"ෆෝන් නම්බර් එක දෙන්නකෝ ත්‍රීශෝ...."
පොල් බිබික්කමී..රටේම තියන මායම් ටික එකට මුහුකරලා සියවෙනි වතාවටත් මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලනවා....ඒකි ඉල්ලපු තාලෙටම මමත්.බෑ කියලා අදිද්දි දෙයියන් බුදුන්ගේ පිහිටින් මම පොලෝ තලේ සිප ගත්තා...
මං බිම පත බෑ උනා...පුඩුවේ අඩුදෙකෙන්
පැද්දි පැද්දි මනෝපාරක් ගහන් අරකි අහන
අහන එකට බෑ කිය කිය උන්නු මම ඊලග පාර වැටිලා රාජකීය පස්ස බිම ඇන ගත්තෙ මුලු පන්තියකම හිනා මැද...හැබැයි
එක්කෙනෙක් හිනා උන්නෑ...ඒ යුගාශි
ඔව්...ඒකි කරේ හිනා වෙනවා වෙනුවට මට
කට කොනිම්ම හිනා උනු එක...
'දෙවියොත් මටනේ මෙහෙම කරන්නෙ...'
"හොදවැඩේ තොට...කටක් ඇරලා කතා කරන්න බැරි තරම්
ඇමේනියාවනේ....හොදවැඩේ. .පුහ්...දිපිය
දැන් වත් නම්බරේ..."
මේකි මහ කේරල ගංජියෙක්...ඇයි
හත්දෙයියනේ...සුවරෙකටම මේකි මට දෙස්
තිබ්බා...නැත්තන් මේ හැමදාම අඩු දෙකෙන්
ඉන්න මං වැටේවිය....
මං නැගිට්ටා...පන්තියේ උන් හිනා වෙලා
හිනාවෙලා උන්ගේ ලෝකවලට ආයෙත්
ගිහිල්ලා ඉන්නැද්දි මම නැගිටලා පුටුව
කෙලින් කර ගත්තා...කන්කරච්චලේ
අහන් ඉන්න බැරි තැනම මං මගේ ඩෙස් එක උඩ දිගඇරලා තිබ්බ මගේ ඉතිහාසය පොතෙන් කොළ කෑල්ලක් කඩාගෙන තඩි අකුරෙම්ම මගේ නම්බර් එක ලියලා දුන්නා නැත්තන් කියාවි ඒකටත් ඇනුමක්...පිස්සු ඌරි...
අද නයනතාර නෑ...ඒක නිසා මේ පීරියඩ්
එක හිස් වෙද්දි කොල්ලො ටික උන්ගේ
හැත්තබුරුත්තම වට කරන් බජව් දාගෙන
හිරලෙ පනින්නම කෑගහනවා.... පගර නැටි
කෙල්ලො ටික උන් ලගට ගිහිල්ල සෙට්
වෙලා කෑගහනවා...ඒ ඔක්කොම අස්සෙ
මේකි මගෙ ඔලුව කනවා....
නම්බර් එක දුන්නු මම ආයෙම පුටුවෙ අඩු දෙකෙන් හිටගෙන පැද්දෙන්න
ගත්තා..මෙහෙම උන්නට මොකද මට අද
ඉදලා නිදහසේ මනෝපාරක් වත් ගහන්න
වෙන්නෙ නෑ කියලා ඉවෙන් වගේ තේරෙද්දි
මම ඒකි දිහා හොරාට බැලුවා...
රතුපාට බූල් පර්ස් එකෙ බූල් අතින් පීර පීර එයා කියවනවා...මොනවා කියවනවද දන්නැ...ඇත්තටම මේ කට රිදෙන්නැද්ද...අහන් ඉන්න ප්‍රිය කටහඩක්
තිබ්බනම් තව කමක් නෑ කියන්න
තිබ්බා...කොහෙද මේකිට තියෙන්නෙ මහ
බෝක්කු කටක් නෙ...
"මේ ඕයි ඔය කට රිදෙන්නැද්ද බං...ඔලුව
රිදෙනවා ඕයි..නවත්තගනින් කෝ...ඔය
කටට නිවනක් දීලා නිදා ගනින් අප්පා..."
"ම්හුක්...මොකද්ද අනේ..අහන්
ඉදපන්කෝ..පොඩි එකාට කම්මැලි නිසානෙ කියවන්නෙ..ඇරත් තවුසේ බස්සා වගේ ඉදියට මට එහෙම ඉන්න බෑ හලෝව්ව්...
මට කතා නොකර ඉන්න බෑනෙ...කට
නලියනවා..ඇරත් මං වෙන කා එක්ක කතා කරන්නද...."
"ආ යසයි යසයි....ගැත්තිගේ වාග්
විලාසේ...අත දරුවා විලසී...අල්ලගනිම්
කෝ අර ඉන්නෙ හොලව හොලව
චිංචමානිකාවෝ...මගෙ අස්සෙම ඉන්නැතුව
පලකො ඉතින්...එතකොට කතා කරනවා වෙනුව..."
මං කතාව මගින් නැවැත්තුවා...පන්තියට
එක පාර කඩන් පැනපු පිනා නිසා සැමගේ කටවල් වැසි මීයට පිම්බා වගේ දිස් වෙලා යද්දි කෙල්ලො ටිකත් ශේප් එකට තම තමන්ගෙ තැන් වලට ආව....ඩෙස් උඩ
නැගන් ඉදපු කොල්ලො ඉද්ද ගැහුවා වගේ
නැගිටිද්දි පිනා වේවැල වල වනමින් කැරකෙන සක්මන් භාවනාවේ යෙදුනා...
"දැන් මොනවද උබලට තියෙන්නෙ..."
"ඉතිහාසය සර්..."
"ම්ම්..මිස් ඇවිල්ලා නැද්ද...".
"නැ සර්..."
"කෝ පන්තිනායිකාව...රිලීෆ් බලන්න ගියෙ
නැද්ද ආ...."
පිනා පන්තිනායිකාව හොයනකොට ඒකි
වෙව්ල වෙව්ලම නැගිට්ටා..
"සර්..රිලීෆ් කවුරුවෙක් දාල තිබ්බෙ නෑ
සර්..."
ඔය කිව්වේ...යසයි මුගෙ බොරු
පතබෑම...රිලීෆ් නම් බැලුව බව පෙනුනා
නට නටම...රෙද්ද තමා...
"රිලීෆ් දාලත් නැත්තන් පොතක් පතක්
බලා ගන්නවා වෙනුවට මෙහෙම බජව්
දානවද බොලව්...තොපිලට ලබන සතියේ
වාර විභභග පටන් ගන්නවා...තොපි බජව්
දානවා...අන්තිමට තොපිලට ලකුණුත්
නැ...ගන්නවා ගණන් පොත්"
සරිනෙ අමාරුව...හැමදාම එකම බණ
දෙසන පිනා කාරයා ඊලග පාර ඒකා
මල් තියලා අදහන ගණන් පොත ගන්න
කිව්වෙ මුලු පන්තියම කස කුසු ගාද්දි...ඒ
තරම් ප්‍රියයි මේ යකාගේ ගණන්...මගේ
එහා පැත්තෙ උන්නු කේරල ගංජිත් උඩ
පැනගෙම ගනන්පොත ගන්නකොට මාං
වැනි වැනිම පොත අරන් ඒක උඩින් ඔලුව
ගහ ගත්තා...ගණන් වගේද මගේ නින්ද...පිනා රවලා මා දෙස බලන අතරෙම මං දෑස් පියා ගත්තා...පිනා කියලා මොකද මට කටක් ඇරලා බනින්නද...සෙක්ශන් එකේම ගණන් මාස්ටර් මං වෙනකොට ඌට පවා මට කටක් හොලවන්න බැරි උනා...මං ගණිතයට ලකුණු දාගත්තම ඌ කිව්වේ පන්ති පහ හයකට ගියාම කොහොමත් ළකුණු ගන්න පුලූවන්ලු...කියන්න සතුටුයි හය වසරෙ ඉදලා මේ දහය වසර වෙනතුරුම මං එකම එක පන්තියකටවත් ගිහිල්ලා නෑ...ඒක ඌ විශ්වාස කරන්නෙත් නෑ...විශ්වාස කරනවනම් විශ්වාසකරපල්ලා
නැත්තන් මට වැඩකුත් නැ.....දැන්
ඔක්කොම කියන්නෙ පන්ති නැතුව මුකුත්
කරන්න බෑ කියලා...ඒත් මං මෙච්චර කල්
හැමදේම කරේ ඔය එක රෙද්දකටවත් නොගිහින්...මොකද මට ලකුණු අඩු උනායෑ...
ආඩපාලි හිතපු මට නින්ද ගියා...දවසේ දෙවෙනි පාරටත් මට කට කපලම නින්ද ගියා.....
.
.
.
.
"තීසෝ..නැගිටපන් දුවනී..ස්කෝලෙ
ඇරෙන්නයි යන්නෙ...ඇනේ කොතල හිඹුටි
...නැගිටිනවද නැත්ත...ආ උබ ඒමනෙ..
ඉදහන් වතුර එකක් ගහන්න....ගොනියේ
නැගිටපන් .."
මට ලාවට ඇහුනා..උත්තම වන්ති මට
නැගිටින්න කියලා මැරෙන්න හැදුවා...කියන
කියන.වචනයක් ගානෙ යටි හිතින් හිනා
වෙවී අහන් උන්නු මම අන්තිමට මගේ
කර්ණපටලය දෙදරලා යන්න ම කියපු
දෙයක් එක්ක නැගිට්ටෙ මගේ සප්තලම්
පුටුවත් වට්ටගෙනමයි.....
ඒකි හිනාවෙනවා බඩ අල්ලගෙනම
හිනාවනවා...හොදයි අපි බලමු තිත්තයටත්
වාරයක් එනවා.නේ....
"අම්මොර්...වතුර කියපු ගමන් කොහෙන්
නැගිට්ටද දන්නැ....අන්න වීක් පොයින්ට්
එක ...උබ වතුටර.බයයිත...අඩේ එතකොට
නාම්නෙත් නැම්ත....අමො අමෝ..ඔලුවෙ
අන් දෙකත් පෑදිලා ඒ උනාට...ලොකු කම
නම් තියනවා...."
මං කට කොනකින් හිනා උනාඅ..ඒකි දන්නෑ..මං කවුද කියලා...මට මං කවුද
කියලා පෙන්නන්න ඕනෙත් නැ...උබල
ඔක්කොම.බලාගනින් හරි වෙලාව ආවම
ත්‍රීශා ඉන්ධීවරී කියන්නෙ කවුද කියලා...
ඒකි මගේ ඔලුව අල්ල අල්ල අං
පෑදිලලු...මගෙ ඔලුව අල්ලන්නවත් උස
නැති ඒකි උඩ පැන පැන ඔලුව අල්ලලා අං
තෝරනකොට මගෙ ඉවසීමත් රතු කට්ට
අභිබවා ගියා....
"අහ්ව්...ති...ත්‍රී.ශා"
මං අල්ල ගත්තා...ඔලුවෙ අං හොයපු අතම
මං මිරිකල අල්ලගන්නකොට අල්ලපු
තදටම කෙල්ලට මගේ නම මිමිනෙද්දි මම
ඒකිගේ මූණ ලගට පහත් උනා...
"'උබ...සෙල්ලන් කරන්නෙ...යකෙක් එක්ක බව අමතක තියා ගනින්....මම
හොදට හොදායි....නරකට අන්තිම
නරකයි...තේරුනාද යුගාශිට...අනිත් එක
තනියම හැදුණු මට විහිලු කියන එක
කොහොමත්ම අල්ලන්නැ...මං විහිලු
දන්නෙත් නෑ...ඔව් උබලට පේන්නෙ ලොකු
කම වගේ...නෑ ඒ මගෙ හැටි මං දන්නෑ
මිනිස්සු එක්ක කතා කරන්න..මං දන්නැ
යාලුවො යාලු කර ගන්න මං...දන්නෑ
රොත්තක් මැද්දෙ ඉන්න...මං දන්න එකම
දේ තනිකම තනිකම විතරයි...අනික
මම කැතයි..මම කලුයි...මාව දැක්කම
මහසෝනවලගෙයි..තොයිල් නටන්න
ඕනෙයි මාව අප්පිරිය කර උන්... මාව
කොන් කරපු මං ලගට ගියත් මගෙන් මීටර්
ගානක් ඈතට ගියපු..උන් රංචු ගැහි ගැහි
තනි මාව කොන් කරා...මට නොකියපු
දේයක් නැති තරම්...මං දන්නෑ යුගාශි ඇයි
උන් මට එහෙම කියන්නෙ කියලා...මම
වැටුනා...වැටෙන්න පුලුවන් අන්තිම
අඩියට වැටුනා මුන් මාව නැත්තටම නැති
කරා...හිතන්න අවුරුදු පහේ ඉදලම මට
මේදේවල් වෙන්නෙ...මම ඒ ඉදන් මේ
වෙනකම්ම ජීවත් වෙන්නෙ මැරි මැරි...උබ
දන්නවා මැරෙනවට වඩා වේදනයි ජීවත්
වෙලා ඉද්දි මනසින් මැරෙන එක කියලා....නැ උබ දන්නැ...උබ කොහොමද දැනගන්නද...මට කියන්න්ද් උමනාවකුත් නෑ...දැන් පලයන් උබලගේ තාත්තා බය වෙයි...මං යනවා"
මං එන්න ආවා...ඒකිව පන්තිය ඇතුලෙ දාල
මං බෑග්ගෙත් හදන් එලියට ආවා...එයා
තාම එතනමයි...මං බලන් උන්නා ඒ ඇස්
වල කදුලු පිරෙනවා...වලලන්න ඕන උනු
වලලපු අදුරු මතක ඇස් පනාපිට චිත්‍ර
පටියක් වගේ මැවිලා පේන්න ගන්නකොට
මම අත මිට මොලවලා බිත්තියට පාරක්
ගැහුවා...අඩන්න කදුලු අංශුවක් මගේ
ඇස් වලින් පල්ලන් නොබසිනකොට මං
විදෙව්වා...පිච්චෙන පපුව අල්ලගෙනම
මං විදෙව්වා...කෑ ගහන්න අඩන්න බැරි
කම හරියට ගොජ ගොජ ගාල උතුරන
ලාවා කල්දේරමකට බැස්සුවා හා සමාන
වෙනකොට මං තාමත් නාව එයාව බලන්න
ආයෙම පන්තිකාමරේරට දිව්වා...
එයා ඉන්නවා...උන්නුතැනම
දනින් වැටීගෙන එයා ඉන්නවා නිකන්
නෙවේ...මහ වැලිය පිටාර ගැලුවා හා
සමානව අඩන ගමන් වෙද්දි මම අනේ
අඩියට දෙකට ඒකි ලගට ගියා...
"යුගා..ශි...ළමයෝ මොකද මේ...යුගාශි
නැගිටින්නකො...අනේ මට සමාවෙන්න...මට තරහා ගියා ළමයෝ.. මට මාව පාලනේ කර ගන්න බෑ යුගාශි...අනේ
මොකද මේ...ඔයාගේ තාත්තා බය වෙයි
ළමයෝ...අපි යමු..."
මං ඒ අත් දෙකෙන් අල්ල ගත්තා..කම්මුල
දිගේ රූටන කදුලු පිහි දදා මං කිව්වෙ මට
සමාවෙයන් කියලා වෙනකොට ඒකි මාව
බදා ගත්තා...කොච්චර හයියෙන්ද කියනව
නම් උස්ම ගන්නත් බැරි තරමට තදින් ඒකි
මාව බදා ගත්තා......
"ති..ශා...මං..මං විහිලුවක්...ක්..කරේ...ම.
.::ට..මට...සමාවෙන්න අනෙ...තීශා..උ..බ
කෝම...-
"ශ්හ්හ්හ්....මැණික..ඒ දේවල් දැන් වෙලා
ඉවරයි...අනික මෙතන සමාව ගන්නෝන
කෙනා මං වෙද්දි ඇයි මැණික සමාව
ගන්නෙ...මට සමාවෙයන් යුගාශි...මට
හරියට තර්හා යනවා බන්...මට මාව
පාලනේ නැති තරමටම තර්හා යනවා...මට
සමාවෙයන් මට ඒක.විහිලුවක් නෙ කියලා
තේරුම් ගන්න තිබ්බා...'
මං එයාට මැණික කිව්වා..ජීවිතේ පළවෙනි වතාවට අම්මා ඇර කෙනෙක්ට මම මැණික කිව්වා...මං ඒක හිතලා නොකිව්වත් ඒක ඉබේටම මට කියවුනා....එයා කතා කරනවා...කතා කරනවට.වඩා එයාගෙ කටින් පිට උනේ ස්වර තන්තු ඇබරිලා අකුලවන ඉක්කාවක් වෙද්දි මෙහෙම ඇඩුවොත් උස්ම හිරවෙයිනෙ කියලා මං එයාව නැවැත්තුවා ආපිට වැලද ගැනීමක් එක්කම මං ලග තිබ්බ මං වත් නොදන්න වචන එක්ක මං එයාව සැනසෙව්වා...මං මේ දේවල් දන්නෑ...මට තේරෙන්නැ...ඒත් මං මගේ හිත කිව්ව විදියට කරා...පරක්කු උනොත් වෑන් එකෙන් මාව දාල යයි...එහෙම උනොත් මට පයින් හරි යන්න ඇහැකි...ඒත් යුගාශි එයා පරක්කු උනොත් ගෙදර මිනිස්සු බය වෙයි...තාම ඇවිල්ලත් සතියක් නැති කොට මෙයා කොහොම නම් යන්නද...
මං එයාව නැගිට්ටෙව්වා...පොත් ටික
පිලිවලට දාල ටීටැග් පිරිවරාගෙන උන්නු
බෑග් එක මගේ අනිත් උරේට ගත්ත මම
එයාගෙ කදුලුත් පිහලා එයා එක්කම
පල්ලෙහාට ආවා...
මට හුස්මක් පිට උනා....ඇති යාන්තන් වෑන්
එක තියෙනවා...මං හිතුවෙම ගිහින් කියලා
දෙයියෝ බැලුව.වගේ..
ස්කෝලෙන් එලියට ආපු මං කෙලිම්ම
බෙල්ල දැම්මෙ වෑන් එක තියෙද
බලන්න...ඒක තියෙනවා..ස්කෝලෙ ලග
ලමයිගේ තදබදෙත් එන්න එන්නම අඩු
වෙද්දි මං එයාගෙ අතින් අල්ලගෙන පාර පැන්නා...
'යුගා...අහන්නකෝ තාත්තා එනවා නේද
ඔයාව ගන්න නේද...ම්ම්ම්..මං යනවා
හොදද නැත්තන් මාව දාල යයිනෙ
ලමයෝ...ඔයා මෙතනම ඉන්න හොදේ..කා
එක්කවත් කතා කරන්න එපා...තාත්ත
ආවම පරිස්සමෙන් යන්න මං යනවා
හොදද...'
උපදෙස් මාලාවක් දීපු මං එන්න
හැරුනා..ඒත් මට යන්න උන්නෑ..එයා මගේ
අතින් අල්ලා ගත්තා...මං හැරිලා බැලුවා...
"ත්‍රීශා අ..අර වෑන් එකද ඔයා කියන්නෙ..."
"ඔව්..."
"පරිස්සමෙන් යන්න..ගිහිල්ල මැසේජ් එකක් දාන්න හාද...ඔයාගේ මැණික බලන් ඉන්නවා හොදේ...දාන්න හොදේ...අමතක නොකර ගියපු ගමන් ම දාන්න දැන් යන්න...ඔයාව දාල යයි...."
මගේ පපුවට කරන්ට් එක වැදුනා...පරිස්සමෙන් ගිහිල්ලා මැසේජ් එකක් දාන්න කියපු එයා ඊලගට කියපු වචනෙ එක්ක කියන්න තේරෙන්නැති හැගීමක් මාව වෙලා ගත්තා...'ඔයාගෙ මැණික' එයා ඒ වචනේ බර කරලම මගේ ඇස් දිහා බලන් ම කියනකොට මට හරියට දැනුනේ ඒම් කරලා හදවතටම වෙඩි තිබ්බ.වගේ හැගීමක්...කියන්න තේරෙන්නැති අමුතුම හැගීමක් එක්ක මම ගල් වෙලාම ගියා...
"ත්‍රීශා එන්නැද්ද ලමයෝ අනිත් ළමයින්ටත් පරක්කු වෙනවා..මොකද මෙතන හිටන් කරන්නෙ ආ...."
වෑන් එකේ නැන්දා...මම නැති නිසා මාව බලන්න ඇවිත් තිබ්බා...එතකොටයි මම හොද සිහියට ආවේ...මගෙ පපුව ගැහෙනවා පුපුරලා එලියට එයිදෝ හිතෙන තරමට පපුව ගැහෙනවා...ඇහෙන නෑහෙන ගානට මම නැන්දටත් සොරි කියාගෙන නැන්දා එක්කම වෑන් එක ලගට ගියා...වෑන් එකේ මාමගෙනුත් හොදටම බැනුම් අහපු මම අන්තිම ශීට් එකේ කොනේම වාඩි උනා...
"මගෙ මැණික...".....
මම මිමිණුවා...ඒ වචන එයා කිව්වෙ හරි බර කරලා...මම එයාට අහම්බෙන් වැරදිලා වගේ මැණික කිව්වත් ඒක එයාගෙ හදවට ඇතුලටම ගිහිල්ල තිබ්බා.....
මං ශීට් එකට ඔලුව ගහගෙන ඇස් පියා ගත්තා...සුන්දරම වැඩේ කියන්න දැන් ඇස් පියා ගත්තත් මට පේන්නෙ ඒකිවම උන එක...මොන මගුලක් වෙන්නද මන්ද...ඒ අස්සෙ බඩත් මොකද්ද.වගේ....
........
────────────────────
ම්හුක්...බජ මොකත්ත වගේලු එයාට....
එයාට දෙන්න බෙහෙතක් කියාගෙනම යන්න කුඩූලා....
මං ගීම් එන්නාම්....
ආදරෙයි හූණු වර්චර් තරම්....
මම වෙයිකි.....
🖤JIKT.WAIKY💜