මේ දෛවයම ද?💚❤️ | complete✅

By Yizhanwangxian81

6K 821 172

💚කටවහනවා යෑන්.....තමුන් ජාන්ව සුද්ද කරන්න ලේස්ති වෙන්න හදන්න එපා....මොකා බොරු කරත් මට මගෙ ඇස් දෙකෙන් දැකපු ද... More

0002
0003
0004
0005
0006
0007
0008
Note
0009
0010
0011
0012
0013(end)
Special note
Note

0001

899 105 17
By Yizhanwangxian81

❤️යිබෝ..........ඔයා....ඔයා....ඔයාට මාව අවිශ්වාසද.....

💚මන් ඇස් දෙකෙන්ම දැකපු දේ බොරුවක් වෙන්නෙ නෑනෙ....එහෙමද නේද සීන් ශියාඕ ජාන්.....

❤️ඒත්....ඒත් එහෙම දෙයක් උනේ නෑනෙ දෙයියනේ...මන්..ම..

💚නවත්තනවා.....ඔය හොදටම ඇති ජාන්....හොදටම ඇති.....තවත් මගේ දෑහට නොපෙනී යනවා යන්න මෙතනින්....

අනේ ඇයි එහෙම....ඇයි මෙහෙම වෙන්නෙ දෙයියනේ...ඇයි....මන් නොකරපු දෙයක් ගැන මෙහෙම කතා කරන්නෙ ඇයි....මන් කවදාවත් යිබෝට බොරුවක් කරන්න හිතලවත් නෑ දෙයියනේ....ඇයි එහෙනම්....

👩යිබෝ.....දෙයියනේ....මොකද ඔයාට වෙලා තියෙන්නෙ......ආහ්...ඔයා හොදටම දන්නවා ජාන් එහෙම දරුවෙක් නෙවෙ කියලා......

💚කටවහනවා යෑන්.....තමුන් ජාන්ව සුද්ද කරන්න ලේස්ති වෙන්න හදන්න එපා....මොකා බොරු කරත් මට මගෙ ඇස් දෙකෙන් දැකපු දේ අවිශ්වාස කරන්න කියලද යකෝ කියන්නෙ....ආහ්....තමුසෙ මොනවද තවත් බලාගෙන ඉන්නෙ ජාන්....

යෑන් අක්කා මගේ පැත්තට කතා කරද්දි එයාටත් බැනලා යිබෝ මගේ සූට් කේස් එකටත් පයින් එකක් ගහලා මට ගෙදරින් යන්න කිව්වා....

❤️අනේ....යිබෝ පොඩ්ඩක් අහන්නකො....

💚ජාන්....තමුසෙට ඕන මගෙ අතින් මැරුම් කන්නද කියනවා.....මට තමුසෙව පේන්න බෑ අයිසේ....මෙතනින් යනවකො....කරුමෙ.....

ජීවිතේ කියන්නෙම මට දුකක් විතරයි....පොඩි කාලෙ ඉදන්ම විදවපු මන් ටික කාලයක් හරි සතුටින් හිටියෙ යිබෝ එක්ක ඉන්න කාලෙ....දැන් ඒකත්.....ඒකත් යිබෝගෙ බොරු සැක කිරීම මත නැත්තටම නැති වෙලා ගිහින්....මන් හිතන්නෙ සතුට කියන්නෙ මගේ ජීවිතේට උරුම නැති දෙයක්....මන් ඇස් දෙකේ කදුලු පුරවගෙන යිබෝ දිහා බලන් උන්නට එයා නෙවේ එක ඇහැක් ඇරලා බැලුවෙ....කමක් නෑ.....දෛවය....උබ හරිම නපුරුයි.....

👩යිබෝ.....තමුසෙ නම්.....කිසි දෙයක් හරියට නොදැන කතා කරන්න එපා......

❤️කමක් නෑ....යෑන් අක්කෙ....දවසක් එයි....කවදමහරි දවසක් එයි.....එදාට ඔයා දැනගනී යිබෝ.....මන් වැරදි නෑ කියලා......අන්න එදාට.....මට ගොඩක් ගොඩක් සමාවෙන්න.....එදාට මට ඔයා ගාව ඉන්න බැරි වෙයි......ඔයාට අල්ලන්නවත් බැරි දුරකට මන් ගිහින් ඉදීවි.....

💚තමුන් මාව නොමග යවන්න බොරු නොකියා තමුන්ගෙ මේ මගුල් ඇදුම් ටික අරගෙන යන අහක යනවා.....ආයෙ මගේ දෑහට පේන්න ආවොත්.....ආන් එදාට උබට මේ යිබෝ කියන්නෙ කවුද කියලා හොදට බලාගන්න පුලුවන් වේවි...

අවසානෙදි ඒකත්....මන් කිසිම බොරුවක් නොකරපු....මගේ ආදරේ....එයත් එයත් මාව සැක කලා....මන් දුකින්ම කදුලු පුරවන් වේදනාත්මක හිනාවක් දීලා සූට් කේස් එකත් ඇදන් පාරට ඇවිත් බස් හෝල්ට් එක ගාව නැවතිලා පවුලක් නැති මට මගෙම අයියෙක් උන තියාන් අයියට කතා කරලා සිද්ද වෙච්ච දේවල් කිව්වම අකුරක් නෑරම හොදින් අහන් හිටපු අයියා අන්තිමට කිව්වෙ එකම දෙයයි....

💙උබ ඔතනම හිටපන් මල්ලි....මේ දැන්ම උබේ අයියා උබව ගන්න ඔතනට එනවා.....

හ්ම්....උබේ අයියා.....වෙන කිසිම වෙලාවකට වඩා මේ වෙලවෙ ඒ වචනෙ කෙලින්ම ගිහින් මගෙ හදවතේ කොනක නැවතුනා....ඒත් අයියෙ......මට උබගෙනුත් ඉක්මනටම සමුගන්න වෙයි.....








විනාඩි පහලවක් විතර යනකොට තියාන් අයියගෙ කලුපාට කාර් එක ඇවිත් මගෙ ඉස්සරහින් නැවැත්තුවා...ඒ එක්කම අයියා එලියට බැහැලා මගේ අතින් ඇදන් යිබෝගෙ ගේ තියන පැත්තට යන්න හැදුවත් මන් අයියව නතර කලා.....මන් දන්නවා....දැන් අයියට යිබෝ ගැන මරන්න තරම් කේන්තියක් තියනවා කියලා...ඒ තරම්ම මගෙ තියාන් අයියා මට ආදරෙයි...එයා කියන්නෙ පුන්චි කාලෙදිම නැතිවුන එයාගෙ මල්ලිගෙම පොටෝ කොපි එක මගෙන් දකිනවා කියලා....

❤️එපා අයියෙ....ඕන නෑ.....එයා දවසක තේරුම් ගනී.....

💙ඒත් මල්ලි.....

අයියා ඒත් ගගා මගේ මූන දිහා දුකින් වගේ බලනකොට මන් එපා කියන්න ඔලුව චුට්ටක් දෙපැත්තට වැනුවා....

💙අපි යමන් මල්ලි ගෙදර....උබට කවුරු නැතත්....මේ අයියා ඉන්නවා.....

මොනවා නැතත් ඒ වචන මගේ හිත හයිය කරා....මටත් කියලා මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා නේද කියලා හිතුනා....මායි තියාන් අයියයි කාර් එකෙන් එයාලගෙ ගෙදර යන්න ගියා.....මට ආසවක් තියනවා මන් මැරෙන්න කලින් අයියෙක්ගෙ ආදරේ විදින්න....ඉතින් විනාඩි කීපයක නිශ්ශබ්දතාවය බිදින ගමන් මන් කතා කලා....

❤️අයියෙ....දෙයක් ඉල්ලන්නද.....පුලුවන් නම්...

💙කියන්නකො පැටියො...මේ අයියා මගෙ මල්ලිට ඕන දෙයක් ගෙනත් දෙනවා....

❤️මට ආසයි අයිය එක්ක ගිහින් අයිස්ක්‍රීම් එකක් කන්න....

💙ඉතින් යමන්....මන් උබට අයිස්ක්‍රීම් ෆැක්ටරියක් හරි අරන් දෙන්නම්....

විනාඩි ගානක් යනකොට අපි ලස්සන කඩයක් ගාව නැවැත්තුවා.....ඔව්....ඒකෙ තිබුනෙම අයිස්ක්‍රීම් විතරයි....කපල් කපල් වාඩි වෙලා අයිස්ක්‍රීම් කනවා.....ආයෙත් තුවාල වුන හදවත පාරවන ගමන් එයාගෙ මතක මගෙ ඔලුවට ගලාගෙන ආවා.....දවසක් මන් කන්න ආසයි කියපු අයිස්ක්‍රීම් එකක් ඊලග දවස වෙනකොට එයා ෆ්‍රිජ් එකේ මට ඕනතරම් කන්න කියලා ගෙනැත් දාලා තිබ්බ්...මටත් තියන පෙරේත කමට මන් දහයක් පහලවක් කෑවා ඉතින්....ඒ කාලා කැස්ස හැදිලා එදා දවසම එයාගෙන් බැනුම් ඇහුවා......

එයාගෙ මතක වල ගිලිලා ඉදපු මට අයියා කතා කරනවත් එක්කම පියවි සිහියට ආවා...

💙මොකද්ද කැමතිම ෆ්ලේවර් එක

මන් මගේ චූටි ඇගිල්ලක් ඒ ශෝ කේස් එකේ තියන චොකලට් මිකස් නට් කියන එක ගාවින්  තිබ්බා....

💙මේ...මේකෙන් මට දෙකක් දෙනවද.....

අයියා අයිස්ක්‍රීම් එක ගන්නකන් මන් එතන තිබුන ටේබල් එකෙන් වාඩි උනා.....

💙ආ...කන්න....තව ඕන නම් කියන්න....

❤️ම්ම්...

රසයි...ඇත්තටම රසයි.....

💙රසයි නේහ්...

❤️හ්ම්...ගොඩක්...

💙හ්ම්..හ්ම්...කාපන්....

:අනේ මෝඩ අයියෙ....ඉදපන්කො....ඔලුවටමයි අනින්නෙ...බූරුවා....

:තමුසෙ දැක්කම ගහන්නමයි බන් හිතෙන්නෙ මල්ලි...

:අනේ පල....හිවල් මොටා...

:හ්ම්..හ්ම්..වරෙන් වරෙන් යන්න.....මගේ පලවෙනි පඩියෙන්ම උබට ලස්සන ඇදුම් ටිකක් ගන්න මන් හිතන් ඉදියෙ.....යමන්කො....

:අනේ මගෙ හොද හාල්පාරු අයියා....

මන් ඒ අයියා මල්ලි කතාවට කන දාන් හිටියා...එයාට අයියා ඇදුම් අරන් දෙනවා...මටත් ආසයි අයියෙක්ගෙන් ටොකු කකා ආදරේ ලබන්න....මන් හිතන්නෙ අයියට මගේ හිත දැනිලද කොහෙද මගෙන්

💙මල්ලි....යමන්ද උබට ලස්සන ඇදුමක් දෙකක් ගන්න ඈ...

❤️අනේ එපා අයියෙ....අයියගෙ සල්ලි වියදම් කරන්න ඕන නෑ මන් වගේ අනාතයෙක් වෙනුවෙන්...

හරිනෙ...කට වරද්දගත්තනෙ....දැන් ඉතින් ගහයිද දන්නෑ...දවක් මන් ඔහොම කියලා මූ මගේ කන පාරක් මැදම අනිත් පැත්තට හැරෙව්වා කියහන්කො....

💙මේ මල්ලි...මගෙන් මුකුත් අහගන්නැතුව වරෙන් යන්න.....

ඒකා මගෙ ඔලුවට හිල් වෙන්න ටොක්කක් ඇනලා බිල් එක පේ කරන්න ගියා....මදෑ ඔයින් ගියා...

💙යන්....

❤️හ්ම්ම්



අවසානෙදි අයියගෙ ටොකු මැද මන් ලස්සන කලිසම් පහකුයි ඒවටම හරියන ශර්ටුයි සපත්තුයි ගත්තා.....

:කාඩ්ද....කෑශ්ද මිස්ටර්...

💙කාඩ්...

මන් හිමීට බෙල්ල දාලා බැලුවෙ ගාන කීයද කියලා...තා ඩිංගෙන් මන් හීක් ගාන සද්දෙ කටින් පිට වෙනෝ...යකෝ මේ ටිකට 35000 ගිහින්නෙ....ඒ තරම් බඩුවල ගාන වැඩි වෙලා...

💙දැන් ගෙදර යමන්....

අයියා බිලත් පේ කරලා බාගයක් බෑග් මට දීලා අනිත් බාගෙ එයා අරන් ගිහින් කාර් එකේ ඩිකියට දැම්මා......ඉතින් ඒ ආසාව....අයියෙක්ගෙ ආදරේ විදින්න ඕන ආසාව ඉශ්ට කරගත්තා......මට සතුටුයි.....

💙මල්ලි....

❤️ම්ම්...

💙මොකෝ දැන් බෙහෙත් ගන්න එක....

මන් මොනා කියන්නද...මම බෙහෙත් ගන්න ගිහින් තමයි යිබෝගෙ විශ්වාසෙ නැති කරගත්තෙ....

❤️නෑ අයියෙ....දැන් මට ජීවත් වෙන්න හේතුවක් නෑ....ඉතින් මට ඕන නෑ අයියෙ....ආසයි එයත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරලා එයාගෙ තුරුලෙ ඉදන් මැරෙන්න....ඒත් දැන්...නෑ...මට එපා අයියෙ....ආයෙ මට බෙහෙත් ඕන නෑ...මෙහෙම්ම ඉදලා මැරිලා යනවා....

💙ඒත් මල්ලි....මන් කියනදේ අහපන්කො...

❤️නෑ අයියෙ....ඒකයි මගෙ අවසාන තීරනෙ...

අයියා ලොකු හුස්මක් පාත දැම්මා...එයාට දුක ඇති....එයාගෙ මල්ලි වගේම මමත් ඉක්මනින්ම එයාගෙන් වෙන්වෙන බව දැනෙනකොට දුක නැද්ද....මන් දන්නවා.....එයාගෙ ඇස්වල ලාවට කදුලු පටලයක් බැදිලා...වාන් දාන්න හදපු එයාගෙ කදුලු කැට ඇහිපිය ගහලා නවත්තගත්තා...

ටික වෙලාවක් යනකොට අපි තියාන් අයියගෙ ගෙදරට කිට්ටු උනා....අයියා කලින් වගේම බෑග් වලින් බාගයක් අරන් ඉතුරු ටික මට දීලා ගෙට යන්න ගියා.....

🥀ආහ් පුතේ......අද වැඩ කලින්ම ඉවරද....

අනේ....ඒ කියන්නෙ අයියා වැඩත් දාලද මේ වැඩකට නැති මාව බලන්න ඇවිත් තියෙන්නෙ....

💙ආහ්....ඔව් අම්මේ

🥀ආහ්....මේ ජාන් පුතත් ඇවිත්...මොකෝ නිකන් අඩලා වගේ....

මට ඇත්තටම මේ වෙලාවෙ අම්මෙක්ගෙ උනුහුමක් ඕන උනා....වෙනමොකටවත් නෙවෙයි අඩන්න....කදුලු හිදෙනකන් අඩන්න....මන් එහෙමම ආන්ටි දිහා බලලා කෙලින්ම ගිහින් බදාගෙන ඒ පපුවට හේත්තු වෙලා අඩන්න ගත්තා...

🥀අනේ පැටියෝ....මොකද මේ....ම්ම්..........මේ අයියා ඔයාට ගැහුවද....

💙අම්මා.....මන් මොකටද අනේ ගහන්නෙ....මල්ලිට ටිකක් ඔහොම ඉන්න දෙන්න...

මන් හිතන්නෙ මන් පැයක් විතර ආන්ටිව බදාගෙන අඩන්න ඇති....ඒ මුලු කාලෙ පුරාම එයා මගෙ ඔලුව අතගෑවා....තවත් ආන්ටිට වද දෙන්න බැරි නිසා මන් ඔලුව ඉස්සුවා....

💙අම්මා....පොඩ්ඩක් මෙහෙට එන්නකො....

මන් හිතන්නෙ අයිය ආන්ටිට වෙච්ච දේවල් කියන්න යන්නෙ.....අන්කලුත් එතන ඉන්නවා කියන එක මට තේරුනෙ අන්කල්ගෙ කටහඩ ඇහෙනවත් එක්ක......

ගෙදර වැඩට ඉන්න කෙනා මට උනුම උනු කිරිකෝපි එකක් හදාගෙන ආවා....හ්ම්ම් ඒකත් හොදයි....අපි ගෙට ගොඩවෙනවත් එක්කම මුරුගසන් වරුසාවක් පටන් ගත්තා...වහින වෙලාවට කිරි කෝපි කියන්නෙ.....ආයෙ නෑ පට්ට...








💙මල්ලි.....මන් අම්මටයි තාත්තටයි සේරම කිව්වා....

මන් හිතුවා වගේම අයියා සේරම කියලා....

yibo's pov......

👩යිබෝ.....ඔයා ඇත්තටම ඔයාගෙ ආදරේ අතෑරියද....ඔයාගෙ එකම ආදරේ....

💚අක්කේ......මට ඕන නෑ බොරු කරන කෙනෙක්ව....අනිත් එක මන් කිව්වෙ නෑනෙ මන් එයාට ආදරේ කරන එක නැවැත්තුව කියලා....

ඔව් ජාන් මන් උබට ආදරේ කරන එක නවත්තලා නෑ....මන් හොයාගන්නම් කොහොම හරි මොකද්ද උනේ කියලා....උබ වැරදි නැත්තන් මන් උබට වැදලා හරි සමාව ගන්නවා....හැබැයි උබ වැරදි නම්.......උබ කියනවනෙ ආදරෙයි වෛරයයි අතරෙ තියෙන්නෙ කෙස් ගහක පරතරයක් කියලා....උබ වැරදි නම් මන් උබව තියන්නෑ ජාන්....උබවත් මරලා මාත් මැරෙනවා....

yibo's pov end.






🥀ජාන්.....පුතේ.....පුතා දුක් වෙන්න එපා....කවුරු නැතත් පුතාට අපි ඉන්නවා...

👨‍ම්ම්....පුතා දුක් වෙන්න එපා....අපි කොහොම හරි යිබෝට ඇත්ත ඔප්පු කරමු....

හ්ම්ම්....හිතනවා...මන් හිතනවා මන් මැරෙන්න කලින් ඒ දේ සිද්ද වෙයි කියලා....ඒත්....එහෙම නැති වුනොත්....අනේ මට සමාවෙන්න....තව මට කොච්චර කල් ජීවත් වෙන්න තියද.....අවුරුද්දක්....මාසයක්......සමහරවිට සතියක්.....අනේ මන් දන්නෑ....මන් කැමතී දැන්ම මාව මැරිල යනව නම්....ඇත්තටම මන් දන්නෑ මට තියන ලෙඩේ මොකද්ද කියලා...මට දැනගන්න ඕනත් නෑ...මොකක් උනත් මට අනිවාරෙන්ම තියෙන්නෙ බරපතල ලෙඩක්....ඒක මන් ඩොක්ටර්ගෙ මූනෙන්ම දැක්කා...ඩොකටර් කොච්චර මට තියන ලෙඩේ කියන්න හැදුවත් මන් කිව්වෙම අනේ ඒක කියන්න එපා මට දැනගන්න ඕන නෑ කියලා....මොකද මට ඕන නෑ යිබෝට බොරුවක් හන්ගන් ඉන්න.....ඒත් මන් කරපු ලොකුම වැරැද්දත් ඒක....යිබෝට හොරා මන් එදා ගියේ ඩොක්ටර්ව හම්බ වෙන්න....ඩොක්ටර් කියන හැටියට මගෙ ලෙඩේ තියෙන්නෙ ආමාශයේ.....මන් ශර්ට් එක ගලවලා ඩොක්ටර්ට චෙක් කරන්න දුන්නා....ඩොක්ටර් මගෙ බඩේ තැන් තැන් අල්ල අල්ල රිදෙනවද ඇහුවා....ඔව්...ගොඩක්.....අන්න ඒ වෙලාවෙ තමයි යිබෝ මාව ෆලෝ කරන් ඇවිත් එතනට ආවෙ......එයා ඒ වෙලාවෙ ඒක තේරුම් ගත්තෙ වැරදි විදියට....එයා මගෙන් අහන්නෙවත් නැතුව දැකපු පල්යට සේරම විනිශ්චය කරලා නඩුවට තීන්දුවත් එයාම ගත්තා....ඉතින්....මන් තමයි වැරදි...මට කියන්න තිබුනා...මෙහෙම දෙයක් තියනවා කියලා....ඒත් මට ඕන උනේ නෑ යිබෝ දුක් වෙනවා බලන්න....කමක් නෑ යිබෝ...මෙච්චර ආදරේ කරපු මාව අවිශ්වාස කලාට....මගෙයි වැරැද්ද...මන් ඔයාට දොස් කියන්නෑ....මට සමාවෙන්න....

මන්,
shashi
💚❤️

Continue Reading

You'll Also Like

1.9K 339 10
ජීවිතේ හරිම පුදුමාකාරයි... අහම්බෙන් හම්බුන බැදීමක් නිසා ආයෙත් බලාපොරොත්තු ඇතිවෙයිද? වෙන්වීමක් සහ නැවත හමුවීමක්... අවසානයක් එක්කම ආරම්භයක්.... ආත්මීය...
32.2K 2.5K 72
ဖတ်ကြည့်နော်😉😉
567K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
30.5K 5.3K 31
දුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙