ආයිමත් දවසක .

By LasaluNethmin

43.9K 7.4K 1.1K

මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම... More

ආයිමත් දවසක...01
ආයිමත් දවසක ....02
ආයිමත් දවසක 03
ආයිමත් දවසක..04
ආයිමත් දවසක 05
ආයිමත් දවසක...06
ආයිමත් දවසක..07
ආයිමත් දවසක...08
ආයිමත් දවසක 09
ආයිමත් දවසක...10
ආයිමත් දවසක..11
ආයිමත් දවසක 12
ආයිමත් දවසක...13
ආයිමත් දවසක...14
ආයිමත් දවසක...15
ආයිමත් දවසක...16
ආයිමත් දවසක...17
ආයිමත් දවසක...18
ආයිමත් දවසක....19
ආයිමත් දවසක....20
ආයිමත් දවසක...21
ආයිමත් දවසක...22
ආයිමත් දවසක....23
ආයිමත් දවසක....24
ආයිමත් දවසක...25
ආයිමත් දවසක...26
ආයිමත් දවසක....27
ආයිමත් දවසක...28
ආයිමත් දවසක 29
ආයිමත් දවසක....30
ආයිමත් දවසක...31
ආයිමත් දවසක....32
ආයිමත් දවසක ...33
ආයිමත් දවසක....34
ආයිමත් දවසක...35
ආයිමත් දවසක...37
ආයිමත් දවසක...38
ආයිමත් දවසක...39
ආයිමත් දවසක...40
ආයිමත් දවසක...41
ආයිමත් දවසක 42
ආයිමත් දවසක...43
ආයිමත් දවසක...44
ආයිමත් දවසක...45
ආයිමත් දවසක...46
ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

ආයිමත් දවසක....36

612 123 23
By LasaluNethmin

ආයිමත් දවසක...36

රෑ කන වෙලාව වෙනකම්ම අයියයි අක්කයි එක්ක යශිර එයාලගෙ ඉස්සරට ගන්න තීරන ගැන කතා කරා...

"මොකද කියන්නෙ චූටි අපි සෙනසුරාදා දිහාට ගිහිල්ල එමුද මාතලේ පැත්තෙ ඔයාටත් තැන බලතෑකිනෙ ...."

"හ්ම්ම්... හරි ලොකු ... මන් බිනර අයියටනම් කිව්වා එයා එක්ක රවුමක් දාන්න එන්නම් කියලා අවුලක් නෑ මන් එන්නම්..."

"මෙහෙම කරමු අපි මිනිහවත් එක්ක යමු..."

"ඒක හොදයි... එතකොට පොඩ්ඩො දෙන්නා..."

"ඒ දෙන්නව අම්මලට දීල යන්න වෙනව සුදූ ම් ගමන ටිකක් මහන්සී එකක් වෙයි ඒක නිසා ඒ දෙන්න  තියල යන්න අක්කයි මමයි බැලුවෙ..."

"හ්ම්ම්... ඒක හොදයි.. ඔයා දැන්ටමත් තැනක් බලල නේද ලොකු තියෙන්නෙ.."

"ඔව් සුදූ.. මන් තැන් දෙක තුනක් හොයාගත්තා...අක්කටත් ලග මටත් යන්න එන්න ලේසි තැනක් වෙන්න එපැයි..."

"ඔව් නේද.. එතකොට පොඩ්ඩො දෙන්නගෙ ඉස්කෝලෙ වැඩ මොකද කරන්නෙ..."

"ම්ම්.. ඒ දෙන්නවත් මෙහෙන් අස් කරගෙන එහෙ ඉස්කෝලෙකටම දාගන්නව ..."

"ඒක හොදයි.. හැබැයි අක්කෙ ඔයාලගෙ අම්මලනම් කැමති වෙන එකක් නෑ නේද ඔයාල යනවට...."

"අයියො කියල වැඩක් නෑ සුදූ දැන්මම මූන හොද නෑ දෙන්නගෙ.. ඒත් මොකව කරන්නද සුදූ..."

.........................................................................

පහුවදා යශිර පුරුදු විදිහටම ලෑස්ති වෙලා අක්කට උදව් වෙලා වැඩට ටිකක් කලින් ගියෙ බයික් එකත් හදාගෙන තිබ්බ නිසා...

කෙලින්ම චලනල්ගෙ ගෙදරට ගිහිල්ල වත්තට බයික් එක දාල දෙපාරක් හෝන් ගහද්දි චලන දඩි බිඩියෙ එයාගෙ හෙල්මට් එකත් අතට අරගෙන එලියට එද්දිම යාහිරට මතක් උනේ ඊයෙ රෑ චලන එයාට සුදූ කියලා කතා කරපු විදිහ... ඒ මතකය එක පාරටම ඒයාගෙ හිතට ආගන්තුක සිතුවිලි ගොඩක් ගේද්දි එයා ලොකු හුස්මක් හෙලල ඒක අමතක කරේ චලන එයා ලගට එනවා දැකලා...

"Good Morning සුදූ..."

චලන හිනා වෙලා ගානක් නැති විදිහට කියද්දි යශිරගෙ හිත ආයිමත් නොසන්සුන් වෙද්දි එයා ඒක පිටතට නොපෙනෙන්න කතා කරා...

"Good Morning චලන අයියෙ..."

"බයික් එක හදාගත්තද...."

"ඔව්... බස් වල යන්න බැ හලෝ..."

"බස් වල යන්න්ව් මොකටද ඔයාගෙ බොඩිගාඩ් ඉද්දි.."

චලන හින වෙලාම කිව්වත් ඒ වචන වල අමුතුම ඊර්ෂ්‍යාවක් රැදිලා තියනවා වගේ යශිරට දැනුනා..

"ඒ කවුද ඒ...."

"ඇයි බිනර ...."

"ආහ්... එයාට වද දෙන්න බෑනෙ අයියෙ... හරි අපි යමුද පරක්කු වෙනවා...."

"හ්ම්ම්....."

...........................................................................

වැඩට ඇවිල්ල දෙන්න එක්කම පුරුදු පරිදි සීට් වලට ගිහිල්ල.වැඩ කරන්න ගත්තේ මේ ටිකේ දෙන්නම ටිකක් බිසී උන නිසා...

ආයිමත් තේ ගෙනහම චලන ටිකක් වැඩ කර්න නතර කරලා තේක බොන්න ගත්තත්.. යශිර තේක බොන ගමනුත් වැඩ කරා...

චලන ඒ අවසරෙන් එයා ගැන කිසිම අවදානයක් නැතුව වැඩ වල හිරවෙලා ඉන්න යශිර දිහා හිතේ හැටියට බැලන්න ගත්තෙ කොයි තරම් බලන් ඉදියත් ඒ අහිංසක රූපෙන් ඇස් අහකට ගන්න බෑ නේද කියලා හිතන ගමන්...

යශිරට තිබ්බ වැඩ ගොඩ යශිර ලන්ච් එකට කලින් ඉවර කරේ හවස් වරුවෙ මීටින් එකක් දාගෙන කියලා උදේ චලන කිව්ව නිසා...

" සුදූ... කන්නෙ නැද්ද අද...."

චලන බිනර ලගටම ඇවිල්ල අහද්දි යශිර එක පාරටම ගැස්සිලා ගියා...

"හ්ම්.... වෙලාව කීයද අයියෙ ...."

"දෙකයි...."

"ඔයාට බඩකිනිද..."

"ඔව්..."

"හ්ම්ම් එහෙනම් යමු......"

යශිර ලැප් එක වහල දාල එයාගෙ බෑග් එක ඇදලා කෑම පෙට්ටිය අතට ගන්න ගමන් කිව්ව.....

.....................................................................

"මේ වීකෙන්ඩ් එකේ මොකද කරන්නෙ යශිර...."

"ම්ම්...මන් මාතලේ යන්න කියලා ඉන්නෙ චලන අයියෙ අපේ අයිය එක්ක..."

"ම්ම්.. හදිස්සියෙම ....."

"නෑ අක්කට ට්‍රාන්ස්ර් එකක් ලැබුනා..අයියත් කැමතී ඉතින් ඒ පැත්තට යන්න ඉතින් එයාල එහෙන් ගෙයක්.බලන්න යනවා..ඉතින් මාත් යන්න කියලා   බැලුවෙ අයියල එක්ක...."

යශිර කන ගමන්ම කියද්දි චලන් කලබල උනා..

"ඔයත් යනවද ඉතින් එහෙ.. එතකොට ජොබ් එක....."

"නෑ නෑ හලෝ... මන් යන්නෙ අයියලගෙ උදව්වට මන් නුවර නවතින්න යන්නෙ නෑ... "

"ආහ්ම්ම්....."

චලන කලබල වෙච්ච හිත අස්වසාගන්න ගමන් කියද්දි යශිර චලනගෙ ඇස් දිහා බැලුවෙ මොකක් හරි ලොකු   දෙයක් අහන්න වගේ...

" චලන අයියේ..."

"කියන්න...."

"මන් අහන්න ඉදියෙ..."

"ම්ම්..අහන්නකො ඉතින්...."

"ඔයා ඇයි හදිස්සියෙම මට සුදූ කියලා  කතා කරන්න ගත්තේ...."

යශිර චලනව විනිවිදිල යන බැල්මකින් අහද්දි චලන ලොකු හුස්මක් හෙලුවේ  එයා මේ ප්‍රශ්නෙ යශිර කවද හරි අහන වග දැනන් ඉදපු නිසා...

" ඇයි ඔයා ඒකට කැමති නැද්ද යශිර...."

"අනේ එහෙම එකක් නෙවෙයි අයියෙ...අපේ ලොකූ මට මතක ඇති කාලෙ ඉදල  මට කතා කරන්නෙ සුදූ කියලා අනික අක්කා අම්මල.....අනූ.... එයාල හැමෝම මට කතා කරේ එහෙම..."

යශිර කියාග්න් ගිහිල්ල ටිකක් සන්සුන් උනා... චලනට තේරුනා කොල්ලට අම්මලව මතක් උන නිසා තමයි එක පාරටම සද්ද නැති උනේ කියලා.. ඒක නිසාම එයා මොකක් හරි කියන්න ඕනි කියලා හිතන් කතා කරන්න හදද්දිම යශිර ආයි කතා කරා..

"මගෙ ලගින් ඉන්න හැමෝම මට කතා කරේ සූදූ කියලා..ඒත් ඔයා මුලින් යශිර කියලා කතා කරලා එක පාරටම සුදූ කියලා කතා කරද්දි මට ඒ වෙනස තේරුනා ඒකයි මන් ඇහුවෙ අයියෙ නැතිව අකමැත්තකට නෙවෙයි ...."

"ම්ම්....මමත් ඔයාට ලගයි නේද යශිර... ඒක නිසා මන් ඔයාට සුදූ කිව්වට කමක් නෑ නේද...එපානම් කියන්න මන් නොකිය ඉන්නම්....."

චලන යශිරගෙ ඇස් දිහා එක එල්ලෙ බලාගෙන අහද්දි චලන දැක්ක යශිරගෙ මූන යාන්තම් රතු වෙනවා...

"නෑ.. කමක් නෑ... අයිය කැමති විදිහකට කතා කරන්න ඒකට කමක් නෑ... ඒට් ඔෆිස් එකේදි මට නම කියලම කතා කරවද....."

යශිර වැඩිය චලනට මූන දෙන්නෙ නැතිව කියද්දි චලට හිතුනා යශිරව ඇදල අරගෙන ඉබගෙන ඉබගෙන යන්න තරම්..

"ම්ම්ම්.... හරි එකගයි..හැබැයි කවුරුත් නැති තැන සුදූ කියලා කතා කරන්න අවසර ඕනි හොදද සුදූ..."

චලන එයාගෙ අතක් යාන්තම් යශිරගෙ අතක වද්දන ගමන් කියද්දි යශිර ඔලුව එහෙ මෙහෙ කරලා වටපිට බැලුවෙ ඩයිනින් ඒරියා එකේ වෙන කවුරුත් නෑ නේද කියලා සැක හැරගන්න...

"හා නේද...."

චලන ආයි අහද්දි යශිර ඔලුව වනලා හා කිව්වෙ එයාගෙ හිතට එන හැගීම් ගලප ගන්න ලොකු උත්සහයක යෙදෙන ගමන්...

චලන ලගදි යශිර එයාට මේ දැනෙන හැගීම් වලට දෙන්න නමක් දැනන් ඉදියෙ නෑ ඒත් එයා එක දෙයක් දැනන් ඉදියා ඒ එයා ඒ දැනෙන හැගීමට ගොඩක් කැමතී කියන එක...

..............................................................................

ලන්ච් එකට පස්සෙ චලනයි යශිරයි කීටින් එකකට ගියෙ එයාලගෙ CEO ලා දෙන්න එක්ක... ඒ මීටින් එක වෙලාවෙ යශිර එයාට තිබ්බ වැඩ ටික කිසිම අඩුවක් නොකර ඉවර කරලා මීටින් එක ඉවර උනහම වාඩි වෙලා ඉදපු සීට් එකෙන් නැගිට්ටා...

" ම්ම්.. යශිර.. ඔයාට යන්න පුලුවන්... චලන ඔයා ටිකක් ඉන්නවද මට කතා කරන්න ඕනි ටිකක්..."

කම්පැනි එකේ CEO කෙනෙක් වුන සකුන් කියද්දි යශිර ඒ තුන්දෙනාටම යනවා කියාගෙන  කෙලින්ම ගියෙ එයාගෙ සීට් එකට...

සීට් එකට යද්දි එයාග්ව් ෆෝන් එකට කෝල් දෙක තුනක් ඇවිල්ල තිබ්බ නිසා එයා ආයිමත් ඒ කෝල්.එකට කෝල් බැක් කරන ගමන් කැන්ටින් එක පැත්තට ආවෙ තේකක් බොන්න ඕනි කියලා හිත කෑ ගහ ගහ කිව්ව නිසා..

" චලන...."

"ඔව් කියන්න මිස්ට සකුන්..."

"ඔන්න ආයි මිස්ට කෑල්ල ගහන්න ගත්ත.. අයිය කියපන් ...."

සකුන් කලින් ඉදපු සීරියස් පෙනුම  වෙනුවට සැහැල්ලු පෙනුමක් මූනෙ මවාගෙන කියද්දිඑයා ලග ඉදපු දුරුතුත් හිනා වුනා..

" හරි ඉතින්.. කියන්නකො .. මොකක් හරි ප්‍රශ්නෙයක්ද..."

" ප්‍රශ්නයක් වෙන්නම ඕන්ද බන් මට උබ එක්ක කතා කරන්න..."

"අනේ නෑ අයියෙ මන් මේ ඇහුවෙ ඒත්...."

චලන් කිව්වෙ සහස් වගේම තමා සකුන් වෙලාවකට නේද කියලා හිතන ගමන්..

අඩුපාඩුවක් නැතිව සහස්ගෙ අයියල දෙන්න උන සකුන්ටයි දුරුතුටයි සහස්ගෙ තියන ඒ කටකාර ගතිය හොදටම තිබ්බ..

විශේෂයෙන් සකුන්ට....

" උබ නිකන් වත් ආවෙ නෑ අපේ ගෙදර පැත්තෙ මෙ ටිකේ..අන්න අක්කත් බැන බැන ඉදියා අපිව අමතක වෙලා කියලා...අනික පොඩි උන් දෙන්නත් ආහනවා චලන මාම එන්නෙ නැද්ද තරහ වෙලාද කියලා...."

සකුන් ඔරවගෙන වගේ කිය්ද්දි චලන ආයි කල්පනා කරේ අහම්බෙන් සහස් නිසා එයාට මේ ලැබුන පවුල එයාට කොයි තරම් දැන් සමීප වෙලාද කියලා...

" අනේ වැඩ වැඩී අයියෙ.. කොහෙද ඔය දෙන්න මේ වෑඩ ගැන බලන්න එනවද ඔක්කොම මගෙ පිට දාල තියනව මිසක්..."

"උබට තනියම මේවා හැන්ඩ්ල් කරන්න පුල්වන් නිසා තමා අපි අත ගහන්න නොඑන්නෙ අනික උබ පිට එකෙක් ඈ... "

"ඒත් අයියෙ මම ඔයාලගෙ එක එම්ප්ලෝයි කෙනෙක් විතරයිනෙ...."

"මගෙන් කුනුහර්ප අහගන්න ඔය හදන්නෙ උබ....අනික ඔයා දන්නවනෙ ඔයාට විසද ගන්න බැරි ප්‍රශ්නයක් නම් මන් ඒක හැන්ඩල් කරන්න ඉන්නව කියලා..."

"හ්ම්ම්ම්..  හා...."

" ඒක ගැන අහන්න නෙවෙයි මන් ඇත්තට ඔයාට ඉන්න කිව්වෙ... මේ නිකන් වත් ඒ පැත්තෙ ඇවිල්ල යනවා ලමයො....නිදහසේ කතා කරන්න වත්.... අපේ චූටිත් වැඩ වැඩ කිය කිය එන්නෙ නෑ.. අනික මූ මූව මන් දකින්නෙත් මීටින් එකකදි විතරයි.. "

සකුන් ඒපාර එයාගෙම මල්ලි උන දුරුතුට බනිද්දි දුරුතු හිනා උනේ මූට පිස්සු බන් කියන්න වගේ බැල්මක් චලනට දාන ගමන්...

" මන් එන්නම් අයියෙ.. අනිවාර්යයෙන් එන්නම්.. අමතක කරල නෙවෙයි ඔයාලව මට් ඇත්තටම මේ ටිකේ  පොඩ්ඩක් බිසී උනා..."

"හ්ම්ම්... ආරන්චි ආරන්චි ... මට කවී කිව්ව ඒත් උබටත් ලෙඩේ බෝවෙලා කියලා...."

"මොකක්.. ඒපාර මොනවද කවී කිව්වෙ...ඇත්තටම මූටත් කට පියන් ඉන්න බෑනෙ..."

"අඩෝ අඩෝ මගෙ මස්සිනාට බනින්න එපා හරිද ඌට විතරයි මාව මතක් වෙන්නෙ වත්... ඉතින් මොකද අලුත්ම තත්වෙ අනික කවුද බන් ඔය කියන කෙනා.. "

සකුන් කියද්දි තමා චලනට තේරුම් ගියෙ කවී ඔක්කොම සකුන් එක්ක කියලා නෑ  කියලා...

" ම්ම්ම්...බනින්න බෑ හැබැයි ඔන්න....."

"පිස්සුද යකෝ   ...කියපන් කවුද ඔය උබේ ගල් හිත උනු කරපු කෙනා කියලා..."

"ම්ම්... එයාගෙ නම යශිර...."

" පොඩ්ඩක් ඉන්නව ... මුලින්ම කියපන් ඔය උබගෙ යශිරයි දැන් ටිකකට කලින් මෙතන ඉදලා ගියපු අර පොඩි එකයි දෙන්නෙක්ද කියලා මට මතක විදිහට එයාගෙ නමත් යශිර නේද ...."

"එයා ගැන තමයි මන් මේ කියන්නෙ හලෝ ඇඩ් නොදා අහන් ඉන්නවකො සකුන් අයියෙ......"

.............................................................................

යශිර් කෝල් එක ගන්න ගමන්ම කැන්ටිමට ගිහිල්ල කෝපි එකක් ඕඩර් කරා...

" හලෝ සුදූ. ඔයා වැඩද...."

"නෑ අයියෙ කියන්න මන් දැන් තමා මීටින් එක ඉවර වෙලා සීට් එකට ආවෙ...."

මතුසම්බන්දයි ....

Continue Reading

You'll Also Like

87.2K 15.3K 29
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
337K 26.7K 29
Mini Story Uni Life Style Sweet Romance
1M 36.4K 42
🚨 ဒီ Fic မှာ Adult Scences တွေပါဝင်တာကြောင့် မကြိုက်တဲ့လူများရှောင်ဖို့ ကြိုတင်အသိပေးပါတယ်နော် 🚨 🚨 ဒီ Fic မွာ Adult Scences ေတြပါဝင္တာေၾကာင့္ မႀက...
211K 5.2K 72
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်