කස්තුරි සුවඳ ✓

By liversack

605K 106K 44.2K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
36 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
46 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
54 වන පරිච්ඡේදය
55 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
60 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
73 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
81 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය
අවසාන පරිච්ඡේදය

45 වන පරිච්ඡේදය

5.8K 1.1K 588
By liversack




මනරු ඒ කියද්දි මාණික්‍ය තරවටුවට බය වුන පොඩි එකා වගේ එයා දිහා බලන් හිටියා.. ඒත් මෙච්චර වෙලා ෆෝන් ඒක දිහා බලන් හිටපු පබසර අර අන්තිමට ඇහුන වචන ටිකත් එක්ක කටත් බාගේට ඇරන් දෙන්නා දිහා බලාගෙන ලෝකේ මැවුම් පාලක දෙවියෝ එයාට කරලා තියෙන අසාධාරනේ ගැන මනසින් මෙනෙහි කරන්න ගත්තා තමයි.. හැබෙයි,

"උබලා දන්නවද ඕවා හෙන පව් වැඩ ඈ! මේ තනිකඩයෙක් ලග තියාගෙන ඔහොම පෙම් බස් ගාල් කරන එක නම් මං තරයේ හෙලා දකිනවා!"

ඇදේ පත්තට හේත්තූ වෙන ගමන් මනරුගේ කකුලටත් පාරක් දීගෙන පබසර එයාගේ දුක වේල්ල ඇරියා වගේ කියවන්න ගත්තා.

"ආ.. මං දැන් උබ මෙතන හිටියා කියලා සිල් රකින්න ඕනේ ද?"

"ආහ්හ්හ්හ්හ්!! උබලා මගේ ඉස්සරහා නැතුව ඕන මගුලක ගිහින් සිල් නෙවෙයි විදුරු සංස්ථාවම බින්දට මට කමක් නෑ!"

එතන දැන් එකම නඩුවයි. පබසර හෝ ගාලා තමන්ට වෙන අසාධාරනේට තනි කකුලෙන් නැගී ඉන්නවා. හැබෙයි කොල්ලා කියවන්න ගත්තත් වගේ මනරු අල්ලන් හිටපු මාණික්‍යගේ අත තේරෙන නොතේරෙන විදිහට අත ඇරියේ දොර පැත්තට තියා ගත්ත හොර බැල්මක් එක්ක.

"මොකද උබලා දැන් සද්ද නැත්තේ? ඒ පාර උබලට මාව වැලි පාක් එකේ සිකුරිටි කාරයා වගේ පේනවද! ඇයි ඉතින් ඌනේ එතන ඉන්න කපල් ලව් කරන්න ගත්ත වෙලේ ඉඳන් පස්සෙන් පන්න පන්න එලවන්නේ!"

"සරා.. "

මනරු ඒ කිව්වේ කතාවට සහය වෙන්නවත් යාලුවට එයා වැලි පාක් එකේ සිකියුරිටි වගේ නෑ කියන්නවත් නෙවෙයි.. හැබෙයි එතන හොර බැල්ම..

"මොකෝ?? උඹ කටවහන් හිටපං! මේක හරි යන්නේ නෑ මට මේවා බලන් ඉන්නත් බෑ! මාණික්‍ය උබලගේ factory එකේ ඉන්න තංගමනි කෙනෙක්වත් මට සෙට් කරලා දීපං අඩුම මට තේ කොල පැකට් එකක් හරි දෙයිනේ!"

පබසර හිටු කියලා තංගමනිලා හොයනවා. ලෙඩා කියලා මතක නෑ ඒ අස්සෙන් කියව කියව මනරු ඔලුව තියන් හිටපු කොට්ටෙකුත් ඇදලා අරන් පිටට තියා ගත්තා.. හැබෙයි ඔය කියෙව්වත් දැන් මනරුයි මාණික්‍යයි දෙන්නම බලන් ඉන්නේ පබසරට උඩන් පිටිපසස්ට වෙද්දි හිතපු නැති වෙලාවක අතක් ඇවිත් පබසරගේ උරහිස උඩට ටිකක් තදින් වැටෙනකොට කොල්ලා අඩි ගානක් උඩ ගියා.

"පබසරට තේ කොල නම් ඕනේ ඒකට කරන්න තියන්නේ පොඩි දෙයයි"

හරිම සන්සුන් ගැඹුරු කටහඩක් ඒ අත තිබ්බ කෙනාගෙන් ආවේ.. ඉතින් හැරෙන්න ඕනෙත් නෑ ඒ කවුද කියන්න.. ඒක නිසා පබසර නඩු කිව්ව කටට පුදුම වුන හිනාවක් ගත්තා..

"එහාට වෙන්න"

මනරුවත් ඇදේ අඩේට තියලා පබසර ඇදම අයිති කරන් ඉන්න විදිහ දැකලා නිර්මලට හිනා යන්න ආවත් අන කරන්න වගේ අර කියනකොට පබසර නිකන්ම එයාට ඉදගන්න පබසරගේ එහා පැත්තෙම ඇදේ ඉඩක් දෙද්දි ලෙඩාට ආගිය තැන් නැති වුනා. මාණික්‍ය කමක් නෑ කියලා ස්ටූල් එකේ ඉඳන් හිටියට දැන් මනරූගේ කකුලක් දෙක තීබ්බේ මාණික්‍යගේ ඔඩොක්කුවේ මොකද නිර්මලත් දැන් ඒ ඇදේ.

"ලොකු අයියා ගිහින් ආවද නෑත්තන් යන්න හදනවද?"

මාණික්‍ය ඒ ඇහුවේ නිර්මල ඇදන් ඉන්න ඇදුම දිහා බලලා. මොකද එයා සුපුරුදු පරිදි හිටියේ එයාගේ ජාතික ඇදුමට මාරු වෙලා.. ලාත් නැති තදත් නැති අලු පිට ෆුල් කිට් එකම ඇදලා හීටිය නිර්මල අතේ දාගෙන හිටපු රිදි පාට ඔරලෝසුව දිහා බ්ලේසරයේ අත ටිකක් උඩට උස්සන ගමන් බැලුවා.

"දැන් යනවා මාණි.. ඔයා කෑම කාලාවත් නෙවෙයි ඇවිත් තිබ්බේ.. පස්සේ ලීලා නැන්දා මේ සුප් එක දුන්නා"

එයා එද්දි අරන් ආපු ලොකු බෑග් එක දිහාවට ඉගි කරන ගමන් කියෙව්වේ. ඉතින් මනරුගේ ඇස් දෙක රැලි වුනා.. රැලි වුන ඇස් දෙක කැරකිලා කෙලින්ම වැරදිකාර පාර්ශවය දිහාවට හැරුනා.

"ඔයා කෑවේ නැද්ද?!"

දැන් තව වැරැද්දක්.. උත්තර දුන්නත් බැනුම් අහනවා නැතත් ඒ බැනුමම අහන නිසා මාණික්‍ය කරේ බබා වගේ හරි අහිංසක හිනාවක් ගත්ත එක.. අර ගෙදර හැමෝම රැවටෙන හිනාව. ඒ වුනාට මනරුව ඒ හිනාවට අන්දන එක බොරු..

"නෑ.. ඉතින්.. මට එන්න.. ඕන.. වුනා.. ඉක්මනට.."

"මාව නෙවෙයි දැන් hospital admit කරන්න ඕනේ මෙයාව අයියේ! පන නැතුව ඇදගෙන වැටෙනකොට නර්ස්ට කියලා ලොකු ඉන්ජෙක්ෂන් එකක් දුන්නා නම් ආයේ නොකි ඉන්න එකක් නෑ!! ඊයේ මැච් එකට මොකද වුනේ?"

ඔන්න එතකොට තමයි මානරුට ඊයේ මැච් එක ගැන සිහියට ආවේ.

"ආහ් ඒක බොසා එක ලකුනකින් බිම බඩගාගෙන දිනෙව්වා"

මාණික්‍ය වැටිලා ඉන්න තත්වය දැකලද මන්දා පබසර මහ තනිකඩ දේවතාවා ස්වරූපයෙන් මාණික්‍යට පිහිටවෙන්න මැද්දට පැන්නා.

"සිරාවට!??? අපි දින්නද??!"

"ඇයි උබට අපිව එච්චරටම විශ්වාස නැද්ද? බොරු නම් අයියාගෙන් අහලා බලන්න එයත් බලන් හිටියේ"

පබසර පන්ඩිත පොඩි ළමයි වගේ කියෙවවේ.. ඉතින් නිර්මලත් හිනාවක් එක්ක ඔලුව වැනුවා..

"නෑ නෑ මං දන්නවා අපි දිනනවා කියලා.."

"ඒකනේ.. Congratulations මට ඊයේ wish කරන්නත් බැරි වුනා"

නිර්මල එයාට බැරි වුන සුභ පැතුම දැන් හරි දුන්නා.. ඒත් මනරුට මේ දැනෙන සතුට තව හොඳට සමරන්න එයාට ඊයේ ඒ වෙලාවේ එනත ඉන්න තිබ්බා නම් කියලා දාස් වාරයක් හිතිලා තෙන්න ඇති.. මොකද එයාට කොයි වෙලෙත් බලන්න ඕන කම තිබ්බේ ඒක.. ඒත් අපිට වෙන්න තියෙන දේ මොනවා වුනත් වෙනස් කරන්න බෑ..

"ඊලග මැච් එක අනිවාරයෙන්ම බලමු මල්ලි"

නිර්මල මනරුගේ හිත කියෙව්වද මන්දා.. ඒත් ඒකෙන් ගැස්සුනේ මාණික්‍ය..

"ඊලග මැච් එක කවද්ද?"

මනරු ඇහුවේ ලොකු බලාපොරොත්තුවක් එක්ක.. ඒත් ඒ අහපු වෙලාවෙම මාණික්‍ය මූන අවුල් වුනා..

"ඊලග බදාදා.."

ඉතින් අර බලාපොරොත්තු එතනම කුඩු වුනා. මොකද ඊලග බදාදා වෙනකොට එයාට කලින් හිටබු තත්වෙටම ඇවිත් ඉන්න පුලුවන් වෙයිද කියලා විශ්වාස කරන්න බෑ.. ඒත් එහෙමයි කියලා මනරු කරේ මූනට රිදුනු හිනාවක් ගත්ත එක..

"කමක් නෑ.. මට හොඳ වුනාම බලන්න අනිවාර්යයෙන්ම finals select වෙලා එන්න.. "

සියල්ල පහන් සිතෙන් භාර ගත්ත මනරු අන්තිමට හිත හැදුන හිනාවකින් දෙන්නා දිහාම බැලුවා.. ඉතින් තවත් හිත රිද්දගන්න ඕනේ නෑ.. ඒත් නිර්මලට ආපු කෝල් එකකින් එලියට ගියත් වගේ මාතෘකාව වෙනස් කරන්න මාණික්‍ය අයියා ගෙනාපු සුප් එක එලියට ගත්තා.

"මං ඔයාට පොවන්නම්.. "

සුප් එක දාලා තිබ්බ නිවෙන්නේ නැති බාජනේ ඇතුලට හැන්ද දාලා ලාවට කලත්තන ගමන් මාණික්‍ය ඒ කියනකොට ඒ දිහා බලන් හිටපු පබසර ඇද කරගෙන ෆොන් එකට එබුනා.

"හා"

ඉතින් මට මොකටැයි ප්‍රේම ජවනිකා කියලා පබසරත් එලියට ගීයා.. එතකොට දෙන්නට ඕන තරම් දේවල් කියවන්න පුලුවන්. ඒත් දැන් මනරුට ලොකු ප්‍රශ්නයක්.

"මාණික්‍ය.. ලොකු අයියා අපේ affair එක ගැන දන්නවද?"

ඒක සැකෙන් ඇහුව ප්‍රශ්නයක්.. එතකොට මාණික්‍ය වුනත් ඒ ප්‍රශ්නෙට දුන්නේ හරි හමන් හිතා ගන්න බැරි බැල්මක්.

"එයා දන්නේ නෑ.."

ලැබුන උත්තරේ කොහොම වුනත් මාණික්‍යගේ මූන දිහා බැලුවම එතන හිතන්න දේවල් ගොඩයි.. එයාලා අයියට අහුවුනාවත්ද..

දන්නේ නෑ.. ඒත් එන දේකට කොහොම හරි මූන දෙන්න හිතන් මාණික්‍ය මනරුට හැන්ද හැන්ද පොවන්න ගත්තම එලියේ ලාවට වහින්න වගේ කලු කරලා තිබ්බේ...

"අයියා දැන් යනවද?"

නිර්මල කෝල් එකේ ඉද්දි පබසර හිටියේ ඊට ටිකක් එහායින් ඈත පේන දර්ශනය දිහා බලන් කොරිඩෝවක් වගේ බැල්කනියේ පහත් බිත්තට ඇන තියාගෙන.. ඉතින් ඇමතුම ඉවරයි.. අතේ තිබ්බ ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් පබසර ලගට ඇවිදන් ආවා.

"දෑන්ම නෙවෙයි.. ඒත් අද යන්න කලින් ඔයාගේ තාත්තා meet වෙනවා"

ඒ කියන ගමන් නිර්මල පබසර එහා පැත්තෙන්ම අත් වැලට බරවුනා.. ඒ මූනේ තිබ්බේ හැමදාමත් වගේ සන්සුන් හිනාවක්.. ඒත් ඒ සන්සුන්කම දැකලා පබසරට ආවේ හිනාවක් වත් සැනසීමක්වත් නෙවෙයි.. ඒක ඒ හිනාව වෙනුවෙන් දැනුන අමුතු දුකක්.

"අයියට දැන් කොහොමද දෑනෙන්නේ?"

"හොඳයි.. කලින්ට වඩා නම් හොඳයි"

"අයියා අර ප්‍රශ්නේ ගෑන හිතනවා නේද?"

උත්තරේ ලැබුන හැටිය නිර්මල දිහා බලන් හිටපු පබසර කරේ ආයේම ඈතට ඇස් යවන ගමන් තව ප්‍රශ්නයක් දාපු එක.. ඉතින් නිර්මල ඒ හේත්තු වෙලා ඉන්න විදිහටම කොරිඩෝවේ ඈත පටන් ගන්න කොන දිහා බැලුවා.

"නොහිතා කොහොමද.."

"හිතන්න ගියාම බෙහෙත් කරලා වෑඩක් තියෙයිද?"

පබසරගෙන් කොයි වෙලත් ඇහුවේ කල්පනාවට හොඳ ප්‍රශ්න. ඒත් මේ පාර ඒකට නිර්මල දුන්නේ රිදුනු හිනාවක්..

"ඒක නිසා මට තියෙම වටිනාම දේ නැති වෙලා ඉවරයිනේ දරුවෝ.."

ඒවා හරිම වේදනාවක් හැංගුන වචන ටිකක්.. වේදනාවට කිසිම අස්වැසිල්ලක් තියේද නැද්ද කියන්න දන්නේ නෑ ඒත් නිර්මල ඒ වචන ටික කිව්වේ කොරිඩෝව දිගට ඇවිදගෙන යන අම්මා කෙනෙක් දිහා බලන්.. ඒ අතේ පරිස්සමට වඩාගෙන හිටපු අවුරුද්දක්වත් නැති පොඩි දරුවා දිහා නිර්මල වේදනා බර ඒත් හිනා වෙන්න දගලන ඇස් වලින් බලන් හිනා වුනා.

"ඉතින් මට දැන් ඕනේ ඔලුව සැහැල්ලු කර ගන්න විතරයි.. ඒ වුනාට ඒකටත් නිදහසක් නෑ.. හරි අවාසනාවන්තයි"

"කවුද කියන්නේ??"

එතකොටම පබසරගේ කටහඩ තදයි.. ඒ නිසාමද මන්දා නිර්මලට හීන හිනාවක් තොල් අගට ආවා.

"පොඩි තෙරපිස්ට තරහා යනවනේ.. ඔයාගේ Client ට ඔහොමද සලකන්නේ?"

ඒක තනිකරම උපහාසෙට කිවව කතාවක්.. හැබෙයි පබසරන නම් ඉන්න විදිහටම ඉඳගෙන කට ඇද කර ගත්තා.

"මට තරහා ගන්න පුලුවන් මොකද මං counseling වලට charge කරන්නේ නෑනේ!"

"අම්මෝ හරි කමක් නෑ එහෙනම් තරහා ගන්නකෝ.. මං නිසා තරහා ගන්න කෙනෙකුත් ඉන්න ඇපැයි.."

ඉතින් නිර්මල ඇගට ගානක් නැතුව වගේ කිව්ව කතාවට පබසරගේ ඇද කරන් හිටපු මූනට යන්නත් හිනාවක් ආවා කිව්වොත් කලු කරපු වටපිටාවේ ගහන් යන්න ආපු හුලගත් එක්ක එයා නිර්මල දිහා බැලුවා..

දැන් අහසේ පාටයි නිර්මල ඇදන් ඉන්න ඇදුමෙයි කිසි වෙනසක් නෑ.. හැබෙයි කලු කර ගත්ත අහසේ හැංගුන ඉර එයාගේ මූනට පායලද මන්දා වහින්න බර අහස දිහා බලන් ඉන්න නිර්මලගේ මූනේ එලිය වුටුනු ලා හිනාවක් ඇදිලා තිබ්බා..

ඉතින් වෙලාව යද්දි මනරුගේ ගෙදර අයත් ආව එකෙන් අද දවසට රෑ නතර වෙන්න අම්මා ඉන්න ඕන කියන නිසා මාණික්‍යටයි පබසරටයි අකමැත්තෙන් වුනත් ගෙදර යන්න වුනා.. ඒත් ඉරිදට ඒ කියන්නේ හෙට ටිකට් කපනවා කියන සතුටත් එක්ක..

ඉතින් ආපු වෙලාවෙම අම්මා අඩාගෙන ගිහින් මනරුව බදාගත්තේ මනරුව කල්පයකින් දැකලා වගේ.. ගෙදරදි මොනවා කියලා අහගත්තත් මනරු පොඩ්ඩ එහා මෙහා වෙද්දි අම්මට ඉන්න බෑ..

ඉතින් මනරුට සමුදීලා ආයෙම ගෙදර යන්න අයියා එක්කම පිටත් වුනත් මග යනකල් තිබ්බ නිහඩ ගතිය පබසර බැස්ස ගමන් නිර්මල නැති කරලා දැම්මේ හොඳ ප්‍රශ්නයකින්.

"මාණි.. ඔයාට මට මොනවා හරි කියනා තියෙනවද?"

ඩ්‍රයිව් කරන ගමන් කිසිම අවුලක නැතුව නිර්මද සුපුරුදු විදිහටමයි ඒ ප්‍රශ්නේ ඇහුවේ.. හැබෙයි වෙනදට අයියගේ ප්‍රශ්න වලට උත්තර දෙන කෙනා අද ඇගම සීතල වෙලා වචන හොයා ගන්න බැරුව එකම අවුලක.

"ම්..?"

නෑ ඒත් මාණික්‍ය සද්ද නෑ.

"මම ඔයාගේ අයියා මාණි.. මාත් රක්ෂිත වගේ කියලා හිතන් කතා කරන්න"

ඉතින් මාණික්‍ය අයියගේ දැලට අහුවෙලා ඉවරයි.. ඒක නිසාම වෙන්න ඔනේ එයා ගැස්හිලා නිර්මල දිහා බැලුවේ.

"ඔයා මාත් එක්ක තරහා වුනොත්"

"මම කවද්ද මගේ පොඩි මල්ලි එක්ක තරහා වුනේ මාණි?"

"ම්.. පොඩි අයියා ඔයාට මොනා හරි කිව්වද..?"

මාණික්‍යට ඇත්තටම බයයි. රක්ෂිත ගාව වගේ නෙවෙයි නිර්මල ලගදි එයාට දැනෙන්නේ තාත්තා එක්ක කතා කරනවා හා සමාන හැගීමක්. කොහොමත් අවුරුදු දහයක වයස පරතරත් එක්ක එහෙම හිතන එකත් සාධාරණයි..

"මට රක්ෂි දෙයක් කිව්වා තමයි.. ඒත් මට ඒක ඔයාගේ කටින්ම අහලා දැන ගන්න ඕනේ"

ඒ කියලා නිර්මල වාහනයක් යනකල් බලන් ඉඳලා පාරකින් හැරෙව්වා. ඉතින් මාණික්‍ය තව සීතල වුනා.. ඒ සීතල කොච්චරද කියනවා නම් දාලා තියෙන ac එකටවත් එහෙම සෘන අගයක් ගන්න බෑ.. ඒ බයටම එයා හිතින් කල්පනාවක..

"පොඩි අයියා කිව්වේ මගේ sexual orientation එක වෙනස් කියලා නම්.. ඒක හරි"

ඒ උත්තරේට නිර්මල දුන්නේ මාණික්‍ය කොහෙත්ම බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක්.. එයා බලාපොරොත්තු වුනේම බැනුමක්.. විරුද්ධව කතා කරන වචන ටිකක්.. ඒත් කිව්ව දේ ඇහුනත් වගේ ඉස්සරහින් යන වාහන වලට සිහිය තියාගෙන එයා ඔලුව වැනුවා..

ඉතින් දැන් අර කලු කරපු අහස හොඳටම වහිනවා..

"ඔයාට සිතලද මාණි? මං ac අඩු කරන්නම්?"

එච්චරද? ඇත්තටම මාණික්‍ය අයියා දිහා බැලුවෙම එහෙම. එතන පුදූමය මහ ගොඩක්. මොකද අච්චර දෙයක කිව්වටත් පස්සේ නිර්මල නිකන්ම නිකන් සාමාන්‍ය දෙයක් ඇහුවා වගේ හැසිරෙද්දි ඇත්තටම පුදුම හිතනවා තමයි.

"ඔයා බනින්නේ නෑද්ද?"

"මොනාටද මාණි?"

"මං වෙනස් නිසා.. "

එතකොටම වගේ නිර්මලට හිනාවක් ගියා.

"okay okay ඔයා වෙනස් ඒක නිසා මං දැන් බනින්න ඕනේ? අනේ මාණි මිනිස්සු ඔය වගේ වෙනස් වෙද්දි බනින මිනිස්සු කියන්නේ තනිකර ගෝත්‍රිකයෝ.. එතකොට ඔයාට මාව වැද්දෙක් වගේ පේනවද මාණි?"

පුදුමයි ඒත් ඇත්තයි මාණික්‍යට තාම ඒක හිතාගන්න බෑ.

"So දැන් ඒ කෙනා මනරු? අර ඔයාට පෙන්නන්න බෑ කිව්ව කෙනා?"

නිර්මලගේ උපහාසය රක්ෂිතගේ උපහාසයට දෙවෙනි නෑ.

"ලොකු අයියා.."

"දැක්කද මං එදාම කිව්වා ඕවා පටන් ගන්නේ ඔහොම කියලා! ඒ කියලා මේ බලද්දි මෙන්න ඒක ඇත්ත..!"

"අනේ.."

"දැන් මොකද ඔය? ඔයාට ඔයා කැමති කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් මාණි.. ඒකට මගෙන් කිසිම බාධාවක් නෑනේ.. බලන්නකෝ මූනේ හැටි"

"ම්.."

"හරි දැන් ගෙදර යන්න මං ආපහු ආවම ඔයාව අල්ල ගන්නම් මස්සිනා එක්කම!"

ඒක හිත හැදෙන හරි සැහැල්ලු කතාවක්..ඉතින් මල්ලිව ගෙදර ලගින් බස්සලා නිර්මල ආයේම එයාගේ සුපුරුදු රාජකාරි වලට ඇදිලා ගියා.. එතකොට දෑන් මේක මනරුට කියනකල් මාණික්‍යට ඉවසූම් නෑ. ඊටත් ඉරිදා දවල් වෙද්දි මනරු ටිකට් කපලා ආයෙම ගෙදර ආපු එකට මාණික්‍ය ඒ ගෙදරින් හෙලවුනේ නෑ.

"උබට ඇවිදින්න අමාරුවක් නෑනේ?"

මනරු කිසි අවුලක් නැතුව ඇවිදිනවා දැකලා ඇරපු ජනෙල් ගැට්ට උඩ ඉඳන් පබසර ඇහුවේ එයා කොයිවෙලෙත් බඩට අත තියන් ඉන්න නිසා.

"උබ pregnant ද?"

පබසරගේ පිස්සු ප්‍රශ්න වලට මාණික්‍ය පැත්තක ඉඳන් ඔලුව වැනුවා.. හැබෙයි මනරූ,

"අපි තාම එහෙම දේවල් කරේ නෑ මචං.. කරොත්,"

" ආ~~~~~ කට වහපං කට වහපං! උබලා පත්තරේ දාන්නේ නැතුව හැමිනියන්! .. හැබෙයි එහෙම වුනොත් උබලා දෙන්නගෙන් කාටද එතකොට බබා හම්බවෙන්නේ?"

කන් දෙක වහගන්න ඇගිලි දෙක කන් දේක ගාවමයි ඒ අනිත් පැත්තට පබසර ආයෙම අර ජාතියේ ප්‍රශ්නයක් ඇහුවා.. ඉතින් ඔන්න එතකොට දෙන්නම..

"මනරුට!"

"මාණික්‍යට!"

දෙන්නා ඒ දෙන්නටම ඇගිලි දික් කරන් එකිනෙකාව පෙන්න ගනිද්දි පබසර හරිම නාට්‍යානුසාරව කලන්තේ හැදුනා වගේ ඔලුව බිත්තියේ ගහගත්තා.

"නෑ උබලා එකෙක්ටවත් නෙවෙයි මටයි බබා හම්බවෙන්නේ!"














මතු සම්බන්ධයි...

කතාවෙන් බාගයක්ම ඉවරයි 😊

මේක හරිම ලස්සනයි sr_zeno ❤️🥀

Continue Reading

You'll Also Like

130K 6.7K 43
အားရှန့် သတ်ပုံမှားနေတဲ့ကောရဲ့အတ္တတွေကိုပြင်ဆင်ခွင့်ပေးခဲ့လို့ ထာဝရအတွက်ကျေးဇူးတင်နေမှာပါ။🚫++အနည်းငယ် ပါဝင်ပါသည်။
32K 4.3K 44
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
ELORA By osi yr

Non-Fiction

10.7K 1.9K 41
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...