(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාව...

By -Honey_Quinn-

51.5K 7.4K 3.2K

අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බ... More

අලුපාට ගැන !
පිදුමක් !?
01 ¡ !
02 ¡ !
03 ¡ !
04 ¡ !
05 ¡ !
07 ¡ !
08 ¡ !
09 ¡ !
ස්ථාවර ¡ ! !
10 ¡ !
11 ¡ !
(අ)ස්ථාවරයක ස්ථාවරය ¡ !
පසුවදනක් !!
අලුපාටට තෑගි !?
හමුවක් !!

06 ¡!

2K 433 155
By -Honey_Quinn-

පරන මතකය මතක් වෙනකොට
රිදෙනවා ඇති හුඟක් තැන්...
♡♡♡..


මම කොහොම නම් සනසවන්නද ...
පපු මැද්දෙ හිත රිදෙන තැන්...
♡♡♡...


ලියා යමි ගැඹුරු තැන්...
ආදරෙයි උතුරන්න ...
♡♡♡....


ප්‍රේමියේ ප්‍රේමයේ හැටියකි..
නොලද මුත් තව බැඳීම...
♡♡♡..

ලය මත තබා හිස...
පුරාමේ උදෑසන...
හිදින්නට හැකිනම්...
නුඹේ ළඟ !!!!!!
♡♡♡...



මම නැතත් තව මල් පිපෙනවා හෙටට..
♡♡♡



පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න
ආදරය මොන තරම් ගැඹුරු දැයි කියන්න..
♡♡♡...



මසා නිම කල හදවතක් විකිණීමට තිබේ..
මඟදි හමු වූ වෙදදුරෙක් එය පිළිසකර කර තිබේ...
♡♡♡....



lyrics 🙂...
හැකියි නම් මේ සින්දු ටිකත් මරලා
ඔය ලිරික්ස් අස්සෙ රිංගලා
මෙලඩි එක අස්සෙ වැලලෙන්න...

අලු පාට ලස්සන පාටක් !!!

___________________________________________________

ගිටාර් එකේ ස්ට්‍රින්ග්ස් ලාවට කම්පනය කරන ගමන් ඔහේ කොහෙදෝ බලාගෙන මුමුණපු සින්දුව ඉවර කරනකොට ,
ground එකෙනුයි ඒ පැත්තක පැවිලියන් එකෙනුයි ඇහුනු අත්පුඩි සද්දෙ එක්ක ආයෙම පියවි සිහියට ආපු මං ...
මගෙ අතින්ම ගිටාර් එක තද කරලා අල්ලගෙත්තෙ මගෙ පපුව ගැහෙන වේගෙ ඒ වැඩෙන් හරි පොඩ්ඩක් අඩුවෙයි හිතලා...

මෙතෙක් වෙලා ගී පෙලකින් ඔබේ දෙසවන් පිනවපු තුන්වන වසර අපෙම සහෝදරත්වයේ ගැයුමා සහෝදරයට ආදරණීය ස්තූතිය පුදකරද්දි අපි ඊළඟ අංගයට යොමුවෙනවා...
ඉතින් සහෘදයිනි එසේනම් වේදකාවට පිලිගන්න...

එකදිගට එකදිගට එකම වගේ ඇඬියාවල් සින්දු පේලියක් කිව්ව මට මේ තරමටම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ ඇයි කියන එක මටම ප්‍රශ්නයක් !!
මොකද මං කිව්වෙ කිසිසේත්ම මේ වෙලාවට සුදුසු සින්දු පේලියක් නෙවෙයි ...

ගංගාදරගෙ සින්දු සෙට් එක පපු කැවුත්තම පසාරු වෙන්න කිඳා බහිනවා..
මේ දවස්වල ඒ වචන අස්සෙ මම ආයෙ ආයෙ ආයෙ කිමිදෙන විදියට මං හිතන්නෙ මං නිසාම ඒවට වීව්ස් නොසෑහෙන්න වැඩි වෙලා ඇති..පිස්සුවක්... මං පුදුම විදියට ඇබ්බැහි වෙලා...

මං ඇබ්බැහි වෙන වයිබ් එක හෙන අමුතු ඇති....
ස්ථාවර නෑ හිතෙන අස්ථාවර ස්වර රටාවක් අහම්බෙන් කනට වැකුනත් ඇති... පීනලා පීරලා ඒ අස්සෙ කිමිදිලා මට ඒ මත්තෙ දවස් ගනන් සති ගනන් නැහෙන්න....

ක්‍රිකට් මැච් එක ඉවර වෙලා සප්‍රයිස් එකකට වගේ හදිසියේම මගෙ අතට ගිටාර් එක දික් කරලා පැවිලියන් එකේ හදලා තිබුනු පුංචි ස්ටේජිය උඩ අපෙ උන් මට සින්දුවක් කියන්න කියද්දි ,
කිසිම පෙර ලෑස්තියක් නොතිබ්බ මගෙ ඇඟිලි ඉබේම දඟ කලේ ගංගාදරගෙ මෙලඩියක් !!

උදේ නැගිට්ට වෙලාවෙත් අහ අහා උන්නු ඒ සින්දු සෙට් එක කන අස්සෙ දෝංකාර දුන්නු නිසාද මන්දා මං එකපාර මුමුණන්න ගත්තෙ ඒ ටික...ඔව්...ඒවා අවස්ථාවට කිසිම විදිහකට ගැලපෙන්නෙ නැති සින්දුවක් උනත් මට ඒක තේරුම් යද්දි මං ඒ ලිස්ට් එකේ සින්දු දෙකක්ම කියලා ඉවරයි ...

' ගැයුමාආ.... '
ගිටාර් එක උස්සන් පැවිලියෙන් එකේ පඩි බහිද්දි ඇහුනු කටහඬට බිමට හරවගෙන ගිය ඔලුව උස්සලා මං ආයෙම හැරිලා බැලුවා..

' මෙහෙ එන්න.. මෙතනට '
ඒ ප්‍රින්සි !! අපෙ බැජියෙ කෙල්ලෙක්...!! මට එතනට කතා කරනවා...
මං නොගිහින් බැරි කමට හිනාවෙලා එතනට ගිහින් ගිටාර් එකත් අල්ලගෙන හිමින් ඉඳගත්තා..

' ඒක පිස්සුවක් හලෝ... '
ඒ කියන්නෙ මගෙ සින්දුව ගැන..
මං දැක්කා මං සින්දුව ඉවර වෙද්දි කෙල්ල අත් උස්සලාත් අත්පුඩි ගැහුවා...

" තැන්ක්‍යූ .. "
මං හිනාවෙලා ලාවට මිමිණුවා..

' ඔව් ඇ... ඒක මාරම ගතියක් විසල් ! '
ඊට එහා පැත්තෙ ඉන්න අනිත් කෙල්ලෙකුත් එබිලා කියනවා..

' මචං ගැයුමා...උඹ වැඩ්ඩා ඈ.. එලම කොල්ලො..ගැම්මක් !! '
රැහැනා එක්ක ඇවිදගෙන ආපු නකා කෑගහද්දි , රැහැනා ඇවිදින් මගෙ කර වටෙන් අත දාගන්න ගමන් මට එහායින් වාඩි උනා..


' සිරා මූ අපිට පට්ට මැනිකක් ඕයි .. අනේ උඹ බෑ කියලා බම්බු ගහපන්.. මං අනිවා උඹෙ නම මෙදාපාර නම් දාන එක දානවා. '



' අනිවා අනිවා..මාත් සපෝර්ට් !! දාමු දාමු වොයිස් දාමු '
ප්‍රින්සිත් රැහැනට එකතු වෙද්දි නකා ආයෙත් කෑ ගැහුවා..


' මෙච්චර ටැලන්ට් එකක් තියාගෙන මූ කැලේටම පරවෙන්න හදනවා..ඕයි ඕකෙන් වැඩක් අරගනින් '
නකා ආයෙමත්...
මට කට අරින්න තප්පරයක් නොදී එක දිගට කියවගෙන ගියපු උන් ටික අවසානෙ මගෙ උත්තරෙත් එක්ක මූනු හිස් කරගෙන හුස්මක් පහල දැම්මා..

" ..උපතින් ගේන වොයිසස් එක්ක කැලේට පරවෙන දක්ෂ හඬවල් කියාගන්න බැරි තරම් ලස්සනට සින්දු මරද්දි ,
මං කව්ද කියලා මටම දැනෙනවා !!
මට වඩා ටැලන්ට් අය ඕන තරම් ඉන්නවා බං... "

____________________

අරගෙන ඇවිත් තිවුන ගිටාර් එක තාම මගෙ අතේ...මගෙ එක හොස්ටල් එකේ ...මම මැච් එකට ඒක අරගෙන ආවෙ නෑ..ඒත් එක පාර සින්දුවකට ඉන්වයිට් කරද්දි ගිටාර් එකක් නැතුව මට බැහැ..හදිසියට ජූනියර් කෙනෙක්ගෙන් අරන් ආපු ගිටාර් එකක් නිසා මේක දැන් අයිතිකාරයටම දෙන්න වෙන්නෙ මට ...

අපෙ උන් කියපු විදියට මේක ෆස්ට් ඉයරෙකේ මල්ලි කෙනෙක්ගෙ ..අපි තර්ඩ් ඉයර් නිසා උන් අපෙ සුපර් ජූනියර්ස්ලා..සෙම් එකේ එක්සෑම් ඉවර නිසා උන් මේ දවස් වල නිවාඩු ගිහින්..ඒ අස්සෙ පොඩි උන්ගෙ රූම් එක්කින් අපෙ එකෙක් මේ ගිටාර් එක හදිසියට අරන් ඇවිත් ..මේක තියන්න මම මේ හොස්ටලේට යන ගමන්..

ෆෝන් එක සාක්කුවේ එවලේ ඉදලා රින්ග් වෙනවා..නොදන්න නම්බර් එකක් නිසා ආයෙම සාකුවට දාගත්තත් මේ කෝල් එක එන තුන්වෙනි වතාව....
හදිසියක් නම් ....
මම ඔන්න ඔහෙ ආන්ස්වර් කලා..
ඒත් කතා කලේ නැහැ..මං අහගෙන හිටියා..

හෙලෝ !!!!
විසල් අයියා ???

නාදුනන පිරිමි කටහඬක් !!

" ඔව් "


අයියෙ මං ඉශාන් ..



"ඉශාන් කිව්වේ.... ? "




ඔකෙස්ට්‍රා එකේ ඩ්‍රම්ස් ගැහුවෙ...
චන්දි මිස්ගෙ පුතා !!



" ආ මල්ලි !! ඉශාන් කිව්වට නෝට් උනේ නෑ බං..මලීෂ !!"



ඔව් ඔව්



" ඉතිං ඉතිං ... මිස් එහෙම සනීපෙන්ද !? "

චන්දි මිස් කියන්නෙ මගෙ ඉස්කෝලෙ මියුසික් ටීචර්... මං ගොඩ ආවෙ එයාට පින් සිද්ද වෙන්න..

අපොයි ඔව් ඔය ඉන්නෙ...
අයියා දැන් කැම්පස් එකේද ?


"ඔව් මල්ලි කැම්පස් .."




අද අයියලා අම්මා අපෙ ගෙදර ආවා..
එතකොටයි මං දන්නෙ අයියා අපෙ කැම්පස් එකේ කියලා..




"සිරාවට !?"




ඔව් අයියා .. මං තව ෆස්ට් ඉයර්..
මං හිතන්නෙ අයියලා අපෙ සුපර් සීනියර්ලා..



"මං දන්නෙත් දැන් කොල්ලො..
උඹ කොහෙද දැන් නිවාඩු ද..?"



ඔව් අයියා මං ගෙදර ..
ආය එන්නෙ ලබන සතියෙ තමා..
අයියා ගෙදර ඇවිත් පෙරේදලු ගියෙ නේහ්



"ඔව් බං මං පෙරේදා ආවෙ..
උඹ ආයෙ ආවම කතා කරහන්.."


එලම අයියා..
අයියා music sp ලු නේහ්?
මමත් මියුසික් කරනෝ..
මට පුදුමෙ අයියව ඒත් නෝට් උන්නෑනෙ..


"මටත් නෝට්නෑ උඹව..
සිරාවට ? "
"මොනාද sp කරන්න හිතන් ඉන්නෙ.."



ඒත් මියුසික් තමා..
මං ඒකයි පට ගාලා නැන්දාගෙන් අයියගෙ නම්බරේ ඉල්ලගත්තෙ..
අයියගෙ පරන නම්බර් එක තිබ්බා ඒක වැඩ නෑ ...



"ආ ඒක වැඩ නෑබං..
ආවම අනිවාර්යයෙන් මට කතා කරපන් ඇවිල්ලා..
උබ මොන රූමෙද ?"




33 මං ..



"සිරාවට ?
උබලා රූම් එකේ තිබ්බ යමහ ගිටාර් එක කාගෙද ?"



යමහ එ-



"ඔව් බ්ලැක් ඇන්ඩ් වයිට් ආර්ට් එකක් දාලා තියෙන්නෙ ..සයිඩ් එකේ මොකද්ද quote එක්කුත් තිබ්බා..මොක්ද්ද .... life is-"



හප්ප !! ම කාපිය..( සවුන්ඩ් අඩුවෙන් )
මගෙ මගෙ අයියේ ..මොකද්ද සීන් එක ?



"ආ නෑනෑ අපෙ වැඩකට හදිසියේ ඒක ගත්තා ..
දැන් මම් මේ තියන්න ආවා.."


ආ ආ ඒක ඖලක් නෑ අයියෙ ගන්න..


"හරි ඉවරයි..තිබ්බා...
උඹ ආවම ඇවිත් කතා කරහන්කො..
මං පස්සෙ කෝලක් ගන්නම්"


ආ හරි හරි අයියා
බායි..

මං කෝල කට් කලා..මිස් එක්ක මේ වෙලාවෙ කතා කරන්න බෑ..නිදහසේ ගන්නවා...

___________________________

එකයි තිස් හතයි !!
දෙක හතර වෝකල් ලෙක්චර් එක..
පෙරේදා උදේ එකට යන්න බැරි උන නිසා අද නොයා බෑ...
ඊයෙ දවසම ලෙක්චර් නිසා ඊයෙ කොහෙටවත් යාගන්න බැරි උනා..අද උදේ පටන් ගත්තු මැච් එක තවම යනවා..ලෙක්චර් නොගියොත් අද අනිවාර්යයෙන් මැඩම් මට බනිනවා..!!

දෙකට පහක් තියලා ඩිපාර්මන්ට් එකේ වෝකල් ලෙක්චර් ස්ටූඩියෝ එක ළඟ එලියෙන් ඉඳගත්තා..

' අනුත්තර ! කෝ පුතා අනිත් අය ? '
මැඩම් ඇවිත් කතා කරනකොට ඔලුව උස්සලා බලපු මං අතේ තියෙන පොතත් අල්ලන් නැගිට්ටා..

" එයි මැඩම් ! "


' එතකල් යමු '
මැඩම් හිනාවෙලා කියද්දි මම මැඩම් පස්සෙන් ගිහින් ස්ටූඩියෝ එකේ ලයිට්ස්, ඒසී ඔන් කරලා ඉලෙක්ට්‍රික් තබ්ලා එකයි තාම්පුරා එකයි මල්ටියට සෙට් කරලා බිමින් වාඩි උනා..

' කලින් දවසෙ මොකෝ පුතේ ආවෙ නැත්තෙ ? '



" එදා ගෙදර ඉඳලා ආවෙ මැඩම් !! එද්දි ටිකක් වෙලා ගියා .. "



' අපි බ්‍රින්දාවනි බන්දීශ් එක කලා..යාලුවෙක්ගෙන් ඉල්ලගන්න හොදේ.. '

" හරි මැඩම් !! "
මං මැඩම් දිහා බලලා හිනා උනා..අනිත් අතට එයාගෙන් මට ලැබුනෙත් ඇස් හීනි කරපු හිනාවක්..
මැඩම් කිව්වට එයා අක්කා කෙනෙක්...අවුරුදු විසි නමයක තිහක විතර !!
හැමදාම ටැමිල් බෝඩර් එක තියෙන ඉන්දියන් සාරි නැත්තන් තනි පාට කුර්තා එකක් ඇඳලා ඉන ළඟට දිග ස්ට්‍රේට් කරපු කොන්ඩෙ කඩලා, නැත්තන් බූල් බෑන්ඩ් එකකට කරලක් බැඳලා එනවා..
එයා හරි ලස්සනයි !!
ඉන්දියා මෙලඩි ක්වීන් ශ්‍රෙයා ඝෝශාල් තරම් යුනික් වොයිස් එකක් එයා ළඟ තිබුනත් ඒ මූනෙ කිසි අහංකාර කමක් තිබුනෙ නැහැ..
ඇස් අග අඳින කලු පාට ලයිනර් එක නිසා එයාගෙ ඇස් හැමදාම හීනියට පෙනුනා..
ඇඩික්ට් වෙන්න තරම් එයා හැම අතින්ම පර්ෆෙක්ට් උනා..

" කර්ණාටික් කරපු මිනිස්සු කොහොමද මේ තරම් ආකර්ෂණීය වෙන්නෙ ?! "
මගෙ හිත මං එක්ක සංවාදයක ඉද්දි මමත් හිතටම ඉඩ දීලා බිම බලාගෙන ඔහේ හිටියා..
ඒ අතරෙ ලමයි ස්ටූඩියෝ එකට ඇවිත් !!
මැඩම් ඉලෙක්ට්‍රික් තාම්පුරා එක ඔන් කරලා කොමන් පිච් එක හදනකොට ඉබේටම මටත් ඔලුව ඉස්සුනා..

' එදා අපි බ්‍රින්දාවනි ඉවර කලා..අද අලුත් රාගයකට යොමුවෙමු !!
ආශාවරී !!! '
අදත් මං ආසම රාගයක් !! ස්වර හතෙන් ස්වර හතරම කෝමල ස්වර වෙද්දි මේ රාගෙට තිබ්බෙම ශෝක රසයක් !!
මිස් කියද්දි ඇස් දෙක පියාගෙන ආයෙම අපිත් රිපීට් කරන මේ රාගෙ ස්වර සංගති විඳින්න ගත්තු මට මොන හේතුවකටද මන්දා මතක් වෙන්නෙම එයාව !!

රාගවල ස්ත්‍රී රාගිනි , පුරුෂ රාග කියලා වර්ග දෙකක් තියෙනවා..ආශාවරී කියන්නෙ ස්ත්‍රී රාගිනියක් ! ස්ත්‍රී ලාලිත්‍ය ලස්සනට තියෙනවා...මේවා ගයන්න ගැලපෙන්නෙ ෆීමේල් වොයිසස් වලට... මිස් පුදුම විදියට මේ රාගෙ මරනවා !!!
මං එයාගෙ හඬ ආයෙම රිපීට් කරන ගමන් ඒ ස්වර කොටස් ආයෙ ගයනවා..

එයා මේක වොයිස් කලොත් කොහොමට තියෙයිද ?
මං මේක අස්සෙ ආශාවරී රාගෙ එයාගෙ කටහඬින් මවාගන්න සෑහෙන ගේමක් දෙනවා...

' අනුත්තර !! '

" මිස් !!! "
මං ගැස්සුනා..මිස් එක පාරට ගයන එක නතර කරලා මගෙ නම කෑ ගහද්දි මම ගැස්සිලා ඇස් ඇරියා..

' ගයන්නෙ නැද්ද ? '




" ගයනවා මිස් .. සොරි !! "


' වෙන ලෝකවලට යන්න එපා..අවදානෙන් ඉන්නවා ලමයෝ..මම තනියෙන් ගන්නවා පස්සෙ හරී !! '

හවස් වෙලා ගිහින් අද අනිවාර්යයෙන් එයාගෙන් ආශාවරී ගැන අහනවා...මට ඕනි එයාගෙ වොයිස් එකෙන් මේක අහන්න..
ඒත් මිස් එකදිගට මං දිහා ඔරවගෙන ගයද්දි මිස්ගෙ මූන ඇරෙන්න එතනින් එහාට වෙන දිහාවකට හිත යවන්න මට බැරි
උනා..

.
.
.
හතරයි හතරයි !!
අද දවසට දැකපු දෙවනි ඒන්ජල් නම්බර් එක ...තේරුම
බලන්න රෑට කල් දාලා ලෙක්චර් එක ඉවර උන ගමන්ම මම ස්ටූඩියෝ එකෙන් එලියට ආවෙත් මැඩම් එක්කම ...

" මිස් !!"

' ඔව් පුතා ! '
මං දන්නෙ නෑ මේක මිස්ගෙන් මේ වෙලාවෙ අහන්න හිතුනෙ ඇයි කියලා..ඒත් මට නොඅහා බැරි තරමට මේ වෙලාවෙ මගෙ හිත කලබල වෙලා...

' ඉක්මනට කියන්න දරුවො මොකක්ද ප්‍රශ්නෙ ? '



" මිස් හදිසියි නම් කමක් නෑ මම වෙන වෙලාවක - "
මම මිස් එක්ක ඇවිදින ගමන් ..



' අහන්න අහන්න දැන් මට ඕක අහනකල් වෙන දෙයක් ඔලුවට ගන්න බැහැ. මොකද්ද අහන්න '



" මිස් ඉද්දමල්ගොඩ කියලා සර් කෙනෙක්ව දන්නවද ? "




' ඉද්දමල්ගොඩ ? '





" ඔව් මිස්..! "
" පේරා යුනි එකේ.."






' ප්‍රොෆෙසර් ඉද්දමල්ගොඩ ? '







" ඔව් මිස් "


' ඔව් දන්නවා .. අපි එක ඝරානා එකේ '

ඝරානා = ගුරුකුල..
ඉන්දියාවෙන් මියුසික් ඩාන්සින්ග් ඉගෙන ගන්නවනම් එක එක ගුරුවරු උගන්නන ස්ටයිල්ස් වෙනස්..ඒවා ගුරුකුල.....ඒවා එකකට එකක් වෙනස්...


" එහෙමද ? මිස් ඒ කියන්නෙ කර්ණාටික් නෙමෙයිද ? "
මෙච්චර දවසක් මම හිතාගෙන හිටියෙ මින් ඉන්දියා ගිහින් ඉගෙන ගත්තෙ කර්ණාටික් කියලා..
ආ විසල් උඹෙ අසිහිය තවත් එහෙමමයි...



' කර්ණාටික් තමා දරුවෝ..ඉද්දමල්ගොඩ අයියා අපෙ උඩ බැජ් එකට උඩ බැජ් එකේ !! '
' අපෙ ෆයිනල්ස් වලදි එ-


ගිතාරා ....



' සර් ?'

ඩිපාර්මන්ට් දොරෙන් එබුනු හෙඩ් සර් මිස්ට කතා කරනවත් එක්කම මගෙ උරහිසට තට්ටු දෙකක් දාපු මිස් ඩිපාර්මන්ට් එක ඇතුලට ඇවිදගෙන ගියා...

" ඒත් මිස් ඉද්දමල්ගොඩ සර් හින්දුන්ථාන් නෙ ! "
මිස්ගෙ අවසාන උත්තරේට අන්ද මන්ද උන මම විනාඩි ගානක් එතන ගල් වෙලා වගේ එහෙමම හිටගෙන බලාගෙන හිටියා...


> <

ඩිපාර්මන්ට් එක ලඟින් පඩි බහිනකොට හතර හමාරත් පහුවෙලා ..
විජේරාමෙන් 138 කට නැග්ගා... අදත් හුරුවට වගේ එතනටම යන්න හිතිලා බස් එකට නැග්ගම,
බස් එකේත් පස්සහින් නගින තැනම ශීට් එකක් මට ඉතුරු වෙලා...

හුරුවට වගේ හැව්ලොක් හරියෙදි බෙල්ල උස්ස උස්ස එයාව හෙව්වත් මේ වෙලාවට ගෙදර නැති වග මමත් අනිවාර්යයෙන් දැනගෙන හිටියා..

ලේක්හවුස් බහිනකොට පහයි පහලවට මිනිත්තු දෙකක් අඩුයි...
එයා එතනට යන්න තවත් කල් තියෙනවා වගේ හිතුන නිසා එයා එනකල් මෙතන හන්දියේම හිටගෙන ඉන්න කියලා හිත එක දිගට මිමිණුවා...ඉතින් මං එහෙමම නතර උනා..

පැය භාගෙකටත් වඩා මං මෙතන හිටගෙන..කලුවර වටපිටාව ඇස් වලට හුරු වීගෙන එනකොටත් එයා එයිදෝ කියලා මම බලාගෙන හිටියා...
සමහරවිට එයා අද නෝඑවි !!
එහෙම නැත්තන් එයා අද කලින් එතනට ගිහින්...
මං හිතත් එක්ක ආයෙම කතා කරන ගමන් ගාලු මුවදොරට යන්න ආපිට හැරුනත් ,
ඈතින් ඇදගෙන එන යකඩ කොටුව ඇස් දෙකට ගැටුනහම මගෙ කකුල් මටත් කලින් ඉබේම නතර උනා...

ටිකින් ටික ළං වෙන ඒ රූපෙ දිහා අවසරේකින් තොරවම මම ඇස් පිය නොගහම බලන් හිටියා..ලඟට එනකල්ම බලාගෙන හිටියා...
ළඟටම ඇවිදින් මාව දැකලා යකඩ කොටුව නතර වෙනකල්ම බලන් හිටියා...

"" උත්තර ? ""



" ම්ම්ම් !! "
අතින් මගෙ ඇස් ඉදිරියෙන් එහා මෙහා යවද්දිත් ,
ඒ දාඩිය දාලා දූවිලි පිරුනු මූන දිහා මම එකම විදියට බලන් හිටියා..


"" මල්ලි !!""
එයා මට කතා කරද්දිත් දවසකට පස්සෙ දැකපු , මගෙ පපුව කාරවන ඒ රූපෙ දිහා මම තවමත් එහෙමම බලන් හිටියා..


"" ඒහ් ! ""
අවසානෙ ලාවට වැදුනු කම්මුල් පාරට පියවි සිහියට ආපු මං එයා දිහා බලලා එක පාරම බිම බැලුවා..


" අයියෙ !!"
ඒ අත නොදැනුවත්ව හරි මගෙ හමේ ස්පර්ශ උනු පලවෙනි වතාව උනු මේ වෙලාව !!
මගෙ පපුව ලෝදිය වෙන්න උණු වෙලා ගල්වෙන්න තරම් එකපාර හීතල උනා...
මගෙ වෙලාවට අදුරු වැටෙන ගොම්මනක් උනා...
මොකද මට මගෙ රතු වෙන කම්මුල් වහගන්න ඒක මාර උදව්වක් උනා...

"" මොන කල්පනාවෙද හිටියෙ ? ""
"" මෙතන ඇයි ? ""



" මං ම මේ අයියා එනකල් .. "



"" මං එනකල් ?""




" ඔව් .. මට හිතුනා අයියා තවම ඇවිත් නැතුව ඇති කියලා.. "




"" ඉතින් උබ මං එනකල් මෙතන හිටියා ? ""




" ඔව් "




"" හේතුව ? ""
එයා යකඩ කොටුව තල්ලු කරගෙන යන්න ගද්දි මමත් ඒ එක්ක ඉබේම ඇදුනා..


" හේතුවක් නෑ .. නිකමට .. එහෙම ඉන්න හිතුනා "

" අයියෙ මං කෙල්ලව අතට අරගන්නම්.. "
පැංචි ඇහැරලා හිටපු නිසා මම පරිස්සමට කෙල්ලව වඩාගෙන ඒ පුංචි පිට මැද්දෙන් අත තියගෙන හෙමින් ඇවිද්දා..



"" මම අද නොආවා නං ? ""




" එහෙම උනොත් මං බලන් ඉදලා ඉදලා ආයෙම යන්න යයි "



"" බලන් ඉන්න එක උඹව මහන්සි කරවයි උත්තර ! ""
එයා මට ඉඟියක් නොදී ඉඟියක් දීලා කොටුව තල්ලු කරගෙන මාව පහු කරගෙන යද්දි ,
ඒ වචන ටිකට පපුව ගැස්සුනු හේතුවට මගෙ කකුල් ඉබේම නතර උනා...



" උඹ ආයෙ එපා කිව්වත් මගෙ පපුව අහන එකක් නෑ අයියෙ ..",!!!

" මටත් හොරාට මේ පපුව උඹ වෙනුවෙන් අලුතෙන් හුස්ම ගන්න දැනටමත් පටන් අරගෙන !! "

මම ලාවට මුමුණන ගමන් කෙල්ලව තද කරලා අල්ලගෙන ඒ පස්සෙන් ආයෙම ඇවිදගෙන ගියා...


_______________________________________

කොහොමද යාලුවා ?
පරිස්සමෙන් හුස්ම ගන්නවද ?

මේ දවස් හැමෝටම අමාරුයි...
හැමදේම ඉක්මනින් විසඳෙන්න කියලා ප්‍රාර්ථනාවක් කලොත් සමහර විට එයාලා අහන්නෙ නැතුව ඉන්න එකක් නෑ...
දෙවියො අහගෙන ඇති...
හැමදේම හොඳින් වේවි ...

පරිස්සමෙන්...
මං
-ගැයුමා..

_________________________________________

විසල්ට යාලුවෝ අඩුයි කිව්වට දවසින් දවස යාලුවෝ එකතු වෙනවා..
විසල් එක්ක කතා කරන්න ඕන කියලා අස්ථාවර කියෝන අලුපාට ලමයි මැසේජ් දානවා...

මං හිතනවා එයාලට මැසේජ් බෝර්ඩ් එකෙත් විසල්ව හම්බෙන්න ඇති..

ඒ වගේම චැප්ටර් එකක් කියවන ගමන් දෙන දිග කමෙන්ට් වලට පැලෙන්න ස්තූතියි ...
මගෙ පැලැස්තර ගහපු පපුවට ඒවා හතර මහ නිධාන වගේ ...

ඉතින් ස්තූතියි !!
විසල් වෙනුවෙන් දෙන ඒ ආදරේට..

ආයෙම එනකල් පරිස්සමෙන් දරුවෝ !!

මං උඹලට හෙන ආදරෙයි ....

- සනී
2023.11.06

Continue Reading

You'll Also Like

2.9K 356 8
වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆
708K 26.1K 101
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
3K 274 30
වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්..
8.4K 1.8K 39
ආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක...