The white lotus ( Complete...

By kidurangana

33.7K 6.8K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.

පනස් වන දිගහැරැම

967 131 45
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

**************************************

" .... උඹ බයවෙන්න එපා සුදු මැණික. .. මම උඹට දුන්න පොරොන්දුව රකිනව.... මම කවදාවත් මිනීමරුවෙක් වෙන්නෑ..... ඒ උනත් ඌට සිද්ධ වෙයි ජීවිතේ ඉතුරැ කාලෙ උඹට දුන්න ගින්දරට හරියන්න මහඋලුගෙදර තපින්න......"

චිරීස් .... ඇරල තිබුන දොර වැහිල යන සද්දෙන් එයා යන්න ගියා කියල දැනගත්ත මම උන්නෙම වෙන ලෝකෙක වෙද්දී සිද්ධ උනු දේවල් නෑ ඇත්තටම ඉස්සරහට මොනා සිද්ධ වෙයිද කියලා මට හිතාගන්න බැරිව ගියා. ......ඒ කියන්නෙ උඹ දැනගෙන... හැමදේම .... ඒත් එක දෙයක් ඇරැනම ...
....

 
."ටොක් ටොක් ටොක්. .... මල්ලී. . ඔයා ඇහැරිලාද......"

"ආ.... ඔව් එන්න අක්කෙ. ... "

දොරට තට්ටු කෙරැව උත්තරා අක්ක ඇතුලට එද්දී ඇදේ වැතිරිල උන්න මම ඉදගත්ත ....

  "ඇයි අක්කෙ. ... මොකක් හරි ප්‍රශ්නයක් ද ....."

"ම්ම්ම්ම්හ්ම්. ... නෑ මල්ලී .... ඒ උනත් දන්නවද. ..... මම තාම අප්පච්චිටවත් මේ ගැන කීවෙ නෑ...."

"මොකක් ද අක්කෙ..... මොනව ගැනද. ... "

  "විෂේන් ගැන..... "

  "විෂේන් ගැන.... අක්ක මොනවද කියන්නේ. .. "

   "මල්ලී..... විෂේන් මේ මැරේජ් එකට කැමති නෑ .. .... එයා ඒක මට කෙලින්ම කීව ..... අනික මම බලාපොරොත්තු තියා ගත්ත උනාට එයා කවදාවත් මට එහෙම බලාපොරොත්තුවක් ඇති කරල නෑ මල්ලී. ... ඇත්තටම එයා ආව මුල් දවස්වල මම එයාගෙන් ඇහුව දවසක් .. . එයා කාටහරි ආදරේ කරල තියෙනවද කියලා. .... "

  "එ..එයා මොනවද කීවෙ අක්කට.."

  "දන්නවද මල්ලී.......  එයා මට කීව ... හැමදේම ලග තිබුන උනත් ලොකු හිස්කමක් දැනෙනව කියලා. ....
......එයාට මතක නැතිඋනත් ආදරේ කෙරැව කව්රැහරි ඇතියි කියල කීව... එයාට ආයෙමත් මතකෙ එනකන් ඒ හදවතට වෙනකා වෙනුවන්වත් ඉඩක් දෙන්න විදියක් නෑ  කියල කීව .. ඇත්තටම මම විෂේන්ට ආදරේ කරන්න හිතුනෙම ඒ ගතිගුණ නිසා. .... එයා ආදරේ කරන්නෙ කාටද කියල මතකයක්වත් නැතුව ඒ දෙන ආදරේට මට ලෝබ හිතුන. .... කොටින්ම විෂේන්ව මගෙ ජීවිතේට ලැබුනොත් කියන්න සිතුවිල්ල නිසාම මම එයාව මගේ කරගන්න හිතුව ... ඒත්......

.... ඒත් ආදරේ කියන්නෙ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ අයාන්. .. අනික ඊටත් දැන් එයාට මතකෙ ආපහු ඇවිත්.... එයා ආදරේ කරන කෙනාවත් හම්බවෙලා..."

   "ඒ කව්ද කියලා එයා අක්කට කිව්වද. ....? "

  " ම්ම්ම්ම්. ..... මල්ලී ඔයා මොනාද හිතන්නේ කොල්ලෙක් කොල්ලෙක්ට කෙල්ලෙක් තවත් කෙල්ලෙක්ට ආදරේ කරන එක ගැන . . .... ."

අක්කට මොනාද හිතන්නේ ....

අවුරුදු ගානක් පිටරට හැදුන මට ඕව සාමාන්‍ය දේවල් මල්ලී. . කොහොමත් මම පිලිගන්න විදියට ආදරේ තියෙන්න ඕන හිත් දෙකක් මිසක් ගෑනුපිරිමින්ට විතරයි ආදරේ කරන්න පුලුවන් කයන මතේ නෙවේ.....

මමත් එහෙමයි.......... අක්ක ඇයි හදිසියේම ඔය ගැන මගෙන් ඇහුවෙනෑ. ..

මල්ලි දන්නවද විෂේන් ආදරේ කරන්නෙ කොල්ලෙක්ට ....... ඒ අතින් එයා මහ පුදුම කොල්ලෙක් මල්ලී .... නැත්තන් මොන මනුස්සයද තමන්ට ප්‍රපෝසල් කෙරැව කෙල්ලට ඇත්තටම කියන්නෙ ඒකත් තමන් ආදරේ කරන්න කොල්ලෙක්ට කියල....... මොනා උනත් ඒක කොල්ල හරි වාසනාවන්තයි. ....
.

ඔයා හිතන තරම් ඒ කොල්ල වාසනාවන්තයෙක් නෙවෙයි අක්කෙ. ..... මොකද ඇස් මානෙ වාසනාව තියාගෙනයි තාමත් මම විදවනව .... මගේ කරගන්න බැරිව. ....මම හුස්මක් ගත්ත. ... මම නොදන්නව උනාට එයා එක පියවරක් ඉස්සරහට තියල තිබුන වෙනකොට එහෙමම ඇදට වැටුන මම නොදන්න හෙටදවස ගැන හීන මැව්වා. .... බිදිල යන බව දැන දැනම උනත් හීන මැව්වා ...

****************************************

..  හොටෙල් එකෙන් ගෙදර එන්න  මගෙ හිත  අදිමදි  කරා වෙනකොට  මේ වෙලාවේ ගෙදර අම්මවත් උත්තරා අක්කවත්  නැහැයි කියන හේතුව  තවත් මගෙ හිත  කම්මැලි කෙරෙව්ව උනත්  මට ගෙදර එන්න ආව... වෙනද වගේම පාලුවත් එක්ක ජීවිතේ හිස් තැන් මැකිල යද්දී ඇවිදින අඩිය උනත් කල්පනාවට වැටිල උන්න මම උදේ ඉදන් දැනුන මූසලකම ඇස් ඉස්සරහම පේන්න ගනිද්දී මටත් කලින්ම මගෙ අඩිය නැවතුන. ..... මොකද මන් ඉස්සරහ තිබුන දේ ආයෙමත් මාව වර්තමානෙන්  පස්සට අදිනව වගේ  දැනුන. ....

    
.  ."ලොකු හාමුගෙ වාහනේ. ....."

මම මටම මුමුනගත්තා........අන්තිමේට ලොකු හාමුගෙ වාහනේ ඉස්සරහ හිටගෙන උන්න මම ගෙයි දොරකඩින් නතර උනා වෙද්දී ලොකුහාමුගෙ කටහඩ මට ඕනවටත් වඩා සද්දෙට ඇහුන ....මම දැනන් උන්න...... ඕනවටත් වඩා. .... මේ වගේ දවසක් කවදම හරි මගෙ ඉස්සරහ නවතීවි කියන්න මම හොදටම දැනන් උන්න උනත් ඒ සිතුවිල්ල හිතට ආව හැමතත්පරේම හිතට ගත්ත මහ හයිය දැන් දියවෙලා ගිහින් තිබුන. .......මම මගෙ අම්මගෙ ඒ මූණ මතක් කරා.... නෑ  ඇත්තටම  ලොකු හාමු කියන නම් ගෑවුන තැනක උනත් මට ඒ මූණ මැවිල පෙනුන. ...... මන්  දන්නව  මතක ඇති කාලෙක ඉදලම නොදැක්ක මගෙ අම්මගෙ රෑපෙ මම දැක්කෙම පොටෝ එකකින් විතරක් වෙනකොට  ඒක එහෙම වෙන්න ලොකු හාමුත්  හේතුසාධකයක් වෙන්න ඇති කියන සිතුවිල්ල පපුව රිදවන වේදනාවක් එක්ක  ඇස් රතුවෙන කේන්තියක් මැව්වා වෙද්දී මට අහන්න  ඕන  උන ප්‍රශ්න  ඒ මූණ දිහා බලන් අහන්න බලන් උන්න ප්‍රශ්න හිතේ එක පිට එක තරගෙට පොදිබදින්න ගත්ත...   
.......

."..... අප්පච්චි මම එක සැරයක් කිව්වා. ... මේ කසාදෙ සිද්ධ වෙන්නෑ..... "

"මේ කසාදෙ වෙන්නැත්තන් උඹ මොකටද තවත් මෙහෙ ලැගන් ඉන්නෙ කියපන් ... අපිට අවනම්බු කරන්නද. .... අනික මට කියපන් මොනවද ඒ කෙල්ලගෙ අඩුපාඩුව.... "

ලොකු හාමු එයාගෙන් උත්තරා අක්කගෙ අඩුපාඩු අහනව...... 
..... මට ඇහුන ........ මම ගේ ඇතුලට අඩිය තිබ්බ හරියටම ලොකු හාමු නැවතිල උන්න තැනට ......

  "සලාං....."

.."... මේ... මේ..... උඹ කොහෙද මෙහෙ...".

ලොකු හාමුගෙ ඇස් දෙක ලොකු වෙලා ගියා වගේම අතේ තිබ්බ පීරිසි කෝප්පෙ බීදිල විසිල් යන්න ගියා වෙනකොට තාමත් මන් දිහා බලන් උන්න ලොකු හාමු ගොත ගගහ මම කොහොමද මෙහෙ කියල ඇහුව....

"ඇයි මට ඉන්න බැරිද...."

මන් හිතන්නේ මේ අවුරැදු ගානටම මගෙ ඒ ඇස් දෙක දිහා බලන් මම කෙලින් කතා කෙරැව පලවෙනි වචන ටික....... . හැමදාම කතාකරන හරි යටහත් පහත් වචන වෙනුවට මගෙන් එලියට ආවෙම ඉවසුම් නොදෙන කේන්තිය එක්ක පිරැණු තද වචන ටිකක්.... ...

 
"උඹ..... උඹ පියසේනගෙ කොල්ල නේද..... "

"අප්පච්චි දැන් ඇති.... අප්පච්චිට තවත් දෙව් කියන්නේ පියසේනගෙ කොල්ල උනාට මට ඌ මගෙ හුස්ම ටික. ........ "

"විෂේන්. .. උඹට අමු කැවිලද ... උඹ කියන්නෙ උඹගෙ පිස්සුවට හේතුව මේකා කියලද.... "

මන් හිතන්නේ  ලොකු හාමුගෙ වචන සම්පුර්ණ කරන්න උන්නෑ. ... නොදැනිම  ඇවිත් උන්න  ඩොක්ටර් තේමිය පඩිපෙල  අවසන් පඩියත් බහිනගමන් මට කතා කෙරැව වෙනකොට මම එතනට ගියා. ....
......

" ........ පුතා අයාන්. ....."

  "අප්පච්චී. ......"

" අප්පච්චි ..... තේමිය මේ කොල්ල කොහොම ද උඹගෙ පුතා උනේ......

"මොනවද උඹ මේ කියවන්නෙ ..... ...... "

"කියවන්නෙ .... මේ ඉන්නෙ අපෙ වලව්වෙ මුරකාර වැඩේ කෙරැව පියසේනගෙ කොලුවා. .... එහෙව් එකේ කොහොමද උඹෙ දරැව උනේ....?

"මන් හිතන්නේ උඹ නොදන්න ගොඩක් දේවල් මෙතන තියෙනවා අජිත් .... හරි දැන් උඹ ආවෙ මේ මැරේජ් එක ගැන  කතා කරන්නනෙ. .. අපි ඒක ගැන විතරක්  ඩිස්කස් කරමු..... ..... .."

  " පොඩ්ඩක් ඉන්න තේමියඅංකල් .... මට දෙයක් කියන්න ඕන .."

"විෂේන් කටවහපන්. ...."

"මට උත්තරාව මැරි කරන්න බෑ........අංකල්... ඇත්තටම මට සමාවෙන්න. ....... මොකද...... මොකද දැනටමත් මම කෙනෙක්ට ආදරේ කරනව.... "

"මොනවද පුතා ඔයා මේ කියන්නෙ ...... මම හිතුවෙ ඔය මගෙ දුවට ...... "

."නෑ අංකල් නෑ..... මම කවදාවත් උත්තරාට ආදරේ කරේ නෑ ... ඒ වගේම එයාට බලාපොරොත්තුවක් ඇතිවෙන විදියට වැඩ කරලත් නෑ...... මොකද මේ කසාදෙ කියන්නෙ තනිකරම සිහියක් නැතුව මුලු අතීතෙම අමතක වෙලා ගිය මිනිහෙක්ව කරපු වෙන්දේසියක්. ..... අප්පච්චි මට උඹගෙ වෙන්දේසියේ විකිනෙන්න බෑ .... අප්පච්චි..... පින් සිද්ධ වෙයි මාවයි මගෙ කොල්ලවයි අතඇරපන්. .. අප්පච්චි. ..... මට මගෙ හුස්ම ටික ඕනෙ ......"

එයා කෑ ගැහුවා පිස්සෙක් වගේ කෑ ගැහුවා. ......  අවසානෙ  ලොකු හාමු ගෙන් මටයි එයාට යි පාඩුවෙ ඉන්න දෙන්න කීයල ඉල්ලුව....

...

"මගෙ කොල්ල..... කියපන් කව්ද මගෙ කොල්ල ......විෂේන්. ..."

ලොකු හාමු වෙනුවට එයාගෙ වචනත් එක්ක නිරැත්තර වෙලා උන්න ඩොක්ටර් තේමියගෙ කට ඇරැන. .... ඒත් එයා නිහඩයි. ......... ඇත්ත ... එයා මාව ඉල්ලුව... ඒ උනත් මම එයාට තාම වචනයක් දීල නැති තැන එයා මුනිවත රැක්ක. ... කොටින්ම මගෙ කොල්ල කීවෙ කාටද කියල ඇහුව ඩොක්ටර් තේමියට හම්බඋන උත්තරේ එයාට මාව ඕනෙ කීව එක විතරක්ම උනා. ..... ඒ ඇස් වල කදුළු. ..... මගෙ ඇස් වලත් කදුළු. ...... මන් හිතන්නේ අපි කාගෙන්වත් උත්තරයක් නැති උනත් අපෙ කදුළු එයාට උත්තරයක් බැදල තිබුන වෙනකොට මම කට ඇරිය. ..... ...... ඔව් උඹට තරම් මන් ගැන අයිතියක් කියන්න වෙන කාටවත් පුලුවන් කමක් නැතුව ඇති ..

". අප්පච්චි. ..... ඒ හුස්ම ටික මම නම් අප්පච්චි ඒ හුස්ම ටික අතඅරින්න කියනවද. ... ?"

"පුතේ.... උඹ....."

" .... අප්පච්චි. .... මම දෙව්ට ආදරෙයි... මට සමාවෙන්න. ... මට එයාව අතඅරින්න බෑ. ...... "

එයා පලවෙනි වතාවට ඩොක්ටර් තේමියට අප්පච්චි කීව... ඒ මාව ඉල්ලන්න. .....

"චටාස්. .."

ලොකු හාමුගෙ අතුල්පාර අවසානෙ මට නොවී එයාට වැදෙද්දී මහ සද්දෙන් හාමුගෙ වචන මුලු ගෙදරම දෝංකාර දුන්න

"කටවහපිය විෂේන් .... උඹ ඇත්තටම මගෙ දරැව කියන්නත් මට ලැජ්ජයි..... උඹට එකසැරයක් කීවම තේරෙන්නැද්ද ...... උඹ රටේ ඉන්න ඕනම එකෙක් එක්ක ඕන මගුලක් නටා ගනින් ....... හැබැයි උඹට මූත් එක්ක යන්න බෑ.... . "

"ඇයි..... ඇයි .... අප්පච්චි ඒ.. .... අප්පච්චි මොනදේ කීවත් මට බෑ ඌව  අතඅරින්න. .."

"නෑ... උඹට අතඅරින්න වෙනව... මොකද මේ ඉන්නෙ උඹගෙම සහෝදරයා. ..... "

"..මො .... මොකද්ද ... අ...ප්....පච්චි. ... "

"උඹට ඇහුනනෙ මන් කීව දේ.... උඹල දෙන්නගෙම ඇගේ දුවන්නෙ එකම ලේ. .."

ඒ වචන ටික. . .... මටත් වඩා එයාට බර වැඩි උනා.... ලොකු හාමුගෙ වචන විශ්වාස කරගන්න බැරැව එයාට ඉබේටම අඩියක් පස්සට තියෙවුනා වෙනකොට බලාගෙන ඉද්දිම ඒ ඇස් වලින් කදුළු හැලුනා. .. . . ....

"නෑ.... නෑ වෙන්න බෑ .... උඹ බොරැ නේද කියන්නෙ අප්පච්චි. .... උඹ බොරැ කියනවා. ..... ඔව් උඹ මාවයි එයාවයි  වෙන් කරන්න බොරැ කියනවා. .... අනේ මට කියපන්  අප්පච්චි  ඒක බොරැවක්. නේද...... උඹ කියන්නෙ බොරැවක් නේද අප්පච්චි ..... .."

  එයා පිස්සුවෙන් වගේ කියෙව්ව...... මම හරි ආසාවෙන් අතගෑව එයාගෙ කෙස් බුරැතුපිටින් අතට එනකන් ඇදගත්ත....... ....අවසානෙ ලොකු හාමු ගෙන් ප්‍රශ්න කරපු එයා ඊලග තත්පරේම නැවතුනෙ මන් ගාව වෙද්දී  මම නිරැත්තර  උනා. ... ඔව් .... එයා උත්තර හොයනව......

"මට කියපන් සුදුමැනික උඹ මේක දැනන් හිටියද. ... මම ලන්වෙන්න හදන හැම සැරේම මගෙන් ඈතට පැනල දුවන්න හැදුවෙ ඒකද කියපන්........ ම...ට ... කියපන්. .... මැණික. ......"

රිදෙන බව දන්න නිසාමයි උඹෙන් යන්න හැදුවෙ කියල කියන්න පුළුවන් උනානම්.... නෑ.... මේ හැමදේම උඹ ඉස්සරහ කියාගන්න මගෙ කට කලින්ම ඇරැනනම්. ..... මට සමාවෙයන් ..... උඹගෙ මේ මෝඩයට ඒ ඇත්ත කියාගන්න බැරි උනාට....... මගෙ උරහිසට දෙකට තද උන අත් දෙක තව තවත් මිරිකෙද්දි එයා මගෙ ඇස් දෙකට එබිල ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි.... අවසානෙ හිරකරන් උන්න කදුළු කැට දෙකක් ඔහේ ගලාගෙන යන්න යද්දි මම අමාරැවෙන් ඔලුව හෙලෙව්ව. ..... එයා මාව අතැරිය... නෑ එයාට මාව අතැරැන. .....උඹ හරි සුදු මහත්තයෝ.... උඹ හරි...... උඹ කිව්වත් වගේ මිනිස්සු ආදරේ කරේම අත ඇරෙන බව දැන දැනමයි විෂූ....... බලපන් සුදු මහත්තයෝ.... අද උඹටවත් මටවත් එකතු වෙලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න පුළුවන් ද කියල..... උඹට දරන්න බෑ.. .... මම දන්නවා. .... පණ දෙන්න ආදරේ කරපු එවුන් විදවද්දී. .. . ගත්ත හුස්ම ටික දාල යන්න වෙද්දී. .... උඹගෙ හුස්ම ටික මමයි කියල කීව උඹට මේ දුක දරන්න බෑ..... ...... මම බලන් ඉද්දිම එයාට බිම ඉන්දුනා වෙනකොට  දැනටමත් මටත් වඩා වඩා  ඒ ඇස් අඩන්න අරන්  තිබුන. ....  .......

"ඇයි.... අප්පච්චි. ..... අපිට මෙහෙම උනේ......ඇයි උඹ එහෙම කරේ....
...... ඇයි කියන්න අප්පච්චි. ........ කොහොම ද උගෙයි මගෙයි අප්ප උඹ උනේ....... මගෙ අම්මව බැදල උන්න උඹ කොහොමද වෙන ගෑනියෙක්ගෙ බඩට දරැවෙක් දුන්නෙ... මට කියපන්. .... මට කියපන් අප්පච්චි. .......

එයා ඉදගත්තු තැනම ඉදන් කියවනව........ඒත් තව තවත් නිරැත්තර ලොකු හාමු ඉස්සරහ උත්තරයක් බලාපොරොත්තුවෙන් උන්න එයාට හති වැටුන වෙනකොට එයා නැගිට්ටා........

    "මට කියපන්  අප්පච්චි. ..... කෝ මගෙ ප්‍රශ්නෙට උත්තර ..... උඹ මේකට උත්තර බදින්න ඕන අප්පච්චි. ..... බදින්නම ඕන. ......"

අප්පච්චි උන ලොකු හාමු ඉස්සරහ ඒ වචන දරදඩු උනා වෙනකොට නිස්කලංක තිබුන මුලු ගෙදරම චණ්ඩ උනා.... මන් පලවෙනි වතාවට කවදාවත් නැතුව හාමුගෙ ඇස් වල බයක් දැක්ක. ....

  ."මන් කියන්නම්... උඹ නොදන්නව  උනාට  මම උඹගෙ අම්මව කසාද බැන්දෙ  අප්පච්චිගෙ කීමට.. ඇත්තටම  එතන ආදරයක් තිබුණෙ නෑ...... මට සුරේනිව මුලින්ම හම්බවුනේ නුවරදි.... එතකොට මම උඹගෙ අම්මව කසාද බැදල උඹවත් හම්බවෙලා හිටියෙ... ඒ උනත් ඒ කසාදෙ තනිකරම උඹගෙ සීයගෙ උවමනාවට තීන්දු උන දෙයක් ..... සුරේනිවූ පලවෙනි වතාවට දැක්කහම ජීවිතේ පලවෙනි වතාවට මට ගෑනියෙක් ගැන වෙනස් හැගීමක් දැනුන. .....ඒ නිසා මම නිතරම උත්සාහ ගත්ත ඒ හිත මට විතරක් අයිති කරගන්න. .....  ඒත් මම ලන්වෙන්න වෙන්න සුරේනි මගෙන් දුරකට ගියා.... සමහර විට  මම දරැවෙක් ඉන්න තාත්තා කෙනෙක් නිසා එයා එහෙම ඈත්  වෙන්න හදන්න ඇති කියලයි මම හිතුවෙ. ..... ඒත් මගෙ හිත  ඒක පිලිගත්තෙ නෑ ... ... මගෙ ඇස් නිතරම හෙව්වෙ සුරේනිව උනාට එයාගෙ ඇස් හෙව්වෙම වෙන කෙනෙක්ව ..... ඔව් ..... වෙනකෙනෙක්ව ... අපිට ජීවිතේ ලැබෙන්නැති අවස්ථා බලෙන් හරි ලබාගන්න ඕන ..... .. ඉතින් මට ඕන උනා දවසකට හරි සුරේනිව මගේ කරගන්න. .... ඊට පස්සේ. ......දවසක්. .... දවසක් මම. .....

මගෙ අත් තරහටම කිටි කිටියෙ මිටි මෙලවුන. .....

"පරණ ටී ෆැක්ටරිය. .... උඹ මගෙ අම්මව රවට්ටලා බලෙන්ම අරන් ගිහින් මගෙ අම්මගෙ ජීවිතේ විනාස කරා.. මම හරිනෙ.... මම හරිනේද ලොකු හාමු. ..... ඒකෙ ප්‍රතිඵලේ මම ..... එහෙම නෙහ්...... .."

එක මොහොතකට මට අමතක උනා මගෙ ඉස්සරහ හිටගෙන ඉන්නෙ මට බලෙන්ම ජාතකේ දුන්න අප්ප විත්තිය..... මොකද මට පෙනුනෙම මගෙ අම්මව මගෙන් උදුරගත්ත. .. මගෙ අම්මගෙ ජීවිතේ විනාස කරල අපායක් කෙරැව.... මනුස්සයා විදියට විතරක් වෙනකොට හැමදාම උසාවියෙ නඩු තීන්දු දුන්න ලොකු හාමු අද මේ මොහොතේ චූදිතයා විතරක් වෙලා උන්න වෙද්දී මගෙ සුදු මහත්තයා පැත්තකට වෙලා බලන් උන්න ....... කොටින්ම මෙච්චර වෙලාම මිටිමෙලවිල තිබුන අත් ලොකුහාමුගෙ බෙල්ල හිරවෙනතරමටම මන් අතින් මිරිකිල යන්න යද්දී පවා එයා එහෙමම බලන් උන්න. ...... අවසානෙ අවුරැදු තුනක්ම මම අප්පච්චි කීව ඩොක්ටර් තේමිය අත් වලින් මගෙ අත ලිහල දැම්ම.....

"උඹට ඕන හැමදේම බලෙන්ම අරගෙන පුස් කෑල්ලක් වගේ මගෙ අම්මව විසිකරල දැම්ම එක හරිද කියාපන්. ... කියපන් ලොකු හාමු. .... මගෙ අම්ම විතරද කියාපන්..... තව... තව ගෑනු කීයක් දෙනෙක් උඹ අතින් අනාථ වෙන්න ඇත්ද..... උන් උඹට සහ ඉල්ලන්න ඇති ........ සුරේනි රත්නා කුමාරි කියන්නෙ උඹට තවත් එක ගෑනියෙක් විතරක් උනාට මට එහෙම නෑ..... ඒ මගෙ අම්ම මිනිහො.... ඒ මගෙ අම්ම . ...... "

මම පර්ස් එකේ තිබුන මගෙ අම්මගෙ පොටෝ එක අතට ගත්ත. ..... අරගෙන ලොකු හාමුගෙ අතේ ගුලිකරා වෙනකොට මගෙ අම්මත් හාමුට සහඉල්ලන්න ඇතිය කීව. .....
තවත් මට මෙතන ඉන්න හේතුවක් නොඉද්දි මට ඔලුව හැරැණ අතේ යන්න හිතුනා.... නෑ ඇත්තටම එහෙමම මම එලියට බැස්ස. .....

"යන්න එපා..... සුදු. ..මැ ...."

එයාට කියන්න ගිය දේ ගිලුන .. සුදු මැණික. .... තව දුරටත් මම උඹගෙ සුදුමැනික නෙවෙයි .... උඹ මට ආදරෙන් කතා කෙරැව හැම වචනෙකම තිබුනෙ උතුරන ආදරේ මිසක්ක සහෝදර ප්‍රේමය නෙවෙයි .. . ...... තවත් ... තවදුරටත් අපිට අපිව උරුම නැත්තන්. ...... හොදමදේ දුරස් වෙන එක නෙවෙයිද.... වෙන්න ඕන ඒක නෙවෙයිද කියපන්..... මම උඹේ නෙවෙයි කියල දැන දැන උනත් එයා ඉබාගාතේ යන්න හැදුව මාව යන්න නොදී නවත්ත ගත්ත උනාට මට එයාවත් එයාට මන් දිහා වත් තවත් බලන්න බැරැව ගියා. ..... මොකද වචන එක තත්පරේට පිටඋනත් ඒ වචන වල තේරැම හිතට තේරැම් කරන්න මහකාලයක් යන නිසා. ..... උඹව තාමත් මගෙ ඇස් වලට පේන්නෙ මට හුස්ම දුන්න ආදරේ නිසා. .......

"මට.... මට සමාවෙන්න. ....

ආදරෙන් ජීවිතේ අවසානෙ වෙනකන් එකට අල්ලන් ඉන්න පැතුව අත අද මමම ලිහල දැම්ම වෙනකොට ජීවතේම විදවන්න වෙන රිදුමක් එක්ක මම යන්න හැරැණ. ...... මට මගේ කියල ඉතිරි එකමදේ එක්ක ....... ඒ මම ......... මම විතරයි. ....

..".... පුතා..... නැවතියන් දරැවො..... ... "

" තේමිය. ...... ...... "

" අයියෙ......"

" මොනවද මෙතන සිද්ධ වෙන්නේ. ....... ඇයි මේ දරැව මේ අඩාගෙන. ..... මොනවද උනේ......."

වාහනේට නගින්න හැදුව මාව ඇවිත් උන්න දයාන් අංකල් නවත්තගත්ත වගේම එයා එයාගෙම මල්ලීගෙන් ප්‍රශ්න කරා....... ඒ උනත් මන් දන්නව ඩොක්ටර් තේමියට කියන්න දෙයක් නෑ. ...... මොකද එයා හැමදේම කලින් දැනන් උන්න. ... මට අහන්න ඕන උනා ඇයි මට ඇත්තම නොකීවෙ කියල.... ඒත් මට දෙන්න උත්තරයක් එතන තියෙයිද..... ........ ඩොක්ටර් තේමිය දයාන් ලොකු අප්පච්චිගෙ ප්‍රශ්නෙට තාමත් උත්තරයක් හොයද්දි ගේ ඇතුලෙ ඉදන් ආව ලොකු හාමු ගාව හැමෝගෙම ඇස් නැවතුන. .....

"ම.....මට උඹට කියන්න දෙයක් තියෙනවා පුතා .. මගෙ අතින් සුරේනිට සිද්ධ උන වැරැද්දට සමාව දෙන්න බැරි බව මම දන්නවා. ..... ඒ උනත්...... "

ලොකු හාමු මට පුතා කීව. ... කවදාවත් නැතුව මේ එක තත්පරේට මම උන්දැට පුතා වෙලා.... පුතා.... ඒක තනිකරම විහිලුවක්. ...... ඔව් මගෙ ජීවිතේ අප්පච්චි කෙනෙක්ගෙන් අහන්න ආසම උන ආදරනීයම වචනෙ.... මට දැනුනෙ මැරැණු හැගීමක්. ...... මොකද ඒ වචනෙට මගෙ තාත්තා කියන මනුස්සයා සුදුසු නැති හින්දා. ........ මම ආපිට යන්න හැදුව උනත් මම මග නැවතුන
..... ඒ මගෙ කන් දෙකත් සිසාරා ගිය එකම වචනෙකට......

"සු. .... සුරේනි. ......"

"අම්ම. ..... "

මම ලොකු හාමුගෙ අතේ ගුලිකෙරැව පොටෝ එක ... ඒක තිබුනෙ දයාන් ලොකු අප්පච්චිගෙ අතේ වෙනකොට මගෙ වචනෙත් එක්ක ඒ ඇස් ගැස්සිල ගියා.......

" අ..අම්ම. ... මේ
...... මේ පුතාගෙ අම්මද .... ඒ... කොහොම ද.... රාධිකා. ..... රාධිකා නෙවෙයි ද පුතාගෙ අම්ම. ....... සුරේනි. ... "

"අයියෙ..... "

"තේමිය ..... මොකද්ද කියපන් ඇත්ත.... සුරේනි. ... සුරේනි කොහොම ද මේ දරැවගෙ අම්ම උනේ.... මට කියපන්. ....."

......" මගෙ අම්ම රාධිකා අම්ම නෙවෙයි. .... සුරේනි රත්නා කුමාරි. .... ඒ තමයි මගෙ අම්ම. ... එතකොට මේ ඉන්නෙ. .. මගෙ..... මගෙ අම්මව අනාථ කරල මාව බඩට දීල මගෙ අම්මගෙ ජීවිතේ විනාස කෙරැව මනුස්සයා..... ...... මගෙ. ... මගෙ... අ....

    මට කියාගන්න ඕන උන් නැති උනත්  මගෙ කටින් ඒ වචන ටික පිටඋනා. .. .... කොටින්ම  ඩොක්ටර් තේමියගෙන් ඇහුව ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. .. මගෙ වචන විශ්වාස කරගන්න බැරැව ද කොහෙද දයාන් අංකල් එහෙමම  උන්නා....    ඒක නිශ්ශබ්ද කමකටත් වඩා එහා ගිය  දෙයක්.....  එක වචනයක් වත් නොකියම ලොකු  හාමු ලගට අඩිය තිබ්බ දයාන්අංකල්ගෙ  අත  හාමුගෙ බෙල්ලට තද උනා. ..... මන් දන්නෑ ඇයි කියන්න මම ඒ ඇස් වල දැක්කෙම ගිනි පිට වෙන කේන්තියක් .......

.
"උඹ .... උඹ මොකද්ද මගෙ කෙල්ලට කරේ...... ප# බල්ල. .... .... උඹ පණ පිටින් තියන්න වටින්නෑ..... මැරිල පල.....තෝ.  තිරිසනා  .. .  ... "

    දයාන්  අංකල් මගෙ අම්මට කෙල්ල කීව..... මගෙ කෙල්ල ..... .... ඊටත් වඩා  මගෙ ඔලුවෙ කැරකුනේම දයාන් අංකල්  මගෙ අම්මගෙ කව්ද  කියන එක විතරක්ම වෙනකොට මට ඕන උනා  අහන්න. ...  ඇයි මගෙ අම්ම වෙනුවෙන්  ඒ ඇස් වල  ඒතරම්ම තරහක්.....?

    " කැහ්. ... කැහ්. .....

     මන් හිතන්නේ  ලොකු හාමුගෙ හුස්ම හිරවෙන්න ගත්ත.... දයාන්  අංකල්ගේ  අත් දෙකට හිරවුන බෙල්ල   ගලවගන්න බැරිඋන හාමු හුස්මටික හිරවෙද්දි කහින්න ගත්ත...   ...... නෑ ඇත්තටම මට  ඕන නෑ ඒ මිනිහා මැරෙන්න. ......  මගෙ අම්මට මොනදේ කරා උනත් මගෙ ඉස්සරහ  ඒ මනුස්සයාගෙ හුස්ම ටික යනව බලන්න මට ඕන කරේ නෑ. ......

  "අතඇරපන් අයියෙ.... ප්ලීස් ඔය මිනිහ මැරෙයි....."

  ."උඹ කියන්නේ මූ වගේ තිරිසනෙක් අතඇරල දාන්න කියලද.....මූ මගෙ කෙල්ල. ..  මගෙ සුරේනි. .....  "

     "ඔය මනුස්සයා  අතාරින්න ලොකු අප්පච්චි. .......  ඔය මිනිහ මැරැණ කියල ආයෙමත් මගෙ අම්ම  එන්නෙ නෑ   . ..... "

   

   මම ඒ අත් දෙකම  ඇදල අහකට ගත්ත. .... මෙච්චර වෙලාම හිරවෙන්න ගිය හුස්ම ටික  හාමු තනියම පපුවත් අතගගා උඩට අල්ලනකොට මම බලාන  එයා දොරකඩ ගාවට වෙලා බලන් උන්න. ..... හරියටම හැගීම් මැරැණු මනුස්සයෙක් වගේම....... 

   " සුරේනිව මූ අතින්  අනාථ උන් නෑ .... "

   මගෙ අම්මව හාමු අතින්  අනාථ  උන්න නෑ කියනවත් එක්කම  මම ඩොක්ටර් තේමියගෙ ඉස්සරහ හිටගත්ත. ...

       "මගෙ අම්ම. .. එහෙනම් කොහොම ද......... "

      " උඹගෙ අප්පච්චි  හාමු නෙවෙයි දරැවො. ....... "

    " එතකොට පරණ ටී ෆැක්ටරි එක....  වලව්වෙ වැඩට  හිටිය සිරියලතා කියන ගෑනු මනුස්සය...... "

   " ඒ හැමදේම  ඇත්ත දරැවො....   ඒ උනත්  උඹල කව්රුත් නොදන්න කතාවක් මෙතන තියෙනවා. .... සුරේනි කියන්නෙ උඹගෙ අම්ම උනාට අජිත් කියන්නෙ උඹගෙ  අප්ප නෙවෙයි......"

   මට තේරෙන්නෑ නෑ කියන්න. .... මම සතුටු වෙන්න ද දුක් වෙන්නද. .....  හාමු කියන්නෙ  මගෙ අප්පච්චි නෙවෙයිනම්. .... එහෙනම් කව්ද මගෙ අප්පච්චි. ....... එතකොට  තමයි ගෑනුමනුස්සයා  මගෙ අම්ම හාමු අතින්  අනාථ උන යි කීවෙ බොරැවක් ද.......

    " ලොකු හාමු කියන්නෙ මගෙ අප්පච්චි  නෙවෙයිනම්  කව්ද මගෙ අප්පච්චි. ..... "

   මම ඇහැව්ව. ....

    " මම කියන්නම්
..... මම  හැමදේම කියන්නම්....... මේ හැමදේම  සිද්ධ උනේ  මමයි සුදු  අයියයි.......  . ....  එතකොට කමලුයි අපි  එකතු වෙලා   අජිත්ගෙ වලව්වට නිවාඩුවට ගියහම..... ඒ කාලෙ තමයි සුරේනි  ගුරුපත්වීමක් අරන්  නුවර ඉස්කෝලෙක වැඩබාරගන්න   ආවෙ........  සුරේනි  කියන්නෙ  හරි අහිංසක කෙල්ලෙක්.....    ඒ කාලෙ   සුදු අයියයි කමලුයි ඇරැනම අපි හැමෝම  කසාද බැදල  හිටියෙ...  .....හරිම ටික කාලෙකින් උනත්   සුරේනි ගමේ හැමෝම  එක්ක හරි හිතවත් උනා.... අපි එක්ක උනත් එහෙමයි.....  ඇත්තටම  හිතවත්කමකට එහා ගිය දෙයක්  අපි අතර තිබුනෙ නෑ  කියලයි මම හිතුවෙ ........ ඒත් අපි හැමෝම  නොදන්න  ලස්සන ආදර කතාවක් එතන ගෙතිල තිබුන  කියල දැනගන්න මට හුගාක් කල්ගියා. ..... ..... මාස ගානකට පස්සෙ  දවසක්  මම සුරේනිව  අහම්බෙන්  දැක්කා.....එතකොට එයාට දරැවෙක් ලැබෙන්න හිටියෙ...... එදා තමයි හරියටම උන හැමදේම මම දැනගත්තෙ..... නෑ ඇත්තටම මම තේරැම් ගත්තෙ.........
...... සමහරවිට ඒ හැමදේම මම කලින් දැනගෙන හිටියනම්  මේ හැමදේම  වෙනස් වෙන්න තිබුණ   ........ මූ අතින් එදා අනාථ උනේ උඹගෙ අම්ම  නෙවෙයි පුතේ... ඒ උඹගෙ පුංචි  .... එක බඩවැලකඩාගෙන ආව උඹගෙ අම්මගෙම  නිවුන් සහෝදරී.....   "

  

  .."අප්පච්චී. ....... "

   "  අප්පච්චී. ...... උඹට  ඇත්තටම  අප්පච්චි  කෙනෙක්  ඉන්නවා පුතේ
..... ඒ මම නොවුනට මූත් නොවුනට උඹටත් අප්පච්චි  කෙනෙක් ඉන්නවා. ....... තමන් තාත්තා කෙනෙක් කියල තාමත්  නොදන්නව උනත් මට විශ්වාසයි. .... ඒ තරම්  ආදරේ දෙන පුළුවන්  අප්පච්චි කෙනෙක්  උඹට නොහිටීවි. ........
  අයියෙ..... උඹ මෙහෙට ආව දවසෙ ඉදලම මගෙන්  ඇහුවා නේද සුරේනිට මොකද සිද්ධ උනේ කියල....  මට.... මට සමාවෙයන් මගෙ අයියෙ...... මම දෙයක්  උඹගෙන් හැංගුව...... ඒ වගේම  උඹෙන් දෙයක්  හොරකන් කරා...... . ... මම මම ....  උඹට මතකද අයියෙ .. ඩැඩී බලෙන් උඹව රට යවන්න හැදුව දවසෙ  මගෙන් සුරේනි ගැන ඇහුව. ....  මම උඹට බොරැවක් කීව..... සුරේනි  එදා ගමෙන් ගිහින්  හිටියෙ නෑ අයියෙ..... සුරේනි  මගෙන්  උඹ ගැන ඇහුව උනත් මම ඒකිටත් බොරැ කීව.... උඹ කසාද බැදල රට ගියා කියල. .....  මට සමාවෙයන් අයියෙ.... මට කරන්න පුළුවන් දෙයක් තිබුනෙ නෑ වෙන. ..... ඩැඩී  මගෙන්  උඹ ගැනයි සුරේනි  ගැනයි  අහද්දී  ඒකිගෙ  ජීවිතේ ගැන මට බය හිතුන. .... මොකද සුරේනි කියන්නෙ   උඹේ පණ ටික කියල මම  දැනන් හිටිය නිසා. ..... අන්තිමේට  මම උඹල දෙන්නව  වෙන් කරා...... උඹේ දරැවෙක් බඩේ තියන් ඉන්නව කියල නොදැන මම  ඒ පවට කරගැහුව අයියෙ......    සුරේනිගෙ ..බඩේ හිටිය දරැවගෙ තාත්තා  උඹයි මගෙ අයියෙ....ඒ තමයි අයාන්. ..........  වෙන කරන්න දෙයක් නැතිකමට   මම උඹෙන් හොරකන් කෙරැව උඹෙ  ලේ ටික....."

     " මොනවද උඹ මේ කියවන්නෙ තේමිය. .... මට කියපන් මල්ලී. ..."

     .". උඹ දන්නැති උනාට උඹ රටින් පිට ගියාම. උගක් දේවල් මගෙ ජීවිතේ වෙනස් උනා.....   ... .... එදා  කා ඇක්සිඩන්ට් එක උන දවසෙ රාධිකා  ඒක ඇතුලෙ හිටිය....ඒ ඇක්සිඩන්ට්  එකෙන් එයාට හුගක්  ඩැමේජ්  උන නිසා  එයාට ඔපරේෂන් එකක් කරා.... ....  ඒ නිසා  අපෙ දරැව  අපිට නැතිඋනා  අයියෙ ... දවස් ගානකට පස්සෙ  එයාට  සිහිය ඇවිත් පිස්සියක් වගේ දරැව හොයද්දි  මගෙන් දරැපැටිය කෝ අහද්දී එයා හිටිය තත්ත්වෙ අනුව  මට එයාට කියාගන්න බැරැව ගියා. ..... දරැව නැතිඋනයි කියන ඇත්ත එයා කොහොම පිලිගනීද කියන බයටම  මම බොරැ පිට බොරැ කීව....   . ..... මට මට බැරිඋනා  .... දරැවටත් නැති කරගෙන හිටිය මට  රාධිකාවත් නැති කරගන්න. .... මට එහෙම දෙයක් හිතන්නවත් ඕන උනේ නෑ......කරන්නෙ මොකද්ද කියල  හිත හිතා  උන්න මට හරි අහම්බෙන්  එදා දරැව හම්බවෙන්න  හොස්පිටල් එකට  ගෙනාව සුරේනිව හම්බඋනා. .........   මම හිතුව ටත් වඩා  සුරේනිට දරැව හම්බවෙන්න  අමාරැ උනා. ...... . ........ ඒත්  සුරේනි දරැවො දෙන්නත් එක්ක හොදට හිටිය...... ඔව් දරැවො දෙන්නයි ..... කොල්ලොම දෙන්නෙක්.......  දරැවත් නැතිව මැරෙන්න වැටිල  උන්න  රාධිකාට මට ජීවත් වෙන්න  හේතුවක් දෙන්න ඕන කරා..... ඉතින්  .....මම එදා. ..  සුරේනිගෙ එක දරැවෙක්ව  අරන්  අපෙ දරැව වෙනුවෙන්  රාධිකාගෙ ලගින්   තිබ්බා. ......     ඒත් සුරේනී.... දරැව හම්බවෙන්න ගිහින්  නැතිඋනා .........  ............. . ඒ වෙනුවට එයාගෙ දරැපැටියව එයාගෙ නංගි උන දුලේනිට   බාරඋනා........ මට සමාවෙන්න මගෙ අයියෙ.....මට බැරිඋනා. ....... මට බැරිඋනා. ......  මගෙ දරැවගෙ ජීවිතේවත් ආරක්ෂා කරගන්න....... . අන්තිමේට  ඌත් මාව දාල ගියා......  මේ හැම ඇත්තක්ම දැනගත්ත දවසෙ ඌත් මාව දාල යන්නම ගියා මගෙ අයියෙ...... "

     "   මගෙ දරැව. ...... මගෙ  දරැව  කෝ බන්.... මට කියපන්  තේමිය. .... කෝ  මගෙ  අනිත් දරැව එතකොට. .......... "

     "ඒ....ඒ ... මම. ......මම නේද. ...."

    මම අමාරැවෙන්  අකුරු ගැලපුව...මට දරන්න බෑ.....  ඇත්තටම තවත් මට මේ හැමදේම  දරන්න බෑ. ...... පුංචි කාලෙ අම්ම ඉල්ල ඉල්ලා  අඩපු.... ලොකු උනාමත් ඒ ආදරේ හෙව්ව මම මගෙ අම්මවම මරාගෙන ඉපදුන එකෙක් වෙලා   ......  මගෙ අප්පච්චිට මගෙ අම්මව නැති කරපු එකා මම වෙලා..

   "ඔ..ඔව් ... පුතේ....  අයාන් කියන්නේ  උඹගෙ අයිය.... උඹගෙම අයිය. ...... මගෙ කොල්ලට ඕන උනා මැරෙන්න කලින් උඹව බලන්න  එන්න. ....ඒත්
.... ඒත් ඌට බැරිඋනා ......"

        "තෙ. ...තේමිය. ...."

     "රාධිකා. ....... . ......  "

          ඇවිත්  උන්න  රාධිකා අම්මගෙ කටහඩට තේමිය අංකල්  විතරක් නෙවෙයි මම උනත් බය උනා. ...... උත්තරා  අක්ක උනත් ..  මොකද  මේ හැමදේම  රාධිකා අම්ම කොහොම බාරගනීද  කියන්න කව්රැත්ම නොදන්න  හන්ද....... ........

      "තේමිය. .   මො... මොනාද ඔයා දැන් කීවෙ.....  "

     "මට සමාවෙන්න රාධිකා..... මට සමා....වෙ...න්න. ...... ...... අපෙ දරැව .... අයාන් කියන්නෙ අපෙ දරැව නෙවෙයි රාධිකා.... 
.......අයාන් කියන්නෙ ...... අයාන් කියන්නෙ සුදු අයියගෙයි  සුරේනිගෙයි දරැව. ..  අපෙ දරැව අපිව දාල සදහටම යන්න ගියා රාධිකා. ... අපෙ දරැවට මේ ලෝකෙ එලිය දකින්නවත් බැරි උන. ... .... . මේ ඉන්නෙ  අයාන් නෙවේ..... ..."

     "තෙ තේමිය. ....  "

      රාධිකා අම්ම මන් ලගට ඇවිදන් ආව. .....

.  "......පුතේ.....   "

      " මම ඔයාගෙ  පුතා නෙවෙයි අම්මෙ..... ....  මම ඔයාගෙ පුතා නෙවෙයි. ......  මම අයාන් නෙමේ. ....."

      " මගෙ  රත්තරනෙ. ..... මම.... මම දන්නවා. ....... මම දන්නවා  රත්තරනේ .... මේ අම්ම දන්නව උඹ මගේ අයාන් නෙමේ කියල. ..... ඒ වගේම  මේ අම්මා  දන්නව පුතේ...  අයාන් කියන්නේ මගේ දරැවෙක් නෙවෙයි කියන්න. ...... මම දන්නවා
.. ... අම්ම කෙනෙක්ට දරැවෙක්ගෙ පුංචි වෙනසක් උනත් දැනෙනව රත්තරනේ..... උඹ මගේ පුතා නෙවෙයි කියන්න කොටින්ම  අයාන් කියන්නේ  මගෙ දරැවෙක් නෙවෙයි කියන්න මම දන්නවා පුතේ මම දන්නවා. ..... මගෙ දරැව  අයාන්. ... නැතිවෙලා ටික දවසකින් මම දැනගත්ත. .... අයාන් කියන්නේ  මගෙ දරැවෙක් නෙවෙයි කියන්න .. මේ අම්මට සමාවෙන්න  රත්තරනෙ. ........"

   මම අහන් උන්න. ... හැමදේම. ....  ඇත්ත බොරැව උන හැටි .... පාපොච්චාරණ .... වැරදි කෙරැව අය සමාවගන්න හැටි.... දරැවෙක්   උන්නද කියලවත් නොදැන  ආදරේ දෙන්න බලාන උන්න එක අප්පච්චි කෙනෙක්ගෙ කදුළු  ...... නැති උන දරැවෙක් වෙනුවෙන්  ඒ හිස්තැන පුරවන්න කියල ඉල්ලන  අම්ම කෙනෙක්ගෙ ආයාචනාත්මක බැල්මක්........ ජීවිතේ කෙරැව වැරදි හදාගන්න බැරැව පසුතැවීමක් එක්ක විදවන මිනිස්සු. ... මේ හැමදේම  අතරින් කදුළු වලින් බරවෙලා තිබුන ඒ ඇස් දෙක හැමදාමත් වගේ  මන් ලගම නතර වෙලා තිබුන.... අඩන්න බැරිකම නෙවෙයි  ඒ උනත්  එකසැරේ මේ හැමදේම මට බර වැඩි උනා. ....... එතනින්  එහාට එක වචනයක් මගෙන්  එලියට  ආවෙ නෑ..... නෑ ඇත්තටම කියන්න ඕන දේවත් මට තේරැම් ගන්න බැරිඋනා වෙනකොට මම ඇවිදින රූකඩයක් ගානට  කාමරේට අඩිය තිබ්බ  ......    මම දොර වහන්නත් කලියෙන්ම එය  දොර වහල දැම්ම   .... . ....

      "සුදු මැණික. ...... දැන්. .. දරන් හිටිය හොදටම ඇති නේද...... මගෙ පණ....... උඹ ඔහොම දුක දරන් ඉන්න  ඕන නෑ මගෙ සුදු මැණික. ...... හිනාවෙන්න විතරක්  නෙවෙයි  අඩන්න  උනත් මේ පපුවෙ උඹට ඉඩ තියෙනවා. .... "

        
        එයා කීව.... කීවටත් වඩා කෙරැව..... මම ඒ පපුවට බර වෙන්න කලියෙන්ම එයා මාව  ආදරේ උතුරන  පපුව අස්සට ගුලිකරගත්ත....... හැගීම්  වචන කරල එලියට දාගන්න මට බැරිඋනත් හිත නිවෙනකන් මම ඒ පපුව මැද්දෙ කදුළු වැගිරැව. ............ 

........

........

   "  පුතේ...... එකම එක  සැරයක්  ඔය කටින් මට අප්පච්චි  කියල කතා කරපන් රත්තරනෙ. ...... ඊට පස්සේ උඹට  ඕන නම් මම උඹෙ ජීවිතේ  නොහිටිය මනුස්සයෙක්  විදියට ඈතටම යන්නම්. ....... ..... උඹගෙ  අම්මට  මම කෙරැව වැරැද්දට සමාව දෙන්න බැරි බව මම දන්නවා. ...... එදා මම ඩැඩීගෙ කීමට රටින් නොගිහින් හිටියනම් අද මන් ලග සුරේනියි මගෙ දරැවො දෙන්නමයි යහතින් ඉන්නව.... මට සමාවෙයන් පුතේ උඹගෙ අප්පච්චිට එදා තීරණයක් ගන්න තරම් කොන්දක් පණ නොතිබ්බට. .
... ..... ඒ උනත්  එකම එක  වතාවක්වත් මට  අප්පච්චි කියල කතා කරපන් පුතේ.

..".අ.....අප්පච්චි. ...... "

  මම අප්පච්චීට කියල කතා  කෙරැව  ....   හරියට කලුදුලේ වචනයක් කියන දරැවෙක් හා සමානවම මම අප්පච්චි  කියල කතා කෙරැව වෙනකොට ඒ ඇස් සතුටට දිලිසුනා . .... උඹටත් මටත් ජීවිතේ මැරැණු තැන් බොහෝමයි අප්පච්චි. ......... 

....මගෙ අප්පච්චි හිනාවෙද්දී  හරි ලස්සනයි...... 

     මගෙ දරැවා........... මගෙ පුතේ.... තව එකසැරයක් මට අප්පච්චි කියල කතා කරපන් රත්තරනේ.... .....

....
.      මේ අවුරැදු ගානටම හරියන්න  ඉතිරි ජීවිත කාලෙම මම අප්පච්චිට එහෙම  කථා කරන්නම්...

      මම අප්පච්චිගෙ ඒ වයසට  වියැකිල රැලිවැටුන   අත් දෙක අතරට මැදිඋනා. .....  පියසෙනස පුරවගත්ත ඒ පපුවෙ ආදරේ උනුසුම වින්ද....   කොටින්ම  අවුරැදු ගානක උනුසුම එක විනාඩි ගානක් ඇතුලෙ මම හොයන්න ගත්ත. .... මම මේ  උනුසුම විදින්න  අවුරැදු ගානක් බලන් උන්න  අප්පච්චි. ..... 

.."...   සුනීත හිටියනම් මෙතන ....... උඹගෙ අම්ම  තරම් සතුටු වෙන කවුරුත් නැතිවෙයි රත්තරනෙ. ............ "

.... පැත්තක උන්න  ඩොක්ටර් තේමිය... නෑ මගෙ බාප්පා. ...... රාධිකා අම්ම. .... උත්තරා අක්ක. ..... ඒ හැමෝගෙම  ඇස් වල කදුළු. ....  ඒ ඇස් අස්සෙ  එයාගෙ  ඇස් වලත් කදුළු ඇවිත් ... .... ඇත්තටම උඹ කීව විදියටම මගේ ජීවිතේට වසන්තය ආව..... නොකියම ඇවිත්  හරි ඉක්මනට නතර උනා. ....... 

      
        "  අප්පච්චි. ...... මට මගෙ හුස්ම ටික දෙනවද....
...... මුලු ජීවිත කාලෙටම ආදරේ දෙන්න. ........ මට පුළුවන්  හරි පරිස්සමට එයාව බලාගන්න.... "

     එයා මගෙ  අප්පච්චිට අප්පච්චි කීව...... ඒ වගේම මාව මගෙ අප්පච්චිගෙන් ඉල්ලුව  .....

   "මගෙ දරැවව පරිස්සමට බලාගන්න පුතේ... ඌ අම්මගෙ අප්පගෙ ආදරේ නැතුව හැදුන එකෙක්. .... ඌට  කප්පරක් තරම්  ආදරේ දීපන් පුතේ.... මේ තාත්තාටත් හරියන්න. ......." 

     අප්පච්චී  අපේ අත් එකට පැටලුව. .. ...  පටලල අම්ම අප්පගෙ ආදරේ නැතුව හැදුන මට කප්පරක් තරම් ආදරේ දෙන්න කීව. .. . .  ඒ ඇස් වල කදුළු පිරැණ. ...  අතීතයේ දවසක අප්පච්චිත් අම්මත් එක්ක  ඉන්න මෙහෙම හීන දකින්න ඇති....  ආදරේ සන්තකේටම ලියාගන්න හීන දකින්න ඇති..... පුංචි පවුලක් හදාගන්න. ..... පුංචි දරැපැටියෙක් හුරතල් කරන්න හීන දකින්න ඇති .... ඒත් ඒ හීන  බිදිල ගිහින් තිබුන. .. හැබෑ උන එකම හීනෙත් එයාටත් හොරෙන් දලුදාල තිබුන. ... ඒ අත් වලට හුරතල් වෙන්න ඕන මන් අද කරදඩු උස්මහත් වෙච්ච මනුස්සයෙක් වෙලා උන්න . .......   .... .  මම තාමත්  අප්පච්චිගෙ නොමැරැණු ආදරේ මතක සටහන් ඒ ඇස් වලින් දැක්ක  .... ඇත්ත  ආදරේ මරන්න බෑ.... කොයිතරම් රිදුම් දුන්නත් අපි ඒ රිදුම් දෙන  අතීතෙට හරි ආදරෙයි..... මම එහෙමම පැටලිල තිබුන අත් දිහා බැලුව ....  මගෙ විෂූ  සතුටට  ඇස් වලින් පවා හිනාවෙනව මට  පෙනුන........ 

    " තවත් ඔය මුදු දෙක කරට  වලංගු  නෑ දරැවනේ..... ඒක නිසා ඇගිලිවලට බර වැටුනට කමක් නෑ. ..... "

       
      ඇත්ත තවත් මටවත් එයාටවත් මෙතන උන්න කාටත් හොරාවට හංගන්න දෙයක් නෑ. .....

         "  මාව කසාද බඳින්න  කැමතිද සුදු මහත්තයෝ....මගේ වෙනවද...... "

   මම  ඉස්සර උනා.... කොටින්ම  එයාටත් වඩා ඉක්මනට මට එයාව මගේ කරගන්න  ඕන උනා ..... මම මුදුව ගැලෙව්ව. .... මෙච්චර දවසක්  මුදුව උස්සන්  උන්න චේන්පට හිස්වෙද්දී මම මුදුව අතට ගලවල අරගත්ත වගේම මාව කසාද බඳින්න කැමති කියල එයාගෙන්  ඇහැව්ව.....

       " ජීවිත කාලෙටම. ......"

මම එයාගෙ ඇගිල්ලට මුදුව දැම්ම ....... එදා සෙංකඩගල අහසයට  අපේ ගිවිසගැනීමට නිසල  නුවර වැව විතරක් සාක්ෂි දෙද්දී  අද මේ මොහොතේ  මගේ ජීවිතේ  ආදරනීයන්ගෙ  කදුළු  අපේ ආදරේට සාක්ෂි දුන්න. ...   දිව්රැම් දුන්න  හැමදාටම  අපි අපේ වෙන්න. .... මම උඹේ වෙන්න.... උඹ මගේ වෙන්න. ..

    " මම  උඹට  දිව්රන්නම් මගෙ මැණික   හැමදාටම උඹට ආදරේ කරනව කියල ....    ......  "

    එයා හැමෝම ඉස්සරහ ආදරේ පිරැණු  හාදුවක්  මගෙ නලලට තිබ්බ. .... 

............

............

   "සුදු මැණික. ......  "

..."ම්ම්ම්ම්. ...."

     දන්නවද  අද මම කලින්ම ආවෙ උඹට දෙයක් කියන්න බලන්....

   මොකද්ද විෂූ.....

     "අපෙ අක්ක කෙනුලව ඊලග මාසෙ මැරි කරනවා. ...."

  .".. අක්ක  ...."

      හ්ම්ම්ම්. ....   කෙනුලට අක්ක කැමති වෙලා...  මන්  හිතන්නේ කසාදෙන් පස්සෙ ඒ දෙන්නම  කොලඹම නතරවෙයි. .....    මගෙ මැණිකට සතුටුයිද. .....

   " හ්ම්ම්ම්. .... සතුටුයි.....  "

    මට සතුටුයි හුගක්. ..... මන් දන්නව පුංචි මැණිකෙ  මහ හුගක් දුක් වින්දා   ..... දෑන් ඒ ජීවිතේට වසන්තය  උදාවෙන්න ඕන කාලෙ ...... ඒ උනත් මට මමයි එයයි ගැන කල්පනා උනා...  උඹටයි මටයි  කොහෙන් ද  කසාදෙකට ඉඩක්     ........  නීතියට අනුව  උඹටයි මටයි  කසාද බඳින්න බෑ කියලා මම දන්නවා. ......

..".   ....   මිනිස්සු  කසාද බඳින්නෙ නීතියට ඉස්සරහ අයිතිවාසිකම් කියන්න පුළුවන් නිසා විතරයි මැණික. .... නැතුව හදවතට අයිතිවාසිකම් බදින්න නෙවෙයි. .. උඹටයි මටයි කොලයක් උඩ අත්සනක් දාල කසාද බඳින්න බැරිව ගියත් දැනටමත් මගෙ අයිතිය උඹට දීල ඉවරයි මගෙ මැණික. ..... .. "

ඇත්ත....එයා කීව වගේම කොලේක අත්සනක් දාල ගන්න  අයිතියකට වඩා හදවතින්ම  දුන්න  අයිතියේ වටිනාකම වැඩියි...    ......  අයිතියක් කියාගන්න ඕන මිනිස්සු  කොලේක ලියල අයිතියක් තියාගත්ත උනත් හදවතේ බැදීම බිදිල ගියා දවසට කොලේක ටම විතරක් ඒ සම්බන්ධෙ සීමා උනා...... .      එහෙව් එකේ  සන්තකේටම ලියාගන්න දුන්න ඔය හදවතම විතරක්  මට  හොදටම ඇති ....... 

  
..

    "මගෙ මැණික තරහද. ...."

    "ම්ම්ම්ම්හ්ම්  .....මොකටද.... උඹ කීව හැම වචනයක්ම ඇත්ත වෙද්දී  මම  මොකට තරහ වෙන්න ද සුදු මහත්තයෝ. ...... "

   

   "දැන්  මම එන්න කලියෙන්ම  මොනාද මගෙ මැණික   අහස  දිහා බලන් හෙව්වෙ... ම්ම්ම්ම්. ......"

   "අතරමන් උන තරැවකට පාර කියන්න හොයනව...... "

     "තරැවක්. ... "

"හ්ම්ම්ම්  තනිතරැවක්....... හරියටම මම වගේ .. හරියටම  උඹ වගේ ...... .... සුදු මහත්තයෝ උඹ දන්නවද ..... මම  හදටත් වඩා කැමතිම තනිතරැවකට...... ඇයි දන්නවද ..... මම ඒ තනිතරැවනම්..... උඹ තමයි මට  මේ  මුලු අහසම...... කොයිතරම් තරැ කැට ආව ගියා උනත්. ... හද  ඇවිත් බොරැ බලාපොරොත්තු දුන්න උනත්  ඒ පුංචි තරැකැටේ  අත නොහැරම  තනියට උන්නෙ අහස විතරක් හන්ද......   මාව අතනොඇරම උන්නෙ  උඹ හන්ද...... මට ආදරේ කියල දුන්නෙ උඹ හන්ද....... මම උඹට  හරි ආදරෙයි..... මහ හුගක්. .....

...
        
         "ආදරෙයි  මගෙ සුදු නෙලුමට....? දැන් යමු ඇතුලට  එලියෙ ඉදල පිනිත් බානව....... "

     
    "තව ටිකක් ඉමුද...... "

   "ඒ මොකෝ ඇයි උඹට අසනීප වෙන්න ද....උඹ  වරෙන්කො සුදු මැණික  හච්චිං හුච්චුං ගාගෙන.... "

     එයා මට ගැස්සුව නිකන් නෙමේ  හොදවයින් රැවිල්ලකුත් එක්කම....

    " හරි හරි..... දැන් යමු ඇතුලට. ....."

    "  ඇයි දැන් තව ඉන්න ඕන කීවෙ. .... .... ඉතින් ඇයි දැන් යන්න හදිසියක් මගෙ  නෙලුම් මලට ම්ම්ම්ම්. ....."

    
"  ම්....පෙති දිගඅරින්න...... උඹට බැරිනම් කියපන් සුදු මහත්තයා   .....  ඕනමනම් මට පුළුවන්  ඉතින්   උඩ යට මාරැවෙන්න. ...... "

      "අවුලක්මත් නෑ ඉතින්  සුදු මැණික ..... . දන්නවද දවසක් මගෙන් කෙනෙක්  ඇහුවා .... පිරිමි පිරිමි කොහොමද අරම කරන්නෙ කියල....... දැන් මොකෝ කියන්නෙ........     පුලුවන් ද ආ. ....මගෙ මැණිකට ....... "

..... ආයෙ දෙපාරක් නෑ මටම මගෙ කටට ගහන්න හිතුන....... එයා  මහ රෑ දෙගොඩහරියෙ  හොරාට අපෙ ගෙදර ආව  දවසක මම  ඒ ඇහුව ප්‍රශ්නෙ ආයෙමත් මගෙ කනට කරල මුමුණද්දී   සත්තයි දැන් ටිකකට කලින් පණ්ඩිතය වගේ කීව කතාවටත් එක්කම මගෙ කනේ ඉදන් රතු වෙලා ගියා. ..... .

   "මොකෝ මගෙ මැණික රතු වෙලා. ...ම්ම්ම්ම්. .... ඇයි බැරිද....."

      

    මගෙ කනට කරල මුමුණපු එයා මගෙ  කන් පෙත්තට හාදුවක් තිබ්බ  වෙනකොට  දැනුන කිතියට මට ඉබේටම ඇබරඋනා. ..... ඇත්තමයි  උඹට  හිනා නේද  ...  හිටපියකො...... සුදු මහත්තයා. .....

   "මොකෝ බැරි.... "

  .මම දෙපාරක් නොහිතම  හිනාවෙවී උන්න  එයාගෙ  හිනාවට තිත තියන ගමන් එයාව හරහට උස්සල අරගත්ත . .....

..
."........දෙව්.... ගුටි නොකා මාව බිමින් තියපන්. ....."

      "ම්ම්ම්ම්හ්ම්. ...බෑ...... මම කීවෙ මට පුළුවන්  ...... මට පුළුවන්  ඕනමනම්  ඉතින්. .....  "

........" උඹ  අද රෑ නිදියල හමාරයි සුදු මැණික ..... .... "
   

        "   මගෙ නෙලුම් මල ආයෙමත්  රතු වෙලා. ......  මොනවද හිතන්නේ. ...."

    "මො... මොකුත් නෑ . ...නාකි සුදු මහත්තයා මගෙ......

    "නාකි  ..... හිටපියකො කව්ද නාකි කියල මම පෙන්නන්න........

.......  මගෙ අත් දෙකෙන්  බිමට පැන්න  එයා මගෙ  ඉන වටේට අත යවන ගමන් ඒ දෙතොලට මාව හිරකරගත්ත. ...... ටීකකින්  ඒ දතොලෙන් ඈත් උන මම මගෙ ලෝකෙ  වටිනාම දේ මට දුන්න  ඒ ආදරනීයම  මනුස්සයාගෙ  ඇස්  දෙක දිහා බලන් උන්න. .....  මට පෙනුන ..... ඒ උතුරන ආදරේ පිරැණු   ඇස් කෙවනි අතරින් මාවම...
. .....

    "මන් ආදරෙයි. ......උඹ දන්නවද සුදු මහත්තයා. .....  නෙලුමක් උනත් පිරෙන්නම ඕන  ඒකට අගයක් දෙන්න පුළුවන් විල්අරණක. ..... හරියටම උඹ වගේ. ..... උඹගෙ හිත වගේ....."

   මම  ඒ ආදරනීයම  පපුවට හාදුවක් තිබ්බ. ....

 

      ඉතින් තවත් එක් සියපතක් ආදරනීයම විල්අරණක පිපුනු වගයි. ....

         නිමි......

  මෙතෙක්  මා සමග ඔවුන්ගේ ආදර අන්දරය  සියැසින් වැලදගත් ඔබ සැමට තුති     ....... 

  

😊කතාව කියවල ඔයාලගෙ අදහස්  මට කියන්න. ... අකුරු අඩු පාඩු ඇති ගනන් ගන්න එපා. ...
      

😊අවසානම කොටස අද දුන්න ඔන්න  ... මම මේක කොටස්  දෙකකට දෙන්න හදලත් එකකට දැම්ම. . . පරක්කු නිසාම. ....

😢   පහුගිය ටිකේ මගෙ අම්මට ටිකක්  අසනීප උන නිසා තමයි දෙන්න බැරිව ගියේ.... ...

😊අලුත් කතාවකින් හෙට ඉදන්  එන්නම්. ....

     

Continue Reading

You'll Also Like

987K 61.1K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
219K 5.5K 20
Your daughter runs off while you were in the middle of grocery shopping because she spotted Max, her favourite driver. Meeting you, Max wants to know...
133K 5.5K 99
a sister who's actions are untamed, and a brother who's feelings are untamed. With complete different personalities, yet an awesome bond, the sibling...
182K 6.6K 93
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...