MeMo - මෙමෝ

By ShanikaSandeepanee

5.4K 381 195

නවත්තපන් ෂේද්...... දීපන් මට ඕක...... මැරෙන්නද බ%ලෝ හදන්නේ මෙච්චර මේ ජරාව බීලා..ඩොක්ටර් කියපු දේ මතක නැද්ද... More

හැඳින්වීම
🍷🥂02🥂🍷
🍷🥂03🥂🍷
🍷🥂04🥂🍷
🍷🥂05🥂🍷
🍷🥂06🥂🍷
🍷🥂07🥂🍷
🍷🥂08🥂🍷
🍷🥂09🥂🍷
🍷🥂10🥂🍷
🍷🥂11🥂🍷
🍷🥂12🥂🍷
🍷🥂13🥂🍷
🍷🥂14🥂🍷
🍷🥂15🥂🍷
🍷🥂16🥂🍷
🍷🥂17🥂🍷
🥂🍷18🍷🥂

🍷🥂 01🥂🍷

552 38 21
By ShanikaSandeepanee

🥂 01🥂

__________🖤__________

"චූටි පුතා.... අනේ දරුවෝ කතා කරන්නකෝ..ඇයි දරුවෝ මෙහෙම කරගත්තේ.. ඇයි මෙහෙම හිතුවක්කාරකම් කරන්නේ."

කමන්ති ඇඳ ළඟ හිටගෙන කෑගැහුවේ කිසිම ගානක් නැතුව ඔහේ බලාගෙන ඉන්න කමන්තිගේ දරුවට. කමන්තිගෙ ඇස් වලින් කඳුළු වැල් කීපයක් කම්මුල දිගේ පල්ලම් බහිමින් තිබුණා.

"කමන්ති....මං ගෙදර යනවා එනවා යන්න..මේ මිනිහට කියනවට වඩා හොදයි බල්ලෙක් හදාගෙන ඌට කියලා දෙනවා."

ගේ ඇතුලෙන් ඇහුණ තම සැමියාගේ කෝපාවිශ්ට කට හඬත් එක්ක කමන්ති අඩි කීපයක් දොර දිහාට ඇවිදගෙන ගියා.

"මොනවද ඇන්තනී ඔයා මේ කියන්නේ.. මේ අපේ චූටි පුතා.. ඇයි හැමවෙලේම දරුවටම දොස් කියන්නේ. "

අම්මලා එහෙම තමයි. තමන්ගෙ දරුවට තාත්තා පවා වැරැද්දක් කියනවට කැමති නෑ. මේ මොහොතෙත් කමන්ති තමන්ගෙ දරුවාගේ පැත්ත ගත්තේ.

"ඔයාගේ හුරතලේ තමයි මේ ඔක්කොටම මුල... ප්ලීස්...දැන් ඕක නවත්තගන්න කමන්ති.. එනව නම් එනවා මං යනවා.."

ඇන්තනී කාමරේ ඇතුලටම ඇවිල්ලා කමන්තිට කෑගහලා ගියා. දරුවෙක් මොන වැරැද්ද කලත් අවසානයේදි බැනුම් අහන්න වෙන්නෙ අම්මට කියන කතාව සනාථ කරලා ෂේද් වැරැද්දක් කරන හැම වෙලාවකදීම ඇන්තනී චෝදනා කරන්නේ කමන්තිට..

"ඇන්තනී..... ඔහොම ඉන්න. ඇන්තනී...."

කාමරේ දොර සද්දෙටම වහගෙන තරහින්ම යන්න ගිය තම සැමියා දෙස බලමින් කමන්ති ඇඳේ හෙඩ් බෝඩ් එකට පිටදීලා කමන්ති දිහා බලාගෙන ඉන්න ෂේද් ළඟින් වාඩි වුනා.

"අම්මා... ඔයත් දැන් යන්න. අරයට පරක්කු වෙයි...ඊලගට මට තමයි ඒකටත් බැනුම් අහන්න වෙන්නේ.."

ෂේද් කමන්ති දිහා බලලා නෝක්කාඩුවට කියද්දි කමන්ති ෂේද්ගේ ඔලුව අතගාන්න හැදුවා. ඒත් ෂේද් කමන්තිගෙ අත ඉස්සරහට ඇඳෙනවා දැක්ක ගමන් හිස ආපස්සට ගත්තා .

"චූටි පුතා.. ප්ලීස්... දරුවෝ...මාත් එක්ක ගෙදර යමු.. "

කමන්ති ෂේද්ගේ උරහිසින් අත තියාලා කියද්දි ෂේද් අම්මගේ අත උරහිසින් අයින් කලා.

"අම්මා... මං කිව්වනේ එක සැරයක්. මට මගේ පාඩුවේ ඉන්නයි ඕනි.. මගේ නිදහසේ මට ඉන්න දෙන්න අම්මා.."

ෂේද් කිසිඳු හැඟිමකින් තොරව කතා කරද්දී කමන්ති ඇඳෙන් නැඟිට්ටා.

"මොකක්ද ඔය කියන නිදහස ආ.... අර දහජරාව බිබී අකාලේ මැරෙන්න හදන එකද නිදහස. චූටි පුතා.. මගේ ඉවසීමට සීමාවකුත් තියනවා කියලා මතක තියාගන්න. "

කමන්ති මේ කෑගහන්නේ තරහටත් වඩා දුකට. මේ නාස්ති වෙලා යන්නෙ කමන්තිගේ පණ ඩිංග. අම්මා කෙනෙක් විදියට කමන්ති කොහොමද මේවා බලාගෙන ඉන්නේ

"අම්මා.ප්ලී...ස් කෑගහන්න එපා.. මං ඔයාලගෙන් ඈත්වෙලා මෙහෙ ආවෙ ඔන්න ඔය කරච්චලෙන් බේරෙන්න.. ප්ලී...ස් දැන් යන්න මෙතනින්... යන්න..."

තරහින් කෑ ගහන කමන්ති දිහා බලාගෙන ෂේද් කිව්වේ රිදුම් දෙන හිස දෙපසට සොලවමින් නළලත ඇඟිලි තුඩුවලින් තෙරපවාගන්න ගමන්.

ෂේද් ඉන්නේ අපහසුවෙන් කියලා දැනගත්ත කමන්ති ආපහු සැරයක් හැදුවෙ ෂේද්ගේ හිස අතගාන්න.

"අම්මා...ප්ලී....ස් යන්න දැන්.."

කමන්තිගේ අතැගිලි හිසකේ මත ගැටෙද්දිම කමන්ති දිහා නොබලාම ෂේද් ඩුවට් එක යට ගුලි ගැහුනා.

ටිකකින් දොර වැසෙන හඩ ඇසෙද්දී ෂේද් ඩුවට් එක අයින් කරලා ඇඳෙන් වාඩිවෙලා බෙඩ්සයිඩ් ටේබල් එකට අත දික් කලේ ටේබල් එක උඩ තිබ්බ සිගැරට් පැකට් එක ගන්න. පැකට් එකෙන් සිගැරටයක් අරන් ලයිටර් එක සොයන්න ටේබල් එක දිගේ අතැගිලි එහෙ මෙහෙ යැව්වා. ටේබල් එක උඩ ලයිටර් එක හමු නොවූ නිසා ෂේද් ඇඳෙන් බැහැලා වැනි වැනීම කිචන් එකට ගියේ ගිනිපෙට්ටියක් සොයා ගන්න..

"ෂික්... මොන හු&තක්ද..? මුන් මේ මගුල කොහෙ දාලද.."

කිචන් එකෙත් ගිනිපෙට්ටියක් තිබ්බේ නෑ. ආපහු සැරයක් වැනි වැනි ඇවිදන් ඇවිත් ඇඳේ දිගා වුනේ සිගැරට් එක කටේ රදවගෙනමයි. ටිකක් වෙලා ඇඳේ දිගා වෙලා අතපය විහිදාලා සිවිලිම දිහා බලන් සිටියේ ඇඟ ඇතුලෙන් නැගෙන ගැහීම ටිකෙන් ටික වැඩි වෙනවා දැනුන නිසයි.

කටේ තිබ්බ සිගැරටුව අතෙන් පොඩි කරලා විසික් කරගෙනම කොල්ලා නැගිට්ටේ තවත් නම් ඉවසගෙන ඉන්න බැරි නිසා. ඇදෙන් බැහැලා ගිහින් බිත්තියට අත් මිටිමොලවලා ගහගෙන ගහගෙන ගියේ දවස් හතරකට කලින් රෑ බෝතලයක් බිදලා කපාගත්ත මැණික් කටුව ලග තුවාලේ පෑරිලා ආපහු සැරයක් ලේ ගලායද්දී. ඒත් තුවාලේ වේදනාවටත් වඩා ඇඟ ඇතුලෙන් ඉල්ලන ඒ දේ නැතුව කොල්ල ඉදියේ මරු විකාරෙන්.

බිත්තියේ පවා ලේ ගෑවෙද්දී කොල්ලා ඉවරයක් නැතුව කෑගහගෙනම බිත්තියට පහර දුන්නේ පුදුම ආවේශයකින්. ඒත් එක්කමයි රූම් එකට කොල්ලගේ යාලුවෝ දෙන්නා දුවන් ආවේ.

"ෂේ...ද්....
නවත්තපන් ඕක..
ෂේද්..... තොට පිස්සුද යකෝ...."

දුවන් ආපු කොල්ලෝ දෙන්නා කෑගහගෙනම බිත්තියට නොනවත්වා පහර දෙන ෂේද්ව ඇදලා ගත්තේ අත්දෙක පිටිපස්සට කරලා අල්ලගෙන.

"අතෑරපන් මාව වරුණ්...
හොද හිතින් මාව අතෑරපන්....
අතෑරපන් යකෝ මාව...."

යක්ෂාවේශයෙන් කෑගහගෙනම අත් පිටුපසට කරලා අල්ලන් ඉන්න වරුණ්ව තල්ලු කරගෙනම තම අත් ග්‍රහනයෙන් මුදව ගත්තත් ෂේද්ව බිමට ඇද වැටුනේ ඔහුගේම ශරීරයට ඔහුවම දරා සිටීමට තවත් ශක්තියක් නැති නිසා.

සතියකට කලින් එක දිගට කිසිදු ආහාරයක් නොගෙන ලිකර්, සිගැරට් වගේම මත්ද්‍රව්‍ය වලින් ගත කරපු ජීවියෙක් ෂේද් කියන්නේ. හිතින් ඇදලා දාන්න බැරි තරමට මුල් ඇදපු අතීතයක හිර වෙලා දුක් විදින කොල්ලෙක් ෂේද් කියන්නේ.. ඉතිං ඔහු ඒ මතකයන් රස විදින්නේ ඔහුගේම ක්‍රමයකට. මතකයන් වල ගැඹුරටම පීනන්න ඔහුට උදව් කරන්නේ ඩ්‍රග්ස්. ඉතිං දැන් ඒවා ෂේද්ගේ ජීවිතේ වෙලා.

දවස් හතරකට කලින් අවසිහියෙන් බෝතල‍යක් බිදගෙන අත කපාගෙන ලේ ගොඩක් මැද්දේ වැටිලා ඉද්දී ෂේද්ගේ යාලුවෙක් දැකලා ෂේද්ව හොස්පිට්ල් ගෙනියනවා. ඒත් අද හවස් වෙද්දී බලෙන්ම හොස්පිට්ල් එකෙන් ගෙදර ආවේ ෂේද්ගේ තනිමතයට. කුසට ඝන ආහාරයක් නොමැති නිසාත් රුධිරය වැඩි ප්‍රමාණයක් ශරීරයෙන් පිට වූ නිසාත් ෂේද් ඉන්නේ යහපත් සෞඛ්‍ය මට්ටමක නෙවෙයි. ඒනිසාමයි ෂේද්ගේ දෙමාපියන් ඔහුව ගෙදර එක්කන් යන්න ආවේ. ඒත් ෂේද්ගේ තනි තීරණය වෙනස් කරන්න ඔහුගේ මවටත් නොහැකි වූ නිසයි ඔහුගේ තනියට කවදත් ලගින් ඉදපු මිතුරන් දෙදෙනා ෂේද්ගේ මවගේ කීමට මෙහි පැමිනෙන්නේ.

"ෂේද්... තෝ නම් පිස්සෙක්... බලපන් තුවාලේ පෑරිලා.. යමන් හොස්පිටල්."

බිම මූණින් අතට වැටිලා ඉන්න ෂේද්ගේ අත් බාහුවෙන් අල්ලගෙන නැගිටවන්න හදමින් වරුණ කිව්වත් කොල්ලා නෙවෙයි හෙල්ලුනේ.

"ඉෂාන්... මට බෝතලේ අරන් දීපන්.. "

නිදිමතෙන් වගේ ෂේද් කොදුරද්දී වරුණයි ඉෂානුයි මූණට මූණ බලාගත්තේ තරහින්.

"මොන බෝතලයක්ද උඹට ඕනි. උඹට දෙන්න ඕනි වහ බෝතලයක් මිනිහෝ.."

ඉෂාන් ෂේද්ටත් වඩා හයියෙන් කෑගහද්දි ෂේද් පිස්සෙක් වගේ මහා හයියෙන් හිනා වුණා.
වරුණ ෂේද් දිහා බලා ඉඳියේ ඇස් වල කඳුළු පුරවගෙන. ඇත්තටම කොල්ලො දෙන්නගෙ පපුව පිච්චෙනවා ෂේද් මේ වගේ හැසිරෙද්දී.

"දීපන්....දීපන් මිනිහෝ ඉක්මනට.. මාව ගැහෙනවා... මාව ගැහෙනවා යකෝ..මට තවත් ඉවසන් ඉන්න බෑ... මගේ බෝතලේ දීපන්..."

බිමින් නැගිටින්න උත්සහා කරමින් ෂේද් කෑගැහුවත් ඔහුට ඔලුව උස්සගන්නවත් පණක් තිබ්බේ නෑ..

"කාලකණ්නියා.......
තෝ අපේ යාලුවෙක් ද කියන්නත් ලැජ්ජයි.. නැගිටපන්....ඒයී.... ෂේද්....ඇස් ඇරපන්..ෂේද්...ඒයී...ෂේද්..."

වරුණ ෂේද් ලග දණගහගෙන බැන බැනම ෂේද්ව උස්සගන්න ට්‍රයි කරද්දී ෂේද්ගේ ඇස් පියවුනේ වරුණගේ බෙල්ල වටා පටලන් ඉදපු ෂේද්ගේ අත පහලට රූටා වැටෙද්දි..

"ඉෂාන්.... මේකාව උස්සපන්..
ඉක්මන් කරපන්.. ඒයී...ෂේද්...ඇස් ඇරපන්..ෂේද්..."

සිහිසුන්ව සිටින ෂේද්ගේ කම්මුල්වලට ගසමින් වරුණ කෑගහද්දී ඉෂාන් ඇස් වල පුරෝපු කඳුළු පිට අත්ලෙන් පිසිමින් ෂේද් ලඟ දණගහා ගත්තේ මේ තරමට අසරණ වුන තමන්ගේ යාලුවා ගැන කියාගන්න බැරි දුකක් හිතේ හිරකරගෙන.

______________🍷🍷🍷🍷____________

"ඇන්තනී... මගේ හිතට හරි නෑ පුතාව දාලා ආවට.."

"මම දැන් කිව්වා එකසැරයක් කමන්ති..ප්ලීස් ඔය මිනිහා ගැන මාත් එක්ක කතා කරන්න එපා."

"ඔයා එක්ක කතා කරන්නේ නැතුව මං වෙන මොකෙක් එක්කද අපේ ලමයා ගැන කතා කරන්නේ... ආ....මට ඒක කියන්න ඇන්තනී.."

"පොඩ්ඩක් කටවහන් ඉන්නකෝ කමන්තී.... ප්ලීස්... "

ට්‍රැෆික් එකේ හිර වෙලා ඉද්දී කමන්ති කියවන්න ගත්තේ අඩ අඩා.. ඇන්තනී නම් ඉදියෙ හොදට තරහ ගිහින්. ඒකමයි කමන්තිට කෑ ගැහුවේ.

"ඔයාටත් චූටි ගැන කියන දේවල් තමයි අහන් ඉන්න බැරි.. "

"කමන්ති ... මං දැන් එක සැරයක් කිව්වා කටවහන් ඉන්න.. ගෙදර ගිහින් තියන ප්‍රශ්නයක් විසදගමු. "

"අනේ...මගේ චූටි පුතා...."

කමන්ති මුමුණමින් අඩන්න ගත්තේ ඇන්තනීගේ ඉවසීම ඉක්මවා යද්දී. රැකියාවත් සමග පුරුද්දක් කරගත්ත ඉවසීම දැන් දැන් ඇන්තනීගෙන් ගිලිහී යන්නේ ඒ හිතේ ගොඩ ගැහිලා තියන ප්‍රශ්නවල ඉවරයක් නැති නිසයි.

"ඔය මිනිහා ගැන මට හැමදාම හැම මිනිත්තුවෙම කම්ප්ලේන් එකක් එනවා. කොච්චර කිව්වත් හැදෙන එකෙක් නෙවෙයි ඕකා.. මට නම් දැන් තිත්ත වෙලා තියෙන්නේ.."

"අනේ ඔහොම කියන්න එපා ඇන්තනී... අපි දෙන්නම දන්නවා ඒ දරුවට මොකද වුනේ කියලා."

"මොකද වුනේ... මොකද වුනේ කියලා තමයි මාත් කල්පනා කරන්නේ.. ආදරේ කරපු එකා දාල ගියා කියලා ඔච්චරටම මැරෙන්න ඕනිද. අනාගතයක් කියලා දෙයක් නැද්ද ඒ මිනිහට.. දාලා ගිය එකා ගියා."

"ඇයි ඔහොම කතා කරන්නේ... ඔයාට මතක නැද්ද අපිත් ආදරේ කරලයි මැරි කලේ.. ඒ කාලේ අපිටත් කොච්චර ප්‍රශ්න ආවාද...අපි ටික කාලයක් දෙමු ඇන්තනී පුතාට.."

"තව මොන කාලයක්ද දෙන්න කියන්නේ කමන්ති..... දැනටම ඒ මිනිහා අවුරුදු 5ක් නාස්ති කරන් තියෙන්නේ.. බේබද්දා..."

"ඇන්තනී..... ඒ ඔයාගෙත් පුතා.. ඔහොම කතාකරන්න එපා... "

කමන්ති තරහින් කෑගහද්දී ඇන්තනී කලේ දත්මිටි කමින් ෂටර් එකෙන් එලිය බලාගෙන හිත පාලනය කරගන්න උත්සහ දැරීමයි.

______________🍷🍷🍷🍷____________

ෂේද්.....

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ කියමින් අවුරුදු ගානක් එකම මතකයක ඇළිලා ජීවිතේ ඔහේ ගලාගෙන යන්න දෙන කොල්ලෙක්. කාලෙකට කලින් රජයේ පිලිගත් සරසවියක දීප්තිමත් උපාධිධාරියෙක්.

ෂේද් කියන්නේ නම්බුනාමයන් වගේම ලංකාවේ නමක් දිනාගත්ත පෞරාණික පවුලක පුරුකක්.. ලංකාවේ අංක එකේ Infectious Disease Specialist Dr. ඇන්තනි රොසයිරෝ ද සිල්වා-Antoni Rosayro De Silva ගේ බාල පුතණුවන්.
Pediatrician doctor කමන්ති පීරිස් ෂේද්ගේ ආදරණීය මෑණියන්.
හැමෝගෙම ආදරය හුරතලය වැඩියෙන්ම ලැබුනේ කොල්ලට. මොකද පවුලේ බඩපිස්සා ෂේද්. අයියලා දෙන්නෙක් එක්ක හැදී වැඩුනු නිසා හැමවෙලේම අයියලගේ හුරතලේ වුනේ ෂේද්.

නිසල් ඉමයුරු රොසයිරෝ ද සිල්වා ෂේද්ගේ ලොකු අයියා.
නවිදු රොසයිරෝ ද සිල්වා ෂේද්ගේ පොඩි අයියා.
ෂේද්ගේ ලොකු අයියා තැන්පත් චරිතයක් වෙද්දි පොඩි අයියා ඊට හාත්පසින් ම වෙනස් චරිතයක් වුනා. පවුලෙ ඉදපු දාමරිකයා නවිඳු කිව්වොත් ටක්කෙටම හරි. එතකොට ෂේද්... ෂේද් මේ දෙකේම එකතුවක්. ෂේද්ගෙ එක කොටසක් ආදරෙ මහා ගොඩක් බලපොරොත්තු වෙන පොඩි එකෙක් වගේ අහිංසක කොල්ලෙක්. එතකොට අනෙක් කොටස තමයි දැන් මේ කළ එළි බැහැලා තියෙන්නෙ.

මෙච්චර ආදරය ලැබිලත් අහම්බෙන් හම්බවුණ එක ආදරයක් නිසයි කොල්ලගේ ජීවිතේ කනපිට පෙරලුනේ..

______________🍷🍷🍷🍷____________

"රූම් නම්බර් 6, නිෂේද් ඉමන්දෙව්ත් රොසයිරෝ ද සිල්වා, - Nished Imandewth Rosayro De Silva
පේෂන්ට් එක්ක ආපු අය කවුද...?"

ඩොක්ටර් සමග පසුපසින් දුවමින් යන හෙදිය කොලයක් බලාගෙන කතා කරද්දී කොල්ලො දෙන්නා දුවන් ගියා ඇය දෙසට.

"අපි ආවේ "

වරුණ කිව්වේ කලබලයෙන් වගේ.

"ඇතුලට යන්න.. ඩොක්ටර්ට කතා කරන්න ඕනිලු.."

නර්ස් කාරුණිකව කියද්දි කොල්ලො දෙන්නා ඩොක්ටර්ගේ රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියේ අම්බානෙකට බැනුම් අහන්න වෙනවා කියලා දැනගෙනයි.

"මොකක්ද මල්ලී මේකේ තේරුම... මූට මොකද වෙලා තියෙන්නේ.. මට තේරෙන්නේ නෑ මේ මිනිහාට මොන යකෙක් වැහිලද කියලා. විහින් මැරෙන්න හදන්නේ.."

වෙද නලාව ශබ්ද නැගෙන්න මේසයට විසික් කරමින් ඩොක්ටර් නිසල් කිව්වේ තමන් ඉස්සරහ හිටගෙන ඉන්න කොල්ලො දෙන්නා බිම බලාගද්දී.

"අපි පුළුවන් තරම් ට්‍රයි කලා ඩොක්ටර්..."

වරුණ කිව්වේ බිම බලාගෙනමයි.

"වරුණ... ඇයි මූ ගෙදර ගියේ නැත්තේ.."

ආපහු සැරයක් ඩොක්ටර් නිසල් කෑගැහුවා.

"දන්නෑ..අපි එද්දි ආන්ටිලා ගිහින් "

වරුණ තාමත් බිම බලාගෙන. මේ සැරේ උත්තර දුන්නෙ ඉෂාන්.

"අනේ මන්දා බං.. මටත් එපා වෙලා දැන් මේ විකාර.. "

සුදු ලෝගුව ගලවලා රැක් එකේ රදවලා නිසල් කිව්වේ පුටුවේ වාඩි වෙනගමන්. නිසල් ටිකක් වෙලා හිටගෙන ඔලුව බිමට හරවගෙන ඉන්න කොල්ලො දෙන්නා දිහා බලාගෙන ඉදියා. පව් කොල්ලො දෙන්නා. වැරැද්දක් කරපු පොඩි උන් දෙන්නෙක් තාත්තා ඉස්සරහා බයේ හිටගෙන ඉන්නවා මතක් වෙලා නිසල්ට පොඩි හිනාවක් ගියා.

"ඩොක්ටර්.....මේ.. අයියා..අපි.."

වරුණ ටිකකින් කතාකරන්න පටන් ගත්තේ නිසල් නිශ්ශබ්ද නිසයි.

"වරුණ.. මේ ගැන අපේ ගෙදරට කියන්න එපා හරිද... අම්මා කලබල වෙයි "

වරුණ කියන්න ගිය දේ කියලා ඉවර කරන්නත් කලින් නිසල් කියද්දි වරුණ වගේම ඉෂානුත් රොබෝලා වගේ ඔලුව වැනුවා. ඊටපස්සේ නිසල් කොල්ලො දෙන්නට වාඩි වෙන්න කියලා අතින් සන් කලා.

කොල්ලො දෙන්නත් මේසය ඉදිරියෙන් ඇති පුටු දෙකේ වාඩි වුනේ තෙහෙට්ටුවෙන්.

"වෙලාවට මං අද ඉදියේ. ෂේද් හොදටම වීක්.. සේලයින්ස් දෙකක් දුන්නා දැනට. ආපහු සැරයක් මැහුම් දාන්න වුනා අතට. මන් දන්නේ නෑ මේ මනුස්සයා මොකක් කරගන්න හදනවද කියලා.."

තරහින් ම මේසයට අතින් ගහපු නිසල් ඇගිලි තුඩුවලින් නලල තෙරපවාගත්තේ මල්ලී ගැන තරහක් හිතට නැගෙද්දී.ඒ තරහා අන්තිමට දුකකට පෙරලුනේ කොල්ල ඉන්න තත්වය සහෝදරයෙක් විදියට නිසල් දැන සිටින නිසයි.

නිසල්, ෂේද්ගේ ලොකු අයියා මේ හොස්පිටල් එකේ ශෛල්‍ය වෛද්‍යවරයෙක්. අද පාන්දර නිසල් තමයි ඩියුටි ඉදියේ.

"මල්ලි... ඔයාලා දෙන්නා යන්න දැන් පාන්දරත් වෙලානෙ.. මෙතන මං ඉන්නවනේ බය වෙන්න දෙයක් නෑ. "

ඩොක්ටර් නිසල් කිව්වේ නිදිමතේ තෙහෙට්ටුවෙන් තමා දිහා බලා ඉන්න කොල්ලො දෙන්නා ගැන දුකින්. තම මලනුවන්ගේ මෙවැනි හපන්කම් වලදී නිදිමරාගෙන තැලී පොඩිවී බැනුම් අහගෙන කොල්ලා වෙනුවෙන් ඉන්නේ මේ දෙන්නා කියලා නිසල් හොදටම දන්නවා.

"කමක් නෑ අයියා... අපි ඉන්නම්.. ෂේද් ගැන දන්නවනේ.."

ෂේද් පිස්සු කෙළින්න පටන් ගන්නත් කලින් ඉදන් ශේද් එක්ක ඉදපු යාලුවො දෙන්නාට ෂේද්ව මෙහෙම අතඇරලා දාලා යන්න බෑ.

"හ්ම්ම්.. දැන්මනම් නැගිටින එකක් නෑ. බෙහෙත් වලට නින්ද ගිහින් තියෙන්නෙ. මල්ලිලා..මට ලොකු උදව්වක් කරනවද. ෂේද්ගේ ගෙදර තියන ඔක්කොම ලිකර් වර්ගයි,ඩ්‍රග්ස්,සිගැරට් සේරම අයින් කරලා දානවද. මූ මෙහෙම බොන්න ගත්තොත් තව අවුරුද්දක්වත් ඉන්න එකක් නැ.. දැනටම කිඩ්නි ඩැමේජ් වේගෙන එන්නේ.. "

නිසල් කියද්දී කොල්ලො දෙන්නා පුදුමයෙන් බැලුවේ නිසල් දිහා.

"ම්ම්...ඔව්.."

නිසල් බැරෑරුම් බැල්මක් කොල්ලො දෙන්නට දැම්මේ.

______________🍷🍷🍷🍷____________

"මොකක්ද බං මූ මේ කරගන්න හදන්නේ. අපේ සෙට් එකෙන් ජොලියෙන්ම ඉදියේ මූ. මෙහෙම වුනා කියලා මට හිතාගන්න බෑ. මේක හීනයක් වගේ."

"ඔක්කොටම මුල අරූ... මට ඕකව හොයාගන්න පුලුවන්නම් හොයාගෙන මරලා දානවා."

"එක අතකට ඌත් වැරදි නැතුව ඇති බං."

"උබ ඌව සුද්ද කරන්න හදන්නෙපා මාත් එක්කනම්.. මට දැන් ඌව අප්පිරියයි. මට දැන් ඌ නිසා.....

වරුණ කියවගෙන යද්දිම ඉෂාන් කෑගැහුවා. ඉෂාන් කවදාවත් ෂේද්ට සිද්ධ වුන දේට වෙන කාටවත්ම වැරැද්දක් කියන්නෙ නෑ. ඉෂාන් ෂේද් කරන දේවල් වලට ෂේද්ට කෑගහනවා තමයි, බනිනවා තමයි. ඒත් කවදාවත් ෂේද්ටවත් වැරැද්දක් කියන්නෙ නෑ. ඉෂාන් ඒ වෙනුවට තමන්ගේ යාලුවට හයියක් වෙලා ෂේද් එක්ක හිටගෙන ඉන්නවා.

"අනේ උඹේ බණ උඹම තියාගනින්."

ඉෂාන් කෑගහගෙනම ගිහින් ශේද්ගෙ මිනි බාර් එකේ දොර ඇරියා.

"මේ ඒක නෙවෙයි ඉෂානයා.. මේවා කොහෙටද බං දාන්නේ. අපරාදේ බං මේවා විසික් කරන්න මට ලෝභයි. "

වරුණයි ඉෂානුයි පාන්දරම ෂේද්ගේ ගෙදර සුද්ද කරන්න පටන් ගත්තේ නිසල් කියපු දේත් එක්ක කොල්ල ගැන බයෙන්.

විවිධ වර්ගයේ ලිකර් වර්ග අඩුක් කරපු ෂේද්ගේ මිනි බාර් එක දැක්කම කොල්ලො දෙන්නට හීල්ලුනා.

"අනේ මන්දා බං... මූ මේවා දවසින් ඉවර කරයි තිබ්බොත්නම්. ඔක්කොම අදිමු අපේ ගෙදරට වෙන කරන්න දෙයක් නෑ.."

ඇත්තටම කොල්ලො දෙන්නට ලෝභ හිතුනා විසික් කරන්න.. අරන් තියාගත්තම පස්සෙ කාලෙක බැරියෑ තුන්දෙනාටම සෙට් වෙන්න.

"එතකොට මේවා.."

බාර් එක ඇතුලෙම තිබ්බ රැක් එකක ලාච්චුවක් ඇරලා වරුණ පෙන්නද්දි ඉෂාන්ගේ ඇස් ලොකු වුණා.

සුදුපාට පැකට් , පාට පාට රූප සහිත මත් පෙති හා නානාප්‍රකාර ඩ්‍රග්ස් වර්ග ෂේද් හරි පරිස්සමෙන් අරන් තියන් ඉදලා.

"අඩෝ ඕව නම් පුච්චලා දාමු.. මෙතනට narcotic එකෙන් පැන්නනම් මූ මහඋළු ගෙදර මෙලහකටත්.. "

ලාච්චුවක් පිරෙන්න තියන මත්ද්‍රව්‍ය දැකලා ඉෂාන්ට කියවුනේ ජනෙල් වලින් පහල බලන ගමන්මයි.

"නාන්න තරම් සල්ලි තියන උන්ට මේව සුලු දේවල් බං.. "

වරුණ හරි පරිස්සමට එකින් එක අල්ලලා බැලුවා.

"රෙද්දෙ සල්ලි... මූ මුළු සේසතම මේවට යට කරනවා.බල බල ඉදියොත් මූ එක්ක අපිත් ගස්. වෙන කරන්න දෙයක් නෑ වරුණයා.. මේ ඔක්කොම හෝදලා දාමු"

ඉෂාන් ලාච්චුව පිටින්ම ගලවගෙන අරන් ගිහින් කොමඩ් එකට හැලුවේ වෙන කරන්න දෙයක් නැති නිසයි.

"ආන්ටි මේවා දන්නවනම් පපුව පැලිලා මැරෙන්නෙ යකෝ... පව්කාරයා.. මූව ගෙදර ගෙනාවට පස්සේ අපි දෙන්නත් ඇවිත් මෙහෙ නවතිමු. මට බෑ බං මූ විනාස වෙනව බලන් ඉන්න... "

ඉෂාන් ලාච්චුව හයි කරන ගමන් කිව්වේ වරුණ දිහා බලාගෙනමයි.

"හ්ම්ම් ඒකත් හොදයි.. ඒත් බං මං කල්පනා කලේ අපිට හොද ගානක් හොයාගන්න තිබ්බා. අපරාදේ අර ටික කොමඩ් එකට හැලුවේ..."

වරුණ කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන මිමිණුවේ ඉෂාන් පුදුමයෙන් ඔහුදිහා බලද්දී.

"තොට මං කිව්වා කියලා හිතාගනින් බල්ලා.."

මේසෙ උඩ තිබ්බ හිස් බියර් ටින් එකකින් දමලා ගහන ගමන් ඉෂාන් කෑගැහුවේ වරුණ මහ හඩින් හිනා වෙද්දී..

"යකෝ...මං විහිලුවක් කලේ...."

"අනේ උඹේ විහිලු... වරුණ් මේ උඹ මගෙන් මැරුම් කන්න හදන්න එපා ඔහොම විහිලු කරලා.."

ඉෂාන් තරහින් කෑගහගෙනම කිචන් එකට ගියේ තේ එකක් හදාගන්න හිතාගෙන.

වරුණ් සංජිත් , ඉෂාන් කල්හාර ෂේද්ගේ සරසවි මිතුරන්. වරුණ් කියන්නේ පොලොන්නරුවේ කොල්ලෙක්. හේන් ගොවිතැන කරන යමක් කමක් තියෙන පවුලක ලොකු පුතා. ඉෂාන් ගාල්ලේ කොල්ලෙක්. ඔහුට මේ ලෝකෙන්ම ඉදියේ ආච්චිඅම්මා විතරයි. ඇයත් අවුරුදු කීපයකට කලින් මිය ගිය නිසා ඉෂාන් වැඩි හරියක් ඉදියේ වරුණ් එක්ක එකම ඇනෙක්ස් එකේ. වරුණත් ඉෂානුත් කොළඹ පෞද්ගලික ආයතනයක ඉහල තනතුරු දරමින් රැකියා කරන නිසා ඔවුන් පහසුවට ආයතනයට නුදුරින් ඇනෙක්ස් එකක් ගන්නවා. ඒත් ෂේද් ගෙදරත් එක්ක රණ්ඩු කරගෙන ගෙදරින් ඇවිත් නිවසක් මිලට ගත් දා සිට කොල්ලො දෙන්නත් ෂේද් එක්ක නැවතුනා. ඒත් ෂේද්ට තරහ ගිය ගමන් කොල්ලො දෙන්නව බැනලා පන්න ගන්න නිසා ඔවුන් දෙන්නා කාලයත් එක්ක ඔවුන්ගේ ඇනෙක්ස් එකේම නැවතුනේ ෂේද්ට වැඩි වැඩියෙන් හුදකලා වීමට වුවමනා වූ නිසයි.

______________🍷🍷🍷🍷____________

"ම්ම්ම්....."

"ආ... මිස්ටර් නිෂේද්...කොහොමද දැන් "

ෂේද්ට ඇස් විවර කරන්නට තැත් කරද්දී පිටවූ කෙදිරිලි හඩින් පසු කොල්ලගේ නම කියලා කවුරුන් හෝ කතා කරනවා ඇහුනා.

"හරි ඩොක්ටර්.. තැන්ක් යූ... මං ටිකක් කතා කරලා එන්නම්.."

ෂේද්ට නැවත වරක් ඒ ඇහුන කට හඩ හොදට හුරුපුරුදු හඩක් බව නම් කොල්ලා අදුනගත්තා එවලේ. ඒකමයි අමාරුවෙන් ඇස් ඇරගන්න උත්සහ කලේ.

"අ...අහ්...අයියා..."

"ඔව්.අයියා තමයි. දැන් මහත්තයට සතුටුද. "

ඇස් විවර කරද්දී තම මූනට එඹිලා බලන් ඉන්න ලොකු අයියා දිහා ෂේද් බලන් ඉදියේ පුදුමයෙන්.

"මං....මං.. මේ කොහෙද...."

"කොහෙද අහන්නේ.. හොස්පිට්ල් ඉන්නේ. ඇයි මතක නැද්ද මුකුත්"..

නිසල් තරහින් අහද්දී ෂේද් අහක බලා ගත්තේ ඊයේ රෑ මතක් වෙලා..

"අම්මා...එයා.."

"කාටවත් කිව්වේ නෑ. බොරුවට ඒ මිනිස්සු බය කරන්න ඕනි නෑ මට. "

නිසල් කතා කලේ කොල්ලා එක්ක තරහින්.

"මට දැන්ම යන්න....

"සතියක්වත් ඉන්න වෙනවා.. "

නිසල්ගේ හිතේ මල්ලි ගැන තරහා එහෙම්මමයි. ඒකයි තරහින්ම කතා කරලා යන්න හැදුවේ. ඒත්..

"මං දැන් ගෙදර යනවා. මොනව හරි හදන් එන්නද.."

නිසල් යන්නත් ගිහින් ආපහු ඇහුවේ ෂේද් ගැන දුක හිතිලා. කොල්ලා දවස් පහකින් විතර හරිහමන් කෑමක් කාලා නෑ කියලා නිසල් දන්නවා.

"හ්ම්ම්... කැමැත්තක් "

හා කියන්න බැරි කමටයි ෂේද් එහෙම කිව්වේ. මොකද කොල්ලා අවුරුදු දෙකකට කලින් තාත්තා එක්ක රණ්ඩු වෙලා ගෙදරින් එන දවසේ දස අතේ දිව්රපු දිව්රුම මතක් වෙද්දී ඒ ගෙදරින් වතුර උගුරක්වත් බොන්න ලැජ්ජයි.

"තමුසෙගේ ලොකුකම් පැත්තකට දාලා දැන්වත් ගෙදර එනවා පොඩි මල්ලි.. ඔයා හොදටම දන්නවා අම්මට ,මට,මද්දුට ඔයා නැතුව බෑ කියලා. තාත්තටත් එහෙම තමයි. හිතුවක්කාරකමට ගත්ත තීරණ වෙනස් කරන්න කාලේ දැන් හරි. ඔයා හොඳටම දන්නවා අපි හැමෝම ඔයාගෙ කැමැත්තට ඉඩ දුන්නේ අපිට ඔයාව වටින නිසා කියලා. හොදට හිතලා තීරණයක් ගන්නවා හැමදාම අර කොල්ලො දෙන්නට වද දෙන්නත් බෑනේ. උන් දෙන්නටත් උන් දෙන්නා ගැන බලාගන්න ඕනි. මොලෙන් හිතලා තීරයක් ගන්නවා.."

නිසල් යන්න ගිහින් ආපහු ඇවිත් ෂේද්ගේ පපුවට ඇගිල්ලෙන් ඇනලා කියලා ගියේ අයියා විදියට මල්ලිගේ ජීවිතේ කාලකණ්ණි වෙලා යනවා බලන් ඉන්න බැරි නිසයි.

______________🍷🍷🍷🍷____________

නිසල් කිව්වා වගේම ෂේද් එදා දවසම හොස්පිට්ල් එකේ ඇද උඩට වෙලා කල්පනා කලා තමන්ගේ ජීවිතේ ගැන. කොහොම කල්පනා කලත් මොන තීරණය ගත්තත් අන්තිමට නැවතුනේ හුදකලා ජීවිතේ. දවස් තුනකින් ෂේද් හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ච් කලත් නිසල් කොච්චර කිව්වත් ෂේද් නිසල් එක්ක ගෙදර යන්න ආවේ නෑ. කොල්ල වරුණයි ඉෂානුයි එක්ක කොල්ලගේ ගෙදර ගියේ කොල්ලා හොයන නිදහස හුදකලාව ඒ ගෙදර ඕනාවටත් වඩා තියෙන නිසයි.

"මේ මොකද මේ....."

දොරෙන් ඇතුල් වෙද්දිම ෂේද් වරුණ දිහා බලලා ඇහුවේ පුදුමයෙන්.

"අපි අලුත් කලා...."

වරුණ වෙනුවට පිලිතුරු දුන්නේ ඉෂාන්.

"මොකක්.... තොපි මොකක්ද මේ කලේ..."

ෂේද් අමාරුකම් ඔක්කොම පැත්තකින් තියලා ගේ ඇතුලට දුවගෙන ගියේ කොල්ලගේ තනිමකන ඒ ඇබ්බැහි වීම් සොයාගෙන.

"කෝ යකෝ මගේ බෝතල් ටික...... ආහ්..... කොහෙද කියපන් මේවා දැම්මේ.. යකෝ ලාච්චුව හිස්නේ...."

ෂේද් ගේ ඇතුලේ ඉදන් මර හඩ දීලා කෑගහද්දී දොරකඩට වෙලා වරුණ ඉෂාන් මූණට මූණ බලාගෙන ලාවට හිනාවක් දාගත්තේ ආපහු හැරිලා එලියට යන ගමන්.

"තව පැයකින් වගේ ඇතුලට යමු බං . දැන්ම ගියොත් කන්න වෙනවා අරූගෙන්"

දොරත් වහගෙන එලියට ආපු කොල්ලො දෙන්නා පඩිපෙලේ වාඩි වුනේ ඇතුලෙන් බඩු පෙරෙලෙන සද්දෙට කන් දීගෙනමයි.

ෂේද්ගේ නවාතැන වුනේ ෂේද්ගේ සියා හදවපු තට්ටු දහයකින් යුත් නිවාස සංකීර්ණය. ෂේද්ගේ සීයාගේ පෞද්ගලික වියදමින් සාදපු මේ නිවාස සංකීර්ණය ඒකාලේ නවාතැන් දුන්නේ ෂේද්ගේ සීයාගේ ආයතනයේ වැඩ කරපු දුර බැහැර සේවකයන්ගේ පවුල් වලට. තට්ටු දහයේ පවුල් විස්සකට ඉඩ පහසුකම් දුන්නේ එක තට්ටුවක අංග සම්පූර්ණ නිවාස දෙකක් ලෙස නිර්මාණය කර තිබුන නිසයි. කාමර තුනක්, කිචන් එක සමග කෑම කාමරය , ලිවින්ග් රූම් එක, බාත්රූම් දෙකක් සහ පොඩි ගබඩා කාමරයක් සහිත අංග සම්පූර්ණ මේ නිවාස සහිත මෙම නිවාස සංකීර්ණය දැන් බලාකියාගන්නේ ෂේද්ගේ පොඩි අයියා නවිදු. පවුලේ බිස්නස්මන් නවිඳු.. පවුලට දොස්තරලා තුන් දෙනෙක් ඉන්න නිසා නවිඳු තෝරගත්තේ සීයගෙ ව්‍යාපාර. නමුත් දැන් දුර බැහැර සිට නගරයට පැමිනෙන පවුල්, සරසවි සිසුන් මෙහි පදිංචි වී සිටී.

"ආහ්...පුතාලා... මොකද මේ එළියේ.. අදත් යාලුවට වැඩීද.."

කොල්ලො දෙන්නා පඩිපෙලේ වාඩි වෙලා ඉද්දී එතනින් ඉහලට යන්නට ආ අන්කල් ගුණසිංහ කතා කලේ නෝන්ඩියට වගේ.

කොල්ලො දෙන්නා කලේ හිනා වුන එක විතරයි

"අපේ දරුවෙක්වත් හදාගන්න වෙන්නේ නෑ මෙහෙම ගියොත්.."

ගුණසිංහ ඉහලට යන ගමන් කියාගෙන ගියේ වරුණ රවාගෙන වගේ බලද්දී.

"අපේ එකාගෙන් අන්කල්ට වෙන වැරැද්දක් නෑනේ. අන්කල් ඉන්නේ හතරවෙනි තට්ටුවේ අපි ඉන්නේ දෙවැනි තට්ටුවේ. නිකන් බොරු කියාගෙන එන්න එපා අන්කල් හරිද.."

වරුණ් කෑගහද්දී ඉෂාන් වරුණ්ගෙ කට වහගත්තේ ගුණසිංහ පඩි දෙකක් බැහැලා එනවා පෙනෙද්දී..

"මං කම්ප්ලේන් කරනවා මේ ගැන. "

දබරගිල්ල උරුක් කරගෙන ගුණසිංහ කියද්දී ඉෂාන් සමාව ඉල්ලුවේ හිනායන්න එන කටත් කන්ට්‍රෝල් කරගෙනමයි.

"උඹටත් පිස්සුනේ.. ඒ මිනිහගේ පෙෂර් තද වුනානම් එහෙම.. "

ඉෂාන්, ගුණසිංහ යනකන් ඉදල මහා හඩින් හිනා වුනේ වරුණ්ගේ ඔලුවට ටොක්කක් ඇනගෙන නැගිටමින්.

"යමන්.. අරූ බැල්කනියෙන් පහලට පැනලද දන්නෑ තියෙන සික් එකට."

ඉෂාන් දොර දිහාට ඇවිද යනගමන් කිව්වේ වරුණ් උරුවම් බාමින් ඒ පසුපස ඇදිලා එද්දී.

🍷

To Mumtaz :

Hey,
I was doing just fine before I met you.
But now,
I drink too much and that's an issue but i'm okay.

🖤

Continue Reading

You'll Also Like

15K 40 21
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...
184K 19.9K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
6.4K 214 6
Yasmin Monroe signs up for Love Island 2024 looking to find her perfect match.
35.8K 809 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Kanoko), best friend (Ayumu), and mom (Kaede...