මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
ඒ මමයි...... කිසිම වෙනසක් නැති මගෙම රෑපෙ ඉස්සරහ ඉදන් මම එකම එක..... එකම එක වෙනසක් හෙව්වා. .... ඒ මම නෙමේ කියන්න. ...... ඒ පින්තූරෙ අයිතිකාරය මම නෙමේ කියන්න. ... නෑ.... මම නෙමේ. ..... මම අඩියක් පස්සට උනා......ඇත්...ත...ටම ...
මේ.... මම...නෙමේ...."ඔය මගෙ මල්ලි. ... අයාන් ආකේන්ය බණ්ඩාර "
************************************
" ඔය වගේම ඔයාව දැක්ක මුල්ම දවසෙ මමත් පුදුම උනා...... මට දැනුනෙ මගෙ මල්ලි ආයෙමත් අපි ලගට ඇවිත් කියල.... ...... ඒත් ඩැඩී කීවම ඔයා මගෙ මල්ලි අයාන් නෙවෙයි කියල මම විශ්වාස කරේම නැතිතරම්. ... ඒ තරමට ඔයාල දෙන්න සමානයි.... "
"එ. . .එයා කොහෙද. ... දැන් ?
" එයා ගියා ...... අපිව දාල සදහටම යන්න ගියා. ..... ආය කවදාවත් නොඑන්නම...... ...."
" කොහොම ද එයා නැති උනේ...... "
" ඒක දිග කතාවක්. ...... හරියටම මීට මාස තුනකට කලින් හැමදේම වෙනස් නොවෙන්න අපේ ජීවිත තාමත් සතුටින් පිරිල තියෙන්න තිබුන. ... ....... පොඩි කාලෙ ඉදලම වගේ අපි හිටියෙ කැනඩා වල..... .... කොටින්ම අවුරැදු දහයකට වඩා අපි ජීවත් වුනේ එහෙ...... අපි හුගක් සතුටින් හිටිය ෆැමිලි එකක්. ....... එතකොට අයාන්. ...... අයාන් තමයි අපේ පවුලෙ හුරතලා..... සමහර වෙලාවට මට හිතිල තියෙනව මමීයි ඩැඩීයි මටවඩා එයාට ආදරේ කරාද කියලත්..... ඒක ඇත්ත.... එයාගෙ වැඩ වලට එහෙම නොවුනොත් තමා පුදුම. ......ඒවගේම එයා හරි හිතුවක්කාරයි..... හිතුවක්කාරකමකට වඩා එයාට තිබුනෙ කොහොම හරි එයාට ඕන දේ ලබාගන්න පුරැද්දක් ..... එයා එහෙමයි..... ඒත් කවදාවත් එයා නරක දෙයක් කෙරැවෙ නෑ......... ඒත් ජීවිතේ නොහිතුව විදියට එයා ගත්ත එක හිතුවක්කාර තීරණයක් නිසා එයා එ...යාවම ..... අ. .....පිට නැති කරා........"
" එතකොට එයා කොහොමද නැති වුනේ....."
" ඒක ඇක්සිඩන්ට් එකක්...... ප්ලීස් ඒ ගැන මගෙන් අහන්න එපා .... "
එයා අඩනව....එයාගෙ හිතේ තියෙන දුක වචන වෙලා එලියට එද්දී මම අහන් උන්න. ..... ඒ හැම වචනෙකම තිබුනෙ වලදාපු අතීතෙක මතක සටහන් වෙද්දී මගෙ එකම එක ප්‍රශ්නයක් ඒ හිත රිද්දල තිබුන. .... ...... මන් ගැන ඇහුවත් මන්ලග දෙන්න තියෙන එකම කතාවත් කදුළු කතාවක් විතරක් වෙද්දී මම එයාගෙන් සමාව ඉල්ලුව. ......
KAMU SEDANG MEMBACA
The white lotus ( Complete )
Fiksi Penggemarබැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............