Perfect ❤️ [Taekook-completed]

By Nuuni_Nim

1.4K 144 11

Sinhala BL (ff) [RE-EDITED] Baby, I'm dancing in the dark....🌹 With you between my arms... 🍃 Barefoot on th... More

1#Nothing_Like_Us
2#I_Know_I_Love_You
3#You_Make_Me_Feel_Special
5#Darling_You_Look_Perfect_Tonight (last)
New

4#Say_You_Love_Me

217 19 2
By Nuuni_Nim

"First love? Unrequited Love?"

ජන්කුක්ගේ හිත පුරාම හොල්මන් කළේ ඒ වචන හතර.

එදා රෑ පුරාම ජන්කුක්ට නින්ද කියන දේ අයිති නැති දෙයක් වුණා.

Next Day Morning

නවතින්නෙම නැතුව කෑ ගහන එලාම් එකේ සද්දෙට නැඟිටපු ටේහ්‍යුන් ලෑස්තිවුණේ ඉක්මණටම සුපුරුදු පරිදි ගේට්ටුවේ තනි රකින්න යන්න.

ඉක්මණටම ලෑස්තිවෙලා ගෙදරින් බැහැලා යන ටේහ්‍යුන්ගේ කාමරේ ජනේලේ ළඟ පිපිලා තිබුණු අයිරිස් (Iris) මල් තාලෙට හුළඟට වැණුනා....

මේ අතරේ ජන්කුක් වෙනද වගේම ලෑස්තිවෙලා ගෙදරින් එළියට එද්දිම වගේ එයා දැක්කා එයාලගේ ගෙදර ගේට්ටුව ළඟ පොඩි ගෑණු ළමයෙක් හිටගෙන ඉන්නවා.

තැඹිලි පාටට හුරු රැලි කොණ්ඩයක් තිබුණු ඒ ගෑණු ළමයට ලස්සන නිල් පාට ඇස් දෙකක් තිබුණා. ඒ වගේම එයා ඇඳලා හිටියේ ලස්සන සුදු පාට ගවුමක්. ඒ ගෑණු ළමයා කොරියන් කෙනෙක් නොවෙන බවයි බැලූ බැල්මට පෙණුනේ.

ජන්කුක් දිහා බලලා ලස්සනට හිනාවුණු ඒ ගෑණු ළමයා ජන්කුක්ට ලස්සන ඩේසි මල් පොකුරක් අතට දීලා එතනින් යන්න ගියේ ජන්කුක් එයාට ස්තූති කරන්නත් කලින්.

වෙච්ච දේට ටිකක් පුදුම වුණත් ඒක ගණන් නොගෙනම ජන්කුක් හිනාවෙවී කාර් එකර නැග්ගේ කැම්පස් එකට යන්න.

සුපුරුදු විදියටම කැම්පස් ගේට්ටුව ළඟ හිටගෙන ඉන්න ජිමිනුයි ටේහ්‍යුනුයි දැකපු ජන්කුක්ට පොඩි හිනාවක් ගියත් එයා ඒක ඉක්මණටම මූණෙන් මකා ගත්තා.

වෙනදට ජිමින් එක්කයි ටේහ්‍යුන් එක්කයි එකටම ෆැකල්ටියට යන ජන්කුක් එදා ගියේ තනියම.

ජන්කුක් එනකන් ගේට්ටුව ළඟට වෙලා හිටගෙන ඉඳපු ටේහ්‍යුන්ට ඈතින් එන කළු පාට කාර් එක්ක දැක්කාම දැණුනේ ලොකු සතුටක්. ඒත් ඒ සතුටට වැඩි ආයුෂ නැතිවුණේ ජන්කුක් ටේහ්‍යුන්ව නොදැක්ක ගාණට ඇරුණු ගේට්ටුවෙන් ෆැකල්ටියට තනියෙන්ම යද්දි.

ටේහ්‍යුන්ට වගේම ජිමින්ටත් ජන්කුක්ගේ මේ අමුතු හැසිරීම ලොකු ප්‍රශ්නයක් වුණු බව ජිමින් ටේහ්‍යුන් දිහා බලපු විදියෙන්ම තේරුණා.

"මේ... වලහෝ, තමුසෙ ඊයෙ අර කොල්ලට තනියෙන් ඉද්දි මුකුත් කරදරයක් එහෙම කළේ නෑනේ?" ජිමින් ටේහ්‍යුන්ගේ කනට කරලා අහද්දි ටේහ්‍යුන්ගෙන් ජිමින්ට හම්බුණේ හොඳ ගුටියක්.

"තෝ මෙතන මගෙන් අහගන්නෙපා"

දවල් කෑම වෙලාව එනකන්ම ජන්කුක් තමන්ට පුළුවන් හැම විදියෙන්ම ටේහ්‍යුන්ව මඟඇරියත් එයා දැනන් හිටියා එයාට දවල් කෑම වෙලාවෙදි අනිවාරෙන්ම ටේහ්‍යුන්ට මූණ දෙන්න වෙනවා කියලා.

හිතට ධෛර්යය ගත්තු ජන්කුක් හෝල් එක ඇතුළට ගියා.

ඒත් එතන ටේහ්‍යුන්ගෙ හෙවනැල්ලක්වත් පේන්න තිබුණේ නෑ.

වෙනදට ජන්කුක් එක්ක කන්න එන ජිමින් අද වෙන මේසෙක.

අද ජන්කුක් එක්ක හිටියේ යූන්ගි විතරයි.

ජන්කුක් උඩින් පල්ලෙන් කාලා හෝල් එකෙන් එළියට යන ජිමින්ව අල්ලගන්න පස්සෙන් පැන්නුවා..

"ජිමිනි හ්‍යොං!!" ජන්කුක්ගෙ කටහඬ මුළු කොරිඩෝ එක පුරාම රැව් දුන්නත් ජිමින්ට ඒක ඇහුණු බවක්වත් පෙණුනේ නෑ.

තමන් කියන දේ ඇහුණෙ නෑ වගේ යන ජිමින්ගෙ පාර හරස් කරන ගමන් ජිමින්ගේ ඉස්සරහින් හිටගත්තු ජන්කුක් ජිමින්ගෙ ඇස් දිහා කෙලින්ම බැලුවා.

"කෝ ටේහ්‍යුන්ගි?" ජන්කුක්ගෙ වෙනද තියෙන හුරතල් කටහඬ නෙවෙයි ඒ... ඒ කටහඬේ තිබ්බේ බල කිරිමක්.

"එයා චෙරි බ්ලොසම් ගහ යට" ජිමින් කිව්වේ පොඩි නොරිස්සීමකුත් එක්ක.. ඒත් ඒක තේරුම් ගන්නත් සිහියක් නොතිබුණු ජන්කුක් ජිමින්ගේ උත්තරෙත් එක්ක ඉගිල්ලිලා වගේ දුවන්න ගත්තේ චෙරි බ්ලොසම් ගහ දිහාවට.

ජන්කුක් මුලින්ම කැම්පස් එකට ආපු දවස........

ඒ දවසෙදි වගේම අදත් ටේහ්‍යුන් චෙරි බ්ලොසම් ගහට යට බංකුවේ ඉඳගෙන earphones වලින් සින්දු ඇහුවා. හැබැයි අද පොඩි වෙනසක් තියෙයි එදාට වඩා. මොකද අද ටේහ්‍යුන්ගෙ ඇස්වල මුතුකැට වගේ දිලිසෙන කඳුලු.

ජන්කුක් ගහ ගාවට යද්දි ටේහ්‍යුන් හිටියේ ජන්කුක්ට පිටුපාලා, ගහට හේත්තුවෙලා.

"හ්‍යොං..." ජන්කුක් කතාකළාට ටේහ්‍යුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ..

"ටේහ්‍යුංගී....."

"යා... හ්‍යොං...."

"හ්‍යොං!!!" තමන්ගෙ කටහඬ බිඳිලා යනවා කියලා දැනෙද්දිත් ජන්කුක් සද්දෙන් කෑගැහුවේ ටේහ්‍යුන් ගැස්සිලා ජන්කුක් දිහා බලද්දි.

ජන්කුක් තමන්ගේ කඳුලු දකින්න කලින් ඒව පිහදාගන්න ඕනි නිසා ටක්ගාලා අනිත්පැත්ත හැරුණු ටේහ්‍යුන් තමන්ගේ කඳුලු පිහදාගෙන ආපහු හැරුණා. ඒ ලොකු හිනාවකුත් එක්ක.

"ඕහ් කුකී- මං කිව්වෙ ජන්කුක්" ඊයේ සිද්ධියත් එක්ක වගේම අද ජන්කුක්ගේ හැසිරීමත් එක්ක ටේහ්‍යුන් ජන්කුක්ට කුකී කියලා කතා කරන්නත් බයවෙලයි හිටියේ.

ඒත් ටේහ්‍යුන් එහෙම කියද්දි ජන්කුක්ට නම් දැණුනේ ලොකු දුකක්.

"හ්...හ්‍යොං.... මං කුකී... නැතුව ජන්කුක් නෙවෙයි" තමන්ගේ ඇස්වල පිරෙන කඳුලු ගැන නොහිතම ජන්කුක් කිව්වේ ටේහ්‍යුන්ගෙ ළඟින් වාඩිවෙන ගමන්මයි.

"හ්ම්ම්...." ටේහ්‍යුන් කිව්වේ බිම බලාගෙන...

"එයාට තාමත් මං එයාගේ සීනියර් විතරයි."

තමන්ගේ හිතට තරවටු කරගත්තු ටේහ්‍යුන් එයාගේ ඇස්වලින් පනින්න හදන කඳුලු නවත්තගන්න එයාගේ ඇස් දෙක තදින් පියාගත්තා.

ඒත් පියවෙලා තිබුණු ටේහ්‍යුන්ගෙ ඇස් ලොකු වෙන්න ගියේ මිලි තත්පරයක් විතර කාලයක්.

ජන්කුක් ටේහ්‍යුන්ව තමන්ගේ පැත්තට හරවගෙන එයාගෙ තොල් උඩින් තමන්ගේ තොල් තිබ්බා.

ටේහ්‍යුන්ට දැනුණේ මුළු ලෝකෙම නතර වුණා වගේ.... කාලෙ ගෙවෙන එක නතර වෙලා මේ මොහොත මේ විදියටම තියෙනවනම්..... ටේහ්‍යුන්ගේ හිත කෑගැහුවේ එහෙම

ඒත් තත්පර කීපයක් ගියාට පස්සෙ ජන්කුක් තමන්ගේ තොල් ටේහ්‍යුන්ගෙ තොල්වලින් අහකට ගත්තා.

ටේහ්‍යුන් තාමත් හිටියේ පුදුමෙන්. එයා කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ ජන්කුක්ගෙන් මෙහෙම දෙයක්.

"හ්‍යොං" ජන්කුක්ගෙ ඇස්වල තිබුණෙ දිළිසෙන කඳුලු.

ටේහ්‍යුන් ජන්කුක්ගෙ හඬත් එක්කම තමන්ගෙ ඔළුව ජන්කුක් දිහාවට හැරෙව්වා. ජන්කුක්ගේ ඇස්වල කඳුලු දැක්කාම ටේහ්‍යුන් එක පාරට ගැස්සුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්.

"ඇයි මාව මඟඇරියේ හ්‍යොං?" ජන්කුක් අහද්දි ටේහ්‍යුන් බිම බලාගත්තා.

"ඔයා නෙවෙයිද මාව මුලින්ම මඟඇරියේ ම්ම්?" ටේහ්‍යුන් අහද්දි ජන්කුක්ගේ ඇස්වල තිබුණු කඳුලු කැට අවසරයක් නැතුවම කඩන් වැටුණා.

"මට... සමාවෙන්න හ්‍යොං.... මං හිතුවෙ නෑ ඔයාගෙ හිත ඔච්චර රිදෙයි කියලා...." අන්තිම ටික කියද්දි ජන්කුක්ට නොදැනිම ඉකියක් පිටවුණා.

"මං... මට බය හිතුණා... ඔයා එහෙම එකපාරට කිව්වම... ඒකයි..." ජන්කුක්ගේ ඇස්වලින් අනවසරෙන් කඩාගෙන වැටෙන කඳුලු ගණන් නොගෙනම ජන්කුක් එහෙම කිව්වේ ටේහ්‍යුන්ගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන.

"අනේ ඇයි මේ? අඬන්න එපා.... ම්ම්..." ටේහ්‍යුන් මුකුත් නොහිතා ජන්කුක්ව තමන්ගේ පපුවට තුරුල් කරගනිද්දි ජන්කුක්ගෙ ඇඬිල්ල තවත් වැඩිවුණා.

පොඩි එකෙක් වගේ අඬන ජන්කුක්ගෙ ඔලුව අතරින් තමන්ගෙ දිග ඇඟිලි අරගෙන යන ගමන් ටේහ්‍යුන් ජන්කුක්ව නළවන්න හැදුවා.

ජන්කුක් බොළඳයිද...? වෙන්නැති....

එතකොට ටේහ්‍යුන්...? සමහරවිට....

මේක තමයි ආදරේ. එක එක අය වෙනස්. එයාලගේ හැටිත් වෙනස්. ඉතින් මං හිතන්නෙ අපිට එයාලව බොළඳයි කියලා ලේබල් කරන්න බෑ.

හිතේ තිබුණු දුක දියවෙනකන්ම අඬපු ජන්කුක් නහයත් රතු කරගෙන බැලුවේ ටේහ්‍යුන් දිහා. ටේහ්‍යුන් ජන්කුක් දිහා බලන් හිටියේ හිනාවෙවී.

"ඇයි හිනාවෙන්නෙ.." ජන්කුක් ටේහ්‍යුන්ට රවලා ඇහුවේ එයා අඬද්දි ටේහ්‍යුන් එයාට හිනාවෙන නිසා.

"ඔයා හරිම කියුට්..." ටේහ්‍යුන් කිව්වෙ ජන්කුක්ගේ ඇස්දෙක දිහා බලාගෙනම. ටේහ්‍යුන් එහෙම කියද්දි ජන්කුක්ගේ මූණ රතුම රතු පාට වුණේ එයා ලැජ්ජාවෙන් ටේහ්‍යුන්ගෙ පපුවේ තමන්ගේ මූණ හංගගනිද්දි.

"කුකී....."

"ම්ම්ම්...."

"අපි යමු ආපහු ෆිල්ම් එකක් බලන්න...?" ටේහ්‍යුන් ඇහුවෙ හරිම අහිංසක විදියට.

"හා.... යමුකෝ...." ජන්කුක් කිව්වෙ මූණෙ ලස්සන හිනාවකුත් එක්ක.

"මේ....." ටේහ්‍යුන් ඇහුවේ හොර කොටියෙක් වගේ.

"ම්ම්ම්ම්??"

"මට.... ඔයාව... කිස් කරන්න පුළුවන්ද?" ටේහ්‍යුන් එහෙම අහද්දි ජන්කුක් හෙමීට ලැජ්ජාවෙන් වගේ ඔළුව වැනුවා.

ජන්කුක්ගේ අවසරෙත් එක්ක ටේහ්‍යුන් ආයෙත් ජන්කුක්ගේ තොල් අතර අතරමන් වුණා.

ටේහ්‍යුන්ගේ වගේම ජන්කුක්ගේ හිතෙත් වැටකඬුලු දාලා බැඳලා දාලා තිබුණු හැඟීම් පිටාර ගලන ඒ වෙලාවේ දෙන්නම එයාලගෙම ලෝකෙක අතරමන් වුණේ කවදාවත් දැනිලා නොතිබුණු අමුතු හැඟීමක් දෙන්නවම වෙලා ගනිද්දි.




At another place in the university....

ජිමින්ගේ බෙල්ලේ සීතල දෙයක් ගෑවෙද්දි ජිමින් එකපාරට හැරිලා බැලුවේ ඒ කවුද බලන්න.

ජිමින් දැක්කේ තමන් දිහාට පුරුදු විදියටම පීච් රස සෝඩා එකක් දික් කරගෙන ඉන්න යූන්ගිව.

ජිමින් හිනාවෙලා යූන්ගි දික් කරගෙන හිටපු සෝඩා එක අතට ගන්න හදද්දි යූන්ගිම ඒක ජිමින්ට ඇරලා ජිමින්ගේ අතටම දුන්නේ එයත් ජිමින්ගේ එහාපැත්තෙන් වාඩිවෙද්දි.

"තෑන්ක්ස්...." ජිමින් එයාගෙ ලස්සනම හිනාව පෙන්නලා යූන්ගිට කිව්වා.

"ම්ම්ම්ම්...." යූන්ගිගෙ විදියට දැන් ජිමින් හුරුවෙලා. ඒකනිසා ඉතින් යූන්ගිගෙ බකමූණු පිළිවෙත ජිමින්ට අමුත්තක් ගෙනාවෙ නෑ.

දෙන්නා කිසි කතාවක් නැතුවම දෙන්නගේ සෝඩා දෙක අරන් බොන්න ගත්තා.

ටික වෙලාවකින් දෙන්නා අතර තිබුණු නිශ්ශබ්දතාව බින්දේ ජිමින්.

"හ්‍යොං..."

යූන්ගි ජිමින් දිහා බැලුවේ මුකුත්ම නොකියා. ජිමින් දිගටම කතා කළා.

"ඔයා දන්නවද වැඩක්... ඔන්න අපේ ටේයි කුකියයි සෙට් වෙලා..." ජිමින් කියද්දි යූන්ගි ජිමින් දිහාට අමුතු බැල්මක් දැම්මා.

"ඔයා කොහොමද ඒක දන්නේ?"

"ජන්කුක් අද එකපාරට මං යන පාරත් හරස් කරලා මාව කන්න වගේ ලුක් එකක් දාලා ටේ ඉන්න තැන අහගත්තනේ බලෙන්... මාත් ඉතින් පොඩ්ඩක් කුකී පස්සෙන් ගිහින් බැලුවා. ටික වෙලාවක් යනකොට ඉතින් එයාලා කොටු කොටු දර්ශන පෙන්නන්න ගත්තු නිසා මං ශේපෙට ලිස්සලා ආවා..." ජිමින් පොඩි එකෙක් වගේ කියවද්දි යූන්ගිත් ජිමින් කියන දේ හිනාවෙවී අහගෙන හිටියා.

"ශෝක් කරන වැඩ" ජිමින් තමන්ගේ වීරකම කියලා ඉවර කරද්දි යූන්ගිගෙන් ජිමින්ට හම්බුණේ හොඳ රැවිල්ලක්.

ජිමින් ඉතින් එයාගෙ අහිංසකම හිනාව දාලා යූන්ගිව ගාණට ඇන්දුවේ යූන්ගි මෙයාවනම් හදන්නම බෑ කියලා හිතන ගමන් ඔළුව දෙපැත්තට වනද්දි.

"මං ජන්කුක් ටේහ්‍යුන්ට කැමතී කියලනම් දැනගෙන හිටියා. ඒත් මෙච්චර ඉක්මණට දෙන්නා එකතුවෙයි කියලනම් හිතුවෙ නෑ..." යූන්ගි ජිමින්ට කිව්වා.

"ඒකත් මරු, ටේහ්‍යුන්නම් ඉතින් love at first sight සීන් එකේනෙ හිටියේ, ඒ කියන්නෙ ජන්කුක්ටත් එහෙම සීන් එකක්ද වුණේ?" ජිමින් ඇහුවෙ පුදුම වෙලා.

"මං හිතුවේ එයාට එහෙම ෆීල් එකක් ආවෙ ෆිල්ම් ඩේට් එක දවසෙ කියලා.."

ජිමින් කියද්දි යූන්ගි ආයෙත් කතාකළා. "ඒක love at first sight නෙවෙයි තමා. ඔයා හිතපු දවසෙම තමා ඔය වැඩේ වෙලා තියෙන්නේ. ඔයා දන්නෑනෙ වෙච්චි දේ." යූන්ගි කියද්දි ජිමින් යූන්ගිගේ අතේ එල්ලුණා.

"අනේ මටත් කියන්නකො හ්‍යොං"

Flashback (last night)

ටේහ්‍යුන්ගේ වචනත් එක්ක හෙට ටේහ්‍යුන්ට මුහුණ දෙන විදියක් හිතාගන්න බැරුව හිටපු ජන්කුක් බැල්කනියට ගියේ හුළං ටිකක් වදින්න.

ජන්කුක් හැමතැනම දුවන තමන්ගේ හිතට පොඩි විරාමයක් දෙන්න බැල්කනි එකේම වාඩිවුණේ බිත්තියට හේත්තුවෙලාමයි.

ජන්කුක් ඒ විදියට ඉද්දි බැල්කනියේ ඇරුණු දොරින් බැල්කනියට ආවෙ යූන්ගි.

ජන්කුක්ට එහාපැත්තෙන් මුකුත්ම නොකියම වාඩිවුණු යූන්ගි ජන්කුක්ගේ උරහිසට පොඩි තට්ටුවක් දැම්මේ 'හැමදේම හරියයි' කියන්න වගේ.

"හ්‍යොං..... මට තේරෙන්නෑ මං මොනාද කරන්න ඕනි කියලා" ජන්කුක් කටහඬේ පසුතැවීමක ලකුණුත් එක්ක ලොකු දුකකුත් හැංගිලා තිබුණා.

"මට කියන්න පුළුවන්ද මොකද වුණේ කියලා?" යූන්ගි සන්සුන්ව ඇහුවා.

ජන්කුක් ටේහ්‍යුනුයි එයයි හම්බුණු හැටි ඉඳන්ම මුළ ඉඳන්ම හැමදේම කිව්වා. එයා ටේහ්‍යුන් ළඟ ඉද්දි එයාට දැනෙන ආරක්ෂිත හැඟීම ගැන, ටේහ්‍යුන් මොන දේ කළත් පිස්සු නටන එයාගෙ හාට් එක ගැන, ටේහ්‍යුන් එයාට දීපු මල් ගැන, ටේහ්‍යුන් ඒ මල් දුන්නෙ අර විදියෙ පණිවිඩයක් දෙන්න නෙවෙයිනම් මොනා වෙයිද කියලා අහන තමන්ගේ හිත ගැන.... ජන්කුක් හැමදේම යූන්ගිට කිව්වා.

ජන්කුක් කියන හැමදේම මුකුත්ම නොකියා අහන් හිටපු යූන්ගි කිව්වෙ මෙහෙම දෙයක්.

"කුකී..... ආදරේ කියන්නේ ලස්සන හැඟීමක්... මොකද ඒකට පුළුවන් ඔයාගෙ හදවතට හරි ආදරණීය උණුහුමක් දෙන්න... ඉතින්, ඒක අපි ළඟ තියෙද්දි ඒක ආරක්ෂා කරන එක ඔයාගේ වැඩක්....." යූන්ගි ජන්කුක්ගේ පිටට තට්ටුවක් දාලා එතනින් නැඟිටලා ගියේ ජන්කුක් යූන්ගි කියපු දේවල් ගැන කල්පනා කරද්දි..

"මං දන්නෑ ටේටේ හ්‍යොං ඒ කිව්වේ ඇත්තටමද කියලා... ඒත් මං එක දෙයක් දන්නවා... ඒ දේ ඇත්තක්නම් මං ඔයාට මගෙන් ඈත් වෙන්න කවදාවත් ඉඩදෙන්නෙ නෑ හ්‍යොං... ඔයා මගේ විතරයි... මගේම විතරයි..."




Back to present

"වාහ්! හ්‍යොං ඔයානම් මාරයි ඈ.... කොල්ලට ගාණට බෝලෙ බස්සලා නේද ඔයා" ජිමින් කිව්වෙ හිනාවෙවී. යූන්ගි ඒකට මුකුත් නොකියා ඔලුව කැසුවේ පුංචි හිනාවකුත් එක්ක.

"ඒත් ඉතින් වැඩක් නෑනේ...." ජිමින් මූණත් ඇඹුල් කරන් එහෙම කියද්දි යූන්ගි ජිමින් දිහා බැලුවේ ඒ ඇයි වගේ පෙනුමකින්.

"අපිට එහෙම ආදරේ කරන්න අය නෑනේ..." ජිමින් කිව්වේ යූන්ගිගේ බළල් ඇස් දිහා කෙළින්ම බලාගෙන. ජිමින් යූන්ගිගේ ඇස් දිහා බැලුවේ විනිවිද යන බැල්මකින්.

"ඉතින් ඔයාට එහෙම කෙනෙක් ඕනිද..?" යූන්ගි ජිමින්ගෙන් ඇහුවේ එයාලගේ හුස්ම එකිනෙකාගෙ වදින තරමටම ළංවෙලා.

"එහෙම කෙනෙක් ඉන්නවනම් ඉතින් කොච්චර හොඳද?" ජිමින් කිව්වේ යූන්ගිගේ කොලර් එක අල්ලගන්න ගමන්මයි.

"ඔයාට ඕනිමනම් ඉතින්......."

යූන්ගි එහෙම කියන ගමන්ම ජිමින්ගේ තොල් තමන්ගේ තොල් එක්ක පටලාගත්තා.
















වෙලාවක් තිබ්බොත් කතාව ගැන අදහසක් කියාගෙන යන්න....
පුළුවන්නම් අනිත් අයටත් මේ ගැන කියන්න 😅

Nuuni_Nim

Continue Reading

You'll Also Like

6.9K 1K 29
** vmin ** ** yoonmin ** jimin **** yoongi **** taehyung ✔🌺😌 ☹️ vmin sad end ***** yoonmin happy end ********
8.4K 1.5K 26
කෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට...
7K 1.3K 7
ඇස් වලින් හිනැහෙමින් නුඹ කියන කතාවට ....... දෙතොල් පෙති නලියමින් නුඹ හෙළන හිනාවට ....... පපුව අස්සෙන් දැනෙන නුඹේ එක හුස්මකට ....... නැහි න...
394K 6.3K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...