Ol exam එක ඉවර උනා විතරයි ආයේ ප්‍රැක්ටිකල් එකත් දුන්නයින් පස්සෙ ඒකත් ඉවරයි. exam වලට busy උන නිසා කාලෙකින් මට park යන්නත් බැරි උනා එතන තියෙන නිස්කලංක කමත් එක්ක මන්ම කවිකාරිය උන මගේම කවියක අතරමන් උනාම දැනෙන නිදහස වචන වලට පෙරලන්න බැරි තරම්..
මන් සෙත්මි ..අම්මයි තාත්තයි ඉන්න මගෙ පවුලෙ එකම දරුවා මන් ඒ නිසා හැමෝගෙම ආදරේ මදි නොකියන්න මට ලැබෙනවා .වැඩිය සමාජ ආශ්‍රයක් නැති මට හොදම යාලුවෝ නෑ..මට හොදම යාලුවෙක් හදාගන්න උවමානාවක් තිබ්බෙත් නෑ ..සුපුරුදු තනියට මන් ආස කලා..
අද උදේම මන් ලෑස්ති උනෙ park යන්න...t-shirt එකයි trouser එකයි දාන් කොටටම කපලා තියෙන කොන්ඩෙ එහෙන් මේහෙන් අතින් හදාගෙන එක වැහෙන්න කැප් එකත් දාගෙන .පොඩි ෆයිල් බෑග් එකකට මගෙ කවිපොතයි පැනයි පෝන් එකයිත් දාගෙන අම්මට කියලා ටක් ගාලා පාරට ආවේ හැමදාම මිස් වෙන බස් එක අල්ලගන්න..එත් අද මන් පැය කාලක් කලින් එ නිසා මට ඒ බස් එකේ යන්න පුළුවන් උනා..බස් එකෙන් බැහලා ටික දුරක් පයින් ගියේ පාර්ක් එකට ටිකක් දුර නිසා
හැමදාම වගේ අදත් නා ගහ යට තියෙන බංකුව හිස් හරියට එතන මගෙ නමටම ලියවිලා වගේ..ටක් ගාලා ගිහිම් ඉදගත්තෙ වෙන කවුරු හරි මගෙ තැනට එයි කියලා හිතට ආව බයට .
මගේම කවියක නතර වෙලා හිටපු මන් ලියන්න පටන් අරන් තිබුන කවිය ඉවර කරලා පෝන් එක අතට අරන් වෙලාව බලනකොට 12.30 ඉක්මනට ගෙදර යන්න බස් ස්ටැන්ඩ් එකට ආවේ 1.30 හරක් ගාලක් අරිනවා වගෙ ස්කොලේ අරින නිසා ..බස් එකෙ ජනේල අයිනේ සීට් එකක ඉදගත්ත මන් කල්පනා කලේ මන් ගැනම..හරි හැටි අවබෝදයක් නැති කාලෙක මන් පටන් ගත්ත බැදීමක හිර වෙලා.. ඒක අසම්මතයක් මන් දන්නවා මන් වැරදි නෑ කියලා...බහුතරයක් කරන දේ සම්මත වෙලා අපි වගෙ සුලු පිරිසකගේ හැගීම් අසම්මතයක් කරපු හනමිටි සමාජයක අපි ජීවත් වෙන්නෙ..
මේ බැදීමෙන් මට අයින් වෙන්න ඔන උනත් මට ඒක කරන්න විදිහක් නෑ මොකද මන් තේරුමක් නැතුව මවපු බලාපොරොත්තු ඇතුලේ ඒ කෙල්ල ජීවත් වෙනවා..මෙවා මගේ වැරදි..වැරදි හදාගන්න පුළුවන් උනා එයාගෙ අසනීප හොද උනානම්.........දන්නෙම නැතුව බහින තැනටත් ඇවිල්ලා බස් එකෙන් බැහැලා ගෙදර ගියපු ගමන්ම ගියේ මගෙ භූත ගුහාව හොයන්..
Wash එකක් දාන් හොද නින්දක් දානවා කියලා හිතන් ඇදට වැටුනා විනාඩියක් ගියේ නෑ පෝන් එක රින්ග් උනේ තිස් තුන් කොටියක් දෙව්වරුන් මට සිහි කරමින් ...කෝල් කරලා එ අක්කා කිව්වේ ස්කොලේ සාහිත්‍ය සංගමයේ තියෙන වාර්ශික උත්සවයේ වැඩකටයුතු වලට මට අනිවාර්යයෙන් එන්න කියලා..
Exam වලින් පස්සෙ හොදට නිදාගන්නවා කියලා හිතන් හිටියට දැන් ඉතිම් හෙට උදේ ඉදම් ආපහු ස්කොලෙට පලයම්කො අනේ සෙතුවෝ උබෙනම් වෙලාවේම අවුලක්..අලුත් ඔරලෝසුවක් ගන්න වෙයි 😣💔😒
පහුවදා උදේ එලාර්ම් එකේ පිහිටෙන් නැගිට්ට මන් දඩිබිඩියේ ලෑස්ති වෙලා කෑමත් නොකා පාරට දිව්වේ හැමදාම මිස් වෙන බස් එක අල්ලගන්න...සොනික් වැහුනා වගේ දුවපු මාව පහු කරන් බස් එක ගියේ මට පුපෙනුත් හිනා වෙන ගමන් 😒💔...ඩ්‍රයිවර් මාත්තියාගෙ හත්මුතු පරම්පරාවම සිහි කරන ගමන් මන් හිමිට ස්ටෑන්ඩ් එකට ගියේ ඊලග බස් එක 7.10 නිසා...ස්කෝලෙට යනකොට 7.45 වෙනවා..මට මොකද මන් යන්නෙ මට ඔන වෙලාවට ඔනනම් අයින් කරයිනෙ..මට එතකොට ගෙදරට වෙලා නිදාගන්න පුළුවන් ආයෙත් ..
බස් එකේ ආව මන් පරක්කු වෙලා ස්කොලෙට ගියෙ මන් එනකම් සාහිත්‍ය කමිටුවේ ප්‍රසිඩන්ට් අක්කා මග රැකගෙන ඉන්නකොට😂💔..ම්ම්ම් සෙතුමියෝ උබව පිලිගන්න ප්‍රසිඩන්ට්ම ඇවිත් 😂💔
-මොකද නංගි මේ පරක්කු වෙලා ..වෙලාවට එන්න දන්නෙ නැද්ද අපි දැන් කොයි වෙලේ ඉදම්ද ඔයා එනකම් බලාගෙන ඉන්නෙ
+ බස් එක මිස් උනා අක්කෙ 😁
- හෙටවත් බස් එක මිස් නොකර කලින් එන්න
අක්කට හුම්ට් එක තියලා සාහිත්‍ය කමිටුව තියෙන හෝල් එකට ගියේ වැඩ පටන් ගන්න කියලා..ස්කොලෙ මගෙ හිච්චි හිච්චි කවි කතන්දර වලට හොද තැනක් තිබ්බා සාහිත්‍ය කමිටුවෙත් කෑපි පෙන එල සිස්සයෙක් මන්..
උදේ 10 වෙනකොට වැඩ ටික ඉවර උන නිසා මන් ගෙදර එන්න බස් ස්ටැන්ඩ් එකට ගියා..එතන හිටපු ටික දෙනෙක් මන් වගේ පරන අය අනිත් අයනම් අලුත් මට වඩා බාලයි ගොඩ දෙනෙක්ම ඔක්කොම වගේ 20 ක් විතර තමා හිටියේ ..ගෙදර ආව ගමන්ම නාලා කවි පොතත් අතට අරන් පෝන් එකත් ඔෆ් කරලා ඇදට වැටුනේ මන් ලියපු කවි කියවන්න හිතාගෙන..
තනිකමටම හුරු වෙලා හිටපු මන් මගේ හැගිම් බෙදාගත්තෙ කවි වලින්...ලියපු කවි කියනවන එක මගේ විනෝදාංශයක් වෙලා...
සමහර වෙලාවට මගෙ හිත මටම දොස් කියනවා ඇයි මන් එ කෙල්ලට තවත් බලාපොරොත්තු දෙන්නෙ කියලා..ඇයි මට කෙලින්ම අයින් වෙන්න බැරි එයාගෙන්...එයාගෙ මෙ අසනීප නැත්තම් මන් ඒහෙම කරනවා...ඔයාට බෑ සෙතු කෙනෙක්ගෙ ජීවිතයක් අපායක් කරන්න තමන්ගෙම වැරදි නිසා ඒ නිසා කොහොම හරි අල්ලන් ඉමු ..
දන්නෙම නැතුව නිදි දෙව්දුව ලගට කිට්ටු උනේ මන් කවි පොත වහලා නිදගත්තා..පහුවදාටත් අර මල කෙහෙල්මලට ගාටන්න එපැයි මගුල 😒💔