සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• දෙවන දිගහැරුම •

784 167 74
By ___Sky-Heart___


" තීනූ බබා ඇයි ඔයාට බැරි එක පාරක් මට ආදරෙන් කතා කරන්න "

" මේ යනවද යන්න පාඩුවේ !! අනික කී පාරක් නම් කියන්නද මම තමුසෙගෙ බබා නෙමේ කියලා !! ඔච්චරටම බබෙක් ඕනේ නම් කැම්පස් එකේ කෙල්ලෙක් සෙට් කර ගෙන බබෙක් හදා ගන්නවකෝ මට වද දෙන්නේ නැතුව "

තීනු තමන්ගේ අතේ තිබුනු පොත් සෙට් එකෙන් යුගාන් ගේ ඔලුවට පාරක් දෙද්දි යුගාන්ගේ මුලු මූණම බෙරි වෙලා ගියා . මොන හේතුවකට තීනු යුගාන්ට මෙච්චර අකමැති උනාද මන්දා ! තීනු ගේ පාර යුගාන් හරස් කර ගෙන හිටපු නිසාම තීනු යුගාන්ව තල්ලු කර ගෙන යන්න හැදුවත් යුගාන් තීනුගේ අතින් අල්ලන් තීනුව නතර කලා .

" අනේ ඕයි වෙන ගෑනු ඕනේ නම් අවුරුදු ගානක් තිස්සේ තමුසෙගේ පස්සෙන් එන්නේ නෑනේ ... මට මහන්සී ඕයි ආදරේ ඉල්ලලම ටිකක් තේරුන් ගන්නවා මම තමුසෙ ගාව විතරයි මෙහෙම නැවෙන්නේ "

" දැන් මම කිව්වද මට ආදරේ දිදී පස්සෙන් ඇවිත් මං ඉස්සරහ නැවෙන්න කියලා "

" ආර්ර්ර්හ්හ් ඇයි තීනූ තමුසේ මට මේ තරම් දුක් දෙන්නේ "

" දුක් දෙන්නේ මට වෙන දෙන්න දෙයක් නැති නිසා "

" ඉතිම් යකෝ සැප දියන්කො !! "

ඒක ටිකක් යුගාන් හයියෙන්ම වගේ කෑ ගහලා කියද්දි කැම්පස් එකේ හිටපු සමහර කොල්ලෝ කෙල්ලෝ මේ දෙන්නා දිහා හැරි හැරි බැලුවා . යුගාන්ට නම් ඒවා කොහොමත් ගානක් නැති උනත් තීනු තමන්ගේ පොතෙන් මූණ වහ ගන්න ට්‍රයි කලේ යුගාන් කියපු කතාව නිසාමයි . තීනූ මූණ වහන් ඉන්න පොත යුගාන් ඇදලා ගනිද්දි තීනු ඒ සැනින්ම යුගාන්ගේ පපුවට පාරක් ගැහුවා .

ඒත් යුගාන්ට නම් ඒක දැනුනේ වත් නැහැ . තීනුගේ පොත තීනුට ගන්න බැරි වෙන තරමට යුගාන් උස්සන් ඉද්දි තීනු තමන්ගේ පොත උඩ පැන පැන ගන්න ට්‍රයි කලා . යුගාන්ට මේ වැඩේ හරි ජොලි උනාට තීනු නම් හිටියේ හොදටම තරහා ගිහින් . තමන්ගේ මුලු මූණම රතු කර ගෙන තීනු යුගාන්ට බනින ගමන්ම තමන්ගෙ පොත ගන්න ට්‍රයි කලා ..

තීනුව යුගාන්ට හුරතල් වගේ පෙනෙද්දි තීනුට නම් ඕනේ උනේ දැන් මේ ඇමති පුතාව කෝටු මස් කරලා දාන්න .. මුලු කැම්පස් එකක් මැද මේ දෙන්නගේ විකාරේ කට්ටිය දැක්කත් ඒක කවුරුත් වැඩිය ගනන් ගන්න නම් ගියේ නැහැ . මොකද සාමාන්‍යයෙන් මේ දෙන්නා මෙහෙම මරා ගන්නවා කියලා කැම්පස් එකේ හිටපු හැමෝම දැනන් හිටියා .

යුගාන් නම් අනන්තවත් තීනුගෙන් ගුටි කාලා ඇති පස්සෙන් එන්න එපා කියලා .. ඒත් යුගාන්ට ලැජ්ජාව කියලා දෙයක් නම් තිබුනේ නැහැ . යුගාන් තමන්ගේ පොත දෙන්නේ නැති නිසාම බෙන්ච් එකක් ලග තිබුනු කුඩයක් තීනු තමන්ගේ අතට ගත්තා . අද නම් යුගාන් නැති වෙන්නම කන්න හදන වග නම් ඉර හද වගේ සහතික වුනා !!

" හොද හිතිම් කියන්නේ දියන් මගේ පොත "

" මොකද තීනු බබා මේ "

" මම තමුසෙගේ බබා නෙමේ !! පොත දීපන් නැත්තම් කුඩෙන් ගහලා තෝව මම මරන්නේ මාව නරක මනුස්සයා කර ගන්න එපා "

තීනු යුගාන් දිහාවට කුඩේ දික් කරලා මාරාන්තික බැල්මක් එල්ල කරද්දි යුගාන්ගේ තොල් අතර නම් ඇදුනේ මහ කුපාඩි හිනාවක් . තීනුගේ පොත තීනුට දෙන්න හදනවා වගේ දික් කරලා යුගාන් පොතත් අරන් දුවන්න ගත්තා . තමන් ඉන්න තැන ඉදලම හයියෙන් කෑ ගහපු තීනූ කුඩෙත් උස්ස ගෙනම යුගාන් ගේ පස්සෙන් දිව්වා .

කැම්පස් එකේ හැම කෙනෙක්ම වගේ දන්නවා යුගාන් තීනුට කැමතියි කියලා ඒවගේම තීනූ යුගාන්ට අකමැතී කියලත් . මේක විසිවන සිය වස උනු නිසාම යුගාන්ට වත් තීනුට වත් කැම්පස් එකේ කිසිම ප්‍රශ්නයක් උනේ නම් නැහැ . යුගාන්ට නම් සමහරු තීනුව සෙට් කර ගන්න පවා උදව් කලත් ඒවා එකක් වත් මේ වනතුරු හරි ගියේ නැහැ .

" කැත සතා පොත දීපන් මම නෝට් ලියන්නේ තොගෙ ඇට දෙකේද "

" පුලුවන් නම් ඒකේ හරි ලියන්න මටත් ලේසියිනේ එතකොට "

" ආර්ර්ර්හ්හ් කැලෑ බිජ්ජා තෝව මරා ගෙන කනවා මම !! "

යුගාන්ගේ පස්සෙන් දුවන ගමන්ම කුඩේ ඒම් කරලා අල්ල ගත්තු තීනු යුගාන්ගේ කකුල දිහාවට විසික් කලා . කුඩේ යුගාන්ගේ කකුලේ පැටලුනු නිසාම යුගාන් වැටුනා පොලේ කුඩේ ඇනුනා බඩේ !! පොලෝ තලය බදා ගෙන හිටපු යුගාන් නැගිටින්න හදන කොටම බ්‍රේක් නැතුව ආපු තීනුත් යුගාන්ගේ ඇග උඩටම වැටුනා .

තීනු නම් ඒ සැනින් යුගාන් ගේ ඇග උඩින් අයින් වෙන්න හැදුවත් යුගාන් නම් තීනුව අනිත් පැත්තට පෙරල ගෙන තීනුව හිර කර ගත්තා . මහ අපත හිනාවක් දාගෙන යුගාන් තීනු දිහා බලන් ඉද්දි තීනුට නම් ඕනෙ උනේම යුගාන්ගේ මූණ සමතලා වෙන්න ගහන්න ඒත් තමන් දැන් ඉන්න විදිහට තීනුට හෙලවෙන්න වත් බැරි උනා .

" මෙච්චර ලගින් තීනු බබාව මම දැක්කමද කොහෙද වාහ් ඔයා කොහොමද බබා මෙච්චර ලස්සන උනේ "

" හොටු කාලා ලස්සන උනේ ඇයි මොකත !! තමුසෙටත් දෙන්නද හොද හාරපු හොට්ටක් "

" ඒක නම් ටිකක් අප්‍රසන්නයි ඒත් තීනු බබා වෙනුවෙන් හොටු විතරක් නෙමේ වහ කන්න උනත් මට පුලුවන් "

" සීරියස්ලි ?? හෙට මම තමුසෙට වහ දාලා බත් එකක් ඔතන් එන්නම් කාලා මැරුනට පස්සේ වත් මට නිදහසේ ඉන්න පුලුවන් වෙයිනේ !! "

යුගාන් ගෙන් බේරිමක් නැති බව දැන ගෙනත් තීනු ලොක්කා වගේ කියවද්දි යුගාන් ටිකෙන් ටික තීනුගේ මූණට එබෙන්න ගත්තා . ලව්ඩ් ස්පීකර් එකක් වගේ තිබුනු තීනුගේ කටේ සද්දේ එන්න එන්නම අඩු වෙලා යද්දි යුගාන්ගේ තොල් අතර නිරායාසයෙන්ම සිනහවක් මැව්නා . කොහොමත් තීනුට පුලුවන් උනේ කටින් ගහ ගන්න විතරයි ..

යුගාන් ගේ උණුසුම් හුස්මත් තීනුගේ මුහුණ පුරා දැවටෙද්දි තීනු තමන්ගේ අත් දෙකෙන්ම මූණ වහ ගත්තා . තමන්ගේ ඔලුවත් දෙපැත්තට වනපු යුගාන් තීනුගේ ඇගෙන් අහකට වෙලා නැගිට්ටා . තීනු නම් තාමත් කලින් වගේම මූණ වහ ගෙන බිම ඉද්දි යුගාන් තීනුගේ බෝල පස්සට කකුලෙන් තට්ටුවක් දැම්මා .

" ඒයි හොර බඩු කෑල්ල ලබ්බ බැහැලා වගේ ඉන්නේ නැතුව නැගිටිනවා ඔතනින් "

යුගාන් පොතත් එක අතක රදව ගෙන තීනුට කියද්දි තීනු හිමින් සැරේ තමන්ගේ මූණෙන් අත් එහාට කරලා ඉක්මනින් නැගිට්ටා . යුගාන්ටත් රවන ගමන් තීනු යුගාන් ගාවට ඇවිත් ආයෙ තමන්ගේ පොත ගන්න ට්‍රයි කලා ඒත් යුගාන් තීනුගේ පොත අරන් තමන්ගේ ටී ශර්ට් එක අස්සට ඔබා ගත්තු නිසා තීනු තමන්ගේ කොණ්ඩෙන් ඇද ගන්න ගමන්ම යුගාන්ට කෑ ගහන්න ගත්තා .

" දෙනවා මගේ පොත ඕක අස්සට අත දාලා මම ගන්න කලින් "

" ම්ම් පොත දෙන්නේ නෑ පුලුවන් නම් අස්සට අත දාලා ගන්නවා "

" ආර්ර්ර් තමුසේ නම් !! "

තීනු තමන්ගේ මූණත් තරහින් පුම්බන් අඩි හප්පද්දි යුගාන් නම් තීනුව අව්ස්සලා වෙනමම ආතල් එකක් ගත්තා . තීනුත් ඉතිම් තමන්ගේ ලොකුකම් පැත්තකින් දාලා යුගාන්ට කලින්ම කැමති උනා නම් මෙච්චර කටු කන්න ඕනේ නෑනේ ! යුගාන් තමන්ගේ පොත දෙන්නේ නැති නිසාම තීනු හොද හුස්මක් පිට කරලා යුගාන් ගාවට ලං උනා . නරකින් කියලා දෙන්නේ නැත්තම් හොදින් හරි පොත ඉල්ල ගන්න තීනුට ඕනේ උනා

" හරි කියනවා මගෙන් මොනවද දැන් ඕනේ "

" ම්ම්හ් මුකුත් එපා "

" එහෙනම් මගේ පොත දෙන්න .. මට ගෙදර යන්න පරක්කු වෙනවා .. අනික මං එනකල් එලියට වෙලා තීර්ථ බලන් ඉන්නවත් ඇතී "

" ඉතිම් ඌට යන්න කියන්න තමුසෙට ඌ එක්කම යන්න ඕනේ කියලා නීතියක් නෑනේ .. තනිකම් දෝසේ වගේ නම් මාත් එක්ක ගෙදර යන්න පුලුවන් "

යුගාන් එහෙම කියද්දි තීනු තමන්ගේ ඇස් දෙක රෝල් කලේ *තමුසෙ එක්කම යන්න හරි වැඩේනේ* කියලා හිතන ගමන් . තීර්ථ නම් දැනටම මත් කැම්පස් එකේ ගේට්ටුව ගාවට වෙලා තීනුගේ හත්ත්මුතු පරම්පරාවම මතක් කරන ගමන් හිටියා . ඒත් යුගාන් තමන්ගේ පොත දෙන්නෙත් නැහැ වගේම තමන්ට මෙතනින් යන්න දෙන්නෙත් නැහැ කියන එක නම් තීනුට හොදින් තේරුම් ගියා ..

" විකාර කරන්න එපා යුගාන් මට ගෙදර යන්න පරක්කු වෙනවා .. ඔය පොත දෙනවකෝ මට පාඩම් කරන්නත් තියෙනවා "

" අද ලෙක්ච එක ගෙදර යන්න කලින් මට කවර් කරලා දුන්නොත් තමුසෙගේ පොත ආපහු දෙන්නම් "

" පිස්සු නටන්න එපා අනික මම කිව්වේ නෑනේ තමුසෙට ලෙක්චස් කට් කරන්න කියලා "

" ඒ කියන්නේ බෑනේ ! ඕකේ එහෙනම් පොත ගැන තියෙන ආසාව අත ඇර ගන්නවා "

" අහ් හරි හරි මම කියලා දෙන්නම් "

තීනු මූණත් ඇඹුල් කර ගෙන කියද්දි යුගාන් තොල් අතර හිනාවක් මවා ගන්න ගමන් තීනුගේ කරට අතක් දැම්මා .

" ම්ම්හ් ඉතිම් මගේ හොර බඩු කෑල්ල අපි ලයිබ්‍රි එකට ගිහින් වැඩේ කරමු "

" අනේ මේ මට හොර බඩු කෑල්ල කියලා නම් කියා ගෙන එන්න එපා "

" ඉතිම් තමුසේ කැමති නෑනේ මම තමුසෙට තීනු බබා කියනවට ඒක නිසා අද ඉදන් මම තමුසෙට කතා කරන්නේ හොර බඩු කෑල්ල කියලා .. තමුසේ ඒකට කැමති උනත් අකමැති උනත් මට ඒකෙන් වැඩක් නැහැ "

යුගාන් එක්ක තවත් වාද කරන එකෙන් සිද්ද වෙන්නේ තවත් වෙලාව නාස්ති වෙන එක විතරක් වුනු නිසාම යුගාන්ගේ ටී ශර්ට් එකේ පැත්තක් ගුලි කරලා අල්ල ගත්තු තීනු යුගාන් වත් ඇද ගෙනම ක්ලාස් එකට ඇවිත් යුගාන්ගේ පොත් බෑග් එකත් තමන්ගේ කරේ දාගෙනම ලයිබ්‍රි එකට ආවා .

ලෙක්චස් ඉවර වෙලා තිබුනු නිසා කීප දෙනෙක්ම ලයිබ්‍රි එකේ ඉදන් පොත් කියවන්න ගත්තා . සමහර කපල්සුත් ඒ අස්සේ ඉදන් ලව් කරන්න ගත්තා . ලයිබ්‍රි එකේ කෙලවරේම තිබුනු මේසේ ගාවට ගිහින් යුගාන්ව තල්ලු කරන ගමන් යුගාන්ගේ පොත් බෑග් එකත් තීනු යුගාන්ගෙ ඇගටම විසික් කලා .

ලයිබ්‍රි එක ඇතුලේ හයියන් කෑ ගහලා රණ්ඩු වෙන්න බැරි උනු නිසාම තීනු වචන වලින් නැතුව අතින් පයින් ලොකු සීන් දාන්න ගත්තා . යුගාන් දිහා බලලා කටත් ඇද කර ගන්න ගමන් තීනු පුටුවෙන් වාඩි වෙද්දි යුගානුත් තීනු ගාවින්ම පුටුවක් අරන් වාඩි උනා . යුගාන්ගේ බෑග් එක ඇදලා අරන් ඕන කරන පොත් ටික ගත්තට පස්සේ තීනු බෑග් එක ආයෙම යුගාන්ගේ මූණට විසික් කලා .

තීනු මේ හැම දෙයක්ම කරන්නේ තරහට කියලා යුගාන් දන්නවා උනත් තීනු කරන කිසිම දෙයක් නම් යුගාන් ගනන් ගත්තේ නැහැ . තමන්ගේ බෑග් එකෙන් නෝට් බුක් එක ගත්තු තීනු අද ප්‍රොෆිසෙර් ඇවිත් උගන්නපු ලෙසන් එක පෙරලන්න ගත්තා . යුගාන් කම්මුලට අතකුත් තියා ගෙන මේසෙට බර උනේ තීනුගෙන් මොහොතකට වත් තමන්ගේ ඇස් අහකට නොගෙන .

" ප්‍රොෆිසෙර් අද ඉගැන්නුවේ නම් නැහැ නෝට් ලියන්න දුන්නා විතරයි හැබැයි පාඩම ලාවට වගේ ටිකක් පැහැදිලි කලා . තමුසෙ මුලින්ම මේ ටික ලියලා ඉන්නවකෝ ඊට පස්සේ මම පැහැදිලි කරලා දෙන්නම් පිටු පහක් හයක් වගේ ලියන්න තියෙන්නේ "

" ආර්ර්හ් මගේ ඇගිල්ලක් ඊයේ රෑ මදුරුවෙක් කෑවනේ පෑනක් වත් අතින් අල්ලන්න බැහැ ඒ තරම් අමාරුයි ඒක නිසා නෝට් ටික ලියලා දෙනවකෝ "

යුගාන් කොහොමත් ඔය නෝට් ලියන වැඩ කරන්න කැමති කෙනෙක් නම් නෙමේ . ඒත් ඉතිම් මේ දැවැන්ත රංගනයක යෙදෙමින් යුගාන් ඇද බෑවේ ගල් පැලෙන බොරුවක් කියලා නම් තීනු හොදටම දන්නවා .. යුගාන් මේ වගේ කොච්චර නම් නෝට් තීනුට කියලා ලියා ගෙන නම් ඇත්ද ! යුගාන්ට බැන බැනම ඒ නෝට් තීනුත් ලියලා දෙනවා මිසක යුගාන්ට බැහැයි කියලා නම් තීනු ජීවිතේට කියලා නැහැ .

" හරි විසාල කරදරයක් උනානේ මේක "

" තමුසේ මගෙ හොර බඩු කෑල්ලනේ ලියලා දෙනවකෝ !! ඕනෙම නම් ගෙදර යන ගමන් කකා යන්න ගල් බනිස් ගෙඩියක් අරන් දෙන්නම් "

" ලියලා දෙන්නම් මල වදේ හැබැයි ගල් බනිස් දෙකක් වත් ඕනේ "

" මගේ හොර බඩු කෑල්ලට ගල් බනිස් කඩයක් හරි අරන් දෙන්නම්කෝ නෝට් ටික ලියලා දෙනවා නම් !! "

යුගාන් තීනුගේ කම්මුලක් මිරිකලා කියද්දි තීනු අතේ තිබ්බ පොතෙන්ම යුගාන්ගේ ඔලුවට ගැහුවා . තීනු පොඩ්ඩක් වත් කැමති නැහැ යුගාන් තමන්ව හුරතල් කරන්න එනවට . නොහිතපු විදිහට තීනු පොතෙන් ඔලුවට ගහපු පාර රිදුනු නිසාම යුගාන් ඔලුවත් අල්ලන් මේසෙට බර උනා . යුගාන්ගේ පොත අතට ගත්තු තීනුට ඒ පොත දැක්කම සසර කලකිරුනා මොකද ඒ තරම් පිලිවෙලට යුගාන් නෝට් ලියලා තිබුනු නිසා .

" පෑනක් දෙනවා මේ ටික ලියන්න "

" මං ගාව පෑන් නෑ අනේ තමුසේ ගාව තියෙන මොකකින් හරි ලියනවා "

" එතකොට තමුසේ වෙනදා නෝට් ලියන්නේ ඇගිල්ලෙන්ද ? "

" සිතිජයගෙන් පෑනක් උස්සලා ලියනවා ඇරෙන්න මම පෑන් පැන්සල් උස්සන් එන්නේ නැහැ "

" ආපූ තමුසේ මොන මගුලකට කැම්පස් එනවද මන්දා "

යුගාන්ටත් බැන බැනම තමන්ගේ බෑග් එකේ තිබුනු පෑනක් අතට ගත්තු තීනු යුගාන්ගේ පොතේ නෝට් ටික ලියන්න ගත්තා . කම්මුලට අතකුත් තියා ගෙනම මේසෙට බර වෙලා යුගානුත් කබරයා වගේ තීනු දිහා බලා ගෙන හිටියා . තීනුගේ ටීක් බෝල වගේ තියෙන බෝල ඇස් මෆින් වගේ තියෙන මොලොක් කම්මුල් නිතරම පිට පෙරලෙන රතු පාට දෙතොල් යුගාන්ව පිස්සෙක් කලා කිව්වොත් හරි !!

තමන්ගේ තොල් අතර සිනහවකුත් රදවා ගෙන යුගාන් තීනුගේ ඇස් අතර කිමිදුනා . ලා දුඹුරු පැහැ වුනු ඇස් වගේම දිගු ඇසි පියන් තීනුට පිහිටලා තිබුනා . තොලට යටින් වගේම තොලට උඩිනුත් තිබුනු බර්ත් මාක් එක තීනුට හුරතල් පෙනුමක් එක් කලා . නෝට් ලියන අතරෙම තීනුත් නොදැක්කම නෙමේ යුගාන් තමන්ගේ දිහා කන්න වගේ බලා ගෙන ඉන්න වග . ඉතිම් ඒක නිසාම පෑනත් කටේ ගහ ගෙන තීනු යුගාන් දිහා බැලුවා .

" මොකද මගේ මූණේ පෙරහැරක් යනවද "

" සිරාවටම අහන්නේ තමුසේ කොහොමද ඕයි ඔච්චර ලස්සන උනේ වෙලාවකට මට තමුසෙව කන්න හිතෙනවා "

" පෞද්ගලික දේපලක් බැවින් අනවසරයෙන් මා දෙස බැලීම දඩුවම් ලැබිය හැකි වරදකි "

" සිරාවටම ?? ඔයාට බැහැ මට මුකුත් කරන්න "

" ඇමති පුත්තු එක්ක කොහොමත් වලියට යන්නේ නැහැ මං ... මොකද ඕකුන් හෙන මෝඩයි "

" තමුසෙ ඔය කියන්නේ දැන් මම මෝඩයෙක් කියලද ? "

" තොප්පිය හරි නම් දා ගන්න "

" ආර්ර් මම මෝඩයෙක් නෙමෙ හරිද මම ඉගෙන ගත්තා ඒකනේ කැම්පස් ආවේ !! "

" හොරට විභාගේ ලිව්වම ඕන එකෙක්ට එන්න පුලුවන් "

" අනේ තමුසේ දන්න බම්බුව !! "

තීනුට රවන ගමන් යුගාන් අහක බලා ගත්තේ මේ වෙලාවේ තීනුට බනින්න ගියොත් තීනු නෝට් ලියන එක දාලා යන්න යයි කියලා එහෙම උනොත් ඉතිම් යුගාන්ටම තමා නෝට් ටිකත් ලියා ගන්න වෙන්නේ ඒත් නෝට් ලියන්න යුගාන් පොඩ්ඩක් වත් ආස නැති නිසා කටත් වහන් තීනුට රැව්වා . තීනු නම් තොලුත් තද කර ගෙන හිනා වෙන ගමන් ආයේ නෝට්ස් ටික ලියන්න ගත්තා .

නොදැනීම වෙලාව ගත වෙලා යද්දි ලයිබ්‍රි එකේ හිටපු අය එක්කෙනා දෙන්නා ගානේ ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා . පැයක් පමණ ගත උනාට පස්සේ ලයිබ්‍රි එකේ අවසානේ ඉතුරු උනේ තීනුයි යුගානුයි විතරයි . තීනුත් අන්තිම පිටුව දාගෙන ලියන්න ගත්තේ ඒකෙන් සේරම නෝට් ටික ලියලා ඉවර වෙන නිසා . ඒ වෙන කොට නම් තීනුව දාලා තීර්ථ ගෙදර ගිහිනුත් තිබුනා .

උදේ කැම්පස් එකට එන්න හොදටෝම පරක්කු වෙලා තිබුනු නිසා තීනු හදිසියේ ෆෝන් එකත් ගෙදර දාලා ඇවිත් තිබුනා ඒක නිසාම තීර්ථට සිද්ද උනු දේ කියන්න වත් තීනුට පුලුවන් උනේ නම් නැහැ . අන්තිම පිටුවත් ලියලා ඉවර වුනාට පස්සේ තීනු හොද හුස්මක් පිට කරලා පුටුවට බර උනා . තමන් දාගෙන නෝට් ලියපු පොත යුගාන්ගේ අත උඩින් තියලා තීනු තමන්ගේ අත ආයේ දික් කලේ යුගාන් ගාව තිබුනු තමන්ගේ පොත ඉල්ලන ගමන් .

තවමත් යුගාන්ගේ ටී ශර්ට් එක ඇතුලේ තිබුනු තීනුගේ පොත ටී ශර්ට් එක උඩටම උස්සලා යුගාන් එලියට අර ගත්තා . මූණත් ඇඹුල් කර ගත්තු තීනු යුගාන් දික් කර ගෙන ඉන්න තමන්ගේ පොත ඇදලා අරන් බෑග් එකට දා ගත්තා . යුගානුත් තමන්ගේ පොතත් බෑග් එකට දාගෙන පුටු වෙන් නැගිටිද්දි තීනු අත් දෙකත් හරහට බැද ගෙන යුගාන්ගේ ඉස්සරහින් හිට ගත්තා .

" මොකද තමුසේ ඔහොම ඉන්නේ "

" යන්න කලින් පොරොන්දු ඉෂ්ඨ කරලා හිටියොත් නරකද "

" මොන පොරොන්දුවද ? "

" තමුසෙව හරියන්නෙත් දේශපාලනේටම තමා මේ කියන දේ මේ මතක නැහැ "

" හරි හරි මට මතක නැති නිසානේ අහන්නේ "

" නෝට් ලියනවට තමුසේ මට ගල් බනිස් ගෙඩි දෙකක් අරන් දෙනවා කිව්වේ "

තීනූ අත් දෙකත් හරහට බැදන් මූණත් පුම්බන් කියද්දි යුගාන්ට ලාවට වගේ හිනා වක් ගියා

" හරි එනවා යන්න අරන් දෙන්නම් "

යුගාන් තීනුගේ අතින් අල්ලන් යන්න හදන කොට තීනු යුගාන්ගේ අත ගසලා දාලා තමන්ගේ අත ගුලි කර ගත්තා හැබැයි තීනු ඒ කරපු දේට නම් යුගාන්ට ටිකක් විතර තරහ ගියා .

" මට ලාදුරු නෑ ඕයි !! ආයේ තමුසේ මගේ අත අතෑරියොත් තමුසෙගේ අත් දෙකම මම කඩනවා !! අන්න ඒක මතක තියා ගනිම් !! "

තීනුට බැන ගෙන බැන ගෙන ගියපු යුගාන් ආයෙම තීනුගේ අතින් අල්ල ගනිද්දි තීනු නම් ආයේ යුගාන්ගෙන් අහකට නොවීම මූණත් බිමට බර කරන් හිටියා . තීනු ගෙන් කිසිම සද්දයක් නැති වෙද්දි යුගාන් තීනුගෙ අතින්ම අල්ල ගෙන කැම්පස් එකෙන් එලියට ආවා . දැන් නම් තීනුට ගල් බනිස් කන්න නෙමේ ගෙදර යන්නයි ඕනේ වෙලා තිබුනේ .

ඒත් තීනු ඉල්ලපු විදිහටම ගල් බනිස් දෙකකුත් යුගාන් අරන් දීලා තීනු ඒ දෙකම කන කල් හෙලවෙන්නේ වත් නැතුව තීනු ගාවින්ම හිටියා . තීනු කාලා ඉවර උනාට පස්සේ යුගාන් තීනු එක්කම බස් හෝල්ට් එකට ආවා . ඒ ඇවිත් විනාඩි කීයපක් ගත වෙද්දි තීනු ගෙදර යන බස් එක ආවා . තීනුවත් බස් එකට නැග්ගුවට පස්සේ යුගාන් නම් සුපුරුදු විදිහටම පාරවල් ගානේ රස්තියාදු ගහන්න ගත්තා ....







To be continue

______________________________________________

හලූ ලමයිනේ Update ගෙනාවෝ 💕

අද කොටස කොහොමද ඉතිම්

මට වැඩිය රීඩස්ලා නැති උනත් ඉන්න ටික දෙනා හරිම ශෝක් අනේ මම ඔයාලට ගොඩක් ආදරෙයි ඉතිම් ❤️

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

4.5K 835 21
මට මාවම අමතක කරවන මගේ හිත අනන්තයක් තරම් දුරක ගිහින් අතරමං කරවන ඔය නපුරු දුඹුරු පැහැ ඇස් ඇත්තටම භාවනාවක්.... ...
12K 311 8
- [under heavy editing] Killua has just moved to a new city when he meets gon, a loyal, kind, pretty boy who wants to be his friend. ~~~~ •cover art...
1.9K 298 3
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කා...