|| LoVely TrUth 🌻🌎❤️__

By _yeon_nora_

515 120 21

" අවසානයේ වැටහුනේ ප්‍රේමය කියන්නෙම නුබව මට දැනෙන එකකට, අප අපටම මේ භවයේ අයිතියක් නැති උනත් නුබ වෙනුවෙන්ම ජීවත... More

chapter 01 🌻❤️🕸️
chapter 02 🌻❤️🕸️
chapter 03 🌻❤️🌎
chapter 04 🌻❤️🕸️
chapter 05 🌻❤️🌎
chapter 06 🌎❤️🌻
chapter 08 🌎🌻❤️
gl

chapter 07 🌻❤️👣

54 15 1
By _yeon_nora_

හවස 3.00 ට හෝල් එක අස් කරන්න එන්න කියලා තිබුනාට මන් යනකොට තුන හමාරත් පහු වෙලා හැමෝම හිමින් හිමින් ආතල් එකේ වැඩ ඉවර කරන්නෙ ආයෙ මෙහම එකතු වෙලා වැඩකරන්න අවස්තාව එන්නෙ තව අවුරුද්දකින් නිසා.....

යාලුවෝ එක්ක හිනා වෙවී පුටුවල අන්ක ගලවන රිශුව දැක්ක මගෙ හිතට සහනයක් දැනුනේ මේ කෙල්ල මෙහෙම ඉන්නවා දැක්කෙ සතියකට විතර පස්සෙ නිසා...

තිරුලි අක්කා මටත් ස්ටෙජ් එක පිටිපස්සෙ හිස් වතුර බෝතල් ටික අයින් කරන්න කියපු නිසා මාත් ඒ ටික අයින් කරන්න ගියා...බෝතල් ටික අයින් කරලා එතන අස් කරලා අතුගානකොට පහට කිට්ටුයි...අස් කරනකොට කොප්පෙක තිබුන බීම වගයක් ඇගට හැලුන නිසා මගෙ ඇදුමම විනාස උනා..

එලියට එනකොට රිශූවත් පේන්න හිටියෙ  නැති නිසා එහා හෝල් එකේ  11 සෙක්ශන් එකෙ උඩ වොශ් රූම් එකට යන්න ගියේ මේ ටික හොදගන්න...

පඩිපෙල නැගලා ඉවරවෙනවත් එක්කම එතන තිබුන store room එකට කවුදෝ මාව ඇදාලා ගත්තෙ එකපාරටම මොකද උනේ කියලා මටවත් හිතාගන්න බැරි වෙනකොට

රශ්මි නංගි ඔයා මොකද මෙතන කරන්නෙ main hall එකේ නෙද හිටියේ

"'මට ඔයාව තනියම හම්බෙන්න ඔන උනා අක්කෙ එකයි මන් ඔයා එනවා දැකලා ඔයාට කලින් ආවේ..මෙතනින් ඉදගන්නකෝ.""

Store room  එකෙ කොනේ තියලා තිබුන පරන බංකුව පෙන්නපු රිශූ එතන එක කොනක වාඩී උනා මාත් එතනින් වාඩී උනේ මොනවද මෙ කෙල්ලට කියන්න තියෙන්නෙ කියලා බලන්න

"මෙකයි අක්කා මන් හිතන් හිටියේ මේක ඔයාට කවදාවත් කියන්නේ නෑ කියලා...ගොඩක් කල්පනා කලා මන් මේ ගැන එත් තවත් මට මෙ දේවල් හිර කරන් ඉන්න බෑ වගේ.."

බිම බලාගෙන ඔහේ කියවන රිශුගෙ ඇස් ටිකෙන් ටික කදුලෙන් පිරිලා ගියේ මාව තව තවත් කුතුහලයෙන් පැටලෙනකොට...එයාගේ ඔලුව උස්සලා වැටෙන්න ඔන්න මෙන්න තිබුන කදුලු මගෙ ලෙන්සුවෙන් පිහදලා එයාගෙ  අත්  මගෙ අතට ආරගෙන මන් කතා කලා.

මොකෝ මේ කියන්නකෝ ඉතින්...මොකක් හරි ප්‍රශ්නයක්ද  අඩන්නෙ නැතුව කියන්නකෝ ඉතිම්...

"අක්කා මට ඔයා ගැන යාලුවෙක්ට වඩා හිතෙනවා...මන් හිතන්නෙ මන් ඔයාට ආදරෙයි එහෙම වෙන්න පුළුවන්ද ...මාත් එක්ක තර්හා නෑ නේද...එත් මේ ටික දවසට මට ඔයා නැතුව ඉන්න බැරිම තරම්...හැම වෙලෙම මතක් වෙනවා..මන් එක නවත්තගන්න හැදුවා එත් මට බෑ....ගෙවුන සතිය පුරාවටම මන් ඔයාව මගෑරලා බොහොම අමාරුවෙන් හිටියේ"

රිශු මේ කියන එවා මට නිකම් හීනයක් වගේ..මන් හිතින් ආදරය කරපු මේ කෙල්ලම මට ආදරේ කරලා..මට ඇත්තටම ගොඩක් සතුටුයි එකපාරටම කියන්නෙ මොනවද කියලා හිතාගා බැරි උනත් රිශුගේ බලාපොරොත්තු පිරුනු ඇස් දිහා බලාගෙන මන් කතා කලා.

ආ එකද ඉතිම් මේ මොකද අඩන්නෙ...අහන්නකෝ මාත් ඔයාට කැමතියි...මාත් ආදරෙයි මැනික...

එකපාරටම රිශු මාව තදින් බදාගත්තේ මාත් පෙරලා එයාව බදාගන්නකොට...එ හදවත වෙගෙන් ගැහෙනවා...ඒ පර්ෆියුම් සුවද නහයට සැරට දැනෙනවා හිත ඉල්ලපු ඒ උනුසුම..මන් තවත් එයාට ලන් වෙලා තදින් බදාගත්තා...ටික වෙලාවකින් ආපහු අයින් උන රිශි ලැජ්ජාවෙන් වගෙ බිම බලාගත්තා..

හිමින් සිරුවෙ මන් එයාගේ විසිරුනු කොන්ඩේ එකතු කරලා එයාගේ මූන අත් දෙකෙන්ම අල්ලගත්තා එයාගේ මූනටම ලන් උනාම එයාගේ ලිප්ස්වලට ලන් වෙන්න මට ඔන උනා....මෙච්චර කල් හංගන් හිටිය හැම හැගීමකින්ම නිදහස් වෙන්න මට ඔන උනා...එයාගේ දිලිසෙන ඇස් දිහා ටික වෙලාවක්  බලාගෙන හිටපු මන් හෙමින් එයාගේ රෝස පාට ලිප්ස් වලට පාත් උන මන් එයාගේ ලිප්ස් මගෙ ලිප්ස් වලින් අල්ලගත්තේ රිශුගේ අත් මගේ ඉන වටේ එතෙද්දි මාව තව තවත් එයාට ලන් වෙනකොට මට තවත් එයාව ඔන උනා........

මටම පුදුමයි මන් ගැන මේ මගේ පලවෙනි වතාව එත් මේ මොහොතෙ අතරමන් වෙලා හිටපු මන් රිශුගෙ තොල් රලුවට සිපගත්තා...

පඩිපෙල පල්ලෙහායින් ඇහුන සද්දෙට ටක් ගාලා එහාට උන මායි රිශුයි රූම් එකෙන් එලියට ආවම තමා මට මතක් උනේ ඇගේ හැලුන බීම එක හොදගන්න නේ ආවේ කියලා කොහෙත මේ වෙඩිම නිසා එකත් අමතක උනා...රිශු එක්කම වොශ් රුම් එකට ගියපු මන් එයාගෙ උදව්වෙනුත් එක්ක කහට පෑල්ලම හොදලා ඉවර උනා...

ආපහු හිතට ආව ක්ශනික හැගිමට ටක් ගාලා රිශුගෙ තොල් වලට එබුන මන් කෙටි හාදුවක් දිලා රීශුවත් ඇදගෙන වොශ් රූම් එකෙන් එලියට ආවේ රිශූ ලැජ්ජාවට රතු වෙලා බිම බලාගන්නකොට....

තදින් අත් දෙක අල්ලගෙන පඩිපෙල බැහැපු අපි දෙන්නගේ ජීවිත වල අලුත්ම පිටුවක් අද පෙරලුනා..මට ඔන මේ පිටුව ලස්සනට පාට කරන්න....මේ ආදරෙ පරිස්සම් කරන්න හැම දාම සතුටින් ඉන්න...

පහලට ආව අපි ආපහු හෝල් එක අස් කරලා ඔක්කොම වැඩ ඉවර කරලා ගෙදර එන්න ලෑස්ති උනේ ගෙදර ගියපු ගමන්ම රිශිට මැසෙජ් එකක් දාන පොරොන්දුව පිටයි ❤️


Continue Reading

You'll Also Like

759K 40K 21
This book is about the two daughters-in-law of Rajputs who have gotten married to the two Rajput siblings and are best friends as well even before be...
541K 25.7K 31
He's a blind mafia man, the heir who lost his eyesight. She's a kindhearted girl whose job is to take care of him. Will the two of them find their wa...
318K 18.4K 19
"ဘေးခြံကလာပြောတယ် ငလျှင်လှုပ်သွားလို့တဲ့.... မဟုတ်ရပါဘူးဗျာ...... ကျွန်တော် နှလုံးသားက သူ့နာမည်လေးကြွေကျတာပါ.... ကျွန်တော်ရင်ခုန်သံတွေက...
711K 43.6K 38
She was going to marry with her love but just right before getting married(very end moment)she had no other choice and had to marry his childhood acq...