MeMo - මෙමෝ

By ShanikaSandeepanee

5.4K 381 195

නවත්තපන් ෂේද්...... දීපන් මට ඕක...... මැරෙන්නද බ%ලෝ හදන්නේ මෙච්චර මේ ජරාව බීලා..ඩොක්ටර් කියපු දේ මතක නැද්ද... More

හැඳින්වීම
🍷🥂 01🥂🍷
🍷🥂02🥂🍷
🍷🥂03🥂🍷
🍷🥂04🥂🍷
🍷🥂05🥂🍷
🍷🥂06🥂🍷
🍷🥂08🥂🍷
🍷🥂09🥂🍷
🍷🥂10🥂🍷
🍷🥂11🥂🍷
🍷🥂12🥂🍷
🍷🥂13🥂🍷
🍷🥂14🥂🍷
🍷🥂15🥂🍷
🍷🥂16🥂🍷
🍷🥂17🥂🍷
🥂🍷18🍷🥂

🍷🥂07🥂🍷

186 18 10
By ShanikaSandeepanee

🥂07🥂

__________🖤__________

නවිදු ෂේද්ගේ කාමරයට ඇවිත් බැල්කනියේ හිටගෙන ඉන්න ෂේද් දිහා බලාගෙන ඉදියා. වැහිපොඳටත් තෙමි තෙමී ඔහේ හිටගෙන බලන් ඉන්න ෂේද්ව ඇතුලට ඇදලා අරගෙන දෙක තුනක් ගහන්න තරම් නවිදුට තරහක් දැනුණා.

ඒ එක්කම නවිදුට එයා ගැනම තරහක් දැනුනා. මීටකලින් ෂේද්ගේ ප්‍රශ්නෙට මැදිහත් වුනානම් අද මේ හැම ප්‍රශ්නයක්ම යම්තාක් දුරට විසදගන්න තිබ්බා කියලා හිතුනා.

ටික වෙලාවක් ෂේද් දිහා බලාගෙන ඉදපු නවිදු කලිසම් සාක්කුවෙන් ෆෝන් එක අරගෙන ගයාන්ට කෝල් එකක් ගත්තා.

"කියපන් නවිදුවා.."

රින්ග් යන්නත් කලින් ගයාන් ආන්සර් කලා ගයාන් ෆෝන් එක අතේ තියාගෙනම බලන් ඉදලා වගේ.

"උඹ අර කොල්ලා පස්සෙ යනවා නේද?"

නවිදු හඬ බාල කරලා කතා කලා.

"මම දැනුත් ඉන්නේ ඌ දිහා බලාගෙන. මේ ප*යා ක්ලබ් එකෙන් කෙල්ලෙක් අරගෙන හොටෙල් එකට යන ගමන්."

ගයාන් කෑගහලා කියද්දි නවිදුට හෝන් සද්දයක් ඇහුනා.

"ඒ බං... ඌව පොලිසියෙන් නැවැත්තුවා. මං ටිකකින් උබට ගන්නම්"

ගයාන් කලබලෙන් කියලා කෝල් එක කට් කරලා දැම්මා. නවිදු ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉදලා ආපහු ෂේද් දිහා බැලුවා. ෂේද් බැල්කනියෙ ඉදන් කාමරේ ඇතුලට ඇවිදන් එනවා.

"තමුසෙ මොකද මෙතන කරන්නෙ.. එලියට යනවා මං වොෂ් දාගෙන එන්නම්"

ෂේද් කිසිම දෙයක් නොවුන ගානට වොෂ් රූම් එකට ඇවිදන් යන ගමන් කියද්දි නවිදු ෂේද්ගෙ පස්සට පයින් පහරක් ගැහුවා..

ෂේද් වොෂ් රූම් එක අස්සට ගිහින් දොර වහගත්තම නවිදු ෂේද්ගෙ ඇඳෙන් හාන්සි වුනේ ගයාන් ආපහු කෝල් එකක් ගන්නකන්.

එදා නවිදු ෂේද්ගෙ ගෙදරට එන්න කලින් ගයාන් ඉන්දියන් කොල්ලෙක් ඉස්සුවා. නවිදු අවුරුදු දෙකක් තිස්සෙ මේ කොල්ලා ලංකාවට ආපහු එනකම් බලාගෙන ඉදියේ ලොකු ප්‍රශ්නයක් විසද ගන්න. ගයාන් එයාපෝර්ට් එකෙන් උස්සගෙන ආපු කොල්ලා සිහිය ආවාට පස්සෙ කිසිම දෙයක් නොවුන ගානට හොටෙල් එකෙන් එලියට ඇවිදන් යන දිහා ගයාන් වගේම නවිදුත් බලාගෙන ඉදියා. එදා කොල්ලාව අල්ලගත්තේ ගයාන් ලඟ වැඩ කරන කෙල්ලෙක්ව දාලා. කොල්ලා හිතන්න ඇති කෙල්ල එක්ක රූම් එකෙ ඉදියා කියලා. එදා ඉදන් ගයාන් ඒ කොල්ලව ෆලෝ කරනවා.

නවිදුට මතක් වුනේ මීට අවුරුදු දෙකකට කලින් එයා ඇස් දෙකටම දැක්ක සිදුවීමක්.

~ එදා ෂේද් ගෙදරින් තරහා වෙලා ගෙදරින් ගියපු දවසක්. සවීර් එක්ක ෂේද් ඉදපු පොඩි ගේ කෑල්ලක් එක්ක තියන කොෆි ෂොප් එකක් තිබ්බා. ඒක සවීර්ගේ නානිට අයිති එකක්. සවීර්ලා එකපාරටම අතුරුදන් වුනාට පස්සේ ෂේද් ඒ ගෙදර බලාගත්තා. එදා නවිදු ෂේද්ව හොයාගෙන හැමතැනම ඇවිද්දා. අන්තිමට රෑ දහයට විතර නවිදු මේ තැනට ආවා. පහල මාලයෙ කොෆි ෂොප් එක තියෙද්දි ඉහල මාලයේ ගේ කෑල්ල. නවිදු බිල්ඩින් එකට පැත්තෙන් තියෙන යකඩ පඩිපෙල නැගලා උඩට යද්දි ජනෙල් වීදුරු වලින් ඇතුලෙ අඩ එළියක් දැක්කා. නවිදු හිතුවා වගේම ෂේද් ගේ ඇතුළෙ ඉදියා.. හැබැයි තනියම නෙවෙයි සවීර්ට සමාන හැඩරුවක් තියන කොල්ලෙක් එක්ක. ෂේද්ට යටවෙලා ඉදපු ඒ කොල්ලාගෙ මූණ නොදැක්කනම් නවිදු හිතන්නෙත් ඒ ඉදියේ සවීර් කියලා. ~

"තමුසෙ මොකද මගේ ඇඳේ කරන්නේ"

නවිදු ඉදියේ ලොකු කල්පනාවක. ෂේද්ගේ කටහඩ ඇහෙද්දි නවිදු මේ ලෝකෙට ආවේ. ෂේද්ගේ කටහඬ බර වෙලා. කොල්ල වැහිපොදට තෙමුන නිසා හරි වොෂ් දාද්දි අඩපු නිසා හරි වෙන්න ඇති.

"ඕහ්.... මගෙ මල්ලියේ... ආපහු නම් මගෙ ඉස්සරහට ඔහොම එන්න එපා පුතෝ..."

නවිඳු ෂේද් දිහා බලද්දි නවිදු දැක්කේ ටවල් එක ඉණ වටේ පටලවගෙන උඩු කයේ වතුර බිංදුත් එක්ක තමන් ඉස්සරහ හිටගෙන ඉන්න දේහදාරී සිරුරක්.

"ඇයි ආසා හිතෙනවද?"

ෂේද් ඇහුවෙ අත නවලා ඔලුවෙ පිටිපස්සෙ කොන්ඩෙ වතුර ගසන ගමන්.

"මේ මේ...මල්ලී.. මම ඔය කොලු සීන් එකේ නෑ හරිද... උඹ ඔහොම ඉද්දි මට ඔය ටවල් එක ඇදලා දාන්න හිතෙනවා"

නවිදු කකුල දික් කරලා ඇගිලි වලින් ෂේද්ගේ ටවල් එක අල්ලගන්න හදද්දි ෂේද් පස්සට පැන්නා.

"තොපි දෙන්නට අසහනේද යකෝ"

ඒත් එක්කම වරුණ් ඉෂාන් කාමරේට ආවේ. වරුණ් එහෙම අහගෙන එද්දි නවිදු ඇඳේ දිගා වෙලා ෂේද් දිහා සරාගි බැල්මක් දැම්මා.

"යකො...තොපි දෙන්නා සහෝදරයෝ කියලා ශුවර් නේද?"

නවිදුගේ බැල්ම දැක්ක වරුණ් අහද්දි ෂේද් කුණුහරුප දෙක තුනක් කියාගෙන ඇඳුම් දෙකත් අරන් වොෂ් රූම් එකට ගියා.

"උඹ අද සිවිල් පිටද ඉන්නේ.. අද නම් නුවර එලියකි මා වෙසෙන ගම හොදේ පුතේ.. උඹ කුඩාරම් හිටවන්න ලෑස්ති වෙන්න එපා අපි ඉස්සරහා. "

ෂේද් ටී එකකුයි සැහැල්ලු ෂෝටකුයි විතරක් අරන් යන දිහා බලාගෙන වරුණ් කෑගැහුවා.

"අයියේ.. උඹලත් මරු මිනිස්සු තමා. අපි දෙන්නව පහල මගේ සීනී අප්පච්චී ලඟ දාලා උබල දෙන්න මෙතන මගුල් නටනවා.. ඒ මනුස්සයා අහන ප්‍රශ්න වලට උත්තර දීලම මේ ඉෂානයගෙ උඟුර බැරැන්ඩි වෙලා."

වරුණ් නවිදු ලගින් හාන්සි වෙලා කියද්දි ඉෂාන් බැල්කනියට ගියා.

"ඇයි ඌ විතරක් උත්තර දුන්නෙ.. උඹ මොකද කලේ.."

නවිදු වරුණ් දිහා නොබලම ෆෝන් එකේ ඇස් තියාගෙන ඇහුවා.

"මං මගේ සීනි අප්පච්චීට රසම රස කිරි තේ එකක් හැදුවා"

වරුණ් කියද්දි නවිදු වරුණ් දිහා බැලුවේ හිනා වෙවී.

"ඉතිං සීයා තාත්තා ඒක බිව්වද?"

නවිදු දන්නවා සීයාතාත්ත කිරි තේ නොබොන බව. රොජර් කිරි ආහාර අප්‍රිය කරනවා.

"නැතුව... පලවෙනි උගුර බීලා මූණ පුලුටු කරගත්තා. පස්සෙ මං බලෙන්ම පොවා ගත්තා.. දැන්ම හදාගන්න එපැයි ඉතිං... "

වරුණ් හිනා වෙවි කියද්දි නවිදු වරුණ්ට හොද ටොක්කක් ඇන්නා.

"යකෝ... සීයා තාත්තා කිරි තේ වලට කැමති නෑ."

"ඉතිං මං ඒක දන්නවයෑ.. උන්දෑ එක්කො කලින් කියන්න එපැයි. හොස්පිට්ල් ගෙනියන්න වෙයිද දන්නෙනෑ බොලගේ සීයාව.."

වරුණ් ඇඳෙන් නැගිට්ටේ කලබලෙන් කියවගෙනමයි.

"ඔහොම ඉදපන්කො මං බලලා එන්න.. යකෝ තොපි පොඩි උන් වගේනේ.. හරිනම් මේ වෙද්දි තොපිට ලමයිත් ඉන්න ඕනි."

නවිදු ඇඳෙන් නැගිට්ටේ සීයා තාත්තව බලන්න යන්න.

"ඉතිං උඹේ මල්ලි නිසා තමයි අපිට කසාදයක් කරගන්න බැරි වුනේ. කෙල්ලෙක්ව හුරතල් කරන්න ඕනි කලේ අපි උබගෙ මල්ලිවනෙ හුරතල් කලේ"

වරුණ් නවිදුට කැපෙන්න කියද්දී ඉෂාන් බැල්කනි එකෙන් ඇතුලට ආවා.

"අයියා... අරහේ කවුරුත් නෑ කියලා ශුවර් ද?"

ඉෂාන් ඇහුවේ හඬ බාල කරලා..

"ඔව්... සෙහාරා ගියේ අපි ඉස්සරහමනෙ."

වරුණ් නවිදු වෙනුවට උත්තර දුන්නා.

"ඇයි උඹ එහෙම අහන්නෙ"

නවිදු වොෂ් රූම් එක දිහා බලලා අහද්දි ඉෂාන් වරුණ් දිහා බැලුවා.

"මම යාන්තමට වගේ සෙවනැල්ලක් දැක්කා"

ඉෂාන් ඇහෙන නැහෙන ගානට කියද්දි වරුණ් ඇඳෙන් පැනලා බැල්කනියට දුවන්න හැදුවේ.

"පිස්සු නටන්න එපා යකෝ"

ඇඳෙන් පැන්න වරුණ්ගේ ටී ෂර්ට් කරෙන් අල්ල ගත්ත ඉෂාන් කියද්දී වරුණ් ඉෂාන්ගෙ අත ගසල දාලා රවාගෙනම පහලට යන්න ගියා.

"හිතේ සැකේට වෙන්න ඇති පෙනුනේ එහෙනම්"

ඉෂාන් නවිඳු දිහා බලලා කියද්දි වොෂ් රූම් එකේ ලොක් එක ඇරෙන "ටික්" සද්දෙ ඇහුණ නිසා දෙන්නම කතාව නවත්තලා ෆෝන් වලට මූණ ඔබා ගත්තා.

______________🍷🍷🍷🍷____________

🍷සෙහාරා ෆුඩ් සිටියට යන්න ගෙදරින් පිටත් වෙලා ටික වෙලාවකට පසු🍷👇

සෙහාරා ඉස්සරහා දොර වහන සද්දෙට සවීර්ට ඇහැරවුණා. කොල්ලා ටිකක් වෙලා බිම හාන්සි වෙලා ඉදලම නැඟිට්ටේ එක පැත්තකටම හැරිලා ඉද්දි යට වෙලා තිබ්බ හිරි වැටුන අතත් අතගාන ගමන්..

ගමන් මහන්සියට මුළු ඇඟම රිදුම් කද්දි සවීර් අතපය දිග ඇරලා හිරි ඇරියා.. තඩි ඈනුමකුත් යවලා ටයිල් පොලවෙන් නැඟිට්ටා. ඇත්තටම වහින වෙලාවට ටයිල් පොලව මාර සනීපයි. ඉන්දියා වල එයාලගෙ පැලස් එකට වැස්සත් දැනෙන්නෙ නෑ. පෑව්වත් දැනෙන්නෙ නෑ.. කොච්චර සැපසම්පත් තිබ්බත් ඒක සවීර්ට හිර කූඩුවක්.

සවීර් නැඟිටලා ගියේ කිචන් එකට. නානි ඉන්න දවස් වල වගේම සෙහාරා පිළිවෙලට අස් කරලා. දූවිලි බිඳක් නැති වෙන්න. ගෙදර කවුරුත් පදිංචි වෙලා නොසිටියත් බදු ගෙවන නිසා ගෙදර විදුලිය වගේම වතුරත් කපලා නෑ.

වීදුරුවක් අරගෙන වතුර පුරවගෙන එක හුස්මට බීපු සවීර් පහත මාලය පුරා ඇවිද්දා. කාමරෙන් කාමරේට ඇවිද්ද. නානිගේ ලයිබ්‍රී කාමරය දූවිල්ලෙන් පිරිලා. පොත් වීදුරු කබඩ් ඇතුලෙ නිසා පොත් වලට කිසිම හානියක් වෙලා නැති එකට සවීර් සතුටු වුනා. සවීර් පොත් වලට කොච්චරක්නම් ආදරේ කරනවද කියලා දන්නේ මේ කාමරේම තමයි. එක අතකට මේ කාමරේ ආදරණීය රහස් ගොඩක් හංගගෙන ඉන්න මතක ගුහාවක්..

සවීර් ටිකක් වෙලා වීදුරු අල්මාරි අස්සෙ තියෙන පොත් දිහා බලාගෙන ඉදියා. හින්දි, ඉංග්‍රීසි, සිංහල භාෂා ත්‍රිත්වයෙන්ම මහා ගොඩක් පොත් මේ අල්මාරි අස්සේ හැංගිල තිබ්බා. වීදුරු මතින් ඇඟිල්ල ඇදගෙන ගියපු සවීර් නැවතුනේ මුල්ලෙම තියෙන පොත් අල්මාරිය ලඟ. වීදුරුව දුහුවිල්ලෙන් නෑවිලා. සවීර් අල්ලෙන් දූවිල්ල පිස දැම්මා. ඒත් එක්කම සවීර්ගෙ හිත අස්සේ කාලවර්ණිත චායාපෙලක් එක දිගට ධාවනය වෙන්න ගත්තේ අමතක කලත් අමතක නොවන මතකයන් තවමත් ඒ හිත අස්සේ පරිස්සමට අඩුක්වෙලා තියෙන නිසයි.

~ එදා නානි ගෙදර නැති දවසක්. සවීර් ඉදියේ මේ රූම් එකේ පුටුසැටියේ හාන්සි වෙලා එයාගේ බෝතල් අඩි කණ්නාඩි කුට්ටමත් දාගෙන පොතක් කියවන ගමන්. එක පාරටම කවුරුහරි ඇවිත් සවීර්ගේ ඇඟ උඩට පාත් වුනා. සවීර් කොච්චර බය වුනාද කියනවනම් කොල්ලගෙ අතින් පොත අතඇරුණා. සවීර් කෑගැහුවා. ඒත් කොල්ලට නැඟිටගන්න බැරි වුණා ඇඟ උඩ මහ බරක් පැටවිලා.

"ෂ්ෂ්ෂ්ෂ්.... බේබ්... මේ මම.."

හරිම ආදරණීය ගැඹුරු කටහඩ ඇහෙද්දිත් සවීර් සන්සුන් වෙලා ඉදියේ. ඇඟට බර දැනෙන තත්පර ගානෙදි සවීර් බය වුනාට ඊලග තත්පරයෙදි සවීර් සන්සුන් වුණා. සුපුරුදු සුවඳ, ස්පර්ශය සවීර්ට අඳුන ගන්න මහ වේලාවක් ගියේ නෑ.

"මම දන්නවා..."

සවීර්ගේ පපුව උඩ ඔලුව් තියාගෙන සනීපෙට ඉන්න කෙනා දිහා බලලා සවීර් කියද්දි ඒ මූණ ඉස්සුණා..

"මගේ මුම්ටාස්..."

සවීර්ගේ ඇඟ දිගේ ඇඳිලා උඩට ඇවිත් නාස් තුඩුව උඩින් කෙටි හාදුවක් තියාලා ඔහු කියද්දි සවීර්ගේ මූණ රෝස පාට වුනා.

"මොකද.... ලැජ්ජා හිතුණද?"

කන අස්සෙන් ඇහෙන ඒ උණුසුම් ස්වරයන්ට සවීර්ගේ ඇඟ හිරිවැටී ගියා.

"හ්ම්ම්ම්..."

සවීර් කෙදිරිල්ලකින් පිලිතුරු දුන්නාම උණුසුම් සුසුමක් කන් පෙත්ත පුරා දඟ කලා.

"මං දන්නවා...."

එයා සවීර්ගේ කන අස්සේ කොදුරද්දී සීතල දෙතොල් කන්පෙත්තෙ ගෑවි නොගෑවි යනවා. සවීර් උහුලගෙන ඉන්නෙ හරි අමාරුවෙන් මේ දැනෙන හැඟීම..

"මම කිව්වේ....මම දන්නවා.."

ආපහු සැරයක් එයා කොදුරද්දී සවීර් ගැස්සිලා ගියා. කොල්ලට තවත් නම් ඉන්න බෑ මෙහෙම..

"මොකක්ද... ඔයා දන්නේ..දේ..ව්ත්."

සවීර් කෙදිරිලි හඬින් අහද්දි ෂේද් කන්පෙත්ත මතින් දෙතොල් තිබ්බා. ඒ දෙතොල් සීතලයි.

"සාජහන්ගේ මුම්ටාස්ට වඩා දේව්ත්ගේ මුම්ටාස් ලස්සනයි කියලා"

ෂේද් තව ටිකක් සවීර්ට බර දුන්නා. ෂේද්ට දැනුනා සවීර්ගේ ඇඟේ උණුසුම වැඩි වෙනවා. ෂේද් සවීර්ගෙ ගෙල මතින් සීතල හාදු තවරද්දි සවීර් ෂේද්ගේ හිසකේ දෑතින්ම බඳා ගත්තා.

"aap bahut sundar hain"
(ඔයා ගොඩක් ලස්සනයි)

ෂේද් හින්දියෙන් මුමුණද්දි සවීර්ගේ දෙතොල් ලස්සන හිනාවකින් පාට වුණා.

සවීර් එක්කම ඉදලා ෂේද්ට දැන් චුට්ටක් විතර හින්දි වචන ගැටගහගන්න පුළුවන්.. සවීර් සමහර දවස් වලට මැසේජ් කරද්දි එවන හින්දි වචන ෂේද් ඕනිකමින්ම කටපාඩම් කරන්නේ මේ වගේ අවස්ථාවලදි ප්‍රයෝජනයට ගන්න.

"ආහ්...දේ..ව්ත්..."

සවීර් කෙදිරිල්ලක් එක්ක මුමුණද්දී ෂේද්ගේ අතැඟිලි තව තවත් සවීර්ගේ කමිසය අස්සේ මොනවද හෙව්වා..

"Tum bahut pyaarii ho"
(You are soo cute)

ෂේද්ගේ දිගු අතැගිලි සවීර්ගේ පපුව පුරා දඟකරනාතර ෂේද්ගේ හැඟීම්බර හඬ සවීර්ගේ කන්පෙති මත දඟකලා. සවීර් ඉදියේ එයාට එයාවම පාලනය කරගන්න බැරිව..

"දේ....ව්ත්....."

සවීර් කෙදිරිලි අස්සෙන් කෙදිරියක් පිටකලා..

"හ්ම්ම්ම්ම්...."

ෂේද් සවීර්ගේ ගෙල පාමුල ලොකුම ලොකු රාජකාරියක්.. ගෙලෙන් දෙතොල් නොගෙනම ෂේද් පිලිතුරු දුන්නා..

"main tumse pyaar karataa"
(මම ඔයාට ආදරෙයි)

සවීර් හින්දියෙන් කොදුරද්දී ෂේද් හෙමින් සැරේ ඔලුව ඉස්සුවා. ෂේද් දැක්කේ සවීර් ඇස් පියාගෙන ෂේද්ගේ ස්පර්ශයන් රස විදිනාකාරය. ඒ මූණ රතු වෙලා.. සවීර්ගේ යටිතොල දත් අතර හිර වෙලා පිටවෙන්න වෙර දරන කෙදිරිලි පාලනය කරනවා.. ෂේද්ට තවත් ඉවසන්න උවමනා වුනේ නෑ.. ඒත් ෂේද් බය වුනා සවීර්ගෙන් ඒ දේ අහන්න..ෂේද්ට හොඳටම දැනුණා සවීර්ට මේ මොහොතේ එයාව හුඟක්ම ඕනි වෙලා කියලා.

"දේ...ව්ත්.... main tumhen apnaa bananaa chahataa huun"
(දේ..ව්ත්.... මට ඔයාව මගේ කරගන්න ඕනි)

සවීර් ආපහු සැරයක් කොදුරද්දී ෂේද් සවීර් දිහා බලාගෙන ඉදියේ ගොඩක් අසරණ බැල්මකින්.. ඇත්තටම ෂේද්ට තේරුනේ නෑ සවීර් කියපු දේ.. ඒත් සවීර්ගේ හඬේ ගැබ් වෙලා තියෙන ඒ හැඟීම් අනුව ෂේද්ට දැනුණා සවීර් දෙයක් ඉල්ලන බව.

"බේ..බ්.... "

ෂේද් අසරණ හඬින් මුමුණද්දී සවීර්ගේ දෙතොල් අතර දඟකාර හිනාවක් මැවුනා. සවීර් දන්නවා ෂේද් හින්දි දන්නේ නෑ කියාලා.. ඒත් සවීර් ආසම එයාගෙ හැඟීම් ෂේද්ට මෙහෙම එයාගේ මව් භාෂාවෙන් දැනෙන්න දෙන්න..

"මට ඔයාව ඕනි දේ..ව්ත්..."

සවීර් ෂේද්ව එයාගේ මූණටම ලං කරගෙන කියද්දී ෂේද්ගේ ඇස් දිලිසෙනවා සවීර් බලාගෙන ඉදියා. ෂේද්ගේ තෙතමනයක් සහිත තද කළු දිලිසෙන ඇස් සවීර්ගේ මූණ පුරා දුවපනිද්දි සවීර්ගෙ චොක්ලට් පාට ඇස් දෙක නැවතිලා තිබ්බේ ෂේද්ගේ දෙතොල් අස්සේ.

සවීර්ගේ බැල්මෙන් අවසර ගත් ෂේද් හෙමින් සීරුවේ සවීර්ගේ දොතොල් මත දොතොල් තවරද්දී සවීර් ඉස්සිලා ෂේද්ගේ ඉණ වටා කකුල් පටලවගත්තා.. සවීර්ට ඕනි වුනේ නෑ ෂේද්ගේ උණුසුමෙන් බිදකටවත් ඈත්වෙන්න.. ෂේද්ගේ ශරීර ස්පර්ශයෙන් ඈත් වෙන්න. ඒ දැනෙන දෘඪ ස්පර්ශය ඈත් කරන්න ~

සවීර් හයියෙන් හයියෙන් හුස්ම ගත්තා.. පපුවෙ වම්පැත්ත හිර වෙද්දී බිමට නැවිලා දකුනු අතින් පපුවට ගහගත්තේ හෝ ගාලා කදුලු වැල් ටයිල් පොලව තෙමද්දී...

සවීර් සන්සුන් වෙන්න උත්සහ කලා.. හිටගෙන ඉන්න පණ නැති වෙද්දි දණින් බිම වැටුනා. පරණ මතක ඇවිස්සෙන හැම මොහොතකම උගුර හිරකරගෙන එන පපුවෙ දැවිල්ල සවීර්ට හොඳටම හුරුපුරුදු වෙද්දී ඒ වේදනාව දරාගන්න සවීර් තනියම පුරුදු වුනා..

"දේ...ව්ත්... main...tumhen.. mis karataa..."
(දේ...ව්ත්... i miss you)

සවීර්ගේ කොපුල් දිගේ කදුලු බිඳු ගලා යද්දි තනියම මිමිනුවේ වීදුරු අල්මාරියට වාරු දීගෙන නැඟිටින්න උත්සහ දරමින්..

"But....ෂේ..ද්..i hate you"

අල්මාරියට වාරු දීගෙන කෙලින් වුන සවීර් කෑගහලා වීදුරුවට අතින් ගැහුවේ එලියෙ මහා හඩින් ගෙරවිලි නාද ආරම්භ වෙද්දී..

සවීර් තවත් එතන නොඉද කිචන් එකට ඇවිදන් ඇවිත් වතුර වීදුරුවක් එක හුස්මට බීලා දැම්මා.. පපුව හිර වෙලා රිදුම් දුන්නත් එක හුස්මට වතුර වීදුරුව හිස් කලා..

සවීර් එයාව සන්සුන් වෙනකන් ඉදලා උඩු මහලට ඇවිදන් ගියේ අඩ අඳුරට දෑස් හුරු වෙද්දි.. උඩුමහලේ සෑම තැනකම ඇවිද්දි සවීර් අන්තිමට එයාගේ කාමරයෙ දොර ඇරියා. එදා තිබ්බ විදියමයි. වෙනසකට තිබ්බේ කාමරයේ හිස් බව පමණයි.. හරියට කාමරයේ අයිතිකාරයා වගේ.

සවීර් එයාගේ පරන මතකයන් අල්ලමින් කාමරය පුරා ඇවිද්දා.. බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබ්බ indoor plants වේලිලා කරකුට්ටන් වෙලා. ඒවා දකිද්දි සවීර්ට දුක හිතුනා. සවීර් ගොඩක් ආදරෙන් මේ පැල පොඩිත්තන්ව බලාගත්තේ..

"ඔයාලත් මං වගේ... "

වේලුණ දඩු අතගාමින් සවීර් කියද්දි එයාට ඇහුණා දොරක් ඇරෙන සද්දය. ඒ සද්දෙ අදුනගන්න සවීර්ට මහා වෙලාවක් ගියේ නෑ.. ඉස්සර සවීර් උදේට අවදි වෙන්නේ මේ සද්දයට..

සවීර්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.. ගැඹුරු නිශ්ශබ්දයක් පිරිච්චි මේ ගේ අස්සේ සවීර්ගේ හදවත ගැහෙන නාදයට සවීර් සවන් දුන්නා.. එළියෙ පොද වැස්සක් එක්ක සීතල සුළඟක් හමාගෙන ගියත් සවීර්ගේ ගෙල දිගේ දහඩිය ගලන් ගියා..

"නෑ... එයා නෙවෙයි... "

සවීර් තමන්ටම කියාගන්නාතර හෙමින් හෙමින් ජනෙල් ළඟට ඇවිදන් ගියා. සවීර්ට දැනුනේ කල්පයක් පුරාවට ඇවිදිනවා වගේ. අන්තිමට සවීර් බිත්තිය අයිනෙ හැංඟිලා ජනෙල් තීරය මතින් දබරගිල්ල තියාගත්තා. සවීර්ට දැනෙනවා එයාගේ අත ගැහෙනවා.

හෙමින් සැරේ ජනෙල් තීරයේ බිත්තිය අයිනෙ වාටිය ඇඟිල්ලෙන් එහාට කලා. අවුරුදු හතරකට පස්සේ සවීර් ඒ මූණ දැකගත්තා.. පොද වැස්සෙ බැල්කනියෙ හිටගෙන ඉන්න ෂේද් දිහා සවීර් තත්පර ගානක් බලා ඉදියා.

ඒත් එක්කම සවීර්ට අඩ අදුර, රාගික කෙදිරිලි, දැඩි හුස්ම පිටකිරිලි ඇස් පනාපිට මැවි මැවි පේන්න ගත්තා.

සවීර් ජනෙල් තිරෙන් ඈත්වෙලා එහෙම්මම බිමට ඇද වැටුනා. කවදාකවත් නැතිව අවුරුදු දෙකකට පස්සෙ සවීර් ඉකිගගහා අඩන්න පටන් ගත්තා..

"මං ඔයාට වෛර කරනා ෂේද්.... මං ඔයාට වෛර කරනවා... "

පපුවෙ වම් පැත්තෙන් හීන් රිදුමක් ඇදී එද්දි දකුනු අතින් පපුවට ගහන ගමන් සවීර් කොදුරමින් ඉකි ගැහුවා.

ටික වෙලාවකින් සවීර් එහෙම්මම නැඟිටලා පහලට ඇවිදන් ගිහින් කලින් නිදාගත්ත ටයිල් පොලවෙම වකුටු වුනේ රිදුම් දෙන හදවතට හෙමින් සීරුවේ තට්ටු දමමින්..

"දැන්නම් ඉවසගන්න හරිම අමාරුයි නේද..?"

සවීර් ඇහුවේ එයාගෙම හදවතින්...

🍷

My Dear,

I am tired of my situation,
I am tired of everything,
I am tired of life itself,
I just wanna sleep....
I Wanna sleep
and
never wake up.

-Saveer-
🖤

මට ඔයාලට නවිදු අයියව පෙන්නන්න ඕනි වුනා..කතාව පුරවටම නවිදු විදියට මගේ හිතේ මැවිලා තිබ්බෙ මෙයාව. මුලදි කවුද කියලා හිතාගන්න බැරි වුනත් පස්සෙ මට මතක් වුනා සුදු මහත්තයව 🖤

කතාව පුරාවටම අතීත මතකයන් ලියවෙනවා ඒවගේ තැන් වලදි මේ ~ සලකුණු මැද italic අකුරෙන් ලියන්නම් එ මතකයන් මේ වගේ ,

~සවීර් ආපහු සැරයක් කොදුරද්දී ෂේද් සවීර් දිහා බලාගෙන ඉදියේ ගොඩක් අසරණ බැල්මකින්.. ඇත්තටම ෂේද්ට තේරුනේ නෑ සවීර් කියපු දේ.. ඒත් සවීර්ගේ හඬේ ගැබ් වෙලා තියෙන ඒ හැඟීම් අනුව ෂේද්ට දැනුණා සවීර් දෙයක් ඉල්ලන බව.~ ...

සවීර් දේව්ත් කියන්නෙත් ෂේද්ටමයි. සවීර් ආදරෙ කරන කාලෙදි ෂේද්ට කතාකලේ දේව්ත් කියලා.

ඒ වගේම මගෙ කතාව කියවන ඔයාලා ඔක්කෝටම ගොඩක් ස්තූතියි.. ආදරෙයි ගොඩක්ම ගොඩක්.. මම හැමදාම දිග කොටසක් දෙන්න උපරිම උත්සහ කරනවා..ආදරෙයි 🖤

හරිම ලැජ්ජා හිතෙන දෙයක් වුනා. මගෙ ඉන්දියන් යාලුවගෙන් මෙන්න මේක අහන්න ගිහිල්ලා *මට ඔයාව මගේ කරගන්න ඕනි* මං එයාගෙන් ඇහුවෙ I want you to be mine කියලා. එයා නිදිමතේමද කොහෙද yes baby කිව්වා. පිස්සු කොල්ලෙක් 😇

ඒ වගේම මම මේ කතාව ලියන පුරාවටම එකම එක හින්දි සිංදුවක් අහනවා.. මට දැනෙන්නෙ මම breakup වෙලා වගේ.. ඒක මාරම හැඟීමක්.. මේකට සමවැදිලා ලියද්දි සවීර්ගෙ වේදනාව මටත් දැනුනා..

Tum hi aana 👇 ඔයාලා දැනටමත් අහලා ඇති ඒත් දිගටම අහන්න.. ඔරිජිනල් වොයිස් එකෙන්ම අහන්න..

Continue Reading

You'll Also Like

799K 16K 112
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...
34.1K 528 51
What the title said. You are a Worker Drone BTW Slow Updates because My motivation is dying.
16.9K 2.4K 20
දන්නවද ආර්ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමිය- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක්...
34.8K 1.6K 20
It's going to be a random oneshots book with BTS as your brothers.I will mention their age and profession seperately in each chapter.