බෝඩිංකාරයෝ

由 Sugandhi0101

803 165 71

මං කැමතියි ජීවිතේ කියන චිත්‍රෙ ආදරේ කියන කොටස තනි පාටකින් නැතුව පාට පාටින් පාට කරන්න....උඹේ චිත්‍රෙත් ඒ කොටස... 更多

INTRODUCE
1 කොටස 🌸
2 කොටස 🌸
3 කොටස 🌸
4 කොටස 🌸
5 කොටස 🌸
6 කොටස 🌸
7 කොටස 🌸
8 කොටස 🌸
10 කොටස 🌸
11 කොටස 🌸
12 කොටස 🌸
13 කොටස 🌸

9 කොටස 🌸

38 10 9
由 Sugandhi0101


ටක් ටක් ටක්...

මමී........එන්නකෝ අලේ..

+ඕහ්....ඉන්න එනවා...
මොකො කේස් එක...චූ බරද

ඔව්ව්....උයා එනකන් හිටියෙ...උයා ආවෙ නෑනේ ඉතිම්

+ආ... යන්න යන්න...මාමි එන්න ඕනෙද...

අපා මත පුලුවන්...
.
.
.
+හරිද...

හලි..

+හෝදගත්තද...

ඕ...

+හොඳට...

ඔව් අලේ

+යන් එහෙනන්...

දැන් පොඩි උන් හරි දියුණුයි...ඔය වයසෙදි අපි..වැඩේ කරලා අම්මා එනකන් බලන් ඉඳියා...රටේ අනාගතේ ගැන බය නෑ...

+අරක කාලා ඉවරද...

නෑ...

+ඒ මොකො..

චූ බල හැදුනනෙ...

+දැන් කන්න ඒනන්...

ආ...

+මට එපා පුතා කන්න...

අලේ චුත්තක් කල්ලකො...

+ම්ම්...

ආ තා එකක්...

+ම්ම්...මාමිට ඇති දැන් පුතා කන්න..

මතත් ඇතිනේ...

+එහෙනන් ලවන් මාමී ආවම එයාට දෙන්න...

කෝ හොඳ පුතා වගේ පොඩ්ඩක් නැඟිටින්නකො මාමිට ඇඳ හදන්න...

ම්ම්...ඇඳ හදන්න...

+ඕ...ඔයාටයි මටයි දොයි ගන්න ඇඳ හදන්න එපැයි...

ඒත් එක්කම එයත් කාමරේට ආවා...එයා කතාකරෙත් නෑ...මං කතාකරන්න ගියෙත් නෑ ඉතින්...මෙහෙම ඉන්නවා ආයෙ බොරුවට වචන අව්ස්සගන්නෝන්නෑ කතාකරන්න ගිහින්...අනික දැන් පොඩි එකත් ඉන්නවා...එයා එද්දිම කොල්ලා ගිහින් ඇඟේ එල්ලුනාම එයා කොල්ලව වඩා ගත්තා...මං ඉතින් එයා දිහා නොබලා ඇඳ හැදුවා...ඇත්තටම ඉතින් හදන්න දෙයක් නැ...පොඩ්ඩක් ගසලා කොල්ලටයි මටයි කොට්ට දෙක දාන්න විතරයි තියෙන්නෙ...තවත් ඉතින් හදනව නන් ඇඳ කඩලා තමයි හදන්න වෙන්නෙ...ඒත් ඉතින් එයාට මූන දෙන්න බැරි කමටම මං ඇඳ රෙද්ද සම්පූර්නෙන් අයින් කරලා ආයෙ දැම්මා...ඊට පස්සෙ මං ඇඳේ ඉඳගෙනම අත් දෙකෙයි කකුල් දෙකෙයි මූනෙයි aloevera ජෙල් එක ගාන්න ගත්තා..හැබැයි ඔලුවක් වත් උස්සලා එයා දිහා නන් බැලුවෙ නෑ...මට එයාගෙ මූන දිහා බලන්න බෑ...මං කියපු දේවල් මතක් වෙනවා...තරහද දන්නෑ මාත් එක්ක...

ලවන් මාමී....

×ඔහ්හ්...ඔය මොනවද කට වටේ කොලපාටට...මගෙ පුතා මොනවද කෑවෙ...

අලිපේල...

×කවුද හදලා දුන්නෙ...නිසල් මාමිද...

ඕ...ආ...

×මට එපා පුතා කන්න...

මට ඇතිනේ...

×නිසල් මාමිට දෙන්න...

එයාටත් අපාලු...එයා කිව්වා උයාට දෙන්න කියලා...

×කෝ දෙන්නකො එහෙනන්...

එයා ඒක කනවා...මන් හිතුවේ මාත් එක්ක තරහට එපා කිව්වා කියලා....

සූඳයී...උයා මොනාද ගාන්නෙ...

+ජෙල් එකක්...

ඒ මොතටද...

+ම්ම්ම්...ඒක ගෑවම අපේ හම සීතලට තියෙනවා....කෝ අත දෙන්නකො...

කූල්...

+හ්ම්ම්...

මදෙ මූනෙත් ගාන්නකො...

+මූනේ......එපා නේ...

ඇයි...

+ඔයා තාම චූටියිනේ...අපි කකුල් දෙකේ ගාමූ...

හා...

+කෝ කකුල දෙන්නකො මාමීට...

මේ හම හරී සිනිඳුයි...සනීපයි...කොල්ලාත් හරි ලස්සනයි හුරුබුහුටියි...බෝල ගෙඩිය වගේ...සුදුයි...ඒ අත පය...දකිද්දි අල්ලලා මිරිකන්නන්නමයි හිතෙන්නෙ...ඒ තරන් හුරතල්..වෙලාවකට හා පැංචෙක් වගේ...පිරිච්ච කම්මුල්...ඒ චූටි තොල්...ඒවා රෝස පාටයි...ඒ චුට්ටන් දත් තුන හතර...ඒ ඇඟිලි වල චූටි...අනේ හරි හුරතල් අප්පා...ඇස් වහක් කට වහක් නන් වදින්නෙපා මයෙ කොල්ලට...







අපේ නංගිත් චූටි කාලේ මේ වගේමයි...දවසක් මං එයාව හැපුවත් එක්ක...මාත් එතකොට චූටියි ඉතින්...නොතේරුම් කමට හැපුවෙ..හැපුවෙ..කියන්නෙ එයා නිදාගෙන හිටියෙ...එයාගෙ අත පයත් මේ වගේ හරි හුරතල්...පිම්බිලා..බෝල ගෙඩිය වගේ...මට දකිද්දි හපන්නමයි හිතුනේ...මං ඉතින් එයාගෙ යටි පතුල හැපුවා...ආදරේට හැපුවෙ..රිද්දන්න නෙවෙ...හැබැයි එයා මරලතෝනි තියලා එදා ඇඬුවා...හොඳ වෙලාවට කවුරුත් දන්නෑ මං හපපු නිසයි අඬන්නෙ කියලා...නැත්තන් ගුටිත් කනවා...

×ම්ම්..

මං කොල්ලගෙ කකුල් දෙකෙ ක්‍රීම් ගගා ඉද්දි එයා ඇවිත් මට අලිපේර කෝප්පෙ දික්කරා

+එපා...

×එපැයි කියලා මේක විසික් කරන්න බෑනේ..

+ඉතින් මං විසික් කරන්න කිව්වෙ නෑනේ...

×මට කන්නත් බෑ....ඇති...

+කටවල් දෙකක් කාලා ඇති කියන්නෙ හරියට කෝප්පයක්ම ගිල්ලා වගේනේ...කොල්ලත් කෑවා ඔයිට වඩා...

×ඉතින් තමුන්ටත් පුලුවන්නෙ...හැඳි දෙකයි තියෙන්නෙ මේක කනවා...විසිකරන්නෙ අපරාදේ...

+මං කිව්වනෙ මට එපා...ගිහිල්ලා වෙන කෙනෙක්ට දෙන්න මෙහෙ තව අය නැතුව නෙවේනේ...

×මේ හැඳිදෙකේ මොනා දෙන්නද...මෙන්න මේක කටේ දාගන්නවා...

+කිව්වනෙ බෑ කියලා...බල කරන්නෙපා...බැරි හින්ඳනෙ බෑ කියන්නෙ...දැන් අනික තමුසෙටත් ඔය හැඳි දෙක තමයි වැඩි උනේ...

×ඇයි තමුසෙ මෙහෙම කරන්නෙ ආ..

+මට ඕන නිසා....දැන් මන් කන්න ඕනෙත් ඔයාට ඕන විදියට...තව ටික දවසකින් කියයිනෙ යකො උබට ඕන විදියට රීපන් කියලා...

මේ යකා බැරි වෙලාවත් ඔලුවෙන් හිටගෙන රීපන් වගේ එකක්  කිව්වොත් ඒම...ඊ...නෑ නෑ..

×මන් දැන් එහෙම දෙයක් මෙතන කිව්වද කියනවකො..මේක විසික් කරන්න බැරි කමට කාපන් කිව්වෙ...

+උබ විසික් කරන ඒවා කන්න මං හිඟන්නෙක් වගේ පේනවද...මං උබේ අතපල්ලෙන් වැටිලා නෑ උබ විසික්ක කරන දේවල් කන්න..

×මන් දැන් තමුසෙට එහෙම දෙයක් කිව්වද...ආ..තමුසෙට මොකක්ද වෙලා තියෙන්නෙ කියනවා...ඇයි මේ පොඩිදේත් අල්ලන් බොරුවට දඟලන්නෙ...

+පොඩි දේ අල්ලන් දැඟලුවෙ මන්ද යකෝ...

උයාලා සණ්_ඩු ව් වෙන් නද හ්හද ල්ලෙ
අ අනේ..ස්සණ්ඩු ව්වෙන්න එප්පානේ...මත බයයිනේ...එයාත බනින්න එපානේ...

+අනේ නෑ පැටියෝ අපි සණ්ඩු වෙන්නෑ...

කොල්ලා බයවෙලා...ඇස්වලත් කඳුලු පුරවන්...අපි රණ්ඩු වෙනවයි කියලා....

+අනේ කෝ අඬන්නෙපා මයෙ අම්මේ...අපි සණ්ඩු වෙන්නෑ...කෝ කෝ බයවෙන්නැතුව ඉන්න...

කොල්ලා හිටියේ මට එහාපැත්තෙන් ඇඳේ ඉඳගෙන....අනෙ කොල්ලා හොඳටම බය වෙලා...අඬනවා...මූනත් රතු වෙලා...අපි දෙන්නගෙත් සද්දෙ ටිකක් වැඩි උනා තමයි හැබැයි...මේකව පරක් කරගන්න බැරිම තැන  මං කොල්ලව වඩාගෙන නැඟිට්ටා..නැඟිටලා එහෙට මෙහෙට ඇවිද්දින්න ගත්තෙ මේකව පරක් කරගන්න...මොන...මගෙ බෙල්ලත් බදාගෙන උරහිසට උඩින් මූන තියාගෙන මූ අඬනවා...මේ ඔක්කොම කරලා අරූ...එක අතකට කෝප්පෙයි අනිත් අතට හැන්ඳයි තියාගෙන මං දිහා බලන් ඉන්නවා...

+කෝ මගෙ හොඳ පුතානේ...අඬන්නැතුව ඉන්න...කෝ ඉතින්...අපි සණ්ඩු වුන්නෑ...පුතා බොරුවටනේ බය වෙලා තියෙන්නෙ...කෝ කෝ..නාඬාඉන්න...ඉතින්...මගෙ හොද දරුවනේ...

මොන නවත්තනවද...ඒ අස්සෙමහ හයියෙන් හෙනේකුත් පිපුරුවා..මේකා ඒකටත් ගැස්සිලා තව හයියෙන් අඬන්න ගත්තා...මං ඉතින් එහෙට ඇවිද ඇවිද මෙහෙට ඇවිද ඇවිද බොරු කෝටියක් විතර කියන්න ගත්තා...අරකා ඉන්නව මොකාද එකා වගේ මගෙ දිහා බලාගෙන

+අනේ කෝ පුතේ....මේ බලන්නකො...අඬන්නෙපා රත්තරනේ...අපි රණ්ඩු වුනේ නෑ...හොඳ ළමයි බොරුවට අඬන්නෑ....මගෙ පුතා හොඳ ලමයෙක් නේද...කෝ නාඬා ඉන්නකො....අපි ඒක සෙල්ලමට කරේ...විහිලුවට...කෝ අඬන්නැතුව ඉන්නකො..බොරුනන් අර ලවන් මාමිගෙන් අහන්නකො...එයා බොරුවට බැනලා තියෙන්නෙ...සෙල්ලමට...

×අහ්හ්ව්...

+මොකාද එකා වගේ බලන් ඉන්නැතුව මොනාහරි කියපන්කො..

මට මලපැන්නා..ඇයි යකො...මං මෙතන පොඩි එකත් එක්ක සළුපාලිය නටනො..මූ හැන්ඳ කටේ ගහන් බලන් ඉන්නො..ගිහිල්ලා පෑගුව කකුල..පෙර වැරදිත් අල්ලලම...

×ඔව්...ඔව් අනෙ...අපේ මේ පොඩි මෑන් බොරුවටනෙ බයවෙලා තියෙන්නෙ...අපි ටික් ටොක් එකක් කරේ අනේ...ඇත්තටම රණ්ඩු වුන්නෑ බොරුවට කරේ ඒක...අඬන්නැතුව ඉන්න..

බොලු...කියන්නෙ...උයා බැන්නා නිතල් මාමිට...

×මන් මොකටද බොරු කියන්නෙ...බොරු නෙවේ අනේ...අපි ටික් ටොක් එකක් කරේ..

කෝ පෝන් එකක්වත් නැ....

×ආ ඒක හංගලා තීන්නෙ..

ම්ම් ?

×ඔව්..අනේ ඒක හංගලා තියෙන්නෙ...

ඇත්තටමද...

×ඔව් ඔව් අනේ...මං මොකටද බොරු කියන්නෙ...

මටත් පෙල්ලන්න ඒනන් තික් තොක් එක..

හ්හ් දැන් පෙන්නපන්කො...බොරුවක් උනත් කියන්න ඕනේ සාක්ෂි තියාගෙන...හොඳ වැඩේ බොට...

×ආ...ඒක දැන් නැ ඩිලීට් කරා...

ඇයි

ඇයි අහන්නෙ ඔයා ඇඬුවනෙ වීඩියෝ එක මැද්දෙන්...ඉතින් ඒක ඩිලීට් කරා...

හරි ඉතින් ඕක මට උනත් කියන්න පුලුවන්...ලොකු නෑ හරිය...අනික කොල්ලා ආදරේ මට උබට නෙවෙ..ඌ ඇඬුවෙත් මට බැනපු නිසා..හ්හ්

×හපෝ ලැජ්ජාවේ බෑ...ඒක බලන අයත් හිනාවෙයි කොල්ලො අඬනවා දැකලා...කොල්ලො අඬන්නෑ අනේ...

+ඇයි කොල්ලො ඇඬුවොත් ඇඬෙන්නැද්ද..හ්හ් හිනාවෙන උන්ට බම්බු ගහගන්න කියලා උබට ඕන්නන් අඬපන් බන් පුතේ....

× පරහටමයි කතාකරන්නෙ...

+ඉතිබ්බ්බ්බ්බ්බ්බ්...

පරහටමයි කතාකරන්නෙ කියලා අර හැන්ඳ පුරෝලා අලිපේර කටක් මගෙ කටට එබුවා...

×ඇති දැන් ඔය...ඕක ගෙවෙයි..

ඒ කියලා අරක ගිලගන්නවත් වෙලාවක් දුන්නෑ...තව කටක් එබුවා...

+ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්......
.
හිපාටුවාහ්..

×මෙහෙ එන්න අනේ ඔයා මා ගාවට....එයාට පිස්සු

+ඔව් ඔව් මට තමා පිස්සු....හිනාවෙයල්ලකො දෙන්නම...අනේ උබටත් දෙන්නෙ තියෙන්නෙ පස්ස රත්වෙන්න...ඇයි අප්පා..මං අච්චර පරක් කරන්න හදද්දි අඬ අඬ ඉඳලා..මූ වචනයයි කිව්වෙ ඇඬිල්ලත් නැවැත්තුවා...හ්හ්

කැරි සමාජෙ..
මං ඉතින් දෙන්නටම ගස්සලා අත් දෙකත් බැඳගෙන අහක බලාගත්තා..දැන් කොල්ලා මගෙ මූන එයාගෙ පැත්තට හරවගන්න ෆුල් ට්‍රයි එක...තට්ටු දානවයි අයිනවයි එක එක කොලන්..

+අල්ලන්නෙපා මාව...මෙයත් එක්කම නිදාගන්න එකයි ඇත්තෙ...

එහෙම කියලා මං අහක බලාගෙනම ගිහින් ඒ දෙන්නට පැත්තට පස්ස දාලා පැත්තට හැරිලා ඇඳෙන් හාන්සි උනා...මං හිතන්නෙ එයා කොල්ලව බිමට බැස්සුවා...කොල්ලා දැන් ඇඳ ළඟ හිටගෙන අත් දෙකෙන්ම මාව අදිනවා එයාගෙ පැත්තට...

+යන්න මං තරහයි....

මොනාහරි කුටුකුටු ගානවා....මට ඇහෙනවා...

තලහයි නන් හලහට පොල්ලක් බැඳන් ළිඳේ පනිල්ල...

+කියනකන් හිටියෙ...හරි ආස ඇති මාමයි පුතයි මං ළිඳේ පයිනවට....

ආයේ කුටු කුටු ගානවා...

ඔච්චල කේන්ති ගල්ල එපා...ඉක්කනට නාකි වෙයි...

+කමක් නෑ මමනේ...අනික කේන්ති ගස්සන වුන් එපැයි ඒක දැනගන්න....මට නිදි මතයි...ලියිට් ඕෆ් කරලා නිදාගන්න...

×අනෙහ්....එයාට තනියම ඉන්න කියලා අපි දෙන්නා දොයියමු අනේ...

බෑ..

හ්හ් ඇද්ද අහගත්තා..ආව මෙතන කොල්ලව අරන් යන්න..ඌ උබට ආදරේ නෑ යකෝ...පිළිගනින්...ඌ ආදරේ මට විතරයි..

×ඒ මොකො...

මත එතන ඕනෙ...

×ඇයි ඒ

එයාගෙ පෙලෝන එතේ හා පැතව් ඉන්නෝ..උයාගෙ එතේ නෑනී..

එතකොට උබ මෙතන්ට එන්න දැඟලුවෙ හා පැටියෙක් නිසාද බන්...යසයි මගෙ පුතේ..කමක් නැ දුකක් නැ

+කොල්ලො...මොකද කරන්නෙ... ඔය බලාගෙන වැටෙයි..

මේකා ඇඳට නඟින්න හදනවා...උස නෑනේ ඉතින් ටිකක් අමාරුයි නැඟගන්න...මාත් හිටියෙ ඇඳගැට්ටෙ වගේ නිසා මේකට නැඟගන්නත් ඉඩ නෑ...මගේ ඇඟෙන් අල්ලගෙන කකුල් උස්සල නඟින්න ගියපාර අල්ලගත්තෙ නැත්තන් තව පොඩ්ඩෙන් බිමටම වැටෙනවා...වැටුනනන් ඒම ඔලුව වදින්නෙ...මං එහෙම්මම කොල්ලව උස්සලා බඩ උඩින් තියාගත්තා...

+මොකද කරන්නෙ ආ...වැටුනනන් ඒම

තලහද උයා මාත් එක්ක...

+ඔව්

අලේ....තලහ වෙන්න එපානේ...බබා ආයෙ අඬන්නැ...යාලු වෙල්ලකො...අලේ යාලුවෙල්ලකො....තලහා වෙන්න එපානේ...බබාට ඩුකයිලෙ...

+ම්ම්ම්.......හරි එහෙනන් උම්මා එකක් දුන්නොත් යලුයි...

හා...

කොල්ලා එහෙම්මම පහත් වෙලා මගෙ කම්මුලට ඒ චූටි තොල් වලින් හරි හුරතල් උම්මා එකක් දෙද්දිම අනිත් කම්මුල උඩට තව තොල් දෙකක් හිට්ටා.....එයා...ඒ  එයා...ඒක දැකලා කොල්ලා සතුටට හිනාවෙවී අත්පුඩිත් ගහද්දි වචනයක් වත් කතාකරගන්න බැරුව..අඩුම එපා කියන්නවත් ඇයි කියලා අහගන්නවත් බැරුව මං ගොලුවුනා...එයා , කිසි දෙයක් නොවුණු ගානට නැඟිටලා ගිහින් ලයිට් ඕෆ් කරල ඇඳට ගියේ මගෙ මූනවත් නොබලා...

























කතාව කොහොමද ළමයි?
හොඳයිද නරකයිද?
අඩුපාඩු තියෙනවද?
ඔයාලා ආසයිද කතාවට?

යෝජනා හා චෝදනා ඉදිරිපත් කරන් යන්න 😊

වෝට් එහෙකුත් දාන්න ඉතින්..

ගිහින් එන්නන්
බායී 👋

繼續閱讀

You'll Also Like

ELORA 由 osi yr

非小說類

15.3K 2.5K 44
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...
15.7K 2.5K 38
මං උඹට ආදරෙයි...!! කල්පයක් ගෙවුනත් උඹ මගෙම විතරයි දේවා...!!!
79.1K 2.3K 20
ရင်ခုန်ရင် ဒါအချစ်ပဲတဲ့