ආල අඩව්ව [කලු කුමාර 2 ] ✔️

By nithuvihansa

69.7K 13.3K 2.4K

The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between incubus... ♡♡♡♡♡ The... More

●○ 1 ●○
●○ 2 ●○
●○ 3 ●○
●○ 4 ●○
●○ 5 ●○
○● 6 ●○
○● 7 ●○
○● 8 ○●
○● 9 ○●
●○ 10 ●○
●○ 11 ●○
●○ 12 ●○
○● 13 ○●
○● 14 ○●
●○ 15 ●○
○● 16 ○●
○● 17 ○●
○● 18 ○●
●○ 19 ○●
○● 20 ○●
●○ 21 ●○
○● 22 ○●
○● 23 ○●
●○ 24 ○●
○● 25 ○●
○● 26 ○●
○● 27 ○●
○● 28 ○●
○● 29 ○●
○● 31 ○●
○● 32 ○●
○● 33 ○●
○● 34 ○●
○● 35 ●○
○● 36 ○●
○● 37 ○●
○● 38 ○●
○●39○●
○● 40 ○●
○● 41 ○●
○● 42 ○●
●○ 43 ●○
○● 44 ○●
●○ 45 ○●
○● 46 ○●
○● 47 ○●
○● 48 ○●
○● 49 ○●
○● 50 ○●
●○ 51 ○●
○● 52 ○●
○● 53 ○●
○● 54 ○●
○● 55 ○●
○● 56 ○●
○● 57 ○●
○● 58 ○●
○● 59 ○●
○● 60 ○●

○● 30 ○●

1.1K 232 42
By nithuvihansa

" අතනින් ඉඳගෙන ගන්නවා අරක අතට..."

මගෙ කැබින් එකට වෙලා අන්ත අසරණ තත්වෙන් බලන් හිටිය නිසල්ව තව ටිකක් අසරණ කරන්න බලාගෙන මම එයාව පුටුවක වාඩිකරවන ගමන් මගෙ මේසෙ උඩ පීරිසියෙන් වහලා තිබුණ කෝප්පෙ අතට ගන්න කිව්වා.

" බොනවා..."

" එ..ඒත් සර්..."

කෝප්පෙ අතට අරන් මන් දිහා ඇස් ලොවි ගෙඩි සයිස් කරන් බලන් ඉඳපු නිසල් ඊළඟ පාර වටපිට බලන ගමන් ඒත් මේත් ගාන්න ගත්තා.

මන් පුටු ඇඳි වලට අත් තියලා නිසල්ගෙ මූණ ඉස්සරහට නැවෙද්දි එයා පුටුවෙ පස්සටම ගිහින් හේත්තු වුණා.

" මොනවද බලන්නෙ බොනවා ඕක....
කෝ ගන්නවා කට ළඟට...."

" ඒ...ඒ වුණාට සර්....මේ සර්ට හදපු එකනෙ...මන් බොන එක හරි නෑනෙ...."

" නෑ නෑ....මමනෙ කියන්නෙ....ගන්නවා ඉතින් ඕක කටට...බොන්න-

කැබින් එකේ දොර ඇරෙන සද්දෙට කියපු දේ අතර මඟ නවත්තලා මගෙ අවදානෙ ගියේ ඒ පැත්තට.

" අනේ මන්ද මන් එන්නෙම වැරදි වෙලාවට
ඇහෙන්නෙත් වැරදියට....සොරි සොරි....
Carry on....Carry on....."
ඇස් ගෙඩි දොඹ ගෙඩි සයිස් කරන් දොර ගාව හිටියෙ කන්ෆියුස් වුණ රොකියා.
ඔලුවට පාරක් ගහගත්ත රොකී මොනවදෝ කියාගෙන ආපහු යන්න හැරෙද්දි මන් ආයෙත් මගෙ මිශන් එකට බැස්සා.

" නිසල් ඕක බොනවද....මන් පොවන්නද..."

එක උගුරට කෝප්පෙන් බාගයක් හිස් කරපු නිසල් මන් දිහා බලන් හිටියෙ පාතාලෙ මැරයෙක් දිහා බලන ගානට. කොහොමත් මේඝ සම්බන්දව මම පාතාලෙටත් වඩා අන්තයි.

" මොනවද ඒ..." මන් ඇහුවෙ ඇස් වලින් බාගෙට හිස් කරපු පීරිසි කෝප්පෙ පෙන්නන ගමන්.

"ත්...තේ...සර්...."

" හ්ම්....අද මුලු ස්ටාෆ් එකටම බෙදුවෙ තේ.. එහෙමනෙ..."

" ඔ...ඔව්...සර්...අද විතරක් නෙමෙයි ඉතින්
හැමදාම තේ බෙදන්නෙ...."

" එතකොට ජෙනරල් මැනේජර්ට විතරක්
නෙස්කැෆේ දුන්නෙ....." 
මන් ඇහුවෙ නිසල්ගෙ නිකටින් උස්සලා මගෙ ඇස් වලට සමාන්තරව අල්ලගන්න ගමන්.

" මැනේජර් ඉතින් ගොඩක් මහන්සි වෙන නිසා....පව් කියලා හිතුනා...ඒකයි...සර් මන්
වෙනසකටත් එක්ක නෙස්කැෆේ එකක් ගිහින් දුන්නෙ....මේ...."

" අනේ......මැනේජර් පව් කියල හිතුනද....
මැනේජර්ට තේද...කිරිද...කෝපිද...කසායද
මී පාසානම්ද.....දෙන්නෙ කියලා මන් බලාගන්නම් හරි.....මැනේජර්ට මහත්තයා තේ කාඩ් එක කැන්සල් කර ගත්තා වගේ...තමුසෙ පඩිය කැන්සල් කරගන්න එපා....පඩි ඕනිනම් අද මේ මුලු ඒරියා එකම ක්ලීන් කරනවා...මන් ආයෙ එද්දි එක දූවිලි බිංදුවක් හරි තිබ්බොත් බලාගන්නම්...."

නිසල් නලල දිගේ ගලන් ගිය දාඩිය බිංදු දෙක පිට අත්ලෙන් මන් දිහා බලලා පිහදා
ගනිද්දි මල් වලට හපන් මල් වතු පැනලා හිටිය මන් කැබින් එකෙන් එලියට ආවා.

" අනේ මන්දා උඹලා දෙන්නම එකයි...අරූ ඔර්ජිනල් යකා වුණාට උඹ ඊට හපන් යකා..."

යනවා කියලා නොගිහින් ඔක්කොම හැංගිලා අහන් හිටපු රොකියා මාත් එක්ක රිසෙප්ෂන් එක පැත්තට යන ගමන් කියවන්න පටන් ගත්තා.

" උඹලා දෙන්නට පුදුම ජෙලක් තියෙන්නෙ
අරූ අරහෙ සඳමාලියව තියාගෙන මඩෝනවා...කෙල්ලට බාගෙට ඇඬිලත් එක්ක...උඹ මෙහෙ නිසල්ව තියාගෙන රැග් දෙනවා...උඹලාගෙ වලි හින්දා අහක යන වුණුත් ඉවරයි..."

සඳමාලිටත් සඳ බොඳ වෙන්න මේඝ සලකනවා කියද්දි මන් රොකීත් එක්ක නිකමට මේඝගෙ හිටිය කැබින් එකට එබුනා. කිව්වා වගේම සඳමාලියා හොටු පෙරාගෙන ලැප් එකට එබිලා හිටියා... මේඝ සැරින් සැරේට කෑ ගහද්දි ලැප් එකට උඩින් මූණ බෙරි කරන් බලලා ආයෙත් ලැප් එකට එබුනෙ ටයිප් කරගන්න අත් දෙකේම ඇඟිලිත් මදි වෙලා. මේඝ හින්දා සඳමාලිගෙ සැලරිය නම් නිවන් දකියි ළඟදිම.

" මන් තව විනාඩි පහයි බලන්නෙ....Excel sheet එකක් හදාගන්න ඔච්චර වෙලා යනවද....මරු කෙනාව සී.යී.ඕ. ගේ සෙකට්රි කරලා තියෙන්නෙ....පඩි ගෙවනවටත් අපරාදේ.....අද හතරට ඉස්සෙල්ලා මට ඔය ටික ප්‍රින්ට් කරලා අතට හම්බවෙන්න ඕනි..."

මේඝ සැරෙන්  කියද්දි දොර ළඟ ඉන්න මාවයි රොකීවයි දැකපු සඳමාලි ලාවට වගේ අසරණ බැල්ලමක් දාලා හිනාවුණා. හරියට එයාව එතනින් බේර ගන්න කියන්න වගේ....ඒත් අද සඳමාලියට ඒරාෂ්ඨක අපලයක් ලබලා. මේඝගෙ උකුසු ඇස් වලට එයා අපිත් එක්ක හිනාවෙනවා අහුවෙද්දි මේඝ ඔෆිස් එක උඩයන්න කෑගැහුවා.

" මේ මාසෙ පඩියෙන් බාගයයි.....!  මට ඔය ටික හතරට නෙමෙයි විනාඩි දහයෙන් ඕනි....! "

.....................................................
.

.
.
.
.

මාස දෙක හිතුවටත් වඩා වේගෙන් ගෙවිලා යද්දි ඊළඟ සෙමෙට් එක පටන් ගන්න ළං වෙද්දි අපේ නිවාඩුවත් ඉවර වුණා. අන්තිමට ඒ සුභ දවසත් උදාවුණා.

පොඩියට මේඝගෙ ගෙදරදිම  එන්ගේජ්මන්ට් එක ගන්න  අපේ තාත්තා
කලින්ම ප්ලෑන් කරලා තිබුණා. පවුල් දෙකේම කට්ටිය ඇවිල්ලා ඉද්දි මන් බලාගෙන අපෙ අම්මත් මේඝගෙ තාත්තා වරුණ අංකල් එක්ක බර කතාවක්....ෂුවර් එකට අම්මා මගෙ සායම අරිනවද දන්නෑ...
ඔක්කොම වැඩ අස්සෙ එලියට ඇවිත් බෙන්ච් එකෙන් ඉඳගත්ත මන් අදින් පස්සෙ එන දවස් ගැන හිත හිතා උන්නත් දිනෙතයාගෙ මංගල අෂ්ඨකේට මගෙ මංගල බොඳ වුණා.

" යුවපති හට..!..වේවා සිරිසුභ මංගලම්...."

"  කට වහන් ඉදහන්කො බන්......"

" ඈ... රොකී...බබා  මෙයාලට පෝරුවේ සෙරමනි එකක් තියන් නැද්ද ඒයි...." 
දිනෙතයා කට ඇද කර කර ඇහුවෙ ගහකට හේත්තු වෙලා ෆෝන් එක ඔබන
රොකියගෙන්.

" පෝරුවෙ සෙරමනි තියලා...අෂ්ඨක කියන වෙලාවට මුන් දෙන්න කලාන්තෙ දාලා වැටුණම අපිට උස්සන්න වෙන්නෙ....
අනික නෑදෑයෝ ඉස්සරහ පවුලෙ නම්බුවත්
එහෙම්පිටින්ම ලෙෆ්ට්..."

" උඹලා දෙන්නා එහෙම පෝරුවට නැග්ගුවොත් මැරිලම වැටෙයි...."

රොකියා පෝරුවෙදි අපිට අත්වෙන ඉරණම ගැන කියද්දි පිටිපස්සෙන් ආපු මේඝ දිනෙත්ටයි රොකීටයි අත්වෙන ඉරණම සාහසික විදිහටම කියලා දැම්මා.

" නවයයි හතලිස් තුනට....වෙලාව බලන්න
ශාක්‍ය....සඳැස් කෝ ඇතුලට එන්න ළමයෝ වෙලාවත් හරි..."

මේඝගෙ තාත්තා අප්පච්චිට නැකතට වෙලාව බලන්න කියන ගමන් එලියට වෙලා උන්න අපි හතරකට්ටුව දැකලා ගේ ඇතුලට එන්න කියලා කෑගැහුවා.
මේඝගෙ තාත්තා එයාට කතා කලේම සඳැස් කියලා...මන් කතා කරන්නෙ මේඝ...
අනිත් මිනිස්සු එයාව අඳුරන්නෙ නිශ්ශංක කිව්වාම...අනේ මන්ද මේ මිනිහගෙ නම දිගයි මාගල වගේ. කසාදෙට කලින් නම් ටික පාඩම් කරගන්න වෙනවා...

දකුණු කකුල පෙරට තියලා ගේ ඇතුලට යන්න ගියත් වීල් එලයිමන්ට් අවුල් ගිහින් තියවුණේ වම් කකුල...කමක් නෑ....කමක් නෑ...දෙකම කකුල්නෙ...කොයිකෙන් ගියත් මොකද...
රෙජිස්ටාර්ට හිටියෙනම් හැට පැනපු ඩයල් එකක්...මන් අතට දුන්න නිල් පෑන මේසෙ දිගෙ රෝල් කරන ගමන් වෙලාව එනකම් බලන් ඉද්දි දිනෙත් ඇවිත් මට එහාපැත්තෙන් සාක්ෂියට අත්සන් කරන පාර්ශවේට හිට ගත්තා.

" මේ තමයි උඹට හම්බෙන අන්තිම චාන්ස් එක...තව විනාඩි පහක් තියෙයි හොඳට හිතපන්...කොහොමත් බැන්ඳට පස්සෙ මිනිස්සු වෙනස් වෙනවා සහෝ...."

" මැරුම් කනවට වඩා මේක හොඳයි බන්.."

දිනෙතයාගෙ උපදේසෙ අහන් හිටපු මන් කිවවෙ එයා දිහාවට නැමිලා රහසින්.

" ඒක නෙවේ..ඔය දෙන්නත් මේ ගමන්ම එන්ගේජ් වුණා නම් ඉවරයිනේ...."

මන් ඇහුවෙ රොකි ඇවිත් මේඝට එහා පැත්තෙන් හිට ගත්ත දිහා බලාගෙන.

" අපේ එක්කෙනා කිව්වනේ තව ටිකක් කල් ලිවින් ටුගෙදර් ඉදලා ආශ්‍රය කරලම
බඳිමු කියලා...අනික මේ රොකී කිව්වනෙ අනේ එයාට මේ ගිය ආත්මෙත් මාව හරියට ආශ්‍රය කරන්න බැරි වුණා කියලා.."

" ආ ඔව්නෙ උඹ ඌට කලින් වලකජ්ජ ගැහුවනෙ...."

" ඈ....ඒ කිව්වෙ..."  හොඳ වෙලාවට ගිය ආත්මෙක මෙලෝම දෙයක් මතක නැති දිනෙතයා මන් දිහා අමුතුවට බලන් හිටියා.

" ඒ කියන්නෙ ඉංග්‍රීසි හෝඩියෙ පළවෙනි අකුර..."  මන් දිනෙත්ට හරස් උත්තරයක් දෙන ගමන් එහා පැත්තෙන් රොකී මේඝට දෙන උපදේශ මාලාවට කන් දුන්නා.

" බොටමා ටොපාගේ දෙවියාය කියන මතේ ඉදපන් නැත්තම් ඉතින් උඹට අබ සරණයි....හැම වෙලේම ඌ කියන දේ තමයි හරි...අපි වැරදියි...උඹට රාජ්‍ය තාන්ත්‍රික වැඩක් තිබ්බත් ඒකට කලින් හස්බන්ඩ්ව ප්‍රථම රාජකාරිය කරගනින්...
ජනාධිපතිගෙන් කෝල් එකක් ආවත් ඊට වඩා හස්බන්ඩ්ගෙ කෝල් එක වැදගත්...
උයලා දෙන්නෙ නියඟලා අලයක්ද බොරුවට හරි රසයි කියලා ඒක කාපන්...."

" වෙලාව හරිනෙ...එහෙනම් පටන් ගමු.."
රෙජිස්ටාර් තෙමේ වෙලාව බලලා මහා කර්තව්‍යය පටන් ගන්න ලෑස්ති වෙද්දි රොකියා අවසාන වශයෙන් මේඝට ළං වුණා.

" මචං ඕකෙ තෙරුවන් සරණයි කියල එහෙම ලියන්න එපා...අත්සන ගහපන්..
උඹලා දෙන්නටම මගෙ සාතිශය සංවේගය...."

රෙජිස්ටාර් මොනවද ටිකක් කියවලා අපි ලව්වත් කියෝලා අත්සන ගහන්න ඕනි තැන පෙන්නන ගමන් මගෙ දිහාවට පොත තිබ්බා. නිල් පෑන ඇඟිලි වලින් අල්ල ගත්ත මන් දිනෙතයා කිව්වා වගේ අත්සන් කරන්න කලින් දෙපාරක් හිතන ගමන් මේඝ දිහා බැලුවා.

" මේ ඒයි.... අපිටත් බැයිද අනේ ලිවින් ටුගෙදර් ඉන්න...."

" කන පලාගන්නෙ නැතුව ඔන්න ඕක අත්සන් කරපන්..."

~~~~~~~~~~මතු සම්බන්දයි ~~~~~~~~~~~

ඒ වෙඩිමත් හරි...😌

Continue Reading

You'll Also Like

105K 20.7K 36
වෛරයෙන් පටන්ගත්ත ආදර කතාවක් නෙවෙයි , වෛරය ඇතුලෙ හැංගුන ආදර කතාවක් !
353K 38K 79
අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්‍ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**
110K 23.8K 81
උතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස...
9.2K 1.9K 27
නිහඬව මගෙ හදගැස්මට කන්දෙන්න...❤