි හද..කිතිකවයි ඒ හැඟුම්...
ආදර හැඟුම් ....

.
.
.

' මචං ...'
' මචං ගැයුමා ... '
රැහැනා එකපාර උරහිසට තට්ටු කරලා කතා කරද්දි මේ ලෝකෙ සිහියට ආපු මං අන අනා හිටපු බත් පිඟාන දිහා බලලා ආහැනා දිහා බැලුවා..

' මචං මං ටිකක් ඉඳලා එන්නම් !! උඹ හිමින් හොස්ටලේට යමං '

" හරි බං.. උඹ හිමින් වරෙන්.."
" මාත් දැන් ගමනක් යනවා .. "

බාගයක් වත් නොකාපු බත් පිඟාන උස්සගෙන සින්ක් පැත්තට යන්නනැගිටින ගමන් මම කියද්දි ,

' හරි යන දිහාවක ගිහින් පාන්දර වෙන්න කලින් වරෙන් '
රැහැනා කෑ ගහගෙන උගෙ කොක්කගෙ අතින් අල්ලගෙන කැන්ටිමෙන් යන දිහා මම මෙතන හිටගෙන එහෙම්ම බලන් හිටියා...

නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්.....

________________________________________

නුහුරු හැඟීම් ජීවිතේ එක මොහොතක හරි දැනිලා තියෙනවද ?

හරියට තොල් තදේට විකාගෙන සෙනඟක් මැද්දෙ ඒක පාලනය කරගන්න අහස දිහා බලන් ඇස් පිල්ලන් එක දිගට ගහගෙන යන්න සිද්ද වෙන හැඟීම් !!!!?

දැනිලා තියෙනවද ?

ඉක්මනින් එනකල් පරිස්සමෙන් හුස්ම ගන්න...

- ගැයුමා

________________________________________

මේවා අස්ථාවර එකට ගලපපු අස්ථාවර පද බිඳුම් !!

ලස්සනයි ...
මං ආදරෙයි.. ☺️

ඉක්මනින් එන්නම්...
පරිස්සමෙන් ....

-සනී
2023.11 .09

Continue Reading

You'll Also Like

838 108 7
එක පාරක් මට නැති වුනු උඹව තවත් පාරක් මට නැති කරගන්න බැහැ මගෙ වස්තුවේ....... _රශ්_ ඒ ආත්මේදි මාව ඔයාට අහිමි වුන...
596K 102K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
5.1M 169K 44
He leans down towering me our lips inches apart,"is that pity,I sense Miss Clark?"he whispers.I stared at his piercing hazel eyes suddenly forgetting...
425K 88.8K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...