ආද්විනු දිව්‍යදර Pov
වෙනදාවගේම අරලිය ගහ යට බංකු දෙක ලග යකඩ පුටුත් තියාගෙන රැස්වෙලා හිටියේ ටීම් එකෙ කොල්ලො ටික.ආග්‍ර මේසෙට බරදීලා හිටගෙන ඉද්දි මන් තණකොළ ගස් අස්සෙ ඉන්න කූඹි හෙව්වා.මේ කූඹියෙක්වත් ඕන වෙලෙට නැති හැටියක්.
"මේ උබ අවුලෙන් ඉන්නෙ ඊයේ මැච් එකට නම්,අඩෝ හිතන්න එපා හරිද..."
"ඔව් අයියේ...ඕක මොකද්ද...කෝච් සර්ත් කිව්වේ අල්ලලා දාන්න කියලා.."
"ඔය ටූනමන්ට් එකෙ දින්න කියලා හම්බෙන්නේ මොනාද.."
"නඩා ඉදින් අයියේ..ලකුණු තුනනේ මිස් උනෙ.."
"ඔව් බන්..හිතන්න එපා...බැට් කරපු වෙලෙ ඔයිට වඩා ලකුණක් දාන වගකීම බැට්ස්මන්ලා අතෙත් තිබ්බා.."
මන් කූඹි හොයද්දි කට්ටිය එක එක කතා කියනවා.මට තාම අවුල්.මන් ප්ලේ කරපු මැච් එකක් ලේසියෙන් මිස් උනේ නැති වෙලාත් මම එවෙලෙ හිටපු මයින්ඩ් එක නිසායි මේක උනේ කියන එක මගෙ ඔලුවට වද දුන්නා..සම වයසෙ උන්,මල්ලිලා අනේක කතා කියාවී..මමනෙ මේවා හිතන්න ඕන.
"ඒ අපි යනවා ඈ..ලොජික් පිරීයඩ් එක කට් කරේ..කැපුනා සගෝ.."
ආට් එකෙ උනුයි එකොළහ වසරෙ සෙට් එකයි යද්දි අපෙ ලගම උන් ටික විතරක් නැවතුනා.කන්න මොනා හරි ගේමු කියලා ආග්‍රත් එක්ක උන් ටිකත් කැන්ටිමට යද්දි අනූප වැටුනු අරලිය මල් අහුලනවා.
"උබටත් මලක් ඕනද..."
"තියාගනින්..මට එපා උබේ මල්.."
"අපි මලක් දුන්නොත් තමා වැරදි.."
"ඇයි දැන්.."
"නැ නැ නිකන්..සුද්දා අවුල් ගන්න එපා බන්..මන් දන්නවා උබ ඔය ගෑණි මැරුනු මිනිහා වගෙ ඉන්නේ මැච් එකටමත් නෙමේ කියලා..ඊයේ ආර්යන් එතනට ආපු නැති එකටත් එක්කත් නේද ඔය..?.."
"කොච්චර ආතල් දැම්මත්,
කොච්චර සතුටින් හිටියත්,
එකම එක රූපයක්
එකම එක කටහඩක් මතක් උනහම නොසෑහෙන්න අවුල් යනවා බන්..මගෙ පපුව රිදෙනවා බන්.මේ විදිහට එක්සෑම් කරගන්න පුලුවන් වෙයිද..මට පිස්සු වගේ"
"I can feel you Dew.අපි මොකක් හරි කරමුකෝ බන්..."
"හ්ම්ම්...."
"මගේ ඔලුවත් කැක්කුමයි බන්...දැන් මොනාද ඊළග පිරීයඩ් එක.."
"ඉංග්‍රිසි...අර ලිට් මැඩම්ගේ මළගෙදර නිසා ඉන්ග්ලිශ් මැඩම්ලා මළගෙදර ගිහින්..ඉතින් අද නැහැ.."
"කෙමෙස්ට්‍රි සරුත් ඊයේ නැද්ද.."
"නෑ..එකනේ ආර්යන්ලා ඊයේ එලියෙ හිටියේ.."
"මන් ක්ලාස් එක පැත්තට යනවා බන්..."
"මන් මොනාහරි කාලා එන්නම්..බඩගිනි බන්..කවුරුත් ක්ලාස් එකෙ නැතුව ඇති."
ඉන්ටවල් පටන් ගත්තා විතරනේ.කට්ටියම ඉතින් කැන්ටිමේ තමා.මන් පන්තියට ගිහින් දොර ළග තිබුනු අනූපගේ පුටුවෙන් ඉදගෙන නින්දක් දැම්මේ බොන්න පැනඩෝල් පෙත්තක්වත් නැති නිසා.දැන් බුක්ශොප් එක අස්සෙ රින්ගන්න බෑ..
මන් ඇහැරෙද්දි දැනුනා කවුරු හරි ලාවට ඔලුව අතගානවා.එ ස්පර්ශය..ඒක හොදට පුරුදුයි..වෙන කවුරුත් නෙමෙයි...ආරු තමයි..ඩෙස්ක් එකට ඔලුව ගහන් හිටපු මන් ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා බැලුවේ පන්තියෙ ලමයි ඉන්නවද කියලා.එක බල්ලෙක් නැහැ.ආරු ගේ ඇස් උඩ ගියා.මන් එකපාරම නැගිට්ටම.දොරවහලා දාලා ඇරලා තිබුනු ජනේල දෙකත් වහලා මේසෙ උඩ ඉදගෙනම හිටපු ආරුගේ කකුල් දෙක ඈත් කරලා ඒ මැද්දට ගිහින් මන් හිටගත්තේ මෙදා සැරේ එයාට පැනලා යන්න බැරි වෙන්න...
"ආද්වි--නු..."
"එපා...."
"මොකද්ද.."
"මට ඔයාට ඔයාගේ නම කියන්න බැරි නම්..ඔයා මගෙ නම කියන්නත් එපා...ඇයි වෙනසක්..වෙනදට ඔයා මගෙ නම කිව්වද.."
"මොනවද වෙනස් වෙලා නැත්තේ ආ...හැමදේම වෙනස් වෙලා ආද්විනු..ඉතින් මටත් පුලුවන් වෙනස් වෙන්න.."
"ඉර පායන එකයි බහින එකයි තවම වෙනස් වෙලා නෑනේ..අන්න එදාට ඔයා ඔය හැමදේම කියපු දේවල් ඇත්තටම වෙනස් වේවී..."
"මට යන්න දෙන්න..."
"ටිකක් ඉන්න..මන් ඔයාව මරාගෙන කන්නේ නැහැනේ...මන් අහන දේට උත්තර දෙන්න..කවදා ඉදන්ද මෙහෙම කරන්න පටන් ගත්තේ ඇයි මාව මෙහෙම මගාරින්නේ..අවුරුද්දක් නෙමෙයි දෙකක් නෙමෙයි...අට වසරෙ ඉදලා මන් ඉවසුවා එකොලහ වසරට යනකම්...අන්තිමේ..වෙන හෙනයක් කඩාපාත් උනා..පස්සෙත් අවුරුදු දෙකක් ඉවසුවා..මටත් සීමාවක් තියෙනවා...ඇයි මෙහෙම කරන්නේ...තුහාන් නිසාද..."
"නැහැ..."
"එහෙනම් මොකද්ද...ප්ලීස් උත්තරයක් දෙන්න මට..ඔයාට තේරෙන්නෑ ආරු..මගේ හිත රිදෙනවා..රෑ දකින හීනෙකට ඔයා ආවත් සතුටු වෙන තරමට මන් අසරණ වෙලා...මොනවටද ඔයා මේ පලිගන්නේ...සද්ද නැතුව හිටපු පළියට මාව ඔයාට පේන්නෙ මොකෙක් වගේද..."
"මට යන්-න..දෙ---න්න...."
"හරි යනවා....පලිගන්න උවමනාවක් තියේ නම්,දැක්කහම නොදැක්කා වගෙත් යනවා......එතකොට තමුසෙට සතුටුයි නේ...මන් දන්න ආරුට...ආදරේ කරපු හිතකින් වෛර කරන්න බැහැ..පුලුවන් නම් පෙන්නනවා ඒ ආරුත් වෙනස් වෙලා කියලා..."
එයා අඩනවා..දෙයියනෙ දැන් මෙතන අඩන්න ඕන කෙනා එයාද මමද?
මට කේන්තියි දුකයි..මට කේන්ති ගියහම වෙන්නේ කරන්නේ මොනවද කියලා සිහියක් නෑ..එකමයි මන් එයාට යන්න දුන්නේ.මන් මගේම කෙස් ගස් ඇද්දේ මට ආපහු ඇඩෙන්න එන නිසා.දොරට හේත්තුවෙලා මන් ඇඩුවා.මන් මොන වැරැද්දක් කරාටද මේ තරම් රිද්දන්නේ..එකම තුවාලේ මේ තරම් පාරන්න ආරු ඔයා කොහොමද හිත හදාගත්තේ...
ඉස්කොලේ කියලා අමතක වෙලා මම ඉකි ගගහා ඇඩුවේ අනේ අදවත් මේ කරුමෙන් මට ගැලවෙන්න පුලුවන් නම් කියලා.උබට තරම් ඉවසීමක් මට නැහැ ආරු.දැන්වත් කියන දේ තේරුන් අරන් ඔය කරන සෙල්ලම නවත්තපන්කෝ.හුස්ම ගන්නත් අමාරුයි..මොනා කරන්නද..ශර්ට් එකෙ උඩ බොත්තම් හතර ගලවගෙන දොර ඇරලා ඩෙස්ක් එකෙන් ඔලුව ගහගත්තේ 1:30 වෙනකම් හෙනගැහුවත් ඔලුව උස්සන්නේ නැහැ කියලා.
"ජනෙල් වහලනේ...මොකද සීන් එක.."
"ආද්විනු තාම නිදිද බන්...අඩො නර්සින් රූම් එකට එක්ක යමන්..මොකක් හරි අප්සට් එකක් ද දන්නේ නෑනේ බන්.."
"ඊයේ අවුල ඇත්තේ බන්...දන්නවනේ ඉතින් මොකක් හරි උනහම අහස පොළව ගැටගහන්න කල්පනාවනේ.."
"මේ එහෙමයි කියලා ඉතින්.."
"ටිකක් වෙලා ඉන්න දීලා බලමු බන්...අවුලෙන් ඇත්තේ.."
අනූපයි ආග්‍රයි වෙන කොනකින් ඉදගනිද්දි පන්තියේ ළමයි පිරුනා.මට ආපහු නින්ද ගියා.එදා දවසෙම උගන්නපු මෙලො සංසාරයක් මට මතක නැහැ.මන් අහන් හිටියෙත් නැහැ.එක්සෑම් එකට තව මාස කීයද.නොවැම්බර් වල එක්සෑම් තියන් මන් මේ නටන පිස්සුව කොහෙන් කෙළවර වෙයිද.මට මගේ අනාගතේ ගැනම බයයි.එක්සෑම් අනාගත්තොත් අම්මාට තාත්තාට මුහුණ දෙන්නේ කොහොමද....
පරම්පරාවේ දාහක් කතා කියන්න බලන් ඉන්න උන්ගේ කටවල් වලට පණ එයි එහෙම උනොත්.මොරටු යන්නම ඕන නැහැ.අඩුම A2ක්වත් නැතුව ගියොත්....
එක්සෑම් ඇනුනත් මොකද තාත්තාගේ බිස්නස් නම් මට තමයි..ඒත් මගේ හීන...
...
ආර්යන් මිතාශ්ම Pov
ඉස්කොලේ ඉවර වෙලා හවස බයෝ ක්ලාසුත් ගිහින් වට රවුමෙන් හැරෙන තැනට එනකම් සෙට් එකම එකට ආවා.එතනින් තමයි කට්ටිය බෙදුනේ.මම,තිශේන්,එහා ඉස්කොලේ මින්සස්,අපෙ මනුල හතරදෙනයි ඉතුරු උනේ.මේ වේලාවේ ඔලේවල් ක්ලාසුත් ඇරෙනවා.තිශේන් වට රවුම ලග ඉදන් හිටගෙන හිටියේ අර බාලිකාවේ නන්ගි කෙනෙක් එනකම් බව නොකිව්වට අපි ඔක්කොටම තේරුනා.මනුල තිශේන්ව බයිට් කරන්න ගත්තම මමයි මින්සසුයි අද පාඩම ගැන කතා කරා.
එකපාරටම මනුලගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ අහක හිටපු අපිවත් බය කරන ගමන්.බල්ලෙක් කෑගහන ටෝන් එකක් නේ මේකා දාලා තියෙන්නේ.මුන් නම් කරොත් කරන්නේ ඕවාගෙ වැඩක්.
"ඕ කියපන් ආග්‍ර."
"නෑ බන්.මේ තිශේන් ගේ චුටී කුමාරි බලන්න වට රවුම අයිනේ ඉන්නේ.."
"පලයන් බල්ලෝ බොරු නොකියා.."
"අඩෝ අඩෝ හිටපන්..මන් එනවා.."
මනුලට කෝල් කරලා තියෙන්නේ ආග්‍ර.මුන් දෙන්නා කතා කරනවා තමා ඒත් ඒ හැටි නෑනේ.මට ඇහුනේ මනුල කියපුවා විතරයි.
"අඩෝ තිශේන් කෑල්ල බලන්නම ඕනද..පොඩි හදිස්සියක්.පොඩිමත් නැහැ..."
"මොකද්ද සීන් එක.."
"ආද්විනු හොස්පිට්ල් නවත්තලා.."
"වට් ද....මොන මගුලක්ද ඕයි වෙලා තියෙන්නේ.."
"හරියට දන්නේ නෑ බන්..ආග්‍ර දැනගත්තු ගමන් කෝල් කරලා තියෙන්නේ...උබ එනවද..ආරුටයි මින්සස්ටයි එන්න බෑනේ.."
තිශේන්ට ඒක අහලා කෑල්ලත් අමතක උනා වගේ.ආද්විනු මොනවද තමුසේ මේ කරගන්නේ.ආග්‍ර කලබල වෙන්න තරම් දෙයක් උනා වෙන්නේ කොහොමද....
මින්සස්ගේ ගෙවල් සබරගමුවේ..ඌ මෙහෙ ඉන්නේ බෝඩිමක.බෝඩිමේ තියෙන පලවෙනි නිතීය අටට කලින් එන්න ඕන..ඔය නිතීය නැතුව කොල්ලෝ මට්ටු කරන්න බැහැනේ..මම ඉන්නේ සුදු අම්මා එක්ක..හත හමාරට ගෙදර ආවේ නැති උනහම සුදු අම්මා කොයි තරම් කලබල වෙනවද...තමන්ගේ දරුවෝ දෙන්නවත් පැත්තකින් තියලා මාව හදපු අම්මට දුකක් දෙන්න මට උවමනාවක් නැහැ..ඔයාට වඩා මගේ අම්මව වටිනවා ආද්විනු....මන් ඔයාට පෙන්නන්නම් ආදරේ කරපු හිතකින් වෛර කරන්න බැරි ආරුත් දැන් වෙනස් වෙලා කියලා...ඔයා කිව්වත් වගේ දැක්කත් නොදැක්කා වගෙ යන්න මට පුලුවන්...
එකම තුවාලේ මේ තරම් පාරන්නේ කාලෙකට කලින් ඔයා මට මාවත් නැති කරපු නිසා....!
----
ඕතර්'ස් ටයිම්
ඔන්න අද ඩබල් අප්ඩේට් සදමාලි...!
කිරියි පැණියි කන ගමන් ටයිප් කරන මන්..
ආර්යන් එක්ක තරහයි නේද...හුම් මටත් තරහයි...
පස්සේ තරහා නිවාගමුකෝ...
එන්න කිරියි පැණියි කාලා යම්න...
වෝට්,කමෙන්ට් කරන අයට මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ආදරෙයි..
මීට,
වටරවුමේ සිට සියල්ල වර්තා කරමින් ඇපල් මල් ඕතර්...