කස්තුරි සුවඳ ✓

By liversack

673K 112K 45K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
45 වන පරිච්ඡේදය
46 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
54 වන පරිච්ඡේදය
55 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
60 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
73 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
81 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය
අවසාන පරිච්ඡේදය

36 වන පරිච්ඡේදය

7.4K 1.2K 571
By liversack





"ම්.. Thanks විතරද?"

අතේ තිබ්බ පේපර් එක මේසේ උඩින් තියලා මනරු අත් දෙක බැඳ ගත්තා. ඒ මූනේ තිබ්බේ කට කොනට ඇදුන හිනාවක්.. ඉතින් මාණික්‍ය ඉන්න විදිහටම මනරුගේ පැත්තට ටිකක් ඇල වුනා.

"නෑ.. අද ඉඳන් දිගටම මට ටියුෂන් කරන්න ඕනේ"

"ආහ් එහෙමද මාණික්‍ය?"

"ඔව්"

ඉතින් මනරු තිබ්බ නක්කල් හිනාව තව වැඩි කර ගත්තා.

"එහෙනම් ඉතින් මට ගෙවන්න වෙයි"

"ගෙවනවා.. කීයක් දිලත් ගන්න බැරි දේකින් ගෙවනවා"

මාණික්‍ය ඒ කිව්වේ ආඩම්බර මූනකින්. ඒ දැකලා මනරු හිනා වෙනවට වඩා කරේ යටි තොල හපාගෙන ඉස්සරහා බලාගත්ත එක.. මෙතන පන්තිය ඉතින් දැන් එයාලා ඉන්නේ ලොකුම තහනම් කලාපයේ.

"කෙලියා! ඒ බං අන්න අපේ අම්මා ඇවිත් මං ගිහින් බලලා එන්නම්"

දෙන්නා හිටපු ලෝකෙන් එලියට ආවේ පබසර ගේ සද්දෙන්. ඉතින් දැන් ගොඩක් අයගේ ගෙවල් වලින් භාරකාරයෝ එන ගමන් තිබ්බේ. එතකොට මාණික්‍යට ලොකු ප්‍රශ්නයක්.. එයාගේ ගෙදරින් කවුරු එයිද? දන්න තරමට තාත්තා ආයෙම අද උදේ factory එකට ගියා. එතකොට නිර්මල උදේම ෆුල් සුට් එකම ඇදන් එලියට බැස්සා කියන්නේ අද එයාට ලොකු meeting එකක්.. එතකොට රක්ෂිත.. එයා වත් එයිද? එයා අද මාණික්‍ය වෙනුවෙන් නිදහස් වෙයිද? ඒත්..

"අද අම්මා එනවද?"

තාත්තා principal කියන එක වෙනම දෙයක් ඒත් මේ වගේ දේවල් වලට principal කොහෙත්ම එන්නේ නෑනේ ඉතින් ඒ වෙනුවට එන්න ඉන්න එකම කෙනා මනරුගේ අම්මා..

"ම්! ඔව් දැන් එනවා ඇති"

"ම්.."

අඩු පාඩුව නොදැනුනා නෙවෙයි ඒත් මාණික්‍ය ඒක සම්පූර්ණයෙන්ම ගනන් නොගෙන ඉන්න වගබලා ගත්තා.

"අද තාත්තා එනවද? නෑත්තන් අයියා?"

මනරු ඇහුවේ නොකිව්වට මාණික්‍ය ගේ අවුල් ගිය මූන දැකලා.. මොකද මාණික්‍ය කොච්චර හොඳට කිසි අවුලක් නැතුව ඉන්නවා කියලා පිට ලෝකෙට පෙන්නන්න ගියත් එයාට ඒක මනරුගෙන් හංගන්න බෑ.

"තාත්තා factory එකට ගියා.. අයියලා නම් දන්නෙ නෑ.."

"හා හා මාණික්‍ය එයාලා ආවේ නෑ කියලා ඔයා හිතන්න එපා ඔයා බේරුනා කියලා! ඔයාටත් එක්ක හරියන්න තමයි අපේ අම්මා එන්නේ! එයාට ඇල්ලුනා කියන්නේ ඉතින් ඔයාට ආයේ බේරෙනවා බොරු.. ලකුණු අඩු වුනොත් පේර කෝට්ටෙන් දෙන්නේ"

මවා ගත්ත බොරු කේන්තියකින් මනරු ඒ කියෙව්වේ. ඉතින් බැනිල්ලක් වගේ ඇහුනත් මාණික්‍යට ඒ වචන අහලා මූනට හිනාවක් ආවා. ඒක හරි අහිංසක සතුටක් මොකද ඇදන් අවුරුදු තුනක ඉඳන් මෙහෙම දේකට එයාගේ නමට අම්මා ඉස්කෝලේ ආවේ නෑ.. එහෙමයි කියලා තියෙන කාර්යබහුල ඛමට ගෙදර අනිත් එක්කෙනෙක්වත් මාණික්‍ය වෙනුවෙන් ඒ තාක් පෙනි ඉන්න ලැබුනත් නෑ.. ඉතින් ඒක ඇත්තටම අහිංසක සතුටක්.. මොකද එයා වෙනුවෙන් අම්මා කේනේක් එනවා කියන්නේ.. මාණික්‍යට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ..

"ම්.."

ඒත්

"අම්මා..!"

මනරුට කලින් අම්මාව දැක්කේ මාණික්‍ය. ඉතින් පන්තියේ ඉන්න සීතලම චරිතේ කවදාවත් නොදැක්ක ලොකු හිනාවක් ඇඳන් මනරුගේ අම්මට අම්මා කියාගෙන කොරිඩෝව දුවන විදිහ පන්තියේ හිටපු හැම කොල්ලෙක්ම බලන් හිටියේ පුදුමෙන්. ඊටත් ආපු ගමන් අම්මා මානික්‍යව බදාගෙන කම්මුලක් මිරිකද්දි ඒ සෙට් එකම ඊලගට බෙල්ල හැරෙව්වේ මනරුට.. ඉතින්,

"ඒ මගේ මස්සිනා"

"හම්මට! උබලා නෑයොද බං?"

මනරු සාමාන්‍යන් කාටවත් හේතු දක්වන්න යන කෙනෙක් නෙවෙයි ඒත් මෙතනදි එයා ඕන කමින්ම එහෙම කිව්වේ දැනටමත් කට්ටිය එයාලා දිහා ටිකක් වෙනස් විදිහට බලන්න අරන් තියෙන නිසා.. ඒ කොහොම වුනත් මනරු එතනින් ගියේ අර අහපු ප්‍රශ්නේ නෑහුන ගානට.

කොහොම හරි ඒ යද්දි මාණික්‍ය හිටියේ එයාගේ ලකුණු අම්මට පෙන්නන ගමන්.

"අම්මා මං හොඳයි නේ?"

"නැතුව! මගේ කොල්ලා තමයි හොඳම! කෝ අනිත් පේපර්ස් දුන්නද?"

"තාම නෑ"

දෙන්නම ලොකු කතාවක.. මනරු එතනට ගියත් මාණික්‍ය එයාගේ අම්මව අත් පත් කරන් හිටියේ ආයෙම අම්මට එයාගේ පුතා ගැන හොයන්න බැරි වෙන විදිහට. මොකද,

"අම්මා මේ මගේ එ-"

"එහාට වෙන්න මනරු මට මාණික්‍ය පුතාගේ අනිත් ලකුණු බලන්න ඕනේ"

එයාගේ පේපරෙත් අරන් මනරු අම්මා ගාවට ආවත් එයා කරේ තමන්ගේ පුතාව පැත්තකට කරලා අතේ එල්ලිලා හිටපු මාණික්‍යත් එක්ක මිහිරි මිස් ගාවට ගිය එක. ඉතින් දැන් මනරු කැලේ.. ඊටත් මනරුගේ ලකුණු ගැන අම්මාට ඇත්තටම බලන්න දෙයක් නෑ.

"යකෝ මේක හරි වැඩක් වුනානේ! මමයි ඔයාගේ අභිමානවත් ප්‍රධාන ශිෂ්‍ය නායක section fir-"

"මට දෑන් cricket ගහන පුතෙක් ඉන්නවා මනරු!"

තියෙන තාන්න මාන්න ගෞරව නාම ඔක්කොම දාලා මනරු වෙන්න යන අසාධාරනයට එරෙහිව කතා කරන්න ගියත් ඒ හැමදේටම පිත්තකුයි බෝලෙකුයි හරස් වුනා. ඉතින් මාණික්‍ය අම්මගේ අතේ එල්ලිලා ගියේ මනරුට ලාවට දිව දික් කරලා ඇද කරන ගමන්.

"මේවට ගෙවන්න වෙනවා මාණික්‍ය!"

මනරු තනියෙම මුබුණනවා අම්මයි මාණික්‍යමි මිස් එක් කතාවක. කොහොම හරි මේ පාර මාණික්‍ය ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා ඒක බලන මාණික්‍යටම තේරුනා. මනරු උදව් කරපු දෙක විතරක් නෙවෙයි කවදාවත් නැතුව එයා තනියෙම කට්ට කාලා විශයක් ගොඩ දාගත්ත පළවෙනි පාර මේ. ඉතින් ප්‍රතිඵල දකිනකොට නිදි කිරපු, නිදි වරපු රැයවල් ගැන කිසිම පසුතැවීමක් ආවේ නෑ.. ඒ වෙනුවට මාණික්‍යට තෘප්තියක්.. තව තව මහන්සි වෙන්න ජිවාතේටවත් හිතුනේ නැති ආසාවක් ආවා මිසක්.

"ඔය අරන් තියෙන්නේ කොල්ලා හොඳට! ඊලග පාර ඔයා මනරුව පාස් කරන්න මාණි හරිද?"

කොල්ලගේ පිට අතගාන ගමන් මනරුගේ අම්මා ඒ කියද්දි මනරු එතන ඉඳන් ඒ දිහා බලන් හිටියේ හරිම සාමකාමි විදිහට.. අම්මා මාණික්‍ය එක්ක කියවන කිසිම වෙලාවක ඒ මැද්දෙන් පැනලා කිසි දෙයක් විනාස කරන්නවත් අවුස්සනනවත් යන්න එයාට කොහෙත්ම ඕන වුනේ නෑ. ඒ වෙනුවට යන්න මොහොතක් තියලා තමන්ගේ ප්‍රතිඵල බලනකල් මනරු එයාගේ අම්මව මාණික්‍යට අයිති කරන් ඉන්න ඕන තරම් ඉඩ දුන්නා.

"කෝ පබසර?"

දෙන්නටම කියලා අම්මා ගියාට පස්සේ ආයෙම ඉන්න තැනට එන ගමන් මාණික්‍ය ඒ ඇහුවේ අම්මා බලන්න ගියපු මනුස්සයා තාම නැති නිසා.

"ආහ් ඌ කොහෙට හරි යන්න ඇති.. මාණික්‍ය ඔයාට ද හවස practice ද?"

"ම්.. ඔයා.."

"මම ඉන්නවා! ඉවර වෙනකල් බලන් ඉන්නවා ඒක නිසා හොඳට practice කරන්න"

අහන්නත් කලින් මනරු ඒකට උත්තර දීලා ඉවරයි.. ඉතින් එතින්න එහාට මාණික්‍යට තව දෙයක් ඕනේම නෑ.. ඒත්,

"ඒ මාණික්‍ය!"

දෙන්නගේ කතාව මැද්දට පන්තියේ එක කොල්ලෙක් කෙලවරේ ඉඳන් හරස් වෙද්දි ඒ ඇයි කියලා බලන්න දෙන්නම එක සැරේ ඒ පැත්තට බෙල්ල හැරෙව්වා තමයි.. ඒත් දැන් දකින දේ මාණික්‍යට විශ්වාස කරන්න බෑ නම්..

"අයියා.."

මාණික්‍ය විශ්වාසයෙන් වගේ පුටුවෙන් නැගිට්ටේ.. ඒත් මනරු නම් ඒ දිහා බලන් මූනට හුරු පුරුදු හිනාවක් ගත්තා. මොකද එතන දන්න කියන අය දෙන්නෙක් ඉන්නවා.

"අපි හිතුවේ පන්තිය වරදාද ගත්තා කියලා බබා"

රක්ෂිත කොරිඩොව ඉස්සරහා හිටගෙන ඒ කියලා මූනට කඩවසම් හිනාවක් ගත්තා.. ඊට එහා පැත්තේ හිටපු නිර්මල බොත්තම් ගලවපු බ්ලේසරය පස්සට කරන ගමන් කලිසම් සාක්කුවට අත දාගෙන හිනා වුනේ මාණික්‍ය ගේ පුදුම වුන මූන දැකලා.. ඇත්තටම කිව්වොත් මාණික්‍යට ඇස් දෙක අදහා ගන්න බැරි තරම් මොකද කවදාද එයාගේ අයියලා දෙන්නා තියා එක අයියෙක්වත් තමන් වෙනුවෙන් ඉස්කෝලෙට ආවේ?

ඉතින් මාණික්‍ය කොරිඩෝවට ගියා නෙවෙයි ඇදිලා ගියා.

"කෝ අපේ මාණි ගේ පන්ති භාර මිස්?"

ඒ නිර්මල.. එයා නම් පෙනුමෙන් අනිවාර්යයෙන්ම ගියපු මීටින් එකේ ඉඳන්ම ඇවිත් කියලා පෙනුනා ඒත් රක්ෂිත නම් හැමදාමත් වගේ කාගෙත් ඇස් ගන්න ආකර්ෂණීය පුද්ගලයා විදිහට ඇවිත් තිබුනේ. ඉතින් දැන් ඔය සෙක්ෂන් එකේ යන එන අයගේ අවධානය තනිකරම අරන් තිබ්බේ මේ දෙන්නා. කුතුහලය තිබ්බ සමහර අය පන්ති වලින් එබිලත් නොබැලුවා නෙවෙයි.

"ඔය දෙන්නම.. අද ඔයාලට free ද.."

අහපු ප්‍රශ්නෙ ඇහුනේ නෑ මාණික්‍යට ලොකු ප්‍රශ්නයක්.. ඊටත් ඒ මූනේ තිබ්බ පුදුමයි.

"මාණිට නෙවෙයි නම් අපි කාටද free වෙන්නේ බබා.. නේද ලොකු? කෝ දැන් අපිට ඔයාගේ ටිචර්ව මිට් වෙන්න ඕනේ"

රක්ෂිත පන්තිය දිහාවට ඇස් යවන ගමන් ඒ කියවද්දි එයාටම ගිය අර මිල අධි විලවුන් සුවද දැන් වෙද්දි කොරිඩෝව එකම බදු අරගෙන තිබ්බේ. නිර්මල නම් සුපුරුදු සන්සුන් ඉරියව්වෙන් පන්තිය දිහා බලාගෙන හිටියා.

"ඉන්න මිස් එහා පන්තියේ.. එයා දැන් එයි"

ඉතින් මාණික්‍ය ඒ කියද්දි එතනට මනරුත් ආවා.

"හෙලෝ පොඩි මස්සිනා! කොහොමද ඉතින්!"

කාටත් කලින් රක්ෂිත.. මනරුත් හිනාවෙන් එයාලා ලගට ගිහින් හිටගෙන කතාවකට වැටෙන්න ගත්තා.

"හොඳයි හොඳයි.. අද අයියලා දෙන්නම ඇවිත්.. අපේ අම්මත් ඇවිල්ලා මාණික්‍ය ගේ මාර්ක්ස් බලලා ගියේ"

"දෙවියනේ මගේ නෑන්දම්මත් ආවද? කෝ දැන්?"

කියලා කට ගත්ත ගමන් රක්ෂිත එයාගේ නෑන්දම්මව හොයන්න ගත්තත් මනරුට හිනා.

"අම්මා ගිහින් දෑන් ටිකක් වෙලා අයියේ එයාට අද මාවත් අමතකයි!"

මනරුගේ බොරු චෝදනාත්මක කටහඩ.. ඒකට දෙන්නා තුන්දෙනාම හිනා වුනා.. ඒත් ඉන්න,

"මල්ලි අහන්න! හැමෝම දැන් හෝල් එකට යන්න! මේක දෙපාරක් කියන්න තියන්න එපා!"

කලින් අහපු නෑති කටහඩක් එයාලට පිටි පස්සෙන් සද්දෙට කතා කරලා අන කරද්දි දොලහා වසර පන්ති දෙකේම කොල්ලෝ තිබ්බ සද්ද වහන් ඒ පැත්තට හැරුනා. ඉතින් කොරිඩෝව හිටපු අයත් එහෙමයි. ඒ කෑගැහුවේ නම් ශිෂ්‍ය නායකයෙක් ඒත් ආර්ට් එකේ නෙවෙයි. ඉතින් කිව්වත් වගේ ආයෙම දෙවෙනි වතාවට කෑගහන්න ඉඩක් නොදි ඒ පන්ති දෙකේ හැමෝම වගේ එලියට බැහැලා පහලට යන්න ගත්ත ඊට පිටිපස්සෙන් අත් දෙකත් බැදගෙන ඇස් උඩින් බලන් ඉන්න කෙනා නිසා.

"අපේ අයටත් කියපං"

ඒ කියලා පබහරත් හැරුනේ එයාලගේ පන්ති පැත්තට තමයි ඒත් යන්න ගිය කාරනේ අතර මග.

"ආහ්.. අයියලා ආවද?"

ඉතින් පබසර කට්ටිය ගාවට දුවන් ආවා.

"ඔව්නේ..! මම ඒත් බැලුවා මොකෝ නෑක්තේ කියලා!"

ඒ රක්ෂිත. පබසර එතනට ආවත් වගේ රක්ෂිත එයාගේ පිටට තට්ටුවක් දාන ගමන් ඒ කියද්දි පබසර අර කලින් තිබ්බ තද පෙනුම පැත්තට දාලා සුපුරුදු හිනාව මූනට ඇදලා ගත්තා.

"ආහ් පොඩි වැඩක් සෙට් වුනානේ අයියා.. අල්ල ඉතින් නිවාඩු දෙන දවසනේ"

"ඒක තමයි.. කොහෙද හිටියේ?"

රක්ෂිත පස්සේ සුපුරුදු විලාසයෙන් නිර්මල ඒ ඇහුවේ සාක්කුවේ දාගෙන හිටපු අත එලියට ඇදන් පබසර පපුව මැද්දේ ගළන් හිටපු බැජ් එක දබර ඇගිල්ලට අරන් බලන ගමන්..

"මං පහල හිටියේ"

"දැක්කේ නෑ.. "

කාටවත් නෑහෙන ගානට වගේ ඇගට නොදැනී නිර්මල ඒ කියලා බැජ් එක අත ඇරියා. හැබෙයි ඒත් එක්කම වගේ මිහිරි මිස් ආයෙම පන්තියට එන්න හැරුනත් එක්කම මේ කඩවසම් තරුණ භාරකාරවරු දැකලා තත්පරේකට එයා එක තැන හිර වුනා.

"අ. ආහ් මේ මාණික්‍යගේ.. අයියා නේද? එතකොට මේ.."

දැක්ක ගමන් මිහිරි මිස් රක්ෂිතව නම් අදුන ගත්තා මොකද එයා මිට කලින් වතාවක් එයාව දැකපු නිසා. ඒත් කවදාවත් නොදැක්ක නිර්මල ට නම් කාට නැතත් මිස් ඇගිල්ල දික් කරගෙන හිටියේ නම ඇහෙනකල් වගේ.

"ආහ් මිස් මම මාණික්‍යගේ ලොකු අයියා"

"ඔහ්.. මාණික්‍යට තව අයියා කෙනෙක් ඉන්නවද..? දෙන්නකෝ එන්නකෝ මං මාණික්‍ය ගේ marks sheet එක දෙනන්ම්"

බ්ලා බ්ලා බ්ලා ඉතින් මිහිරි මිස් වැඩි පුරම කතාවට ඇදලා ගත්තේ නිර්මලව. ඒත් මාණික්‍ය ගේ ලකුණු දිහා බලන් ඉන්නවා ඇරෙන්න එයාගේ අවධානේ එතනදි වෙන කොහෙටවත් ගියා කියලා නම් පෙනුනේ නෑ. ඉතින් රක්ෂිත තාත්තා වගේ හරිම ඕන කමින් මාණික්‍ය ගේ වැඩ ගැන වෙන්න තියෙන දේවල් ගැන කතා කරා..

කොහොම හරි ඒ ඉවර වෙද්දි නම් සෙක්ෂන් එකේ එක ළමයෙක් හිටියේ නෑ හැමෝම හෝල් එකට ගිය නිසා. ඉතින් මාණික්‍ය විතරක් අන්තිමට ඒ දෙන්නත් එක්ක එලියට ගියේ හිතේ තාමත් පිරිලා තියෙන සතුටත් එක්ක..

"we are really proud of you mani! Look at you.. You made it!"

වාහනය අද එලියේ. ඉතින් ගේට්ටුව ගාවට යනකල්ම මාණික්‍ය ඇවිදින ආවා. එතන නම් දැනටමත් සෙනග..

"ම්.. මාණි තාත්තා මාර විදිහටම සතුටු වෙයි මේක අහලා.. බලන්න අපේ කොල්ලා පුලුවන් කම තියාගෙන නේ මෙච්චර කල් පිස්සු නැටුවේ.. "

නිර්මල ගේ සන්සුන් කතාව.. ඒකටම හිමින් සිරුවේ මාණික්‍යගේ ඔලුව අත ගාද්දි එයා ඇත්තටම තරුණ පෙනුමට ඉන්න මාණික්‍යගේ තාත්තා වගේ.

"ඒක නම් ඇත්ත ලොකු! මොකද ඉතින් මෙයාට ගානට තිතට ඒකටම හරින හොඳ කට්ටඩියෙක් හම්බුනා නිසා තමයි නැටිල්ල යහ මගට මතුරලා අරන් තියෙන්නේ! නේද මාණි?"

ඉඳලා ඉඳලා රක්ෂිත මේ කියන ඒවා ගැන නිර්මලට ලොකු තේරුමක් නෑ. ඒත් මාණික්‍ය නම් හොර බැල්මට හිනා වෙලා රක්ෂිතගේ අතට ඇගිල්ලෙන් ඇන්නා.

"ඒ කවුද? "

"ආහ් ලෝකූ ඔයා හිටියේ නෑනේ.. අපේ පොඩි මස්සිනා තමයි තිරය පිටුපස ඉඳන් ඔක්කොම කරේ!"

"ඔහ්.. එහෙමත් එකක්ද මාණි? එහෙනම් මං කියපුවා වැරදිලා නෑ නේ?"

"ඒ මොකද්ද?"

දැන් රක්ෂිත වික්ෂිපතයි.

"ඇයි අපේ මාණිට එයාව පෙන්නන්න බෑ කියලා ඒ දවස් වල හරියට උද්ඝෝෂණ කරානේ!"

"ඒ කවද්ද?"

"ආහ් ඔයා හිටියේ නෑනේ රක්ෂි..! මම එදාම කිව්වා මේවා පටන් ගන්නේ එහෙමයි කියලා! කෝ ඉතින් එදා මටත් බැනලා එලෙව්වා මිසක් හිතලා බැලුවේ නැනේ!"

ඒ කිව්වත් වගෙ රක්ෂිත ඉනටත් අත් දෙක තියාගෙන මාණික්‍ය දිහා බැලුවේ මිනිහා season එන කල් බලන් ඉඳලා කුරුල්ලට ගලෙන් දෙන කෙනෙක් දිහා බලන විදිහට.

"මාණි...!"

"හරි හරි ඔයාලා දැන් යන්න මං යනවා හෝල් එකට "

ඒ කියලා මාණික්‍ය මාරු වෙන්න තමයි ගියේ ඒත්,

"මාණික්‍ය උබ එන්නේ නැද්ද?"

ඊට කලින් පබසරගේ කටහඩ ඈත ඉඳන්ම ඇහුන එකෙන් කට්ටියම එහෙට හැරුනා.

"ආහ් අයියලා ගියා කියලා මං හිතුවේ"

"තවම නෑ.."

නිර්මල ආයෙමත් සාක්කු වලට අත් යැව්වා.

"ආහ් එහෙනම් අයියලා ගියාම උබ එන්න මං යනවා මචං.. මං යනවා අයියලා!"

"හා හරි මලයා!"

"පබසර පොඩ්ඩක් ඉන්න"

රක්ෂිත අර කියලා මාණික්‍යගේ කනෙන් අල්ල ගන්න පැන්නත් නිර්මල එතන තව වෙලා නොගෙන පබසර ඉන්න පැත්තට අඩියෙන් දෙකෙන් ලං වුනේ ලොකු කතාවකට. ඉතින් පබසරත් අර වෙනදට එයාට දෙන විනෝදකාමී පෙනුම පැත්තකට දාලා බැරෑරුම් මූනත් ඇඳගත්ත.

"ඔය මොකද මූන..? "

"ආහ්..? නෑ නෑ.. අයියා කතා කරපු විදිහට මං හිතුවේ ම්-"

"හිතුවේ ලකුණු අහන්න යනවා කියලද?"

ඔන්න ඒ පාර නම් කොල්ලගේ මෙනට ආයෙම අර පෙනුම ආවා.

"ඒක නම් ඉතින් පෙප්සි එකක් ගළධ ගමන් කතා කරන්න වටින මාතෘකාව!"

ඉතින් නිර්මලට හිනා..

"ම්.. ඒ වැඩේට නම් මමත් එකඟයි.. ඉතින් අද මාණි practice කියලා දන්නවා.. ඒ කියන්න ඔයත් අද practice එකේද?"

"ඔව්"

"ම්.. එහෙනම් මට උදව්වක් කරන්න පුලුවන්ද?"

"අපෝ ඕන දෙයක්! මොකක්ද අයියා වෙන්න ඕනේ? "

පබසරගේ ඉදිරිපත් වීමට නිර්මල හරි සීරුවට හිනා වුනා.. එක අතකින් සැනසීමකුත් තියන් නිර්මල ඒ හිනාවත් එක්කම හිටලා තිබ්බ අරලිය ගලෆස් පේරියෙන් ගිලිහිලා වැටුන පොඩි වුනේ නැති අරලිය මලක් බිම තිබිලා ඇහිදගෙන ඒ මගේ නටුවෙන් අල්ලලා හිමිහිට කැරකුවා..

" ඊයේ කතා කරපු දේවල් අපේ මාණිට දැන ගන්න තියන්න එපා.."

මල දිහ බලාගෙනම කියලා නිර්මල පිරිමිකම දිය වුන අහිංසක ඇස් දෙකකින් පබසර දිහා බලද්දි ආයෙමත් පබසරගේ තිබුනු පෙනුම පිට පෙරලුනා.

"මම තාම කිව්වෙත් නෑ, කියන්නෙත් නෑ.."

පබසර එ කිව්වේ ලාවට බෙල්ල ඇල කරලා මූනට ලා හිනාවක් ගන්න ගමන්.. ඉතින් නාර්මල අන්තිමට ලොකු සැනසීම් සුසුමක් බිමට හෙලුවා..ඒත් එක්කම ආයේ අර නිවුන හිනාව..

"මං ඒකට ස්තූති කරන්නේ නෑ.. ඒ වෙනුවට බේක දෙන්නම්"

ඒ කියලා මෙච්චර වෙලා අතේ තියන් හිටපු අරලිය මල් අරන් පබසරගේ අත උඩින් තියලා ඇස් උඩින් එයා දිහා බැලුවේ එතනින් යන්න කකුල හරවන්.

"ආයෙම පෙප්සි එකක් බොන්න හම්බවෙමු"

මදහසකට වෙන්වීම තියලා නිර්මල එතනින් එලියට ගියා.. ඉතින් පබසර ඒ යන දිහා බලන් හිටියා තමයි.. ඉඳලා අතේ තිබ්බ මලත් ඇගිලි දෙකට තද කරන් ආයෙම හෝල් එක පැත්තට ඇවිදන් ගියේ මාණික්‍ය එයාටත් නොකියා ගිහින් නිසා..

ඉතින් කවුරු ඇහුවත් ඒ මල ඇහින්ද මලක්.. කොහොම හරි අද නිවාඩු දෙන දවස නිසා හෝල් එකේ පන්ති වල ස්ථාන අනුව වාර්තා පොත් දෙනවා. ඉතින් අලිවාදයක් නෑ මනරු මේ පාරත් ගිය වතාව වගේම කප් එක ගැහූවා.. ඔය අතරින් සුලක්ෂන මනරු දිහාවට බැල්ම දාගෙන එනවා දකිනකොට මාණික්‍ය හිටියේ පුදුම ඉවසුමකින්..

"මාණික්‍ය මේ කටත් කන්නකෝ"

ඔය ඔක්කොම ටික ඉවර වෙලා දවල් Cricket practice පටන් ගන්න ලං කරලා මනරු අල්ලගෙන මාණික්‍යජ කැව්ලේ ඒක දැන් මාණික්‍යගේ අලුත්ම පුරුද්ද නිසා. දැන් එයා එයාගේ අතින් කන්න හති හොරයි.. ඒත් ඒ වෙනුවට වෙනත් අතක් නම්... හා.

"අනේ ඇති"

"මං මොකක්ද කිව්වේ!"

Practice ඇදුමත් ඇදගෙන කකුල් දෙකේ ලේස් හරියටම තද කරපු මාණික්‍ය ඒ සද්දෙට බයේ අන්තිමට බබා වගේ කට ඇරියා. හැබෙයි ඒක බලාගෙන තනියම බුදින පුද්ගලයා හිටියේ ගිහිගෙය කලකිරෙන්න ඔන්න මෙන්න.

"මේවා බලන් ඉඳලාම මං නාකි වෙයි කියලා මට සාධාරන බයක් තියෙනවා සගෝ.. "

ඒ කියලා පබසර අන්තිම කටත් කටට දාගෙන එතනින් ගියා. ඉතින් වැඩි වෙලා යන්න කලින් practice නම් පටන් ගත්තා තමයි.. ඒ වෙනකොටත් තාම ඉස්කෝලේ ළමයි. ඒක නිසාම මනරු ග්‍රවුන්ඩ් එකට බහින පඩිපෙල ලග තියෙන ලොකු හෙවන ගහක් යටට ඇවිත් බලන් ඉන්න ගත්තේ මාණික්‍ය සෙල්ලම් කරන විදිහ..

ඇත්තටම එයාට මාණික්‍යගේන් ඇස් ගන්න බෑ. පුරුද්දක් විදිහටද මන්දා මනරු ගේ ඇස් හැමතිස්සෙම මාණික්‍ය ගේ වෙස් වූන ඉරියව් දිගටම දිව්වා. ඊටත් වඩා එයා එතන කොහොමත් කැපිලා පේනවා. වෙලාවෙන් වෙලාවට මාණික්‍යත් මනරු ඉන්න පැත්ත ඈත ඉඳන් වුනත් බැලුවේ පබසර ඇවිත් හරියටම ඉන්න තැන පෙන්නපු නිසා..

පස්සේ බ්‍රේක් එකක් ලැබුන ගමන්ම මාණික්‍ය දිව්වේ මනරු ලගට.. මෙච්චර වෙලා දාගෙන හිටපු හෙල්මට් එකට මාණික්‍ය ගේ කොන්ඩේ පිටින්ම දාඩියට නෑවිලා තිබුනේ.. ඉතින් මනරු එයාව ත් ඇදගෙන සුපුරුදු ටැප් එක ලගට ගියා.

"කෝ මෙහෙ එන්න බෙල්ලට වතුර ටිකක් දාන්න එතකොට ඔය ගතිය යනවා"

අතේ තිබ්බ වතුර බෝතලේ ඇරන් මනරු ඒ කියද්දි කේන්ඩේ තිබ්බ දාඩිය ගසන ගමන් මාණික්‍ය මනරු ගාව බෙල්ල පාත් කරා.. එයා ඒක කොහොමත් ඉස්සර ඉඳන්ම කරන නිස් මනරුට ඒක ආයෙම අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඒත් දැන් මනරු මේ දෙවල් බලාපොරොත්තු නොවිත් කරද්දි මාණික්‍ය හිටියේ එහෙම දෙයක් එයා මීට කලින් දන්නෙම නෑ වගේ..

පස්සේ එතනම ලග බැම්මේ කලින් දවස් වගේම ඉදගෙන හිටියත් මේ පාර මාණික්‍ය නිකන් හිටියේ නෑ.. කවුරුත් නැහැයි කියලා සැකහැර දැනගත්තට පස්සේ එයා ලෝභ නැතුව දිගා වෙලා උඩු බැලි අතට මනරුගේ ඔඩොක්කුවේ ඔලුව තියා ගත්තා.

"මාණික්‍ය.."

"ම්..?"

වැදෙන හුලග එක්ක මාණික්‍ය හිටියේ ඇස් පියාගෙන.. ඉතින් මනරු දාඩි වැකුනු කොන්ඩ කෑලි අසකසෙන් ඇගිලි යවන ගමන් පිට අල්ලෙන් අව්වට රතූ වූන මාණික්‍ය ගේ කම්මුලක් පිරි මැද්දා.

"ඔයාට හෙට උදේට practice ද?"

"නෑ.. But හවස තියෙනවා"

"ම්.. එහෙනම් හෙට උදේට එන්න අපේ ගෙදර.. එ ඉඳන් practice යන්න"

මනරුගේ කට ඩේම තිබ්බ කුතුහලය මාණික්‍යට හොඳට තේරුනා. ඉතින් එයා ඇස් ඇරලා බැලුවේ එයාගේ මූනට පාත් වෙලා ඉන්න ලස්සනම මූන දිහා.

"හා.. මම එන්නම්"

ඒ කියලා මාණික්‍ය එයාගේ කම්මුල උඩ යන මනරුගේ අතක් අල්ල ගත්තා. මොනා කරත් ඒ ඇස් කොයි වෙලෙත් ගැවසුනේ මනරු ලග.. ඒ බලන් ඉන්න වින්ඩි ගාන හරියට ගගක් වගේ හරිම ලස්සනට ගලන් ගියා..

ඒත්, ඒ ගලන් ගිය ගග තාමත් හිටියේ ගගක යෞවන අවදියෙද මන්දා මැද්දෙන් මැද්දෙන් පතරංග ගල් මුනිච්චි වෙනවා.

"අහසට පිඹිනා මනරු කලේයා
පොලොවට පිඹිනා මාණී කලේයා
රන් මසු දහසක් වටින පබේයා
නොදකින් දෙවියොත් අපිට ! හුලං කලේයා!"












මතු සම්බන්ධයි...

මේක හරිම ලස්සනයි 🤍🥀

Continue Reading

You'll Also Like

4.6K 590 10
ප්‍රේමයේ කොන්ඩිස් වීදුරුව, මන්දගාමීව කලතමි......✨
1.1M 54.3K 74
ငယ်ငယ်တည်းကမတော်တဆမူတခုကြောင့်ကွဲကွာခဲ့ရတဲ့ အမြွှာညီအကိုနှစ်ယောက်ပြန်တွေ့ချိန်မှာကြေကွဲစရာအဖြစ် အပျက်တွေနဲ့အကိုဖြစ်သူရဲ့ကလဲ့စားချေမူတွေကိုရေးသား ထားပ...
1.2M 41.8K 62
The story revolves around a cricketer and a normal traditional girl who is tied in a relationship know as marriage. will they accept this arranged ma...
30.9K 4.1K 68
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව