💔🍂 හිමි නොවුන නෙතු

By ChathuFiat

1K 66 25

🍂💔🍂💔🍂💔🍂 හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්... සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්... කඳුලකට අත වනන හදවත... More

🍂💔 Introduction
1..🍂💔
2..🍂💔
3..🍂💔
9..🍂💔
11..🍂💔
4..🍂💔
13..🍂💔
5..🍂💔
16..🍂💔
17...🍂💔 ( End )
7..🍂💔
8..🍂💔
12..🍂💔
15..🍂💔
14..🍂💔
6..🍂💔

10.. 🍂💔

45 3 0
By ChathuFiat

ආශු අලුත් යොෂීඩා යුනිවර්සිටි එකට යන දෙවෙනි දවස.ඒ කිව්වෙ ලෙක්චර්ස්වලට යන පළවෙනි දවස.ඊයෙ ගිහින් ඩීන් ව හම්බෙලා කතා කරල ඒ වැඩ ටික ඉවර කරගෙන අද තමයි ඉස්සෙල්ලම ලෙක්චර්ස්වලට සහභාගී වෙන්නෙ .බෙහාන්ගෙ තාත්තා කලින්ම කතා කරල තිබ්බ නිසයි කිසිම ප්‍රශ්නයක් නැතුව ආශුව යුනි එකට දාගන්න ලේසි උනා.

උදේම නැගිටලා දෙන්නා එකතු වෙලා රයිස් එකක් හදලා සොසේජ් බැදල චිලි පේස්ටුයි පරිප්පුවකුයි හදාගත්තේ,කිරිබත් කාලා දවසම නිදිමතේ ඉන්න බෑයි කියල බෙහාන්ගෙ යෝජනාව ප්‍රතික්ෂේප උන නිසා.දෙන්නම ලන්ච් බොක්ස් දෙකත් දාගෙන හෙමීට ලෑස්ති වෙලා ගෙදරින් පිටත් උනේ කලබලයක් නැතුව.

ආශුව යුනි එකට දාලා බෙහාන් ඔෆිස් එකට ගියත් දෙන්නගෙම හිත කලබල වෙලයි තිබුනෙ.විශේෂෙන් ආශුගෙ. මොකද ඒක අලුත් යුනි එකක් .සාමාන්‍ය යුනිවර්සිටි එකකට වඩා වෙනස් ඉහළ පැලැන්තියේ ළමයි ඉගෙන ගන්න ආශු මීට කලින් මුහුණ දීලා නැති අලුත් අද්දැකීමක්.අලුත් ළමයි ,අලුත් ලෙක්චර්ස්ලා,අ ලුත්ම තැනක් .කලින් යුනි එකෙත් ළඟින්ම ආශ්‍රය කරපු යාළුවො දෙතුන්දෙනෙක් ඇරෙන්න වැඩිය සමාජෙට මුහු නොවී පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන හිටිය ශුයීට ඉක්මනින් ඒ අලුත් පරිසරයට හැඩගැහෙන්න පුලුවන් වෙයිද කියල ආශුට වගේම බෙහාන්ටත් තිබ්බෙ චකිතයක්.
ඊයෙ ඇඩ්මිශන් වැඩ ටික ඉවර කරලා යුනි එකෙන් එළියට බැස්ස තැන ඉඳන් අද උදේ යුනි එක ඉස්සරහා කාර් එක නවත්තනකන්ම බෙහාන්ගෙ උපදෙස්වලින් ආශුගෙ කන් දෙකම පිරිලයි තිබුනෙ.. "දඟලන්න එපා.තුවාලෙ පාරගන්න එපා.දන්නැති අය එක්ක හිනා වෙන්න එපා ,කවුරුත් දෙන මොනවත් කන්න එපා ,කාටවත් මොකුත් කියන්න එපා ,කාවවත් විශ්වාස කරන්න එපා ,කොහෙවත් යන්න එපා,යාලුකමටවත් අල්ලන්න දෙන්න එපා ,නරක අය එක්ක ඉන්න එපා ,තනියෙන් ලෙක්චර්ස්ලව හම්බෙන්න එපා ,හැමවෙලේම සෙනඟ ඉන්න තැනක ඉන්න ,පරිස්සමින් ඉන්න.." අවුරුදු පහක දරුවෙක්ව මුලින්ම ඉස්කෝලෙට එක්කන් යන පළවෙනි දවස වගේ බෙහාන් ආශුට දුන්නෙ පුදුම තරන් උපදෙස් ගොඩක්.එකම දේ බෙහාන්ගෙ කටින් දෙතුන් පාර කියවුනත් ආශු විරුද්ධව වචනයක්වත් නොකියා හිටියෙ බෙහාන්ගෙ ආදරේ තරම දන්න නිසා.මෙච්චරටම තමන්ව පරිස්සම් කරන කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැඟීම ම ඇති ආශුට ඕනාවටත් වඩා පරිස්සම් වෙන්න.

කලු adidas බෑග් එක තනි අන්ඩෙන් එල්ලගෙන,අත් දෙකටයි කොලර් එකේ දාරෙටයි රතුයි සුදුයි ඉරි දෙක ගානෙ තියන තද නිල් පාට ටී එක ඇඳල,කලු කලිස්මට සුදු adidas සපත්තු දෙකක් දාලා,ආශු ආසම චොක්ලට් සුවඳ ප'ර්ෆියුම් එකකුත් ගහගෙන ලෙක්චර් හෝල් එක ඇතුළට අඩිය තියද්දි ඒකෙ හිටිය ළමයි ඔක්කොමල ආශු දිහා බැලුවෙ අමුතු ජීවියෙක් දිහා බලනව වගේ..පිටිපස්ස හැරිල හිටිය ළමයිනුත් ඉස්සරහට හැරිල බැලුවෙ ඒ ප'ෆියුම් සුවඳට.ඒක හරි sweet සුවඳක්,චොක්ලට් ,කැරමල්,ලොලිපොප් නෑ අර පොඩිකාලෙ පාට පාට මකනවල සුවඳ..කෝමහරි කන්න හිතෙන සුවඳක් ඒක.ඇඳුම්වලින් සපත්තු දෙකෙන් හැන්ඩ්සම් ලුක් එකයි, ඇඟෙන් මූනෙන් වගේම ඇවිදිද්දි හුළඟට යන නළල වැහෙන්නම පැත්තට පීරපු කොන්ඩෙන් cute ලුක් එකකුයි එකතු වෙලා ආශුට තිබුනෙ කියාගන්න බැරි තරන් අමුතුම ලස්සනක්. ඕනම කෙනෙක්ට හැරිලා බලන්න හිතෙන අමුතුම ආකර්ෂණීය බවක් ආශුට තිබුනෙ.

දකුණු පැත්තෙ හිටිය කෙල්ලො ටික "ස්ස්ස්ස්ස්ස්ස්" ගාලා හුස්ම උඩට ඇද්ද විදිහට ආශුගෙ බය තව වැඩි උනා.කෙල්ලො එක්කෙනා දෙන්නා කන්වලට ළං වෙලා රහස් කියද්දි ,ආශුගෙ හිස් මුදුනෙ ඉඳන් දෙපතුලට යනකන් කෙල්ලොන්ගෙ ඇස්වලින් ස්කෑන් වෙද්දි,ආශුට ලොකු අපහසුවක් දැනුනා .තමන්ගෙ දිහාට යොමුවෙන කෙල්ලොන්ගෙ ඇස් මගෑරලා ආශු වම් පැත්ත බැලුවෙ බෝයිස්ලා හිටියෙ ඒ පැත්තෙ නිසා පොඩිහරි සහනයක් දැනෙයි කියල .ඒ උනත් ඒ පැත්තත් ඊට දෙවෙනි නොවන අපහසුවක් කියල ආශුට තේරුන් ගන්න වැඩි වෙලාවක් ගියෙ නැත්තෙ පිරිමි ළමයින්ගෙනුත් බහුතරයකගෙ ඇස් ආශු දිහාට යොමු වෙලා තිබ්බ නිසා ..හැමෝම නෙමෙයි .සමහරු පන්තියට එකෙක් ආවද කියලවත් ඔලුව උස්සලා නොබලද්දි සමහර කොල්ලො ආශු දිහා බැලුවෙ කෑදර විදිහට .බිම බලන් හිටිය ශුයී උලුව ඉස්සුවෙ බාගෙට කට ඇරන් හිටපු කොල්ලගෙ පිටට එහා පැත්තෙ එකා "ඩෝයි" ගාලා පාරක් ගහපු සද්දෙට.කට වහගත්ත කොල්ලා පිටට ගහපු කෙනාට හොඳවයින් රවද්දි ආශුට හිනා යන්න ආවත් කට තද කරගෙන බිම බලාගත්තෙ හිනාවට වඩා පිඩාකාරී හැඟීම් ගොන්නක් හිතේ තෙරපෙද්දි..
සැලකියි යුතු දෑස් ප්‍රමාණයක් තාමත් තමන්ගෙන් ඈත් වෙලා නැති බව වැටහෙද්දි ආශු පිටිපස්සෙ තිබුන බෑග් එක ඉස්සරහට අරන් බිම බලාගෙන ගිහින් පිටිම පස්සෙ පෝළිමට කලින් පෝළිමේ කෙලවරම තිබ්බ හිස් පුටු තුනක් පහු කරල ජනේලෙ ළඟ පුටුව ඇදල වාඩි උනා ..ඒවා හෙන විශාල හෝල්නෙ.ආශු පිටිපස්සෙම පෝළිමට ගිය නිසා ඉස්සර එයා දිහා බලන් ඉන්න ළමයි ඔක්කොමලව එයාට පේනවා.කෙල්ලො තමයි වැඩි හරියක් රහස් කිය කිය හිනා වෙවී ආශු දිහා බලන්නෙ.කොල්ලො කෙල්ලො සීයක් විතර එකපාරට කන්න වගේ බැලුවහම.ආශු වටපිට කොහේවත් බලන්නැතුව බිම බලාගෙන කලිසම් සාක්කුවට අත දාලා පෝන් එක එළියට ගත්තා.

ආශු පෝන් එක අතට අරන් බෙහාන්ගෙ නම්බර් එක් dial කරන ගමන් හොරෙන් ඇස් වටයක් කරකෝලා බැලුවෙ කවුරුහරි බලන් ඉන්නවද කියල .ඔව් ආශුගෙ ඇස් එක්ක කෙල්ලො ගොඩකගෙ ඇස් හැප්පුනා .බෙහාන් ආශුට ප්‍රපෝස් කරන වෙලාවෙ දැම්ම BA බැඳි අකුරු කොටල තියන gold ring එක, එක කෙල්ලෙක් තව කෙල්ලෙක්ට ඇස්වලින් පෙන්නලා රහසක් කියද්දි ඒ අහන් ඉන්න කෙල්ල ආශු එක්ක හිනා උනා. හිනා නොවී බැරි කමට ආශුත් ලාවට හිනා වෙලා පෝන් එක දිහාට ඇස් යොමු කරා.එයාට දැනුනෙ පෙර පාසලේ අම්මයි තාත්තායි අක්කයි තුන්දෙනාම එයාව දාලා ගේට් එකෙන් එළියට ගියහම හිතට දැනුන බය ,නුපුරුදු අපහසුබව අවුරුදු විසි එකේදිත් ඒ විදිහට ම දැනුනා.එදා ගේට් එකේ එල්ලිලා "අම්මා ඕනේ.." කියල කෑ ගහලා ඇඬුවට අද ආශුට සිද්ද උනා තනියම හිත හයිය කරගන්න.බෙහාන් ළඟ ඉන්නම ඕනෙ මොහොතක ළඟ නැති වෙද්දි ආශු පෝන් එක අතට ගත්තෙ හටහඬක දුරකින් හරි හිත සන්සුන් කරගන්න හිතාගෙන.පීඩාකාරී හැඟීම් එක්ක තනි වෙලා හිටිය ආශු එක පාරට ගැස්සිලා ගියේ කන ගාවින්ම ගැඹුරු කටහඬක් ඇහුන නිසා..

"Hi..I'm Nawoth.are you a new one in our uni..? what's your name? "

"අපෝ.."
"ඔන්න ගියා.."
"ඒ කොල්ලා ඉවරයි .."
"Oh shit.."
"ඔන්න ගියා පිළිගන්න.."
"හරිනෙ.."
"Damn..අහිංසක කොල්ලා.."

ආශු දිහා පස්ස හැරිලා බලන් හිටිය ඔක්කොමල එකේකේවා කියාගෙන ඉස්සරහට හැරුනෙ ආශුගෙ හිත තවත් නොසන්සුන් වෙද්දි.
නවෝත්ට තිබ්බෙ අවුල් උනු මුදු මුදු වගේ curly කොණ්ඩයක්.ඇඳුම්වලින් වගේම ඉරියව්වෙනුත් වැදගත්කමක් නොපෙනෙන ඒ පිරිමි ළමයා ආශුටත් වඩා කෙට්ටුයි. පැච් කලිසමයි දුඹුරුපාට වගේ ඇඟට හිර ටී ශර්ට් එකයි බාටා දෙකකුයි දාන් ඇවිත් ආශුට එහා පැත්තෙ පුටුවෙන් වාඩි උනේ අවංක නොවන කටකොනේ හිනාවක් එක්ක.

"He -hello I'm A-Ashen.."

ආශු ගොත ගගහා කියල බිම බලාගත්තෙ පුටුවෙ තව ටිකක් පස්සට ගිහින් හේත්තු වෙන ගමන්.

"බය වෙන්න එපා ළමයො මං ඔයාව කන්නෙනෑ."

නවෝත් එතන ඩෙස් එකට බර වෙලා වැලමිට තියල ඇඟිලි නවල කම්මුලෙන් අත තියාගත්තෙ ආශුගෙන් ඇස් අහකට නොගෙන.ආශු උරිස් දෙක අකුළගෙන නවෝත්ගෙ බැල්ම මගාරිමින් බෝල ඇස් මුලු පන්තිය වටේටම යැව්වෙ කවුරුමහරි කෙනෙක් එයා දිහා බලන් ඉන්නවද කියල බලන්න.හැමෝම ඉස්සරහ හැරිලා තම තමන්ගෙ වැඩ.

ඩ්ර්ර්ර්ර්ර්..

ආශුගේ පෝන් එක වයිබ්‍රේට් වෙද්දි ස්ක්‍රීන් එක ඩෙස්ක් එක පැත්තට හරෝලා තිබ්බා උනත් ආශු දන්නව දැන් කෝල් එක එන්නෙ කාගන්ද කියල .ආන්සර් කරලත් බෑ නොකරත් බෑ .නවෝත්ගෙ බැල්ම පෝන් එකට වගේම ආශුගෙ මූනට මාරුවෙන් මාරුවට යොමු වෙද්දි පෝන් එක එකදිගට වයිබ්‍රේට් උනත් ආශු ස්ක්‍රීන් එක පැත්ත හැරෙව්වෙ නෑ .

"ඕක ආන්සර් කරන්න ළමයො"

නවෝත් එහෙම කියද්දි ආශු හෙමීට ඔලුව උඩටයි පල්ලහටයි වනල කෝල් එක ආන්සර් කරල එහා පැත්තෙ කනෙන් තියාගත්තා.

"හලෝ"

"ශුයී..තාම ලෙක්චර්ස් පටන් ගත්තෙ නෑ නේද ?"

"න්- නෑ නෑ '

"මොකෝ.බය වෙලාද ?"

" ම්ම්..ඕ ..ටි-ටිකක්"

"යාලුවෙක් නැද්ද කතා කරන්න.කොයි හරියෙද ඉන්නෙ.තනියෙන් ද? "

"පිටිම පස්සෙ එකට කලින් එකේ."

"ඉස්සරහ ඉඩ නැද්ද ? කමන්නෑ..පරිස්සමින් ඉන්න හොඳේ. මොනාහරිනම් මට කෝල් කරන්න . බය වෙන්න එපා .බලන්නකො හෙමීට හොඳ යාලුවො හම්බෙයි.

"ම්ම්ම්ම් හා. "

"එහෙනම් මං තියන්නම් .පරිස්සමින් ඉන්න..ආද-"

ටීක් ටීක් ටීක්

බෙහාන් කියල ඉවර වෙන්න කලින් ආශු ඉක්මනින් පෝන් එක කට් කරල සාක්කුවට දාගත්තා.එච්චර වෙලාම ආශු දිහා බලන් හිටිය නවෝත් එකපාරට අහපු ප්‍රශ්නෙන් ආශු ගැස්සිලා ගියා.

"මේහ් කවුද ඒ ? කොල්ලද ? ඔයා gay නේද ?"

ආශුගෙ හුස්ම හිරවෙලා හදවත නැවතුනා.පෝන් එකේ ස්ක්‍රීන් එකවත් නොපෙන්න කෝල් එක ආන්සර් කරලා එහා පැත්තෙ කනෙන් තියාගත්ත නිසා කතා කරපු දෙයක් වත් ඇහෙන්න ඉඩක් නැති වෙද්දි ආශුගෙ ඇස් බලන් ඉද්දි ලොකු උනා.උගුරෙ මොනාහරි හිර වෙලා වගේ, ඇහිපිල්ලමක්වත් නොගැහෙද්දි ,චූටි ඇඟිලි අල්ලට තෙරපිලා දෙන්න උත්තරයක් තියා ඇහුන ප්‍රශ්නෙත් ශුවර් නැති වෙද්දි වටේපිටේ සද්දයක්වත් නෑහෙන තරමට ආශු බය උනා. නවෝද් හයියෙන් හිනා උනේ ඒ බය හිතුන මූන දැකලා.

"බය උනාද...හහ් හහ්..මන් දැක්කා අනිත් කොල්ලා උදේ කාර් එකේදි ඔයාව කිස් කරනව.."

තප්පර ගානක් ආශුගෙ මූණෙ වෙනස්වීම බලන් හිටිය නවෝත්ම ආයෙ කතා කරේ ආශුගෙ ඇස් එළියට පනින්න තරන් ලොකු වෙලා නවෝත්ගෙ වචන සනාථ කරමින්.බෙහාන් උදේ ආශුව බස්සන්න කාර් එක නවත්තල තිබ්බෙ යුනි එකේ තාප්පෙනුත් ගොඩක් ඈත අතුරු පාරක හෙන විශාල ගහක් යට.ඒ වෙලේ එතන බල්ලෙක්වත් හිටියෙ නැති නිසා පරිස්සමින් තිබ්බ හාදුව නවෝත් කොහෙ ඉඳන්ද දැකල තියෙන්නේ .
ආශුගෙ නළල දිගේ දාඩිය බිංදු දෙකක් කන පාස් කරන් පල්ලහට රූටල එද්දි ඩෙස්ක් එක යට තිබ්බ කකුල් වෙව්ලනව කියල ආශුට හොඳටම තේරුනා.ඇඟේ හිරිගඩුත් පිපිලා ආශු එක අතකින් ශර්ට් එකේ කොනක් මිරිකල අල්ලගත්තෙ තොල කටත් වේලිලා යද්දි. ලෝකෙන්ම හංගන රහස අලුත් යුනි එකට ඇවිත් පැය භාගයක් යන්නත් කලින් හෙළි උනා කියලා හිතද්දි ආශු හොල්මනක් දැකල වගේ නවෝත් දිහා බලන් හිටියෙ බොරුවක්වත් කටට නොඑද්දි.

" යෝ..අයේශ් නෑ අශේන්..මෙහෙ මෙහෙ "

නවෝත් ආශුගෙ මූන ඉස්සරහ අත දෙපැත්තට හොල්ලද්දි තමයි ආශු උඩට ගත්ත හුස්ම පහළට දාන්න මතක් උනේ.

"Cool down Bro..I also Gay "

නවෝත් එයාගෙ පෝන් එකේ ලොක් ස්ක්‍රීන් එක ආශුට පෙන්නුවා..ඒක කපල් පොටෝ එකක්.
නවෝත්ගෙ උරිස්සට හේත්තු වෙලා හිටපු කෙනා නවෝත්ට වඩා මිටි හුරතල් පෙනුමක් තියන පිරිමි ළමයෙක්.බැලූ බැල්මට නවෝත්ට වඩා වයසින් බාල පෙනුමක් තිබ්බ ඒ පිරිමි ළමයගෙ මූනෙ තිබුණෙ අහිංසක හිනාවක්.ආශුගෙ වගේම නළල වැහෙන්න තිබ්බ කොණ්ඩෙ ,හිනාව නිසාම බාගෙට අඩවන් උනු දෑස්වල ගෑවෙන නොගෑවෙන තරමට දික් වෙලා තියෙද්දි මූණට ළාබාල හුරතල් පෙනුමක් එකතු වෙන්න ඒකත් එක හේතුවක් උනා.දෙන්නගෙම ගෙලේ තියන එක වගේ necklaces දෙක වඩා හොඳින් කැපිලා පෙනුනෙ දෙන්නම තනි කලු අත් දිග ටී ශර්ට් ඇඳන් හිටිය නිසා.ආශු ළඟින් ඉඳන් ඉන්න නවෝත්ට වඩා wallpaper එකේ හිටිය නවෝත්ගෙ ඇඳුම් සහ පිළිවෙළට පීරපු කොණ්ඩෙන් වැදගත් පෙනුමක් ඉස්මතු වෙලා තියෙද්දි ආශු කීපසැරයක්ම ඒ wallpaper එක දිහායි නවෝත් දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.

මුලින් ආශු පුදුම උනත්, තව gay boy කෙනෙක් හම්බුන එකට එයාට හිත යටින් සැනසීමක් දැනුනා.සමාජෙත් එක්ක වැඩි ආශ්‍රයක් නොතිබ්බ ආශුට එයා වගේම සමලිංග යාලුවෙක් හම්බුන පළවෙනි වතාව නිසා නවෝත් ගැන ඇති උනේ උනන්දුවක්.තමන්ගෙ රහස හෙළි උන ගැන හුස්මක්වත් නොවැටෙන්න තරන් බය උන ආශුගෙ හැඟීම් වෙනස් උනේ නිමේශයකින්.බෙහාන්ගෙ උපදෙස් එක දෙක අමතක වෙද්දි නවෝත්ගෙ යාලුවෙක් වෙන්න තරන් ආශු නවෝත්ව සම්පූර්ණෙන් විශ්වාස කරන්න තීරණේ කරේ එයා කිව්ව ඒ එකම එක කාරනේ නිසා.

"හේයි බේබි...ඌප්ස්..who's this? "

නවෝත් ට වඩා ටිකක් පැහැපත් ,උස කොල්ලෙක් ආශු දිහා බැහුවෙ නවෝත්ගෙ පුටුව පිටිපස්සෙන් ඇවිත් බෙල්ල බදාගන්න ගමන්

" He's a new one,"Ashen "

නවෝත් එයාගෙ බෙල්ල පිටිපස්සෙන් ඉස්සරහට ආපු අත් දෙක අල්ලගන්න ගමන් කිව්වෙ ආශුගෙන් ඇස් ඉවතට නොගෙන.

"oh really "

ඒ අනිත් බෝයි නවෝත්ගෙ ටී ශර්ට් එකට උඩින් පපුවෙ වම් සයිඩ් එක දිගේ අත අරන් යන ගමන් ආශුට හිනා වෙද්දි ආශුගෙ අවදානෙ සම්පූර්ණෙන් ඒ අත දිහාට යොමු උනා. පිටිපස්සෙ හිටිය බෝයි කට කොනෙන් හිනාවෙද්දි නවෝත් ඒ අතට හෙමීට පාරක් ගැහුවා.
වෙන්නෙ මොනාද කියල හිතා ගන්න බැරුව බලන් හිටිය ආශුගෙ ඇස් අත්වලින් ඈත් උනේ අනිත් බෝයි කතා කරපු නිසා.

"Hey Ashen .I'm Vinod "

" හ- හලෝ"

"Come on let's go babe..see you later cutie Ashen"

විනෝද්, නවෝත්ගෙ කනේ තොල් ගෑවෙන තරමට ළං වෙලා honey voice එකෙන් කියන ගමන් නවෝත්ගෙ පපුවෙන් වම් පැත්තෙ මස් ගුලියක් අහු වෙන විදිහට මිරිකලා,ආශු දිහා බැලුවෙ කට පැත්තෙන් හිනා වෙන ගමන්.

"ආව් නෝටියාහ්"

නවෝත් විනෝද්ගෙ අතට ආපහු පාරක් ගහල බෙල්ල වටේ තිබ්බ අත අයින් කරල පුටුව පස්සට කරල නැගිට්ටා.

" බායි බායි ආශ්"

විනෝඩ් ඇඟිලි හතරක් නවල දිගෑරල ආශුට බායි කියල නවෝත්ගෙ කරට අතක් දාගත්තා.
බය වෙලා වගේ බලන් හිටිය ආශු මූනට රිදෙන්නැති වෙන්න වගේ ලාවට හිනා වෙද්දි නවෝත් ඇහැක් ගහල කටට ඇඟිල්ල තියල පෙන්නුවෙ ආශුට "සද්ද නැතුව කටවහන් ඉන්න කියල"
උනු දේ තේරුම් ගන්න ආශුට ටික වෙලාවක් ගියා.ඒ නවෝත්ගෙ යාලුවෙක් වෙන්න විදිහක් නෑ .විනෝද්ගෙ වගේම නවෝත්ගෙ හැසිරීමෙන්,අමුතු හිනාවෙන් තේරුනේ ඒ දෙන්නා අතර යාලුකමට එහා ගිය සම්බන්ධයක් තියෙනවා කියල .ඒත් ඒ නවෝත්ගෙ පෝන් එකේ හිටිය එයාගෙ boyfriend කියපු කෙනානම් නෙමෙයි කියල ආශුට සීයට දාහක් විශ්වාසයි.එතකොට ඒ නවෝත්ගෙ කවුද .ඇයි එයා එහෙම කරේ..නවෝත් විනෝද් කියන්නෙ කොයි වගේ චරිතද.මොහොතකට කලින් නවෝත්ව විශ්වාස කරන්න තීරණේ කරපු ආශුගෙ තීරණේ වෙනස් උනේ නවෝත්,විනෝද් දෙන්නම තමන්ගෙ වර්ගයෙ දෙන්නෙක් නෙමෙයි කියල තේරුන නිසා.එයාලගෙ හැසිරීම ,අමුතු හිනාව,කතාබහ වගේම කිසි පිළිවෙලක් නැති ඇඳුම් පැළඳුම් නිසා ආශු ඒ දෙන්නව දැම්මෙ "හොඳ නැති ළමයි "ගොඩට.

ඒ එක්කම වගේ ලෙක්චර්ස් පටත් ගත්තත් නවෝත් විනෝද් දෙන්නා ලෙක්චර්වලට ඇවිත් ඉන්නවා ආශුට දකින්න ලැබුන්නෑ .
ලෙක්චර්ස් ඉවර වෙද්දි හවස 3 යි..අතරමැද ඉන්ටවල් එකේදි ආශු දෙතුන් දෙනෙක් එක්ක කතා කරලා යාලු උනා.කෙල්ලො දෙන්නෙකුයි කොල්ලො තුන්දෙනෙකුයි.බැලූ බැල්මට එයාලගෙ කියන්න තරන් වැරැද්දක් තිබුනෙ නැති නිසා ආශු කතා කරා.ආශු නෙමෙයි ඉස්සෙල්ලම ආශු තනියෙන් කකා ඉද්දි ඒ ටේබල් එකට අර පස් දෙනා ඇවිත් තමයි ආශු එක්ක කතා කරේ. මොනා උනත් ආශු වැඩි විස්තර නොකියා එයාගෙ නම ගම විතරක් කියන්න පරිස්සම් උනා.

අශු බෑග් එකත් එල්ලගෙන ගේට් එක පැත්තට යද්දි බිල්ඩින් එක ඉවර වෙන තැන තියන bench වල කොල්ලො කට්ටියක් ඉඳගෙන ඉන්නව ආශු දුර තියාම දැක්ක නිසා බිම බලාගෙන එතනින් යන්න හැදුවෙ.ඒත් ආශුට හරියටම bench එක ඉස්සරහ නවතින්න උනේ පුරුදු කටහඬක් එයාට කතා කරපු නිසා..ඒ නවොත්.එතන විනෝද් තුත් හිටියා.නවෝත් එක කකුලක් නවලා ගල් බැම්මට තියාගෙන ඉද්දි විනෝද් හිටියෙ නවෝත්ගෙ කරට අතක් දාගෙන.

"ඒහ් අයේශ් නෑ අශේන්.."

"ඒහ්..අපි මූටත් දෙමුද?"

"එපා එපා බන්"

"කටවහ හිට්පන්. අශේන් බබා පොඩ්ඩක් එන්නකො"

"එපා ඕයි..ඌ හොඳට හැදිච්ච එකෙක් වගේ"

"දැන් උබ කියන්නෙ අලුතෙන් ආපු මූට විතරක් රැග් නොදී ඉන්න කියලද ? උබට දුකනම් පලයන් යන්න මෙතනින් "

ආශුට අනුකම්පා කරන්න ගිය කොල්ලා නවෝද්ගෙන් බැනුමක් අහගෙන කටවහගත්තා. ආශු බිම බලාගෙන බෑග් එකේ පටිය අල්ලගෙන කට්ටිය ඉන්න තැනට ළං උනේ බෑ කියන්න බැරි කමට.

"ඒහ් මේ..මෙහෙ බලනව හලෝ.ගිලින්නෑ අපි.තොත්ත බබෙක්නෙ බන්.කුරුඳුවත්තද ගම"

විනෝද් බිම බලන් හිටිය ආශුගෙ නිකටෙන් අල්ලලා උස්සද්දි ආශු මූන වෙන පැත්තකට හැරෙව්වා.

"හහ්..බලපන්කො ඒකෙ ගනන්..දීපන් දීපන් .දැන් ඔහොම ගනන් ඉස්සුවට එන්නෙ නැතේ පස්සෙන් වැඳ වැඳ"

අර අනුකම්පා කරපු කොල්ලා ආශු දිහා බලලා නෝන්ඩියට හිනා උනහම ආශුගෙ බය තව වැඩි උනා.ආශු එයාගෙ චූටි රෝස පාට ඇඟිලි තුඩු රතු වෙන්නම තදින් බෑග් එකේ පටිය අල්ලන් අහක බලාගෙනම හිටියා.

"මෙහෙමයි අශේන්.බෑ කියන්න බෑ.ඕකේ..අපි කියන දේ කරපන් හොඳ කොල්ලා වගේ.හේශ් .දීපන් ඕක. මගෙ ළඟ නෑ ."

"පලයන් බන් යන්න .හෙට වෙනකන් මෙච්චරයි ."

"ආ ආ මේක ගනින්.."











............
ආශුට කෝල් එක ආවෙ නවෝත්ලාගෙන් ඈත් වෙලා විනාඩි ගානකට පස්සෙ

"හෙලෝ ආශු.ලෙක්චර්ස් ඉවරයි නේද .කොහෙද ඉන්නෙ ?"

"සයිඩ් ගේට් එක ළඟ අයියා.."

"ආ ඔහොම ඉන්න මං එනවා"

"අයියා.."

"ඕ..කියන්න ශුයී"

"ටිකක් ඉක්මනට එන්නකො."

"ඇයි ශුයී..මොකක්හරි ප්‍රශ්නයක් ද..ඔතන තව කවුද ඉන්නෙ .මොනාහරි උනාද ? "

"අයියෝ නෑ නෑ නෑ අනේ .නිකන් කිව්වෙ.එන විදිහකට එන්න.මං තියනවා"

"ශු.."

ටීක් ටීක් ටීක් ..

ගේට් එක ළඟට වෙලා පෝන් එක දිහා බලන් හිටිය ආශු ගැස්සුනේ බෙහාන්ගෙ කාර් එකෙ හෝන් එකට..ඒ පැත්තෙ වැඩිය සෙනඟ හිටිය් නෑ .අනික දැන් ලෙක්චර්ස් ඉවර වෙලා පැය කාලකටත් වැඩියි..බෙහාන් වැඩ ඉවර වෙලා ඇවිත් ආශුගෙ ඉස්සරහින් කා එක නවත්තලා ශටර් එක පාත් කරලා ආශු එක්ක හිනා උනාට ආශු රවාගෙනම කාර් එකට නැගලා සීට් බෙල්ට් එක දාගත්තා.

"මොකෝ මගෙ ආශු පැටියට ඩෝං ගිහින් .ම්ම්ම්..
ඔයහ්.පරිස්සමින්.."

බෙහාන් ආශුගෙ ඔලුව අතගාන්න හැදුවහම අශු ඔලුව එහාට කරපු පාර ඩෝං ගලා වැදුනා වහලා තිබ්බ ශටර් එකේ..ඒක ගානකටවත් ගත්තෙ නැති ආශු බැග් එක පපුවට හේත්තු කරගෙන ටිකක් ශීට් එකෙන් පහළට ලිස්සල වම් කම්මුල ශීට් එකට හේහ්තු කරගත්තා. ආශු ඔහේ බලන් හිටියෙ එළියෙ එයාලා පහු කරන් යන කඩවල්,ගෙවල්,මිනිස්සු ,බල්ලො දිහා.විනාඩි දහයක් විතර යනකන් දෙන්න අතර කිසිම කතාවක් නැතුව කාර් එක ඇතුළෙ ඉඳිකට්ටක් වැටුනත් ඇහෙන තරන් නිහඬතාවක් තිබුනෙ. ආශු මූන එළිය පැත්තට හරෝගෙන හිටිය නිසා බෙහාන් හිතුවෙ මහන්සියට නින්ද ගිහින් ඇති කියල .

"හච්චිස්.."

එකපාට්ට නිහඬතාව බිඳුන ආශුගෙ හච්චිමට බෙහාන් ගැස්සිලා ගියා.ඒක දැකපු ආශුට ලාවට හිනාවක් යනව දැකපු බෙහාන් හිර කරන් හිටිය හිනාව එකපාරට එළියට පනිද්දි දෙන්නම මූනට මූන බලන් හිනා උනා.

"හචිමටත් බයද ?"

"මාව ගැස්සුනා.."

බෙහාන් ආශුගෙ මූන දිහා බලල ආයෙම හිනා වුනා.

"කෝ ටිශූ box එක."

"ආහ්..වෙලාවට මතක් කරේ ශුයී..ඒක ඉවර වෙලා .අතන ෆාමසියෙන් අරන් යමු නේද."

ටික දුරක් ගිහින් කාර් එක නැවැත්තුවෙ ලොකූම ලොකු ෆාමසියක් ඉස්සරහ..

සෝස මල චුට්ට ඇත්තන් අසනීපයක් වෙන නිසා අඩුම මාසෙකට තුන්සැරයක්වත් බෙහාශු ඔය ෆාමසියට යනවා. ඉතින් ෆාමසි එකේ ඉන්න අය මේ දෙන්නව හොඳට අඳුරනව "අයියයි මල්ලියි " විදිහට.

"ඔයත් එනවද.පරිස්සමින් බහින්න ඔය පැත්තෙන්."

"බෑ අනේ.මන් ඉන්නම්.ඔයා අරන් එන්න"

"පුදුමයි .."

සාමාන්‍යයෙන් කොහෙ ගියත් බෙහාන් කියන්නත් කලින් ආශු බැහැලා අතේ එල්ලෙනව.එක්කො බිස්කට් නැත්තන් ලොලිපොප් ,බූන්දි,ජෙලි ටොෆි මොනා හරි පැණිරස ජාතියක් කටට දාගන්න බෙහාන්ගෙ අතේ එල්ලෙනවා.කාර් එකෙන් බැහැල නගින හැමවෙලාවකම ටොෆියක්හරි ආශුගෙ අතේ තියනවමයි.කටහඬ,ඇඟ වගේම දඟ වැඩවලටම හරියන්න ආශුගෙ ආසාවලුත් පොඩි එකෙක් වගේ..

"මොනාද ඕනෙ."

"ම්හ්..ගෙදර යන්."

ආශු මලානික කටහඬින් වෙනදට වඩා වෙනස් විදිහෙ උත්තර දෙද්දි බෙහාන් ආශුගෙ අතකින් අල්ලගත්තා.

"මොකෝ චූටි මහන්සිද ? "

"ම්හ්...ආ ඔව් ඔව්..ඉක්මනට ඕක අරන් එන්නකො.."

"ඉන්න ටක් ගාල එන්නම්..ඔයාගෙ වෙට් ටිශූ එකත් ඉවරයි නේද ?"

"ම්ම්..Green colour එකක් ගේන්න"

ආශු කිව්වෙ ඇස් පියාගෙන වෙද්දි බෙහාන් ඉස්සරහ කැබින් එකෙන් පර්ස් එක අරන් බැහැලා ෆාමසියට ගියා.

විනාඩි පහකට විතර පස්සෙ ටිශූ බොක්ස් එකකුයි පොඩි වෙට් ටිශූ පැකට් දෙකකුයි ජෙලි ටොෆි දාපු චූටි ශොපින් බෑග් එකකුයි අරන් කාර් එකට නගිද්දි ආශුට නින්ද ගිහින් තිබුනෙ.ඇස් පියාගෙන හිටිය නිසා බෙහාන් ඇහැරවන්න ගියෙ නෑ .හෙමීට බඩු ටික පිටිපස්සෙ ශීට් එකෙන් තියල ආශුගෙ කම්මුල ලාවට මහපටඟිල්ලෙන් අතගෑවෙ ශීට් බෙල්ට් එක දාගන්න ගමන්

"ශුයී..නැගිටින්න මැණික..ගෙදර ආවා. එන්නකො වොශ් දාලා දොයියමු.

"ම්ම් ..නිදි නෑ අනේ "

බෙහාන් කාර් එකෙන් බැහැල ආශු ඉන්න පැත්තෙ දොර ඇරල ඇහැරවද්දි ආශු හිටියෙ අඩ නින්දෙ.
බෙහාන්ගෙ උරිස්සෙ හැප්පීගෙන නිදිවිකාරෙන් වගේ ඇවිදන් ගිහින් ගෙදර ඉස්සරහ දොරෙ වදින්න ඔන්න මෙන්න තියෙද්දි බෙහාන් ආශුගෙ නළලට අත තිබ්බා.

"පරිස්සමින් ශුයී..දොයිමතේද ඉන්නෙ..කෝ හරියට ඇස් අරින්නකො..ඉන්න දොර අරිනකන්."

බෙහාන් ආශුගෙ අතින් බෑග් එක අරන් එයාගෙ බෑග් එක එල්ලන් හිටිය කරටම දාගෙන ආශුව එයාගෙ ඇඟට හේත්තු කරගත්තා..ආශු බාගෙට වැහුන ඇස් එක්ක බෙහාන්ගෙ පපුවට වාරු වෙලා ඉද්දි බෙහාන් එක අතකින් දොරේ ලොක් එක ඇරියා.බෑග් දෙක පුටුව උඩින් තියල ආශුව එයාගෙ ඇඟට හේත්තු කරගෙන පඩිපෙළ නැගන් කාමරේට එක්කන් යද්දි බෙහාන් හිතුවෙ මහන්සි නිසා වෙන්න ඇති කියල .

"ආශ්..මං කෑම ටික එහෙම රත් කරනකන් ඔයා වොශ් දාලා එන්න. නාන්න එපා අද හවස් වෙලා නෙ.ඇඟ සෝඳන් එන්න .

"මට බෑ අනේ.."

බෙහාන්ගෙ ඇඟට වාරු වෙලා කාමරේට එක්කන් ආව ආශුව පරිස්සමින් ඇඳෙන් වාඩිකරන්න හදද්දි ආශු ඇඳේ පෙරලුනේ"බෑ" කියගෙන.

"කෝ මෙහෙ එන්න.මගෙ චූටි කොල්ලට මොකද කේන්ති ගිහින් තියෙන්නේ බලන්න."

බෙහාන් ඇඳ උඩට නැගල , උඩ බලන් ඉන්න ආශුගෙ නළලින් හාදුවක් තිබ්බෙ ආශුගෙ ඇඟ දෙපැත්තෙන් මෙට්ටෙට අත් තියලා .චූටි මූන අත් දෙකට මැදි කරගෙන බටන් නහයටයි බෝල කම්මුල් දෙකටයි හාදුව ගානෙ දීලා ආශුගෙ ඇස් දිහා බලලා හිනා උනහම ආශුගෙ මලානික වෙලා තිබ්බ ඇස් දිලිසුනා .රවාගෙන හිටපු තොල් දෙකෙන් ආදරේ පිරුණු හිනාවක් බෙහාන්ට දෙන ගමන් ආශු එයාගෙ නළලට ඇඟිල්ල තියල පෙන්නුවහම බෙහාන් පාත් වෙලා නළලට තව පෙක් එකක් දුන්නා. ආශුගෙ ඔලුව බෙහාන් එයාගෙ උකුල උඩින් තියාගනිද්දි හිතුවෙ නැති විදිහට ආශු බෙහාන්ගෙ කොලර් එකෙන් පහළට ඇදල අරන් බෙහාන්ගෙ තොල් උඩින් තොල් තිබ්බා.තප්පර දෙකක් ඇතුලත ආශු ම බෙහාන්ගෙ තොල්වලින් ඈත් උන නිසා බෙහාන් මොකුත් කියන්න ගියේ නෑ .ආශුගෙ ඇහැ ගාවට වැටිලා තියන කොන්ඩ කෑල්ල බෙහාන් කනෙන් පිටිපස්සට කරල නලලින් ආයෙම තොල් තිබ්බම ආශුගෙ ඇස් පිය උනා.ඒ ඇස්වල මොකක්දෝ අමුත්තක් තිබුණත් ඒක මොකක්ද කියල තේරුම් ගන්න උත්සාහ නොකරම වැහුනු දෑස් දෙක උඩ බෙහාන්ගෙ තොල් නතර උනා. ඇස් දෙකටත්,කම්මු දෙකටත්,නළලට වගේම තොල්වලටත් හාදු තවරපු බෙහාන් ඇඟ උඩින් ඈත් වෙද්දි ආශුගෙ ඇස් ආදරෙන් දිලිසුනා.ඇඳෙන් බහින්න අනිත් පැත්ත හැරෙන්න ගියත් කකුල් බිම තියන්න කලින් ආශුගෙ අත් බෙහාන්ගෙ ඉන වටේ පැටලුනා.

"අයියා.."

"ම්ම්ම්ම්.."

"තුරුල් කරගන්න"

පිටුපාලා ඇඳෙන්න් බහින්න ගිය බෙහාන්ගෙ උරිස්ස උඩින් නිකට තියන් ආශු කියද්දි ,බෙහාන් එයාගෙ ඉන වටේ එතිලා තිබ්බ අත් ලිහිල් කරලා ආශුගෙ පැත්ත හැරුනෙ බාගෙට බිම තිබ්බ් කකුල ආයෙම ඇඳ උඩට ගන්න ගමන්.මත් වෙලා වගේ බාගෙට පිය උන ඇස්වලින් බෙහාන් දිහා බලලා ආශු අත් දෙපසට දිගු කරේ බෙහාන්ට වැළඳගැනීමකට ආරාධනා කරන ගමන්.දෙපසට දික් කරන්න ඉන්න අත් යටින් අත් යවලා චූටි ශුයී පනව පපුවට තුරුල් කරගත්ත බෙහාන් පිට අතගෑවෙ හිස්මුදුනින් තියන හාදුවලට විවේකයක් නොදීම.

"අයියා..ආදරෙයී මන්"

"ම්ම්ම් මාත් ආදරෙයි..ගොඩාරියක් මගෙ චූටි පනට.."

" අයියා "

"ම්ම්ම්ම්"

" Sorry "

ආශු මිමිණුවෙ බෙහාන්ගෙ පපුවට කම්මුල තවත් තද කරගන්න අතරෙ.කම්මුල පපුව පුරා අතුල්ලද්දි වගේම සිනිඳු කොන්ඩෙ බෙල්ල පුරා ගෑවෙද්දි සියුම් කිතියක් දැනෙද්දි බෙහාන්ගෙ අත් අතරෙ ආශුව තවත් පපුවට තද උනා.

" Sorry for what babe? "

"ඒකනෙමෙයි මේහ්..බඩ්ඩක් ඉල්ලන්නම් දෙනෝද.? "

බෙහාන් ආශුගෙ උරිස්සෙන් අත් තියලා ඈත් කරන ගමන් සමාව ගන්න හේතුව අහද්දි ආශු කතාව වෙනස් කරා.

"මොනාද ? "

"හාද කියන්නකො."

"මොනාද කියන්නකො "

"අනේ හා කියන්න "

" හා හා..මොනාද බඩ්ඩ කියන්නකො."

ආශු බෙහාන්ගෙ කම්මුලෙන් ඇදල "හා" කියෝගත්තෙ බලෙන්ම.මලානික වෙලා තිබ්බ ඇස් දඟකාර බැල්මකට වෙනස් වෙද්දි බෙහාන් ආශු දිහා බැලුවෙ "ඉල්ලන්න හදන්නෙ දෙන්න ලේසි දෙයක්නම් නෙමෙයි "කියල එයාගෙම හිතට කියාගන්න ගමන්.

"කුක්කු ඕනෙ."

"ක්හැ ක්හැ ..මො මොකක්ද ?

ආශු එකපාට්ට ඉල්ලපු දේට බෙහාන්ට කැස්සකුත් ආවා.

"කුක්කු කුක්කු ..මෙව්වා "

ආශු බෙහාන්ගෙ ටී ශර්ට් එක අස්සෙන් අත දාලා නිපල් එකට අත තියද්දිම බෙහාන් ඒ අත එළියට ඇදල අරන් අල්ලගත්තා.

"ගුටි දෙන්නෙ දැන් "

"ගුටි එපා.කුක්කු ඕනි "

"ශුයී..."

"බෑ ඕනිමයි"

ආශු අනිත් අත බෙහාන්ගෙ ටී එක අස්සෙන් දාලා නිපල් එක තද කරද්දි බෙහාන් යට තොල හපාගත්තෙ බැරි වෙලාවක් කෙඳිරියක් වගේ එකක් පිට උනොත් ලැජ්ජාවෙන් වැළලෙන්න වෙන නිසා. බෙහාන් ටී එක ඇතුළෙ තියන ආශුගෙ අත ටී එකට උඩින් තද කල්ලා අල්ලගත්තා.

"ගන්න අත අහකට"

"දෙනෝ කීලා කිව්වනෙ"

" දෙනෝ ගුටි දැන් .යන්න වොශ් දාන්න."

"සුට්ටක් "

"බෑ"

"සුට්ටම සුට්ටක්"

"ශුයී..මට රිදෙනවා .කෝ අත ගන්න"

බෙහාන් ටී ශර්ට් එකට උඩින් ආශුගෙ අතේ උඩ හරිය අල්ලන් හිටියත් ශුයීගෙ ඇඟිලි දෙකකට නිපල් එකක් හිරවෙන එක නවත්තගන්න බැරි උනා.

"විනාඩියයි.නෑ ඔන්න තප්පර තිහක් ඇති .ඔයා හා කිව්වනෙ අයියෙ."

"ශුයී..දැන් මං මොක-ආආආආආව්..ළමයොහ්."

බෙහාන්ගෙ අත්වලින් නිදහස් කරගත්ත අතකින් ටී ශර්ට් එක උස්සපු ආශු ටී එක ඇතුළට රිංගගත්තෙ බෙහාන්ට හිතන්නවත් කාලයක් නොදී.චොක්ලට් පාට නොඉඳුල් නිපල් එකක් ආශුගෙ දත් වලට හව් වෙද්දි බෙහාන්ට කැගැහුනත් ඊළඟ තප්පරේ සීතල දෙතොල්වලින් හපපු නිපල් එකම උරවද්දි තමන්ව පාවා දෙන හැඟීම් එක්ක බෙහාන් අසරණ උනා.කොයි වෙලේ බෙහාන්ගෙ අත් ආශුගෙ අත් වලට හිර උනාද කියල නොතේරෙද්දි පොඩි ළමයෙක් කිරි උරනවා හා සමාන හඬවල් ආශුගෙ මුවින් පිටඋනා.

"ශුයී ප්ලීස්"

නොඉඳුල් තන පුඩුවට ලැබුන පහසත් එක්ක බෙහාන්ගෙ හැඟීම් අවදි වෙන්න මොහොතකට කලියෙන් ආශු ඔලුව එළියට ගත්තෙ බෙහාන්ගෙ වචන දෙකේ තිබ්බ අසරණකම දැනුන නිසා.

"හලි..ඔන්න තප්පර තිහයි.එච්චරත් නැද්ද කොහෙ- ඌයියා මෝඩයා"

ආශු දිවෙන් තොල් තෙත් කරන ගමන් දඟකාර විදිහට කියද්දි බෙහාන් ඇඟිලි දෙක එකතු කරලා"ටොක්"ගාලා ආශුගෙ නළලට එකක් ගැහුවා.නළල අතගගාම උඩට උස්සපු බෙහාන්ගෙ ටී ශර්ට් එක හරියට හදලා බෙහාන්ට රවලා අහක බලාගද්දි බෙහාන්ටනම් ලාවට හිනාවක් ආවා.

"සොලි සොලි..දඟයා."

"එපා තරායි"

"ආ කමන්නෑ .මං යාලුයිනෙ.දැන් යන්නකො වොශ් දාන්න."

බෙහාන් රතු උනු ආශුගෙ නළලට හාදුවක් තියන ගමන් ඇඳෙන් නැගිට්ටා.

"බෑ මන් යන්නෙම නෑ .වොශ් දන්නෑ නෑ නෑමයි මෙහෙම්ම දොයියනව."

ආශු උඩුබැලි අතට ඇඳේ පෙරළෙන්න හැදුවට බැරි උනේ බෙහාන් පිටට අතක් තියල නවත්තගත්ත නිසා.

" ශුයී...මුරණ්ඩු වෙන්න එපා.ඔය තුවාලෙත් පෑරෙයි ළමයො කෙලින් වෙන්න..එන්න ප්ලාස්ටර් එක ගලවන්න."

හොස්පිට්ල් එකෙන් ඇවිත් සතියක් නිසා තුවාලෙ එච්චර රිදෙන්නැති උනාට දැඟලිල්ලෙ තරම දන්න නිසාම බෙහාන් ලොකු ප්ලාස්ටර් එකක් ආශුගෙ බණ්ඩියෙ අලවල තමයි කැම්පස් යැව්වෙ.තුවාලෙ වේලිලා තිබ්බ නිසා තෙමන එක ප්‍රශ්නයක් නෑ කියල ඩොක්ටර් කිව්වෙ අන්තිමට බෙහෙත් දාන්න ගිය වෙලාවෙ.

"මටෝන්නෑ..මේක මේම තියෙද්දිම නානෝ.."

ආශු ඇඳෙන් නැගිට්ටෙ බෙහාන්ගෙ වදේ නිසා.බෙහාන් ඉස්සරහම ටී එක ගලවල බෙහාන්ගෙ ඇඟට විසික් කරල ටවල් එක අරන් බාත්රූම් එකට ගිහින් "දඩාස් "ගාලා දොර වැහුවෙ බෙහාන්ගෙන් පළිගන්න වගේ..වැඩිකල් යන්න කලින් බෙහාන්ට අලුත් දොරක් දාන්න වෙනවා ඔය බාත්රූම් එකට..බෙහාන් ආශුගෙ හුරතල් කේන්තියට හිනා වෙවී ගිහින් බාත්රූම් එකේ දොරට තට්ටු කරාට ආශු දොර ඇරියෙ නෑ .

"ශුයී..නාන්න එපා ඇඟ සෝදන්න හොඳද.හොඳ ළමයනෙ.ප්ලාස්ටර් එක පිටින් සෝදන්න එපා තුවාලෙ වැඩි වෙයි හොඳේ.කැනියුලා ගහන් ඉන්න වෙයි ආයෙම.පරිස්සමින් ගලවල සෝදන්න.නැත්තන් එන්න මං ගලවන්න."

"මට බෑ ........"

ආශු බාත්රූම් එකේ ඉඳන් කෑ ගැහුවට බෙහාන් දන්නව කොහොමත් එයා එපා කියන දෙයක් කරන්න තරන් ආශු මුරණ්ඩු වෙන්නෑ කියල ..




අන්තිමට බෙහාන් වදෙන් පොරෙන් රැවිලි ගෙරවිලි මැද්දෙන් බලෙන්ම බත් කටවල් තුන හතරකුත් කැව්වට පස්සෙ ආශු එහෙම්ම නිදා ගත්තා..බෙහාන් ආශුගෙ බණ්ඩියෙ තුවාලෙට බෙහෙත් දැම්මෙ නිදාගත්තයින් පස්සෙ..

😁😁😁😁😁

(Fiat)

චූටි ෆියට්ගෙ පළවෙනි කතාවනෙ..ඔයාලා කියෝලා තියන ඒවා තරන් ලස්සන නෑ තමයි .දන්නෝ මන් 🥺

වැරදි කියල තව හැදෙන්න ඕන තැන් කියල comment එකක් දාලා චූටි ෆියට්ගෙ හිත හැදෙන්න තරුවක් දෙන්නකෝ....🥺

Continue Reading

You'll Also Like

166K 5.8K 60
|complete√| She was broken beyond repair but he could heal her. She was a mystery but he could solve her. He was messed up but she could f...
10.9M 253K 60
𝐅𝐫𝐨𝐦 𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 𝐭𝐨 𝐋𝐨𝐯𝐞𝐫𝐬 Enzo Mariano is known for being nothing but ruthless. He is feared by all in the Italian mafia. He kills on...
1.5K 80 8
These stories were made by me ( @bri3aa_)
854K 64.9K 37
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...