WHO ? / JJK / completed ✅

Od notirashi

9.8K 1.5K 122

"ආරෝහි ඔයා බැදගත්තේ පොලිස්කාරයෙක්ව එහෙනම් !! "🌷 Viac

01.
02.
03.
04.
05.
06.
07.
09.
10.
11.
12.

08.

696 119 13
Od notirashi


"ඔම්මා කෝ මගේ කොෆි එක !! "

ජන්ගුක් කෝල් එක කට් කරලා පෝන් එක පොලිස් යුනිෆෝර්ම් එකේ සාක්කුවට දාගන්න ගමන් කිචන් එකට ගිහින් එහෙම අහන ගමන් ඔම්මව පිටිපස්සෙන් බදාගත්තත් ජන්ගුක්ව ඔම්මා පැත්තකට කරේ උරහිස ගස්සන ගමන්..

" ඔම්මා මොකද මේ !! "

තමන්ව ඈත්කරපු ඔම්මව ආයෙත් පිටිපස්සෙන් හග් කලත් ආපහු ඔම්මා උරහිස ගස්සලා කොල්ලව නොසලකා හරිද්දි මොකක්ම හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා තේරුම්ගත්ත ජන්ගුක් දුක හිතෙන මූනකුත් හදාගෙන එහෙම ඇහුවේ ඔම්මගේ හිත උනුකරන්න හිතාගෙන.
ඒත් ජන්ගුක්ගේ බලාපොරොත්තු සුනු විසුනු කරන ගමන් ඔම්මා කතානොකරම කිචන් එකෙන් යන්න යද්දි කොල්ලට ඔම්මට මොකක් වෙලාද කියලා හිතාගන්න බැරිවුනා.

"ඒයි !! මට කොෆි එකක් හදලා දෙනවකෝ !! "

ගස්සගෙන ගියපු ඔම්මා දිහාම බලාගෙන ජන්ගුක් එහෙම කිව්වේ හිස් මග් එකක් අතේ තියාගෙන කිචන් එකට ආව ආරෝහිට.
පැන්ට්‍රි එකට හේත්තුවෙලා කිසිම දෙයක් නොවුනු ගානට කියපු කොල්ලව දියවෙලා යන බැල්මකින් ඇස් රෝල් කරලා බලපු ආරෝහි අතේ තිබුනු මග් එක සද්දෙන් සින්ක් එකට අතෑරියේ ජන්ගුක් ගැස්සිලා යද්දි..
හිමින් සැරේ කෙල ගුලියක් ගිලපු ජන්ගුක් බලන් ඉද්දි කෙල්ල කෙට්ල් එක අරගෙන වතුර පිරෙව්වේ කොල්ලා දිහාම බලාගෙන.

විනාඩි කිහිපයකට පස්සේ ජන්ගුක් තමන්ගේ ඇස් උපරිම ලොකුකරගෙන බලන් හිටියේ සීනි බෝතලෙන් භාගෙකටත් වැඩිය කුකී කියලා නම ගහල තිබුනු කලුපාට මග් එකට දාන දිහා.
දුම්දාන කෙට්ල් එක අතට ගත්තු ආරෝහි උනුවතුර ටික මග් එකට දාන්න හැදුවත් ආපහු ඇස් ලොකුකරන් බලන් ඉන්න ජන්ගුක් දිහා රවලා බලලා හැන්දකින් මග් එකට දාලා තිබ්බ සීනි වලින් බාගයකටත් වැඩිය ආපහු සීනි බෝතලේටම දැම්මේ කොල්ලා සුසුමක් හෙලද්දි.

ලේලි පොඩ්ඩ ඕපේ නැන්දම්මගේ කනේ තියලා වගේ !!

දුම් දාන කොෆි මග් එක පැන්ට්‍රි එක උඩ තියලා හැන්ද දමලා ගහන්න වගේ සින්ක් එකට අතෑරලා දාපු ආරෝහිත් ඔම්මා වගේම ගස්සන් යද්දි කොල්ලට මේ අසාධාරනකම්වලට හේතුව හොදට තේරුනා..

_
_
_
_

"යකෝ උබ කියන්නේ ඔම්මයි , වයිෆුයි දෙන්නම එකතු වෙලා උබව බල්ලෙක් ගානට දානවා කියල ද ? "

තමන්ට උදේ පාන්දර ඉදන් හම්බවෙන රැවුම් ගෙරවුම් ගැන පොලීසියට ආව ජන්ගුක් කියවද්දි හෝසක් හිනාවෙන ගමන් එහෙම ඇහුවා.

"උබට මේවා කියනවට මටයි ගහන්න ඕනේ !!
පොඩි පකයා !! "

" යාහ් යාහ් !!
උබ මෙතන ලොක්කා උනා කියලා ඕවට එන්න එපා හොදද !!
උබවත් අත විතරක් ඉතුරු කරලා අතුරුදහන් කරවනවා දැනගනින් !! "

ජන්ගුක් අතත් මිටමොලවල හෝසක්ට ගහන්න වගේ හදද්දි ජන්ගුක්ගේ මේසේ උඩින් ඉදගත්ත හෝසක් එහෙම කිව්වේ බෙල්ල හරහා ඇගිල්ලක් යවනගමන් මරනවා කියලා ඉගි කරලා.

"මන් කොහොම ද බන් ඒකිව යාලුකරගන්නේ !!
ඔම්මවනම් ෂේප් කරගන්න පුලුවන් !! "

" ඉස්සෙල්ලා කියපන්කෝ දැන් උබ ඒකිට ලව් ද ? "

"මන් දන්නෑ !! "

හෝසක් අහපු ප්රශ්නෙට මුට මොන්ගල්ද වගේ බැල්මකන් බලන් හිටපු ජන්ගුක් දමලා ගහන්නැහැ එහෙම කියද්දි හෝසක්ගේ මූනේ ඇදුනේ මල් හිනාවක්..

"එහෙනම් බන් ,
ඔය ගෙදර යනගමන් ප්‍රෙෂ් ෆ්ලවර්ස් ටිකක් , චොකලට් එකක් , නැත්තම් ඔය පොඩි මොනවහරි ජුවලරි එකක් අරන් ගිහින් දීලා , කිස් එකකුත් දීපන් !!
එතකොට ඕක හරියනවා !! "

"අනේ මේ කිස් දෙන්නනම් බෑ !!
අරම මොනවාහරි ගිනිහින් දුන්නොත් හරියයි ද ? "

"අනිවා හරියනවා බන් !!
කිස් එකක් දීලා පොඩි ටිලිං ටිලිං එකක් වුනොත් නම් අනිවාරෙන්ම හරියනවා !!
ආරෝ උබ එක්ක තරහ නැතුව ඇති සැකකරපු එක ගැන ලැජ්ජාවෙන් ඇත්තේ !! "

අන්තිමට ජන්ගුක්ගේ උරහිසකින් අතක් තියලා හෝසක් කියද්දි ජන්ගුකුත් ඒ අත උඩින් තමන්ගේ අත තියාගන්න ගමන් හෝසක්ට සුහද හිනාවක් දුන්නා...
හෝසක්ගේ පන කෙන්ද ගියපු දවසට ජන්ගුකුත් හිතලම සකබ්ලාස්ට් වෙලා යයි !!
කොල්ලා ඒ තරම් ආදරෙයි මේ පිවිතුරු පිරිමි පරානෙට !!
ඔය ඉතින් , කොල්ලා ගැන එහෙම හිතන්න එපා !!
එයා එහෙම නෑ !!

පොලිස් ස්ටේෂන් එකේ වැඩ ඉවර වෙලා ජන්ගුක් බයික් එකේම ගෙදර යන්න පිටත් උනේ හෝසක් එක්ක !!
මග තියන ජුවලරි ෂොප් එකකින් බයික් එක නතර කරපු කොල්ලා හෝසක් එක්කම එකතුවෙලා ආරෝහිට ගැලපෙන මොනවහරි හෙව්වත් කිසි දෙයක් හිතාගන්න බැරිවුනු තැන කොල්ලෝ දෙන්නා ෂොප් එකේ හිටපු ගර්ල්ට කියලා තෝරගත්තේ ඩේසි මලක් පෙන්ඩන්ට් එක විදියට තියන සිම්පල් නෙක්ලස් එකක් !!
නෙක්ලස් එක දාලා දුන්නු බොක්ස් එකත් ජැකට් එකේ සාක්කුවකට දාගත්ත ජන්ගුක් බයික් එකට නැගලා හෝසක් එක්කම ගෙදර යන්න පිටත් වුනේ සතුටින්..
ඒත් ,
සතුටින් හිනාවෙලා හිටපු කොල්ලගේ හිනාව නැතිවෙලා ගියේ මහපාර මැද්දේ අනික් පැත්තෙන් එන වාහන බ්ලොක් වෙන විදියට කලුපාට ඩිෆෙන්ඩර් කිහිපයක් නතරවෙලා තියෙන හැටි වගේම ඩිපෙන්ඩර් වලින් බැහැපු ඇගම ආවරනය වෙන්න ඇදුම් ඇදගෙන හිටපු විස්සක විතර සේනාවක් පොලු අරගෙන බලන් ඉන්න හැටි දැක්කහමයි..

"අඩෝ ජන්ගුකා හරවපන් !! "

පිටිපස්සේ හිටපු හෝසක් කෑගහද්දි ජන්ගුක් බයික් එක පිටිපස්සට හැරෙව්වේ කොල්ලෝ දෙන්නා ලග පොඩි කිනිස්සකට වඩා දෙයක් නොවුනු නිසා.ඒත් පිටිපස්ස හරවපු ජන්ගුක්ට දැකගන්න පුලුවන් උනේ ඉස්සරහින් තිබුනා වගේම කලු ඩිපෙන්ඩර් කිහිපයක් පාර හරස් කරගෙන නවත්තගන්න හැටි..
ඩිපෙන්ඩර් වලින් එකා දෙන්නා බැහැලා එද්දි විස්සකට ලන්වෙන්න පිරිසක් කොල්ලෝ දෙන්න ඉස්සරහින් එකතුවුනා.
ආයුධ සන්නද්ධ හතලිහක විතර පිරිසකට ජන්ගුක් වගේම හෝසක් මැදි වෙද්දිත් කොල්ලෝ දෙන්නා කිසි බයක් නොපෙන්වා බයික් එකෙන් බිමට බැස්සා.

එකපාරටම පිටිපස්සෙන් නවත්තලා තිබුනු බයික් එකට වැදෙන විදියට පොල්ලක් විසිවෙද්දි බයික් එකේ සයිඩ් කන්නාඩිය කුඩු කරමින් පොල්ල නතරවුනේ ජන්ගුක්ගේ කකුල් දෙක ලග.
ඉක්මන් වෙලා බිමට නැවුනු ජන්ගුක් පොල්ල අතට ගනිද්දි හෝසක් සපත්තුව එක අස්සේ ගහලා තිබුනු කිනිස්ස අතට අරගත්තා. තත්පර කිහිපයකට පස්සේ කෑ ගහන ගමන් හතලිහක විතර පිරිස ජන්ගුක්වත් හෝසක්වත් වට කරගනිද්දි පුලුවන් උපරිමෙන් සටන් කරන්න හැදුවත් විනාඩි පහකට විතර පස්සේ කොල්ලෝ දෙන්නවම මහපාර මැද බිම ඉන්දවුනා.
ඇග පුරාම ඇදුම් කද්දි බිම ඉදගෙන හිටපු කොල්ලෝ දෙන්නා ලගට ආව අය කොල්ලෝ දෙන්නව වට කරගෙන එකපිට එක කොල්ලෝ දෙන්නට තමන්ගේ උල් සපත්තුවලින් ප්‍රහාර දෙද්දි කොල්ලෝ පුලුවන් තරම් ගුලිවුනේ ඒ ප්‍රහාර වලින් බේරෙන්න.
අවසානයේදි ජන්ගුක් වගේම හෝසක් හිටියේ ලේ වගුරවමින් බිම වැතිරිලා.
කොල්ලෝ දෙන්නා දිහා හිනාවෙවි බලන් හිටපු අයගෙන් කෙනෙක් ඉහින් කනින් ලේ පෙරාගෙන හිටිය ජන්ගුක් ලගට ගිහින් කොල්ලගේ දකුනු අත කකුලකින් පාගන ගමන් අත අනික් අතට ඇබරුවේ අඩ සිහියෙන් හිටපු ජන්ගුක් විලාප දෙද්දි !!
දැනටමත් තුවාල වෙලා හිටපු ජන්ගුක්ට ඒක දරුනුම වේදනාවක් උනා !!

"ඔය ඇති !!
බොස් උන්ව මරන්න එපා කිව්වා !! "

එක්කෙනෙක් එහෙම කියනවා ඇහෙද්දි අමාරුවෙන් ඇස් ඇරගෙන ඔලුව මහපාරට තදකරගෙන හිටපු ජන්ගුක්ට මතක් වුනේ අවසාන වතාවට පවුලේ හතරදෙනාම එකට වැලදගත්තු මොහොත !!
එක දිගට වැදෙන හෝන් හඩවල් අතරින් ඇස් පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ජන්ගුක්ට ලාවට වගේ දැකගන්න පුලුවන් උනේ තමන්ගේ රස්සාවේ පලවෙනි පඩි කිහිපයම ඉතිරි කරලා හරි ආසාවෙන් ගත්තු තමන්ගේ බයික් එක ගිනිජාලාවක් මැද ඇවිලිලා යන හැටි !!
ඇගට දැනෙන වේදනාවට වඩා අමුතුම වේදනාවකින් හිත වැහිලා යද්දි කොල්ලා ඇස් දෙක වහගත්තේ ඩිපෙන්ඩර් වල බයංකර හඩ හතරවටින් දෝංකාර දෙද්දි.

_
_
_
_

මුලු ඇගම වේදනාවෙන් මිරිකෙද්දි ජන්ගුක් තදින් ඇලුනු ඇහි පිහාටු ඉක්මනින් උඩ පහල ගෙනිච්චේ තමන් කොහෙද ඉන්නේ , තමන්ට මොකද වුනේ කියලා දැනගන්න තිබුනු වුවමනාවට !!
ඇස් අරිද්දිම පෙනුන සුදුපාට සිවිලිම වගේම ලගින්ම ඇහුනු ඉකිබිදින හඩ කොල්ලගේ හිතේ බයක් ඇතිකරා..
හිමින් සැරේ පැත්තකට බෙල්ල හරවපු ජන්ගුක් දැක්කේ තමන්ට එහාපැත්තේ ඇදක වැතිරිලා ඇස් දෙක වහන් ඉන්න හෝසක්ව . ඒකෙන් තමන් ඉන්නේ හොස්පිට්ල් එකක බව තේරුම් ගත්ත ජන්ගුක් අනික් පැත්තට බෙල්ල හැරෙව්වේ ඉකිබිදුම් හඩේ අයිතිකාරයාව හොයන ගමන්..

"ආ-රෝහි !! "

තමන් හිටපු ඇද ලගම තිබුනු පුටුවේ ඉදගෙන බිමට නැවිලා ඉකිගහන කෙල්ලව අදුනගත්ත ජන්ගුක් හිමීට ඒ නම මුමුනද්දි කෙල්ල ජන්ගුක් දිහා බැලුවේ ඊයක වේගෙන්..
කම්මුල් දිගේ පෙරෙන කදුලු පිහගන්නවත් උත්සාහ නොකරපු ආරෝහි මොහොතක් ජන්ගුක් දිහා නොසෙල්වී බලන් ඉදලා ඊලග මොහොතේ හිමින් සැරේ බැන්ඩේජ් ඔතලා තිබුනු කොල්ලගේ නිරුවත් පපුව හරහා තමන්ගේ අත් යවලා කොල්ලව වැලදගත්තේ ජන්ගුක් අතක්වත් හොලවගන්න බැරුව එහෙමම ඉද්දි..

"ඇයි මාව මෙච්චර බයකරන්නේ කුකී !!
මම හිතු-වේ ..ම-ම හිතුවේ ඔයාව මට නැතිවෙයි කියලා ජන්ගුක් !! "

කොල්ලගේ පපුව මතින් තමන්ගේ මූන තදකරගත්ත ආරෝහි හිමින් මිමිනුවේ ජන්ගුක්ට පවා ඇහෙන නෑහෙන ගානට !! වචන පිටකරගන්න පවා අපහසු වෙද්දි කෙල්ල කෑ ගහලා අඩන්න පටන්ගත්තේ කෙල්ලගේ කදුලුවලින් ජන්ගුක්ගේ පපුව තෙත්වෙද්දි...

"මට මොකුත් උනේ නෑ ආරෝ !!
මම හොදින් !! "

අමාරුවෙන් උනත් ජන්ගුක් මුමුනගත්තේ ආරෝහිව තවත් බයකරන්න බැරිකමට !!

" රිදෙනවා නේද ? "

ජන්ගුක්ගෙන් ඈත්වෙලා කොල්ලගේ නලලේ තිබුනු ලොකු තුවාලේ වගේම මූන පුරා තිබුනු තුවාල වලත් , කැඩිලා තිබුනු දකුනු අතෙත් බැන්ඩේජ් කරපු ඇගේ උඩ කොටසෙත් තමන්ගේ ඇගිලි යවන ගමන් ආරෝහි අහද්දි කොල්ලා ඔව් කියන්න ඔලුව වැනුවා..

"හෝසක්ට මොක ද !! "

" එයාගේ ඔලුවට තදින් පාරවල් කිහිපයක් වැදිලා නිසා නැගිටින්න තව ටික දවසක් යයි කිව්වා කුකී !! "

හෝසක් හිටපු ඇද දිහාවට අමාරුවෙන් බෙල්ල හරවන ගමන් ජන්ගුක් අහද්දි කෙල්ල උත්තර දුන්නේ කොල්ලගේ දාඩියෙන් පෙගිලා තිබුනු කොන්ඩේ අතර තමන්ගේ ඇගිලි යවන ගමන් !!
ඒ අතරේ ආරෝහිගේ අලුත් ආමන්ත්‍රණය ජන්ගුක්ගේ ඇගපුරා කරන්ට් එකක් වද්දන්න තරම් ප්‍රබල වෙලා තිබුනා.

"ඔම්මලා ඊයේ ඉදන් ඔයා ලග ඉදලා අද උදේ ගෙදර ගියා !!
මන් එයාලට කෝල් කරලා කියන්නම් ඔයා නැගිට්ටා කියලා !! "

" ප්ලීස් ආරෝ !!
මන් එක්ක තව ටික වෙලාවක් ඉන්නව ද ? "

පෝන් එක ගන්න නැගිටලා යන්න හදපු ආරෝහිගේ ඇස් දිහා බලාගෙනම ජන්ගුක් එහෙම අහද්දි හිනාවක් පාපු ආරෝහි ආපහු පුටුවෙන් ඉදගන්න ගමන් කොල්ලගේ කොන්ඩේ පුරාවට තමන්ගේ ඇගිලි යැව්වේ ජන්ගුක් ඒ සනීපෙට ඇස් දෙක වහගනිද්දි.

"ඔයා ඊයේ හවස ඉදන් තාම ගෙදර ගියේ නැද්ද ? "

ජන්ගුක් ඇස් දෙක වහගෙනම එහෙම ඇහුවේ ආරෝහි හිටියේ පිජාමා කිට් එකක් ඇදගෙන නිසා.
මන් හිතන්නේ කෙල්ල ඊයේ හවස මේක ගැන දැනගත්ත ගමන්ම හොස්පිට්ල් එකට දුවගෙන ඇවිත් වගේ !!

" ඔයාව මෙහෙම දාලා යන්නේ කොහොමද කුකී !! "

ජන්ගුක්ගේ අතක් අල්ලගන්න ගමන් ආරෝහි කියද්දි ජන්ගුක් තමන්ගේ ඇස් අරින ගමන් බැලුවේ කෙල්ලගේ ඇස් දෙක දිහා..ඒ ඇස් ආදරෙන් පිරිලා..















Pokračovať v čítaní

You'll Also Like

11.5K 1.8K 18
ඇත්තටම ඔයා කවුද .........?? [ Completed ]
9K 1.2K 25
කොරියාවෙ දක්ශම , කඩවසම් ලොයර් කිම් ටේයොන්ග් ආදරේ අංශු මාර්තාවක්වත් අදුරන් නැති සීතල හදවතක් තියෙන ඔහූ තම මව වෙනුවෙන් සීතල යූද්ධයක පැටලුන අහිංසක කාව...
15.8K 1.8K 21
මම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal...
11.5K 2K 18
දේශසීමා අතර දිවයන ආදර අන්දරය...🥀