කරුවල වැටිලත් ජාන් තවම පේන්න නැති නිසා ජාන්ව හොය හොය හිටපු යීබෝ දැක්කේ සොහොන ගාව දණින් වැටිලා ඔහේ බලාගෙන ඉන්න ජාන්ව....
*********************************************
සැඳෑ අඳුර මුළු සොහොන් පිට්ටනියම වහ ගනිද්දී ජාන් අත්තම්මගේ සොහොන ලඟට වෙලා කල්පනා කලේ දැන් ආත්තම්මත් නැතිව එයා මේ ලෝකෙ මොනවද කරන්නේ කියලා.
කාත් කවුරුත් නැති ජාන්ගෙ දුකට සැපට හැම දේටම එයාගේ නෑදෑයෙක්ට කියලා හිටියේ අත්තම්මා විතරයි. අත්තම්මා සදහටම යන්න ගියත් ජාන්ට ඒ ගැන ලොකුවට දුකක් නොදැනුනේ එයා අත්තම්මා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම එයාට පුළුවන් උපරිමෙන් අත්තම්මා ජීවත් වෙලා ඉන්න කාලේ කරලා දීපු නිසා.
ලොකු ලොකු දේවල් කරන්න බැරි වුනත් ජාන් ගෙදර දොරේ වැඩපළ, කඩේ වැඩ වලට අත්තම්මට වැඩිය මහන්සි වෙන්න දුන්නේ නෑ. අත්තම්මගේ හිත නොරිදෙන විදියට වැඩ කරන්න ජාන් පුංචි කාලේ ඉඳලම පුරුදු වුනේ එයා අත්තම්මට ගොඩක් ආදරේ නිසා. ඉතින් ඒ නිසා එයාට පසුතැවෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ.
මිනිස්සු මැරුණට පස්සේ ගුණ ගායනා කරනවට වඩා ඒ මිනිස්සු ජීවත් වෙන කාලෙදි හොඳට සලකන එක තමයි වැදගත්ම දේ.
ජාන්ට ඒ හිතේ සැනසීම අඩු නැතුව තිබුණා. කල්පනා ලෝකෙ හිර වෙලා හිටපු ජාන්ට අඳුර වැටෙනවා වත්, තමන් ඉන්නේ සොහොන් පිට්ටනියේ කියලා වත් සිහියක් තිබුණේ නෑ.හොඳ සිහියෙන් ඉන්න වෙන කෙනෙක් නම් මේවගේ වෙලාවක සොහනක ඉන්න එක එච්චර හොඳ අදහසක් කියලා හිතන එකක් නෑ.ඒත හිතේ තියෙන ප්‍රශ්න බරපතල වෙනකොට හොල්මන් වගේ ලාමක දේවල් වලට හිතේ ඇතිවන බය වගේ දේවල් නැත්තටම නැති වෙලා යනවා. ජාන්ටත් දැන් ඒ වගේ.
අන්තතිම වතාවට ජාන්ට ආත්තම්මත් එක්ක තනි වෙන්න දීලා හැමෝම එලියට ආවේ ජාන්ගෙ මනස ටිකක් හරි සන්සුන් කරගන්න දෙන්න ඕන නිසා. යීබෝ වුනත් ජාන්ට කතා නොකර ම එලියට ආවේ ඒ නිසා. අඳුරු වැටිලත් ජාන් තාම ආවේ නැති නිසා ආයෙත් සොහොන් පිට්ටනිය ඇතුලට ගියපු යීබෝ අත්තම්මගේ සොහොන දිහාවට යද්දී දැක්කේ ඉඳපු ඉරියව්වෙන්ම එහෙම්මම ගල් පිලිමේ වගේ ඉන්න ජාන්ව. ළඟට ගිහින් ජාන්ට කතා කලත් එයා කතා නොකරද්දි එයා ඉන්නේ මේ ලෝකෙ සිහියෙන් නෙමේ කියලා දැනගත්ත යීබෝ ජාන් ගාවින් දණ ගහගෙන ජාන්ගෙ උරහිස උඩින් එක අතක් තියලා කතා කරන්න පටන් ගත්තා.
ජාන් දැන් ඇති නේද කල්පනා කලා. නැගිටින්න දැන් අපි යන්න ඕන.
යීබෝගෙ අතේ ස්පර්ශය උරහිසට දැනෙද්දී කල්පනා ලෝකේ ගිලිලා හිටපු ජාන් මේ ලෝකෙට ඇවිල්ලා යීබෝ දිහා බැලුවේ කිසිම හැඟීමක් නැති මූනකින්. ආයෙත් අන්තිම වතාවට අත්තම්මගේ සොහොන දිහා බලපු ජාන් යීබෝත් එක්ක යන්න හැරුනේ හරියට ඇවිදින මළ මිනියක් වගේ. කොල්ලා ඇදිලා ගිහින් සුදුමැලි වෙලා. සොහොනේදිවත් එන අතර මගදිවත් යීබෝ එක්ක කතාවට නොගිය ජාන් කාර් එකේදිත් ඔළුව සීට් එකට තියාගෙන ඇස් පියාගෙන හිටියා.
යීබෝත් ජාන්ට කතා කරලා කරදර කරන්න නොගියේ එයාට මේ අවස්ථාවේ ජාන්ගෙ සිතුවිලි තේරුම් ගන්න එච්චර අමාරු නොවුන නිසා.
මොකද මීට අවුරුදු 5කට කලින් යීබෝ මීට සමාන අත්දැකීමකට මුහුන දුන්නා. ඒකාලේ අවුරුදු 24ක් වුන යීබෝ විශ්වවිද්‍යලයේ අවසාන වසරේ ශිෂ්‍යයෙක්. තව මාස කීපෙකින් ඩිග්‍රි එකත් කම්ප්ලීට් කරලා අම්මයි තාත්තයි බලන්න ගමට යන්න හිටිය යීබෝගෙ හීන ඔක්කොම දිය කරලා දාන්න එක මහ වැස්සකට පුළුවන් වුණා.
යුනිවර්සිටි යන නිසා යීබෝ හිටියේ උපන් ගමෙන් දුර ඈත නගරෙක වෙද්දි ඇද හැලුණු මහ වැස්සකට ගංගා උතුරලා යීබෝගෙ දෙමව්පියොත් එක්කම ගමේ ලොකු පිරිසක් එදා රෑ මරු තුරුලට අරන් ගියා. ඒ සිද්දියත් එක්ක යීබෝත් මේ ලෝකේ කාත් කවුරුත් නැතුව තනි වුණා. අඩුම ගානේ මළ සිරුරු වත් හොයා ගන්න නැති වෙද්දි යීබෝට අවසාන වතාවට අම්මා තාත්තාගේ මූනවත් බලා ගන්න වාසනාව නැති වුනා.
ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා දෙමව්පියෝ දෙන්නත් නැති එකේ ගමේ ඉඩකඩම් ටිකත් විකුනලා යීබෝ තමන්ගේම කියලා ව්‍යාපාරයකට අත ගැහුවා. අද වෙනකොට එයාගේ මහන්සියේ ප්‍රතිඑල විදියට එයා හොඳ තැනක ඉන්නවා.
ඉතින් ජාන් වගේම යීබෝ කියන්නෙත් මේ ලෝකේ කාත් කවුරුත් නැති තනිවුණු ජීවිතයක්. දෙමව්පියොත් නැතිව අසරණ වුන වෙලාවේ බලන්න එක බල්ලෙක් නැති වෙද්දි ටික ටික දියුණු වෙනකොට නම් යීබෝව හොයාගෙන නැති නෑයොත් එන්න ගත්තත් යීබෝ නෙවෙයි ඒ එක්කෙනෙක් වත් ගනන් ගත්තේ. නැති බැරි වෙලාවේ නැති නෑයෝ ඇති කල කොහෙත්ම ඕන නෑ කියලා තමයි යීබෝ හිතුවේ.
තමන්ගේ තරුණ කාලෙම බිස්නස් වලටම යට කරලා හිටපු යීබෝගේ තද ගති වලටත් එයාට මේ සිද්ද වුන දේවල් තදින් බලපෑවා. කාත් එක්කවත් වැඩි ඇයි හොඳයියක් නොතිබුණු යීබෝ ටිකක් හරි ලං වුනා නම් ඒ ජාන්ට විතරයි. ඉතින් ජාන්ගෙ සිතුවිලි, එයාගේ හැඟීම් හැම දෙයක්ම තේරුම් ගන්න යීබෝට ගොඩක් අමාරු වුනේ නෑ.
ජාන්ගෙ ගෙදර ගාවින් කාර් එක නතර කරලා යීබෝ ජාන්ට කතා කලා.
ජාන්, අපි ආවා. බහින්න.
හ්.. හ්ම්..
යීබෝගෙ හඬින් ඇස් පියාගෙන හිටපු ජාන් ටිකක් ගැස්සිලා ඇහැ ඇරලා බලලා කාර් එකෙන් එලියට බැස්සා. පැය කීපෙකට කලින් මිනිස්සුන්ගෙන් පිරිලා තිබුණු ගෙදර දැන් ජානුයි, යීබෝයි විතරයි. එහෙම්මම සෝපාව උඩට වැටුන ජාන් අත් දෙකෙන් ඔළුව බදාගෙන කොණ්ඩෙත් ඇද ඇද කෑ ගහහද්දි යීබෝ ජාන් ලඟින් වාඩි වෙලා එයාගේ අත් දෙකෙන් තද කරලා අල්ලන් ඉන්න කොණ්ඩෙ හෙමින් අත් ඇරවන්න හැදුවේ ජාන්ව සන්සුන් කරගන්න උපරිම උත්සාහ කරන ගමන්.
ජාන්.. ජාන්... නවත්තන්න ඕක..
බ්..බෑ..මට බෑ...
කෝ ජාන් කිව්වම අහලා ඕක නවත්ත ගන්න...
බෑ... මට පාඩුවේ ඉන්..න ද්.දෙන්..න..ම්.හ්ක්
අන්තිමට පොර බදලා බදලා යීබෝ ජාන්ගෙ අත් දෙක එක අතකින් හිර කරලා අල්ල ගෙන අනිත් අතින් ජාන්ගෙ මූන අල්ලා ටිකක් උඩට ඉස්සුවේ ජාන්ගෙ මූන බලන්න...
කොණ්ඩේ ඇවිස්සිලා, අඬලම රතු වුන මලානික ඇස්, සුදුමැලි වෙලා ගියපු මූන අර ඉස්සර හිටපු ලස්සන ජාන්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තිබුනා. දවස් දෙකට ජාන් හොඳටම ඇදිලා ගිහින් පරඬැලක් වගේ වෙලා....
යීබෝ මූන දිහා බැලුවා විතරයි ඇස් වලින් එලියට පනින්න පොරකාපු කඳුළු බැමි බිඳගෙන පිටාර ගලන්න ගත්තේ ජාන්ගෙ මුවින් ඉකියක් පිටවෙද්දි.
ම්... හ්ක්...
එහෙම්මම යීබෝගෙ පපුවට මූන තියාගෙන ජාන් අඬන්න ගද්දී යීබෝ අල්ලන් හිටපු අත් දෙක අත් ඇරිලා ඒ වෙනුවට ඒ අත් ජාන් වටා එතුනේ ජාන්ව තවත් තුරුලට ගන්න ගමන්..
ම්..හ්...හ්...හ්..ක්....
ජාන්, වස්තුව.දැන් ඇති ඇඬුවා. තව අඬලා ලෙඩ වෙන්නද හදන්නේ දරුවෝ?
යීබෝ එහෙම කිව්ව ගමන් ජාන් යීබෝගේ තුරුලෙන් ඉවත් නොවීම ඇස් උස්සලා යීබෝ දිහා බැලුවේ හරියට එයා අහන්න බලාපොරොත්තු නොවුන දෙයක් යීබෝ කිව්වා වගේ.
මොකද ඔහොම බලන්නේ? ම්...
ඔළුව විතරක් උස්සලා එයා දිහා පුංචි හා පැටියෙක් වගේ බලන් ඉන්න ජාන්ගෙ නහයට ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දාලා යීබෝ අහද්දි ජාන් ලැජ්ජාවෙන් රතු වුනේ අර අඬපු කඳුළු වලට හෙමින් තිත තියන ගමන්.
මගේ පිස්සු කෝලම, දෙනවා දෙකක් දැන්. බලන් ඉන්න ලස්සන. දැන් ඔය කඳුළු පිහිදගෙන ගිහින් මූණ හෝදගෙන එන්න.
ජාන්ව ටිකක් ඈත් කරලා යීබෝ එහෙම කියද්දී ජාන් එහෙම්මම යීබෝගෙ උකුලෙන් ඔළුව තියාගත්තේ යීබෝගේ බඩ වටේ අත් දෙකත් ඔතාගෙන.
එකසැරේ ජාන් කල දෙයින් යීබෝ ටිකක් විතර පුදුම වුනත් ටිකකින් ජාන්ගෙ ඔළුව අතගාන ගමන් කතා කලේ ජාන් ඉන්නේ ගොඩක් දුකින් කියලා එයා දන්න නිසා.
ජාන්, මොකද පැටියෝ මේ?
....................
ජාන්, කතා කරන්නකෝ වස්තුව. තාමත් තරහයිද මාත් එක්ක.
..................
අනේ පණ මට සමාවෙයන්, ඊයේ මම උඹට ටිකක් සැර වුනා වැඩියි තමයි. ඒත් ඒ වෙලාවෙ මට තරහා පාලනය කරගන්න බැරි වුණා වස්තුව. අහගෙනද ඉන්නේ පණ?
....................
උඹ දන්නෙ නෑ උඹ ළඟ මෙහෙම හිටියට උඹේ යීබෝට හරියට තරහා යනවා. තරහා ගියාම මං ඉස්සරහා ඉන්නේ කවුද කියලත් මට අමතක වෙනවා.මට තරහා ගියේ උඹේ කඳුළු දැකලා. මං ආස නෑ ඔය ඇස් වල දුකට කඳුළු පිරෙනවා දකින්න. මට ආයෙත් සමාවෙන්න ජාන්, මං උඹේ හිත රිද්දුවා මහ හුඟක්...
........…..............
ජාන්, අනේ කතා කරන්නකො වස්තුව. උඹ ඔහොම ඉද්දී මගේ පපුව රිදෙනවා ජාන්.
මට මෙහ්..හෙම ටිකක් ඉන්...න.. දෙන්න..
ජාන්....
.......................
ටික වෙලාවක් යීබෝගෙ උකුලට වෙලා හිටපු ජාන් නැගිටලා යීබෝගෙ එහා පැත්තෙන් සෝපාවේ වාඩි වෙලා ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව රෑ 8.15 විතර වෙලා...
අඬ අඬ ඉඳලා නොදැනිම රෑ බෝ වෙලා.
ජාන්, දැන් රෑ වෙලානේ. ගිහින් ඇඟ හෝදගන්න. මම කන්න මොනවහරි ඕඩර් කරන්නම්.
හ්ම්...
ජාන්ව ඇඟ හෝදගන්න යවලා කෑම ඕඩර් කරපු යීබෝ ගෙදර ටිකක් අස් පස් කරලා දැම්මේ මිනිස්සු ඇවිත් ගේ ටිකක් අපිළිවෙල වෙලා තිබුණ නිසා.
************************************
හායි කස්ටිය 🤠.
කෝමත ඉතින්?
ඊයේ එන්න බැරි වුනාට රියලි සොරි.🥺
ඔන්න යීබෝ කොල්ලා අපේ ජාන් කොල්ලගෙන් සමාව භජනය කලා.
ඩබලව සුට්ටිත්තක් ලං කලා.
බෝනස් ඕනිත? ඕන නං කියාගෙන යන්න.
ඒනම් ඕතරී ගියෝ...
ඔය ළමයි පයිස්සමින් ඉන්න ඈ..
Thanks for everyone who has read, voted and commented 🤠
Love you all ❤️
Please vote, comment and share 🤍
මම Ming Yue 🤍🌝