මෙහි ඉදිපත් වන කතාව හා චරිත සියල්ල සම්පූර්ණ මනඃකල්පිත වේ.
"ඔය ළමයි ටික පොඩ්ඩක් එහාට යන්න"
කුමාරතුංග මුනිදාස මාවතෙන් හරවපු සුදු පාට පෙජෙරෝ එකක් කොළඹ හත ගහපු ප්‍රසිද්ධ පිරිමි පාසලක් ඇතුලට දැම්මේ කඩිමුඩියේ. හරහට ගහපු කලු පාට යකට ගේට්ටුව ඒ දෙපැත්තේ හිටපු මුරකාරයෝ දෙන්නෙක් ඉක්මනට ඇරලා ඒ වාහනේ ඇතුලට දාන්න ඉඩ හදලා දුන්නේ දැනටමත් ගේට්ටුව ලග රැස් වෙලා හිටපු ළමයි එහාට කරන්.
අද ඉස්කෝලේ කලා උළෙල. ඉතින් උත්සවයට ආරාධනා කරපු ආරාධිත අමුත්තන් පිළිගන්න එතන ඒ පාසලේම උඩරට නැටුම් කණ්ඩායම දැන් ටික වෙලාවක ඉඳන් එතනට ඇවිත් හිටියේ. ඇතුලටම එනකොට තියෙන අතු පතර විහිදපු නුග ගහ ඉස්සරහා තාර දාපු පාරේ අඩිය තියද්දි ඇහෙන සිලම්බු සද්දේ එහෙන් මෙහෙන් සද්ද වෙන උඩරට බෙර තට්ටුවක් එක්ක කනට හරි ලස්සනයි. කොහොම වුණත් හිටපු නැටුම් කන්ඩායමේ හැමකෙනෙක්ම වගේ වෙස් තියපු අය.. ඉතින් අවුල්හැර, වෙස්තට්ටු, බන්ධි වළලු, දෙව්රමාල ඉර එලියට දිලිසෙනවා.. ඒ අය එක්කම ඉස්කෝලේ ශිෂ්‍ය නායක කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙකුත් හිටියා වගේම අමුත්තෝ පිලි ගන්න කාලා සංගමයේ සභාපති මඩුල්ලත් හිටියා.. ඒත් මේ වාහනේ ආවේ නම් ඒකට නෙමෙයි..
"ඒ කවුද මචං ඒ!"
එක පොකුරට හිටපු කොල්ලෝ ටික වාහනේට යන්න ඉඩ දිලා බුදු මැදුර දිගට හිටගනිද්දි තද නිල් පාට බ්ලේසරයක් ඇදන් හිටපු DHP කෙනෙක් ඇහුවේ වෙස් ඇදුම් ඇදන් හිටපු කොල්ලෙක්ගෙන්. ඒ වෙනකොටත් හැමෝම බැලුවේ එතනින් ඇදලා ගිය වාහනේ දිහා තමයි.
"කවුද බං දන්නේ"
වැඩි ගානකට ගන්නේ නැතුව උත්තර දිපු ඒ පිරිමි ලමයා ඔලුවේ තිබ්බ වෙස් තට්ටුව හරියට හදාගත්තා.
"ඒ මචං වෙලාව හරි කට්ටිය ආවා"
මොනවා නැතත් ඒ DHP අතේ තිබ්බ ඔරලෝසුව බලලා මේ කොල්ලට කතා කරේ ගරුසරු පිට. ඉතින් කට්ටියම එකට ගියේ ප්‍රධාන ගේට්ටු ගාවට. ඒ වෙද්දිත් සමහර ආරාධිත පාසල් වල ගැහැණු ළමයි එහෙම ඇතුලට එන ගමන් හිටියා වගේම ඒ හැමෝගෙම ඇස් හොරෙන් වුනත් ගියේ හිටපු නැටුම් කන්ඩායමේ අයට..
කොහොම හරි කාලා උලෙළ පටන් ගත්තා.
"මාණි බහින්න"
කඩිමුඩියේ ආවත් තාමත් අර පෙජෙරෝ එක නම් නවත්තපු තැන එහෙමමයි. වාහනේ රියදුරු අසුනේ හිටියේ කලු ඇදගත්ත රියදුරුවරයෙක්. ඉතින් ආපු කටහඩ ආවේ පිටි පස්සෙන්.. හොඳ හැඩි දැඩි ඇගක් තියෙන මහත්මා පෙනුමට උරුමකම් කිව්ව වයස පනහකට ලං කරපු නාථ දේවප්‍රිය කියන්නේ ලංකාවේ නම ගිය තේ අපනයනය කර්මාන්තයක හිමිකරුවෙක්. එයාගේ එහා පැත්තේ හිටියේ ඒ පවුලෙ බාලයා.. බාලයා කියන නමට හරියටම සාධාරණයක් කරපු කොල්ලෝ තුන්දෙනෙක් ඉන්න පවුලේ අන්තිමයා.. රුෂිර මාණික්‍ය.
"හ්ම්"
එයා ඇදන් හිටියේ තමන් අද මේ භාර වෙන්න යන පිරිමි පාසලේ සම්මත නිල ඇඳුම.
ඉතින් තාත්තා බැස්සත් එක්කම මාණික්‍ය ත් වාහනයෙන් බිමට අඩිය තිබ්බේ හරියට තියන්න ඕන නිසා තිබ්බා වගේ.. මෙච්චර වෙලා ආවරණය වෙලා තිබ්බ මූනට ඉර එලිය වැටෙන්න දාගෙන හිටපු කැප් එක ගලවලා එයා වාහනේ ඇතුලට විසික් කරලා බෑග් එක තනි අතට එල්ල ගත්තා..
සුදු කලිසමයි සුදු අත් කොට කමිසයයි ඒ එකේම පොකට් එක ගාව කෙලවරේ නිල් කහ රතු පාට තුනෙන් හරහට ඉරි ගිය පාසලේ අනන්‍යතාවය. මාණික්‍ය උසින් අඩි පහයි දහයක් වගේ.. උසට හරියන මහත සුදු හම වුනත් අව්වට පිච්චුන පාට ලාවට තිබ්බා.. හිනාවක් නැති මූණ හරිම මුරණ්ඩු පාටයි. කලු කොන්ඩේ කලු පාට මුරණ්ඩු ඇස් ඒකටම ගැලපෙන්න දකුණු ඇහැ උඩ ඉතුරු වුන තුවාලෙකට ගහපු ප්ලාස්ටරයක් ඉතුරු වෙලා තිබ්බා.
"let's go මාණි ඔයාට මේ school එකේ කලින් වගේ ඉන්න බෑ මගේ යාලුවා ගොඩක් strict"
කිව්ව කතාවෙත් බුරුලක් කොහෙත්ම පේන්න තිබ්බේ නැතුව වුනත් නාථ ගේ කතාව ආවේ තාමත් පොඩි එකාව හුරතල් කරන ජාතියේ කටහඩකින්.
"ඒක මගේ වැරැද්ද නෙමෙයි"
"ඔයාගේ වැරැද්ද නෙමෙයි තමයි ඒ වුනත් ඔයා මෙහෙට transfer වුනා කියලා මෙහෙ team එකේ අයත් දන්නවා ඇති"
එයාලා දිගටම ඇවිදගෙන ගියේ ඉස්කෝලේ කොහෙත්ම හම්බවෙන්න අමාරු විදුහල්පතිගේ කාර්යාලය පැත්තට.. ඒ වෙලාවෙත් නාථ එයාගේ ෆෝන් එකෙන් කාටද මන්දා මිස් කෝල් එකක් ගහලා ඉවර වුනා විතරයි. ඒත් මාණික්‍යට නම් ආපු අලුත් ඉස්කෝලේ මොන වගේද කියලා බලන්නවත් ඕන කමක් තිබ්බේ නෑ..
"මාණි ඔහොම ඉන්න මං office එකට කතා කරලා එන්නම්"
එන්න ඕන තැනට ආවත් නාථට අද දාලා ආපු වැඩ මෙතන ඉඳන් හරි මෙහෙය වන්න වෙලා. ඉතින් ෆෝන් එකත් කනේ ගහගෙන සුදුරුදු පරිදිම පැත්තකට ඇවිදන් යද්දි මාණික්‍ය බැලුවේ ඊට ටිකක් එහායින් තිබ්බ ගොඩනැගිලි දිහා. ඒවා එක එක ශ්‍රේණි වලට අදාල පන්ති.. සුදු ගාපු තට්ටු තුනේ බිල්ඩිමක් කොල්ලෝ කෑගහන සද්දේ ලාවට වගේ ඇහෙනවා.. ඉතින් පළවෙනි පාරට මාණික්‍ය තමන් වැටෙන්න ඉන්න පන්තිය ගැන මතක් වෙලා අවව්ට හීනි වෙන ඇස් වලින් නොදන්න පරිසරයට ඇස් යැව්වා.
"අඩෝ තෝරා එකේ වලිය දැක්කද?!"
"මොන වලියද බං?"
ඒ බිල්ඩිම පැත්තෙන් ආවේ කොල්ලෝ හතර දෙනෙක්.
"ඇයි යකෝ උන්ගේ බිග් මැච් එක දවසේ අල්ලපු වත්තත් එක්ක ගියේ හෙන වලියක්! අන්න උන්ගේ ටොප් ම batsman අපේ එකට එනවලු"
"සිරාවට?"
අද කලා උලෙල නිසා කාලා අංශයේ පන්ති වලට වෙසක්. ඉතින් තමන්ට ලැබුන රාජකාරි කොහෙන් හරි ඉවර කරලා කට්ටි පනින්න කොල්ලෝ හතර පස් දෙනෙක්ගේ ප්‍රධාන මාතෘකාව වුනේ මීට මාසෙකට කලින් තිබිලා පුවත් මැව්ව battle of the blues එකේ blue ම කතාව. රාජකීයන් තෝමස්වරුන් එක්ක එදා මැච් ගැහුවේ ක්‍රිකට් පිත්තෙන් විතරක්ම නෙවෙයි.. ඒකට හොඳම සාක්ෂිය දැන් රාජකීයයන් ගේ අල්ලපු ඉස්කෝලේ විදුහල්පති කාර්යාලය ඉස්සරහා හිටන් ඉන්නවා.
එතකොට මාණික්‍ය හරි සිහියට ආවේ මිට සති දෙකකට කලින්. ඒ ඔලුවට වැදුන යකඩ පොලු පාරකින් ලාවට බේරිලා. නාථ දැන් නඩු කියන්න ගත්තෙත් ඉන්න හොඳම නිතිඥවරයා අල්ලන්. ඒ විතරක් නෙමෙයි ඒ එක්කම තමන්ගේ පුතාව ඒ පාසලෙන් අයින් කර ගන්න ලොකුම හේතුව වුනේ ඒ පිටිපස්සේ හිටපු ඒ පාසලේම ශිෂ්‍යයෙක් නිසා. මොකද නම ගියපු පාසලක පාසල් ක්‍රීකට් කණ්ඩායමට පැන ගන්නවා කියන්නෙත් එහෙමත් වැඩක්. ඉතින් මොන ලොක්කගේ පුතා වුනත් මාණික්‍ය ට තිබ්බේ එසේ මෙසේ තර්ජන නෙමෙයි.. ඒකත් පාසල් කන්ඩායමේ නම ගිය පිතිකරුවෙක් වුනාම එහෙමත් කැපිලි අරුමයක් නෙවෙයි.
"මල්ලි කොහෙද රවුම් ගහන්නේ යනවා පන්තියට තමුසෙලට උගන්නන්නේ නැද්ද!?"
ලාවට වුනත් ඇහුන කතාවට මාණික්‍ය ත් හිටියේ කන් දීගෙන වුනත් ඒ කතාව වැඩි වෙලා අර කොල්ලෝ රංචුවට කරන් යන්න බැරි වුනා මොකද එතනට අද හැම තැනටම දාලා ඉන්න ශිෂ්‍ය නායකයෙක් කඩන් පැන්නා.
"දැන් මිස්ලා න්-"
ඒ වෙලාවේ කැන්ටිමට බඩගාන්න හදපු අහිංසකයොන්ට කියන්න පුලුවන් වුනේ එච්චරයි තමන්ගේ ඉස්සරහින් හිටන් ඉන්න ශිෂ්‍යනායකයාගේ පිටි පස්සෙන් ඇහුන සිලම්බු සද්දයත් එක්ක දැක්ක මූනට ඒ සෙට් එක එතනින් ගියා නෙමෙයි වාෂ්ප වුනා.
මතු සම්බන්ධයි...