(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාව...

By -Honey_Quinn-

73.6K 9.4K 3.7K

අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බ... More

අලුපාට ගැන !
පිදුමක් !?
01 ¡ !
02 ¡ !
03 ¡ !
05 ¡ !
06 ¡!
07 ¡ !
08 ¡ !
09 ¡ !
10 ¡ !
11 ¡ !
(අ)ස්ථාවරයක ස්ථාවරය ¡ !
පසුවදනක් !!
අලුපාටට තෑගි !?
සැබෑ අලු පාට

04 ¡ !

3.7K 578 189
By -Honey_Quinn-

රෙකමන්ඩ් කරන සින්දුව එක්ක කතාව විඳින්න....
_________________________________________________________

" ලස්සනයි !!! "
ගිලිලා යන ඉර දිහා බලාගෙන මම කිව්වා... සින්දුව කියලා කිසිම කතාවක් නොකරම අපි දෙන්නා ඇවිත් ඉඳගත්තෙ ගාලු මුවදොරේ ග්‍රවුන්ඩ් එකේ ඉඳලා පහලට බහින පඩියක !!.
.
.
.
ටිකකින් එයාම ගිහින් අරන් ආපු ඉස්සො වඩේ එක එක්ක කිරි තේ එකක් බොන ගමන් අපි දෙන්නම බලන් හිටියෙ ගිලිලා යන ඉර දිහා..

කතාවකට මුලක් පටන් ගන්නෙ කොහොමද කියලවත් මට කිසිම අදහසක් තිබුනෙ නැහැ..එයා කිසි දෙයක් කිව්වෙත් නැහැ..මගෙ ලඟින් ඉඳගෙන වඩේ එක කාලා කිරි එක බිබී , ගැඹුරට හුස්ම ගත්තා ඇරෙන්න වෙන කිසිම කතාවක් නොකරපු එයාගෙ ඒ ගැඹුරු ඇස් යා වෙලා තිබුනෙ ඉර ගිලෙන දියඹට විතරමයි..

ඒත් මට ඕනි උනේම ඒ හිතාගන්න වත් බැරි වොයිස් එක අස්සෙ හිරවෙච්ච කතාව දැනගන්න...ඉතින් එයා බලන් ඉන්න මුහුද දිහා බලාගෙනම මම කතා කලා...

" ලස්සනයි !! "
මම කිව්වෙ එයාගෙ වොයිස් එක ගැන...ඒත් මට එයාගෙන් ලැබුනෙ ඇස් දෙකත් එක්ක හීනි කරපු මහ අසරණ හිනාවක් විතරයි...අසරණ කියනවටත් වඩා ඒ හිනාවෙ තිබුනෙ පසුතැවිල්ලක්..මගෙ වචනෙට වත් හැරිලා නොබලපු එයා හිනාවෙන් උත්තර දුන්නෙත් මුහුදට..

" මෙච්චර ශාර්ප් වොයිස් එකක් තියාගෙනත් ?!"
මට ප්‍රශ්නෙ ඉතුරු ටික අහන්න හිත දුන්නෙ නෑ..මම මෝඩ වැඩක් කලා...එයාව අසරණ කරන්න මට ඇත්තටම ඕනි උනේ නැහැ..ඒ නිසාම මම ප්‍රශ්නෙ මඟින් නතර කලා...

ඒකටත් එයා අර විදියටම හිනාවෙන් උත්තර දීලා අතේ තිබ්බ කිරි වීදුරුවෙන් උගුරක් බිව්වා...
.
.
.
.
.

"" මං ආසම එකක් !! ""
ටික වෙලාවකින් එයා මුහුද දිහා බලන් එහෙම මුමුණද්දි මුහුද දිහා බලන් හිටපු මං ඒ මූන දිහාවට හැරුනා..මට ඒක තේරුණා..

ඒ සින්දුව ඔයා ආසම එකක් කියන එක මම ඒ වෙලාවෙම අඳුනගත්තා කියලා මට එයාට කියන්න ඕනි උනත් , මම ලොකු හුස්මක් එක්ක ඒ වචන ටික ආයෙම ගිලගත්තා..

මට එයාගෙන් අහන්න ප්‍රශ්න ගොඩයි !! ඒත් අහගන්න බැරි අසරණකමට මම එයා දිහා බලලා හිනාවුනා ... එච්චරයි ...

ඒත් !!!!
මට එයා එක්ක කතා කරන්න උවමනා උනා..සමාවෙන්න ...මම වත් දන්නෙ නැහැ මේ වෙලාවෙ මට දැනෙන හැඟීම් වලට තේරුමක් දෙන්න...

" එදා ඔයා එක්ක පුංචි දරුවෙක් හිටියා !! "
මං මුහුද දිහා බලාගෙන මුමුණද්දි , මම ඇස් අගින් හොරාට දැක්කා...එයා මං දිහාවට හැරිලා බලාගෙන ඉන්නවා...

ඒත් මට ඒ මූන දිහා බලන්න බැරි උනා..මොකද්දෝ හේතුවකට මට එයා දිහාවට හැරිලා ඒ ඇස් වලට මූන දෙන්න , මේ මොහොතෙ හිතන්නවත් බැරි උනා...

"" තැන්ක්‍යූ !! ""
එයා ආයෙම මට තෑන්ක් කරනවා..මං පර්ස් එක ගෙනත් දුන්න එකටද , එයා එක්ක සින්ග් කරපු එකටද දන්නෙ නෑ..සමහරවිට දෙකටම වෙන්න ඇති..
එත් මං එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවෙ ඒ ගැන නෙමෙයි...

ඒත් ඒ ස්තූතියට ප්‍රතිචාර නොදක්වා බැරි කමට මං එයා දිහා බලලා හිනාවුනා..ඒක එච්චර දෙයක් නෙමෙයි කියන එක මගෙ හිනාවෙන් මම එයාට ඇඟෙව්වා...

ආයෙත් නිහඬයි...අපි දෙන්නම !!

විශ්වාස කරන්න ... මේ නිහඬ හැඟීමට මං මෙච්චර කැමති ඇයි කියන්න මට කිසිම අදහසක් නැහැ..ඒත් මේ වෙලාවෙ මූදු හුළඟත් එක්ක ඉහල පහල යන එයාගෙ හුස්ම ඇහෙන තරමට නිහඬ මේ මොහොතට මම මට නොදැනීම ආකර්ශනය වෙන්න අරන් වගේ දෙයක් මට දැනෙනකොට මගෙ හිත ආයෙම මගෙන් ප්‍රශ්න අහනවා..

හුළං එක්ක එක මොහොතකින් ඇවිත් ආයෙම යන ඒ දාඩිය සුවඳ මගෙ නාස් පොලු අතරෙන් ගිහින් එලි බහිනවා....,
ඒ දාඩිය සුවඳ ආයෙ ආයෙ විඳගන්න ඕනි වගේ හැඟීමක් මගෙ හිත අස්සෙ කෑ මොර දෙනකොට..
මම ආයෙම ගැඹුරු හුස්ම හරි බරට ඉහල අදිනවා...

" ඔයා නොසන්සුන් විසල්.."
මගෙ හිත විටින් ව්ට මටම මුමුණද්දි ..මම මුහුද දිහා බලාගෙන මං එක්කම හිනාවුනා...

මගෙ හිත ආයෙම ටිකක් හීලෑ කරගන්න හිතාගෙන මං ඊයෙ ඉගෙන ගත්තු මල්හාර් රාගෙන් කොටසක් හිනියට මුමුණන්න පටන් ගත්තා ...මේ වෙලාවට ඒක ෆීල් වෙන්න තිබ්බා....
හීන් පොදක් තිබ්බා නම්...

මට ඇත්තටම හිතුනා..
වැස්සක් තිබුනා නම් මල්හාර් රාගය කොහොම ෆීල් වේවිද කියලා මම හිත හිතම ඒකෙ පද පේලි මිමිණුවා...

"" මියංකි මල්හාර් !! ""

මං ආයෙම මොහොතකට පුදුම උනා...ඔව් එයා හරි... මං ඒ ගැයුවෙ මියංකි මල්හාර්...ඒත් එයා ඒ ගැන දැනගත්තෙ කොහොමද කියන තැනදි!? මගෙ හිතට ආයෙම ප්‍රශ්න එකින් එක ගලාගෙන එන්න ගත්තා...

මට ඉබේටම මිමිණුම නතර උනා..මං එයා දිහා බැලුවා නෙමෙයි...ඇත්තටම මට බැලුනා..

"" වැහි වස්සන්න මේ වෙලාව අකැපයි !! ""

"" එහෙම උනොත් ඔයා දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ අහන්න දතකන ප්‍රශ්න ටික ආයෙම හිතේ විතරක්ම හිරවේවි ""

ජීවිතේ පලවෙනි වතාවට මට පොලොවෙ පස් අස්සෙ හැංගෙන්න තරම් හැඟීමක් දැනුනා...එයා හරියටම මේ විනාඩි ගානට සෑහෙන්න මගෙ හිත කියවලා තිබුනා...

මල්හාර් රාගෙකට පුලුවන් වැස්සක් වස්සන්න තරම් ෆීල් එකක් දෙන්න...වැස්සෙ තෙමි තෙමී අහසෙ පාවෙන්න හිතෙන හැඟීමක් දෙන්න..
එයා ඒ ගැනත් දන්නවා කියන්නෙ..!?
මගෙ හිතේ ආයෙම ප්‍රශ්නයක්...!!

"" දිගින් දිගට පිරිමදින්න පිරිමදින්න මැනිකක් ඔපවෙනවා ..""

"" ඒත් මැදදි ඔප දාන එක සදහටම නතර කරන්න සිද්ද වුනු වොයිස් එකක් තවදුරටත් ශාර්ප් වෙන්න විදියක් කොහෙත්ම තියෙන්න බැහැ ""
එයා උත්තරයක් දුන්නා...මං මුලින්ම අහපු ප්‍රශ්නෙට එයා උත්තර දුන්නා..ඒත් ප්‍රශ්නයක් ඉතුරු උනු උත්තරයක් !!

" ඔප දාන එක නතර කරන්නත් හේතුවක් තියෙන්න ඇති.. "
මම හිතට ආපු දේ එයා එක්ක මුමුණද්දි මං ඇහේ කොනට දැක්කා...එයාගෙත් ඇස් තිබුනෙ මුහුද දිහාවට

"" අද බබාගෙ කිරි දවස ""

එයා මගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ අමුතු පිලිවෙලකට !! මං එයාගෙන් මුලින්ම ඇහුවෙ පුංචි බබා ගැන !! ඒත් උත්තරේ ලැබුනෙ මං එයාගෙන් තවත් ප්‍රශ්නයක් අහපු වෙලාවක ...
එයා අමුතුයි..මට ආයෙම දැනුනෙ ඒක !!
මට එයාගෙ උත්තර ගැන අවදානෙන් ඉන්න වෙනවා..මං හිතන්නෙ ඔයාට ඒක කරන්න පුලුවන් වෙයි විසල් ...

" කිරි දවස් !? "

"" නතර කලේ නැහැ !! නතර කරන්න සිද්ද උනා ""

හ්ම්ම්ම්... එයා දිගින් දිගටම බලන් ඉන්නෙ ඉර ගිලිලා යන දියඹ දිහා...දැනටමත් ඉර ගිලීගෙන ගිහින් හතරවටේම අඳුරු වෙලා...ගාලු මුවදොරේ තැන තැන දැල් වුනු ලයිට්ස් වලින් ඒ අඳුර මැකිලා ගියත් , අපි ඉඳගෙන හිටපු තැනදි මට පෙනුනෙ බල්බ් එලියෙන් වැහිලා පැත්තක් අඳුරට පෙනුනු එයාගෙ මූන විතරයි...

මට හිතාගන්න බැහැ එයාගෙ ඇස් මේ තරම් අනන්තෙක අතරමං වෙන්න තරම් හිතේ නලියන හේතු මොනවද කියලා..ඒවා නොදැන මට මෙතනින් යන්න හිත දුන්නෙත් නැහැ..

ඉතින් එයා ඒ එකින් එක මං එක්ක බෙදාගෙන මෙතනින් නැගිටලා යනකල් එයා එක්ක එලිවෙනකල් උනත් මෙතන ඉන්න වගට මම මගෙ හිතටම පොරොන්දුවක් දුන්නා..මං දන්නවා...
එයා ඒ හැමදෙයක්ම මං එක්ක කියනවා...
මොකද එයාගෙ හුස්ම පහලට බර වෙන රටාවෙන් තේරුනා...
එයා ලොකූ කතාවක් කියන්න දැනටමත් සූදානමින් !!

"" අහලා තියෙනවද අම්මා නැති කිරි දරුවන්ගෙ කිරි දවස් ගැන !? ""
ඇත්තෙන්ම මම එහෙම කතාවක් මගෙ ජීවිතේට ඇහුවාමයි..
අම්මා කෙනෙක් නෑ කියන්නෙ සමහර විට ඒ ලමයට වෙනත් කෙනෙක්ගෙන් මව්කිරි දෙන දවසක් වෙන්නත් පුලුවන්...
ඒත් ඒක මගෙ හිතේ මේ වෙලාවෙ ගොඩ නැගුනු කල්පිතයක් විතරයි.
ඒ නිසා මම නෑ කියන්න ඔලුව දෙපසට වැනුවා...

"" සතියට එක දවසක් බබාට මව් කිරි රස්නෙට ලැබෙනවා...ඒදවස පුරාම එයා ඉන්නෙ එතන ... මං තව ටිකක් රෑ උනාම ගිහින් අරගෙන එනවා!! ""

" ඔහ් !! "
මගෙ පපුව හිරිවැටෙන්නෙ මහ නුහුරට...ජීවිතේ පලවෙනි වතාවට මගෙ හිතේ දරුවෙක් වෙනුවෙන් හිරිවැටිලා යන්නත් පටන් අරගෙන...

මගෙ හිතේ තියෙන ප්‍රශ්න තවත් මට හිරකරගෙන ඉන්න බැහැ...
එයා ඕන එකක් හිතපුවාවෙ..

" අයියා කොහොමද ඒ මල්හාර් කියලා දැනගත්තෙ ? "

එයා ඒකට හිනා උනා විතරයි ...කිසිම උත්තරයක් නැහැ..

" මට සමාවෙන්න මෙහෙම ප්‍රශ්නයක් නිසා ඔයාව නොසන්සුන් කලා නම් ... ඒත් ඔයාගෙ ඇස් කියන්නෙ වෙනම කතාවක් !! "

"" මගෙ ඇස් කියවගන්න ලේසි උනාද !? ""

එයා එකපාර මගෙ මූන දිහාවට හැරිලා මං දිහා බලන් හිටියා...ඒ බැල්මෙත් හරි අමුතු හැඩයක් ගැබ්වෙලා තිබුනා...මං එයාගෙ ප්‍රශ්නෙට ඔව් කියන්න ඔලුව උඩ පහල කලා..

"" මොනවද කියවගන්න පුලුවන් උනේ !? ""

එයා ආයෙමත් එයාගෙ ගැඹුරු ඇස් දෙක මං දිහාවට එල්ල කරගෙන ප්‍රශ්නයක් අහනවා...

මං ඒ ඇස් ඇතුලෙ ආයෙමත් අතරමං වෙන්න ගත්තා..අන්තිම ප්‍රතිඵලය දරුණුයි දැන දැනම මම ආයෙ ආයෙ ඒ ඇස් ගැබුරටම කිමිදෙන්න ගත්තා...

ඒ ඇස් දෙකේ රතු නහරයක් පාසාම ගැබ්වෙලා තිබුනෙ වේදනාබර සිද්දි විතරමයි !!
ඒ ඇස් සෑහෙන කාලෙකින් සතුටක් දැකලා තිබුනු බවට සේයාවක් තිබුනෙ නැහැ....
දකින්න පුලුවන් තරම් , ඇස් දෙකකට දරාගන්න බැරි තරමක සිද්දි පවා ඒ ඇස් දෙකෙන් දැකලාත් ,
ඒ ඇස් ගල් කරගෙන ඉන්න පුලුවන් තරමට ඒ ඇස් ගල් කරගෙන ඉඳලා සමහර නහර දෙක තුනක් ඒ විදියටම ගල් වෙලත් තිබුනා..

පුදුමයි... පුදුමාකර මනුස්සයෙක් !! ඒ ඇස් කියවන ගමන් මට හිතුනෙ එච්චරයි ...

" වේදනාවක් ... !! "
" තමන්ගෙ ආදරණීයම මනුස්සයා ඇස් පනාපිටම අහිමි වෙලා යද්දිත් කිසිම කඳුලක් නොවට්ටපු වේදනාවක් !! "

" කව්රුන් හෝ නිසා තමන් මේ ලෝකෙ විඳින්න ආසම හැඟීම
නැතිවෙලා යන දිහා බලන් ඉඳපු වේදනාවක්.. !! "

" එකම එක දෙයක් වෙනුවෙන් පුංචි බලාපොරොත්තුවක් !! "

මං ඒ ඇස් දෙක දිහා බලාගෙන ගිරවෙක් වගේකියාගෙන කියාගෙන කියාගෙන යද්දි , මං දැක්කා...
ඒ ඇස් යන්තමට ගැස්සුනා...
හරියට ,
මං ඒ ඇස් හරියටම කියවපු නිසා එයා පුදුම උනා වගේ...

ආයෙමත් සමාවෙන්න... මට ආයෙම වතාවක් මගෙ පාලනේ ගිලිහුනා...මං කියවලා ඉවර වෙලත් එයාගෙ ඇස් අස්සෙ ගිලිලා ඉන්නවා...හේතුවක් නොදැන මම තවමත් එහෙමම ඉන්නවා...
එයාත් මොනවදෝ අමුතුම දෙයක් මගෙ ඇස් අස්සෙන් හොයන්න උත්සහ කරනවා...

දන්නෙ නැහැ..නමුත් එයා මොනා හරි හොයනවා...මගෙ පපුවට බයක් දැනෙන්න අරන්...එයා සද්දෙටම ගැහෙනවා...
" එයා ඔයාගෙ හිත කියවයි විසල් !! "

" ඔයාගෙ ඇස් වලින් ඔයාට දැන් හිතෙන දේවල් දැනගනීවි ! "

" අහක බලන්න විසල් !! "
මගෙ හිත කෑ මොර දෙද්දි මම අද හිතටත් මුරණ්ඩු වෙන්න තීරණය කලා...

තත්පර පනහකට වඩා කෙනෙකුගෙ ඇස් දිහා බලන්න නරකයිලු...දෙන්නෙක් මේ විදියට බලන් හිටියොත් ඒ දෙන්නාට දෙන්නා ආකර්ශනය වෙනවලු ... මට මතකයි ටෙලිඩ්‍රාමා එකක දෙබසක් තිබුනා..

ඕන දෙයක් උනාවෙ...මං දැනටමත් ආකර්ශනය වෙලා ... මට ඇස් අහකට ගන්න හිතක් නැහැ...
ඉතින් එයාට මගෙ ඇස් කියවන්න දීලා මමත් ඒ ඇස් ඇතුලෙ තව ටිකක් කිමිදුනා...

පපුව ගැලවිලා වැටෙන්න තරමට වේගවත් වෙනවා...ඊටත් වඩා එයාගෙ නිහඬ මේ බැල්ම මාව තවත් විකාර කරවනවා...
"විසල් උඹ උන්මන්තකයෙක් වෙලා"
ඒ අස්සෙ හිත ආඩපාලි කියනවා...

.
.
"" ආකර්ශනය වෙන්න තරම් දෙයක් මගෙ ඇස් වල නැහැ ""
අද දවසට දෙවනි වතාවටත් මට පොලොව පලාගෙන ගිහින් මේ වැල්ල අස්සෙ හැංගෙන්න හිතුනා...

එයා ඒක හීන් හිනාවක් එක්ක කියපු විදියෙන්ම තේරුණා...
එයා මටත් වඩා ඇස් වලින් හිත් කියවන්න දක්ශයෙක් !!

දැනුන ලැජ්ජාවටම මං බිම බලාගෙන ආයෙම මුහුද දිහා බලාගත්තා..අඳුරු වැටිලා තිබුනෙ හොඳ වෙලාවට කියලා හිතෙන්න තරමටම මේ වෙලාවෙ මගෙ කන් දෙක ළඟ කම්මුල් රත් පාට ගැහෙන්න අරන් තිබුනා...

" කටහඬේ තිබුනා ! "
මං හිමින් මිමිණුවා...

"" ඩිග්‍රි එකට මං කර්ණාටික් ත් කලා ""
එයා දැනෙන්න නොදැනෙන්න මුහුද දිහා බලන් කියනකොටම පපුව ඇතුලෙ හීං හිරියක් දැනෙද්දිම මං ගැස්සිලා එයා දිහාට හැරුනා...
ඩිග්‍රි එක !! ඔව් එයා කිව්වෙ එහෙම !!
මට ආයෙමත් ප්‍රශ්නයක්...

"" ක්ම්ප්ලීට් කරන්න කලින් පැංචි ලෝකෙට ආවා ""

ඇයි මෙයා මේ තරම් සංකීර්ණ විදියට කතා කරන්න්නෙ !?
මං අගක් මුලක් නැති කතාවක හිරවෙලා...
ඒත් මම එයාගෙ කතාව තේරුම් ගන්න උත්සහ කරමින් ඉන්න ගමන්...

එයා කියපු විදීයට සරලම තේරුම ඩිග්‍රි එක කරන්න බැරිවෙලා තියෙන්නෙ දරුවා ඉපදුනු නිසාද !?
ඒත් දරුවෙක් එක්ක ඩිග්‍රියක් ගන්න පුලුවන් කම තිබිලත් !? ඇයි !?

"" අපි දෙන්නා මැරි කරලා හිටියෙ නෑ ... !!"
ඒ කියන්නෙ ඒ දෙන්නගෙ දරුවා අත්වැරැදීමක්....

"" මට උවමනා උනත් දරුවෙක් දරන්න එයාට කිසිසේත්ම උවමනා උනෙත් නෑ.... !!""

"" එයාව ආයෙම යවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙත් නැහැ ""

"" ඒත් පැංචි එතකොටත් ලස්සනට බඩ ඇතුලෙ ලස්සනට හැදිලා !! ""
.
.

නිහඬයි......

"" දරුවව යවන්න කියලා දාපු යකඩ කූරෙන් උනු තුවාල එක්ක පැංචි ඉපදෙනකල්ම එයා පණ ඇද්දා ... ""

"" අන්තිමට පැටියට මං විතරක් ඉතුරු කරලා.......එයා.... ""

එයාගෙ හුස්ම නොසන්සුන් වෙනවා.... ඇස් අඬන පාටක් නැතත් ...
මට දැනෙනවා...
ඒ හුස්ම ඉකි ගගහා අඬනවා...!!

කතාවෙ ඉතුරු ටික අහන්න ඕන උනත් මං එයාගෙ උරහිසට හිමින් තට්ටුවක් දැම්මා...එපා ...
මට එයාව අසරණ කරන්න බැහැ...

" උඹ හරි අමුතු මිනිහෙක් බං අයියේ ! "

" මනුස්සයෙක්ගෙ ගැබුරටම කිමිදිලා පීර පීරා හොයන්න තරම් පිස්සුවක් මට ඇති උනේ දෙන්නෙක් ළඟදි විතරයි !! "

" පළවෙනියා ... ඉද්දමල්ගොඩ සර් "

" දෙවනියා ... ඔයා !!

මගෙ හිතේ තිබ්බ අමුතුම හැඟීම එක්ක මම එයා දිහා බලාගෙන කියාගෙන යද්දි ,
මං දැක්කා... පලවෙනි නම ළඟදි ඒ ඇස් ආයෙම ගැස්සිලා ගියා....

"" ඉද්දමල්ගොඩ සර් !? ""

" හ්ම්ම්ම්ම්ම්....එයා මියුසික් පොෆෙසර් කෙනෙක් !! "

" කලායතනයක් කරනවා නුවර... මං පොඩි කාලෙදි අප්පච්චි සෑහෙන ආසාවෙන් ඉඳලා තියෙනවා ඒ සර්ගෙන් මං මියුසික් ඉගෙනගන්නවා දකින්න..."

" ඒත් එයා නැති උනාට පස්සෙ ., අම්මට ඕන උනා මාව ඒ සර්ගෙ ගෝලයෙක් කරන්න...පස්සෙ මං සර් ළඟ ක්ලාස් ගියා...හැබැයි මාසයයි !! "

" අම්මා ගොඩක් දුක් වින්දා...අකමැත්තෙන් උනත් මම ක්ලාස් නතර කලා.."

" සර්ගෙ ස්ටයිල්ස් මාර ෆීල් !!.... මං තවමත් එයාගෙ ස්ටයිල්ස් ෆලෝ කරන්න ට්‍රයි කරනවා...ඒත් අමාරුයි !! "

මං ලොකු හුස්මක් ගත්තා.... මට ඇත්තටම දුක හිතුනා...
ඉද්දමල්ගොඩ සර්ව මතක් වෙද්දිත් මගෙ නහය දැවිල්ල එනවා...
මං ඒ තරමට ඒ සර්ගෙ මියුසික් වලට ලෝභයි...

මං ටිකක් නිහඬව හිටියා...

"" ක්ලාස් නතර නොකර දිගටම යන්න තිබුනා ""

" තිබුනා...ඒත් අම්මා ෆීස් වලට ගොඩක් මහන්සි උනා අයියේ..."

එයා නිහඬයි !!!!

" අප්පච්චිට ඕන උනේ මං එයා වගේ කෙනෙක් වෙනවා දකින්න...මං හිතන්නෙ අප්පච්චිගෙ හීරෝ එයා !! ජීවිතේට ඇස් වලින් දැකලා නොතිබ්බත් , එයා මැරෙනකල්ම ඉද්දමල්ගොඩ සර්ගෙ මියුසික් වලට ආස කලා.... "
" එයාගෙ පිස්සුව කොයිතරම්ද කියනවානං සර්ගෙ ජීවිතේට සම්බන්ධ දෙයක් මගෙ නමට පවා සම්බන්ධ කලා... "
" අප්පච්චි ඒ තරම් ඒ මියුසික් වලට ආදරේ කරලා... "

"" මොකද්ද ඒ නම !? ""

" විසල් .. "
" හේතුවක් දන්නෙ නැහැ...ඒත් සර්ගෙ දරුවාව ටී වි එකේ දැකලා අප්පච්චි ඒ වගේ නමක් මටත් දාලා තිබුනා..."

"" අනිත් කෑල්ල !?""

" අනුත්තර .... !! විසල් අනුත්තර !! "

ඒ මූනෙ ලා හිනාවක් ඇඳුනා... ඊළඟට එයා ආයෙම බර කල්පනාවක !!

ටික වෙලාවක් යනකල් අපි දෙන්නා ආයෙම නිහඬයි....
.
.
එයාලා ගොඩක් ආදරෙන් ඉන්න ඇති .... දරුවා වෙනුවෙන් ගොඩක් දේවල් කැපකරන්න ඇති... සමහරවිට එයත් කැම්පස් ගෑනු ලමයෙක් වෙන්න ඇති ... එයාගෙ අහිමිවීම ඇස් දෙකෙන් දැක දැක මෙයා නොසෑහෙන්න දරාගන්න ඇති....

එයාගෙ හීල්ලුම් දිහා බල බල ...මං මගෙ හිතින් ආයෙම කල්පිත ගොඩනගනවා...මූදෙන් එන හුළං වලට පස්සට යන ඒ අකීකරු කෙස් රැලි නිසා ඒ නලල ලස්සනට පෙනුනා...
ඇස් වේදනාබරයි !!! ඇස් ඇඬුවෙ නැතත් එයාගෙ හුස්ම තවමත් අඬනවා........

මගෙ හිත හීනියට කොනකින් ඇල්පෙනිති තුඩගකින් ඇනෙන වේදනාවක් දැනටමත් දැනීගෙන එන්න පටන් අරගෙන...මට එහෙම දැනෙන එක නරකයි...
" ඔයාව පාලනය කරගන්න විසල් "
හිත තදේටම කෑ ගහද්දි , මම ගිටාර් එක එයාට දික් කලා....

" සින්දුවක් කියමු ... "

එයා එකපාරින්ම මං දිහාවට හැරිලා කෙලින් වෙලා ඉඳගෙන සෑහෙන කාලෙකින් ගිටාර් එකක් අල්ලපු ගානට ඒක ටිකක් හරව හරව බලනවා...

ඒ අතරෙ මට එයාගෙන් දෙයක් අහන්නම ඕනි උනා....

" අයියගෙ නම !? "

"" අකිල .... ""
එයා ගිටාර් එක දිහා බලාගෙන ඒ දිග ඇඟිලි තුඩු වලින් ස්ට්‍රින්ග්ස් මත ඇඟිලි අරගෙන යන ගමන් කිව්වා...





"" අකිල සුවිසල් ඉද්දමල්ගොඩ !""





මට ආයෙමත් ප්‍රශ්න වැලක් ඉතුරු කරලා එයා සින්දුව පටන් ගත්තා....

බිමට නැමි ඉති.....ඉද්ද මල් මැද
ඉවරයක් නැතී......කතා කිය කිය
දෑත් පටලන් ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ

නුඹට මා ලියූ....කවිත් එක දෙක
මියුරු ස්වරයකින්.....ගයන මා දැක
සතුට නිම් හිම් නැතිව විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ

සිහින් සීතල.....ගත වෙලෙන විට
උරහිසේ හිස....හොවා හෙමිහිට
සුසුම් අහුරක සුවය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ

රැයේ සීතලේ.....ගුලිව තුරුලට
සැලුනු මල් කෙමී....සුවය විඳ විඳ
දෙතොල් පහසක රසය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
නුඹට ඉන්නට තිබුනා මා ළඟ.......

සින්දුව අකිලගෙ හඬ්න් අහන්න...
මේ ෆීල් එක විසල්ගෙ වචන එක්ක විඳින්න...

_____________________________________________

සිව්වන පදේ බිඳින්න පහු උනාට සමාවෙන්න...

දෙයක් දැනුනා නම් කියන්න....
මං ආසයි මගෙ හැඟීම් ගැන ඔයාලට දැනෙන දේ දැනගන්න...

මං එක්ක ඉන්නවට ස්තූතියි...

පස්වෙනි පද බිඳුම එක්ක ආයෙම එනකල්
පරිස්සමෙන් හුස්ම ගන්න...

- ගැයුමා

* මට දැනගන්න ඕන මේ වයිබ් එක ඔයාලාට දැනෙන විදිය !!
කතාව ඉස්සරහට ගොඩනඟන්න මට ඒක වැදගත්....

Continue Reading

You'll Also Like

1K 170 21
අාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැ...
1.7M 105K 49
" ရေစက်မပြတ်လို့ တစ်ပတ်ပြန်လည်လာတဲ့ သံသရာဟာ သံသယနဲ့ အစပြုရတာမျိုးတော့ ဘယ်တော့မှမဖြစ်စေချင်ပါ ။ ချစ်ခြင်းအားဖြင့် တစ်ခါလောက်တော့ ငြိမ်းချမ်းချင်မိပါ...
876K 36K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)
80K 11.1K 47
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...