අස්ථාවර-❕

By Celeste_Lilou

6.5K 619 310

අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfict... More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
-6 හි අවසන් කොටස.
7 වන පරිච්ඡේදය
08 වන පරිච්ඡේදය
09 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය

6 වන පරිච්ඡේදය

375 52 18
By Celeste_Lilou

"එ දුවපන් බල්ලෝ.."

"උබ වැස්සුවා නේද ආරු.."

බංකුව උඩ හිටපු සෙට් එකම හැරුනු හැරුනු අතට දිව්වේ එකපාරටම කඩාගෙන වැටුනු වැස්සට පින්සිද්ද වෙන්න.වහින්න මේඝ වර්ෂාවියේ කියපු පළියට දැන්ම වහී කියල හිතුවේ නැහැ රත්තරනේ.

කොහොමින් කොහොමහරි සති දෙකක් ගියේ ඇගට නොදැනී.එදායින් පස්සේ මන් ආපහු ආද්විනුව බලන්න නම් පැත්ත පළාතේ ගියේ නැහැ.මන් කියලත්නේ ආවේ ආයේ එන්නැ කියලා.කෙමෙස්ට්‍රි පිරීයඩ් එකෙ වෙලෙ මැඩම් එන්න පරක්කු වෙලා කට්ටිය කොස්සකුත් ගිටාර් එක විදිහට අරගෙන සෙට් උනේ සින්දුවක් කියන්න.ඔව් ඉතින් නැවතත් මමයි තිශේනුයි ගායකයන් වෙද්දි අනිත් උන් වාදකයින් උනා.කට්ටිය මේස උඩ නැගගෙන සින්දුව කියන්න පටන් ගත්තා පමණයි,පුප්පගෙන නටාගෙන රවාගෙන පන්තියට ආවේ කෙමෙස්ට්‍රි මැඩම් එක්ක ඉන්ග්ලිශ් මිස්...

"ළමයි,කෙමෙස්ට්‍රි පිරීයඩ් ඉවර උනු ගමන් ඔයාලා මේන්හෝල් එකට එන්න ඕන හරිද..සෙක්ශන් හෙඩ් මැඩම්ට දහතුනවසරට කියන්න දේවල් ටිකක් තියේලු."

"හරි මැඩම්.."

ක්ලාස් මොනිටර් වශයෙන් මන් නැගිටලා කියද්දි ලැබ් එකෙ හිටපු මැත්ස් එකෙ උනුත් අර ඉණට අත තියන් ඉන්න ස්ටිකරේ වගෙ ලයින් එකකින් මන් දිහා බලන් ඉන්නවා.කෙමෙස්ට්‍රි මැඩම් ඇවිත් එයාගෙ බහුභූතේ දිග ඇරපු නිසා කට්ටිය ඒකත් ඉවර වෙලා හිමින්සීරුවේ මේන්හෝල් එකට ගාටද්දි ආට් එකෙ උනුත් එලියට බැස්සා.ග්‍රවුන්ඩ් එකෙ ඉදලා ඒ පැත්තට දුවගෙන ආපු අනූපයි ආග්‍රයි එක්ක තව කෙනෙක් හිටියා.

අත බැන්ඩේජ් කරගෙනම ආද්විනු ඉස්කොලේ ඇවිත්....ඉස්කොලේ එන්න මුන්ට මාර උවමනාවක් තියෙන්නේ...
බයෝ එකෙ අය වම්පැත්තේ කෙරවළෙන් ඉදගන්න ලෑස්ති වෙද්දි මන් මැත්ස් එකෙ උන්ට එහාට යන්න කිව්වේ මෙතන තුහාන් කට අරිනවා කියලා දන්න නිසා.ආට් එකෙ උන් දකුණු පැත්තේ කෙරවලේ,අපි මැද,කොමස් එකයි Tech එකයි පිටිපස්සේ..

අද ඒ තරම් ළමයි ගාණක් ඇවිත් නෑනේ.

"ගුඩ් ආෆ්ට්නූන් ළමයි...කෝ බයෝ එකෙ තිශේනුයි මනුලයි නෑනේ...අද ආවා නේද ආර්යන්?"

සෙක්ශන් හෙඩ් මැඩම් ඇවිත් අහද්දි තමයි මීටර් උනේ උන් දෙන්නා නැහැ කියලා..කැන්ටින් යනවා කියලනේ ගියේ යකෝ.

"ඔව් මැඩම් ආවා...කැන්ටින් එකට ගිහින් එන්නම් කියලා ගියේ.."

"ආ එහෙනම් එතනින් ප්‍රමෝශන් එකක් ගන්න ඇති ප්‍රින්සිපල් ඔෆිස් එකට..."

"අප්පෝ මැඩම්..තුන්කට්ටුවේ අනිත් මී හරකා මෙතනනේ..ඌවත් යවන්න තියෙන්නෙ..නැද්ද ආර්‍යන්..උබත් පලයන්..."

තිශේන් මනුල එක්ක ප්‍රින්සිපල් ඔෆිස් එකට ප්‍රමෝශන් එක ගන්න එක කිව්වා විතරයි මැත්ස් එකෙ කට්ටියත් බලාගෙන හිටපු ඒ අනගිබවනී අවස්ථාව උදා උනා.තුහාන් කට ඇරියේ උගෙ අර බෙලෙක් කතාවක් කියාගෙනමයි.මාව මඩවන්න තියේ නම් උබට ඇතිනේ..මන් බැලුවේ ආද්විනු දිහා..තුහාන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.

"තුහාන්..කටවහගන්නවා.මොකද්ද ඔය කතා කරන විදිහ ආ..ඔයාලා එක ග්‍රේඩ් එකෙ නේද..ඔය කතා කරන විදිහද?..අන්ඩර් ෆිෆ්ටීන් සෙල්ලම් කරෙත් එකට නේද..?"

"ඒ ඒ කාලෙනෙ මැඩම්.."

"ඉදිරියෙදි ඔය කටවහන් ඉන්නවා නම් හොදයි තුහාන්..ළමයි මන් ඔයාලට මෙතෙන්ට එන්න කිව්වේ මේ අවුරුද්දේ යුගාභිෂේකයේ සම්පූර්ණ වැඩ ටික ඔයාලගේ අතට භාර දෙන්න තේරුනාද...?"

"..."

"සද්ද නැතුව ඉන්න එපා ළමයි...හෙඩ් ප්‍රිෆෙක්ට් ඇප්ලිකේශන්ස් දාපු අයගෙන් අපි තෝරගත්තු කෙනාවත් දැන් අනවුන්ස් කරනවා...Aryan, you are the head prefect for this year and next year.
Now, this can't be released until Yugabhishekaya, do you understand?"

"Okay Madam."

යසයි යසයි.ලබන අවුරුද්දෙත් ගාටපන්කෝ ඉස්කොලේ එහෙනම්.එලේවල් ඉවර වෙලා නිදහසේ ඉන්නම් කියලා හිතුවේ.අවුලක් නෑ මන් මේක බලාපොරොත්තු උනා රත්තරනේ..ආද්විනුගේ මූණේ ලාවට හිනාවක්.තුහාන්ලගේ සෙට් එක ඇරෙන්න අනිත් ඔක්කොමලා අත්පුඩි ගහනවා.අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් ව අනවුන්ස් කරන්න මෙහෙම සෙක්ශන් එකටම මිටීන් එකක් තියනවා.ඒත් යුගාභිෂේක එනකම් ඒක එළියට යන්න දෙන්න බැහැ.අඩුම යුගාභිෂේක දවස කියලාත් එදා උදේට මොනිම් එසෙම්බ්ලි එකෙදි තමයි කියන්නේ.මේ අවුරුද්දේ ඒක තියන්නත් පරක්කුයි.නෝමලි ජනවාරි නේ තියෙන්නේ.මම සහභාගි වන පස්වෙනි සහ අන්තිම යුගාභිෂේකය.

"හොදයි අපිට තව හිතන්න ගොඩක් දේවල් තියෙයි.ඔයාලාට ට්‍රිප් එක යන්නම ඕන නම් වලි දාගන්නේ නැතුව ඉන්න වෙනවා..විශේෂයෙන් ආට් එකයි මැත්ස් එකයි තේරුනාද..මතකද දන්නේ නැහැ ගිය අවුරුද්දේ ඔයාලගේ වලියක් නිසා ට්‍රිප් එක කැන්සල් උනා.."

"හ්ම්ම්..."

එතනත් මැත්ස් එකෙ උන් රවනවා.ආද්විනු තුහාන් දිහා රවලා බලද්දි ඌ කින්ඩියට හිනා උනා..සැහ්ක් මුගේ මූණ දෙල් වෙන්න දෙන්න බැරි හැටියක්.මේකා නිසානේ මේ හැම මගුලම උනේ.

ටික වේලාවකින් රටේ නැති බයිලා කියලා ඉවර වෙලා ඒකත් ඉවර උනා.අපිත් පන්තියට යන්න එද්දි Tech උන් ටික ඉස්කොලේ ඉස්සරහ නැවතෙද්දි අපි ආවා.අද මොකක් හරි වෙනවා කියලා මට ඉවෙන් වගේ දැනුනා.මේ සති දෙකටම ආග්‍ර මාත් එක්ක කීවතාවක් රන්ඩු වුනාද කියලා මට මතකත් නැහැ..ඉස්සර ආද්විනුව පෙන්නන්න බැරි එකා දැන් ඌ නිසා මාවත් අතෑරලා..මට ඒක හොදට දැනුනා..මන් කියලා මොනවා කරන්නද..එක්කෝ ඕන මගුලක් වෙන්න කියලා මන් ආද්විනුට කතා කරනවා..එහෙම හරිද.??

"ඒ බන් තිශේන්..."

"ආ කියහන් බොසා.."

"මන් ආද්විනුට කතා කරන්නද බන්..."

"උබට ශුවර් ද..."

"මන් වෙන මොනා කරන්නද බන්...මන් මටම කරන්නේ බොරු..එපාවෙනවා මේ ගෙවෙන ජිවීතේ.හැමදාම මේ දේ කරන්න බෑ බන්..ආද්විනුව මගහරින්න මට හිත හදාගන්න අමාරුයි..ඒත් මේක කවදාවත් හරියන්නේත් නෑ කියලා මතක් වෙද්දි මට ඊටවඩා හිතට අමාරුයි.."

"උබ හොදටෝම දන්නවනේ..උබ Fell first.ඒත් ආද්විනුව Fell harder.ඉතින් මන් කියන්නේ ලෝකේ අනිත් උන්ට බම්බු ගහන්න කියපන් බොසා...උබ කතාකරපන් උබේ කොල්ලට..අත් වලින් නොඅල්ලත් බැදිලා නම් තවත් මොනවද.."

ලේන්සුවේ තියෙන නූලක් කරකව කරකව තිශේන් කියද්දි ඒකට ගැලපෙන්නේ හෙන හුළගක් හමාගෙන ගියා.ස්භාදහමත් මටම ආතල් දෙනවා වගේ..යසයි යසයි..මගේ අම්මගේ දැන් කසාදෙ ළමයට මන් ලව්.අනේ අම්මපා මල්සරා දිනක මට මුණගැහුනොත් උබව,කඩනවා උබේ අඩු හතරම..උබේ ඊතලයක් උබටම විදලා සිහිවිකල් කරනවා මන් තොගෙ දැනගනින් එලහරකා.

ඕන මගුලක් වෙද්දෙන් කියලා කිව්වට මගදි නතරකරන්න වෙන ආදර කතාවකට මන් ආපහු මුලපුරන්නේ කොහොමද..කෝමත් ඉස්කොලෙන් අවුට් උනු ගමන් මන් සුදුඅම්මා එක්ක ගමේ යනවා..එතෝට ආද්විනුට මාව හම්බෙන්නේ නැහැ.කෝමත් අපි දෙන්නව එකම කැම්පස් එකට යවන්න තරම් දෛවය රුදුරු නෑ.කවුද දන්නේ මගේ එක්සෑම් අන්තිමේ ඇනුනොත් ඒම..?ඉතින් නොදැක ඉද්දි ඕක හරි යයි.එයා කවදාහරි දවසක කෙල්ලෙක්ව මැරි කරලා ලස්සන ජිවීතයක් ගෙවාවි..එක්කෝ නැශනල් ටීම් සෙල්ලම් කරාවී..නැත්තන් එයාගේ හීනේකට යාවී.ඕන දෙයක් ඉතින්,ඒනිසා එක්කෝ මන් දිගටම මෙහෙම ඉන්නවා.

ආයිශ් දෙයියනේ මොන මගුලක්ද..මන් මොකක්ද කරන්නේ..?

මන් මේකට ඇඩ්වයිස් එකක් ගන්නේ කාගෙන්ද..සුළිකුණාටුවක් එන බව දැන දැන මන් කොහොමද මේ ඔරුව පහළට පැදගෙන යන්න එයාව හවුල් කරගන්නෙ..?
මොන පිස්සුව නැටුවත් එයා එයාගෙ ජිවීතේ ගෙවනවනේ.කුණාටු මට ගාණක් නොවුනට එයාට ඕවා නිදිමරාගෙන හිතන්න දේවල්.මන් වර්තමානේ ජීවත් උනාට ආද්විනුගේ හිත තනිකර තියෙන්නේ අනාගතේ හෝ අතීතේ..

"ඒත් අපි දන්නවනේ මේක හරියන්නේ නෑ කියලා.."

"මට තේරෙනවා බන්...මෙතන අයින් වෙන්න ඕන චරිත ඉන්නවා..මිසිස් ආරෝ වගේම අනිත් බල්ලන්වත් මේ කතාවෙන් එළියට අදින්න ඕන.."

"මට බෑ බන් වචනයක්වත් ඒ ගැන කියන්න..මට උවමනා නෑ ආද්විනු අම්මට වෛර කරනවා බලන්න.."

"දැනටමත් ඒක වෙනවා බන්..ආද්විනුගේ හිතේ වැඩිපුරම තැනක් තිබුනු කෙනාව එයාගෙන් ඈත් උනේ අම්මා නිසා කියලායි එයා හිතන්නේ.."

"මන් ඒ අම්මයි පුතයි මැද්දට ගියේ නැහැ බන්.."

"ඒත් ඒ ප්‍රශ්නෙ කාලෙකට කලින් ආද්විනුට මතක් උනා.."

"මට එකක් කියපන්,එච්චර ආදරේ කරපු මාව ඌ රිජෙක්ට් කරා නම් මන් දැන් මෙහෙම කරන එකෙ වැරැද්දක් තියේද.."

"අපි දැනගන්න ඕන තව දෙයක් තියෙනවා..උබව ඌ රිජෙක්ට් කරේ උබ හිතහදාගනියි කියලා වගේම බැරි වේලාවත් උබලා ලව් කරලා ඉස්කොලේට මාට්ටු උනොත් උබේ නම නැතිවෙන නිසා ආරු.."

"එතකොට එයා?.."

"ඌ කවද්ද බන් අනිත් උන් ඌ ගැන කියන ඒවා ගනන් ගත්තේ..දැන් අර තුහාන් දෙනෝ දාහක් ඉස්සරහ කියන්නේ ආද්විනු Gay කියලා..ඌ හිතනවද ඒ ගැන..නෑනේ.."

"ඒ මයින්ඩ්සෙට් එක මට නෑ බන්.."

" Because උබ Overthinking.! "

" Maybe "

තිශේන් මන් දිහා බලාගෙන කියද්දි මන් උගෙන් ඇස් අහකට ගත්තේ තිශේන් ඉදලා හිටලා දෙන මාව විනිවිද යන බැල්මට මන් කැමති නැති නිසා.ඕක හොදටම තියෙන්නේ ආග්‍රට.සැහ්ක් ඕකා බලන් ඉද්දි වචනත් අමතකයි.ඒ තරම් සැර බැල්මක් තියෙන්නේ.

ආද්විනුගේ බැල්ම ගැන නම් කතා කරන්න ඕන නැහැ.මන් කෙලින්ම එයාගෙ ඇස් දෙක දිහා බැලුවම එයා කියන්න ඕන කියලා හිතෙන ඕන කුණුහරපයක් කියලා යනවා.ඒ එයාගේ හැටි.ඉස්සර අපි ඔලේවල් කාලේ ගියේ එකම ප්‍රයිවට් බස් එකක.ඒ බස් එක Double Decker එකක්..අපි හැමදාම උඩ තට්ටුවේ ඉතින්.ඔය කිව්වට එකෙ ළමයි හිටියා නොසෑහෙන්න ඉතින් මන් හිටගෙන මෙයා ඉදගෙන..බලන්න ඕන ඒ කාලේ මුගෙ අලි ඔලුව..දැන්ට එහා ඉතින්..

--
-ළමයි වැරදිලා පබ්ලිශ් උනේ..මේකේ ඉතුරු කෑල්ල 7න් දාන්නම්

Continue Reading

You'll Also Like

9.1K 1K 30
හැකි වේදෝ පිරිමි ඇඟකට පිරිමි ඇඟක් හිරවෙන්ඩ..........
11.9K 1.2K 16
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ...
53.4K 1.1K 26
.. a story, of a girl who has a condition that could change her lift for the greater good. Loni has a medical condition that stopped her from develop...
77.1K 1.1K 7
နိုရာနဲ့ပထွေးဖြစ်သူတို့ဘယ်လိုမျိုးဇာက်လမ်းဖြစ်ကြမလဲ 21+ရိုင်းပါတယ်နော် ကလေးများမဖတ်ပါနဲ့