කස්තුරි සුවඳ ✓

By liversack

673K 112K 45K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
36 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
45 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
54 වන පරිච්ඡේදය
55 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
60 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
73 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
81 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය
අවසාන පරිච්ඡේදය

46 වන පරිච්ඡේදය

6.3K 1.2K 510
By liversack





පබසර කියෙව්වේ බඩත් අත ගගා. හැබෙයි මනරුට යාලුවා දැක්ක ගමන් බකස් ගාලා හිනාවක් ගියා.

"ඇයි උබ මොකෝ හිනා වෙන්නේ!"

"නෑ ඉතින් නිකමට හිතපං එකක් ඉඳලා මෙහෙම නම් තව උබ වගේම කොපියක් ආවොත් කොහොමට තියෙයිද කියලා!.. ඒ හිතද්දි මයිල් කෙලින් වෙනවා"

මනරු ඒ කියලා බොරුවට බයෙන් ඇග වෙව්ලනවා වගේ රගපෑවත් එක්ක.

"අනේ උබලගේ පෑලියාව! ආ එහෙනම් බලපං උබලා දෙන්නා වගේ දෙන්නෙක් ආවොත් කොහොමට තියෙයිද කියලා!"

දැන් ළමයි ගැන ලොකූ සංවාදයක්. මාණික්‍ය නම් කරේ යාලුවෝ දෙන්නා දෙපැත්තට බෙදිලා මේ කියවගන්න දිහා හරි විනෝදාස්වාදයකින් බලන් හිටපු එක.

"ආයේ මොනා හිතන්නද උන් දෙන්නටම නටන්නත් පුලුවන් ක්‍රිකට් ගහන්නත් පුලුවන් එල මොඩ්ල් දෙකක්!"

මනරු ඒක කිව්ව විදිහට මාණික්‍යට නිනක් රතු වෙලා ගිය හිනාවක් ආවා.. පබසරයි මනරුයි කොයි වෙලෙත් කතා කරන්නේ රෙදි නැතුව වගේ වුනත් මාණික්‍යව නම් ඔය වගේ කතා ඉස්සරහා කොයි වෙලෙත් රතු වෙනවා..

ඉතින් පබසර කන අස්සට ඇගිලි ගහගෙන ඔය කියන මූකූත් ඇහෙන්නේ නැති වෙන්න මෝටරේ වගේ ඇගිලි හොලවද්දි ආ.. කියලා කෑගහනකොට මනරුගේ අම්මා වහපු කාමරේට ඇවිත් එබුනා.

"පබසර පුතා ඔයා එද්දි සපත්තු එලියේ ගලවලද ආවේ? අන්න අක්කා කූමාරිව අරින්න හදන්නේ පොඩ්ඩක් බලන්න හොදේ"

"ආහ් හරි නෑන්දේ"

ඒ කියලා අම්මා නම් ආයේ ගීයා.. කොහොම හරි කියලා කට ගන්න හම්බටන නෑ කුමාරිගේ ඇස් වහක් කට වහක් වැදුනේ නැති මහ ගෝසාවෙන් මුලු ලේන් එකම පිරිලා යන්න ගත්තේ පොඩි වෙලාවයි. ඉතින් පබසරගේ ඔලූව මනරු ගේ පැත්තට හැරුනේ හරියට චෙන්නයි එක්ස්ප්‍රස් එක යන වේගෙන්.

"මගේ මිරිවැඩි සඟලට ඌ අත තියලා තිබ්බොත් උබේ හුකන්‍යා ලගදිම වල් බල්ලෙක්ගෙන් බඩ වෙනවා! එච්චරයි..!"

පබසර සිගිති පාතාලේ වගේ තර්ජනේ කරේ. ඒ අනිත් පැත්තට මනරු දුන්නෙත් දිව එලියට දාපු ඇදකිරිල්ලක්. ඉතින් කොල්ලා එයාගේ මිරිවැඩි සඟල බේරගන්න සීයට පාලගලා එලියට ගියා මොකද අද එයාලට ක්‍රිකට් ප්‍රැක්ටිස්.. ඒක නිසා දෙන්නම ඇවිත් තිබ්බේ ප්‍රැක්ටිස් කිට් එක පිටින්.

"බඩ ගොඩක් රිදෙනවද.."

මාණික්‍යගේ ඇස් දෙක තිබ්බෙම මනරු අත තියන් ඉන්න බඩට.. එයා පබසර එක්ක විහිලුවට වුනත් එල්ලෙනවා තමයි.. ඒත් ඒ කතා කරන ගොඩක් වෙලාවට බඩ ඇදුමක් කන වේදනාව මනරුගේ මූනෙන් එයාට බෙදලා වෙන් කර ගන්න අමාරු වුනේ නෑ..

"දැන් නම් ලොකුවට නෑ.. ඒත් කොර වෙලා වගේ"

ඉතින් මාණික්‍ය ඉඳන් හිටපු තැනින් නැගිටලා ඇවිත් මනරුගේ ඉස්සරහින් හිටන් එයා ඇදන් ඉන්න ටී ෂර්ට් එක උස්සලා බලද්දි එතන තාමත් තැල්මට ලේ බැස්ස නිල් තැලුම් පාරවල්..

"ඒ ගැන හිතන්න එපා"

දකිනකොටත් රිදේනවා.. ඇත්ත මනරු ඒවා ඉවසන් ඉන්න විදිහ පුදුමයි.. ඉතින් තැලුම් පාරවල් දිහා බලන් ඉන්න මාණික්‍යගේ මූන වෙනස් වෙන දිහා බලාගෙන ඉන්න බැරිකමට එයාම බලෙන් ෂර්ට් එක පහලට කර ගත්තා.

"මං වෙන මොනා ගැන හිතන්නද.."

පහලට යොමු වෙලා තිබ්බ වේදනා කැවුනු ඇස් උඩට අරන් එන ගමන් මාණික්‍ය කෙලින්ම බැලුවේ ඒ වෙනකොටත් හිනාවක් ඇදගත්ත මනරුගේ මූන දිහා.. තාම හිතා ගන්න බෑ.. ඒත් මොන කරදරේ වැටිලා මොන වේදනාව වින්දත් ඒ මූනේ එයාට හැම වෙලේම තිබ්බේ දිරිගන්නන හිනාවක්.. ඉතින් මාණික්‍යට එයාගේ අත් දෙක තවත් ඒ විදිහටම තියන් ඉන්න බැරි නිසා ඒවා මනරු වටේට වේදනාවක් නොදැනේ විදිහට ඔතා ගත්තා.. වුනත් දුකෙන් වගේ ආයෙම ලාවට ඔලුව පහත් කර ගත්තා.

"මට ඔයා වගේ කවි කියන්නත් බෑ.. රිදෙන එක මට ගන්න විදිහකුත් නෑ.."

මාණික්‍ය කතා කරේ ලොකු වේදනාවකින්.. හැබෙයි මනරු, එයාගේ පිරිම ඇගට එහෙම වේදනාවක් කියන්නේ දැනෙන්නේ නැති දෙයක් වගේ සුපුරුදු විදිහ මාණික්‍යගේ නලලට වැටුන කොන්ඩ කෑලි පස්සට කරන ගමන් ඒ නලලට නලල තියාගෙන මාණික්‍යගේ නහයත් එක්ක ලාවට එහා මෙහා හැප්පුනා.

"ඒ මුකූත් ඕනේ නෑනේ මාණික්‍ය ඔයා මගේ ලග ඉන්නවානේ.. එතකොට වෙද පප්ගේ අරිෂ්ටේ බිව්වා වගේ තමයි මට"

ඒක තනිකරම මාණික්‍යගේ හිතේ තියෙන වේදනාව එලවන්න කියපු කතාවක්..

"ඒත් මං වැඩක් නෑ මනරු.. මට බැරි වුනානේ අර-"

"නෑ නෑ ඔයා තමයි හොඳම.. මගේ මාණික්‍ය තමයි හොඳම"

කියන්නත් වෙලාව නොදි මනරු ඒ කිව්ව දේට මාණික්‍යට ඇත්තටම ඇඩෙන්න තරම් වේදනයි.

"මනරු.. "

"ම්.. දෑන් කියන්න බලන්න උදේට කාලද ආවේ?"

තාමත් ඉන්න විදිහටම මනරු දැන් දැන් වෙනකොට හරියට වද වෙන ප්‍රශ්නයක් ඇදලා ගත්තේ තරවටු කරන බැල්මක් එක්ක. ඕකට නෑ කියලා ඇහුනොත් එතනම මාණික්‍යගේ අවසානය කියලා එයාටම තේරුන නිසාමද කොහෙද එයා ගත් කටටම ඔව් කියලා දැම්මා.

" ඔව්"

ඒත් මාණික්‍ය බොරු කියනකොට මූනේ හංග ගන්න බැරි හොර පාටක් පනිනවා ඒක කාටත් පේන දෙයක්.

"බොරු කිව්වොත් මං කටේ කස්තුරි තියනවා මාණික්‍ය!"

ඉතින් මනරු අර බැජ් එක ගහගත්ත වෙලාවට ආරුඩ වෙන වෙනම ආත්මය ඇගට අරන් මාණික්‍යට ඇගිල්ලකුත් දික් කරන් සැර කරද්දි එයා කපටි හිනාවක් එක්ක තොල් එකට හපා ගත්තා.

"ඉතින් හොඳයිනේ.."

"ඔයා දැන් ගුටි කනවා මාණික්‍ය!"

"කමක් නෑ කමක් නෑ කෝ මට දැන් මගේ කස්තුරි ඕනේ"

මනරු තරවටු කරන්න ඇගිල්ල දික් කරන්න තාම කෑගහනවා. ඒත් මාණික්‍ය එයාව අවුස්සන්නම ඒ කියාගෙන අර දික් කරපු ඇගිල්ලත් අල්ලන් මනරුගේ තොල් වලට පාත් වෙලා ඒ උඩ සුවද අල්ලන්න වගේ ඇස් වහන් හුස්මක් උඩට ගන්නකොට අර කට වැහිලා.. දැන් මනරු සද්ද නෑ.. ඊටත් මාණික්‍ය මේවගේ දේවල් කරද්දි එයා සිමාව පන්නලා උණුසුම් වෙනවා..

"මාණික්‍ය.."

"ම්.. කස්තුරි සුවඳයි"

ක්‍රියාව වගේම තමයි මාණික්‍යගේ වචනත්.. ඒවා අහන් ඉන්න ඉන්න මනරුගේ ඇගේ හිරි මල් ඇහැරෙන්න තත්පර ගානකටත් වඩා අඩු කාලයක් ගනිද්දි මාණික්‍ය එයාට ලැබුන ලෝකේ තියෙන විරලම සුවඳ තව දුරටත් ඈත් කරලා තියා ගන්න ලෝභකමේ එයාගෙ කර ගන්න මනරුගේ තොල් එක්ක නිදහසේ හරිම සිනිදු විදිහට පැටලෙන්න ගත්තේ දවස් ගානකට ඒ සුවද නැති අඩුව හොයන්.

වෙලාවටම මැද්දෙන් පනිට්ටු නවන පාර්ශවය පහල අම්මා එක්ක ලොකු සාකච්ඡාවක. ඉතින් හිතේ ගැස්මක් නැතුව මනරුගේ වේලුනු තොල් නිදහසේ තෙත් කරන්න ගත්තා කිව්වොත් මනරුගේ අත් මාණික්‍ය ඇඳන් හිටපු ෂර්ට් කොලර්ස් තද කරන් මාණික්‍යට අද යටත් වුනා.

ආත්මෙකට ගැණු තොල් වල රස විඳලත් නැති ඒ රස විඳින්න ආසාවක් දැනිලත් නැති මාණික්‍ය දැන් මේ කෑදර කමෙන් එක තත්පරයක්වත් ඈත් නොවි රස විඳින්නේ ලෝකේ තියෙන හොඳම රස එයාට ලැබිලා වගේ.. මොකද ආදරේ කරන අනිත් අයට වඩා ඒ හැගීම එයාට දැනෙන විදිහ වෙනස්.. ඒක මාණික්‍යට විතරක් සීමා වුනා කියලා කියන්න බෑ මොකද ඒ හැගිම ඒ විදිහටම මනරුටත් දැනෙනවා.. ඒත් ඔය කෑදර කම කොහොම වුනත් කෑදර කම දිගටම අරන් යන්න එයාලට ඉන්න තත්වේ ඉන්න තැන හැටියට දැන් බෑ..

"මගේ මාණික්‍ය"

අන්තිමට මාණික්‍ය තොල් ඈත් කර ගත්තට පස්සේ මූනට බර වෙන ගමන් මනරු ඒ කියලා මාණික්‍යගේ කම්මුලකට සිපුමක් තිබ්බා.

"ම්.. ඔයාගේ"

හරි අමුතූයි ඒත් මාණික්‍ය ඒක කිව්වේ හරිම හැගීම්බරව.. ඒක නිසාමද කොහෙද මනරුට රතු වුන හිනාවක් මූනේ ඇදුනා.

"ඔයා කීයටද යන්නේ?"

" තව ටිකකින්.. අද දවසෙම ප්‍රැක්ටිස් දාලා.. නැත්තන් මට ඔයා එක්ක ඉන්න තිබ්බා.."

ඊලග බදාදා නිසා විජීත් සර් කට්ටියට බුරුලක් දෙන්න කොහෙත්ම හිතන්නේ නෑ. ඉතින් මාණික්‍යගේ මූන අවුල්.

"එහෙම තමයි ඉතින් මැච් එක ලගයිනේ.. මේ පාර ගේම් එක අත අරින්න එපා කප් එක ගන්න ඕනේ බබා!"

කොයි වෙලෙත් මාණික්‍යගේ පැත්තට කතා කරන මනරු ඒ කිව්වේ කොල්ලගේ කොන්ඩේ අවුල් කරන ගමන්. ඒත් මෙච්චර වෙලා අල්ලන් හිටපු මාණික්‍යව එයා අත ඇරලා මේසේ ලගට ගියේ මොකක්ද මන්දා ගන්න.

"මට එන්න බැරි වුනාට මේක ඔයා එක්ක අද එයි"

එයා මොනා ගැන කියනවද කියලා මාණික්‍යට හරි දැනීමක් නැති වුනාට මනරු ඒ කියන ගමන් ලාච්චුවක් ඇරලා මොකක්ද මන්දා දෙයක් අතට ගත්තා.. නොපෙනුනාට ඒ ගත්ත දෙයින් ලස්සන සද්දයකුත් ආවා.

"මොකක්ද.."

"මගේ වාසනාවන්ත ගෙජ්ජිය"

ඇගිලි වලින් එලාල ගත්ත රතු පාට හීනි පටියක එල්ලලා තිබ්බ චූටිම චූටී තබ පාට ගෙජ්ජිය පෙන්න ගමන් මනරු ඒ කියලා හිනා වුනේ පොඩි ළමයෙක් වගේ.

ඉතින් මාණික්‍ය ඒක එයාගේ අතට ගත්තා.. පෙනුමෙන් හරිම හුරුබුහුටි ඒක යන්නත් එහා මෙහා කරද්දිත් සද්ද කරනවා. ඒත් දෑන් මොනවා නැතත් මාණික්‍ය ඒකට කැමතියි.

"මම මේක මගේ cricket bag එකේ එල්ලනවා එහෙනම්"

මූන ඉස්සරහට ගෙනත් මාණික්‍ය ඒක ආසාවෙන් හොලවන ගමන් ඒ කිව්වේ හැබෙයි.. ස්වභාවධර්මයා විසින් එයාලට නිදහසේ ඉන්න දුන්න වේලාව එතනින්ම ඉවර කරා.

"පීප් පීප්! උබලා කර ගන්න තිබ්බ ඒවා ටික කර ගත්තානේ සගෝ? මං ඇතුලට එනවා!"

ලබපු අත්දැකීම් එක්ක වෙනදා වගේ කඩන් බිඳන් ඇතුලට එන්නේ නැතුව හරි විනීත විදිහට දොරට තට්ටු කරලා පබසර ඇතුලට එන්න දෙන්නාගෙන්ම හොඳ ළමයෙක් වගේ අවස පැතුවා.

"වරෙන්"

ඉතින් මාණික්‍යට ලැජ්ජාව.

"වෙනදට නම් මට මේ කාමරේට එන්න මෙහෙම අවසර ගන්න වුනේ නෑ අපේ හාමුදුරුවනේ..! දැන් ඉතින් උබලා නාදලු ඉබලා අත් වැඩ කරලා ඉවර වෙනකල් මට එලියේ ඉන්නත් වෙලා!"

පබසර කොහෙත්ම ඇගට ගානක් නැතුව ඒ කියලා ආයෙම හිටපු ආසනයටම යද්දි මාණික්‍යට ඒ කිව්ව දේවල් දරා ගන්න බැරුව අහක බලා ගත්තා. මොකද දැන් එයා රතු වෙලා තියෙන විදිහ පබසර නිකන් හරි දැක්කොත් තව පද අහගන්න එක නවත්තන්න මේ ලෝකේ සක්කරයටත් බෑ.

"ඉතින් උබත් කෙල්ලෙක් හොයා ගනින්කෝ ආඩපාලි කිය කිය ඉන්නේ! හැබෙයි උබ එදා මං අහද්දි කෙල්ලොත් එපා කිව්වා! මට ඇත්ත කියපං උබට හොර කෑල්ලක් ඉන්නවා නේ!?"

මාණික්‍ය කොච්චර රතු වුනත් මනරුට නම් නෙවෙයි ඕවයේ ගානක්. ඉතින් ඒ අනිත් පැත්තට යාලුවගේ බෙල්ල මුලින්ම අල්ල ගන්න සාර්ථක විදිහට ප්‍රශ්නයකුත් දියත් කරා.

"මට ඇති කෙල්ලෙක් නෑ බං"

ජනෙල් පඩියේ ඉඳන් පබසරත් කකුල් වනනවා.

"බොරු කියන්න එපා! උබ මොකද එහෙනම් එදා කෙල්ලෝ එපා කිව්වේ?"

"ඕකනේ ඉතින් උබට විචිකිච්චාවනේ! මට කෙල්ලෙක් නෑ! දැන් මං ඔලුවෙන් හිටන් කිව්වත් මට කෙල්ලෙක් නෑ පරයිනි! කෙල්ලෙක් නැ!!"

"එහෙනම් කෙල්ලෝ? උබට කෙල්ලෙක් නෑ ඉන්නේ කෙල්ලෝ නම් කියන්නේ අවුලක් නෑ අපි එකතු වෙලා එකෙක් තෝරමු"

මනරු ඉනටත් අත් තියාගෙන ඒ කියෙව්වේ යාලුවගේ තරම දන්න නිසාමයි. ඉතින් පබසර මායම් වුනා.

"පගෝ! ඔය කෙල්ලව රෝල් කරලා ගහනවා මං දැන් උබේ.. "

බෑ ඒක කියන්න බෑ මාණික්‍ය ඉන්නවා.

"මං ගහනවා උබේ ගැට බෙරේ!! මට ගෑණු එපා යකෝ මේ ඉන්න විදිහ හොඳයි! ඒත් මතක තියා ගනින් ඒ කියලා මං තනිකඩයි කියලා උබලා ඉස්සරහා හොරනෑ පිබින එක නතර වෙන්නෙත් නෑ! උබලා හැරමිටි ගගහා යන කාලෙටත් මං පස්සෙන් ඇවිත් මගේ තනිකඩ බජන් කියනවා මේ ඇත්තමයි! හූහ්!"

කෙල්ලෙක් නැතුවත් අහගන්න වෙන අසාධාරණ කතා පරයා පබසර එයාගේ උන්නතියට හඩ නැගුවා හරියට ඡන්දේ කාලේට ස්ටේජ් නගින දේශපාලුවෙක් වගේ.

"හා කියපංකෝ එහෙනම් මං බලාගන්න උබේ ඔය ප්‍රෝඩාව!"

"හා බලාගන්නවා ඉතින්! අන්න අරෙහේ උබේ තාත්තා නඩු කතා කරනවා "

වචනෙන් දෙකෙන් පබසර මුලූ කතාවම අනිත් පැත්ත ගැහුවා.

"නඩු කතා කරනවා?"

ඒ ප්‍රශ්නේ ඇහුවේ මාණික්‍ය.

"ඔව් දැන් සුලක්ශනට නඩු දෙකයි! පූතාට ගහපු එකටයි බෑනට ගහපු එකටයි අන්න තාත්තලා මාමන්ඩිලා එකතු වෙලා නඩු කියන්නේ"

සූලක්ෂන මේ වෙනකොටත් ඉස්කෝලෙන් අයින් වෙලා ඉවරයි. මේ නඩුවත් එක්ක එතකොට ගජනටත් පාසල් තහනමක් වැටෙන එක කියන්න දෙයක් නෑ. එදා හැමදේම එලි වුනාට පස්සේ වැරදිකාර පාර්ශව හැම කෙනෙක්ම කොටු වුන එකේන් ගජනට මෙහෙමයි කියලා වෙලාවක් මාණික්‍යට කතා කරන්න ලැබුනේ නෑ.. ලැබෙන්නෙත් දැන් තියෙන එකම දවස එන්නේ අඩුව විභාග වෙන දවස විතරයි.

"හ්ම්.."

හැමදේම අහන් ඉදලා මනරු කරේ හුස්මක් පළලට දාපු එක..

"මේ දැන් time හරි බං යමං practice"

"නෑ යන්න කලින් කාලා යන්නේ මාණික්‍ය! නැත්තන් ඔයා මගෙන් කනවා!"

ඉතින් හරි.. පවුල් ප්‍රශ්න දිහත් බලන් ඉඳලා පබසර අන්තිමට තනියම කියව කියව පළලට ගීයා. මොකද ඕවට මුකුත් කියලාත් බෑ නොකියත් බෑ..

කොහොම හරි සදුදා අගහරුවාදා ගෙවුනා හරියට ඔරලෝසු කටු රොකට් තෙල් ගහලා වගේ. ඒ දවස් ටිකේම ඉස්කෝලේ කොල්ලන්ට රජ මගුල්. මොකද එයාලගේ හේඩ්න් ප්‍රිෆෙක්ට හොඳටම උණ.. එහෙම තමයි එදා මනරු නැති වුන එකට කියලා තිබ්බේ.. උණ අරන් ගෙදර ගිහින්.. ඉතින් ඒක ඉස්කෝලේ වටේටම පැතිරෙන්න ගියේ දවසයි.

ඒකෙන් මේකෙන් මනරුට මේ එන මැච් එක බලන්න විදිහක් නෑ. හැබෙයි ඒ වෙනුවට මනරුගේ අම්මා සුදු පුතාට cheer කරන්න ගියේ මනරුට කොකා පෙන්නලා. එයාලට දැන් තියෙන්නේ සෙමි ෆයිනල්.. ඒකත් කොලඹ හතේම ප්‍රසිද්ධ පිරිමි පාසලක් එක්ක. නිදහස් සටනේ පුරෝගාමියෙකු වුන, 1947 මැතිවරණයෙන් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය හොබවපු මහ අග්‍රාමාත්‍යවරයාගේ නමින් නම් කරපු ඒ පාසලෙත් පිරිස එදා අර්ධ අවසන් තරග බිමට වැදුනේ කහයි කලුයි කොඩි කරේ බැදගෙන.

කොහොම වුනත් ඒ තරගයේ දිනුමත් එහෙම ලේසියකින් අත් පත් කර ගන්න කන්ඩායම් දෙකටම බරපතල කාරනයක් වුනා. ඒත් අන්තිම වෙද්දි ලකුණු පරතරය හරිම පොඩි ගානකට කොලඹ හතේ කහ කලු පාසල්
පරාජය වෙලා නිල් කහ රතු පාසල අවසන් මහ තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබුවා.

එදා සතුටත් මාණික්‍යට හරියටම විඳගන්න තිබ්බා එතන මනරු හිටියා නම්.. ඒත් මනරු වෙනුවට අම්මා ඇවිත් ඒ සතුට බෙදා ගනිද්දි දැනුන අර හිඩස එහෙමත් විදිහකට පිරවුනා..

ඉතින් මේ දවස් වල ඉස්කෝලේ කාගෙත් අතරේ තිබ්බේ තව සතියකින් ලබෙන අවසන් මහ තරගයේ උණුසුම. ඇත්තටම ප්‍රේක්ෂකාගාරයේ ලොකුම සද්දේ තියෙන්නෙත් මාණික්‍යගේ පන්තියෙන්. මොකද පන්ති නායකයා හැම දේටම වගේ ඒකටත් වගකීම අරන් වැඩ කරා කිව්වොත් අවසන් මහ තරගයට තරග වදින්න තියෙන ප්‍රතිවාදි පිලේ පාසල ආරන්චි වුන ගමන් හොඳ සද්දේ වැඩි පපරේ බෑන්ඩ් එකකුත් හොයාගෙන තිබ්බේ.

ඉතින් මේ දවස් වල මාණික්‍යට පුහුනුවීම් වලින් තොර දවසක් නෑ. මොකද නම ඇහෙද්දිත් ඇගේ නහර නලියන එන ප්‍රතිවාදි පිලට එයාට දෙන්න ඕනේ වුනේ එයාහේ හොඳම අනුවාදය..

"මාණික්‍ය ඔයා ගෙදර ගියාද?"

තරගයට තව දවස් තුනක් විතර තියලා Practice ඉවර වෙලා ගෙදරට අඩිය තිබ්බත් වගේ මනරුගන් ආපු ඇමතුමට උත්තර දෙන්න ෆෝන් එක කනේ තියාගෙන මාණිකල දාගෙන හිටපු සපත්තු ගැලෙව්වා.

"මේ දැන් ආවේ"

"ම්.. එහෙනම් wash එකක් දාලා කන්න"

සපත්තු ගලවලා ඔලුව උස්සද්දිම අද කවදාවත් නැතුව එයාගේ ලොකු අයියා කලින් ගෙදර ඇවිත්.. මොකද එයා ඒ වෙලාවේ හිටියේ එල් හැඩයේ සෝෆා එකේ කොනේම ඉඳගෙන සීට් එකට ඔලුව ගහන්..ඊටත් කලුවර වැටෙන්න පටන් අරන් තිබ්බත් ගෙදර ඇතුලේ කිසිම ලයිට් එකක්වත් දාලා තිබ්බෙත් නෑ.

"හරි මං ඔයාට ගන්නම් මනරු"

ඉතින් මාණික්‍ය කෝල් එක තිබ්බා..

"ලොකු අයියා අද කලින් ආවද? "

තියෙන කුතුහලයටම මාණික්‍ය ගෙදර ඇතුලට ආවේ ප්‍රශ්නයකුත් අහගෙන.. ඒ ඇවිත් මුලින්ම කරේ මුලු ගෙදරම එලිය වෙන විදිහට ලග පාත තිබ්බ හැම ලයිට් එකක්ම දාපු එක.. ඉතින් ඒ කටහඩටම නිර්මල ඔලුව උස්සලා ඉස්සරහට එන මල්ලි දිහා අමාරුවෙන් ගත්ත හිනාවකින් බැලුවා.

"ආ.. මාණි.. ඔයා ආවද.. "

" ඔව් ඔයා අද ගියේ නැද්ද? ඇයි ලයිට් එකක්වත් දාලා නැත්තේ?"

නිර්මල දිහා බලපු බැල්මෙන් මාණික්‍යට ඒ කාරනය ග්‍රහනය කර ගන්න වැඩි වෙලා ගියේ නෑ.. මොකද වෙනදට ගෙදරට අදින හරිම සැහැල්ලු ඇදූමකින් ඉද්දි එයා මේ දැන් ටිකකට කලින් ඇවිත් කියලා නම් කොහෙත්ම කියන්න බෑ..

"ආහ්.. මං අද ගියේ නෑ මාණි ඇගට ටිකක් හරි නෑ"

එක ප්‍රශ්නේ කට විතරයි උත්තරත් හම්බුනේ.. ඒ කියලා නිර්මල ඉදන් හිටපු තැනින් නැගිට්ටා.. ඒත් නැගිටිනවට වඩා විසි වෙලා යනවා වගේ.. ඉතින් ආපු බයටම මාණික්‍ය ඉක්මනට අයියව අල්ල ගත්තා කිව්වත් මාණික්‍ය දැන් කලබලයි.

"ලොකු අයියා මොකද මේ???"

නිර්මලගේ අත් ගොබ වලින් අල්ලන් මාණික්‍ය ඇස් ලොකු කරන් අයියගේ ලාවට සුදුමැලි වෙලා තිබ්බ මූනට එබෙද්දි එයා අමාරුවෙන් වුනත් මූනට හිනාවක් ගෙන්න ගත්තා.

"නෑ මාණි.. මට නිකන් කැරකිල්ලක් වගේ ආවා.. එච්චරයි.."

ඒ කියද්දිත් නිර්මලගේ පෙනීමත් බොඳ වෙලා වගේ තිබ්බේ.. තාත්තත් ගෙදර නෑ.. කවුරුත් ගෙදර නෑ.. ඒ කවුරුත් නැති වෙලේ අද දවසම නිර්මල මේ විදිහට තනියෙම හිටියා කියලා මාණික්‍යට තේරෙද්දි ඇගටම මොකක්ද වෙලා ගියා.

"ඔයා කෑවේ නැද්ද? ලීලා නැද්ද ආවේ නැද්ද?? ඉන්න.. කෝ ඉඳගන්න මං වතුර එකක් ගේන්නම් ඒක බීලා අපි බෙහෙත් ගන්න යමු"

මාණික්‍ය බයටම නිර්මලව පුටුවෙන් ඉන්දන්න ගියත් එයාට ඕන වුනේ උඩට යන්න.

"මං උඩට යන්නම් මාණි.. ඔයා.. වතුර එකක් ගේන්නකෝ.. හොඳ ළමයා වගේ.."

"පිස්සුද උඩට යන්න ඔයාට කෙලින් ඉන්නත් බෑ! "

මොනවා කිව්වත් මාණික්‍ය කියන දේ අහන පාටක් නැති නිසා එයාට දැන් තරහයි. ඊටත් අයියාගේ ඇදේට තියෙන අඩි දැකලා මාණික්‍ය පස්සෙන් දුවන් ගියා තමයි.. ඒ වුනත් නිර්මල එයාගේ හිතේ දෛරය දෙවෙනියට දැම්මේ නෑ.. කොහොම හරි කරලා තියෙන දෙයක් අල්ලගෙන උඩට යාගන්නවා කියලා පලවෙනි පඩියට අඩිය තිබ්බත් දෙවෙනි පඩිය ලගදිම ඒ දෛරය තමන්ව පාවලා දෙද්දි එයා එතනම මල්ලිගේ අතට ඇදගෙන වැටුනා..

"ලොකු අයියේ!!"














මතු සම්බන්ධයි...

👉🏻🐔👈🏻

Continue Reading

You'll Also Like

3.7K 970 13
💜️ මිනිස්සු මිනියක් ඉස්සරහා අඬන්නෙ තමන් ගැන කියව කියව මිසක් ඔයා කොහොමද සොහොනට වෙලා තනියම ඉන්නෙ කියලා නෙවෙයි... 💜️ ආදරේ කරන්න හදිස්සි වෙන්නම ඕනෙද...
38.3K 6.3K 15
මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !
333K 10.2K 66
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
437K 61.4K 152
ආස හිතෙන ආදරණීය කතාවක්