The white lotus ( Complete...

By kidurangana

33.5K 6.7K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් වන දිගහැරැම

පනස් හතරවන දිගහැරැම.

555 92 7
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මම එයාගෙ දෙතොලට පුංචි හාදුවක් තිබ්බ. ....... මම  එතනට තියපු පලවෙනි හාදුව ....... එයා පුදුම වෙලා .... මටත් වඩා .... ඇත්තටම  එයාගෙ කටින් ඒවචන ටික එලියට එද්දී මට ඕන උනා නතර කරන්න. ...හිත පෑරෙන හැගීම්  හිර කරන්න...... මේතරම් කාලෙකට සිපගැන්මකට ආරම්භයක් නොදුන්න මම අද  ඒ හැගීමට පණ දුන්න වෙනකොට  අඩියක් පස්සට ගිහින් උන්න මන් ආපහු හැරෙන්න ගියා උනත් එයාගෙ අත්  වලට මම  හිරවුනා
.........   

     

*************************************

එයා දකුණු  අත එහෙමම මගේ කෙස්රොද අතරින් ගියා වෙනකොට  හිස්වෙලා තිබුන  අකීකරු අනිත්අත  දැනටමත්  මගෙ  කමිසෙ  අස්සෙ නිරැවත් පිට පුරා දිව්ව. ..... එයා හරි මදුව  මාව සිපගත්ත ..... . මට දැනෙනව මගෙ හදවත ඒතරම්ම වේගයෙන් ගැහෙනව...... අපේ සිපගැන්ම එන්න එන්නම ගැඹුරැවෙද්දී මෙච්චර වෙලාම වහල තිබුනු දොර තට්ටුවක් නොකරම මහ සද්දෙන් ඇරිල ගියා. ... .......ඇත්තටම මගෙ ඇගට පණ නැතිවෙලාම ගියා කීවොත් හරි ....

" අයාන්. .... "

" ලො...ලොකුඅප්පච්චි ..."

චටාස් .......

ලොකුඅප්පච්චිගෙ කම්මුල් පාර මට කලියෙන් එයාට වදිද්දී මගෙ ඇස්වල කදුළු පිරැණ.  ඇරැණ දොරින් ලොකු අප්පච්චිගෙ රෑපය මතුවෙද්දී  මම ඉදල ඉදල හාදුවකට  ආරම්භයක් දීල තියෙන්නෙම වැරදි වෙලාවක උනා......

     ". මොනවද මෙතන සිද්ධ වෙන්නේ කියපන් .... උඹල දෙන්න මොනවද මේ කරන්නෙ කියපියව්.... විෂේන් උඹ ..... .. ?

 

   මම මෙච්චර  දවසකට  බලාපොරොත්තු නොවුන කොටින්ම හිතලවත් නොතිබුන විදියට මම අද ලොකු අප්පච්චිව දැක්ක. .....

"ලො.... ලොකු අප්පච්චි එයාගෙ අතේ වැරැද්දක් නෑ. .. එයාට බනින්න එපා... මම.....ප්ලීස්. ....."

" .. කටවහපිය...... උඹල දෙන්නටම තේරෙන්නැද්ද මේ මොනාද උඹල කරන්නෙ කියල. ... විෂේන් උඹව විශ්වාස කෙරැව නිසයි මගෙ මල්ලී  උත්තරා  දුවට උඹ ගැන ප්‍රපෝසල් එකක් ගෙනාවෙ.... උඹ ඒ විශ්වාසය බිදල දැම්මා. ...."

    ලොකු අප්පච්චිගෙ කටහඩ මහ සද්දෙන් කාමරේ ඇතුලෙ දෝංකාර දෙද්දී  ඒ වචන පිහිතුඩු වගේ මගෙ පපුවට දැනුන..... මොකද  ඒ වචන  වල කේන්තියකටත් වඩා තිබුනෙ අවිශ්වාසයක්......

" . ... .......තේමිය අංකල් මන් ගැන විශ්වාස කරල මෙහෙ ඉන්න දුන්න එක ඇත්ත. ... ඒත් මම කවදාවත් අංකල්ට වැරැද්දක් කරල නෑ..... මන් කවදාවත් උත්තරාට බලාපොරොත්තු දීල නෑ....... "

" උඹ......... "

"ලොකුඅප්පච්චී. . එපා........ අනේ.......ගහන්න එපා....එයාට ගහන්න එපා........"

එයාට ආයෙමත් ගහන්න ගිය ලොකුඅප්පච්චිගෙ අතේ මම එල්ලුනා වෙනකොට එයාට ගහන්න ගිය අත ඊලග තත්පරේම මට ඉස්සුනා වගේම කම්මුලට වැදුන පාරට මම අඩියක් පස්සට විසි උනා. ...... මම දනි ගහගත්ත. ..... හරියන වැරැද්දක් කරල අහුවුන පොඩි එකෙක් වගේම........ අත් දෙකම එකට කරගත්ත මම දනිගහගෙනම එයාට ගහන්න එපා කියල යැද්ද........

..."  ගහන්න එපා... නොගහ ඉන්න පුලුවන් ද කියපල්ල උඹල දෙන්න මේ  කරන දේවල් වලට .. අයාන්   ....උඹ.........මූනම් පිටඑකා .... ඒත් උඹ  මන් හිතුවෙ නෑ උඹ මගෙ විශ්වාසය බිදල දායි කියල ... අයාන්. ........ උඹ කොහොමද  අම්ම අප්ප ගැන නොහිතා මේතරම්  ආත්මාර්ථකාමී උනේ .....උඹල දෙන්නම පිරිමි පිරිමි. .....  ."

..." ඌයි මායි දෙන්නම කොල්ලො උන එක අපෙ වැරැද්දක් ද ලොකු අප්පච්චි. ...ආදරේ කියන්නෙ ආදරේට නෙමෙයි ද.....පිරිමි පිරිමි කෙරැවොත් ඒක ආදරයක් නෙමෙයිද..... උන්ට තියෙන්නෙත් හිතක් නෙවෙයිද ..... මට කියන්න  ..   ..... ..... ..... මන් ඌට ආදරේ කරන්න ගත්තෙ උත්තරාව අප්පච්චි අංකලුයි එකතු වෙලා මට තීන්දු කරන්නත් කලින් .... ඒ උනත් මගේ මොන කාලකණ්ණිකමකටද මන්ද මට බැරි වුනා. ... මට බැරි උනා ඌට හැමදේම නැතිවෙලා තනියම දරාගන්න උනු වෙලාවෙ මගේකගෙ ලගින් ඉන්න. ....... ....දන්නවද..... දැන් ඔය ආත්මාර්ථකාමී කියපු ඒ මනුස්සයාම තමයි මටම මතකෙ ඇවිත් එයා කව්ද කියල හරියටම හොයාගන්නකන් උත්තරාට මාව අයිති වෙන්න දීල බලන් උන්නෙ...... ඇත්ත දැන දැනත් ඌ මගෙන් ඒ හැමදේම හැංගුවෙ ඇයි කියන්න ලොකුඅප්පච්චි  දන්නවද. .....  ..... උගෙ අක්කගෙ ආදරේ උදුර ගන්න බැරි නිසා ........ මම සතුටින් ඉන්නව ඌට දකින්න ඕන නිසා. .......  මෙතන  ඔයාවත් නොදන්න හුගක් දේවල් ඌ මේ පවුල වෙනුවෙන් දැනටමත්  කැප කරල තියෙනවා .......
..... එහෙව් කරපු   මගෙ කොල්ලට ආත්මාර්ථකාමී කියන  උඹටත් පව් පිරෙයි ලොකු අප්පච්චි. ...  ......."

" මොනවද දරැවො උඹ මේ කියවන්නෙ. ....  "

   ඒ ඇස්  බොරපාට වෙලා ගිහින් තිබුන. ..... මන් දන්නව  උඹට කේන්තියි. ..... ඒ උඹට බැන්නටත් වඩා මට ආත්මාර්ථකාමිය කියල කීව වචනෙට කියන්න මම දැනන් උන්න. ...

        " මට කියන්න තියෙන්නේ මෙච්චරයි මට තවත් උඹ වගේ කෙනෙක් වෙන්න ඕන නෑ ....... මට බෑ මගෙ ආදරේ  නැති කරන් විදවන්න. ...... මට වඩා ඒ විදවීම් එක්ක අදටත්   ජීවිත් වෙන ඔයා  දැන දැනම  මගෙ ආදරේ උදුර ගන්න හදන්න  එපා ලොකු අප්පච්චි. . .....   "

    
    

     එයාගෙ අවසාන  වචන ටිකත් එක්ක  ඒ ඇස් වලටත් කදුළු ඉනුව.... එයා කීව එයාට තවත් ලොකු අප්පච්චි වගේ කෙනෙක් වෙන්න ඕන නෑ කියල....  දැන දැනම  අපේ ආදරේ උදුර ගන්න  එපා කීව.......

    " දරැවනේ.... උඹල හිතනවට වඩා ප්‍රශ්න  වලට  උඹල දෙන්නටම  මූණ  දෙන්න  සිද්ධ වෙයි... රටේ ලෝකෙ මිනිස්සු කියන කතා ඊටත් වඩා   උඹලගෙ  අම්මට අප්පච්චිට උත්තර බදින්න  උඹලට සිද්ධ වෙයි..... තේරැම් ගනිල්ලා දරැවනේ ....  මට උඹල දෙන්නව වෙන් කරන්න  ඕන නැති උනත් මේ සම්බන්ධෙ අවසානෙ උඹල දෙන්නටම දුක් විඳින්න සිද්ධ වෙනවනම්  උඹල දෙන්න තවත් ලන් වෙනවට වඩා  වෙන්වෙන එක හොද නැද්ද. ....  තේරැම් ගනිල්ලා. .... "

     "ලොකුඅප්පච්චි ඔය කියන්නේ  විදවීමක් නැති ආදරයක්   ගැනනම්  එහෙම  ආදරයක් තියෙනවද..... කියලා මට කියන්න ........ ආදරේදි වෙන්වීම කියන්නෙ දෙන්න පුළුවන් හොදම උත්තරේනම්..... වෙන්උනහම ඌටවත් මටවත් වේදනාවක් නැති වෙන්න  ඕන.....  "

    "උඹලට පුළුවන් ද රට්ටු කියන හැමදේම  ඉවසන්න. .....  ඒ ඔක්කොමත් හරි උඹලට පුළුවන් ද දෙමව්පියො කියන දේ  අහක දාන්න. ...... ...."

     ඒ වචන.... ඒ ප්‍රශ්නෙ ඇහුවෙම මගෙන්  ......  "උඹලට පුළුවන් ද  දෙමව්පියො කියන දේ අහක දාන්න. "  දෙමව්පියො. ....... අයාන්  ඉන්න ඕන තැන අද මම නොවුනනම් මට දෙන්න තියෙන්නේ  හරි  සරල උත්තරයක් වෙන්න තිබුණා ......  ඒ උනත්  මට මගෙම  අම්ම අප්පච්චි වගේ සලකන ඩොක්ටර් තේමියට .... අම්මට මම කොහොමද. ...... ඇත්ත.. මට බෑ ඒ හිත් රිදවන්න.     ....... ඒ උනත් මට  පුළුවන්  වෙයි නේද ඒ දෙන්නටම මේක තේරැම් කරන්න ......  එයාල දෙන්නටම වඩා කලබල මගෙ හිත  මන් ගැනම තර්ක කරද්දී අවසානෙ ලොකු අප්පච්චිගෙ ප්‍රශ්නෙට උත්තරයක්  දෙන්න  මම වචන ගැලපුවා......

     "මම..... මම උත්සාහ කරන්නම්  තවත් එක දයාන් කෙනෙක් නොවී ඉන්න. ...."

     

    මම උත්තරයක් දුන්න  උනත්  ඒ  උත්තරේට හරිම තේරැමක් දෙන්න ඩොක්ටර් තේමියට    පුළුවන් වෙයි.... මොකද මමවත් නොදන්න මගෙ ගැන දන්න එකමකෙනා එයා නිසා. ... 

  " උඹ හරි දරැවො. .... ........ . මට ඕන නෑ උඹත් තවත් එක දයාන් කෙනෙක් කරන්න. ....උඹ එහෙම  වෙන්න  ඕනත් නෑ....... .  විෂේන්. .  පුතා...මම උඹල දෙන්නම දැනගෙන බොහොම  ටික දවසක්  උනත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. .  ..  උඹලගෙ ආදරේ තවත් එක විදවීමක් කරගන්න එපා....දරැවනේ .... පුලුවන් ඉක්මනට  මේ හැමදේම  එකලසක් කරගනිල්ල.. .....   "

       

ඒ එයාගෙ වචන. ..... . හරි බර වචන. ..  ඒත් ඒ  හැම වචනයක්ම ඇත්ත..... මට හැමෝගෙම  හිත රිද්දන්න වෙයි කියන එක දන්නව  උනත් මට  මේ බැදීම අතඅරින්න  බෑ......  ..... .  ලොකු  අප්පච්චි යන්න යද්දි  එයයි මමයි  විතරක්  තනිඋනා...... මට එහෙමම  බිම ඉන්දුනා වෙනකොට  ඇදට පිටදීල  උන්න  මම  එයා දිහා බැලුව. .......

"ආදරේ කරන  එක වැරැද්දක් ද  සුදු මහත්තයෝ....."

.

".......     ආදරේ කරන එක වැරැද්දක්  නෙවේ මගෙ මැණික  ඒ උනත් ඒ  ආදරේට මිනිස්සු එකතු වෙලා  සීමා මායිම් දැම්ම  එකයි වැරැද්ද.....  සම්මතේ අසම්මතේ කියල ආදරේ රාමුවකට විතරක්  කොටු කෙරැව එකයි වැරැද්ද.... නැතුව උඹවත් මමවත්  කෙරැව ආදරේ වැරැද්දක්  නෑ මැණික. ............අනික  මම දන්නවා මතක ඇති කාලෙක ඉදලම අම්ම අප්පච්චිගෙ ආදරේ නොවිදපු උඹ ඒ ආදරේට ලෝබයි.....  උඹ ඒ  අම්මගෙ ආදරේට   ලෝබයි ...... උඹ විතරක් නෙමේ ආදරේට   කව්රැ උනත් ලෝබකම්  කරනව මැණික. .... ඒකයි අපි ආදරේ කරන කෙනාව හැමදාම ලගින්  තියාගන්න හිතන්නේ. ...  මම උනත් එහෙමයි   ..... "
.  "
  
      එයා මගෙ  කදුළු පිස්ස ........ හැමදාම වගේ. ....... ඇත්තනම් මට වඩා  නැතිවෙන්න  දේවල්  එයාට තිබුන. ... ඒ උනත්  එයා හැමදාම කරේ මගේ කදුළු පිහදැම්ම එක වෙනකොට  අදත් මේ තත්පරෙත් ඒ ඇගිලි තුඩුවලට මගෙ කදුළු මැකිල ගියා. ....  මන් දන්නෑ.... නෑ ඇත්තටම මට තේරෙන්නෑ...  ලොකු අප්පච්චිගෙ වචන වලට මම දුක් වෙන්නද සතුටු වෙන්න ද...... අපෙ සම්බන්ධෙට එයාගෙ කැමැත්ත ලැබුන එකට මම සතුටු වෙන්න ද නැත්තන් තවමත්  උඹ මගේ  කව්ද කියන හිස්තැන වෙනුවෙන්  දුක් වෙන්න ද...
...     තවත් මට බෑ. ...... මේ හැමදේකම අවසානයක් මට ඕන...  මම වෙනුවෙන් හැමදේම උඹ නැතිකරගන්න කලියෙන් මේ හැමදේකම අවසානයක් මට දකින්න ඕන .....  අත අරින්න බලාගෙන නෙවෙයි මුලු ජීවිතේටම මගෙ කරගන්න  බලාගෙන මට උඹව අල්ලගන්න ඕන.. .......  මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ ඩොක්ටර්  තේමිය නම්...... එයාට  වෙයි උත්තර බදින්න. ...   හැමදේටම. ...... ඒවගේම  හරි ඉක්මනට. ......

..
.
...

..........

    ගත තවමත් එක තැනක තිබුන  උනත්  ඈතකට දුවල තිබුන  හිත තවමත් සැනසීමක් හොයද්දි  මම  බැල්කනි එකෙන්   ඈත අහසට ඇස් යැවුව. .... හොයන්න  දෙයක්  නෑ...  ඒ උනත්  හිතන්න. ..... හිතන්න  දේවල්  කප්පරක් මට තිබුන ....... බැහැල යන ඉර දිහා බලන් උන්න මම  තැඹිපාටට හැරිල තිබුන වලාකුළු  දම්පාටට හැරිල මැකිල යනකම්ම බලන් උන්න. ......   .. තාමත්  උදේ උනු සිද්ධිය මත්තෙම හිත නැහෙද්දී  ඇහෙන නෑහෙන ගානට මගෙ කන ලගින්  මතුඋන එයාගෙ උනුසුම් හුස්ම පොදක්  ආයෙමත් මගෙ හිත වගේම  ඇසුත් එයා ලගට ඇදල ගත්ත වෙනකොට  එයාගෙ පිරැණු කම්මුල්  ඇවිත් මගෙ උරහිසට තද උනා.......

" දෙව්. .... අපි විතරක් නෙවෙයි කව්රු උනත් ආදරේ කරන්නෙ අයිතිකරගන්න බලාන මැණික .... උන් හැමෝම දන්නවා මැණික කවදම හරි උන්නටත් රිදෙන බව.... ඒ උනත් උන් ආදරේ කරා ....කරනව.. ..... හරියටම උඹයි මමයි වගේ. ... "

   ඇත්ත...... මිනිස්සු  ආදරේ කරේම  අයිතියක් බලාන. ...  ඒ උනත්  අයිතියක් කියාගන්න  පුලුවන් උන ඒත් අයිතියක් තියාගන්න බැරිඋන සමහර  තැනුත් මහ හුගක් තිබුන. ..... මට කෙනුල අයියගෙ ආදරේ මතක්  උනා. .... ඒ ආදරේ. ... ඇත්තටම මට  අමතකම වෙලා තිබුන කීවොත් හරි .......

" සුදු මහත්තයා මම දෙයක් කියන්න ද.. ..... "

" මොකක් ද මැණික. ..."

"කෙනුල අයියා ... . .... මන් හිතන්නේ කෙනුල අයිය පුංචි මැණිකෙට ආදරේ කරනව......."

"හ්ම්ම්ම්ම්. ..... .. මන් දන්නව...... කටින් නොකීවට මටත් ඒ ගැන කලින්ම තේරැන මැණික ....ඒත් මම ඉස්සර නොවුනෙ උන් දෙන්නම ඒක විසදගන්න එක හොදයි කියලා හිතුන නිසා. .... මන් හිතනව අක්කගෙ හිත ඌට වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා. .... ඒ දෙන්නටම එකතු වෙන්න කවදාවත් අප්පච්චිවත් අම්මවත් ඉඩ දෙන එකක් නෑ.. උන් දෙන්නටත් වෙන්නෙ වලව්වට පිටින් යන්න ....... එහෙම  උනොත්. ..  මට පුලුවන්  උපරිමේ උන් දෙන්න වෙනුවෙන් මන් කරනව මැණික. ......."

ඇත්තටම  උඹ කරාවි..මන් දන්නව. ....  ඇත්තටම  වලව්වෙ හතරමායිමෙන් එහා ලෝකයක් තියෙනව කියන්න ලොකු මැණිකෙයි හාමුයි තේරැම් ගන්නකොට ඒ දෙන්නටම හුගක් දේ  නැතිවෙලා තියේවි. ..... 

        " උඹ තාමත්  ඒ ගැනද හිත  මැණික. ... බයවෙන්න එපා. .. මම හැමදේම බලාගන්නම්.... තේමිය අංකල්ගෙන් උඹව ඉල්ලන්නම්... ආන්ටිගෙනුත් ඉල්ලන්නම්.... මැණික........ උඹව මට දෙයි නේද ?....... ............ ...........

අම්මාගෙනුයි අප්පච්චිගෙනුයි එයා මාව ඉල්ලන්නම් කීව වෙනකොට අන්තිමේට එයාට මාව දෙයිද කියල ඇහැව්ව..... උත්තරයක් දෙන්න ඕන උනත් කදුළු විතරක් මගෙම හිතට උත්තර බදිද්දී මෙච්චර වෙලාම නිහඩ වෙලා උන්න එයා මට නිදාගන්න කීව. ....

"උඹ මාත් එක්ක එනවද.... "

    "ම්ම්ම්ම්. ....

."..අම්ම අප්පච්චි උඹව මට නොදුන්නොත් උඹ මාත් එක්ක එනවද...." "

"සුදු මහත්තයා. .. මම දෙයක් ඉල්ලන ද..... මට ටික දවසක් දෙන්න. ... මම දන්නවා මම වැරදියි. ... ඒ උනත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ගිහින්  මගෙ අතින් ලොකු වැරැද්දක් වෙයි කියලා මට බයයි. ......."

    "උඹ මගෙන් දෙයක් හංගනව ..... මන් ඒක  දන්නව මැණික. ........
.......
උඹට ඕනෙ මට ඒදේ කියන්න නම්  මම අහන් ඉන්නම්. .... නැත්තන්  උඹට ඕනෙ මගෙන්  කාලය නම් ඒත් මට පුළුවන් ඉවසන්න  .... උඹ වෙනුවෙන්. .....
දැන් ගිහින් නිදාගන්න. .. නැත්තන් උඹ අසනීප වෙයි. ..... "

...
..   .... .... .... ඇත්තටම උඹ මට ප්‍රාර්ථනාවක් .....  ආයෙ ආයෙමත් ඉල්ලන්න හිතෙන....... 



එයා යන්න ගියා. .... බැල්කනි එකේ උන්න මම එහෙමම ඇවිත් ඇදඋඩ ඉදගත්ත වෙනකොට පෝන් එකේ රින්ග්ස් යන්න ගත්ත ... .... ඒත් මගේ නෙවෙයි. ....

"කෙනුල අයියගෙන් ."
......

මම පෝන් එක ආන්ස්වර් කරල කනේ තියාගත්ත. ....
      

" හෙලෝ විෂේන්. .... උඹ කීව විදියටම වැඩේ හරි .....ඌ තමයි මෑන්..... ඌ කරපු හැමදේම පිළිගත්තා මචන් . ඒත් බන් තවත් ඌ ගුටි කෑවොත් මැරෙයි බන්..... "


"මැරෙයි. ....."

"ඌව අතඇරපන්. ... "

මෙච්චර වෙලා මගෙ කනේ තිබුන පෝන් එක උදුර ගත්ත එයා ඌව අතඇරපන් කීව වෙනකොට වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව ගිය මට එක සැරේටම විරාජ් ව මතක් උනා. ....

***********"


    😊අකුරු  අඩුපාඩු  ඇති ලමයි  ගණන් ගන්න එපා. ...

😊  ඊලග කොටසින්  හම්බවෙමූ..... මගේ කතාව කියවනවෝට් කරන හැමෝමටම තැන්කූ තැන්කූ......

Continue Reading

You'll Also Like

499K 14.3K 106
"aren't we just terrified?" 9-1-1 and criminal minds crossover 9-1-1 season 2- criminal minds season 4- evan buckley x fem!oc
1.1M 61.9K 38
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
140K 2.8K 44
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
191K 10K 44
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...