කස්තුරි සුවඳ ✓

By liversack

607K 106K 44.2K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
36 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
45 වන පරිච්ඡේදය
46 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
54 වන පරිච්ඡේදය
55 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
60 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
73 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
81 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය
අවසාන පරිච්ඡේදය

15 වන පරිච්ඡේදය

6.9K 1.2K 331
By liversack




එක පාරටම ආපු අදෘශ්‍යමාන බලවේගයකට මාණික්‍ය එහෙම කියලා දැම්මා කියලා හිතුවා නම් ඒක වැරදියි. ඉතින් දනගහන් හිටපු අයයි හිටන් හිටපු අයයි එක වෙලාවෙම බෙල්ල හැරෙව්වේ ඒ හඩ නගපු මහා පරහිතකාමී සත්පුරුෂයා දිහාවට.

උපන්දාකට මේ එයා මේච්චර ඕන කමකින් වැරැද්දක් එයාගේ පිට දාගත්තමයි. ඒ විතරක් නෙවෙයි හරි ඕන කමකින් ඒක භාර ගන්නත් එයා සැදි පැහැදි හිටියා ඒ වුනාට නවිඳු කාගෙත් සාධාරනෙට කතා කරා.

"නෑ නෑ බං උබ විතරක් නෙවෙයිනේ අපි හැමෝම සිංදු කිව්වනේ එහෙම කියන්න එපා"

"ඒත් බං මං හිනා වුන නිසානේ සර්ට නැග්ගේ"

මාණික්‍යත් වැඩේ අත ඇරියේ නෑ.

"නෑ බං එහෙම හිතන්න එපා අපි ඔක්කොම වැරදියි"

"ඔව් ඔව් මචං අපිටත් ඒ පයිසන්ට හිනාවෙන්න බැරුව හිටියේ"

"ඒකනේ punishment කනවා නම් අපි ඔක්කොම එකට කමු"

ඉතින් මාණික්‍යගේ මූන කලු වුනා. නිදහසේ වැරදීකාරයෙක් වෙන්නත් බැරි හැටියක් කියලා එයා බැලුවෙම මනරු දිහා.. එයා හිතුවෙම මනරු මොනාම හරි කියලා බනීවි කියලා. ඒත් ඒ වෙනුවට වුනේ පබසරට විතරක් ඇහෙන්න මොනවාදෝ කියලා පිටට තට්ටුවක් දාලා එතනින් ගියපු එක.

බොරුවට මවාපාන්න දෙයක් නෑ මාණික්‍යගේ මූන කලු වෙන විදිහ එයා දිහා බලන ඕන කෙනෙක්ට හොඳට බලාගන්න පුලුවන්. එයාව නොසලකාහැරියද? නැත්තන් ඇහුනේ නැද්ද? ඕන කමින්ම ගනන් ගත්තේ නැද්ද? ඒවා මාණික්‍ය ට කලින් එයාගේ හිත හිතලා ඉවරයි.. දැන් දනගහන් ඉන්නවා ඇරෙන්න නැගිටලා ගිහින් දෙකක් කියන්නත් එයාට බෑ.

ඒත් දෙකක් කියන්න? දෙකක් කියන්නේ මොකදට.. ඒ එයාව ගනන් ගත්තේ නැති එකටද? ඒ වුනාට ඇයි ඒකට ඔච්චර රිදුනේ මාණික්‍ය පෞරුෂයෙන් සාමාන්‍යයෙන් කොහොමත් කාවවත් ගනන් ගන්න කෙනෙක් නෙමෙයි. එයාව කවුරු කොහොම නොසලකාහැරියත් එයාට කොහෙත්ම ගානක් නෑ හැබෙයි මනරුගේ එක ප්‍රතිචාරේකට මාණික්‍යට රිදුනා. රිදුනා කියද්දිම එන්නේ කේන්තිය.. ඒත් අනිත් පැත්තට මහ වරදකාරී හැගීම.

"හිටපං මං ගිහින් අපේ මිස්ට කතා කරලා එන්නම් ටිකක් හිටපං"

ඒ කියන් පබසර කෙලින්ම ආයේ ආපු පැත්තටම දුවන් ගියා. ඒත් මාණික්‍ය ගේ ඇස් තිබ්බෙම ඈතට මැකිලා යන මනරුගේ රූපේ දිහා. හිත හරි බරයි ඒ වුනාට එයා හැදුවෙම ඒ බර පිලිගන්නේ නැතුව ඉන්න.

"ආ..! නැගිටිනවලා සේරම විශාරදයෝ ටික! අද උඹලගේ වෙලාවට ප්‍රින්සිපල් සර් කොහෙද යන්න වැටිලා! යනවලා ඉක්මනට පන්තියට!"

ඉතින් පබසර කිව්වත් වගේ ටික වෙලාවකින් නඩුව විසදුනා. ඒකට ලොකුම සහය ලැබුනේ කාගෙන්ද කියන එක කට්ටිය දන්නේ නෑ හැබෙයි පන්තියට ගිය ගමන් එයා අද තියෙන විශයන් වැටිලා තියෙන විදිහ කවදාවත් නැතුව හෙව්වා.

"අද උදේම ඔයාලට geography ළමයි ඊට කලින් කට්ටියම ටිකක් ඉන්න"

පන්තියට මිස් ඇවිත් දන ගහන් ඉන්න වුන එකට පොඩි තරවටුවක් දිලා ආයෙම කොල්ලෝ ටිකට හරි ආදරෙන් කතා කරේ ලොකු පණිවිඩයක් කියන්න.

"මොකක්ද මිස්ස්ස්ස්ස්ස්?"

"ළමයි ඔයාලට අවුරුදු නිවාඩුව දෙන්න කලින් exam schedule කරලා තියෙන්නේ දැන් ඉඳන් පිස්සු නටන්නේ නැතුව වැඩ කරන්න පටන් ගන්න මොකද ඔයාලට තව අවුරද්දක්වත් නෑ ඒලෙවල් වලට"

"අපෝ exam...???"

Exam කියද්දිම මුලු පන්තියම ආඩපාලි කියන්න ගත්තා. මෙච්චර කල් නටලා නටලා දැන් exam කියන නම ඇහෙද්දිත් කොල්ලන්ගේ ඇගට පන නැති වෙනවා වගේ. ඒත් මාණික්‍යට නම් ඒක අවුලක් නෑ. එයා සාමාන්‍යයෙන් exam කියන දේ ලොකුවට තකපු කෙනෙක් නෙමෙයි. එහෙමයි කියලා ලකුණු අඩුවෙන් ගත්තෙත් නෑ වැඩියෙන් ගත්තෙත් නෑ.

"කොල්ලෝ නැත්තන් අපි මේ ගිරිය කඩන් උගන්නන්නේ මොනාට කියලා හිතුවද? "

"හරි හරි~~~ අපි පාඩම කරනවා බලන්නකෝ මිස්ට අඩි දහයක් උඩින් යන්න අපි වැඩේ දෙන්නේ"

පන්තියේ ඉන්න සංවරම ළමයා ඒ කියද්දි මිස් කට හදාගත්තා ආයේ මොකට කියනවද වගේ.

"ඔව් ඔව් මොනා නැතත් මට ඒ හරිය නම් උබලා කරලා දෙයි කියලා පේනවා කොල්ලනේ"

මාණික්‍යත් ඉතින් සුපුරුදු තැනට වෙලා සුලක්ශන ගහන බයිලා අහන් හුමිටි තිය තිය හිටියා.. ඒත්,

"ආහ් ළමයි මට අමතක වුනා කියන්න ඊට කලින් කරන්න දේකුත් තියෙනවා.. ආහ් මනරු ඔයා මේ පන්තියට දැන් එනවනේ පුතේ? "

මිස් කියවන ගමන් ඉද්දි එයාලගේ පන්තියත් පහු කරගෙන යන මනරුව දැකලා මිහිරි මිස් එක පාරටම අත වනලා එයාට කතා කරාම නම ඇහුන පමාවට මාණික්‍ය ඒ පැත්ත බලලා ඉවරයි.

ඉතින් පන්තිය ඇතුලට එනවත් වගේම මනරුගේ බැල්මත් ඇදිලා ගියේ මාණික්‍යට වුනත් ඇස් උඩින් වැටුන බැල්ම අරන් එයා මිස් දිහාවට හැරුනා.

"ඇයි මිස් මොකක්ද වෙන්න ඕනේ?"

"අද කට්ටියම උදේ අඩව්වක් ඇල්ලුවනේ?"

මනරුට ඉතින් බිම බලන් හිනා ගියා. මාණික්‍ය බලන් හිටියෙම එයා දැන් බලයි දැන් බලයි කියලා වුනත් ම්හ්ම් නෑ. මිස් එක්ක හිනා වෙවි කියවන කොල්ලගේ මූන දැන් ඇදලා අරන් එයාගේ පැත්තට හරවගන්න තරම් මාණික්‍යට කේන්තියි.

"ඒක නෙමෙයි කොල්ලෝ මේ කට්ටියට අවුරුදු උත්සවේ ගැන කියන්නකෝ මට ප්‍රින්සිපල් සර් අපිට භාර දීපුවා ලියා ගන්න අමතක වුනානේ"

මිහිරි මිස් ඒ කියන ගමන් නම් ලකුණු කරන්න රෙජිස්ටර් එක ඇදලා ගත්ත එකෙන් මනරු කතාව පටන් ගත්තා.

"ආහ් මිස් අපේ section එකට තියෙන්නේ ගැමි ගෙදර හදන්න තමයි, එතනින් එහාට ඉතින් තියෙන තරග වලට කට්ටිය තල්ලු කරලා දාමූ"

මනරු අත් දෙකත් පිටි පස්සට බැදගෙන කතා කරේ හරිම ගරු සරු ඇතුව. ඉස්කෝලේ ඉන්න කෙනා තනිකර වෙනස් ඒත් මාණික්‍ය වැඩියෙන්ම බලන් ඉන්නෙත් ඉස්කෝලේ ඉන්න මනරු දිහා වෙද්දි දැන් එයාටත් හරි ප්‍රශ්නේ..

මොකද්ද මේ එයාට වෙලා තියෙන්නේ?

කවදාවත් නැතුව කෙනෙක් පස්සේ හිතන්න? ඒකත් කොල්ලෙක් ගැන.. කෙල්ලෙක් වුනා නම් තව කමක් නෑ. හිතේ එකම අවනඩුවයි.

"ආහ් ඒ කියද්දි මතක් වුනේ! ළමයි කවුද අපේ පන්තියෙන් අවුරුදු කුමාරයට යන්නේ? කැමති ඕන කෙනෙක්ට යන්න පුලුවන් කිසි අවුලක් නෑ.. අනිත් events වලටත් යන්න ඕනේ"

"ආහ් මිස් මං තමයි මේ පාර දිනන්නේ!"

මිහිරි මිස් කිව්වත් වගේ පන්තියේ කටකාර කොල්ලෙක් ස්වෙච්ඡාවෙන් වැඩේට ඉදිරිපත් වුනාම මිස්ට ඉතින් හිනා ගියා.

"උබට ඇහුනේ මිස් විකට ඇදුම් තරගේ ගැන කිව්වා වගේද උද්දිකපුතා උබ හිටපං අපිට අපහාස නොකර"

"නෑ මට පේන්නේ උබට ස්ටේජ් එක උඩ ප්‍රාතිහාර්ය පාන්න හිතිලා වගේ පදාමබකයා!"

මනරුට ඉතින් ඕවට හිනා වෙන්න බෑ ඉතින් එන හිනාව තොල් තද කරන් නවත්තන් ඒ දිහා බලන් ඉද්දි මිහිරි මිස් ඔලුවේ අත ගහගත්තා.

"ඔය මොනාද ඔය කියන්නේ! කොල්ලනේ පුලුවන් ඉක්මනට කට්ටිය කතා වෙලා දෙතුන් දෙනෙක් කියන්න හරිද අපේ පන්තියේ ඉන්න කොල්ලෝ ඔක්කොම ලස්සනයි"

"අන්න ඒකනේ මිස්! මිස්ට අපි හරි~~~~යට ආතරේ ඒකනේ~~~!"

"හා හා"

සුලක්ශන ඒක කියද්දි අනිත් අය දැන් දමාගෙන events වලට කට්ටිය තෝරනවා.

"ආහ් අපේ මාණික්‍ය අවුරුදු කුමාරයට යවමු මිස් මොකෝ කියන්නේ? "

"උබට පිස්සුද මට බෑ!"

අර කියලා කට ගන්න කලින් සුලක්ශන මාණික්‍යව කට පුරා අවුරුදු කුමාරයට යෝජනා කරද්දි මිස්ගේ ඉහෙත් මල් පිපුණා. හැබෙයි මාණික්‍යට නම් ඒකට කොහෙත්ම කැමැත්තක් නෑ.

"අන්න! මාණික්‍ය පුතා කැමති නැද්ද අවුරුදු කුමාරයට යන්න? බෑහැ කියන්න එපා කොල්ලෝ ඉස්කෝලේ කාලේ ඒවා තියෙන්නේ ඉස්කෝලේ කාලේ විතරයි ආයේ ඒවා කැම්පස් ගිහින් ගන්න බෑ.. එතකොට එතන තියෙන්නේ ඒ ජිවිතේ දේවල්"

ඉතින් මනරුත් එයා දිහා බැලුවේ මොනාද කියන්නේ කියලා හැබෙයි මාණික්‍ය එයා දිහා බලනවා කියලා දැක්ක ගහන් එයා අතේ බැදන් ඉන්න ඔරලෝසුව දිහා බැලුවා..

"හරි..."

"මොකක්???? උබ ඇත්තටම නේද බං කිව්වේ? "

සුලක්ශන හිතුවෙම මිනිහට දහපාරක විතර වදින්න වෙයි කියලා හැබෙයි මිස් කියලා අනිත් පැත්තට මාණික්‍ය කැමති වුන එකෙන් හැමෝටම පුදුමයි.. ඉතින් මනරුගේ බෙල්ලත් ඒ පැත්තට හැරුනේ නිකන්මයි.. ඒ බැලුවම මාණික්‍ය දුන්නේ එයාට වීතරක් පේන කට කොනේ ඇදුන උපහාස හිනාවක්. හැබෙයි,

"මිස් එහෙනම් හරි නේද? අපේ කට්ටියට කියලා ගම ගෙදර හදන වැඩේ exam එකට පස්සේ දාගත්තා නම් හරි"

මනරු කතා කරේ කොහෙට හරි යන්න තියෙන වෙනත් හදිස්සියකින්.. ඒත් දැන් එයාලට තියෙන්නේ එකම period එක නේද කියලා මාණික්‍යට කොයි වෙලත් ඔලුවේ තියන් හිටියේ.. ඉතින් play වෙන්න තිබ්බ track එක පිට පනිනවා කියලා තේරෙනකොට කොල්ලගේ ඇස් රැලි වුනා.

"ඔව් හරි මනරු ඔයා දැන් පන්තියට එනවද නැත්තන් අද යනවද?"

"අද අපිට උදේ practice එකක් දාලා මිස් මේ සතියේ ඒක තියෙන නිසා මං නෝට්ස් ගන්නම්"

"හරි හරි එහෙනම් කට්ටියම හොඳට කරන්න හොඳේ"

මිස් ඒ කිව්වම මනරු එයාට හිනාවක් දීගෙන පන්තියෙන් ගියේ එයාලගේ පන්තියට.. ඒ ගිහින් ආයෙම කොරාඩෝවට ආවත් එක්කම මනරු බැලුවේ මේච්චර වෙලා එයාට ලේසර් කිරන දාගෙන හිටපු කෙනා දිහාවට තමයි.. ඉතින් පුදුම වෙන්නද එපාද කියලා හිතාගන්න බැරටව මාණික්‍ය බලන් හිටියෙම එයා දිහා.

කොහොම හරි අද මනරු උදේ වරුවේ තියෙන period වලට හිටියේ නෑ.. එහෙමයි කියලා එයාට නැටුම් පන්තිය පැත්තෙන්වත් සද්දයක් ආවේ නෑ. ඉදලා හිටලා බෙර සද්දයක් ආවත් ඒ තැන මනරු ඉන්නවා කියලා කියන්න බෑ. ඉතින් කොහෙද එයා ගියේ.. මාණික්‍යට ප්‍රශ්න ගොඩයි.

"ඒ බං මාණික්‍ය"

අද මනරු නැති තැන අඩුව පිරෙව්වේ පබසර.

"ම්"

මිස් දීපු සිතියමක් ලකුණූ කරන ගමන් ඉතින් මාණික්‍යත් හූමිටි තිබ්බා.

"අද අපිට හවස class නෑ උඹටත් නෑනේ?"

"ම්.."

"අපිට අද cricket practice"

පබසරත් සිතියම කෙලවරේ කුරුටු ගාන ගමන් ඒ කිව්වේ හිතේ විශ්වාසේ අඩේට තියාගෙන.. ඒ කොහොම වුනත් ක්‍රිකට් කියන නම ඇහෙද්දිම මාණික්‍ය ඒ පැත්ත බැලුවා.

"ඉතින්"

"ඉතින් උබ කැමති නැද්ද ටිකක් ඉඳලා බලන්න"

ඒ කියලා පබසර උත්තරයක් බලාපොරොත්තුවෙන් යාලුවගේ මූන දිහා බැලුවා.. බැලුවට මාණික්‍යගෙන් තාම උත්තරයක් නෑ.. ඒ වෙනුවට එයත් පබසරගේ මූන දිහා බලන් ඉන්නවා.

"මොකෝ දෙන්නම මූනට මූන බලන් සාත්තර කියනවද ආහ්?? සිතියම් ඉවර කරලා ඉක්මනට පෙන්නන්න"

ඒ දර්ශන හැත්තෑව දශකයේ හින්දි චිත්‍රපට දර්ශනයක් තරම් නැගලා යන මැද්දේ මිහිරි මිස් කතාවේ දුෂ්ටයාගේ චරිතේ අතට ගත්තා.. හැබෙයි,

"ම්.."

"ම් කිව්වේ බං? අද අපේ සෙට් එකත් ඉන්නවා හවස් වෙනකල්.. ආහ් මනරුලත් ඉන්නව උන්ගේ ප්‍රැක්ටිස් නිසා.. අද හවස ඉවර වෙලා සෙට් එකම කොහෙ හරි යං"

ආයෙම සිතියම දිහාවට දෙන්නම හැරීගෙන ඉන්න වෙලේ පබසර ඒ කිව්ව කතාවට නම් මාණික්‍ය ගේ හිත ටිකක් ටිකක් ගැස්සෙන වේගේ වැඩි කරා.

"එනවද?"

"ම්.. හරි"

"ඒ සිරාවටම නේ කිව්වේ?? ඒ මැණිකේ එහෙනම් හිටපං හොදේ! පත්තර කොලේ ලිපට දාලා කියන්නේ නැතුව කලින්ම උබේ අංකල් කියපං අද පරක්කු වෙලා එන්න කියලා"

ඇත්තටම මාණික්‍ය කැමති වුනේ මොනාටද? අද cricket practice එකට ඉන්නද නැත්තන් වෙන මොනවට හරිද.. ඕක එයාට හොඳ ප්‍රශ්නයක්.. ඒත් ක්‍රිකට් වලට එයා ආයෙම යන්න හේතුවත් ඒකමද? කලින් දවසක කෙනෙක් එයාට ක්‍රිකට් ගහනකල් වද දෙනවා කියලා කිව්වට මෙහෙම වදයක් වෙයි කියලා එයා හිතුවේ නෑ.. ඒකත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මානසිකව වට්ටලා. ඊටත් මානසිකව එයාව ඒ පිටි පස්සෙම යවන්න වක්‍රව හේතු වෙලා.. ඒ ගැන ඊට අදාල පාර්ශවෙත් දන්නවා ඇති කියලා සැකයි.

"ම්.."

ඉතින් ඉන්ටර්වල් එක ඉවර වෙනකල්ම මාණික්‍ය මනරුව දැක්කේ නෑ. එහෙමයි කියලා ඉන්ටර්වල් එකෙන් පස්සේ එයාට මනරුව දකින්න එක පීරියඩ් එකක් වැටිලා තිබ්බෙත් නෑ..

වෙනදට මොකක්ම හරි දෙයක් නිසා එයා ගාව අඩුම විනාඩි පහක් හරි ඉන්න කෙනා දැන් බැල්මෙනුත් පැනලා ගිහින් කියලා තේරෙද්දි හරි අමාරුයි. ඒකත් මේ ඔක්කොම එයා නිසා කියලා තේරෙනකොට එන වදකාරි හැගීමට මාණික්‍ය වෛර කරා. ඇයි අරම දෙයක් එයා ඊයේ කිව්වේ?

"ඒ බං සුලක්ශනත් ඉන්නවා අද කට්ටියම යමං කන්න"

ඉස්කෝලේ ඇරිලා යන්න බෑග් එක කරට ගනිද්දි පබසර ඒ කියන් ගේට්ටුව ගාවට දිව්වා එයාට අද එතන ඩියුටි නිසා මොකද මනරු අද නෑ.

"වරෙන් බං කෑම එකක් ගන්න යං"

"මනරු?"

ඔන්න අද දවසටම තිබ්බ ලොකුම ප්‍රශ්නේ මාණික්‍ය කටක් ඇරලා ඇහුවේ දැන්. මොකද පබසර කිව්ව විදිහට අද එයත් හවස ඉන්න ඕනේ. සුලක්ශන නම් අද ඉන්නේ නිකන්.

"ආහ් ඌ ඇත්තේ main hall එකේ අපි ගිහින් ඇවිත් ඌවත් කතා කරන් යං කන්න"

හරි ඉතින් අද දවසට නැටුම් කාමරය පැත්තේ මනරුව නොදැක්ක එකට හේතුව ඉස්කෝලේ ඇරිලා හරි එයාට අහන්න හම්බුන එකම ඇති. ඉතින් ළමයි පිරුණු මුණිදාස මාවතේ දෙන්නා එක්කම ඇවිදන් ගියේ සුලක්ශන දන්න කඩේකට. එතන එයාලගේ ඉස්කෝලේ කොල්ලෝ වගේම රෝයල් එකේ කොල්ලොත් හිටියා.

කොහොම හරි කෑමත් අරන් ආවම පබසර එයාලා වෙනදට එකතු වූන තැනට ගිහින් බෑග් තියලා මාණික්‍යවත් ඇදගෙන ඉස්කෝලේ ප්‍රධාන ශාලාව පැත්තට ගියා.

එතන සුලක්ශනත් හිටියා.. ඈතට ඇහුනේ නැති ගැටබෙර සද්දයක් හෝල් එකට ලං වෙන්න වෙන්න ඇහෙන්න ගනිද්දි මාණික්‍යට ඇතුලට ගිහින් බලන්නම හිත..

"පයලන සළඹේ ගිගිරි නාදයට අගහරු දෙවියෝ බැල්ම ලතේ..
පලදින සලුවේ උල්ලුඩයට සකි සත් පත්තිනි බැල්ම ලතේ..
බඳිනා නරුවේ හේනරු රැල්ලට නවග්‍රහ දෙවියෝ බැල්ම ලතේ..
බඳිනා රැහැනේ වෙසෙනා දෙවියෝ පමිතාර රති තාරපති.."

තුන්දෙනාම ගිහින් හෝල් එක ඇතුලට යන ප්‍රධාන දොරට එහා පැත්තේ තියෙන ජනෙල් පේලිය ලගට ගිහින් ඇතුල බැලුවම හෝල් එකේ ස්ටේජ් එක උඩ අඩුම කොල්ලෝ දහයක් පහලොවක් ඉන්න ඇති.. ඒ අතරේන් මාණික්‍යට මනරුව හොයා ගන්න තත්පරයක් ගියා කියලා කියන්න බෑ..

"භෝජරාජ සම තේජභි රාමා
ත්‍යාජ කාම රණ භූෂණ සෝමා
වාජිත කුල ධෘති වන්තභි රාමා
නරේන්ද්‍ර සිහ නර නායක භූමා...

වරමාතී සුභ චරිතේ
ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ
ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ.."

මේක fusion එකක් වෙන්න ඕනේ.. ගැට බෙර දෙක තුනක සද්දෙත් එක්ක ඒ තාලෙට ඇහෙන පන්තේරු නාදයට එකතු වුන නැටුම් සර් ගේ කටහඩ මුලූ හෝල් එක පුරිම රැව් දුන්නා. ඊටත් ස්ටේට් එක උඩ ප්‍රශස්තියට නැටවෙන එක අඩියක් මග නොහරින කොල්ලන්ගේ අඩි ගැටෙන සද්දේත් ඒ එක්ක එකට එකතු වෙලා දුන්නේ ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති දර්ශනයක්..

ඒත් මාණික්‍යගේ ඇස් තිබ්බෙම තාලෙට කඩිමුඩියේ වේගවත් වෙන ගැට බෙර පදයට යුහුසුලුව අත් අඩි යනව මැද්දෙම හිටපු කෙනාට.. මාණික්‍ය නම් නැටුම් ගැන දෙයක් දන්නේ නෑ තමයි ඒත් එහෙමයි කියලා මනරුගේ රටා මවන මුලූ සර්වාංගෙම දිහා ඇස් පිය නොහෙලා බලන් ඉන්න ඒක එයාට බාධාවක් වුනේ නෑ.

"මචං අපි යමුද? මේක දැන්ම ඉවර වෙයිද?"

සුලක්ශනට යන්න ඕන වුනත් අනිත් දෙන්නා නම් එතනින් හෙලවෙන්න ඕන කමක් තිබ්බා කියලා පෙනුනේ නෑ. ඉතින් මාණික්‍යවත් පබසර වත් හ්ම් සද්ද නෑ.

"හිටපං සගෝ ඉවර වෙනකල්"

අන්තිම හරියට යද්දිම වගේ පබසර ඒ කියද්දි මනරු නටන අස්සෙම හෝල් එක ලග හිටන් ඉන්න තුන්දෙනා දැක්කා තමයි. හැබෙයි මූනට ආපු හිනාවක් එක්ක එයා හොයපු කෙනා ගාවට ගිහින් බැල්ම වැටුන තැන වුනේ මාණික්‍යව නිකන් ගල් වුනා වගේ දෙයක්.

ඉතින් ඉවර වෙනකල්ම එයා ලග ඒ බැල්ම වැටිලා තිබුනා.. උදේ ඉඳන් තිබ්බ අර මොකද්ද මන්දා මහ තදියම් කාලකන්නි ගතියත් මාණික්‍යගෙන් මැකිලා.. කොහොම හරි ප්‍රැක්ටිස් එක ටික වෙලාවකට ඉවර කරලා මනරු හෝල් එකෙන් එලියට ආවේ දාඩිය නාගෙන.

"අම්මෝ බං දැන් නම් යකෙක් කන්න බඩගිනියි! මොනාද කන්න තියෙන්නේ"

නිකන් නෙවෙයි මනරු බඩගින්නට කෑගහන බඩත් අල්ලන් තමයි කට්ටිය ඉස්සරහට ආවේ හැබෙයි මාණික්‍ය සද්ද නෑ ඒත් ඇස් උඩින් බලන් නම් හිටියා.

"ඔය නැටිල්ලට උබේ බට හරි ඉතුරුවෙලා තිබ්බොත් ඇති සගෝ වරෙන් යන්න අපි කෑම ගෙනවා"

අත් වලින් දාඩිය පිහිද පිහිද ඉන්න මනරු දිහා උඩ ඉඳන් පහලටම බලලා පබසර ඒ කියද්දි මාණික්‍යගේ අත කෙලින්ම ගියේ සාක්කුවට..

"යං යං කමු මං දවල්ට හරියට කෑවෙත් නෑ"

ඉතින් පබසර සුලක්ශනගේ කරට අතකුත් දාගෙන එයාලා බෑග් තිබ්බ තැනට යද්දි වැඩිම වෙලාවක් කට වහන් හිටපු කෙනා දිනන සෙල්ලම කරන්න පටන් අරගෙන තියෙන මාණික්‍ය එක්ක පිටි පස්සෙන් මනරු ඇවිදන් ගියා.

"මොකද අද after school? Class එකක්ද? "

දවසටම මනරු එයා එක්ක කතා කරේ දැන්.

"නෑ cricket practice"

"මොකක්?? ඔය ඇත්තමද? මාණික්‍ය ඔයා ආයෙම cricket ගහන්නද යන්නේ?"

ඒ උත්තරේට මනරු කොයි තරම් පුදුම වුනාද කිව්වොත් එයා එක පාරටම මාණික්‍යගේ අතකුත් අල්ල ගත්තා.. හැබෙයි මාණික්‍ය එයාගේ අත දිහා බලන්න යද්දිම මනරු ආයේ අත ගත්තේ හිතලමයි.. ඉතින් ඔන්න ආයෙම කොල්ලගේ ඔලුව වටේ කලු වලාකුලු.

"ම්.. "

"අම්මෝ කවුද ඒ හාස්කම කරේ ආහ්? කරපු කෙනාට තෑග්ගක් දෙන්න වටිනවා!"

මනරු කියව කියව ඇවිද්දා හැබෙයි එක පාරටම මතක් වුන දෙයක් නිසා ආයෙම අත් දෙක බැදගත්තේ හිත පාලනේ කරන් වගේ.

"ආහ් ඒක private දෙයක් නම් කියන්න ඕනේ නෑ"

"ඕක නවත්ත ගන්නවද!!"

ඉතින් මාණික්‍යට කේන්ති ගියා, ඔලුව උඩ තිබ්බ කලුව වැස්සක් වුනා.

"මොකද්ද? "

මනරු ඇහුවත් අකුණු ගගහා වහින මාණික්‍ය කරේ සාක්කුවට දාගෙන හිටපු ලේන්සුව ඇදලා අරන් මනරුගේ මූනට දමලා ගහලා රවාගෙන එතනින් ගිය එක.. ඉතින් මනරුගේ මූනට ආවේ හිනාවක්.

"මං එනකල් ඔහොම ඉන්න!"

හෝල් එකේ එලියේ කොරිඩෝව දිගට මනරු මාණික්‍යගේ පස්සෙන් දුවන් ගිහින් කොහොම හරි කට්ටියම කන තැනට එකතු වුනා. දැන් මාණික්‍යට හරි නුපුරුදුයි වගේ මොකද එයා කලින් මෙහෙම කට්ටිය එක්ක එකට කාපු කෙනෙක් නෙවෙයි.

ඉස්සර නම් අම්මා ඉන්නකොට practice දවසට අම්මා බල කර කර එයාට කවපු විදිහ මාණික්‍යට තාම මතකයි. එයා නැති වුනත් හරි ගෙදර පිරිමි අය විතරක් ඉතුරු වෙලා ඒ අය හැම කෙනෙක්ම තම තමන්ගේ වැඩ එක්කම කාර්යබහුල වුන එකෙන් මාණික්‍ය ඇත්තටම තනි වුනා. ආශ්‍රය කරපු යාලුවොත් එයාගෙම ජාතියේ අය නිසා ඒ කාගෙන්වත් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

"මාණික්‍ය කන්නේ නැද්ද බං දැන් කෝච් එනවා"

ඉතින් කට්ටිය එක බත්මුලේ කන්න පටන් ගනිද්දි මාණික්‍ය තාම හිටගෙන බලන් ඉන්නවා.

"ආහ්.. ඔව් කනවා"

"උබ දැන් කෑවේ නැත්තන් ආයේ කොහෙත්ම නෑ තමයි සගෝ මේක විනාඩියෙන් ඉවර වෙනවා"

පබසර අන්තිම අනතුරු අඟවීමත් කරාට පස්සේ මාණික්‍ය නුහුරට වගේ නිකන්ම සුදු බත් කටක් කටට දාගත්තා ඒකෙත් බත් ඇට දෙක කුනයි තිබ්බේ.

"අනේ බං උබ කලින් කාලා නැද්ද කියපං?"

"හා හා ඊලග එක ගන්න අපිට විනාඩි දහයයි දුන්නේ"

පබසර ඒ කිව්වත් වගේ පළවෙනි බත්මුල ඉවරයි. මනරුත් යන්න හදිස්සියි. හැබෙයි..

"ආ කට අරින්න"

ඊලග බත් එක දිග ඇර ගත්ත ගමන් මනරු කටක් අනලා මුලින්ම දික් කරේ මාණික්‍යට. අද වෙච්ච දේවල් එක්ක එයා ඒක ඇත්තටම බලාපොරොත්තු වුණේ නෑ ඉතින් ඇස් දෙකත් හදන් බත්කට දිහා බලන් ඉන්න එකට මුකූත් කියන්නත් බෑ.

"කන්න නැත්තන් මං කනවා"

කියලා මනරු කට ගන්න කලින් මාණික්‍ය ඉක්මනට කට කෑවා.

"ට'හුඩු මේ කවදා කරපුවද යකෝ! මෙච්චර එක වසරේ ඉඳන් එකට හිටපු මටවත් නෑනේ මෙහෙම සැලකිලි!"

"උබට මං පස්සේ කවන්නම් බබා රෑ වෙලා වරෙන්කෝ අපේ ගෙවල් පැත්තේ"

පබසර ගේ කතාවට කට කොනින් හිනාවක් දෙන ගමන් මාණික්‍යට කවලා මනරු ඒ කියද්දි ඔන්න මාණික්‍ය ගේ මූන අළු වුනා.

"ආවොත් උබ මොනාද කවන්නේ"

"කවන්නෙද? ඇවිත්ම බලපං ඉතින්"

"අපෝ එතක-"

"ආයියියියියියි!!"

පබසර කියලා ඉවර කරන්න කලින් මනරු එතන දෙවනක් වෙන්න කෑගැහුවා. නිකන් නෙවෙයි මාණික්‍ය ගේ දත් වලට අහු වුන ඇගිල්ලත් ගස ගස.

"කවුද ඇගිල්ල කන්න කියලා කිව්වේ!"

"හරියට කැව්වා නම් ඔය මුකුත් වෙන්නේ නෑනේ"

ඒ කියලා මනරු ඇගිල්ල අල්ලන් ඉන්න අත ඇදන් හැපුව තැනට මාණික්‍ය බැල්මක් දැම්මේ හරියට හොඳට හැපිලද කියලා බලන්න වගේ. පස්සේ මාණික්‍ය එතනින් ගියා.. ගියේ අත හෝදන්න හැබෙයි අතේ ගෑවුන දේකුත් නෑ කවපු මනුස්සයා තාම අතන.. ඒත් එතනින් යන්න හද්දිම මූනට හම්බුනේ හොඳට දන්න කියන මූනක්.

"මාණික්‍ය"

"කෝච්.."

ඒ විජිත් සර්.. ත**** එකේ cricket team එක practice කරන කෝච්.. මාණික්‍ය කලින් ඉඳන්ම අදුනන කෙනෙක්. එයත් එක්ක කතාවට මාණික්‍ය කොහෙත්ම පැකිලෙන්නේ නෑ ඒත් එයාගේ කාටත් දෙන සීතල කටහඩට දැන් ආයෙම පන ආවා.

"කොහොමද?"

"හොඳයි කෝච්.."

"good.. අද ඉන්නවා නේද මට පබසර කිව්වා පුතා.. නිකන් බොරුවට ඇගේ තියෙන දක්ෂතාවය නාස්ති කර ගන්න එපා national team එකට ගිහින් නතර වෙමු"

මාණික්‍ය ඉතින් සද්ද නෑ.. ඇස් පහලට කරන් ඒ කියන දේවල් හිත කොනේ ඇදෙන හීන් වේදනාව එක්ක අහන් හිටියා..

"ඔයත් දන්නවා මාත් දන්නවා මේ ගමන ලේසි නෑ කියලා ඒ වුනාට මම මෙච්චර කියන්නේ කෝච් කෙනෙක් විදිහට මම මාණික්‍යගෙන් දැක්ක සමහර දේවල් නිසා දරුවෝ.. හැබෙයි ඔයාට තියෙන ප්‍රශ්නේ කලින් හිටපු school එකේ කෝච් නම්.."

ඒ කියද්දිම මාණික්‍ය ඔලුව උස්සලා චිජිත් සර් දිහා බැලුවා නෙවෙයි බැලුනා.. මොකද එයා එහෙන් එද්දි ආවේ ඒ හැම කෙනා එක්කම හිත හොඳකින් නෙවෙයි..

"මාණික්‍ය මට පුලුවන් ඒ ගැන බලාගන්න.. ඔයා දැන් ගොඩක් දුරට recover වෙලා නිසා අපිට පුලුවන් ආයේ හෙමින් හෙමින් මේක පටන් ගන්න"

"ම්.. Thanks coach.."

ඒක හරියට අසරන වෙන තැනක්. ඒ වුනාට මාණික්‍ය ගේ වෙලාවට එයාට අසරණ වෙන්න වුනේ නැත්තේ විජිත් සර් කැමැත්තෙන්ම එයාගේ පෑත්ත ගත්ත නිසා.

"යමං කොල්ලෝ දැන් කෝට් එකට ඔය ඇති සුදු වුනා"

පස්සේ අර තිබ්බ සීරියස් මූඩ් එක පන්නගෙන විජිත් සර් මාණික්‍යගේ පිටට තට්ටුවක් දාලා ground එක පැත්තට යද්දි මාණික්‍යගේ මූනට ලා හිනාවක් ආවා..

ඉතින් මේ එයා මාස දෙකකින් විතර ground එහෙකට බහින්නේ.. එහෙමයි කීයලා එයා අද practice kit එකවත් අඩුම එයාගේ cricket bag එකවත් ලග නෑ.. ඒත් කට්ටියත් එක්ක එයා හවස් වෙනකල්ම හිටියා. වෙලාවකට පැත්තකට වෙලා බලන් ඉන්නවා තව වෙලාවකට කෝච් ඇවිත් එයා එක්ක කතා කරනවා ඉන්ටර්වල් එක වෙලාවට දාඩිය නාගෙන පබසරත් මාණික්‍ය ලගට දුවන් ආවා.

කොහොම හරි මනරු එයාලගේ ප්‍රැක්ටිස් ඉවර වෙලා එයත් ඇවිත් ground එක ලග අත් බැදන් බලන් හිටියේ හැංගුන සතුටක් එක්ක.. කොහොම හරි හතයි ගානකට අද කට්ටියට එලියට එන්න පුලුවන් වුනා නැත්තන් කෝච් කට්ටියව අත අරින වෙලාව රෑ ගානක් වෙන්නත් පුලුවන්.

"ඒ බං මනරු යමුද මොනා හරි කන්න බඩගිනියි මචං"

කනවා කියද්දිම මනරුට මතක් වෙන්නේ එයාගේ ඇගිල්ල. ඉතින් ගේට්ටුවෙන් එලියට එවත් එක්කම මාණික්‍ය යන්න තැනක් යෝජනා කරන්න තරමයි ගියේ හැබෙයි,

"බබා I'm here!"











මතු සම්බන්ධයි...

වැල්ලබු වල ඇට ගනන් කරන්න එන්නේ කවුද?

Continue Reading

You'll Also Like

409K 58.7K 41
ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....
9.7K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
4.5K 967 8
අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )
ELORA By osi yr

Non-Fiction

10.9K 1.9K 41
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...