ආයිමත් දවසක .

By LasaluNethmin

43.9K 7.4K 1.1K

මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම... More

ආයිමත් දවසක...01
ආයිමත් දවසක ....02
ආයිමත් දවසක 03
ආයිමත් දවසක..04
ආයිමත් දවසක 05
ආයිමත් දවසක...06
ආයිමත් දවසක..07
ආයිමත් දවසක...08
ආයිමත් දවසක 09
ආයිමත් දවසක...10
ආයිමත් දවසක..11
ආයිමත් දවසක 12
ආයිමත් දවසක...13
ආයිමත් දවසක...14
ආයිමත් දවසක...15
ආයිමත් දවසක...16
ආයිමත් දවසක...17
ආයිමත් දවසක...18
ආයිමත් දවසක....19
ආයිමත් දවසක....20
ආයිමත් දවසක...21
ආයිමත් දවසක...22
ආයිමත් දවසක....23
ආයිමත් දවසක....24
ආයිමත් දවසක...25
ආයිමත් දවසක...26
ආයිමත් දවසක....27
ආයිමත් දවසක...28
ආයිමත් දවසක 29
ආයිමත් දවසක....30
ආයිමත් දවසක...31
ආයිමත් දවසක....32
ආයිමත් දවසක ...33
ආයිමත් දවසක....34
ආයිමත් දවසක...35
ආයිමත් දවසක....36
ආයිමත් දවසක...37
ආයිමත් දවසක...38
ආයිමත් දවසක...39
ආයිමත් දවසක...40
ආයිමත් දවසක...41
ආයිමත් දවසක 42
ආයිමත් දවසක...43
ආයිමත් දවසක...44
ආයිමත් දවසක...46
ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

ආයිමත් දවසක...45

661 117 20
By LasaluNethmin

ආයිමත් දවසක....45

යශිර ගාල්ලට යනකම්ම පාර දිගට මුහුද ලස්සන්ට පේන තැන් වල නතර වෙන ගමන් තමා ගියෙ...ඒ හැම තැනකදිම යශිර කල්පනා කරේ ජීවිතේ කොයි තරම් නම් කලබගෑනි ගොඩකට මූන දෙන්න එයාට සිද්ද් උනාද කියලා ඔක්කොටම වඩා එදා අනුරාධපුරයෙ තට්ට තනියම ජීවත් උන එයා අද කොයි වගේ තැනක නතර වෙලා ඉන්නවද කියන එක..
මේ හැම දේම යශිරගෙ හිතේ ආයිම ආයිම ඇදෙද්දි එයා ගාල්ලෙ කිව්ව තැනට ඇවිල්ල තිබ්බා..
හොටෙල් එකේ පාර්ක් එකට දාල බයික් එක නතර කරපු ගමන් යශිරට මුලින්ම හිතුන දේ තමා කවී කිව්වෙ ඇත්ත කියලා ඒ හොටෙල් එක මාරම ලස්ස්නට හදලා තිබ්බා..මුහුද ලග හදනවා වෙනුවට මුහුද මායිමෙන් ටිකක් ඇතුලට වෙන්න  ගගක් අයිනට වෙන්න හදල තිබ්බ නිසා කොල පාටින් වැහිලා ගිය ලස්ස්සන පරිස්සරයක් තමා හොටෙල් එකේ තිබ්බෙ ඔක්කොටම වඩා හොටෙල් එක ඩිසයින් කරපු කෙනා පරිසරයට හරිම අඩු හානියක් වෙන්න හොටෙල් එක හදල තිබ්බ නිසා ඒ ලස්සන තවත් වැඩි වෙලා තියනව කියල යශිරට දැනුනා...

යශිර එයාගෙ බෑක් එකත් කරෙන් ගලවල එක අතකට ගන්න ගමන් හොටෙල් එකේ ලස්ස්න විද විද ෆ්‍රන්ට් ඩෙස්ක් එකලගට ගිහිල්ල  එතන ඉදපු කෙනා එක්ක කතා කරන්න ගත්තා..

"යශිර කියන නමට රූම් එකක් රිසවේශන් කරලා තියනව නේද..."

"ආහ් ඔව් සර්...සර් නේද..... යමු මන් රූම් එක පෙන්නනම්...."
.................................

යශිර  රූම් එකට ගිහිල්ල  මුලින්ම කරේ කාබරේ ලොකු ජනේල වහල දාල ටිබ්බ කර්ටින් ටික ඇරල දාන එක.. ඊට පස්සෙ එහෙමම ගිහිල්ල බාත් රූම් එකට වෙලා එයා හොදට නාගෙන තමයි ආයි ඇවිල්ල වාඩි උනේ...

නාගෙන තෙත කොන්ඩෙ තව ටවල්.එකකිම් පිහිදාපු යශිරට ඕන කරේ කිසිම දෙයක් හිතන්නෙ නැතුව ඔහේ මේ වටපිටාවෙ තියන ලස්ස්න විදින්න.. ඒත් ඒ හැම මොහොතකම  බිනර වගේම චලනගෙ මතකයන් එයාගෙ පපුව ගැහෙන වේගෙ වෙනස් කරද්දි එයා ලොකු හුස්මක් හෙලලා ඇදට උඩ දිගා වෙන ගමන් කොට්ටයකට මූන හිර කරගෙන කෑ ගැහුවෙ දැනෙන හැගීම් වලට කරගන්න දෙයක් නැතුව අසරන වෙද්දි...

.....................................................................

ඇදට වෙලා ඔහේ කල්පනා කර කර ඉදපු යශිරට පස්සෙ තමා මතක් උනේ  කවීට එයා ආව කියල කෝල් කරන්න බැරි උනා කියලා ඒත් එක්කම එයා දඩ බඩ ගාලා ඇදෙන් නැගිටලා ෆෝන් එක අතට අරගෙන කවීගෙ නම්බර් එක ඩයල් කරන ගමන් කර්ටින් ඇරලා තිබ්බ ජනේලයක් ලගට ගියෙ ෆෝන් එක කනේ තියාගන්න ගමන්...

එයාගෙ ඉස්සරහින්  ගලාගෙන යන ගග දිහා බලාගෙනම යශිර ෆෝන් එක කනේ තියන් ඉදියෙ කොයි වෙලේ කවී කෝල් එක ආන්සර් කරයිද  කියලා හිත හිත...

"හලෝ...කවුද මේ.."

කවීගෙ  කටහඩ වෙනුවට සහස්ගෙ කට හඩ ෆෝන් එකෙන් ඇහෙද්දි යශිර ගැස්සිලා ගියත් යශිර ඒක එච්චර එලියට පේන්න නොදී කතා කරා...

" කවී ඉන්නවද...."

"ම්ම්ම්.. කවීනම් බාත් රූම් එකේ කවුද මේ..."

"ආහ්.. හරි මන් පස්සෙ ගන්නම්...."

යශිර එහෙම කියලා  ෆෝන් එක කට් කරන්න හදද්දි සහස් හදිස්සියෙම කතා කරන්න ගත්තා..

" යශිර .... මේ ඔයා නේද...."

යශිරගෙ කටහස සහස් අදුරගෙන  කතා  කරද්දි යශිරට හිතුනා තවත් සහස්ගෙන් හැංගෙන්න ඕනි නෑ කියලා...

" යශ්...කතා කරනවකො.. මන් දන්නව ඔයා කියලා මේ..."

"කියන්න සහස්...."

"කොහෙද ලමයො ඉන්නෙ මෙහෙ මිනිස්සු හොදටම බය වෙලා අනික චලන අයිය කොයි තරම් නම් අවුලෙන්ද දන්නවද ඉන්නෙ... කොහෙද ඉන්නෙ ඔයා..."

"මන් කොලබ නෙවෙයි ඉන්නෙ සහස්..."

"එහෙනම්... කොහෙද ඉන්නෙ..."

"ම්ම්.. දුරක...මට ටිකක් පාඩුවෙ ඉන්න ඕනි බන් ඒකයි ආවෙ... බයවෙන්න එපා.කියන්න අයියට මන් පරිස්සමෙන් ..."

"ඇයි බන් මේ මොකද උනේ..."

" උබ දේ ඔයා දන්නවනෙ සහස්..."

"හරි ඒත් ඇයි උබ මෙහෙම කාටවත් නොකියා යන්න ගියෙ..."

"මට ටිකක් තනිවෙන්න ඕනි උනා බන්.. මට කල්පනා කරන්න ඕනි ..."

"ඉතින්...."

"සහස්..කෝ මට දෙන්න ෆෝන් එක..."

සහස්ගෙ කට හඩත් එක්කම කවීගෙ කට හඩ ඇහෙද්දි එයා කන් දීගෙන ඉදියෙ මොනා වෙනවද කියලා...

" කවී....

කෝ මට ෆෝන් එක දෙන්න බබා....
මන් ඔයාට විස්තර කියන්නම්.
කෝ හොද ලමය වගේ ෆෝන් එක දෙන්න..."

කවීගෙ කට හඩ ලයින් එකෙන් ඇහෙද්දි යශිර ඒකට කන් දීගෙනම ඉදියා..

"යශියා...."

"ආහ්... මන් ආව බන් පරිස්සමෙන් ..."

"එල.. උබ හොදින් නේද..."

"ඔව් බන්... මන් හොදින්..."

"තැන හොදයි නේද..."

"ඔව් ලස්සනයි... නිස්කලන්කයි...."

"හරි ... එහෙනම්.. උබ රෙස්ට් කරපන්..."

"කවී සහස්...."

"මන් මේ මැට්ටව බලා ගන්නම්.උබ හිතන්න එපා....පරිස්සමෙන් ඉදපන් බුදු සරනයි බන්..."

"බුදු සරනයි බන්..."

.......................................................................

යශිර කවී එක්ක කෝල් එක ඉවර කරලා ආයිමත් ඇදට ඇවිල්ල.ඇදේ තිබ්බ කොට්ටයකය තුරුල් වෙලා ඇදට වැටිලා ඇස් පියා ගත්තෙ නිදාගෙන ඇහැරෙද්දි මේ හැම දේම විසදිලා තියනවනම්.කියලා හිතන ගමන්...

.....................................................................

යශිර ගාල්ලෙ ඇවිල්ල.පලවෙනි දවසෙම.කරේ නිදා ගන්න එක.. අඩුම ගානෙ කෑම කන්න වත් එලියට එයා ආවෙ නෑ...
දෙවනි දවසෙත් එහෙමම ඉදලා දෙකහමාරට විතර එක පාරටන හිතට ආපු හැගීමක්.නිසා එයා ඇදුමක් දාගෙන දොරත් ලොක්.කරගෙන කාබරෙන් එලියට ආවෙ බයික් එකේ හෙල්මට් එකත් අරගෙනමයි..

යශිර ගිහිල්ල නතර උනේ ගාලු කොටුවෙ...
මීට කලින් දෙතුන් පාරකට වැඩිය ඇවිල්ල නැති ගාලු  කොටුවෙ යශිර මඇවිදින්න ගත්ත...

යශිර හවස් වෙනකම්ම එහෙ මෙහෙ ඇවිද්දා..
ගාලු කොටුවෙ තියන ඒ පාරවල් වලින් යශිරට දැනුන ඒ අතීතයේ ජීවත් වෙනව වගේ හැගීම හවස් වෙනකොට තවත් ටිකෙන් ටික වැඩි වෙද්දි යශිර මුහුද පේන ගාලු කොටුවෙ බැම්ම පැත්තකට ගිහිල්ල මුහුද දිහා බලාගෙනම බිම වාඩි උනේ  ජීව්තේ එයාගෙ හිත වැඩිපුරම  සුවපත් කරපු මහ මුහුද දිහා බලාගෙනමයි...

ටිකෙන් ටික සෙනග ඉදපු ගාලු කොටුවෙ සෙනග අඩුවෙද්දි යශිට බැහැගෙන යන ඉර දිහා ආසාවෙන් බලන් ඉදියා..
ටිකකින් එයාට හිතට දැනුන හැගීමක් නිසා එයා එක පැත්තක් බලද්දි එයා දැක්කෙ එයා ඉදපු හරියෙම එයාට පොඩ්ඩක්.ඈතට වෙන්න වාඩි වෙලා ඉදපු තරුන පිරිමි ලමයි දෙන්නෙක්ව...
අවුරුදු 18 විතර පෙනුමක් තමයි දෙන්නටම තිබ්බෙ.. ඒ දෙන්නම කඩෙන් අරගෙන ආපු අයිස් කෝන් දෙකක් කන ගමන්  මුහුද දිහා බලාගෙන ඉදියෙ වටපිටේ තියන ලෝකයම ගැන කිසිම ගානක් නෑ වගේ...
යශිර ඒ පිරිමි ලමයි දෙන්න දිහා බලා ආයිමත් එයා එක්කම හිනා වෙන ගමන් මුහුද දිහා බලන්න ගත්තෙ ආයිමත් බිනරගෙ මතකයන් එයගෙ හිතේ හොල්මන් කරද්දො...  බිනරගෙ මතකයන් එක්කම චලනගෙ හිනාව යශිරගෙ ඇස් ඉස්සරහ ඇදෙද්දි යශිර ලොකු හුස්මක් අරගෙන ඒ මතකයන් හිතේ කොනාට ගොඩ ගහලා දැන්මා...

තවත් ටිකක් කරුවල වැටීගෙන එද්දි යශිරට අහම්බෙන් වගේ කලින් අර පිරිමි ලමයි දෙන්න ඉදපු පැත්ත බැලුනා .. ඒතකොට එයා දක්කෙ එක පිරිමි ලමෙක් අනික් පිරිමි ලමයගෙ උරහිස්සකට ඔලුව හේත්තු කරන් ඉන්නව වගේ.....

ආයිමත් ඒ දිහා බලන්න යශිරට ඕනිඋනත් එයා ඒ පැත්තෙන් ඇස් අහකට ගත්තෙ කරුවල අතරින් ඒ පිරිමි ලමයි දෙන්න හොයන ඒ නිදහස එයාලගෙන් උදුර ගන්න යශිරට හිත දුන්නෙ නැති නිසා...

යශිර ආයිමත් ටිකක් වෙලා එහෙම ඉදලා එතනින් නැගිටලා ආවෙ තවත් කරුවල උනොත් ආයිමත් හොටෙල් එකට යන්න පාර හොයාගන්න බෑ වගෙ කියලා හිතුන නිසා..

යශිර නැගිටලා එන්න හදද්දිම වගේ අර වාඩි වෙලා ඉදපු පිරිමි ලමයි දෙන්නත් නැගිටලා එයාගෙ පැත්තටා අවෙ යශිරව පාස් කරන් යන්න වගේ.. ගාලු කොටුවෙ තිබ්බ යාන්තම් එලියෙන් යශිර දැක්කා අර පිරිමි ලමයි දෙන්න අතින අල්ලගෙන ඉන්නව ඒත් යශිරටව දැක්ක ගමන් දෙන්න අත් දෙක ඇදල අරගෙන ටිකක් ඈත් වෙද්දි යශිරට පොඩි හිනාවක් එක්ක පොඩි දුකකුත් දැනුනෙ සමාජයේ තියන  තහන්චිත් එක්ක මේ වගේ අහිංසක ආදර වන්තයො කීයක් දුක් විදිනවද කියලා හිතෙද්දි..

...........................................................................

යශිර ආයි හොටෙල් එකට යද්දි ටිකක් පොඩි පොදයක් වැටෙන්න පටන් අරන් තිබ්බා ඒක නිසා එයා බයික් එකේ වේගෙ ටිකක් වැඩි කරේ එලියෙන් මොනව හරි කාල යනව කියල එකත් අමතක කරන ගමන්....

හිතුව වගේම යශිර හොටෙල් එකට යද්දි ටිකක් තදින් වහින්න ගත්තා.. පොඩි බඩගින්නද දැනුන නිසා යශිර බයික් එක දාල හෙල්මට් එකත් අරගෙන හොටෙල් එකේ ඩයිනින් ඒරියා එකට ගියෙ මොනාහරි කන්න හිතන්..

.......................................................................

කාල ආයි රූම් එකට යද්දි වැස්ස මහ හයියෙන් වැටෙන්න ගත්තේ මෙච්චර වතුර ගොඩක් කොහේ තිබිල වහිනවද කියන ප්‍රශ්නය යශිරගෙ හිතේ හොල්මන් කරවන ගමන්..

හීතල වතුරෙන් නානව වෙනුවට යශිර උනු වතුරෙන් රස්නෙ පිට නාලා කොන්ඩෙත් වේලගෙනම ටවල් එක පිටින් කාබරේට ඇවිල්ල එයා ගෙනාපු බෑක් එක ඇදලා බැලුවෙ කලිසමක් හොයාගන්න කලිසමක් හොයාගෙන ඉවර වෙද්දිම වගේ යශිරට බෑක් එකේ ඇතුලෙ තිබ්බ විශාල් දීල ගිය මුද්ද තිබ්බ බොක්ස් එකත් හම්බු වෙද්දි තමා එයාට මතක් උනේ එදා එද්දි ඒතක් එයා අරන් ආවනෙ කියලා..
මුද්ද තිබ්බා බොක්ස් එක ඇද උඩට විසික් කරලා කලිසම ඇදගත්ත යශිර ටී ශර්ට් එකකුත් ඇදගත්තෙ නාද්දි දැනුන උනුහුම දැන් හීතලකට පෙරලිලා තිබ්බ නිසා
ටී ශර්ට් එකක් දාගෙන කාබරේ දොරත් ලොක් කරලා ජනේලෙ තිබ්බ කර්ටින් එක ටිකක්  ඇරලා වැටෙන වැස්ස පේන විදිහට හදපු  යශිර ඇදට වැටිලා මුද්ද තිබ්බ බොක්ස් එක අතට අරගෙන ඇදේ ඇතුරිල්ල යටට රිංගුවෙ මෙච්චර වෙලා වැහැපු වැස්ස දැන් අකුනු ගහ ගහ වහින්න පටන් අරන් තියනව බලන ගමන්...

ඇදේ හොද සුව පහසුවට ඇලවුන යශිර අතේ තිබ්බ මුද්ද තියන බොක්ස් එක ඇරලා බැලුවෙ එදා විශාල් මේක දීල ගියාට පස්සෙ අද තමයි මේක ආයි ඇරලා බැලුවෙ කියලා මතක කරන ගමන්...

බොක්ස් එක ඇරලා ඒකෙ ඇතුලෙ තිබ්බ මුද්ද අතට ගත්තු යශිර  හිස් බොක්ඩ් එක පැත්තකට දාල මුද්ද දිහා ටිකක් බලන් ඉදලා ඒක වම් අතේ  වෙදැගිල්ලට දාගත්තෙ මේක මට ඇති වෙයිදෝ කියලා හිත හිත..
කිසිම අමාරුවා නැතුව පහසුවෙන් මුද්ද එයාට දාගන්න පුලුවන් වෙද්දි යශිරගෙ හිත කිව්වෙ විශාල් කොහොම එයාගෙ සයිස් එකටම හරියන්න මුද්ද හැදෙව්වද කියලා...

මුද්ද දිහා ටිකක් බලන් ඉදපු යශිර එක පැත්තටකට් හැරිලා කාබරේ ලයිට් ඕෆ් කරල දාල අයිමත් ඇදේ රෙදි යටට ගුලි උනේ හිතේ තවමත් හිරවෙලා තියන විසදුමක්.නැති ප්‍රශ්න ගැන හිත හිත...

අහසෙ අකුනු ගහ ගහ් වහිද්දි යශිරගෙ මතකයන් බිනරගෙනුයි චලනගෙයි මතකයන් එක්ක  දෝලනය වෙන්න ගත්තා.. ඒත් එක්ක  යශිරට තද නිදි මතක් දැනෙද්දි එයා මතකයන් හිතේ කොනකට ගොඩ කරලා  දාලා ඇස් පියාගත්තෙ මතකයන් එක්ක හිර වෙලා ඉන්න තරමට හිතට දැනෙන නොසන්සුන් කම දරාගන්න බැරි වෙන කොට....

...........................................................................

" යශිර...යශිර.... නැගිටපන් කම්මැලියො.
අනේ ඇත්තටම හැදෙන්නෙ නෑ මේකනම්..."

ගොඩාක් හුරු පුරුදු කටහඩක් යශිරට ඇහෙද්දි යශිර අමාරුවෙන් ඇස් ඇරියෙ ඇස් දෙක නිලන්කාර කරන තරම් සුදු ආලෝකයක්  නෑවෙන ගමන්..

"අනූ...."

යශිරට හුරු පුරුදු කටහඩේ නම යශිර කිව්වෙ  මේක වෙන්නෙ කොහොමද කියලා හිතෙන් හිත හිත...

"ඇති යන්තම් නැකිට්ටා.. යකෝ මරල ගියත් දන්නෙ නෑ මේ ඉදාගන්න නිදා ගැනිල්ලට..."

අනූශිගෙ  නෝක්කාඩුවෙන් පිරින කටහඩ ඇහෙද්දි යශිර කරේ එක පාරටම ඉස්සරහට පැනලා  එයා ලග ඉන්න අනූශිව බදාගන්න එක...

" අනූ.. අනූ. මේ ඔයා නේද අනූ.. ඒත් .. ඒත් කොහොමද... ඔයා .. ඔයා..."

"ඔව් ඔව්.. මන් මැරිල තමා ..මගුලක් කියනව..."

අනූශි ටිකක් වෙලා යශිරව තුරුල් කරගෙන ඉදලා යශිරගෙන් ඈත් වෙලා කියද්දි යශිරගෙ ඇස් වලින් කදුලු ගලාගෙම යන්න පටන් ගත්තා...

"අනූ... ඔයා...."

"අඩන්න එපා මගෙ වදකාර මෝඩ මල්ලියෙ.. අඩනකොට තමුසෙ වස කැතයි...."

අනූශි යශිරගෙ ඇස් වල කදුලු පිහිදාන  ගමන් කියද්දි යශිර කරේ තවත් අඩන එක...

" ඒත් .... ඒත් කොහොමද...කොහොමද මේක වෙන්නෙ..."

"ම්ම්..මන් දන්නෙ නෑ.. ඇත්තටම කියනවනම් මට දැනගන්න ඕනිත් නෑ...."

"ඒත්...."

"අතීතය ගැන වදවෙන එක බොරි වැඩක්.කියලා ඔයාමයි හැමදාම කියන්නෙ යශ්... අනවශ්‍ය දේවල් හිතන එක නතර කරන්න අනික මෝඩයෙක් වගේ අඩන එක නතර කරලා හිනා වෙන්වකො ටිකක්..... "

අනූශි ඔරවගෙන කියද්දි යශිර අමාරුවෙන් ඇස් වලින් ගලන කදුලු පාලනය කරගෙන ඇස් පිහිදාල.දැන්මා...

"ම්ම්.."

"හොද කොල්ලා.. ඉතින්.. කියන්නකො දැන් මොකද වෙලා තියෙන්නෙ..ඇයි ඔයා දුකින් ඉන්නෙ...."

" මම... මම.. මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියනවා අනූ...."

" ඉතින් කියන්න මන් අහන් ඉන්නම්...."

අනූශි කියලා යශිරගෙ ඉස්සරහ ඉදන් හොදට  හරි බරි හැගිලා වාඩි වෙද්දි යශිර ලොකු හුස්මක් ගත්තෙ කතා කරන්න හිතන්...

" දන්නවද අනූ... ඉස්සර ඔයා මට හැමදාම.වද දෙනව නේද මට කෙල්ලෙක් නැද්ද කියල අහ අහ...."

"ම්ම්....ඔව් ඉතින් ..."

"මන් ඔයා අහන හැම දවසකම  ඔයාට දුන්න උත්තරය ඔයාට මතකද..."

"ඔව්..හැමදාම කිව්වෙ නෑ කියලනෙ..."

"ඔයාට නිකමට වත් ඒ ඇයි කියලා හිතුනෙ නැද්ද අනූ...."

"හිතුනා.."

"මොකද්ද ඔයා හිතුවෙ..."

"මගේ පොඩි එකාගෙ හිත කෙල්ලෙක්.ලග කවදාවත් නතර වෙන්නෙ නැති හිතක් කියලා.."
අනූශි කියද්දි යශිර ආයිමත් හිනා උනා...

" ඔයා දැනන් ඉදියද..."

"මන් ඔයාගෙ ටුවින් යශ්.. ඔයා කොහොමද ඒ තරම් ලොකු දෙයක් මගෙන් හංගන්නෙ..."

"එතකොට ඔයා දැනන් ඉදියද..."

"මොකද්ද..."

"මන් විශාල්ට ආදරේ කරා කියලා...."

"ම්ම්ම්..නෑ.....ඒකනම් මන් දැනන් ඉදියෙ නෑ..."

" විශාල් තමා මගෙ පලවෙනි ආදරේ අනූ...."
..................................................................

යශිර අනූශි එක්ක එක දිගටම කතා කරා එයාගෙ හිතේ අනූශිට කියන්න ඕනි කියලා හිතන් ඉදපු හැම දේම අකුරක් නෑර එයා අනූශි එක්ක කිව්වෙ ඒ කියන වචනයක් ගානෙ එයාගෙ හිත සැහැල්ලු වෙනව කුයලා දැනෙද්දි...

"දැන් එතකොට මගෙ වෙන්න හිටපු මස්සිනා උබට පිස්සෙවෙන් ආදර්වෙ කරනව... ඒත් එක්කම ඔයාගෙ බොසත් ඔයාට ආදරෙයි.. හොදම දේ බිනරයි චලනයි දෙන්නම හොද යාලුවො..."

අනූශි හෙන බැරෑරුම් පෙනුමක් මවාගෙන කියද්දි යශිර ඔලුව වැනුවා...

"ඉතින් දැන් ඔයා ඇයි ඕක.නිසා දුකින් ඉන්නෙ..."

"මන්.. මන් දන්නෙ නෑ අනූ මන් මොකක් කරන්නද කියලා..."

"ඔයා මොකද්ද කරන්න ඕනි කියලා හිතන්නෙ..."

"මන් ඒ දෙන්නගෙන් කෙනෙක්ව තෝර ගන්න ඕනිනේද.."
යශිර අනූශි දිහා බලන් ඇහුවා...

" දැන් කවුද ඔයාට එහෙම කරන්න කිව්වෙ..බිනර එහෙම කිව්වද..."

අනූශි අහද්දි යශිර නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා...

"එහෙනම් චලන..."

" එයාල.කිව්වෙ නෑ අනූ ඒත් මන් කොහොමද දෙන්නෙක්ට ආදරේ කරන්නෙ..."

"අමුතුවෙන් ඔයාට එහෙම කරන්න ඕනි නෑනෙ යශ්.. ඔයා දැනටමත් ඒ දෙන්නටම ආදරේ කරනවනෙ..."

"ඒත් මිනුස්සු මොනව කියයිද අනූ..."

"දැනටමත් මිනිස්සු කොයි තරම් දේවල්.කියනවද යශ්... කොල්ලො.දෙන්නෙක් ආදරේ කරන එකට ලෝකෙ කොයි තරම් ගරහනවද.. "
"ඒක තමා කියන්නෙ ..."

"එහෙම කියලා ඔයා ඒ දෙන්නව අතාරිනවද යශ්...නෑ මේක කියන්නකො මට.. ඔයාට ඒ දෙන්නව අතාරින්න පුලුවන්ද යශ්...."

"මට බෑ අනූ.. මට බෑ... මට අයියල දෙන්නවම ඕනි..."

"අන්න ඒකනෙ ඔයා ලග දැනටම ඔයා හොයන ප්‍රශ්නෙට අවශ්‍ය විසදුම් ටියනව යශ්..."
"ඒත්... අනූ...."

"එහෙනම් ඔයා එක්කෙනෙක් තෝර ගන්න..."

"එතකොට අනික් කෙනා... ඔයා දන්නවද අනූ මන් වෙනුවට විශාල්.ඔයාට ලන් වෙද්දි මන් කොයි තරම් විදෙව්වද කියලා... ඔය දෙන්නා සතුටින් ඉන්න්ව දකිද්දි මට කොයි තරම් රිදුනද කියලා.. මන් ඒ වේදනාව දන්නව අනූ.. මට බෑ අයියලට ඒ වේදනාව දෙන්න..."

"හරි.. එහෙනම් ඔයාට තියන අනික් විසදුම මොකද්ද...."

"ඒ දෙන්නවම මට ඕනි අනූ..."

"අන්න ඒකනේ..."

"ඒත් අනූ සමාජෙ මිනිස්සු.. ලොකූ.. අක්කා...එයාල මොනා කියයිද.."

"මේ අහන්න මගෙ පොඩි කොලුවෝ..  ආදරේ කියන දේට සීමා දාන්න බෑ කියන එක.මන් ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.. එහෙනම් ඇයි ඔයා හිතන්නෙ ආදරේ කරන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි කියලා... ආදරේ කියන්නෙ අමුතු දෙයක් යශ්.. ඒකට සීමා නෑ සීමා හදන්නත් එපා.. ඔයාට ආදරේ දැනෙන්නෙ කොතනද එතන නතර වෙන්න..."

අනූශි කියන ගමන් යශිරගෙ කම්බිලක් අත ගාද්දි යශිර ආයිමත් ලොකු හුස්මක් හෙලුවා...

"දැන් හොද ලමය වගේ හිනා වෙන්න.. ඔයා හොයන ප්‍රශ්නෙට උත්තරේ ඔයා ලගම තියනව යශ්.... හදවතට දැනෙන දේ කරන්න ජීවිතේ එක වතාවක් හරි... ඔයා ඔයාගෙ හදවතට අවන්කව ගන්න තීරනය ගන්න.. ඔයාම අහල බලන්න ඔයාගෙ හිතෙන් ඔයා කාටද ආදරේ කරන්නෙ කියලා...හරිද..."

"හරි....."

"ම්ම්. හොද ලමයා...මට දැන් යන්න වෙනවා හොදද... හැමදාම හිනා වෙලා ඉන්න ඕනි මන් බලන් ඉන්නව හොදද්...."

අනූශි යශිරගෙ කම්බුලක් අත ගාන ගමන් කියද්දි යශිර අනූශිගෙ අතක් තද කරලා අල්ල ගත්තා..

" අනේ කොහෙද ඔයා යන්නෙ මට තව කියන්න දේවල් ගොඩක් තියනවා.. අනූ... අනූ... අනේ ඔහොම ඉන්න අනූ.. අනූ...."

යශිර හයියෙන් කෑ ගහ ගහ ආලෝකය අතරෙ මැකිල යන අනූශි දිහාට දිව්වත් අනුශිගෙ රූපය ආලෝකය අතරෙ දිය වෙලා යද්දි යශිර තව වතාවක් කෑ ගහලා අනූශිට කතා කරා...

"අනූ......."

ඒත් එක්කා යශිර අවදි උනේ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දී...

එයාගෙ කාබරේ පුරා ඉර එලියෙන් ආලෝකමත් වෙලා තියෙද්දි යශිර උන දේවල් ගලප ගන්න ලොකු උත්සහයක් ගත්තෙ ඇස් වලින් තවම කදුලු වැටෙනව කියලා දැනෙද්දි..

ඒත් එක්කම.කාබරේ දොරට තදෙන් කවුරු හරි ගහපු නිසා යශිර ගැස්සිලා ගියා...

මතුසම්බන්දයි

Continue Reading

You'll Also Like

338K 26.8K 29
Mini Story Uni Life Style Sweet Romance
258K 29K 160
English Name: After Retiring from Marriage, I became the Favorite of a Powerful Minister Associated Names: 退婚后我成了权臣心尖宠 Chinese Author: Lan Bai Ge Ji ...
149K 15.3K 62
လှပကြော့ရှင်းသော ချစ်ခြင်းမေတ္တာသည် အမုန်းတရားမှ စတင်ပေါက်ဖွားလာခြင်းဖြစ်၏။ Own Creation by Moe(JE Rain)
1.8M 120K 73
# Scribe _ Aster_Rain # Start Date [ 5.1.2021] # End Date [ 26.5.2021] # Total Chapters _ [52 ]- Extra [15 ] Complete # Cv photo credit to orginal...