|| Mystery of the Miracle Fa...

By itz_MAYAzz

1.6K 346 98

With your pure love, My soul was relieved... Status:- Completed Category:- Fanfiction Language:- Sinhala Pub... More

Disclaimer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Main Characters Introduction
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22

Chapter 23

115 14 13
By itz_MAYAzz


ඒ උදෑසන තරමක් උණුසුම් වුණේ ඒ සරත් සෘතුව නිසා වෙන්න පුළුවන්.. ගස්වල කොළ හෙමින් හෙමින් හැලෙන්න පටන් අරගෙන තිබුණා.. මුළු පරිසරය ම රතු කහ තැඹිලි පැහැයෙන් පිරිලා තිබුණා..

ඒ අතරින් පතර තවත් සමහර ගස් කෝල් පැහැයෙන් යුතු වුණේ ඒ තවම සරත් සෘතුවේ ආරම්භය කියන්න...

තද කළු පැහැති කමිසයත් අළු පැහැති කලිසමත් ඒකටම ගැලපුනා උස් කළු සපත්තු වගේම අතේ තිබුණු කබාය වගේ ම උඩට පීරලා තිබුණු කොණ්ඩය නිසා ජන්ග්කුක් ලඟින් වෙනස් ම පෙනුමක් දිස් වුණා...

වෙනදා ගමේ හැමෝටම හුරු ජන්ග්කුක් ජොන් වෙනුවට එතන හිටියේ වෙනස් ම කෙනෙක්..

" මෙතනයි අපේ මුල්ම හමුවීම.. "

තමන්ගේ ඉස්සරහ තියෙන දේව රූපය දිහා බලන් ඉන්න ටේහියුන් ට ජන්ග්කුක් කිව්වා.. ජන්ග්කුක් දිහා බලපු ටේහියුන් ජන්ග්කුක් ට හිනා වෙලා ආයෙමත් ඉස්සරහ බලා ගත්තා..

" මං දැනගෙන හිටියේ නෑ ඔයා මෙතනදි මාව දැක්කා කියලා.. ඒත් මං නම් ඔයාව දැක්කේ ඊට කලින්.. "

ජන්ග්කුක් අහක බලාගත්තා ටේහියුන් ඒ ගැන කලින් ජන්ග්කුක් ට කියලා තිබ්බ නිසා.. ඇත්තටම ඒකට නම් ජන්ග්කුක් ට පොඩි ලැජ්ජාවක් දැනුනා..

" හහ් ඔයා නම් හරිම නරකයි ටේහියුන්.. "

ජන්ග්කුක් කියනකොට ටේහියුන් කරේ අතීත මතකයන් ඔස්සේ හිනා වුණ එක.. මෑතකාලීන ව ලැබුණ ලස්සන මතක.. ඒවා මින් ඉදිරියට ජන්ග්කුක් එක්ක තියෙයි අනිවාර්යයෙන්ම..

ටේහියුන් ජන්ග්කුක් දෙන්නා දේවස්ථානයෙන් බැස්සේය එකටමයි.. ඒ දෙන්නගෙම ගමනාන්තය වුණේ හැමදාම එයාලා මුණ ගැහෙන අත්තම්මා ගේ වත්තේ විලෝ ගහ.. ගුරු පාර දිගේ ඇවිදගෙන ගියේ ඒ වත්තට ඉක්මනින් යන්න ඕන නිසා..

සමහර ගස් කොල පැහැති වුනත් ගොඩක් ගස් වර්ග තිබුණේ කහ තැඹිලි රතු පැහැ වලින්.. ගස් වලින් හැලෙන කොල පාර පුරා රටා මවලා තිබුණා.. 

ඒ අතරින් පතර තිබුණු සරත් සෘතුවේ මල් වර්ග ඒ පාර තවත් සුන්දර කරා..

<>

" ඉතින් එහෙනම් දැන් වැඩේ හරිනේ මිස් ලීසා.. "

" ජිමින් ඔයා නම් ගොඩක් හොඳයි.. ඇත්තටම මෙහෙම දෙයක් කරේ කොහොමද.. "

" අමතක කරන්න එපා මං සයිබර් සිකුරුටි (cyber security) කෙනෙක්..  "

ජිමින් කියනකොට ලීසා කරේ හිනා වුණ එක.. මොනවා වුනත් ජිමින් ගේ දක්ශතාවය උපකාරය නිසා ලීසාට පුළුවන් වුණා අවශ්‍ය දත්ත ලබා ගන්න..

එක්දහස් නවසිය පනහෙ ඉඳන් වර්තමානයේ සිදු කරන පරීක්ෂණ දක්වා හැම වාර්තාවක් ම ඒ හා සම්බන්ධ වීඩියෝ පට ආදිය පැහැදිලි ව මේ දත්ත ගබඩා තුළ තිබීම ඒ අයට ලොකු පහසුවක් වුණා..

මේක ඒ තරම් සුණු අපරාධයක් නෙවෙයි.. ටේහියුන් කිම් කියන්නේ මේ අපරාධය ට මුහුණ දුන්න එක් අයෙක් විතරයි.. තව විශාල පිරිසක් හිටියා මේ නිසා පීඩා විඳපු.. අද මේ මොහොතේ එයාලා හැමෝම වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කරන්න ලීසා ඇතුළු කණ්ඩායම ට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි..

" මේවා හරිම කුරිරු යි.. කොහොමද මිනිස්සු මේ තරම් දරුණු දේවල් කරන්නේ.. "

ජන්ග්කුක් ඇහුවේ වේදනාබරව.. මේ දකින පැරණි විඩියෝ පට ඡායාරූප නිසා ජන්ග්කුක් ට අමාරු වුණේ නැහැ ඒ වේදනාවන් අඳුරගන්න.. ටේහියුන් වුනත් මේ වේදනාව වින්දා කියන දේ හිතට දැනෙනකොට ඒක ජන්ග්කුක් ට තවත් රිද්දුවා...

හැමදේම පටන් ගත්තේ ජිමින් ටයි ජන්ග්කුක් ටයි එදා හම්බවුන ලිපි වලින්.. මුලදී ඒ අය නිකං කෝල් කෑල්ලක් කියලා ගනන් නොගත්තට ජන්ග්කුක් ගේ සියුම් ඇස්වලට හුරු පුරුදු ලකුණක් ගැටුණේ පරීක්ෂණය අවසන් කරන්න මග පාදමින්..

පැහැදිලිවම ඒ සලකුණ තමන්ගේ රැකියා ස්ථානයට අයිති දෙයක් කියලා අදුරගන්න පුළුවන් වුණ ජන්ග්කුක් ඒ බව ලීසා ට දැන්නුවා..

වසර කීපයක් තිස්සේ ලීසාටත් මේ ආයතනය ගැන සහ ආයතන ප්‍රධානීන් ගැන ලීසාට යම් යම් සැක කටයුතු දේවල් හොයා ගන්න බැරි වුණ නිසා ඒ පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි වුණා.. ඉතිං මේ අවස්ථාව ලීසා මග හරීවි ද..

ඒ ලැබුණු සාක්ෂිය ඔස්සේ රජය විසින් දීපු විශේෂ වරෙන්තුවත් එක්කම ජන්ග්කුක් ගේ රැකියා ස්ථානයට පැමිණෙන ලීසා හැමදෙයක්ම පරීක්ෂා කරන්න පටන් ගන්නවා.. මුලින්ම දත්ත ගබඩාව ට ඇතුල් වුණ ලීසා තමන්ට අවශ්‍ය සාක්ෂි ලබා ගන්නා අතරේ අනික් නිලධාරීන් සමත් වෙනවා පරීක්ෂණ වලට භාවිතා කරන තරුණයින් වගේම පොඩි ළමයි හොයාගන්න..

මෑත කාලීන ව අතුරුදන් වූවන් ගේ ලැයිස්තුව තුල ඒ අයගේ නම් සඳහන් වෙලා තිබුණා..

මේ ආයතනයේ නිර්මාතෘ ගේ ප්‍රධාන අරමුණ මේ වගේ දරුණු පරීක්ෂණ කටයුතු කරලා මුදල් ඉපයීම බවත් ඒ අපරාධය වර්තමානය දක්වා ඔවුන් විසින් සිදු කරන බවත් හොයා ගන්න ලීසාට පුළුවන් වුනා..

ඒ අනුව වර්තමාන ප්‍රධානී ඇන්ඩර්සන් මහතාව අත්අඩංගුවට ගන්න ඒ අයට පුළුවන් වෙනවා.. ඒ වගේම මේ අපරාධය ට මුහුණ දුන්න සියලු දෙනා ට සාධාරණයක් ඉශ්ට කරන්න රජය තීරණය කරනවා..

ඒ අනුව දශක ගණනාවක් තිස්සේ සිද්ධ වුණ අපරාධයක් අහඹු සිදුවීමක් නිසා එහෙමත් නැත්නම් අහඹු මුණගැසීම ක් නිසා ලෝකයටම හෙලි වෙනවා..

සමහර විට එදා ටේහියුන් ව ජන්ග්කුක් ට මුණ නොගැහුනා නම්..

එදා ජන්ග්කුක් ගොවිපලට නොගියා නම්..

ජන්ග්කුක් ඒ ගම්මානයට නොගියා නම්..

ඇන්ඩර්සන් පවුල විසින් මේ අපරාධය තවත් සාර්ථක ව කරගෙන යන්න ඉඩ තිබුණා.. තවත් පිරිසක ගේ නම් අතුරුදන් වූවන් ගේ ලැයිස්තුව ට ඇතුලත් වෙන්න තිබුණා..

ඒත් දෛවය ඒ දේ වෙනස් කරා...

<>

හැම මතකයක් ම වගේ එකතු වුණු අත්තම්මා ගේ වත්තේ විලෝ ගහ යට ජන්ග්කුක් ටේහියුන් දෙතැනකින් වාඩි වෙලා හිටියා.. ටේහියුන් ඇස් ගොවිපල දෙසට යොමු වෙලා තිබුණත් ජන්ග්කුක් ගේ වේදනාබර ඇස් යොමු වුණේ ටේහියුන් දිහාවට..

" එදා වගේම අදත් ලස්සනයි එතන.. "

ගොවිපල දිහා බලන් ගමන් මුමුණපු ටේහියුන් ජන්ග්කුක් දිහාවට හැරෙන කොට දැක්කේ ඒ ඇස් තමන්ට යොමු වෙලා තියෙන විදිය..

" ටේහියුන්.. "

ජන්ග්කුක් ගේ හඬ වේදනාවෙන් පිරිලා.. ජන්ග්කුක් ට ඕන වුණා අඬන්න.. ඒත් එයාට බෑ ඒ දේ කරන්න..

ටේහියුන් ට බැරිවුනේ නෑ ජන්ග්කුක් ගේ වේදනාව අඳුර ගන්න.. ඒ හා සමාන වේදනාවකින් ටේහියුන් පසු වුණා.. ඒ වුණත් මෙතන ඉඳන් වසර ගණනාවක් සමහර විට ජන්ග්කුක් ඒ වේදනාව එක්කම ජීවත් වෙයි..

ජන්ග්කුක් ළඟට ඇවිදගෙන ආවා ටේහියුන් හිමින් තමන්ගේ තොල් තිබ්බේ ජන්ග්කුක් ගේ තොල් මතින්... හැමදාම ටේහියුන් ලඟින් දැනෙන සීතල ඒ මොහොතෙත් ජන්ග්කුක් ට දැනුනා..

" අපිට දැන් යන්න වෙලාව හරි.. "

ටේහියුන් ඈත් වෙන ගමන් කිව්වා..

" ජන්ග්කුකා.. එන්න අපි සෙමෙට්‍රි එකට යන්න ඕන.. දැන් ඔතන හිටියා ඇති නේද.. "

ජිමින් රෝස් ජීසූ තුන්දෙනා වත්තට ඇතුළු වෙන ගමන් කිව්වා.. ජන්ග්කුක් නැගිටලා ආවේ ඒ නිසා.. ජන්ග්කුක් ඒ අයට එකතු වෙනකොට ටේහියුන් ඒ පසුපසින් ඒ අයට එකතු වුණා..

සොහොන තුල තැනින් තැන තිබුණු සොහොන් කොත් ඇතුලේ එදා හම්බ වුණා මෘත ශරීර වලලලා තිබුණා..

' ටේහියුන් කිම් '

විදියට නම සඳහන් වුණ සොහොන් කොත ලඟ ජන්ග්කුක් දන ගහගත්තේ අතේ තිබුණු කැනා ලිලී මල් පොකුරත් සොහොන මතින් තියන ගමන්.. අනික් පසින් ජිසූ ඉටිපන්දමක් දැල්ලුවා..

සරත් සෘතුවේ පිපෙන කැනා ලීලි මල් වලට ටේහියුන් ආදරය කරා.. ටේහියුන් කියන්නේ ඒ මල් ටේහියුන් ගේ ජීවිතය වගේ ලු.. කැනා ලිලී ඉක්මනින් පරවෙන මල් ජාතියක්.. ඒ වගේම එයාගේ ජීවිතයත් නැතිවුණා කියලා තමයි ටේහියුන් කියන්නේ..

" මේ සියලු ආත්ම වලට ඔවුන්ගේ සැනසීම ලැබේවා.. දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කරනු ඇත... "

පියතුමන් ගේ හඬ පැතිරිලා ගියේ ඒ අවට පරිසරය නිහඬ කරමින්.. ඒ අවට පරිසරයත් දුක්මුසු ස්වභාවයක් ගත්තේ ඒ මොහොත වෙනුවෙන් තමන් ගේ ශෝකය ප්‍රකාශ කරලා..

දේව මෙහෙය අවසානයේ තමතමන්ගේ මියගිය අයට අවසන් ගෞරව දක්වපු පිරිස පිටවෙලා ගියේ ජන්ග්කුක් ජිමින් ලීසා ජිසූ පිරිස එතන ඉතුරු කරලා..

තවම ටේහියුන් ගේ සොහොන දිහා බලන් ඉන්න ජන්ග්කුක් වේදනාබරව හිනා වුණා...

" ශක්තිමත් වෙන්න සහෝදරයා.. ඒක අපේ දෛවය වෙන්න පුළුවන්.. "

ජන්ග්කුක් ගේ පිටට තට්ටු කරපු ලීසා අවසාන වශයෙන් එතනින් පිටවුණේ ජන්ග්කුක් එතනින් පිට වෙන්න සූදානම් වෙනකොට..

" ඔයාගේ නිදහස හොයාගන්න ටේහියුන්.. "

ජන්ග්කුක් නැගිටලා පිටතට ආවා.. ඒත් පරිසරයෙන් හමන් ආව සුළං පොද ටේහියුන් ගේ සොහොන අසලින් ගියේ නැවත වරක් ජන්ග්කුක් ගේ ඇස් ඒ දෙසට යොමු කරන ගමන්...

ඈතින් හිටිය ටේහියුන් ජන්ග්කුක් ට අත වැනුවා.. ටේහියුන් හිටියේ හෙමින් අතුරුදහන් වෙමින්.. ඒ කියන්නේ ටේහියුන් මෙතනින් නිදහස් වෙනවා.. ඒත් එක්කම දෙන්නගෙම මුවින් ගිලිහුණේ එකම වචන කිහිපයක්..















" With your pure love my soul was released  "
( ඔබේ පිවිතුරු ආදරයෙන් මගේ ආත්මය සැනසුනා.. )




දඩබ්බර ජන්ග්කුක් ගේ හිත නොකියූ ටේහියුන් ගේ ආදරය නිසා සැනසුනා...

වේදනාවෙන් පිරුණු ටේහියුන් ගේ ආත්මය ජන්ග්කුක් ගේ නොකියූ ආදරය නිසා සැනසුනා..

ඉතිං මේ ඒ කතාවේ අවසානය..

' ආශ්චර්යමත් ගොවිපලේ අභිරහස '

කතාවේ අවසානය මෙසේ සනිටුහන් කරමි..








THE END



Continue Reading

You'll Also Like

714 94 6
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀❪ 🐻🍂🎞️ ❫ ❝ give me your love cloud ❞ ⠀⠀⠀⠀⠀pursuing your dream still felt like a ⠀⠀⠀⠀⠀daydream even after so many yea...
8.8K 2K 11
I'm not lying..Truly I Love you..Please come to me because I want you.❤🥺
1.3K 87 16
I DON'T LIKE THIS, CHRISSY--- btw, this is a TMNT X Fem! Reader- Anyway, a story about a random teen wanting to do heroic stuff but, failing miserabl...