(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාව...

By -Honey_Quinn-

52.9K 7.6K 3.2K

අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බ... More

අලුපාට ගැන !
පිදුමක් !?
01 ¡ !
02 ¡ !
04 ¡ !
05 ¡ !
06 ¡!
07 ¡ !
08 ¡ !
09 ¡ !
ස්ථාවර ¡ ! !
10 ¡ !
11 ¡ !
(අ)ස්ථාවරයක ස්ථාවරය ¡ !
පසුවදනක් !!
අලුපාටට තෑගි !?
හමුවක් !!

03 ¡ !

2.9K 484 156
By -Honey_Quinn-


හුළඟත් එක්ක තරඟෙට බිඳෙන රැලි එකින් එක ඇවිත් කොන්ක්‍රීට් බැම්මෙ වැදිලා පෙනත් එක්ක නැතිවෙලා යනවා...

රැල්ලට ගහගෙන එන පොඩි පොඩි සිප්පි කෑලි වැල්ලෙ නතර වෙද්දි , රැල්ල ගෙනාපු මුහුදු වතුර ටික ආයෙම ඉමක් කොනක් නැති කිෂිතිජ රේඛාව දිහාව බලා යන්න යනවා...

අන්තිමට ඒ මහ සාගරේටම මොනවද ඉතුරු ?
තමන්ගෙ ළඟ තියෙන සේසතම සැරෙන් සැරේ ගෙනත් වෙරලට දිලා හිස් අතින් ආයෙ යනවා..
කිසිම කහටක් නෑ එයත් දෙනවා..
එක් වෙන්න බැරි බව දැන දැනත් රැල්ල වෙරලට දෙන ආදරේ අඩුවක් නැතුවම දෙනවා...
වෙරල කියලාත් මක් කරන්නද !?
රැල්ල දෙනකොට අරන් අරන් වැලි යට හඟවගන්නවා...

ඒ උන්ගෙ ආදරේ ....
උනුත් හරියට අසම්මතේට හංවඩු ගහන සම්මතේ වගේ...එනවා තප්පරයක් වත් රැඳෙන් නෑ...ආයෙම යනවා..
වැල්ල එක තැනක හිරවෙලා..කොහාටවත් නොයා එකම තැන ඉන්නවා..

ඉතීන්න් නිදහසේ ඉන්න එකා ලඟට එනවා..මොනවදේ දෙනවා...වැල්ලත් ඒක හඟවගන්නවා..රැල්ල වෙරලට රහසින්ම ආදරෙයි කියනවා...අනේ ආයෙම යන්න යනවා...

උන් දෙන්නට තප්පරයක් වත් ළඟ ඉන්න බෑ..ඉන්න අවසරත් නෑ...
උන්ගෙ දරාගැනීමම පුදුමයි...රැල්ල හරි ඉවසිලිවන්තයි..වෙරල නිහඬයි..ඒත් ආදරේ බරයි...හිමි නැති උනත් ඒ ආදරේ ගැඹුරුයි..

උන්ටත් දරාගන්න බැරි වෙලාවල් එනවා...වෙන මඟුලක් වෙච්චාවෙ අපි අපේය කියලා රැල්ල ඇවිදින් වෙරලම බදාගන්නවා...මක්ක කරන්නද ... ඒ උන්ගෙ ආදරේ...
ඉතින් අහවරයි !!

පෙලක් උන් සුනාමි සුනාමියි කියාගෙන පරල වෙවී බඩ පපු අල්ලන් හූල්ල හූල්ල රැල්ලටම බනිනවා... උන් කලේම හිතක් පපුවක් නැතුව රැල්ලටම දොස් කියන එක නෙවෙයිද !?..
උන් මොහොතකට හිතුවා නම්..රැල්ල පරල වෙන්න හේතුව උන් මයි කියලා...

කියන කට මොකටද ! උන් බලන්නෙ එක කෝණෙකින් විතරක්ම වෙනකොට....

මමත් ඉවරයක් නැතුව සිතිවිලි මුමුණන හිත අල්ලගෙන පිටින් තට්ටුවක් දැම්මා...මට ඕනි උනේ එයාව ටිකක් සන්සුන් කරන්න..
රැල්ල දිහා බලන් උන්නු තප්පරේට මගෙ පපුව පන දුන්න සිතිවිලි ටොන් ගනන්..
ඒවා හිතට දැනෙද්දි පපුවත් හරි බරයි...ඒත් නිවතුවක් නෑ....මම නතර නොකලා නම් තවත් මොනා මොනා හරි මුමුණාවි...

"දැන් නතර කරගන්න යාලුවා...ඕවා ඔයාටත් හරි බරයි !! "
මම මටම ඇහෙන්න හිමින් මුමුණන ගමන් සිතුවිලි මුමුණපු මගෙ හිතටම පුංචියට තට්ටු දැම්මා..

" සන්සුන් වෙන්න.. "
මම ආයෙම මිමිණුවා...

හයත් පහුවීගෙන යන ගොම්මනේ මම කොන්ක්‍රීට් බැම්ම උඩ ඉඳගෙන ඉන්නවා...රස නහර පුපුරවන්න හදන බැදපු ඉස්සො වඩ සුවඳ ඉවරයක් නැතුව නහය අස්සෙ රෝන්ද ගහනවා..
බැදපු කුකුල්ලු , මාලු , සොසේජස් එක්ක ඉස්සො !! සුවඳ පෝලිමට ඇවිත් මගෙ නාස් පොල්ල අස්සට රිංගනකොට මම ලාවට පසුපස හැරිලා බැලුවා..

කලුවර වීගෙන එන ගාලු මුවදොරම වහගන්න හදන අඳුර මකන්න තැන තැන ලයිට් එලි දැල් වෙනවා..තැන තැන එක පෙලට අටවන් ඉන්න වඩ කාරයෝ අද දවසෙ වෙළඳාම අහවර කරගන්න ඉස්සො වඩ විකුණගන්න දත කනවා..

අක්කෙ ඉස්සො වඩයක් !!

කිව්වම ගොඩෙන් අරන් ආයෙම තෙලට දාලා රත් කරලා මිරිස් හොද්දක් එක්ක පොඩියට කපාපු එලෝලු කෑලි උඩට ඉහලා දුන්නම ඒවා අරන් ගිහින් ඒකිත් යාලුවෙක් එක්ක බැම්මක ඉඳගෙන ගිලිනවා..

පෙලක් උන් ගාලු මුවදොර එන්නෙම රැල්ල පාගලා ඉස්සො වඩයක් කන්න..

මටත් හිතෙනවා ඉස්සො වඩයක් එක්ක කිරි තේකක් බඩට දාගන්න...ඒත් දැන් කන්න බෑ... ඒවගෙ සුවඳ වැදිලම බඩ පිරිලා ගිහින්...පස්සෙ කනවා..

මටම හිනා...මාත් හරියට කෙම්මුරේ අග්නි වගේ..සුවඳටත් බඩ පිරිලා..අම්මපා මෙතනත් යක්කු ඇතිද.!? නැති වෙන්න බෑ ඇති..
මටත් හෙන ආසයි යකෙක් බලාගන්න...මරණෙන් පස්සෙ ඊලඟ භවේට යාගන්න බැරුව භව දෙකක් අතර සරන ආත්මයක් මේ ඇස් දෙකෙන් බලාගන්න...කොච්චර බය හිතුනත් , ඒ ළඟට ගිහින් ඇයි උඹට ඔහොම උනේ අහන්න...කාටත් කියාගන්න බැරි උන උන් විතරක්ම දන්න උන්ගෙ කතාවක් අහලා උන්ව වැළඳගෙන උන්ගෙ පපුවට හීනියට සහනයක් දැනෙන්න උන් වෙනුවෙන් සින්දුවක් මුමුණන්න...

දියඹින් එන ඇඟ හිරිවට්ටන හුළං පාරක් මගෙ කම්මුලේ පටන් හිරි ගඩු පුප්පවද්දි,
ඈතින් මුහුදෙ ගිලීගෙන යන ගිනි බෝලෙ ලස්සන අහුවෙන විදියට මම ෆෝන් එකේ කැමරා එක අල්ලගෙන ලාවට සින්දුවක් මිමිණුවා....

ඒකත් වඩේ කඩේක ඉඳලා ලාවට අහම්බෙන් ඇහුනු සින්දුවක්.. මෙලඩිය ටික වෙලාවක ඉඳලා ඔලුව පුරා රැව් දෙද්දි මටත් ඉබේටම මිමිණුනේ ඒක ..

Pookkal pookkum tharunam Aaruyirae
Paarththadhaarum illaiyae.....

Pularum kaalai pozhudhai
Muzhu madhiyum
Pirindhuppovadhillaiyae...

වීඩියෝ එකට පසුබිමින් මම මුමුණපු තමිල් සින්දුවත් එක්ක ආසාවට ආයෙම සද්දෙන් කියාගන්න දොලදුකක් ආව මම ෆෝන් එක පැත්තක තියලා ගිටාර් එක අතට ගත්තා ...

flash-

මම තවම ඔයාලට කිව්වෙ නැහැ...!!
මේ මගෙ ඊළඟ දවස...
කලින් දවසක මේ ගාලුමුවදොරේම පිං පොකට් කාරයෙක්ගෙ පස්සෙන් දුවලා දුවලා උට ගලකින් ගහලා අර අහිංසක තාත්තාගෙ පර්ස් එක බේරලා දුන්න මම ආයෙම ගාලු මුවදොරට ආවෙ දවස් තුනකට පස්සෙ...

ලෙක්චර්ස් එක්ක එලි බහින්න වෙලාවක් උන් නැහැ..ඇරත් මැච් එක සතියකට කල් ගිහින් ..ඒ නිසා ඒ දවස් දෙකේ හීනියට නිදහසක් ගත්තා..නිදහසේ ඇස් පියාගෙන හිටියා ..

මොකක් උනාද මන්දා..අද සෙනසුරාදා දවසෙ උදේ ඉඳලා අලි කම්මැලියක් ඔලුවට ගහනකොට මට හොස්ටල් එකේ වත් කැම්පස් එකේ වත් ඉන්න හිතක් දුන් නෑ..ඒ නිසාම ගිටාර් එකත් උස්සගෙන දවල් වරුවෙම ගාලු මුවදොර පැත්තටම මම පුරුද්දට ගාටගෙන ආවා...

ඇවිත් ටික වෙලාවකින් සින්දුවක් කියන්න ගත්තම ,
හිතුවා වගේම ගිටාර් එකේ කේස් එක රුපියල් විස්සෙ පනහෙ කොලවලින් පිරුණා....මට ඕනි උනේ මැච් එකට එකතු කරන එක්දාස් පන්සීය දෙන්න කීයක් හරි එකතු කරගන්න..මිනිස්සු ආසාවෙන් දෙනවා නම් ගන්නවා ඇරෙන්න මම බලෙන් ඉල්ලුවේ නැහැ..ඒත් මටත් නොදැනිම ගිටාර් කේස් එක සල්ලි වලින් පිරෙන්න ගත්තා... මට ඕනි නැහැ කාටත් බරක් වෙන්න..මටත් මාව බරක් වෙනකොට අනිත් මිනිස්සුන් ගැන මොන කතාවක්ද..

උපරිම වැඩි කොලේ උනේ රුපියල් සීය..අනික්වා ඔක්කොම පනහෙ විස්සෙ...එවායෙනුත් වැඩිම විස්ස...

අනේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි !!
දවස ගානෙ හරියන්න ඕනි !!

මම හිතින් ප්‍රාර්ථනා කර කරම සින්දු දෙක තුනක් කිව්වා...
දැන් ඇති...මිනිස්සු මෙතනට එන්නෙ සතුටින්...උන්ගෙ සතුටු නැති කරන්න ඕනි නැහැ...

සින්දුව ඉවර කරන්න ඔන්න මෙන්න තියලා කොහේදෝ ඉඳලා ආපු සුදුම සුදු පාට අතකින් රුපියල් දාහෙ නෝට්ටුවක් ගිටාර් කේස් එකට වැටෙනකොට ,
ලෝබ නැතුව එච්චර ලොකු ගානක් දාපු කෙනාගෙ මූන ටිකක් බලාගන්න මම ඔලුව ඉස්සුවා..

පුදුමයක් නැහැ !! ...
හවායි ශර්ට් එකට පුංචි ශෝර්ට් එකක් ඇඳගෙන හිටපු ඇස් හීනි සුදුම සුදු හමක් තිබුනු පිට දේසක්කාරයෙක් ...
මං දිහා බලලා ලස්සනට හිනා උනා...

" th...thank-"

' mmh mmh.. no need man..go ahead !! '
එයා එහෙම කියලා මගෙ උරහිසට තට්ටුවක් දාලා පහල පඩියක වාඩි උනා..මම කියපු සින්දුවේ වචන හරියට නොදැන හිටියත් , මට ලාවට ඇහුනා.. .
එයා සින්දුවේ මෙලඩිය ලාවට මිමිණුවා.....
මං හිතන්නෙ මේක එයා ආසම සින්දුවක් වෙන්න ඇති..

සින්දු දෙක තුනකින් මම ඉවර කරනකල්ම එයා ළඟට වෙලා ඉඳගෙන අහගෙන හිටියා...
පිට රටක උනත් අපෙ සින්දු මේ විදියට රස විඳිනවා දකිද්දි මට සතුටු හිතුනා.

ඒ රසවිඳීම ලස්සනයි...කිසිම අහංකාර කමක් නෑ...මට පහලින් පඩියෙ ඉඳගත්තා..ඇස් දෙක පියාගත්තා...එයාගෙ පාඩුවේ සින්දුව ඇහුවා...
ඉවර කරනකල්ම ඒ ඇස් ඇරියෙ නෑ...මට ඇහුනා..එයා යන්තමට වරද්ද වරද්ද වචනත් නුහුරට මිමිණුවා...

හරි ලස්සනයි !! මට ටිකක් වැඩිපුර සල්ලි දුන්නු නිසා කියනව නෙමෙයි...ඒත් ඒ මනුස්සයාගෙ රසවින්දනය අපූරුයි !! ඒ රසවින්දනයට එයා දුන්න වටිනාකම අපූරුයි !!
ඒ තරමට එයා ඒක විඳලා...මට සතුටුයි...මනුස්සයෙක්ගෙ හිතක් නිවාගන්න මගෙ කටහඬ උදව්වක් උනා නම්..මට ඊට වඩා කිසිම දෙයක් ඕනි නැහැ ..
එයා පුදුමයි !!
පිට දේසක්කාර උනත් පොලොවෙ පය ගහලා ජීවත් වෙන නිහතමානී මිනිස්සු !! මට හිතුනෙම එච්චරයි ...

.
.
.
.

ඉතින් කලින් ආපු නිසා හිතුවටත් වඩා සල්ලි ටිකක් අතට ලැබුනා..ආය මට අවශ්‍ය නැහැ...මැච් එකට දෙන්න මේ ඇති..මම කලින්ම ආවට කලින්ම ආපහු හොස්ටල් එකට හැරිලා යන්න හිත දුන්නෙ නෑ...මොකද්දෝ හේතුවකට හිත කිව්වෙම
මූදු රැලි ඇවිත් වැදෙන බැම්මෙන් ඉඳගෙන ඉර බහින දිහා බලන් ඉන්න විසල් !! කියලා..

හිත දෙයක් ඉල්ලුවොත් පුලුවන් විදියට දෙන්න මම පුංචි කාලෙ ඉඳලම පුරුදු වෙලා හිටියා...ඒත් කවදාවත්ම ගන්න බැරි දෙයක් එයා මගෙන් ඉල්ලුවෙර් නැහැ...
එහෙම ඉල්ලලා එයා මාව අසරණ කලෙත් නැහැ..

අප්පච්චිව කොයි තරම් ඕනි උනත් එයාට ඒක දැනෙනකොටම එයා හරි ඉක්මනින් වෙන දෙයක් ගැන හිතුවා..මං දන්නවා..එයා කැමති නෑ දැන දැන මාව රිද්දන්න...

එයාට කොච්චර ලොකු ලොකු ආසාවල් ආවත් එයා එක තප්පරෙන් ආයෙම වෙන දෙයක් ගැන හිතුවා..එයා දැනගෙන හිටියා මේ විසල්ට පෝසත් හීන වලට පාර තව දුරයි කියලා...

ලං වෙන්න බැරිනම් , ලඟට ගන්න අමාරු දෙයක් නම්..හිත නිතරම කිව්වෙ එකම දෙයයි !!

පුලුවන් දවසක , අතට සල්ලි ගැවසෙන දවසක අරගමු විසල් !!
උඹ එක්ක මං ඉන්නවා !!

ඔව් එච්චරයි ....
ඒ තමයි එයා...මගෙ ආදරණීය හිත...

මං කියවනවා වැඩියි මං දන්නවා...ඒත් අහන් ඉන්න...මේක තමා මං දකින අමුතුම ලෝකය..
.
.

අද හිත කියන දේ , හිත ඉල්ලපු දේ මං ඇහුවා..එයාට දෙන්න පුලුවන් පුංචි ආසවක් එයා මගෙන් ඉල්ලුවේ...

ඉර බහින මුහුද බලලා යමුද විසල් !! ?

ඉතින් මම උන්නා...
රැල්ල පෙරලි පෙරලි ඇවිත් වැදිලා වැදිලා ආයෙම යන ම්‍රෙ කොන්ක්‍රීට් බැම්ම උඩ ඉඳගෙන කකුල් පහලට දාගෙන මමත් ඉමක් කොනක් නැති මුහුද දිහා බලාගෙන ඒ එන හුළං රැලි ආත්මෙන්ම වින්දා...

මගෙ බාටා දෙක මුහුදට වැටෙයි බයට මම ඒක ගලවලා ගිටාර් එක ලඟම තියාගත්තා...

flsh end -

Pookkal pookkum tharunam Aaruyirae
Paarththadhaarum illaiyae.....

Pularum kaalai pozhudhai
Muzhu madhiyum
Pirindhuppovadhillaiyae...

වීඩියෝ එකට පසුබිමින් මම මුමුණපු තමිල් සින්දුවත් එක්ක ආසාවට ආයෙම සද්දෙන් කියාගන්න දොලදුකක් ආව මම ෆෝන් එක පැත්තක තියලා ගිටාර් එක අතට ගත්තා ...

ඒක ටැමිල් එකක් !! ෆිල්ම් සෝන්ග් එකක් !!
සින්දුවේ ලිරික්ස් වගේම මෙලඩිය පුදුමයි .. සින්දුවක් රසවිඳින්න භාශාවක් ඕනිමද !!
මට නම් නැහැ...ඇඟේ රස නහරවලට දැනෙන ඕනම මෙලඩියක් මම විඳිනවා..මම අහනවා...
ඊටත් වඩා මම ඒ ලිරික්ස් හොයනවා...

අවසානෙදි සින්දුවේ තේරුමත් එක්ක සින්දුව විඳිනවා...
ඒ හැඟීම වෙනම ලෝකයක් !! .. ඇඟම හිරිගඬු පිපිලා මහ අමුතු සීතලකින් මගෙ ආත්මෙම වහගන්න.. කියාගන්න බැරි මහ අමුතුම ෆීල් එකක්...
සංගීතය කියන්නෙම වෙනමම ලෝකයක් !!

සින්දුවේ ඔර්ජිනල් එකට වඩා මම ආස උනේ මේකෙ කවර් එකකට !! K.S.Harishankar !!
ඒ වොයිස් එක මාව මරවනවා !!
මගෙ ආදරණීයම ටැමිල් මේල් වොයිස් එක...
ලස්සනයි..
ඇස්වහක් නැහැ...
වචනයේ පරිසමාප්තියෙන්ම ගායකයෙක් !!

මට ඕනි උනේ මේ හැන්දෑවෙ මෙතනට වෙලා ඉඳගෙන ඒ සින්දුව ගිටාර් එකත් එක්කම ගයන්න...හරි සද්දෙන්ම කියන්නම්..
රැල්ලත් එක්ක සුසංයෝග වෙලා ඇහෙන මගෙ සින්දුව ...

ඉතින් අහනවද ?!

සනී මේ වොයිස් එකට ඇඩික්ට් වෙලා 🥺🧘‍♀️
මේකට රෙකමන්ඩ් කරද්දිත් මම ආයෙම දෙපාරක් ඇහුවා..

📌🗒️
මම රෙකමන්ඩ් කරන සෝන්ග් එක අහන ගමන් මේ කොටස කියවන්න..විසල්ගෙ සිතුවිලි මෙතනින් ඉස්සරහට ගැලපෙන්නෙ මේ සින්දුව එක්ක...

එහෙම නැත්තන් මේ කොටස අවදානෙන් කියවලා සින්දුව ආයෙ අහන ගමන් මේ කොටස ඉමැජින් කරගන්න..

මගෙ ලස්සන ලමයිනේ...ආයෙත් කියන්න්නම්..
මේ සින්දුවත් එක්ක මේක විඳින්න...

ඇඟේ හිරිගඩු පිපුණා නම් මට කියන්න..
මොකද මම මේක ලියන්නෙ මට ෆීල් වෙන විදියට..
මට ඕනි ඔයාලටත් ඒ ෆීල් එක ඒ විදියටම අරන් දෙන්න..

ඔයාලාගෙ ෆැන්ටසිය මේ සින්දුවෙන් මවාගන්න..කියන්න නොතේරෙන හැඟීමක් දැනේවි.. !!

________________




Pookkal pookkum tharunam Aaruyirae
Paarththadhaarum illaiyae.....

Pularum kaalai pozhudhai
Muzhu madhiyum
Pirindhuppovadhillaiyae...

මගේ රත්තරනේ.....
මල් පිපෙන මොහොතක් කවුරුවත්ම දැකලා නෑ.

අලුයම උදාවෙන කොට
සඳ සම්පූර්ණයෙන්ම පිටව යන්නත් නැහැ..

Netruvarai Neram Poga Villaiye,
Unathu Aruge Neram Pothavillaiye,

Ethuvum Pesavillaiye Indru Yeno,
Ethuvum Thondravillaiye Ithu Ethuvo,

ඊයේ වනතුරුම හඳ චලනය වූ බවක් පෙනුනෙ නැහැ..
ඔයා ඒ ළඟ ඉද්දි කාලය කිසිම වෙලාවක ප්‍රමාණවත් උනෙත් නැහැ..
ඒත් මම ඒ ගැන කිසිවක් කීවේ නැහැ..
අද, මොකක් හරි හේතුවකට මට ඒ කිසි දෙයක් දැනෙන්නෙ නැහැනෙ..
මොකක්ද ඒ හැඟීම, හාහ්?

Iravum Vidiyavillaiye Athu Vidinthal,
Pagalum Mudiyavillaiye, Poonthalire

එය අලුයම!!
ඉවර උනු රාත්‍රිය නෙමෙයි...

අලුයම ඉවර උනත් ,
තවම දවස ගෙවිලා නැහැ...

music .....

මම සින්දුව කියන්න පටන් ගත්තෙ බොහොම අඩුහඬකින් උනාට , මට දැනුනා මගෙ වොයිස් මටත් හොරාට සද්දෙන්ම පිට වුනා.. වටපිටාවෙ කව්රු හිටියත් කව්රු අහගෙන හිටියත් , කව්රු මට බැන්නත් , මේ වෙලාවෙ හිතුවක්කාර මට ටිකක් සද්දෙන්ම සින්දුව කියන්න ඕනි උනා...

මට හරි නිදහසක් දැනුනා...හරියට හිතේ තිබ්බ සමහර දේවල් මගෙ කටහඬත් එක්ක ඒ සද්දෙන් පිට වෙලා ගියා වගේ මට දැනුනා..

මට දැනුනා...යන එන සමහරු මගෙ පිටිපස්සෙන් සමහරු හිටගෙන නතර වෙලා සින්දුව අහගෙන ඉඳලා ආයෙම යනවා...සමහරු මොනවදෝ ඒ ගැන මුමුණනවා...
ඒ කිව්වෙ...සින්දුවක් රසවිඳින්න දන්න අයත් මේ වෙලාවෙ ගාලු මුවදොරේ ඉන්නවා..

සින්දුවේ ඉතිරි කොටස පටන් ගන්න කලින් මියුසික් එක ටිකක් යන්තමට ප්ලේ කරගෙන යන අතරෙ ,
කව්රු හරි කෙනෙක් ඇවිත් මං ළඟින්ම මට එහාපැත්තෙන් ඇවිත් ඉඳගත්තා..
ටිකක් උසයි...මට මගෙ සයිඩ් එකට පෙනුනා...

උඩ බොත්තමක් ඇරිලා ගිය ශර්ට් එක ඇතුලට මූදු හුළං බදලා ශර්ට් එක හුළං රටාවට නැලවෙනකොට ,
දූවිල්ලට වැහිලා දාඩිය තැවරුනු ඒ පිරිමි පපුව එක මොහොතකට මගෙ ඇස් දෙකට මම දැක්කා...

සමාවෙන්න...
මම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි...හුළං පාරත් එක්කම ඒ තප්පර කිහිපයට මට ඒ දිහා බැලුනා...
මං ළඟින් ඉඳගෙන ඈත මුහුද දිහා බලාගෙන එයා ලොකු හුස්මක් එක්ක කෙල උගුරක් ගිල්ලා...

මම ආයෙම දැක්කා...
ඕනවටත් වඩා ඉස්සරහට නෙරලා ආව ඒ පිරිමි උගුරු ඇටේ,
හමෙන් ගැලවිලා පනින්න තරමට දැඩි වෙලා තිබුනා..
මම දන්නෙ නැහැ..ඇයි කියලා...
ඒත් මට ඒ දිහා ආයි ආයි බලාගෙන ඉන්න හිතුනා..

ඒ එයා !! ගැඹුරුම ගැඹුරු පතුලක් තිබුනු ඇස් වල අයිතිකාරයා..!! මන් දන්නෙ නෑ ...ඒත් ඒ ඇස් එක්ක මං ආයෙම නුහුරට ගැහෙනවා...මට ඒක නතර කරගන්න ඕන කමට මං ආයෙම ඒවාගෙන් මිදිලා ආයෙම එයා බලන් ඉන්න මුහුද දිහා බැලුවා...

ඒ මයින්ඩ් එකෙන් එලියට එන්න හිතලා මං ආයෙම සින්දුවේ ඉතිරි කොටස පටන් ගන්න ලෑස්ති උනා...
ඒත් ...
ඒත් ...
මට කලින් එයා ඉස්සර උනා...
ඇස් වගේම ගැඹුරු ඒ කටහඬ එක්ක , සින්දුවේ ඉතිරි කොටස එයා හරි සද්දෙන්ම කියන්න පටන් ගත්තා...

Varthai Thevaillai Vazhum Kalam Varai,
Pavai Parvai Mozhi Pesume,

Netru Thevaillai Nalai Thevaillai,
Indru Intha Nodi Pothume,

පිපෙන මල්, !!!
අපි ජීවත් වෙලා ඉන්න කල් වචන උවමනා නැහැ..

ඒ ඇස් දෙක කතා කරනවා...ඒක ප්‍රමාණවත්...
ඊට වඩා දෙයක් ඕනි නැහැ..

ඊයෙ ඕනි නැහැ, හෙටක් ඕනිත් නැහැ,
මේ මොහොත පමණක් ප්‍රමාණවත්..

මං හිරිවැටිලා ගියා..
සින්දුවේ වචන වල වගේම මට මේ වෙලාවෙ කිසිම දෙයක් ඕනි උනේ නැහැ...ඒ ඇස් පවා ... ආහ්. අමතක කරන්න්න...
මට මොකක් හරි වෙලා..

එච්චර ලස්සන කටහඬක් !! එයා කොහෙදෝ ඈතක බලාගෙන සින්දුව හරිම සද්දෙන් කියනවා...
ඉතින් මට ලෝබ හිතුනා..සින්දුවේ ඉතුරු පද අමතක වෙන තරමට මං ඒ කටහඬ රසවින්දා..
ඉතින් ඉතුරු පද ටිකත් එයාටම දීලා මම ඒ මූන දිහා බලාගෙන එයාට ඕනි කෝර්ඩ්ස් ටික ප්ලේ කලා...

Verindri Vithaindri Vinthoovum Mazhai Indri,
Ithu Enna Ivan Thottam Poopookuthuthe,

Valindri Porindri Valikindra Yutha Mindri,
Ithu Enna Ivanukkul Ennai Velluthe,

මුල් නොමැතිව,
බීජ නොමැතිව,
අහසින් වැසි නොමැතිව,
මේ මල් ඔහුගේ ගෙවත්තේ පිපෙන්නේ කොහොමද ?

කඩුවකින් තොරව,
අරගලයකින් තොරව,
වේදනාකාරී සටනකින් තොරව.! !!

මෙය කුමක් ද?
ඔහුගෙ ආදරයෙන් මම ජය අරගෙන !!
.
.

මේක ක්ලැසිකල් වොයිස් එකක් !! වොයිස් ට්‍රේන් උනු ශාර්ප් වොයිස් එකක් !!
ඒත් ඇයි ??? ඇයි ???
මෙයා මේ විදියෙ තැන අද ඇයි ???
මේ වොයිස් එකෙන් මට දැනුනෙ එකම දෙයයි !!

මෙයා ක්ලැසිකල් මියුසික් වැඩි දුර ඉගෙන ගෙන තියෙනවා !!
මේ කටහඬ අද මොකද්දෝ කතාවක් මට කියනවා....
ඊටත් වඩා එයා මෙතෙක් විඳපු දුක් කන්දරාවල් සේරම මේ සින්දුව පිටින් මහ සද්දෙට මූදූ හුළඟේ පා කරනවා...

මගෙ හිත සීමාවක් නැතුව නුහුරට ගැහෙනවා...
මෙයා ගැන ටිකක් විස්තර හොයමුද !?
මෙයාට ඇයි මෙහෙම උනේ කියලා හොයලා බලන්න විසල් !?

හිත ඉවරයක් නැතුවම මට තට්ටු දදා කියනවා...

Idhayam Muzhuthum Irukum,
Intha Thayakam Engu Kondu Niruthum,

Ithai Ariya Engu Kidaikum Vilakam,
Athu Kidaithal Solla Vendum Enakum,
Poonthalire,

මේ දෙගිඩියාව මුළු හදවතම පුරවන්නයි යන්නේ.
ඒක මාව අරන් යන්නේ කොතැනටද?

මේක දැන ගැනීමට,
මම පැහැදිලි කිරීමක් ලබා ගන්නේ කොහෙන්ද?

මට තේරෙන් නෑ....මෙයා මාව මරවනවා...
මේ කර්ණාටික් ගමක් ස්ටයිල්ස් මෙයාට ඉබේ පහල උනා වෙන්න බැහැ...
කොහොමටවත් බැහැ...
ඇයි !? ඇයි !?
ඇයි මාව මෙච්චර සංකීර්ණ ප්‍රශ්න වලට ඇදලා දාන්නෙ !?
මම මං එක්ක ආයෙම අසරණ උනා...

.
.
.

එයා සින්දුව කියලා ඉවර වෙනකල්ම මම හිටියෙ ඒ දිහා කන්න වගේ බලාගෙන !!
මට තේරුනා...
මේතාක් කාලයක් ඒ හිත හිරකරගෙන හිටපු හැඟීම් මහ සද්දෙන් එයා සින්දුවෙන් පිටකලා..
මේතාක් වැලලිලා ගිය ඒ ටැලන්ට් එක මගෙ ගිටාර් එකත් එක්ක එයා මහ හයියෙන් පිටකලා..
අවසානෙ සින්දුව ඉවර කරද්දි ,
ඒ ඇස් රතු වෙලා ලාවට තෙත් වෙලා තිබුනා...
.
.
ඒවා ගැඹුරුයි ... පතුල පවා කලුවරයි..
නොතේරෙන හැඟීම් ගොඩයි!!

අර !!මං ආයෙමත් ඒඇස් දිහා පිස්සෙක් වගේ බලන් ඉඳලා...
.

__________________________________________________________

තුන්වෙනි පදේ බිඳින්න පුලුවන් උනේ ඔච්චරයි !!

සමාවෙන්න...
මං අතරමං උනා...
මෙතනින් නතර නොකලා නම් මම ඒ ඇස් එක්ක තවත් පැටලෙනවා..

ඉන්න..
මම සිව්වන පද බිඳුම අරගෙන ඉක්මනින් එන්නම්...

එතකල් පරිස්සමින් හුස්ම ගන්න...

-ගැයුමා..

__________________________________________________

කතාව ගැන මට අදහසක් දෙන්න පුලුවන්ද..

මේ වයිබ් එක ඔයාලට දැනෙන්නෙ කොහොමද !?
බෝරින්ග් වගේ නම් මට කියන්න..

මේ වයිබ් එකට ආසයි නම් මම රෙකම්න්ඩ් කරන සින්දුවත් එක්ක මේක විඳින්න මගෙ ලස්සන ලමයිනේ..

සින්දුවේ මීනින්ග් එක මම පදෙන් පදේට දැම්මා...
වචනෙන් වචනෙට විසල්ගෙ සිතුවිලි මම වචන කලා..

විසල් ඒ කියපු දේවල් එක්ක සින්දුව ආයෙ අහලා ඒ සින්දුව විඳින්න..
එයා කියන පතුලක් නොපෙනෙන ඇස් දෙකේ අයිතිකාරයාගෙ ඒ වොයිස් එක මේ සින්දුව අහලා ඉමැජින් කරගන්න...

mp3 ඕනි නම් මගෙන් ඉල්ලගන්න...

මේක මම ආසම සෝන්ග් එකක්..
අහලා බලලා ඒක ලස්සනයිද කියලා මටත් කියන්න...

මම ඉක්මනින් එන්නම්..

එතකල් විසල් කිව්වා වගේ පරිස්සමෙන් හුස්ම ගන්න...

මං හරි ආදරෙයි ඔයාලට..

-සනී
2023.08.24

Continue Reading

You'll Also Like

938K 21.5K 49
In wich a one night stand turns out to be a lot more than that.
4K 60 13
What if Maleficent had two twin daughters Millie and Mal? What if Mal never fell for King Ben but instead falls for her best friend Evie? The VK's we...
2K 331 12
පදවැල් මගඇරිච්ච මට මතක කවියක්ම වෙච්ච්... ලංවෙන්න බැරිවෙච්ච ඒත් හීනගානෙම දැවටිච්ච.. අල්ලන්න බැරිවෙච්ච නමුත් හිත අස්සෙම නැවතිච්ච... මගේ ලෝකේ සඳ නුඹයි ඇ...
473 78 8
ආදරය රැදුණ තැන්වල විරහා ගීයක විලාපය; සාක්කි!! විරහව පරයා ගැයුණු අදෝනා පොදියට ඔයාගේ අදෝනාවත් ගලපමු!! එන්න මා එක්ක; සාක්කි අස්සේ කැකෑරෙන නේක හිත්වල පීඩ...