ආයිමත් දවසක...43

607 123 32
                                    

ආයිමත් දවසක....43



යශිර විසිරලා ගිය එයාගෙ හිත හදා ගන්න ලොකු උත්සහයක යෙදෙන ගමන් බයික් එක පාර දිගේ අරන් ගියත් එයාට ඇස් වලින් වැටෙන කදුලු නවත්තගන්න පුලුවන් උනේ නැ...
එයා ගොඩක්ම දුක් උනේ එයා ගන්න තීරනය නිසා එයාට කාගෙම හරි හිතක් රිද්දන්න වෙනව කියලා දැනුන නිසා..
එයා ඒ වේදනාව වින්ද කෙනෙක් විදිහට බිනරට වත් චලනට වත් ඒ වගේ වේදනාවක් විදින්න දෙන්න හිත හදාගනා එයාට පුලුවන් උනේ නෑ අනික එයා බිනරට වගේම චලනට ආදරේ කරන්න පටන් අරන් තිබ්බෙ එයාටත් මේ කරන්නෙ මොකද්ද කියන එක හිතාගන්න බැරි වෙන්නත් කලින් ඉදලා...

ඇස් වලින් ගලන කදුලු නිසා එයාට පාර අපහැදිලිව පේද්දි එයා පාර අයිනෙ බයිකෙක නවත්තලා හෙල්මට් එක අතරින් එයාගෙ ඇස් වල තිබ්බ  කදුලි පිහිදගෙන එයා කල්පනා කරේ දැන් මන් මොකද කරන්නෙ කියලා...එයාට ගෙදර යන්න   උවමනාවක් තිබ්බෙ අනික ගෙදර ගියොත් ලොකු අයිය යශිරගෙ මේ වෙනස් කම අනිවාර්යයෙන්ම තේරුම් ගන්නවා ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම යශිරට මේ හැම දෙයක්ම අයිය එක්ක කියන්න වෙනවා...

යශිර gay කියන එක අයියට පිලිගන්න ඇත්තටම කල් ගියා කියලා යශිර දන්නවා  ඒ අතරෙ යශිරට ලොකු අයියට මේ ගැනත් කියලා එයාගෙ හිත තවත් ප්‍රශ්න වල පටවන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ...

යශිරට ඕනි උනේ තනියම ඉන්න එයාගෙ හිත ටිකක් නිදහස් වෙනකම් වත් තනියම ඉන්න.. ඒත් කොහෙ යන්නද  මොකක් කරන්නද කියලා එයාට හිතාගන්න පුලුවන් උනේ නෑ...

අයියට ටිකකට කලින් කෝල් කරපු නිසා යශිර දැනන් ඉදියා තව ටිකක් වෙලා යනකම් අයියල ගෙදර එන්නෙ නෑ කියලා ඉතින් යශිර ආයිමත් බයික් එක ස්ටාට් කරලා  පාරට දැන්මෙ බයික් එකේ වේගෙ ටිකක් වැඩි කරන ගමන්...

..........................................................................

යශිර හිතුවා වගේම ගෙදරට එද්දි ගෙදර කවුරුත් ඉදියෙ නෑ ඉතින් යශිර අතේ තිබ්බ යතුරෙන් දොර ඇරගෙන ටක් ගාල ගෙට ඇවිල්ල එයාගෙ කාබරේට ගියා...

යශිර අල්මාරිය ඇරලා එයාගෙ අතට අහුවෙන ඇදුම් දෙක තුනක් එයාගෙ බෑග් එකට ඔබාගෙන වට පිට බැලුවේ මොනවද ආයි ගන්න තියෙන්නෙ කිය්ලා බලන්න.. ඒත් එක්කම එයාගෙ මේසෙ උඩ තිබ්බ විශාල් දීල ගිය මුද්ද තිබ්බ බොක්ස් එක එයාගෙ ඇස් වලට මයිම් වෙද්දි එයා ඒක අරගෙන සාක්කුවෙ දාගෙන ආයිමත් කාබරෙන් එලියට ආවෙ දැන්ම අයියලා එන්න එපා කියලා හිතෙන් හිතන ගමන්...

ආයිමත් දවසක .Où les histoires vivent. Découvrez maintenant