ආයිමත් දවසක .

By LasaluNethmin

44K 7.4K 1.1K

මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම... More

ආයිමත් දවසක...01
ආයිමත් දවසක ....02
ආයිමත් දවසක 03
ආයිමත් දවසක..04
ආයිමත් දවසක 05
ආයිමත් දවසක...06
ආයිමත් දවසක..07
ආයිමත් දවසක...08
ආයිමත් දවසක 09
ආයිමත් දවසක...10
ආයිමත් දවසක..11
ආයිමත් දවසක 12
ආයිමත් දවසක...13
ආයිමත් දවසක...14
ආයිමත් දවසක...15
ආයිමත් දවසක...16
ආයිමත් දවසක...17
ආයිමත් දවසක...18
ආයිමත් දවසක....19
ආයිමත් දවසක....20
ආයිමත් දවසක...21
ආයිමත් දවසක...22
ආයිමත් දවසක....23
ආයිමත් දවසක....24
ආයිමත් දවසක...25
ආයිමත් දවසක...26
ආයිමත් දවසක....27
ආයිමත් දවසක...28
ආයිමත් දවසක 29
ආයිමත් දවසක....30
ආයිමත් දවසක...31
ආයිමත් දවසක....32
ආයිමත් දවසක ...33
ආයිමත් දවසක....34
ආයිමත් දවසක...35
ආයිමත් දවසක....36
ආයිමත් දවසක...37
ආයිමත් දවසක...38
ආයිමත් දවසක...39
ආයිමත් දවසක...40
ආයිමත් දවසක...41
ආයිමත් දවසක 42
ආයිමත් දවසක...43
ආයිමත් දවසක...45
ආයිමත් දවසක...46
ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

ආයිමත් දවසක...44

582 111 18
By LasaluNethmin

ආයිමත් දවසක...44

හදිස්සියෙ හැම දේම උන නිසා බිනර වගේම චලනත් බඩගින්නෙ ඉදියෙ ඉතින් බිනර චලනව කාර් එකේ තියලා කඩයක් ලගින් බැහැල ගියෙ ටක් ගාල මොනව හරි අරන් එන්නම් කියාගෙන...

හිතුවට වඩා කෑම එක ගන්න ටිකක් වෙලා ගියා උනත් බිනර කෑම පාර්සල් දෙක අරගෙන ආයිමත් කාර් එක ලගට නැගලා කෑම පාර්ස දෙක පිටිපස්සෙ සීට් එකෙන් තියලා චලන දිහා බලද්දි තමා එයා දැක්කෙ චලන එයාගෙ පැත්තෙ තියන ජනේලෙට හේත්තු .වෙලා නිදන් ඉන්න විදිහ..
එයාගෙ ඇස් පියවෙලා තියනව විදිහ වගේම හුස්ම හෙලන එක දිහා බිනර බලන් ඉදියෙ කාලෙකට කලින් චලන ගැන හිතේ ඇතිඋන හැගීම් වලට මුල යශිර ලගින් වගේම චලන ලගින් එයා දකින මේ අහිංසක හුරතල් බව කියන එක...

චලන නිදන් ඉදපු නිසා බිනර එයාව ඇහැරවන්න ගියෙ නෑ එයා ගෙදර යනකම්ම චලනට නිදා ගන්න ඉඩ දුන්නා ...ගෙදර ඇවිල්ල පාර්ක් එකට වාහනේ දාලා තමයි එයා ආයි චලනට කතා කරේ...

" චලන... චලන..."

" ආහ්.. අනේ සොරි බන් මට නින්ද ගියා...අපිආවද...."

"ඔව් බන්... බහිමු නේද...."

බිනර එහෙම කියලා වාහනේ තිබ්බ කෑම පාර්සල් දෙකත් අරගෙන බහිද්දි චලනත් කර් එකෙන් බැහැලා එයා එක්කම ආව....

චලනට නාගන්න දීල බිනරගෙ ඇදුමකුත් දීල එයා ආයිමත් යශිරට කෝල් එකක් දීල බැලුවෙ කොල්ල ආන්සර් කරයිද කියලා ඒත් යශිරගෙ ෆෝන් එක ඕෆ්...

බිනර ඉතින් ෆෝන් එක පැත්තකට දාලා ලොකු හුස්මක් හෙලුවෙ ජීවිතේ කොයි තරම් නම් කලබගෑනි ගොඩකට මූන දෙන්න වෙලාද කියලා...

යශිරගෙ හැගීම් ගැන බිනරට තිබ්බෙ අමුතුම නිවුන හැගීමක්... බිනරට යශිර චලනටත් ආදරේ කරන එක බාදාවක් උනේ නෑ ... එයාට වැදගත් උන එකම දේ යශිර එයාට ආදරේ කරනව කියන එක..
අනික බිනර හොදටම දන්න දෙයක් තමා චලන බිනරට ගොඩක් ආදරෙයි කියන එක ඒක නිසා චලනගෙ ආදරේට බිනර කොහොමවත් බාදාවක් වෙන්න ඕනි කියලා හිතුවෙ නෑ.. ආදරේ කියන්නෙ හැම වෙලාවකම අයිති කරගන්න ඕනි දෙයක් වත් මගෙම විතරයි කියලා ලේබල්.ගහගන්න ඕනි දෙයක් කියල වත් බිනරට දැනුනෙ නෑ...

" බිනර...."

එක පාරටම චලනගෙ කටහඩෙන් බිනර ඉදපු කල්පනාවෙන් මිදෙද්දි බිනර බැලුවෙ එයා දිහා බලන් ඉන්න චලනව..

කලු කොට කලිසමට වගේම අත් දිග ටී ශර්ට් එකට චලනගෙන් අමුතුම ලස්ස්නක් පේනව කියලා බිනරගෙ හිත කියද්දි එයා වාඩි වෙලා ඉදපු තැනින් නැගිට්ටා...

" කමුද බඩගිනී...."

"හා...."

චලනගෙ උත්තරය හරිම කෙටියි..
බිනර දන්නව තවම චලන ඉන්නෙ එයාට හැම වැරැද්දක්ම පටව ගන්න ගමන් බව.. ඒත් එයාට හිතුනෙ නෑ චලන කොහොම වත් වැරැද්දක් කරපු බව..

කාල ඉවර වෙලා බිනර වෙලාව බලද්දි තමා දැක්කෙ වෙලාව එකොලහටත් ලගයි කියලා..

" සෑහෙන්න රෑ වෙලා.. හෙට වැඩත් එක්කනෙ ..."

"මන් නම් හෙට නිවාඩුවක් දානව බන් මේ හැම දේම එක්ක මට ඔලුව හදාගෙන වැඩ කරන්න බෑ..."

චලන කියද්දි බිනර චලන දිහා බලන් ඉදියා...

"මන් කියන්නෙ නෑ උබට හිනා වෙලා හැම දේටම මූන දීපන් කියලා ඒත් ඒ තරම් වද වෙන්න ඕනි දෙයක් වෙලා නෑනෙ බන්..."

"මන්ද බිනර.. උබ කියන දේ මට තේරෙනවා...ඒත් ජීවිතෙ මන් මේ වගේ හැගීමකට මූන දෙන පලවෙනි වතාව මේක බන්..මන් මෙච්චර කල් කාටවත් ආදරේ කරල නෑ... අනික ආදරේ කරත් සුදූට තරම් කාටවත් ආදරේ කරල නෑ...මල්ලිට මොකක් හරි උනොත්...."

චලනට ඉතුරු ටික කියලා ඉවර වෙන්න උනේ නැත්තෙ බිනර චලනව ආයි තුරුල් කරනි ඉදපු නිසා....

" සූදූට මොකුත් වෙන්නෙ නෑ... උබ බය වෙන්න එපා හැම දේම හොදින් වෙයි ... "

"ඇත්තටම උබට බයක් නැද්ද බන්..."

"නෑ...මට මගෙ කොල්ලව විශ්වාසයි... ඌ මෝඩයෙක් නෙවෙයි...."

"ම්ම්...."

"උබ නිවාඩුවක් දාපන් ..කොහොමත් සුදූ මේ සතියෙ ආයි එයිද කියල මට ශුවර් නෑ ඒක නිසා කොල්ලටත් නිවාඩුවක් දාමු....අවුලක් වෙන එකක් නෑ නේද..."

"නෑ ශේප්... මට මල්ලි නැතුව මැනේජ් කරගත හැකි...."

"ඇත්තටම හොද වෙලාවට සුදූ උබගෙ යටතෙ වැඩ කරේ.. වෙන තැනක් උනානම් අස් කරනව මෙහෙම දමල ගහල ගියොත්..."

බිනර හිනා වෙවී කියද්දි චලනත් යාන්තම් හිනා උනා...

.....................................................................

යශිර නාගෙන ඇවිල්ලා ඇදුමක් දාගත්තෙ හොටෙල් එකෙන් එලියට යන්න බලාගෙනමයි...
ඒත් එක්කම කෝල් එකක් ආව නිසා යශිර කෝල් එක ආන්සර් කරේ අනිවාර්යයෙන් කවී කතා කරන්නෙ කියල දන්න නිස මොක්ද ඒ නම්බර් එක දැනන් ඉදියෙ කවී විතරයි....

"Good Morning ..."

"Good morning බන්..උබ තවම කොලබද..."

" මේ යන්න ලෑස්ති වෙන්නෙ බන්..."

"ම්...මන් යාලුවට කිව්ව වැඩේ ශේප් උබ පරිස්සමෙන් ගිහිල්ල මට කියපන්.."

"හරි බන්... තෑන්ක්ස් ..."

"මේ මන් තියන්නම් සහස් එනව..."

එහෙම කියල කවී ෆොන් එක කට් කරද්දි යශිර හිනා වෙන ගමන් කට් කරේ එයාගෙ බැක් එක අතට අරන් කාබරේ වටේම බලල මොකුත් ගන්න අමතක උනාද කියලා කල්පනා කරන ගමන්...

.....................................................................

යශිර හොටෙල් එකෙන් එලියට ඇවිල්ල කෙලින්ම ගියෙ එයා හැමදාම අම්මලව බලන්න යද්දි මල් ගන කඩේට .. ඒ ගිහිල්ල මල් පොකුරු දෙකකුයි ඉටිපන්දම් ටිකකුයි ගත්ත යශිර ආයි නතර උනේ නිලූශි වගේම අම්මලව භූමි දාන කරල තිබ්බ කනත්තෙ...

යශිර ගිහිල්ල මල් ටික පැත්තකින් තියලා සොහොන් කොත් තුන වටේ වැවිලා තිබ්බ තනිනකොල ටික අතින් උදුරලා දාලා වෙනද වගේම පොඩ්ඩක් පිලිවල කරලා එයා අරන් ආපු මල් පොකුරු සොහොන් කොත් උඩ තියලා ඉටිපන්දම් පත්තු කරලා අනූශිගෙ සොහොන් කොතේ කොන්ක්‍රීට් පාදමේ පැත්තකින් වාඩි උනේ සොහොන් කොතේ තියන අනූශිගෙ හිනා වෙන පින්තූරෙ දිහා බලන්මයි..

" ආ වදකාරි... මන් ඔන්න ඔයාලව බලන්න ආවා...
දන්නවද මට කියන්න ගොඩක් දේවල් තියනවා...."

එහෙම කියලා යශිර අන්තිමට එයා සොහොනට ආව දවසෙ ඉදලා උන දේවල් කියලා ඉවර කරලා කතාව ටිකකට නතර කරේ කනත්ත හරහා හමන් යන හුලගත් එක්කම ලොකු හුස්මක් ඇදලා ගන්න ගමන්...

"ඔයා දන්නවද අනූ.....මට ආදරේ කරන්න කෙනෙක් ලැබුනා...ඇත්තටම කිව්විත් දෙන්නෙක්.....
එක්කෙනෙක් කවුද දන්නවද... ඔයාගෙ මස්සිනා... අනික් කෙනා..
ම්ම්..... ඒ මගෙ බොස්.. මන් දන්නව මන් දන්නව බොස්ලත් එක්ක තියන හුටපට හරියන්නෙ නෑ තමා ඒත් මන් එයාට ආදරෙයි අනූ.. එයත් මට ආදරේ කරනවා...

ඒ වගේම මන් බිනර අයියටත් ගොඩක් ආදරෙයි අනූ.. එයත් මට ආදරේ කරනව ගොඩක්....

දන්නවද මන් හැමදාම දුක් උනේ මට ආදරයක් නෑ කියලා.. ඔයා දන්නවනෙ ඉතින් මන් විශාල්ට විතරයි ආදරේ කරේ කියලා.. මන් හැමදාම හිතුවෙ මට කවදාවත් කවුරුවත් ආදරේ කරන එකක් නෑ කියල අනූ..ඒත් මන් අවුරුදු දාගන් බලා පොරොත්තු උන ආදරේ මට අවුරුදු ගානක් නොලැබුන ආදරේ මට මේ පාර වැඩියෙනුත් එක්ක දැන් ලැබෙනවා අනූ.... ඒත් මන් දන්නෙ නෑ මන් මොකද්ද කරන්න ඕනි කියලා..
මන් මොකද කරන්න ඕනි අනූ... මන් අයියල දෙන්නටම ගොඩක් ආදරේ කරනවා... මන් දන්නෙ නෑ අනූ... මට තේරෙන්නෙ නෑ..
මන් කාවද තෝරගන්න ඕනි ....
මන් තෝරගන්න ඕනිම්ද..

ඒත් මට ඒ දෙන්නව රිද්දන්න බෑ අනූ... මන් ඇත්තටම මොකද කරන්න ඕන්....

අනේ ඔයා ඉදියනම්..එහෙනම් මට ඔයා එක්ක මේ දේවල් කතා කරන්න තිබ්බා...
ඇයි අනූ ඔයා මාව මෙහෙම තනියම දාල ගියෙ... ජීවිතේ පුංචි කාලෙ ඉදලා හැම දේම බෙදාගෙන මගෙ ජීවිතේ මට ඕනිම කාලෙදි ඇයි අනූ ඔයා මාව දාල ගියෙ...."

යශිර අනූශිගෙ සොහොන් කොත දිහා බලන් කියල එයාගෙ දනහිස් අතර ඔලුව තියාගත්තෙ ඇස් වලින් ආයිමත් වැටෙන්න ගත්ත කදුලු හැමෝගෙන්ම හංග ගන්න වගේ....

......................................................................

යශිර ගොඩක් වෙලා සොහොන් කොත ලගට වෙලා කතා කරා... බිනර ගැන .. චලන ගැන එයාට ඒ දෙන්න ලගදි දැනෙන හැගීම් ගැන වගේම අහම්බයක් විදිහට පටන් අරගෙන එයා බිනට වගේම චලන එක්ක ආදරෙන් බැදුන විදිහ කියලා ඉවර කරලා

ආයිමත් ලොකු හුස්මක් හෙලුවා...

" මන් කොයි තරම් මේ දේ ඔයා එක්ක කිව්වත් මමයි අන්තිම තීරනය ගන්න ඕන් කියලා මන් දන්නව අනූ.... මට බය මගේ තීරනය නිසා ඒ දෙන්නට විදවන්න විදවන්න වෙයිද කියන එක අනු... මන් ගිහිල්ල එන්නම් එහෙනම්.. අම්මා අප්පච්චි මන් එහෙනම් ගිහිල්ල එන්නම් හොදද.."

එහෙම කියපු යශිර සොහොන් කොත ලගින් ඈත් වෙලා ටිකෙන් ටික ඈතට යන්න යද්දි ආයිමත් කොහෙද ඉදන් ආපු හුලන් පාරක් යාශිරගෙ කොන්ඩෙත් අවුස්සගෙන හමාගෙන ගියෙ පරිස්සමෙන් ගිහිල්ල එන්න කියලා එයාට අම්මල කියන්න වගේ...

..................................

මතුසම්බන්දයි ....

Continue Reading

You'll Also Like

210K 21.4K 70
ဇာတ်လိုက်က အရင်ဘဝတုန်းက အပယ်ခံလေးဖြစ်ပြီးတော့ ရုပ်သေးဘုရင် အဖြစ် ဖိအားပေးခံခဲ့ရတယ်။ ပြီးတော့ တော်ဝင်နန်းတော်ကနေ ဝိုင်းပြီးတော့ အနိုင်ကျင့်ခဲ့တဲ့ စစ်သ...
1.3M 136K 70
Love has no race!
839K 115K 66
(Zawgyi versionလည္း ရွိပါတယ္၊ Profile မွာ ၀င္ရွာၾကည့္ပါ) ကျိုရှီအန်း ဒုတိယအကြိမ် ရှင်သန်ခွင့်ရခြင်းဟာ ဘုရားသခင်က သူ့ကိုပိုချစ်လို့ပဲလား၊ သူ့ကို နှိပ်...
574K 57.1K 86
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...