සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• පළමු වන දිගහැරුම •

1.4K 189 69
By ___Sky-Heart___


කලු පැහැති ඇමසන් වර්ගයේ සපත්තු දෙකක් පැලද ගත් එක් කැම්පස් ශිෂ්ශයෙක් මුලු කැම්පස් එක පුරාම පීරමින් හොයන්න ගත්තේ තමන්ගේ එකම හොදම යාලුවව . ජෙල් ගාලා හරි ගානට පීරලා හදා ගත්තු කැරලි කොණ්ඩයත් එක් අතකින් එහෙ මෙහෙ කරද්දි ඔහු ගේ තිබුනු කඩවසම් බව ඕනවවටත් වඩා ඉස්මතු උනා .

ඔහුගේ පලල් උරහිස තද දුඹුරු පැහැති ඇස් යාන්තමින් කැරලි ගැසුනු කොණ්ඩය කැම්පස් එකේ ඉන්න හැම කෙල්ලෙක්ගෙම වගේ හිත් හොරා ගන්න සමත් උනා . ඔහු නමින් යුගාන් අභිසෙස් . බලවත් ඇමතිවරයෙක්ගේ බාල පුතෙක් උනු යුගාන් කියන්නේ නාහට අහන්නේ නැති මුරණ්ඩු දඩබ්බර කොල්ලෙක් .

ඊටත් වඩා තමන්ගේ තාත්තගේ ඇමති බලය පාවිච්චි කරලා තමන්ට ඕනේ හැමදේයක්ම කර ගත්තු පොඩි ඇට්ටරයෙක් . යුගාන් අවේලාවේ කැම්පස් එක පුරාවටම ඇවිදින එක ගැන අහන්න කිසිම ප්‍රොෆිසෙර් කෙනෙක් නම් එඩිතර උනේ නැහැ . මොකද එහෙම කලොත් අනිවාර්යයෙන්ම ඒ කෙනාගේ රස්සාව උනත් නැති වෙන්න පුලුවන් .

හැම කෙනෙක්ම යුගාන්ට දක්වපු බය නිසාම කැම්පස් එක ඇතුලෙදි යුගාන් ගොඩක් කැපී පෙනුනා . තවමත් තමන්ගේ යාලුවා උනු සිතිජ අක්නෙව් කියන අනිත් හිතුවක්කාරයව යුගාන්ට හොයා ගන්න බැරි වුනු උනා . ඒත් ලෙක්චස් කට් කරලා සිතිජ යනවා නම් යන්නේ ලයිබ්‍රි එකට විතරක් වුනු නිසා යුගාන් ලයිබ්‍රි එකට යන්න හිතුවා .

ඉක්මනින් ලයිබ්‍රි එක දිහාවට යුගාන් අඩි තියමින් එද්දි ඒ ලගින්ම හිටපු කෙලි නැට්ටියෝ ටික මහ පෙරේත බැල්මක් යුගාන් දිහාවට යොමු කර ගෙන හිටියා . ඒත් යුගාන් නම් ඔය එක නැට්ටියෙක් වත් කිසිම ගානකට නොගෙන ලයිබ්‍රි එක ඇතුලට ඇතුල් උනා . 

ලයිබ්‍රි එකේ මොකෙක් වත් පේන්න නැති උනත් යාන්තමින් ගිටාර් එකක් ප්ලේ කරන සද්දයක් විතරක් ඇහෙන්න තිබුනා . ලයිබ්‍රි එකේ එහා කෙලවරේ ඉදන් මෙහා කෙලවරට ආපු යුගාන් දැක්කේ පොත් රාක්ක දෙකක් මැද පූස් නාම්බෙක් පොලේ ගහලා වගේ ලොකු වේදනා බර වූ ශෝකාන්තයකින් ගිටාර් එක ප්ලේ කරන සිතිජව .

සිතිජගේ දෙක වෙලා තියෙන මූණ දැක්කම නම් යුගාන්ට හිතා ගන්න පුලුවන් උනා මූ මොකක්ම හරිම වැඩක් කෙලවගෙන තමා ඔහොම ඉන්නේ කියලා . සිතිජගේ ඇග උඩින් පැන්න යුගාන් සිතිජගේ පස්සත් බාගයට පයින් පාරක් ගහන ගමන් උගේ එහා පැත්තෙන්ම වාඩි වුනා . වෙනදා යුගාන් ඔය වැඩේ කරද්දි සිතිජත් ගේම අතාරින්නේ නැහැ .

ඒකත් ඇවිත් යුගාන්ගේ පස්සට ගහද්දි කොල්ලො දෙන්නගේ කැම්පස් දවසම ගෙවිලා යන්නේ පස්සට ගගහා . සිතිජ මේ තරම් මූඩ් ගහලා ඉන්නේ හේතුව මොකක් වුනත් ඒකා මේ විදිහට ගෑණි මැරිලා වගේ පොත් රාක්ක අස්සේ ඉන්නවට නම් යුගාන් කැමති වුනේ නැහැ .

" මොකද වොට්ටෝ මේ බූට් දහයක් කාලා වගේ "

" එයා ගියා බං එයා ගියා "

" කවුද දැන් ගියේ "

" මගේ කෙල්ල බං "

" කවුද උබේ කෙල්ල උබට එකක් කියලා නෑනේ පකයෝ ඉතිම් !! හරි දැන් උබව දාලා ගියේ සදුනිද තරුශිද හිරුනිද නැත්තම් පවනිද "

" වුන් නෙමේ බං .. මාව දාලා ගියේ ඈන් මම සිරාවටම ලව් කලේ ඈන් ට බං "

සිතිජ කියන්නේ වටේම ඉන්න කෙල්ලො රන් කරන්න ගිහිල්ලා සතියට දෙපාරක් විතර බූට් කන එකෙක් ඒත් කොච්චර බූට් කෑවත් සිතිජ සිතිජමයි ඕකා හැදෙන්නේ නැහැ !! ඒ හැම කෙල්ලෙක්ම සිතිජව දාලා ගියත් ඒකා කවදාවත් මේ වගේ විරහ වේදනාවෙන් නම් ඉදලා නැහැ . 

යුගාන් නම් සිතිජගේ ඔය ලව් කෙරුවාවෙන් ඈත් වෙලා ඉන්නේ කවදාවත් යුගාන් හිත් එක්ක සෙල්ලම් කරන්නේ නැති කොල්ලෙක් වුනු නිසා . මොකද යුගාන් කියන්නේ ආදරය කියන දේ තදින්ම විශ්වාස කරන කොල්ලෙක් . ඒත් යුගාන්ට නම් සිතිජ ඔය ඈන් කියන කෙල්ලට සිරාම ලව් කියලා නම් හොදටම තේරුන් ගියා .

" මං එහෙම කෙල්ලෙක්ව කැම්පස් එකේ දැකලත් නෑනේ බං "

" ඇහැක් වගේ මගෙ රෙද්ද අස්සේ ඔබා ගෙන හදපු කෙල්ලව උබ දකින්නේ කොහොමද "

" ඊයා වොට්ටෝ ඇයි සක්කිලියෙක් වගේ රෙද්ද අස්සේ කෙල්ලො ඔබා ගන්න ගියේ ශික් ඒකි උබව දාලා ගිය එක අහන්න දෙයක්ද ඉතිම් "

සිතිජ කියන්න උත්සාහ කලේ වෙන දෙයක් වුනත් යුගාන් තේරුන් ගත්තේ තවත් දෙයක් ඒත් අද යුගාන් එක්ක වාද කර කර ඉන්න නම් සිතිජට කිසිම මූඩ් එකක් තිබුනේ නැහැ . මූණත් බිමට බර කර ගෙන ගිටාර් එක ඔහේ බදා ගෙන ඉද්දි සිතිජ අමු සක්කිලියෙක් උනත් යුගාන්ට තමන්ගෙ යාලුවා මෙහෙම කෙල්ලෙක් නිසා දුකින් ඉන්නවා බලන් ඉන්න බැරි උනා . සිතිජගේ කර වටින් අතක් දැම්ම යුගාන් සිතිජගේ පිටට තට්ටුවක් දැම්මේ සේරම හරි කියන්න වගේ .

" හරි දැන් කියපන්කෝ ඇයි ඒකි දාලා ගියේ කියලා "

" සේරම කියන්නම් හැබැයි උබ ඉවර වෙනකල් අහන් ඉන්න ඕනේ "

" හරි හරි බං අහන් ඉන්න බැරි උනත් අහන් ඉන්නවා වගේ හරි මම රගපාන්නම් "

" ඔන්න එහෙනම් කියනවා "

" ඉතිම් කියපන් වොට්ටෝ !! "

යුගාන් මූණත් පෙට්ටියක් කර ගනිද්දි සිතිජ තමන්ගේ ගිටාර් එක හිමින් සැරේ ප්ලේ කරන්න ගත්තා . සිතිජ තමන්ගේ දුක පිට කරන්න පාවිච්චි කරේ අනිත් කොල්ලො වගේ අරක්කු නෙමේ එයාගේ වන් ඇන්ඩ් ඔන්ලි ගිටාර් එක . සිතිජ මෙතන සරිගම කන්න යන්නේ කියලා යුගාන්ට තේරී ගෙන එද්දි යුගාන් එතකොටත් පරක්කු වැඩී .

සිතිජ රාග තාල අල්ලලා දුක ගිටාර් එක අස්සේ ඔබලා කටින් විරහව පිට කරන්න ගත්තා . පාරේ සින්දු කියන හිගන්නෙක් වගේ සිතිජව පෙනුනත් යුගාන් පාඩුවේ කට පියා ගෙන සිතිජගේ මෙලෝ රහක් නැති සින්දුවට කන් දැම්මා . මොනවා උනත් සිතිජ කියන්නෙත් දවසක හරියන්නම ඕන ජීවිතයක් !!

" එයාගේ නම ඈන්
මම ගැහුවා ප්ලෑන් දාගෙන ෆෑන්
කෑවේ කෙහෙල් කෑන්
මට නැහැ වෑන් කෙලවුනා ප්ලෑන්
අද නෑ ඈන් කාපන් සෑන්ඩ්

මම උස වැඩිලූ කියලා
තව කෙට්ටු වෙන්න කියලා
ලොකු වන්දිත් නැති හින්දා
ලොකු සීන් එකම දැම්මා
ඈ වංසේ හබල් ගාලා
පොල් අක්කර ගැන කියලා
මට නින්දක් නැහැ තාමත්
අඩ නින්දෙන් මම ජාඇල එනවා

When she smile
කෙලින් වෙනවා මයිස්
කන්නෙත් රෙඩ් රයිස්
ඒ උනාට එළෙදෙන වගෙ සයිස්
නැන්දම්මා ෆයිට්ස්
ඒකිගේ බොරු ලයින්ස්
අර ගෙන මම ෆයිල්ස්
යමි හියුමන් රයිට්ස්

අපි ඉන්ටසිටියේ නැගලා
පෙම් මුල්ලෙම තෙරපීලා
ලිප්ස්ටික් උලාපු උබෙ තොල් පෙති
මත්තෙම සිරවීලා
මම වනචර බව කියලා
ලොකු වැරදි ගොඩක පටලා
ලව් වර්චස් උනු හින්දා
කදුලු ඕජස් මෙන් ගැලුවා .... "

සිතිජ හරි වේදනාවෙන් සින්දුව කියලා ඉවර වෙද්දි යුගාන් ගණන් මිස්ගේ ආච්චිගේ මහත්තයා වැහිලා වගේ ලයිබ්‍රි එක ඇතුලේ  හිනා වෙන්න ගත්තා . අම්මපා යුගාන් සිතිජගේ හොදම යාලුවා නොවුනා නම් යුගාන් අද මැරෙන්නේ සිතිජගෙන් හොද ගිටාර් පාරක් කාලා .

" අඩෝ මට බැහැ සක්කිලියෝ මේවා දරා ගන්න මොනා නැතත් ඒකි එක ඇත්තක් කියලා තියෙනවා "

" මොකක්ද "

" උබ වනචරයි කියලා !! "

සිතිජගේ අතට පාරක් ගහන ගමන් ලයිබ්‍රි එකේ බිම මොකෙක්දෝ වගේ යුගාන් හිනා වෙන්න ගත්තා . සිතිජ නම් කටත් ඉරක් කරන් තමන්ගේ සහෝදරයා මෙන් සිටි මිතුරාගේ මේ අපත පාහර ක්‍රියා වලිය දිහා ලොකු වේදනාවකුන් බලන් හිටියා . යාලුවෝ කොහොමත් ඔහොමයි මල්ලී උන් දන්නෙම හිනා වෙන්න විතරයි !!

එක මොහොතකට සිතිජ යුගාන්ව දැක්කේ තමන්ට ඉන්න හතුරෙක් ගානට . තාමත් ඉවරයක් නැතුව යුගාන් තමන්ට හිනා වෙද්දි සිතිජ ගිටාර් එකෙන් මුගේ ඔලු කට්ට උඩු වෙන්න දෙන්න හිතන් ගිටාර් එක උඩට ඉස්සුවත් හදීසියේ වත් ගිටාර් එකට මොකක් හරි උනොත් ඊටත් වඩා දරා ගන්න බැරි වෙන නිසා සිතිජ නිකන් හිටියා .

" බේස පරයෝ ඔය හිනා උනා ඇතී !! මට කියලා උබේ ඇට දෙක කුඩු කර ගන්නේ නැතුව ඔය කැරි හිනාව නවත්ත ගනිම් "

" හොද වැඩේ බං උබට !! මෙච්චර කල් හැම එකාවම ආතල් එකට කරලා දැන් උබට ඔය උනේ ඇඩ්‍රස් නැති වෙන්නම "

" අනේ කට වහපන් බේස පකයෝ !! උබ මොනවද කියපන්කෝ ලව් ගැන දන්නේ ගොන් බිජ්ජා "

" මං දන්න දේවල් වත් උබ දන්නේ නෑනේ සක්කිලියෝ අනික උබටත් හොද වැඩේ බඩු කර ගහන්න යනවට "

ඈන් කියන්නේ කැම්පස් එකෙ ඉන්න ලස්සනම කෙල්ල කෙටියෙන්ම කිව්වොත් ඈන් එක්ක යාලු වෙන්න කොල්ලො පොර කනවා . ඉතිම් සිතිජත් නොදැනීම ඈන්ගේ මායමකට අහු වෙලා හොක්ක ඇන ගත්තා ආයේ ගොඩ දාන්නම බැරි වෙන්නම .

" ඒකි බඩුවක් උනත් කමක් නැහැ ඒකි වටේ ගියත් කමක් නැහැ මට තියෙන දුක ඒකි මාව දාලා අර දෙනෙතයා එක්ක සෙට් වෙච්ච එක බං මට ඕකව අහු උනොත් උගෙ දෙක කැටපෝලෙකට තියලා විදිනවා අම්මපා "

" මොනෝට්ටක්ද බං ඒ ? ඒකී දෙනෙත් එක්කද යාලු වෙලා තියෙන්නේ ශික් හරි වේසයි !! "

දෙනෙත් කියන්නේ කැම්පස් එකේ ඉන්න ප්‍රින්සිපල් ගොයියගේ ගොන් මෝඩ පුතා . සිතිජට වගේම යුගාන්ටත් දෙනෙත්ව දිරවන්නේ නැහැ දෙනෙත්ටත් මුන් දෙන්නව දිරවන්නෙත් නැහැ . නයයි පොළගයි වගේ ලගින් ගියත් මරා ගන්න බලන් ඉන්න මුන් තුන් දෙනා ගැන මුලු කැම්පස් එකම දැනන් හිටියා . ඒත් කැම්පස් එකේ භාගයක්ම සපෝට් කලේ දෙනෙත්ට නම් නෙමේ යුගාන්ටයි සිතිජටයි .

ඉතිම් ඒකෙන් මේකෙන් උනේ මුන් තුන් දෙනාගේ වලි දවසින් දවස අලුත් උනු එක . යුගාන්ට නම් දෙනෙත්ව පේන්නම බැරි තමන් ඇමති පුතෙක් කියන් එක දෙනෙත් ගානකට වත් ගන්නේ නැති නිසා . කොටින්ම කිව්වොත් යුගාන් කැමති හැම කෙනෙක්ව පාලනය කරන්න මිසක් කාටවත් යටත් වෙන්න නෙමේ !!

" මට ඒකිව ඕනේ බං හුවෑවෑවෑවෑවෑවෑවෑවෑවෑස් "

" නවත්තහන් වොට්ටො ගෑණියෙක් වගේ අඩන එක ... මොකක් හරි ගේමක් පස්සෙ අපි ගහමු ඕකා කොහොමත් මේ ටිකේ රගනවා වැඩී ගොන් උද්දිකයා "

සිතිජගේ අදෝනාව තවත් අහන් ඉන්න බැරිම තැන පරණ ණයත් අල්ලලා දෙනෙත්ට හොද ගේමක් දෙන්න හිතන ගමන් යුගාන් කිව්වා . මැර වැඩ වලට සිතිජ කොහොමත් කැමති නිසාම යුගාන් කරන ඕනම කුප්ප වැඩකට ඉතිම් සිතිජත් හවුල් උනා . හැබැයි දෙනෙත්ට හොද පාඩමක් ඉගැන්නුවත් සිතිජ ලව් කරපු විදිහට ඈන්ව අතාරී කියලා නම් හිතන්න බැහැ . මොකද දැනට මත් සිතිජ ඉන්නේ ඈන්ට වකුගඩුව උනත් ගලවලා දෙන සයිස් එකෙන් .

" උබ මගේ එකා බං උබට මං ආදරෙයි ඈහ් බොරු නම් මගේ හදුන් ගොබුව දෙකට ඉරලා බලපන් උබේ ෆොටෝ එකේ රාමු කරලා ඇතුලේ තියන් ඉන්නේ "

" බේස පරෙයියෝ මේ අහපන් උබ මගේ යාලුවා බව ඇත්ත ඒත් ලව් කරන්න විතරක් එන්න එපා "

" ඔව් ඔව් උබට මේ යාලුවට තමා ආදරේ චුට්ටක් දෙන්න බැරි ඒත් අර තීනූ උද්දිකයට නම් ආදරේ එපා කිව්වත් උබ ගිහින් බලෙන්ම දෙයි !! කැරි කබරයා !! "

" දෙනවා තමයි වොට්ටෝ අනික මගේ තීනුට උබ ආයේ උද්දිකයා කිව්වොත් අම්මපා උබට මැරෙන්නම ගහනවා මම "

" උබට දැන් ඉතිම් මට වඩා වටින්නේ ඌවනේ .. මුල අමතක කරපු මිත්‍ර ද්‍රෝහියා !! "

" නැතුව ඉතිම් මම ලව් කලේ තීනුට මිසක් උබට නෙමේනේ !! "

තීනු කියන්නේ යුගාන් ඕලෙවල් කරන කාලේ ඉදන් ට්‍රයි කරපු කොල්ලා ඒත් තීනු නම් කොයි වෙලාවක වත් යුගාන්ට නම් කැමති උනේ නැහැ . ඒකට ලොකු හේතුවක් නොතිබුනත් යුගාන්ගේ මැර වැඩ වලට තීනු අකමැති උනා . පිස්සෙක් වගේ යුගාන් තීනුගේ පස්සෙන් ගියත් තීනු යුගාන්ව තඹ සතේකට වත් මායින් කලේ නැහැ .

යුගාන් ඇමති පුතෙක් කියන එක වත් තීනුට වැඩක් උනේ නැහැ . හැබැයි තීනුගේ මේ සේරම රැස් යුගාන්ට විතරයි . යුගාන් ගාවදි මැරකම් දඩකම් සේරම කලත් අනිත් අය ගාවදි නම් තීනු හිටියේ දෙකට ගනින්න බැහැ වගේ . එහෙමයි කියලා යුගාන් වැඩේ ඇතෑරියෙත් නැහැ අවුරුදු පහක් හයක් තිස්සේ තීනුවම පතාගෙන ඇවිත් ඔතාගෙන යන්නම දගලනවා .

යුගාන් මොන දේ තීනු වෙනුවෙන් කලත් තීනුට නම් ඕනේ උනෙ නැහැ යුගාන් එක්ක යාලු වෙන්න . මොකද නොපෙන්නුවට තීනුටත් තිබුනා අමුතුම ලොකු කමක් . තමන්ට තීනු කොච්චර අකමැති උනත් කිසිම ලැජ්ජාවක් නැතුව තීනු ට වද දිදී පස්සෙන් යන එක නම් යුගාන් නතර කලේ නැහැ . යුගාන් වද දෙන්නේ නැති දවස් වලට තීනුට පාලුවක් දැනුනත් සකන්ඩ් වෙන්න අකමැති තීනු ඒ වගක් නම් පෙන්නන්න යන්නේ නැහැ .

" උබට අද මම !! "

ගිටාර් එක පැත්තකින් තියපු සිතිජ යුගාන්ට රෙස්ලින් පාරක් ගහන්න හිතන් බිම දිගා වෙලා හිටපු තැනින් නැගිට්ටත් නැගිට්ටට වඩා ඉක්මනින් තලපතා පොලේ ගැහුවා වගේ බිම පත බෑ වුනේ පොත් සෙට් එකක් උස්සන් ආපු කොල්ලකුත් එක්කම . පත කණ්ණාඩි කුට්ටමකුත් දාගෙන හිටපු ඒ කොල්ලා වැටුනු පාරට දිවත් එලියේ දාගෙනම පොලෝ තලය සිප ගෙන හිටියා .

ඉක්මනින් ඒ කොල්ලගෙන් එහාට උනු සිතිජ ඒ කොල්ලගේ බිම වැටුනු පොත් ටිකක් ඇහිදලා අරන් ඒකගේ එහා පැත්තින්ම තිබ්බා ඒත් තාමත් දිව එලියේ දාගෙන ඉන්නවා ඇරෙන්න ඒ කොල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නම් තිබුනේ නැහැ . බැරිම තැන සිතිජ ඒ කොල්ලට පයින් කීප වතාවක්ම තට්ටුවක් දැම්මත් නෝ ආන්ස්වෙර් . යුගාන් පවා හිතුවේ කොල්ලා මලා තමා කියලා

" අයිසේ විලම්බීත නැගිටපන් ඕයි අන්න පල්ලෙහා දන්සලක් දෙනවලු "

සිතිජ එහෙම කියනවත් එක්ක බිම මලා වගේ හිටපු කොල්ලා නොහොත් විලම්බීත එක පාරටම ඇස් අරින ගමන් නැගිට්ටා . විලම්බීත කොහොමත් ඔහොමයි නිකන් දෙනවා කිව්වොත් මූ ඕන කුණු ගොඩක් උස්සන් යන ජාතියේ එකෙක් . තමන්ගේ එහා පැත්තේ තිබුනු පොත් ටිකත් උස්ස ගත්තු විලම්බීත පහලට දුවන්න හදද්දි සිතිජ විලම්බීතව නතර කර ගත්තා

" කොහේ බලා ගෙනද විලම්බීත උබ යන්නේ තව ඩිංගෙන් හොම්බ කට සමතලා වෙනවනේ මගේ "

" අනේ සිතිජ ගොයියෝ වරදක් උනා නම් සමාවෙන්න කතා කර ගන්න තියෙන දෙයක් මම දන්සලට ගිහින් ආවට පස්සේ කතා කරමු "

" පහල දන්සලක් නැහැ ඕයි මම බොරුවට කිව්වේ "

සිතිජ විලම්බීත ගේ ඇදුමේ කොනෙන් අල්ලන් කියද්දි විලම්බීතට මරා ගෙන මැරෙන්න හිතුනා . මොනවා උනත් අහිංසක හිත් එක්ක සෙල්ලම් කරන වැරදී කියන එක නම් සිතිජට තේරුනේ නැහැ . යුගාන් නම් ඇසුත් කරකෝව ගෙන හිටියේ විලම්බීත එක්ක මොන කෙහෙල් මලක් සිතිජ ඊලගට කරන්න යයිද කියලා හිතන ගමන් .

" හත්තික්කේ මුකුත් නැතෙයිද ආහ් එහෙනම් කමක් නැතුවා ඒක නෙමේ සිතිජ ගොයියෝ ඔහෙලා මක්කැයි දොඩන්නේ "

" දොඩම් නැහැ බං ඕනෙ නම් මගේ සාක්කුවේ සූප්පු කරපු වෙරළු ඇට දෙකක් ඇතී ඒ දෙක උබට ඕනේම නම් දෙන්නම් "

විලම්බීත කියන්නේ මාතර අකුරැස්සේ දිහා හැදුනු වැඩුනු ගමේ කොල්ලෙක් . ඒක නිසාම විලම්බීත කොයි වෙලාවෙත් කතා බහ කලේ ගමේ විදිහට ගොඩක් අයට විලම්බීත කතා කරන විදිහ තේරුන් ගන්න බැරි නිසාම කැම්පස් එක ඇතුලේ විලම්බීතට විලම්බීත කියලා පට්ටමක් හැදුනා . සමහරු නම් විලම්බීත ගේ ඇත්ත නම් දන්නේ නැති තරම් . ඒත් විලම්බීතගේ ඇත්ත නම උනේ කොටු වැටිච්ච පුංචි සරම ඇදන් නටන මල්ලිලාගේ සෝම පාල !!

" ගොන් පකයෝ මූ අහන්නේ එහෙම දොඩමක් ගැන නෙමේ බං !! අපි මොනවද කතා කර කර හිටියේ කියලා "

" තේරෙන්න කියන්න එපැයි පකයෝ !! අනික උබට මොකටද විලම්බීතයෝ මායි මූයි කතා කරපුවා අහ්හ් කියපන් මට ?? "

සිතිජ විලම්බීත ගේ ඇදුමෙන් තව ටිකක් තද කරලා අල්ලා ගනිද්දි යුගාන් නම් අතුත් හරහට බැද ගෙන මේ විකාරේ දිහා බලන් හිටියා .

" අනේ පස්වහන් දහසකට බුදු වන්න සිතිජ ගොයියෝ උදව්වක් උපකාරයක් කරන්න ඇහුවා මිසක අහිතක් කරන්න හිතුවේ නැහැ මම !! ඈන් නගා ගැන හරි වේදනාවෙන් සිතිජ ගොයියා කතා කරද්දි මගේ හද ගොබුව පැලෙන්න ආවා සත්තයි ඒකාන්තයි !! මගේ අප්පච්චි ගුරෙක් නිසා මමත් මන්තර ගුරු කම් දන්නවා ඕනෙම නම් දාලා ගිය උන්දලව ආයේ ගෙන්නලා දෙන්න උනත් මට පුලුවන් මේ ඇත්තමයි !! "

විලම්බීත ගේ විලම්බීත කතාවට සිතිජයා එක පාරින්ම අහු උනා . සිතිජ නම් හිතුවෙම විලම්බීතට කියලා මොනවා හරි මතුරලා ඈන්ට ගිහින් දීලා ආයේ ඈන් එක්ක සෙට් වෙන්න . යුගාන් නම් මේ ගොන් කතා දිලා කටත් ඉරක් කරන් බලන් හිටියේ දැනට මත් මේ විකාර බලන් ඉදලා තමන්ගේ මොලේ නිකන් සමනල ගැටේට අහු වෙලා වගේ තිබුනු නිසා .

" විලම්බීත උබ මේ ඇත්තක්මද කියන්නේ මැණික !! "

" ආයේ මක්කක් අහනවද මන්දැ හාවා හද බැලුවා වගේ සත්තයි ඒකාන්තයි !! "

" මතුරලා දියන්කො මට තැඹිලි ගෙඩියක් එතකොට ඈන් මාත් එක්ක සෙට් වෙයිනේ "

" ගෙම්බා ළිදේ එබුවා වගේ වැඩේ ගොඩ !! මට රුපියල් දාහක් දෙන්නකෝ ඊට ඉස්සෙල්ලා !! "

" රුපියල් දාහක් !!? ඒ මොකටද "

" පඩුරු පඩුරු !! දෙවියන්ට පවා මේක හරි අමාරු කාලයක් "

රුපියල් දාහක් දෙනවා කියන්නේ සිතිජගේ ඇගෙන් ඇටයන් අයින් කරනවා වගේ වැඩක් උනත් ඈන්ව ආයේ ලබා ගන්න ඕනේ කියන ඒකාන්ත පරමාර්ථය නිසාම සිතිජ ඔන්න ඕහේ රුපියල් දාහල් විලම්බීතගේ සාක්කුවට එබුවා . මේ විගඩම දිහා තවත් නම් බලන් ඉන්න බැරි නිසා සිතිජ ඕන මගුලක් කර ගත්තාවේ කියලා යුගාන් ලයිබ්‍රි එකෙන් එලියට ආවා .

ලෙක්චස් ඉවර වෙලා හැම කෙනෙක්ම වගේ රංචු රංචු ගැහිලා එහාට මෙහාට යන්න ගද්දි යුගාන් ගේ ඇස් ගියේ තමන්ගේ ඉස්සරහින් හරි ලස්සන දේවදූතයෙක් වගේ එන තීනූ දිහාවට . රේස් එකක් දුවලා ඇවිත් වගේ තමන්ගේ හාට් එක හයියෙන් ගැහෙන්න ගද්දි යුගාන් තීනූ දිහා බලා ගෙනම තමන්ගේ පපුවට අත තියා ගත්තා .

තීනුත් නොදැක්කාම නෙමේ යුගාන් කන්න වගේ තමන් දිහා බලන් ඉන්නවා කියලා . ඒත් තීනූ නම් වැරදිලා වත් යුගාන් දිහා නම් බැලුවේ නැහැ . කාගෙවත් නැති තීනුගේ ඔය අමුතුම ලොකුකමට තමා යුගාන් උනත් වැඩියෙන්ම ආස . තීනු දිහාවට ලං වෙන ගමන් යුගාන් විසිල් පාරක් ගහද්දි තීනූ ඇහුනේ නැති ගානටම හිටියා . යුගාන් තීනුගේ පාර හරස් කරන් තීනුගේ මූණට එබෙද්දි තීනු යුගාන්ට රවන ගමන් අහක බලා ගත්තා .

" තීනූ බබා කොහෙද අප්පේ මේ ජම්බෝලේ වගේ යන්නේ "

" ලැට් එකට යන්නේ ඇයි මොකත !! "



To be continue

______________________________________________

ඔන්න පලවෙනි චැප්ටර් එක ගෙනාවෝ 🌝

හොදයිත ඉතිම්

කමෙන්ට් එකක් හලන්නකෝ

වෝට් කමෙන්ට් කරන අයට 💕

Continue Reading

You'll Also Like

66.4K 10.4K 92
ඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook FanFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka...
4.5K 835 21
මට මාවම අමතක කරවන මගේ හිත අනන්තයක් තරම් දුරක ගිහින් අතරමං කරවන ඔය නපුරු දුඹුරු පැහැ ඇස් ඇත්තටම භාවනාවක්.... ...
79.7K 1.1K 20
In the supernatural world, there's tons of individual beings just waiting for the story of their rise to greatness to start. A story where they rise...