𝑳𝒐𝒔𝒕 𝒊𝒏 𝒃𝒍𝒖𝒆 𝒗𝒂𝒍...

נכתב על ידי brown_piano93

1.3K 322 139

From " always with you " To " never with you " עוד

නෙවර් විත් යූ
නිල් පාට නිම්නය
අමුත්තා
ප්‍රින්ස් ලියම් නපුරු කෙනෙක් !
ඔහු ඇතීනා නැතුව පාලුවෙන්!
ජන්කුක්-ශීට සීතල අල්ලලා!
ඔහුට කාගෙවත් තැනක් අවශ්‍ය නෑ!
ඇතීනා තමයි ජන්කුක් ව එව්වේ
අඩ හද අයිති ටේහියුන් ගෙ හදවතට

සතුටු නිම්නයෙ කෑම මේසය

86 34 22
נכתב על ידי brown_piano93

"අහ්හ්හ්....

ෆේයිත් තනකොල ගොල්ලෙ පහලට පෙරලිලා ගියා..ෆේයිත් එක්ක ඕක් ලෑල්ල ආපු බෙල් මග රැදෙද්දි ෆේයිත් පහලට රෝල් වෙලා ගියා..ජන්කුක්-ශීයි ජෝයි නම් මේ වෙද්දිත් ඕක් ලෑලි එක්ක නිම්නෙ පහලට ගිහිනුයි හිටියෙ..

"ඔයා හොදින් නේද...

ජන්කුක් ෆේයිත් ලගට දුවගෙන ආවෙ හයියෙන් හිනා වෙන ගමන් උඩ පැන පැන..ෆේයිත් ගෙ කටෙ ඉදන් තනකොල..අනික රතු පාට කුරුමිනියෙක් හරියටම ෆේයිත්ගෙ නහය උඩ...

"හිනාවෙන්න එපා...ඔයාල හොරකරා...

ෆේයිත් එයාට නැගිටින්න අත දුන්න ජෝට ගස්සවලා ජන්කුක්ට එයාගෙ අත දුන්නා..

එයාලා ඕක් ගහෙ පතුරු ගලවගෙන පැය ගානක් නිම්නෙ උඩ ඉදන් පහලට රෝල් උනා..නිල් තනකොල උදෙ පින්නෙන් නෑවිලා නිසා පහලට එන එක ඇත්තටම ශෝක්ම ශෝක් උනා..

"දැන් නම් මේ සෙල්ලම ඇති වගෙ අප්පා..මට බඩත් ගිනි..මේහ් ගොර ගොර ගානවා..

තාම ඕක් ලෑල්ල උඩ ඉන්න බෙල් නහයෙන් අඩද්දි ජන්කුක් හිනාවෙලා ගිහින් බෙල්ව වඩාගත්තා..

"හරි අපි අලුත් සෙල්ලමක් කරමු...මායි බෙලුයි එක ටීම් එකක්..ෆේයිතුයි ජෝයි තව ටීම් එකක්..නිම්නෙ පුරා ගිහින් කන්න පුලුවන් දේවල් එකතු කරන් එන්න ඕනි...එතකොට අපිට දවල් කෑම හදාගන්න පුලුවන් .......

ජන්කුක් බෙල්වත් වඩාගෙන කියද්දි අනිත් දෙන්නත් ඔලුව වැනුවෙ කොහොමත් ගෙදර ගියා කියලා එයාලට කන්න තරම් දෙයක් නැති නිසා..තාත්තා තවම කන්තෝරු කාමරෙට වෙලා ඉවරයක් නැති කොල පෙරල පෙරල ඇති මෙලහකටත් ....

ජෝයි ෆේයිතුයි එක පැත්තකට දුවද්දි ජන්කුක් බෙල් දිහා බැලුවෙ අපි මොකද කරන්නෙ වගේ...

"අපි දකුනු පැත්තට යන් ජන්කුක් ශී...ජෝ ටයි ෆේයිත්ටයි කලිම් අපි කෑම හොයාගන්න ඕනි..

බෙල් ජන්කුක් ගෙ උඩ ඉදන් කෑගැහුවා..ජන්කුක් බෙල්ව බිමින් තියලා බෙල්ගෙ පස්සෙන් දුවන්න ගත්තා..

මේ හීනෙන් ඉක්මනට ඇහැරෙන්න නම් එපා කියලා ජන්කුක් සිය දාස් වාරක් හිතින් හිතන්න ඇති..

අන්තිමට බෙලුයි ජන්කුකුයි කටු ඇනගෙන ඇබිල්ල ගාලක ඉදන් එලියට ආවා..රතු පාට බෝල වගෙ ඇබිල්ල ගෙඩි වැඩිපුරම තියෙන්නෙ එලියට පේන්න නෙමෙ පොලවට ලගින් තියන අතුවල කියලා බෙල් ජන්කුක්ට කියලා දුන්නා...

"සීයා තාත්තා කැමති නැ අපි කෑම මේසෙට එනවට..ඉතින් අපි හැමදම ඉස්කෝලෙ ඇරිලා එනගමන් මේවා කාලා සොල්දරෙ හැංගිලා ඉන්නවා.."

"ශීත කාලෙත් පිපෙන මල් තියනවා නෙ මගෙ පුංචිත්තෝ..මේ එන්න මට ලොකු ඇබිල්ල ගෙඩියක් හම්බුනා...

ජන්කුකුයි බෙලුයි අත්වල ඇබිල්ල පුරවගෙන හිටියේ , එත් තව ඇබිල්ල මහගොඩක් තියනවා..බෙල් මූනත් දෙක කරන් අත්වලින් එලියට පනින ඇබිල්ල දිහා බලලා ජන්කුක් දිහා බැලුවා..

"බෙල් ඔයා දන්නවද ඇබිල්ල අතුවලින් කූඩ හදන්න...

ජන්කුක් ගෙඇස් දිලිසෙද්දි බෙල් නෑ කියන්න ඔලුව වැනුවා..අන්තිමට ජන්කුක් දිග ඇබිල්ල අතු වල කොල සූරලා ඒවා රවුමට රවුමට හැදුවා..තව අතු අරන් ඒ රවුම පිරෙව්වා...ඒ පුරෝලා ජන්කුක් ඇබිල්ල කොල ඒ උඩ අතුරලා අඇබිල්ල ගෙඩි ටික කූඩෙට දැම්මා..

"ඔහ්...ඒක හුගාරියක් ලස්සනයි ජන්කුක්-ශී....

පුංචි කූඩෙ අතින් අල්ලගෙන බෙල් උඩ පනිද්දි ජන්කුක් නැගිටලා බෙල්ගෙ අතින් අල්ලගත්තා..

"අපි තව මොනවහරි හොයාගමුද ජන්කුක් ශී..අපි තව ටිකක් නිම්නෙ එහාට ගිහින් බාමුද...

බෙල් බෙල්ල උස්ස උස්ස නිම්නෙ එහාට ඔලුව දාද්දි ජන්කුක් ඔලුව වනලා ඇබිල්ල කූඩෙත් බෙල්ගෙන් අරගෙන බෙල්ගෙ පස්සෙන් ගියා...

"ආහ් අන්න...අන්න ගෙදරක් තියේ...අපිට එයාලගෙන් මොනහරි ඉල්ලගන්න පුලුවන් වෙයි...

ඉසබෙල් දුවලා ඉවරයි..නිම්නෙ වම්පැත්තට යද්දි ප්‍රධාන පාරට මායිම් වෙලා තිබ්බ ලස්සන පුංචි ගෙදර එක පැත්තකින් තිබ්බා පුංචි ගොවිපලක්..

ඉසබෙල් දුවගෙන යද්දි ජන්කුක් ඉක්මනට ඉසබෙල් පස්සෙන් ගියෙ ඉසබෙල් වැටුනොත් අඩයි කියලා බයවෙලා...

එයට ඕනි නෑ ඇතීනාගෙ දරුවන්ගෙ කදුලු බලන්න...

"ඉසබෙලා....

ජන්කුක් දැක්කා ඉසබෙල් දුවලා ගිහින් ගොවිපලෙ වැඩ කර කර හිටපු ගෑනු කෙනා ලගම වැටෙනවා...

______________________________

"හැරියට් නැන්දා නම් ශෝයිම ශෝයි..නැත්තම් එයා අපිට කිරි බෝතලයක් දෙන්නෙ නෑනි...

ජන්කුක් ගෙ අතෙ තියන ගොවිපලෙ අයිතිකාර නැන්දා දුන්න කිරිබෝතලේ දිහා බල බල ඉසබෙල් උඩ පැන්නා..

"ම්ම්..එයා පොඩි ලමේක්ගෙ අතෙ තිබ්බ හුරතල් කූඩෙක දාපු ඇබිල්ල ඔක්කොම මේ කිරිබෝතලෙ හිලව්වට ඉල්ලගත්තනෙ පුංච්චිත්තෝ...

ජන්කුක් කියද්දි ඉසබෙල් මූන අදුරුකරගත්තා..

"ඒ කියන්නෙ එයා කපටි කෙනෙක් ද..

"ඔයා ඒ ගැන හිතන්න එපා ඉසබෙල් ...එන්න අපි ඉක්මනට තව කූඩයක් හදලා ඇබිල්ල අරන් යමු...

අන්තිමේදි පුච්චිතයයි,හාවෙක් වගෙ හුරතල් කෙනයි ඇබිල්ල යි කිරියි අරගෙන නිම්නෙ මැද ඕක් ගහ ලගට එද්දදිත් ෆේයිත් වත් ජෝ වත් ඇවිත් හිටියෙ නැ....

එයාලා ඕක් කොටෙ උඩින් ගෙනාපු ඇබිල්ල ටික තියලා එයාලට වාඩි වෙන්න පුලුවන් වෙන්න බිම සුද්ද කරා..ඊට පස්සෙ ඕක් පොතුවලින්ම හදපු පුංචි පුංචි හුරුබුහුටි පිගන් හතරකුත් ඕක් කොටෙ උඩින් තියන්න ඉසබෙල් ජන්කුක් ට උදව් උනා..

"අපිට කිරි බොන්න කෝප්ප තිබුනන් ශෝයි නේද ජන්කුක් ශී...

ඉසබෙල් අන්තිම පිගානත් ඇලෙ වතුර වලින් හෝදලා ඕක් මේසෙ උඩින් තියද්දි ජන්කුක් වටපිට බලලා දොල ලගට ගියා ..

දොල ගලාගෙන යන්නෙ හෙමින් නිසා ගල්වලින් වටකරපු පුංචි කොනක නෙලුම් මල් ලස්සනට වැවිලා තිබ්බා..ජන්කුක් ගල් උඩින් පැන පැන ගිහින් ටිකක් ලොකු නෙලුම් කොල ටිකක් කඩා ගත්තා..

ඊට පස්සෙ ඒවා ගොටු වගෙ නමලා පුංචි කෝටු කෑල්ලකින් හැම එකක්ම හිරකරා...

"මං හිතන්නෙ අපිට කෝප්ප තියනවා ඉසබෙල් ....

ජන්කුක් ඕක් පිගන් ලගින් නෙලුම් කොල කෝප්ප හතරත් තියද්දි ඉසබෙල් උඩ පැන්නා...මේක නම් ශෝයිම ශෝයි..

"අන්න ජෝ ලත් එනවා....

ඉසබෙල් දුවගෙන ගිහින් ජෝ අතෙ තියන් හිටිය දේ ඇද්දා...

"ඇපල් ....ඇපල් ඔයාලට කොහෙන්ද ඇපල්.....

ඉසබෙල් ලා රෝස පාට ඇපල් ගෙඩි ටික අත්වලට හිරකරන් උඩ පැන්නා...

"අපිට ඇපල් ගහක් හම්බුනා..ඒත් ගෙඩි තිබ්බෙ හුගක් උඩ ..හැබැයි අපි කොහොම හරි ගෙඩි හතරක් කඩා ගත්තා....

ෆේයිත් හරි ආඩම්බරෙන් කියද්දි ඉසබෙල් දුවලා ගිහින් එයාලා හොයගත්ත කිරි බෝතලෙ ඉස්සුවා..

"මේ දැක්කද අපිට කිරි හම්බුනා..එතෝට මේ ලොකුම ලොකු රතු පාට ඇබිල්ල..

"මේක තමයි ලෝකෙ තියන හොදම කෑම මේසේ...

ඉසබෙල් ඕක් පිගන් උඩ තිබ්බ ඇබිල්ල ගෙඩි කාලා ඉස්ම කටෙ තියන් කිරි උගුරක් බිව්වා..ඒක හුගක් රසවත්..කවදාටත් වැඩිය...

"අපි හරියට චූටි පවුලක් වගේ...තාත්තා හිටියනම් අපෙ පවුල සම්පූර්නයි...

ෆේයිත් කියද්දි ජෝ අහක බලාගත්තෙ එයාගෙ දුක හිතෙන මූන හංගන්න වගේ..ඉසබෙල් ගෙ නම් මූන කලුවුනා..

"අපි දවසක තාත්තවත් එක්කගෙන මේ ඕක් කොටෙ ලගට එමු හොදද...දැන් හවස් වෙලා ඔයාල ගෙදර නොගියොත් තාත්තා ඔයාලව හොයයි ....

ජන්කුක් ඈතින් බහින ඉර දිහා බලන් කියද්දි ෆේයිත් ජෝ මූනෙන් මූන බලාගත්තා...

"මං හිතන්නැ එයාට අපිව මතක ඇතියි කියලා....

"අනික රෑට ගෙදර ගියත් බඩගින්....

ඉසබෙල් මොනවහරි කියන්න හැදුවත් ජෝ රවපු නිසා ඉසබෙල් කටපියාගත්තා..

ජන්කුක් ඉසබෙල් දිහයි ජෝ දිහයි මාරුවෙන් මාරුවට බැලුවා..

"ඇයි බඩගින්නෙ?ඇයි ඔයාලා රෑට බඩගින්නෙ ඉන්නෙ?මට කියන්න....

ජන්කුක් අහනකොට ෆේයිත් අහකබලාගත්‍තා..

ජන්කුක් එයලා එක්ක ඉක්මනට එකතු උනත් පිට මනුස්සෙක්ට තමන්ගෙ තාත්තා ගැන වැරදි ප්‍රතිරූපයක් මවන්න ඒයාලට ඕනි උනෙ නැ...එයලා තාත්තා ට ආදරෙයි හුගක්..

"අපෙ තාත්තා ට අමතක වෙනවා කෑම හදන්න බඩු ගෙනත් දාන්න ජන්කුක් ශී...

ඉසබෙල් හෙමින් කියද්දි ෆේයිත් ඉසබෙල් ට රැව්වා උනත් ඉසබෙල් ජන්කුක් ගෙ බේබි කොලොන් සුවද ශර්ට් එක අස්සෙ හැංගුනා..

"ෆේයිත් ගෙදර වැඩ කරන අය තාත්තා ට කියන්නෙ නැද්ද?

ජන්කුක් ආයෙම අහද්දි ෆේයිත් ජන්කුක් දිහ හරි අසරන විදියට බැලුවා..

"අපි හතරදෙනා විතරයි ගෙදර ඉන්නෙ ජන්කුක් ශී..තාත්තා බයයි පිට අය ගෙදර ඉන්නවට...

ඉසබෙල් ගෙ මිමිනුව ජන්කුක් ගෙ ඇදුම ඇතුලෙන් ඇහෙද්දි ජන්කුක් ට නොදැනිම ඇස් වලින් කදුලු බින්දුවක් වැටුනා...

"එයාට බෑ ඔයාලට මේ විදියට සලකන්න...

המשך קריאה

You'll Also Like

314K 16K 43
Published on 11/1/23 Nine, a special force soldier whose only purpose was to serve the Imperial Army, died and transmigrated into the body of Toby Ca...
843K 29.2K 104
When Grace returns home from college, it doesn't go like she thought it would. With her past still haunting her everyday choices, she discovers a sid...
26.8K 615 9
In This Season, Things Get Odder And Crazier! As BroZone Dives Deeper Into Their School Lives, Along With Their New Friends GalZone, They Get Engage...
282K 14.1K 43
Ruby King is your average young woman who is starting to attend college full time. Everything is going great until she notices that there seems to be...