ආග්‍ර

By _BoDhi_00

132K 24.2K 4.8K

"ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි"..... More

01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28.
29.
30.
31.
32.
33.
34.
35.
36.
37.
38.
39.
40.
41.
42.
43.
44.
45.
46.
47.
48.
49.
50.
51.
52.
53.
54.
55.
56.
57.
58.
59.
60.

12.

1.9K 406 14
By _BoDhi_00

මමයි අපේ උනුයි ඉඳන් හිටියේ ඔඩිටෝරියම් එකේ.අරවා මේවා තරඟ ඔක්කොම ඉවර වෙලා අපි හිටියෙ ස්තූති කතාව ඉවර කරනකන්.පිනත් කියවනවා කියවනවා ඉවරයක් නෑ.ආනා නම් බෙල්ල කාඩගෙන නිදි.ජින්නා බෙල්ලට මුක්කු ගගහා ඌව කෙලින් තියන්න මහන්සි වෙනවා.අනික් ස්කෝල වලිනුත් ඇවිල්ලා නිසා අජ වෙන්නත් බෑ.හිතුවට වැඩ ටික සුපිරියට උනා.පිට ඉස්කෝල වලින් ආව උනත් උනුත් අපිට සපෝට් කරා.අන්තිමට ඉවර වෙලා ජාතික ගීයත් කියලා එළියට එද්දි අපේ උන්ට රටක් රාජ්‍යක් හ්ම්බුනා වගේ.එලේවල් කරන අපේ එකේ අයියලත් ඇවිල්ලා වැඩේ ගැන ප්‍රශංසා කරනකොට අපේ උන්ට මල් හතයි.හිතුවට වඩා වැඩේ සුපිරියට වුන හින්දා අපේ උනුත් සතුටෙන්,ආව උනුත් සතුටෙන්.

ඔක්කොම ඉවර වෙලා අස් කරලා දාලා මමත් සැරියෙ එල්ලුනා.අද ගියා කියලා වැඩ කරන්න වෙලාවක් නෑ.එහෙමයි කියල වලව්වට නොගොහිනුත් බෑ.බස් එකෙන් බැහැලා මං වැව් කන්ඩිය දිගෙ ආවෙ ගලකටත් පයින් ගහගෙන.ආග්‍රගෙ කාර් එක මාව පහු කරන් ගියේ දූවිලි අවුස්සගෙන.රටේ නැති කුනුහබ්බ තොගයක් මගෙ කටට ගලාගෙන ආවා.

කටේ තිබ්බ දූවිලි ටිකත් ෂර්ට් අතෙන් පිහන් මං වලව්වෙ කුස්සිය අස්සට රිංගගත්තා.මං යද්දි පොඩි මැණිකෙයි ලොකු මැණිකෙයි සුදු අක්කා එක්ක බර කයියක්.

"ඔච්චර චාම් සාරියක් ම ගැළපෙන්නෑ සුදු කෙල්ලේ.ටිකක් මෝස්තර තිබ්බහාම මක් වෙනවද.ඇරත් උබ ඉතිම් මේ වලව්වෙ ලේලි පොඩ්ඩ නොවැ.ඔක්කොම එන්නෙ ලොකු ලොකු පවුල් වලින්.උබ ඉන්න ඕනෙ ඔය කොයි කාටත් වඩා හැඩට"

"ආහ් කේත් ඔයා ආවද?"

පොඩි මැණිකෙ මං ගාවට ඇවිත් ඉනට අත් දෙක තියාගත්තා.

"යසයි ගෙදර වැඩට ඉන්න උන් එන වෙලාව.ඔය නාඩගම ඉවර නම් හෙට ඉඳන් වත් පිළිවෙළට වැඩට වරෙං.මුං දැං දැං එනවා අපේ ඔලුවට අත සෝදන්න"

ලොකු මැණිකෙගෙ සද්දෙ කුස්සිය පුරා ගියා.

"අපි සාලෙට යං අම්මේ.ආග්‍රත් ආවනේ.යංකෝ.චූටි යං"

සුදු අක්කා ලොකු හාමිනේවත් ඇඳගෙන මාරු උනේ මට පොඩි හිනාවක් දාලා.

මං එහෙම්ම හිරමණෙ උඩ ඉඳගත්තා.ඇඟට මාර මහන්සියක් තිබ්බේ.යට කරලා තිබ්බ ෂර්ට් එකත් උඩින් දාගෙන මං කර ඇතුළට පිම්බා.අම්මා වත්තට ගිහින් වගේ.මම වතුර එකක් රත් වෙන්න දැම්මා.ෂෝටක් ගහගෙන මමත් වත්තට ආවෙ අම්මව හොයාගෙන.රබර් ගස් අස්සෙ වත්ත කෙළවරට වෙන්න තියෙන අලිපත ගල උඩ මාගලක් දාගෙන අම්මා කරාබු ටික අතෙන් තුනී කරනවා.

"අව්ව බහින්න ළඟයි නේ ගෙට දාමු"

"ආහ් උබ ආවද.මමත් මේ ඒකමයි බැලුවේ.ඔය කොන අල්ලපංකෝ ඩිංගක්.මේක එකහු කරගන්ඩ"

මං මාගලෙ කොනක් අල්ලලා අම්මට දුන්නා.අම්මා ඒකත් ඉනේ ගහන් යද්දි මං එහෙම්ම ඒ ගල උඩින් ඉඳගත්තා.ගල තිබ්බෙ පලාතටම වඩා උඩින්.මුළු පලාතම නිල් පාටට කොනක් වෙනකන් ඈතට පේනවා.ලාවට ඇහෙන ඔයේ සද්දෙයි රතු පාටට බැහැගෙන යන ඉර එළිය වැටිලා දිලිසෙන අහසයි මැව්වෙ සුර ලෝකේ.මටත් නොදැනීම හුස්මක් පාතට වැටුනා.සුදු අක්කා ලස්සනට හැඩ වෙලා එන මාසෙ පෝරුවක් උඩට නගි.අඩන්නද හිනාවෙන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ.ඔලුවෙ අත් දෙක ගහන් මං ඔහේ කල්පනා කරා.පාඩම් වැඩ, විභාග,අම්මා,අනාගතේ,හිතට වදදෙන කුළුදුල් ප්‍රේමය,දවස ගානෙ අහන බැනුම් මගෙ ඔලුව පුරවලා තිබ්බේ.අපේ වයසෙ හැම එකෙක්ටම එන ප්‍රශ්න වලින් මං හෙම්බත් වෙලා හිටියේ.ටික ටික සීතල වෙන ගල උඩ මං හාන්සි වුනේ අහස දිහ බලාගෙන.ඉඳලා හිටලා පියාඹන කොක්කු රංචු ඇරෙන්න දම් පාට අහස ලස්සන වළාකුළු වලින් හැඩ වෙලා තිබ්බා.ඒ තිබ්බ නිස්කලංක බවට ඇස් දෙක පියවුනේ දන්නෙවත් නැතුව.

කොල පෑගෙන සර සර සද්දෙට ඉද්ද ගැහුව  වගේ ඇහැරෙද්දි හතර වටෙන් කළුවර වැටිලා.ඔලුව හරවලා බලද්දි දැක්කේ ආග්‍රයා මං දිහා බලාගෙන ඉන්නවා.

"තමුසෙ මොකද මෙතන කරන්නේ?"

"ඇයි තමුසෙගෙ බූදලේද?"

"ඔව් මේ අපේ වත්ත"

"ඉතිම්.දැං නටන්නද කියන්නේ"

මං ඇහුවේ ආග්‍ර දිහා බලන්නෙ නැතුව.කෑවා මගෙ නින්දත්.මං දඩ බඩ ගාලා නැඟිටලා මාරු වුනා.පැයක් වගේ නිදාගෙන.මහ මැණිකෙ මාත් එක්ක යකා නැඟලා ඇති.මං ෂේප් එකේ මීටර් නොවෙන්න ඇතුළට පැනගත්තා.පුදුමයි.කිසි සද්දයක් නෑ.ඉස්සරහට ඔලුව දාලා බැලුවහම දැක්කේ සුදු අක්කා එක්ක ලොකු හාමිනේ හරියට කයිය.ගෑනුන්ට ඉතින් කොහෙත් එකයි කයිය ගහන්න හම්බුනාම.මං හැරිලා යන්න හදද්දි වගේ සුදු අක්කා කතා කරා.

"මල්ලි.ආග්‍ර ඉන්නවනම් කතා කරනවද"

මං ඔලුවත් වනලා කැලෑව අස්සට රිංගුවේ මෑන්ට කතා කරන්න.ගල උඩට යද්දි පොරත් ඉඳගෙන ඉන්නවා.කකුල් දෙක ළඟට අරන් දනිස්ස උඩ අත් දෙක තියාගෙන පොර හෙනට කල්පනා කරනවා.ළඟ තිබ්බ අත්තකින් කොළ මිටියක් හූරගෙන මං ඒක ආග්‍රගේ ඔලුවට අතැරියේ මිනිහා කොළ වලින් නෑවිලා යද්දි.

"අහකට වෙනවකෝ.නිදහසේ ඉන්න දෙනවා"

"අනේ.ඉතින් නිදහසේ ඉන්න මං අල්ලන් හිටියද"

ආග්‍ර මං දිහා බලලා රවලා අනික් පැත්ත බලාගත්තා.මුගෙත් අලි පඩේ

"ආං.වෙන්ඩ වයිෆ් කතා කරා"

මං කීවේ ආග්‍රගෙ මූණ ඉස්සහින් නැමිලා.

පොර වලව්ව පැත්ත හැරිලා හුස්මක් අතැරලා නැඟිටලා යන්න ගියා.මාත් පොර පිටිපස්සෙන් වලව්වට ආවේ කරුවල වැටීගෙන එන නිසා.

මං යද්දි සුදු අක්කා ආග්‍රට වදිනවා.ආග්‍රත් ඔලුව අතගාලා බුදුසරණයි කීවේ ඇහෙන නෑහෙන ගානට.මං දිහා බලලා සුදු අක්කා අත වැනුවහම මං ආපිට අත වැනුවා.අදට නම් ඔහොමයි.ඒත් තව ටික කාලෙකින් ආග්‍රගේ නෝනා වෙලා මේ ගෙදරට ආවහම මං කොහොමද මෙහෙ ඉන්නේ.මට දැනුනේ මාර හිස් බවක්.මං එතනම බිම පඩියෙන් ඉඳගත්තේ ආග්‍රගේ කාමරේ ජනෙල් පියන් වැහිලා කහ පාට බල්බ් එළි තීරුවක් විතරක් මිදුලේ තණකොළ ගොල්ල වෙලා ගද්දි.

ජීවිතේ හරි පුදුමාකරයි.ජීවිතේ පියවරෙන් පියවරට අපිට අලුත් මූණු මුණගැහෙනවා.සමහර බැඳීම් ජීවිත කාලෙම එකට යද්දි ආත්මෙන් ආත්මෙට සංසාරෙන් අරන් ආපු සමහර බැඳීම් අපි කෙළවර කරනවා.තිඹිරගෙයි කියන්නේ ආරම්භයවත් සුසානය කියන්නේ කෙළවරවත් නෙමෙයි.ජීවිතේ එක නවාතැන්පළක්.
ජන්මෙ දුන්න අම්මවත්,නම දුන්න අප්පවත් නොදැන ජීවිතේ ගෙවෙන මට ළඟින් කියලා කෙනෙක් හිටියනම් අම්මා විතරයි.හරියට බැලුවොත් ජීවිත කාලෙම බැඳීම් කියලා ළඟ රැදුනේ කිහිප දෙනයි.
දවසින් දවස හෝරාවෙන් හෝරාවට ඉස්සරහට යන ජීවිතෙ අරුතක් හොයන්න වෙහෙසෙනවට වඩා ඉන්න වළෙන් ගොඩ එන එකයි මගෙ ඔලුවෙ තිබ්බේ.මේසේ උඩ තිබ්බ පොත් දිහා බලාගෙන කල්පනාවෙන් අහක් වුනේ මේ දවස් ටිකේම උගන්නපුවා ටික ටික ඔලුවට බා ගන්න ගමන්.

සතියක් දෙකක් යද්දි වලව්ව ඇවිස්සුන කඩි ගුල වගේ.ආග්‍රගෙ වෙඩින් එකට තිබ්බෙ සති දෙකක් වගේ.උන්ගෙ වටේ පිටේ නෑයො බර ගානක් වලව්වෙ පිරිලා හිටියේ.උන්ට උයන්න ගිහින් පොට ගියේ අම්මගෙ අත් දෙකේ.වත්තෙ වැඩත් එක්ක කුස්සියේ වැඩ වලටත් මට උදව් දෙන්න වුනා.මුළු වලව්වම අරක් අරගෙන තිබ්බ නිස්කලංක බව කොහෙද නෑ.ගැරඬියාට භූමි තෙල් ගහලා වගේ.අලි ඔලුවෙන් ඉන්න පරම්පරාවක් ඒකෙ ඇතුළෙ පිරිලා ඉද්දි මට නම් හිතුනෙම දමලා ගහලා යන්න.කාගෙන හිටියේ කරගන්න  දෙයක් නැති කමට.ඉස්කෝලෙ ඇරිලා මෙහෙ එද්දි අපායට බලෙන්ම පුක දෙන හරකෙක් වගේ මට තේරුණේ.වෙඩිම කියලා නෑ ආග්‍ර වෙලාවට ඉස්කෝලේ ගිහින් ගානට තිතට පීරියඩ් එකට උගන්නන්න පන්තියටත් ආවා.ඒ ඔක්කොම කරත් ගෙදර ගිය ගමන් මිනිහා මිසිං.එක්කො උගෙ ගුහාවට වැඳිලා දොර වහගෙන පොතක් බලනවා.නැත්තම් ඔය කෑලවක් අස්සට වෙලා ඉඳගෙන ඉන්නවා.මිනිස්සු පිරිච්ච ගෙදර උගෙ ඔලුවට වදයක් වගේ මට තේරුණේ.වෙනදා ඉඳලා හිටලා එළියට බැහැලා ඉන්න මනුස්සයා ඒ සතිදෙකට දැක්කෙ මං ඉස්කෝලෙදි විතරයි.තේකක් ගෙනිහින් දෙන්න ගියත් පොර එක්කො ලියනවා.එක්කො කල්පනා කරනවා.මට ලාවට හිතුනේ මිනිහා කසාඳෙට අකමැති ද කියලත්.එහෙම වෙන්න හේතුවකුත් නෑ.සුදු අක්කා කියන්නේ දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්.ආග්‍රගෙ මූණෙ හැඟීමක් වත් කියවන එක අමාරු නිසා වැඩේ අතැරලා දැම්මත් පොර මට පවු කියලා හිතුනා.තේකක් හදාගෙන මං උගෙ කාමරේට ඔලුව දාලා බැලුවේ පොර ඉන්නවද කියලා.පොත් මේසේ උඩ නිකට‍ටත් අත ගහගෙන මිනිහා හෙන කල්පනාවක.තේක ටිපෝව උඩින් තියලා මං මිනිහා ගාවට ගියා.

"ආග්‍ර…"

"ඕයි"

"මේ"මං උරහිසෙන් හෙලෙව්වහමයි මනුස්සයාට සිහිය ආවේ.

"මොනවද ඕයි හැම වෙලේම අහස පොළව ගැටගහන්න කල්පනා කරන්නේ"

"ඇයි ආවේ"

"තමුසෙ මැරිලද බලන්න.කොයි වෙලේ බැලුවත් නිකට අත ගහගෙන බලනවකෝ ඕයි මිනිහා මැරුණ ගෑණි වගේ.තමුසෙ කසාද බඳින්නනේ ඉන්නේ.පොඩ්ඩක් හිනා වෙලා ඉන්නවකෝ"

මං කියද්දි ආග්‍ර මං දිහා බලන් ඉඳලා හිනාවුනේ අසරණ විදිහකට.එක දැක්ක පාරනම් පපුවත් එක්ක හීරිලා ගියා.මිනිහා කවදාවත් අසරණ වුනත් පිටට පෙන්නුවේ නෑ.මොකක්ද උට වෙලා තියෙන්නේ.මං ටිපෝ එක උඩ තිබ්බ තේක අරන් උගෙ අතේ තිබ්බා.

"මේක බොනවකෝ රස්නෙ පිට.ඔහොම ඉන්න එපා ඕයි.හෙන අවුල් එතකොට."

මං උට එහා පැත්තෙ ඇඳෙන් ඉඳගත්තා.මේ ගෙදරට එද්දි නයාට අඳුකොල වගේ හිටියට මට හිතුනේ උගෙයි මගෙය් තිබ්බ දුර දැන් අඩුදෝ කියලා.ඉඳලා හිටලා රණ්ඩු වුනත් දැන් උට ඒකටත් හිතක් නෑ වගේ.මැරුණු මිනිහෙක් වගේ.

"තමුසේ මොකක් හරි අවුලකද ඕයි ඉන්නේ"

ආග්‍ර තේකත් කටේ තියාගෙන මං දිහා බැලුවා.මිනිහා මොකක් හරි කියන්න යද්දිම කඩාගෙන ඇතුළට ආවේ ආග්‍රගේ ලොකු අම්මගෙ දෝණි ඇන්ද.

"අයියේ….ඔයාට…අප්පො මේ හිඟන්නා මොකද මෙතන කරන්නේ.අහක් වෙනවා ඕයි ඔය ඇදෙන්.තමුසෙ ඕක ජරා කරනවා.යනවා යන්න."

ඒකි හැඳුවේ මාව එළියට ඇඳලා දාන්න.මං ඇඳෙන් නැඟිටලා එළියට ආවේ එක එක කුන්ඩවාලියෝ එක්ක ඇලෙන්න ඕනෙ නැති නිසා.

Continue Reading

You'll Also Like

25.6K 3.1K 11
ආඩම්බර කොල්ලො දෙන්නෙකුගේ ලස්සන ආදර කතාවක්...........♥️
230K 25.7K 33
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
111K 17.3K 130
කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලය...
780K 65.2K 52
ဗိုလ်အောင်ဒင်နှင့်မမြဝင်းကို inspireယူ၍ရေးထားသည့်boy loveဝတ္တုတစ်ပုဒ်ဖြစ်သည်။ ၁၉၄၂ခုနစ်နဲ့၁၉၄၅ခုနစ်ဝန်းကျင် မြန်မာနိုင်ငံကိုဖက်ဆစ်ဂျပန်တို့ရက်စက်ခဲ့သ...