❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞

By Park_Jeyu

6.3K 672 1.2K

" උඹ මොකද්ද දැන් කියන්නෙ ආආ හොඳම යාළුවා වෙච්ච නිසාද උඹ මට මෙහෙම කරන්නෙ ?? " " මේ අහපන් බන්, ප්ලීස් මාව පොඩ... More

හඳුන්වාදීම
01 කොටස
02 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස

03 කොටස

297 46 108
By Park_Jeyu

" හේයි මිහීඊඊ, ලිතූ ආවෙ නැද්ද ? "

" ආආහ් මොකක්හරි ඇහුවද "

මන් හද හද හිටපු ගානත් නවත්තලා උඩ බැලුවෙ කන ගාවින් කූඌඌන් ගාන මදුරුවගෙ ගෑනු සතා කවුද බලම්න. පොඩ්ඩක් ඉම්න. මදුරුවගෙ ගෑනි කවුත සිරාවටම. මදුරු ධේනුවද මැදිරිද මැදිරිච්චිද වටෙවර්!! මදුරුවගෙ ගෑනි මොකී උනාම මට මොකද

මේ ඉන්නෙ ලිතිරුවගෙ ගෑනි. ගෑනි කියනවට වඩා ගෑනියෙක් කිව්වනම් තමා හරිහ්.

" ලිතූ අනේඒ කෝ එයා. මගෙ මැසේජස් වලට රිප්ලයි කරන්නෙත් නෑහ්. මොකද්ද වෙලා තියෙන්නෙ එයාට ? "

ඌට ඉතින් කී දෙනෙක්ට කියලා රිප්ලයි කරන්නද කියලත් කියන්න හිතිලා ආයි මොකටද කෙල්ල⁣න්ගෙ හිත් රිද්දන්නෙ කියලා හිතලා කට වහගත්තා.

" මොකුත් වෙලා නෑහ් හැබැයි. ඌ ඔය යස අගේට ඉන්නෙ "

මන් එහෙම කියලා දාලා ආයි ගාන හදන්න තමා හැදුවෙ. ඒත් ලිතිරුවගෙ මැදිරි ආයි කූන් ගාන්න ගත්තා.

" එහෙම නෙමෙයි අනේඒ. එයා කලින් වගේ නෙමෙයි. හී ඩස්න්ට් කෙයාර් අබවුට් මී. එයාට වෙන කවුරුහරි ඉන්නවද මිහී. ඉන්නවනම් ප්ලීස් මට කියන්න. මට බොරුවට හෝප්ස් තියාගන්න ඕන්නෑහ් "

එකක් කියලා ඉන්නවනම් බැරියෙ බන් ඉතිම්. මේ පගාගෙ වැඩ හින්දා හැමදාම අන්තිමට කෙල්ලන්ට උත්තර සපයන්න වෙන්නෙ මට. හොඳක් වෙන්නෙපා ඕකටඅ.

" එහෙම එකක් නෑහ් බන්. උඹට හිතෙන හැටි වෙන්නැති. "

"ඔයා නෑ කිව්වට මට ⁣තේරිලා තියෙන්නේ මිහී. එයා දැන් වෙනස් වෙලා. කලින් වගේ නෙමෙයි "

අනේඒඒහ් ගෑනියෙ පව් නොදී පලයන්කො. දැන් භන්සයා ආවම ගණන් ටික හදලා නෑ කියලා අනිවා කන්න වෙනවා අර වේවැලෙන්.

ලිතිරුවගෙ වෙලාවට උගෙ තාත්තගෙ කවුද නැතිවෙලාලු. ඒ නිසා මලගෙදර යන්නෝනි කියලා ඌ ගියා. නැත්තම් අපි දෙම්නට එකටම වේවැල් පාර කන්න තිබ්බා. සුදාත්තිහ් අයි මිස් යූහ්හ්

වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු
මෙහැම ඉපල් මගේ දෑතට නොපෑයුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතූ

සැම්ක් ඒ අස්සෙ සිම්දුත් මතක් වෙනවා. පමා නොවී ඇවිල්ලත් මේ බේසික ගෑනි හිම්දා ගනන් ටික හදාගන්න බැරිඋනොත් තමා හිතට දුක දෙයියනේහ්. මේහ් ගෑනු ඉස්සරහා වේවැලෙන් කනවා කියන්නෙ දරාගම්න බෑහ් මේහ් හිතටඅ.

ලිතිරුවයි මායි ඇවිල්ලා හෙන බ්‍රයිට් පොරවල් දෙකක් කියලා මේකෙ උන් හිතම් ඉන්නවා. ඇත්තම කතාව අපේ එහෙම ලොකු එකක් නෑහ්. පන්තියෙ පළවෙනි දහය අතරෙ ඉන්නවා. ඊටාආමතරව ඔය ක්ලාසස් වල පේපර්ස් එහෙම දුන්නම හයි මාර්ක්ස් අරම් තියේඒ.

ඔය වගේ හේතු හිම්දා භන්සයා ඒ කියන්නෙ අපේ ගනම් සර් අපිට හෙන ආතරෙයි. ලිතිරුවයි මායි මේ ක්ලාස් එකට එන්නෙ තුන වසරෙ ඉඳම්. ඒ දවස් වල සර් ශිෂ්‍යත්ව පන්ති කරා. දැන් ඉතින් එකොළහට ඇවිල්ලත් අපි මෙතනටම එනවා. හේතුව රත්නපුරේ වීරභන්ස සර්ට ගහන්න කෙනෙක් නෑහ් මැත්ස් වලට.

'ඔළුව හදන තැන'

එහෙම තමා පාර දිගට බෝර්ඩ්ස් ගහලා තියෙන්නේ. මාර්කටින්නම් මාර්කටින්. ගැම්මක් තමා සර්ත් ඉතිම්

අපි මැත්ස් ටික හදාගත්තෙම සර්ට පින්සිද්දවෙන්න. ඔක්කොමත් හරි අපි මොන මගුල තිබ්බත් සර් හදන් එන්න දෙන ගනන් ටික හදාගෙන එනවා. නැත්තම් අම්බානට කන්න වෙනවා කියලා දන්න හින්දා. වේවැලෙන් කෑවත් කමක්නෑහ් පස්සෙ චාටර් කරනේවමයි ඉවසන්න බැරිහ්

කොහොමහරි ඇත්තම කතාව මට ගනන් හදන්න දුන්නා කියලා අමතක වෙලා තිබ්බෙ ගංවතුරක් ගලලා සති දෙකක් ක්ලාස් තිබ්බෙ නැති නිම්සා. මට අමතක උනාට සර්ට අමතක වෙන්නෑහ්. ඔය මනුස්සයා ඕක කොලේක හරි ලියාගෙන එනවා.

මෙතන ඉන්න උන්ගෙන් සීයට අනූවක්ම අද කන්න බලන් ඉන්නෙ. කෙල්ලො තමා ඕවා පොත් වල එහෙම ලියන් ගිහින් දින දාලා බෝල කරලා රවුම් කරලා පාට කරලා හදාගෙන ඇවිත් සර්ට පෙන්නම්නෙ. එක දාගන්නනෙ ඉතිම්. මොනාද දන්නෑහ් මුන්ට ලැබෙන්නෙ. ඒ උනාට භන්සයගෙන් එක දාගන්නවා කියන එකත් අර කරන්න බැරි වැඩ ලිස්ට් එකට වැටෙන්නෝනි එකක්.

" මිහී ඔයා අහගෙනද ඉන්නෙ "

" ආආහ් ඔවොව් කියපන්කො. දැන් කොහොමත් මේක හදාගන්න වෙන්නෑහ් "

මම් වේවැලෙන් කන්න හිත හදාගත්තා. අපේ පෝලිමේම හිටපු උන් කරලා නෑහ්. එකට කන කොට වේවැල් පාරෙ උනත් වේදනාව අඩුවෙම්න පුළුවන්.

" මන් අහන්නෙ මිහී එයාට වෙන කවුරුහරි ඉන්නවද ? "

" ඔවොව් අයියෙක් ඉන්නවා ඌට "

" තවුසෙ එක්ක කතාකරලා වැඩක් නෑහ් "

මැදිරි ගස්සම් යන්න ගියා. ඇයි ඒහ් මම් වැරදි දෙයක්ත කිව්වෙ. නෑනෙ නේත ? පව් මොනාඋනත් මේ කෙල්ලො. අරූ නිසා සෑහෙන්න විඳවනවා.

භන්සයා ඇවිත් පාඩුවෙ උගන්නම් ගියා. මාත් දෙයියන්ට කිය කිය හිටියෙහ් බලන්නෙපා බලන්නෙපා අද බලන්නෙපා මතක්වෙන්නෙපා මතක්වෙන්නෙපා අද මතක්වෙන්නෙපා කියලා.

හැමදෙයක්ම හොඳින් සිද්දවෙයි කියලා මම් හිතන් හිටියා.

කොහෙත අන්තිමට ඉවරවෙන්න පැයක් තියෙද්දි මොකෙක්හරි තිම්‍රිසන් බල්ලෙක් හරි බැල්ලියක් හරි චිට් එකක් එවලා තිබ්බා සෑර් ගෙදර වැඩ බලන්නැද්ද කියලා.

ඊටපස්සෙ ඉතිම් භන්සයා කුලප්පු වෙලා ගනම් ටික බලනකොට පන්තියෙන්ම තුන්දෙනයි ගනන් ටික හදලා තියෙන්නේ. ඕකෙන් මේකෙන් උනේ භන්සයා තව කුලප්පු වෙච්ච එක සැම්ක්.

කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි. ⁣මුන් තුන්දෙනාගෙන් එකෙක් තමා චිට් එක යවන්න ඇත්තෙත්. කුහක හැත්ත. ලිතිරුවගෙ මැදිරිත් ගනන් ටික හදලා තිබ්බා. මට සීයට අනූනමයයි දශම නමයයි නමයක සැකයක් තිබ්බා චිට් එක යැව්වෙ ඔය බේසිකී කියලා.

ළමයි සීයකට විතර ගහන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෑහ් කියලා දම්න සර් අපිට ගැහුවෙ නෑහ්. ඒ උනාට ගැහුවනම් එකක් කියලා හිතෙන තරමට නොබැන බැන්නා අපිට. ඒවා තමා අහන් ඉන්න අමාරු.

ක්ලාස් එක ඉවරවෙලා මන් බලන් හිටියෙ අපේ ඩ්‍රයිවර් අන්කලයා එනකම්. ආනන්ද අම්කල්ල්. මන් හොර ගමන් යන්නෙ අන්කල් එක්ක එකතුවෙලා තමා. ඒවා පස්සෙ අපෙ පියානෝ දැනගන්න එක වෙනම කතාවක්. එතකොට වැඩක්නෑහ් ගමන ගිහිම් ඉවරයිනෙ එතකොට.

" අඩෝ මිහින්සයා "

මන් හැරිලා බලද්දි කල්හාරයා හිටියෙ. අපේ මොනිටරේඒ.

" ඕ කියපන් බන් "

" මේහ් අර සෙනී මේක උඹට දෙන්න කිව්වා

මට පරක්කු වෙනවා මන් යනවාආආ පරිස්සමින් පලයන් හරිද "

මන් මොකුත් කියන්නත් කලින් ඌ මගෙ අතිම් කොලයක් තියලා දුවන් ගියා. කවුත යකෝ සෙනී. මොකී උනත් මොනිටරයා අතේ ලියුම් එවන එක හරිත මම් අහන්නෙ. පොඩ්ඩක් හම්බෙලා කතාකරන්න තිබ්බනෙ සෙනීඊහ් අපිටඅ

මම් පොඩ්ඩක් හැරිලා බැලුවෙ වටේ පිටේ සෙනීද මොකීද එකී පේන්න ඉන්නවද බලන්න. අත්දැකීම් වල හැටියට ඔහොම ලියුමක් වගේ එකක් හම්බුනාම අනිවා ඒක එවපු එකී වටේ පිටේ පේන මානෙක ඉන්න තියෙන ඉඩකඩ වැඩී.

හම්මට මැදිරි ගාව කෙල්ලෙක් ඇඹරෙනවා ඇඹරිල්ලක් සිරාවටම අසහනේ වැඩිවෙලා වගේඒ.

ඇඹරෙන හැටියට මේකි තමා සෙනී. හෙනයක්ද දම්නෙත් නෑහ් දෙයියනේහ්

මන් බැලුවම කෙල්ල දත් තිස්දෙකම පෙන්නලා මාත් එක්ක හිනා උනා.

මම් ඒකි දිහා බලාගෙනම අරූ දීලා ගිය කොලේ දිගෑරියෙ මොකද්ද තියෙන්නේ කියලා බලාගන්න.

හම්මට. ඔයයි මමයි හාර්ට් එකකුත් ඇඳලා අන්තිමට. අකුරු කියවන්න වෙන එකෙක් ගේන්නෝනි. සැම්ක්

කොලේ පිටිපස්සෙ නම්බර් එකක් ලියලා යටිම් සෙනීඊඊහ් කියලත් ලියලා තිබ්බා.

දැම් මන් මේකට කෝල් කරන්නෝනිත ? මැසේජ් එකක් දාන්නෝනිත ?

පිස්සුත නම්ගි. නම්බර්ස් හම්බෙන විදිහට කෝල් කරානම් අද මාත් ලිතිරුවා වගේ අන්තඃපුරයක් දාගෙන.

මන් ඒකිට පේන්නම කොලේ ගුලි කරලා එතන තිබ්බ ඩස්බින් එකට දැම්මෙ කෙල්ලගෙ මූන අඳුරු වෙලා යද්දි.

මොනාකරන්නත ඒයි. Im not interested in gurlss!












______________________________


මිහින්ස පුතා ආස නෑහ්ලු ගෑල්ලමයින්ට 😪

මම් හෑෂ් හෑෂ් දාම්නැතුව අමු කුනුහරප දානෙක හරි නෑ වගේත ළමයි


එකම වචනෙ සිය පාරක් විතර කියලා කියලා පුරුදු උනාම ඒක කුනුහරපයක් කියලා හිතෙම්නෑහ්. කටිම් කියන්න යන්නෙපා හිතිම් කියන්න හරිතඅ

කටිම් කියන්න ගිහිම් ගෙවල් වලින් එලවයි ඔය ළමයිව🤌


Continue Reading

You'll Also Like

38.8K 5.1K 50
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
17.1K 3.7K 23
"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උ...
779K 15.6K 111
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...
24.9K 2.9K 47
""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර ව...