|| Mystery of the Miracle Fa...

By itz_MAYAzz

2K 371 99

With your pure love, My soul was relieved... Status:- Completed Category:- Fanfiction Language:- Sinhala Pub... More

Disclaimer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Main Characters Introduction
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 23

Chapter 22

59 14 5
By itz_MAYAzz


" මං_ මේ මං මැරුණු කෙනෙක් කියලා දැනගන්න කොට මට තේරුනේ නෑ කුකී මං මොකක් ද කරන්න ඕන කියලා... මට දැනුනේ ලොකු අසරණකමක්.. මේ අවුරුදු ගානටම මං හිටියේ ඒ අසරණකමත් එක්ක.."

ඔළුව පාත් කරගෙන හිටපු ටේහියුන් කිව්වේ අතේ ඇඟිලි එකට පටලවමින්.. ජන්ග්කුක් ඒ කතාව ඇහුවේ ඇස් වල දිලිසෙන කදුළු පුරෝගෙන.. ඒ ඇස් වලින් කදුළු කඩා නොවැටෙන විදියට ඉන්න ජන්ග්කුක් උත්සාහ කරේ ටේහියුන් ඉස්සරහා දුර්වලයෙක් නොවී ඉන්න ඕන නිසා..

ඒත් අඬන එක දුර්වලකමක් ද.. නැත්තං අඬන්න බැරුව එහෙම නැත්නම් තමන්ගේ හැඟීම් ලෝකෙට පෙන්නන්නේ නැතුව හිර කරගන්න කෙනා ද දුර්වල..

" මගේ ආත්මය මෙතන හිර වෙලා.. මට ඕන නිදහස් වෙන්න.. මේ හැමදේම අමතක කරලා ආයෙමත් මනුස්සයෙක් විදියට ඉපදෙන්න.. "

ටේහියුන් ආයෙමත් කිව්වා.. මේ වෙලාවේ ජන්ග්කුක් ට ඕන ටේහියුන් ව තමන්ගේ අත් අතරට අරගෙන සනසවන්න.. එදා පුළුවන් වුනත් අද බෑ.. ටේහියුන් ආත්මයක්.. එදා පුළුවන් වෙන්න ඇත්තේ සමහරවිට ඒ ජන්ග්කුක් ගේ මනස නිසා වෙන්න පුළුවන්..

" ටේයා.. මං මේ මං ඔයාට නිදහස වෙන්න උදව් කරන්නම්.. මේ ජන්ග්කුක් ඔයා වෙනුවෙන් ඒක කරන්නම්... "

<>

ලීසා කාර්යාල කුටියේ එහෙට මෙහෙට ඇවිදිමින් හිටියේ යමක් බලාපොරොත්තුවෙන්.. අන්තිමට එයා ගොවිපලට ගියපු වෙලාවේ රහස් පරීක්ෂක ලාලිසා මනෝබන් ට අනුව වැදගත් සාක්ෂියක් හම්බ වුණා..

ඉතිං අද මේ ලීසා ඉන්නේ ඒක තහවුරු කරන කම් මඟ බලාගෙන.. මේ සති කිහිපයක් තිස්සේ එයාලා කරගෙන ආපු පරීක්ෂණයේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් මේ සාක්ෂිය..

ඒ තරමට ඒක ප්‍රබලයි...

" මිස් ලීසා රිපෝට්ස් ආවා.. "

කලබලයෙන් තවත් සේවකයෙක් ලීසා ගේ කාර්යාල කුටියට ආවා.. ඒ ටැබ්ලටයක් අතේ තියාගෙන.. ඉක්මනට ලීසා ලඟට ලං වුණ ඒ සේවකයා ටැබ්ලටය ලීසා අතින් තිබ්බා...

ටැබ්ලටය තුලින් පෙනුන වාර්තාව හෙමින් පරීක්ෂා කරපු ලීසා ගේ මූණේ ඇදුනේ ජයග්‍රාහී හිනාවක්.. ඒක හරියට අපි සාර්ථකයි කියන්න වගේ..

" එහෙනම් දැන් වැඩ පටන් ගමු.. "

කට කොනින් හිනා වුණ ලීසා ආපහු ටැබ්ලටය අර සේවකයගේ අතට දුන්නා.. තමන්ගේ දුරකථනය අතට ගත්ත ලීසා ඇමතුවේ ජන්ග්කුක් ජොන් ව..

" මිස්ටර් ජොන්.. අපි සාර්ථකයි.. ඒක එතනට අයිති දෙයක්.. දැන් තියෙන්නේ වරෙන්තුවක් අරගෙන එතන චෙක් කරන්න.. අපිට සමහරවිට ඇත්ත හොයාගන්න පුළුවන් වෙයි.. "

ලීසා ගේ හඬේ තිබ්බේ ලොකු උද්‍යෝගයක්.. ඒත් ඇයි සමහරවිට කියන්නේ.. ඔව් මේක දශක කිහිපයකට කලින් වුණ අපරාධයක්.. ඉතිං මේක ගැන පැහැදිලි සාක්ෂිවත් අපරාධකාරයන් වත් හොයාගන්න පුළුවන් කමක් ලීසටවත් වෙන කාටවත් නෑ..

අඩුම එහෙම දෙයක් ජන්ග්කුක් ජොන් ට වත් බෑ.. ඒත් ඒක දෙයක් පුළුවන්..

ඒ මේ ගැන ඇත්ත හොයාගෙන ඒක ලෝකෙට හෙලි කරන්න.. ඒ වගේම වර්තමානයේ මෙහෙම අපරාධ සිද්ධ වෙනවා නම් ඒවා වලක්වා ගන්න..
.
.
.
.
.

ලීසාගේ පණිවිඩයත් එක්ක ජන්ග්කුක් එදා දවස ඇතුලතම ජිමින් එක්ක එයා ජීවත් වෙන නගරයට ආවා.. මේ පරීක්ෂණය ට සෘජුවම මැදිහත් වෙන්න අවසර තිබ්බ නිසා ඒ දෙන්නා ගියේ ලීසාට මුණ ගැහෙන්න..

" මිස් ලීසා.. "

" මිස්ටර් ජොන්.. මිස්ටර් පාර්ක්.. දෙන්නම හිතුවටත් වඩා කලින් ඇවිත්.. "

ලීසාගේ කාර්යාලයේ කොනක තිබුණු සෝෆාවක ඉඳ ගත්ත ජන්ග්කුක් ජිමින් දෙන්නා එක්ක ලීසා වැටුණේ ලොකු කතාවකට.. කාර්යාල සේවයකයන් විසින් පිලිගන්නපු අයිස් කෝපි ඒ වෙලාවේ හැටියට එතනට ගැලපුනා..

" ඇත්තටම මිස්ටර් ජොන්__ "

" ජන්ග්කුක් කියන්න මිස් ලීසා.. ලෙට්ස් බී ෆ්‍රෙන්ඩ්ස්.. "

" ඕකේ.. දෙන් යූ කැන් කෝල් මී ලීසා.. "

ජන්ග්කුක් ලීසා ජිමින් ඒ විදිහට යාළුවෝ වුණා.. මේ ජන්ග්කුක් ගේ ජීවිතයට හම්බවුන තවත් වැදගත් යාලුවෙක්..

" ඇත්තටම ජන්ග්කුක්.. ඔයාට විශ්වාසද එතන ඩේටා සර්වර් වල පරණ ඩේටා ඇති කියලා.. "

" ආහ්.. ම්ම් ඔව් ලීසා.. මට මතකයි මම එක පාරක් ටෙස්ට් එකකට ඕන කරපු ඩේටා වගයක් ගත්තා.. ඒකත් ඔය පරීක්ෂණ කරන්න කලින් අවුරුදු වල.. අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් මොනවම හරි දෙයක් එතන ඇති.. "

පරණ මතක අවදි කරන ගමන් ජන්ග්කුක් කිව්වා.. ලීසා හොඳට ඒවට අවධානය යොමු කරේ ඒ හැමදේම එයාට ගොඩක් වැදගත් නිසා..

<>

ජන්ග්කුක් තමන්ගේ රාජකාරි ස්ථානය ට ගියේ ජිමින් එක්කම තමයි... සති කීපයකට පස්සේ එතනට ගියපු ජන්ග්කුක් දැනුනේ තරමක් නුහුරු බවක්.. සමහරවිට ඒ ටික කාලෙකින් නිසා වෙන්න පුළුවන්.. හැබැයි එයාගේ ඇස්..

ඒ වගේ තිබ්බේ ලොකු තරහක්..

" ජන්ග්කුක් ආපහු ආව එක ගැන අපි සතුටු වෙනවා.. ජන්ග්කුක් නැති එක ලොකු පාඩුවක් වුණා අපිට.. "

කටකොනින් හිනාවුණ ජන්ග්කුක් තමන් වැඩ කරන විද්‍යාගාරය ට ආවා.. වෙනදා ඉන්න ඇනා හිනා වෙලා ම ජන්ග්කුක් ව පිළිගත්තා.. ජන්ග්කුක් පෙරලා හිනා වුණේ ඇනා පුදුම වෙනකොට..

තමන්ගේ පුටුවේ ඉඳගත් ජන්ග්කුක් බොහොම සැහැල්ලුවෙන් හොඳ හුස්මක් ගත්තා.. තමන්ගේ පුටුවට හේත්තු වුන ජන්ග්කුක් ඇස් පියාගත්තේ වෙන දේ දිහා ඇනා පුදුමෙන් බලනකොට..

වෙනදට විද්‍යාගාරයට ආව මොහොතේ ඉඳන් වැඩ කරන ජන්ග්කුක් අද කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුව පුටුවකට හේත්තු වෙලා ඉන්නවා..

" සර්... අපි.. "

" ඔව් ඇනා.. "

" සර් අද මේ ටෙස්ට්__ "

" අහ් වෙයිට්.. මේ වෙලාවේ මට ඔය දේ කරන්න බෑ.. පොඩි වෙලාවක් මං මෙහෙම ඉන්නවා.. ඇනා ඔයත් ඔය කරන වැඩේ නවත්තලා ටිකක් රිලැක්ස් එකේ ඉන්න.. "

ඇසුත් පුදුම කරගෙන ජන්ග්කුක් දිහා බලාගෙන හිටපු ඇනා ටිකකින් එතනින් ඉවත් වුණා..

විනාඩි කීපයක් ඇස් පියාගෙන හිටපු ජන්ග්කුක් ඇස් ඇරියේ අතේ තියෙන සුහුරු අත් ඔරලෝසුවට ඇස් යවන ගමන්..

" මේක ඉවරයක් කරන්න වෙලාව හරි... "

ජන්ග්කුක් තමන්ගේ විද්‍යාගාරයේ ඉන්න අතරතුරේ ලීසා ඒ මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණේ තවත් පොලිස් නිලධාරීන් සමඟ.. මේ හදිසි ඇතුළු වීම නිසා එතන හිටපු හැමදෙනාම කලබල වුණා..

ලීසා ඒ පොලිස් නිලධාරීන් සමඟ ඉදිරියට ගියත් නවතින්න වුණේ ඒ මධ්‍යස්ථානයේ හිටපු ආරක්ෂක නිලධාරීන් නිසා..

" අපිට ස්පෙශල් වොරන්ටියක් තියෙනවා.. මම ලාලිසා මනෝබන්.. "

ලීසා කිව්ව ගමන් ආරක්ෂක නිලධාරීන් ඈත් වෙලා ඒ පිරිසට යන්න ඉඩ දුන්නා.. ඒ අය ගියේ එතන අධ්‍යක්ෂ ළඟට.. එතනින් නියමිත අවසර අරගෙන හුණු මධ්‍යස්ථානය ම විශේෂ පරීක්ෂාවකට ලක් කරන්න ලීසා කටයුතු කරා..

ඒ අතරින් ඒ ආයතනයට අයිති වුන දත්ත සමුදාය ලීසාගේ මූලිකත්වය එක්ක පරීක්ෂා කරා..

" නයින්ටීන් ෆ්‍රෝටි ෆයිව්.. ඒ කාලේ කරපු හැම දෙයක්ම චෙක් කරන්න.. "

ලීසාගේ අණත් එක්ක ක්‍රියාත්මක වුණ දත්ත විද්‍යාඥයා ඉක්මනින් ඒ වාර්තා ලීසාට ගෙනත් දුන්නා.. වාර්තාව බලපු ලීසාගේ මූණේ ඇදුනේ ඒ තරම් හොඳ හැඟීමක් නෙවෙයි..

ලීසා ට ඕන වුණ දේවල් එතන තිබුණේ නෑ.. ඒ කියන්නේ ලීසා අසාර්ථක ද...

" මිස් ලීස් ඔයා හොයන දේ මට පුළුවන් හොයලා දෙන්න.. "

ජිමින් මෙතනට ආවේ එතන අනික් අය පුදුම කරවන ගමන්.. ඉක්මනින් එතනින් වාඩි වුණ ජිමින් මේසය මත තිබ්බ අකුණු පරිගණකය ආධාරයෙන් යමක් කරන්න පටන් ගත්තා..

" මෙතන මොකක් හරි රහසක් තියනවා කියලා මම දැනගෙන හිටියා.. චෙක් කරන්න ඕන වුණත් වොරන්ටියක් නැතුව ඒක කරන්න බැරි නිසා මට ඒක කරගන්න බැරි වුණා.. "

ජිමින් කිව්වේ තමන්ගේ ඇඟිලි කඩිසරව එහෙ මෙහෙ ගෙනියන ගමන්.. ටික වෙලාවකින් ලීසා අතේ තිබුණු ටැබ්ලටය ආවේ විද්‍යුත් තැපෑල පණිවිඩ වගයක්..

ලීසා ඒවා පරීක්ෂා කරා.. ටිකකින් ජිමින් දිහා බලපු ලීසගේ මූණේ ඇදුනේ ජයග්‍රාහී හිනාවක්..
.
.
.
.
.
.
.

" මේ ජෛව රසායනික පර්යේෂණාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමීමටත්, දශක ගණනාවක් තිස්සේ මේ අපරාධය කරගෙන ආව මෙම ආයතනය භාර ඇන්ඩර්සන් පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමටත් තීරණය කරන ලදී..

ඒ වගේම මේ නිසා පවුලේ සාමාජිකයන් අහිමි වුණ පිරිසටත් මෙමගින් පාඩු සිදු වූ අයටත් විශේෂ වන්දි පිරිනැමීම ට රජය සැලසුම් කර ඇත.. "

තමන්ගේ ටැබ්ලටය පැත්තකින් තියපු ජන්ග්කුක් ලොකු හිනාවක් එක්ක වුනත් ගත්තේ වේදනාබර හුස්මක්.. ඒක තමන් ව සන්සුන් කරන්න ගත්ත උත්සහයක් වගේ..






















" අවසානයේ ඔයාට වුන අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරන්න අපිට පුළුවන් වුණා... "


Continue Reading

You'll Also Like

25K 847 65
When Gu Huaiyu was very young, he knew that the world he lived in was a combination of multiple cruel and cruel books. And he is the protagonist in t...
298K 14.6K 94
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...
1.1K 254 6
අපි දකින හැමදෙයක්ම ඇත්ත වෙන්න පුළුවන් ද ? වෙන්න ඕනි හැමදෙයක්ම සිද්ධ උනාට පස්සෙ පසුතැවිලා වැඩක් තියෙනව ද ? කැඩුනු විශ්වාසයක් ආයෙමත් කලින් විදිහටම ගොඩ...
215K 9.7K 59
Orm Kornnaphat's feelings for Lingling Sirilak have undergone a transformation over time. Initially, at the age of 11, Orm held an unromantic, platon...