ආයිමත් දවසක .

By LasaluNethmin

44K 7.4K 1.1K

මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම... More

ආයිමත් දවසක...01
ආයිමත් දවසක ....02
ආයිමත් දවසක 03
ආයිමත් දවසක..04
ආයිමත් දවසක 05
ආයිමත් දවසක...06
ආයිමත් දවසක..07
ආයිමත් දවසක...08
ආයිමත් දවසක 09
ආයිමත් දවසක...10
ආයිමත් දවසක..11
ආයිමත් දවසක 12
ආයිමත් දවසක...13
ආයිමත් දවසක...14
ආයිමත් දවසක...15
ආයිමත් දවසක...16
ආයිමත් දවසක...17
ආයිමත් දවසක...18
ආයිමත් දවසක....19
ආයිමත් දවසක....20
ආයිමත් දවසක...21
ආයිමත් දවසක...22
ආයිමත් දවසක....23
ආයිමත් දවසක....24
ආයිමත් දවසක...25
ආයිමත් දවසක...26
ආයිමත් දවසක....27
ආයිමත් දවසක...28
ආයිමත් දවසක 29
ආයිමත් දවසක....30
ආයිමත් දවසක...31
ආයිමත් දවසක ...33
ආයිමත් දවසක....34
ආයිමත් දවසක...35
ආයිමත් දවසක....36
ආයිමත් දවසක...37
ආයිමත් දවසක...38
ආයිමත් දවසක...39
ආයිමත් දවසක...40
ආයිමත් දවසක...41
ආයිමත් දවසක 42
ආයිමත් දවසක...43
ආයිමත් දවසක...44
ආයිමත් දවසක...45
ආයිමත් දවසක...46
ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

ආයිමත් දවසක....32

669 129 35
By LasaluNethmin

ආයිමත් දවසක....32


කරුවලින් පිරුනු කාර් එක ඇතුල විටෙන් විට පාරෙ අපිව පාස් කරන් යන වාහන වලින් එලිය වෙද්දි යශිර විශාල් දීපුගියපු  පොඩි බොක්ස් එක අතේ තද කරන්ම ඉස්සරහින් ඈතට ඇදිලා තියන පාර දිහා බලන් ඉදියා...

" සුදු මල්ලි...."

බිනරගෙ කටහඩින් යශිර ඉදපු කල්පනාවෙන් මිදෙන ගමන් බිනර දිහා බැලුවා..

"ඔයා හොදින්ද..."

"ම්... ඔව් අයියෙ.... මන් හොදින්....ඔයාට කොහොමද...."

"හොදින් නෑ සුදූ .... ඒත් මේකට හුරුවේවි..."

"මන් ඉන්නවනෙ..."

යශිර කියලා දැන්මේ බිනරට කොයි තරම් දුක ඇද්ද කියලා දැනුන නිසා....

"තෑන්ක්ස්...."

යශිර බිනරට නවතින්න කියල කිව්වත් බිනර යශිරව ගෙදරින් දාගෙන ගියෙ අදට විතරක් ගිහිල්ල එන්නම් කියාගෙන..

දවසෙම ඇවිදල දැනෙන තෙහෙට්ටුව එක්ක ඇදට වැටුන යශිර ලොකු හුස්මක් හෙලන ගමන් ආයිමත් කල්පනා කරේ විශාල්ගෙ මේ හදිස්සි වෙන්වයෑම ගැන.
විශාල් යනව කියලා දැනන් ඉදියා උනත් මෙහෙම හදිස්සියේ එයා යන්න යාවි කියල යශිර හිතුවෙ නෑ...

ආයි හුස්මක් හෙලන ගමන් ඇදේ ඇදේ පැත්තකට හැරන යශිර ඊට පස්සෙ දැන්නෙ ඇද එහාපැත්තෙ  තිබ්බ නයිට්ස්ටෑඩ් එක උන තියල තිබ්බ විශාල් එයාට දීල ගිය පොඩි බොක්ස් එක...

ටිකක් ඒක දිහා බලන් ඉදපු යශිර අත දික් කරලා  ඒක ගන්න ගමන් ඇදේ හොදට හරි බරි ගැහිලා වාඩි වෙලා ඒ බොක්ස් එක වටේ දවටලා තිබ්බ කඩදාසිය ඉරලා දැන්මේ මේ මොකක් වෙන්න ඇද්ද කියලා හිතන ගමන්...

කඩදාසිය අයින් වෙලා මෙරුන් පාට ඝනකම  රෙද්දකින්  හැඩ උන බොක්ස් එකක් එලියට පේද්දි යශිර ඒක ඇරලා බැලුවා...
ඒත් එක්කම සීරුවට නවපු පොඩි සුදු කොලයක් පෙට්ටිය ඇතුලෙ තිබුල විශාල්ග්ව් ඔඩොක්කුවට වැටෙද්දි සුදු පාටට දිස්නෙ ගහන නිල්  පාට වගේම සුදු පාට මැනික් ගල් වලිම් හැඩ දාපු මුද්දක් යශිරගෙ ඇස් වලට පෙනෙද්දි යශිර එයාගෙ ඔඩොක්කුවට වැටුන කොලය හරි හරියට දිහ ඇරියා...

" මේක මන් අනූශි මමයි වෙනුවෙන් ගත්ත මගුල් මුදු...
අපි දෙන්නගෙම මතකයන් වෙනුවෙන් මන් මුදු දෙකම එකතු කරලා මේ තනි මුද්ද හදනවා... අනූශි ආසම නිල් පාටයි මන් ආසම සුදු පාටයි එකතු කරලා..
මන් හිතනවා උබ මමත් අනූශිත් වෙනුවෙන් මේක බාරගනියි කියලා..."

යශිර ඇස් වලින් ගලන කදුලු අතරින්ම කීප වතාවක්ම ලියුම කියවන් ගිහිල්ලා ආපහු ඇදේ පැත්තක වැටිලා තියන  බොක්ස් එක අතට අරගෙන මුද්ද පරිස්සමෙන් බොක්ස් එක ඇතුලෙන් එලියට අරගෙන අල්ල උඩ තියාගෙන ඉන්නෙ ජීවිතය එයාට අමුතු අමුතු පාඩම් කියලා දෙනව නේද කියලා එයාගෙම හිත එයාට කියද්දි....

......................................................................

චලන ආපු වෙලාවෙ ඉදන් ඇස් රිදෙනකම් බලන් ඉදියෙ යශිර කොයි වෙලාවෙ එයිද කියලා මග බලන ගමන්...
සෙනසුරාදා සහස් වගේම කවීත් එක්ක පැය ගානක් කතා කරලා එයාගෙ හිතේ තිබ්බ පොඩිහරි නොපැහැදිලි තැන් නැති කරගත්ත චලන දැන් ඉදියෙ ගොඩක් වෙනස් මනුස්සයෙක් විදිහට...
චලනට තවත් ඕනි උනේ නෑ යශිරව එයාගෙන් ඈත් වෙනවා දකින්න.. එයාට ඕනි උනේ යශිර එයාගෙ ලගින් ඉන්නව දකින්න...ජීවිතේ  පලවෙනිම වතාවට දැනුන මේ ආදරේ කොහොම වත් නැතිකරගන එයාට දැන් පුලුවන් කමක් තිබ්බෙ නෑ ඒතරම් එයා යශිරට ආදරේ කරන්න පටන් අරන් ඉවරයි ඒ වෙද්දි..

" good morning අයියෙ..."

කල්පනාවෙ ඉදපු නිසා යශිර ලගට එනකම්ම චලනට ඇහුනෙ නෑ ඒක නිසා යාහිර එක පාරටම කතා කරද්දි එයා ටිකක් ගැස්සිලා ගියා....

" Good .. good morning මල්ලියො..."

" බර කල්පනාවක මොකද..."

පුරුදු අහිංසක හිනාව දාන ගමන් යශිර චලනගෙන් අහද්දි චලනට ඒ හිනාවෙ ලොකූ වෙනසක් තේරුනා..
වෙනදට නොදැනුන අමුතුම සැහැල්ලුවක් යශිරගෙ හිනාවෙන් චලන දකිද්දි එයා යශිරට පරිස්සමෙන් උත්තර දුන්නෙ සැක නොහිතෙන්න...

" එහෙම එකක් නෑ මල්ලි අද කරන්න තියන වැඩ ගැන හිත හිත ඉදියේ..."

"හ්ම්ම්..ඔව් නේද....අද අර රිපෝට්ස් ටික දෙන්න එපැයි..."

යශිර එයාගෙ පුටුවෙ වාඩි වෙලා හරි බරි ගැහෙන ගමන් කියද්දි චලන හුස්මක් හෙලුවෙ එයාගෙ වෙනස යශිරට නොදැනුනා කියලා තේරෙද්දි...

" ඔයා කාලද මල්ලි...."

"ම්ම්ම්.... නෑ අයියෙ කන්න බෑ වගේ හිතුනා... කිරි එකක් හදාගන්නවා පස්සෙ...."

යශිර චලනට කියලා එයාගෙ ලැප්ටොප් එක ඔන් කරගනිද්දි චලන එයාගෙ මේසෙ උඩ තිබ්බ ලෑන්ඩ් ලයින් එක අතර ගත්ත...

" හලෝ... මගෙ කැබින් එකට ටී දෙකක් එවන්න...."

චලන කියද්දි එය දැක්කා යශිර එයා දිහා බලන්වා...

"තැන්කියු...."

යශිර කියද්දි චලන හින උනේ යශිරගෙ ඇස් වලට එබෙන ගමන්.. ඒ ඇස් වල අහිංසක කම චලනගෙ හිත ආයි නොසන්සුන් කරද්දි චලන එයාගෙ හිතට කියාගත්‍තෙ මේ පොඩි කොල්ල දැන්නම් උබව පිස්සෙක් කරල චලන කියලා..

..............................................................................

" ඔයා යශිරට මේ ගැන කියන්නෙ කවදද අයියෙ.. මන් දන්නව ඔයාට මේ හැම දේම අලුත් ඇති ඒත් ...."
කවී එයා වාඩි වෙලා ඉදපු පුටුවෙන් ටිකක් ඉස්සරහට එන ගමන් කිව්වෙ එයාගෙ හිතේ තිබ්බ පොඩි සැකයක් නිසා...

" මන් කොහොමද මල්ලි එකපාරටම මෙහෙම දෙයක් එයා එක්ක කතා කරන්නෙ...එකක් මන් එයාගෙ බොස් හරිනම් මන් මේ කරන්නෙත් වරදක්... අනික එයා මන් ගැන කොයි විදිහට හිතන් ඉන්නවද කියලා මන් දන්නෙ නෑනෙ......"

චලන කියද්දි සහස් ලොකු හුස්මක් හෙලුවා..

" මන් දෙයක් කියන්නම් අයියෙ....මන් අදටත් පොඩ්ඩක් පසුතැවෙන දෙයක් තමා මන් කවීට ආදරෙයි කියලා කියන්න පරක්කු උන එක.. මගෙ ඒ මෝඩ තීරණය නිසා මට තව පොඩ්ඩෙන් මේක්ව නැති වෙනවා ඒක නිසා මන් කියන්නෙ ඔයා පුලුවන් තරම් ඉක්මනට යශිර එක්ක මේ ගැන කතා කරන්න..."

"ඔව් මමත් කියන්නෙ ඒකනම් ඇත්ත..යශිර කියන්නෙ කලාතුරකින් හම්බ වෙන පට්ටම ගතිගුන තියන කොල්ලෙක්... නිකමට වත් තමුසෙ හිතුවෙ නැද්ද අයියෙ ඕක පස්සෙන් කොල්ලො කී දෙනෙක් මේ වෙද්දි දපනෙ වැටිලා ඇද්ද කියලා... මොකෝ මටවගේ එහෙම කොල්ලෙක් සෙට් උනොත් මන් නම් නිකන් ඉන්නෙ නෑ..."

කවී කියද්දි සහස් එක පාරටම කවීගෙ කන තද කරලා මිරිකුවා...

" ආව් අ..ආව්ව්..... අනේ බන් මන් ඉතින් කතාවට කිව්ව මිසක් ඇත්තටම කිව්ව් නෙවෙයි.... මගෙ එකම ආදරය උබ උබම විතරමයි....."

කවී කියන ගමන් සහස්ට තුරුල් වෙද්දි සහස් කවීගෙ ලගට තුරුල් උනා...

ඒක බලන් ඉදපු චලන හිනා වෙන ගමන් ඇත්තටම කල්පනා කරන්න ගත්තෙ කවී කිව්ව දේ ඇත්ත නේද කියලා..

" චලන අයියෙ..."

"කියන්න සහස්...."

"කවී කිව්ව එක ඇත්ත හැබැයි...මේකයි මන් දන්න තරමින් එයාට තවම කෙනෙක් නෑ ඒත් ඒක කවද වෙනකම් එහෙම තියෙයිද කියලා මන් දන්නෙ නෑ..."

" මන් දන්නව මල්ලි..ඒත්...."

"ඒත් කියන්නෙ...."

"මට බයයි බන්... මට මගෙ කොල්ලව නැති කරගන්න බැ...මට බයයි එයා මේ ගැන දැනගත්තහම මගෙන් ඈත් වෙයිද කියලා...එහෙම උනොත් මට ඒක දරාගන්න බෑ...."

"මන් දන්නවා බන්..ඔයා විතරක් නෙවෙයි කවී..මම් අපි දෙන්න්ම ඔය හැගීම ගැන දන්නවා හොදටම ඒත් එකම විසදුම ඔයා යශිර එක කතා කරන එකම විතරයි...."

.............................................................................

" අයියෙ.. යන්නෙ නැද්ද අද...."

මෙච්චර වෙලා චලන සෙනසුරාදා කවී එක්කයි සහස් එක්කයි කතා කරපු දේවල් වල මතකයත් එක්ක පැටලිලා ඉදලා යශිරගෙ කටහඩින් පියවි සිහියට ආපු ගමන් එයාගෙ ෆෝන් එකෙන් වෙලාව බැලුවෙ එයාට වෙලාව ගැන කිසිම අදහසක් නොතිබුන නිසා...

" හපොයි පහයි කාලයි..."

චලන එයාට කියාගෙන එයාගෙ එහාපැත්තෙ ඉන්න යශිර දිහා බැලුවා...

චලනයි යශිරයි බෑක් එක හදාගෙන ඉවර වෙලා පහලට එද්දි චලනට තේරුනා යශිර අද වෙනද උස්සන් එන ෆුල්ෆේස් හෙල්මට් එක අරන් නෙවෙයි නේද ඇව්ල්ල තියෙන්නේ කියලා...

"ඔයා බයික් එකේ නෙවෙයිද මල්ලි ආවෙ...."

"අනේ නෑ අයියෙ උදේ ඔක්කොම කරගෙන ඇවිල්ල බලද්දි බයික් එකේ ටයර් පන්ච් එකක් ඒපාර ලොකු අයිය තමා මාව ඩ්‍රොප් කරන් ගියෙ..."

"ආහ්..එතකොට අද බස් එකේද යන්නෙ..."

"හ්ම්ම්...ඔව්..."

"හා යමු එහෙනම්...."

චලන කියද්දි යශිරගෙ ෆෝන් එක රිංග්ස් යන සද්දෙ චලනට ඇහුනා..

යශිරටත් ඒක ඇහිලා එයා ෆෝන් එක සාක්කුවෙන් ඇදලා ගනිද්දි චලන බලන් ඉදියෙ යශිර කෝල් එක ඉවර කරනකම්...ඒත් එක්කම චලන්ගෙ හිත කිව්වෙ යශිර එක්ක නිදහසේ කතා කරන්න අද හොද දවසක් කියලා ...

"ඔව් අයියෙ... මන් ඕෆ්...
ඔයා එනව... නෑ මන් බස් එකේ යන්නම් අවුලක් නෑ...හරි..හරි මන් එන්නම්..."

චලන ඉදපු අවදානෙ ඉදන්ම යශිරගෙ කෝල් එකට කන් දෙද්දි යශිර ෆෝන් එක කට් කරලා දාල චලන දිහා බැලුවා..

" කවුද ඔයාගෙ අයියද...."

"නෑ අයියෙ බිනර අයියා.. එයා ලගලු ඉන්නෙ මාවත් එක්ක යන්නම්ලු..."

යශිර කියද්දි චලනගෙ හිතේ තිබ්බ ඔක්කොම බලාපොරොත්තු බිදිලා ගියා....
එත් එයා වෙනසක් නොදැනෙන්න කතා කරා...

" හ්ම්ම්.. ඒකත් හොදයි මේ වෙලාවට බස් වල යද්දි එපා වෙනවනෙ..."

චලන කියද්දි යශිර යාන්තම් හිනා උනේ ඔව් කියන්න වගේ...

දෙන්නත් එක්කම කැබින් එකෙන් එලියට ඇවිල්ලා පහලට යද්දි චලන දුර තියාම දැක්කා පාරෙ නවත්තලා තිබ්බ බිනරගෙ කාර් එක....

" මන් යන්නම් යශිර හෙට හම්බ වෙමුකො..."

තවත් හිත රිදෙන්න කලින්ම චලන යශිරට සමු දීල යන්න යද්දි යශිර මොකාක් හරි කියන්න යනවා කියලා චලනට දැනුනත් එයා ටක් ගාල අඩියට දෙකට යන්න ගියෙ බිනර  යශිරට ලන් වෙලා ඉන්නව එයාට දරාගන්න බැරි නිසා..

චලන දන්නව බ්නර යශිරගෙ පවුලෙ ලගම හිතවතෙක් වගේම යශිරට ගොඩක් ලග කෙනෙක් කියලා ඒත් බිනර යශිරට ලන් වෙන විදිහ යශිරව පරිස්සමෙන් තියන් විදිහ යශිරව බලාගන්න විදිහ දකිද්දි එයාට දැනෙන්නෙ හරියට බිනර ඒ තියන් ඉන්නෙ එයාට අයිති දෙයක් වගේ.. ඒ වෙලාවට එයාගෙ හිත පිරිල යන ඒ හැගීම් ගොන්න චලන ගොඩක් නුපුරුදුයි කියලයි ඒ හැම වෙලැවකම එයාට දැනුනේ ඒ වගේම එයා ඒ හැගීම විදින්න ආස උනේ නෑ...

චලන පාර දිගේ ඒ කල්පනාවෙන් යද්දි එක පාරටම එයා ලග නතර කරපු කාර් එකක හෝන් එකක් සද්ද වෙද්දි එයා එක පාරටම ගැස්සිලා ගියත් එයා ආයිමත් ඒ කාර් එක දිහා බැලුවෙ කාර් එකේ ඉස්සරහ ජනේලෙ වීදුරුව පාත් වෙද්දි...

" ආ බොසා..මොකෝ මේ පයින්ම...."

බිනරගෙ කටහඩ කාලෙකින් කාර් එක ඇතුලෙන් ඇහෙද්දි සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා චලනට හිතාගන්න බැරි උනා..එයා බිනරට මූන නොදී පැනල ගියත් බිනර ආයි එයාව හොයාගෙන ඇවිල්ල තියනව දකිද්දි එයාගෙ හිත නෝක්කාඩු කිව්වත් එයාගෙ පැත්තෙම තිබ්බ සීට් එකේ ජනේලෙ ලග  වාඩි වෙලා පොඩි එකෙක් වගේ හිනා වෙවී ඉන්න යශිරව දකිද්දි එයාගෙ හිතේ තිබ්බ  නෝකාඩුව එක පාරටම නැති වෙලා ගියා..

" මේ නැගපන් මන් ලිෆ්ට් එකක් දෙන්නම්....."

බිනර කියද්දි චලන දෙපාරක් නොහිතා කාර් එකේ ලගට ආවෙ යශිරගෙ හිනාවටම.ඇස් රවදගෙන...

ඒත් එක්කම යශිර දාගෙන ඉදප්‍ය් සීට් බෙල්ට් එක ගලවද්දි චලන වගේමබිනරත් බැලුවෙ මොකද්ද මේ කොල්ලා කරන්න හදන්නෙ කියලා

" සුදූ...."

බිනර කියද්දි යශිර කතා කරා...

" මන් පස්සට යන්නම්...."

බිනර ඒකට හා කියන්නත්  කලින් යශිර කාර් එකෙන් බැහැලා චලන එක්ක හිනා වෙන ගමන්ම පිටිපස්සෙ සීට් එකට නැගලා දොර වහගනිද්දි චලන ආයිමත් බිනර දිහා බැලුවා...

" නැගපන් කොල්ලො...."

බිනර කිව්ව උනත් ඒ කටහඩේ අමුතුම නොපැහැදිලි කමක් රැදිලා නේද කියලා චලනගෙ හිත  කියද්දි චලන කාර් එකට නැග්ගා....
....................................................................

" උබ තාම පුරුදු පරිදි පයින්මයි නේද ගමන...."

" ඔව් බන්.. ඇගටත් හොදයි පොකට් එකටත් හොදයිනෙ..."

" උබනම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ චලනයා... ඉස්සර ඉදපු පිස්සු ඩයල.එකම තමා..."

"උබත් කලින් ඉදියා වගේම තමා... මොකො අද මේපැත්තෙ බන්..."

"නෑ බන් අද පොඩ්ඩක් කලින්  ඔෆ් උනා සුදු මල්ලි බයික් එකෙයි නෙවෙයිනෙ අද ආවෙත් වැඩට ඉතින් මන් එයාව ගන්න එක්කම ආවා..."

බිනර කාර් එකේ ඉස්සරහ වීදුරුවෙන් යශිර දිහා බලන ගමන් කියද්දි චලන ඒ දිහා උවමනාවෙන්ම බැලුවා..

යශිර දිහා බලන වාරයක් පාසා බිනරගෙ ඇස් වල තියන ඒ බැල්ම හරියටම මොකද්ද කියලා තත්පර ගානක් ඇතුලත චලනට තේරුම් යද්දි එයාගෙ හිත අමුතුම කලබලේකින් පිරෙද්දි එයා ලොකු හුස්මක් හෙලුවේ දැනෙන හැගීම් පාලනය කරගන්න ගමන්...

එයාට දැනුනේ හටියට බිනර එයාට අයිති දෙයක් හොරකන් කරන්න යනවා වගේ.. එයාට ජීව්තේ පලවෙනි වතාවට කියාගන්න බැරි බයක් හිතට දැනෙද්දි  ඒක එලියට නොපෙනෙන්න ඉන්න ලොකු උත්සහයක් ගන්න උනා... ඊලගට එයාගෙ හිත් කෑ ගහ ගහ අහන්න ගත්ත ප්‍රශ්නෙ උනේ එයා දැන්ටමත් පරක්කු වැඩිදෝ කියලා...

" චලන.... චලන...."

"ආහ්.. ඔව් බන් කියපන්...."
" උබ තවම ඉන්නෙ පරන තැනම නේද...."

"ඔව් බන්..."

"ම්ම්... මේ මොකද කියන්නෙ කාලෙකින් සෙට් උන එකේ අපි ඩිනර් අරගන්න යමුද...කතා කරෙත් නෑනෙ බන් අපි කාලෙකින්...."

"ම්ම්.. මට අවුලක් නෑ බන් යශිරට පරක්කු වෙණ්නෙ නැද්ද..."

" සූදූ... ඔයාට හදීස්සි නෑනෙ නේද..."

"නෑ බිනර අයියෙ...."

" එහෙනම් අවුලක් නෑ මොකද කියන්නෙ පරන ප්ලේස් එකටම යමුද...."

"හරි බන්...."

මතුසම්බන්දයි

Continue Reading

You'll Also Like

355K 35.8K 110
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရိုရိုချိုချိုနဲ့ မခါးတာလေး ဖတ်ချင်ရင် လာနော်
222K 5.5K 72
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
227K 8.5K 38
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...