" එපා!!!!!! ටේහියුන් ව අත අරිනවා.. යාහ්... "
ජෝර්ජ් ගේ වැඩිමහල් සහෝදරයා කෑ ගැහුවත් ඔහුටත් පයින් පාරක් ගහපු ඒ පුද්ගලයින් ටේහියුන් ව එතනින් අරගෙන ගියා.. ටේහියුන් ට මේ වෙන කිසිම දෙයක් පැහැදිලි නෑ..
" ඒයි කොල්ලා නැගිටිනවා.. "
ටේහියුන් ට වතුර බාල්දියක් හලන ගමන් තවත් මනුස්සයෙක් කෑ ගැහුවා..
" අහ්.. ම්ම්ම්.. "
ටේහියුන් උත්සාහ කරේ අමාරුවෙන් වුනත් ඇස් අරින්න.. සීතල වතුර ඇඟ දිගේ ගලාගෙන යනකොට ටේහියුන් ගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා..
" හහ් මේ කොල්ලා පස්සෙ ගමු.. දැනට මේක ඉන්ජෙක්ට් කරන්න.. "
එතනට ආව වෙනත් කෙනෙක් අතේ තිබුණු සිරින්ජරය තව කෙනෙක් අතට පත් කරන ගමන් කිව්වා.. ඒ කෙනා ඒක අරගෙන ගිහින් ටේහියුන් ගේ අතේ උඩ කොටසට විද්දා..
ටික වෙලාවකින් ටේහියුන් ට දැනුනා ලොකු වෙහෙසක්.. ඒත් එක්කම හෙමින් හෙමින් එයාගේ ඇස් පියවෙලා ගිහින් ටේහියුන් තද නින්දකට වැටුණා..
.
.
.
.
ඇස් වලට දැනෙන ලොකු බර ගතියත් එක්ක ටේහියුන් හෙමින් ඇස් ඇරලා වට පිට බැලුවා.. ටේහියුන් ට මේ තැන හොඳට හුරුයි.. වෙනදට මේ තැනින් දැනුනේ උණුසුමක් වුනත් අද දැනෙන්නේ හරි මූසල හැඟීමක්.. ඒ වෙනදට ජෝර්ජ්, ජෝර්ජ් ගේ වැඩිමහල් සහෝදරයා එතකොට ජින් එක්ක එකතු වෙලා රාත්‍රිය ගත කරන තැන.. වෙනදා විනෝදයෙන් ගෙවපු ඒ ගොවිපල ම අද ටේහියුන් ට මූසල තැනක් වෙලා..
" අහ්.. මොකද මේ.. "
" මල්ලි ටේහියුන්.. ඔයා නැගිට්ටද.. "
ජෝර්ජ් ගේ සහෝදරයා හිටියේ ටේහියුන් ට එහා පැත්තෙන්.. ඔහුගේ මූණ සුදුමැලි වෙලා. ටේහියුන් ඒ බව දැක්කා.. යට කොල්ලට පැලිලා ලේ ඇවිත්.. මූණේ තැනින් තැන සීරීම් පාරවල්...
" අයියේ.. ඇයි අපි මෙතන.. "
" මල්ලි.. මුන් අපිට මොනවා හරි කරන්න ලෑස්ති වෙන්නෙ.. අපි මෙතනින් පැන ගන්න ඕන.. "
ජෝර්ජ් ගේ සහෝදරයා කිව්වේ හරි කලබලයෙන්.. ඒත් ටේහියුන් ට නම් කිසිම දෙයක් තේරුනේ නෑ..
" මොකක් ද මෙතන වෙන්නේ අයියේ.. මට කිසිම දෙයක් පැහැදිලි නෑ.. "
ටේහියුන් කිව්වේ ඇත්ත.. ජෝර්ජ් ගේ සහෝදරයා තේරුම් ගත්තා ඇත්තටම ටේහියුන් ට මේ වෙන දේවල් ගැන කිසිම දැනුමක් නෑ කියන්න.. මොකද මේ සිද්ධිය මුල් ඉඳන් ම දන්න එකම කෙනා ජෝර්ජ් විතරයි..
" මට සමාවෙන්න මල්ලි.. මේ හැමදේම මම හින්දා.. "
ජෝර්ජ් ගේ සහෝදරයා කණගාටුවෙන් කියනකොට ටේහියුන් ඔහු දෙස බැලුවේ තරමක් පුදුමෙන්.. මොකක් ද ඒ කතාවේ තේරුම..
ඒත් එක්කම එයාලා හිටපු තැනට තවත් සිහි නැති වූ තරුණයෙක් අර පිරිස විසින් අරගෙන ආවා.. ජෝර්ජ් ගේ සහෝදරයා හිස දෙපසට වැනුවේ කළකිරීමෙන්.. ඒ තරුණයත් ටේහියුන් හිටපු තැනට ගෙනත් දාපු ඒ පිරිස එතනින් පිටවෙලා ගියාම ටේහියුන් ඉක්මනට ඔහු වෙතට ළඟා වුණා..
" ඔහ් අයියේ.. මෙයාට සිහිය නෑ.. අනේ යාළුවා මොකද උනේ.. "
ටේහියුන් ඔහුට කතා කරත් ඒ කෙනාට නම් ටේහියුන් ව ඇහුන පාටක් නෑ..
" තවත් කෙනෙක්.. "
" මොකක් ද අයියා.. "
මේ වෙන හැමදේම ටේහියුන් ට ප්‍රශ්නයක් වුණා.. මුලින්ම එයා නම්ජූන් ගේ ගෙදර යනකොට පිරිසක් එයාට කරදර කරන්න උත්සාහ කරා.. පස්සේ එයා කැලේ අතරමං වෙලා හිටියා.. කැලේ ඉන්න කොට හම්බ වුන පිරිසත් එක්ක එයා ජෝර්ජ් ගේ ගොවිපල ළඟට ආවා.. අන්තිමට එයා හිටියේ ඒ ගොවිපල ඇතුලේ.. ඒකත් ජෝර්ජ් ගේ වැඩිමහල් සහෝදරයා එක්ක එතන හිරවෙලා.. ජෝර්ජ් ගේ සහෝදරයා දැන් එයාගෙන් සමාව ඉල්ලනවා..
" ටේහියුන් මේ හැමදේම වුණේ ජෝර්ජ් කියන දේ අහන්නේ නැතුව මං මේ ගොවිපල මේ යක්ශයින්ට විකුනපු හින්දා.. "
" මොකක් අයියේ ඔයා මේ ගොවිපල විකුණුව ද.. "
ටේහියුන් විශ්වාස කරන්න බෑ.. ඒත් ජෝර්ජ් ගේ සහෝදරයා කියන්නේ බොරුත් නෙවෙයි..
" ඔව් ටේහියුන්.. ජෝර්ජ් ගේ වැඩ වලට සල්ලි ඕන නිසා තමයි මං මේක විකිණුවේ.. ඒක තමයි මම කරපු ලොකුම වැරැද්ද.. ලොකු ගාණක් දීලා මුන් මේක ගන්නකොට මාත් රැවටුනා.. දැන් පසු තැවුනට වැඩක් නෑ.. "
ජෝර්ජ් ගේ සහෝදරයා ලොකු හුස්මක් හෙළුවා..
" උන් මෙතන මොකක් හරි අපරාධයක් කරන්න යන්නේ.. හැමදාම අපිට මොනවා හරි බෙහෙතක් දෙනවා.. තව දවසින් දවස එක එක පොඩි කොල්ලන් ව මෙහෙට ගේනවා.. මං හිතුවේ නෑ ඔයාවත් ඒ අය අරගෙන එයි කියලා.. "
ඔහු ඉන්නේ කළකිරීමෙන්.. ඔහුගේ වචන වලින් ටේහියුන් ට ඒ බව තහවුරු වුණා..
" ඉතින් අයියේ ඇයි අපි මෙතනින් පැනලා යන්නේ නැත්තේ.. "
" උත්සහ කරා.. ඒත් බෑ.. උන් මෙතනට ඕනවටත් වඩා ආරක්ෂාවක් දීලා තියෙන්නේ.. "
ජෝර්ජ් ගේ සහෝදරයා ගේ වචන නිසා ටේහියුන් ටත් තමන්ගේ ජීවිතය ගැන බයක් දැනුණා.. මේ තරම් කෙටි කාලයකින් තමන්ගේ ජීවිතේ ඉවර කරන්න.. හහ් ටේහියුන් ට ම කියලා මවපු හීන කොයිතරම් තිබුනද..
දෙවියනේ.. ඒ හීන වලට මොකද වෙන්නේ..
එදයින් පස්සේ ගෙවුන දවස් ඒ තරම් හොඳ දවස් වුණේ නෑ.. හැම දවසකම තරුණයෙක් ඒ ගොවිපල ට අර පිරිස විසින් අරගෙන ආවා.. හැම උදයකම යමක් එන්නත් කරා.. හැමදාම ඒ පිරිසගෙන් ලැබෙන පහර දීම් ඒ අයට නිහඬව දරා ගන්න වුණා..
හිතනවද තමන්ගේ ජීවිත බේරගන්න එයාලා උත්සහ කරේ නෑ කියලා.. නෑ.. එයාලා උත්සහ කරා.. ඒත් ඒ තාක්ෂණය ඒ ආයුධ හමුවේ ඒ අයගේ උත්සහය අපතේ ගියා...
හරි හමන් කෑමක් බීමක් නැතිව, නින්දක් නැතිව කායික ඒ අය දුර්වල වුණා.. ඊටත් වඩා මානසික ව.. මේ වෙන හැමදේම නිසා ඒ අය ඕනවට වඩා විඳෙව්වා..
වෙනදට පිරිපුන් ව වගේම ගමේ සුන්දරම කොලු ගැටයා වුණ ටේහියුන් පවා වෙනස් වෙලා තිබුණේ හිතා ගන්න බැරි තරමට..
" අපිට මේ මොකද වුණේ.. "
ජෝර්ජ් ගේ සහෝදරයා හැමදාම කිව්වා.. ඔහු පසු තැවුනා ඔහු ඒ ගොවිපල විකිණීම නිසා..
හරියටම සති දෙකක් ගෙවෙන කොට එතනට තරුණයින් දහ අටක් එකතු වුනත් ඒ තැනින් තරුණයන් හතර දෙනෙක් ඔවුන් විසින් අරගෙන ගියා.. සති දෙක අවසානයේ හැමෝම පුදුම කරමින් ඒ අය ටේහියුන් ඇතුළු පිරිසට සමබර ආහාර වේලක් ලබා දුන්නා.. ඒ වගේම හවස් වෙනකොට ලැබුණු එන්නත් පස්සේ ඒ අය හොඳ නින්දකට පත් වුණා..
මුලදී ඒ ආහාර වේල ගන්න ඒ අය අකැමැති වුණත් පසුව ඒ ආහාර වේල ගත්තේ ජෝර්ජ් ගේ සහෝදරයා ඒ ආහාර වේල ගන්න කියපු නිසා..
" මොනදේ කරන්නත් අපි ශක්තිමත් වෙන්න ඕන.. "
හැමවෙලේම එයා කිව්වේ එහෙම.... ඒ විදිහට ආහාර දෙන්න පටන් ගත්තට පස්සේ ඒ අය ටේහියුන් ඇතුළු පිරිසට එදිනෙදා තමන්ගේ සෑම අවශ්‍යතාවක් ම සපුරා ගන්න අවශ්‍ය පහසුකම් සපයලා දුන්නා...
මොකක් ද මේ දේ තේරුම..
මුලින්ම ඒ අයව පැහැරගෙන ආවා.. ඊට පස්සේ හිර කරගෙන වද දුන්නා.. දැන් හොඳට සලකනවා.. ඇත්තටම තේරුම් ගන්න අමාරුයි..
ඒ විදිහට ගෙවුනේ සති එක හමාරක කාලයක් විතරයි.. ඊට පස්සේ ඒ අය එක එක තරුණයන් ව අරගෙන ගියා.. පලවෙනි තරුණයින් දෙන්නට පස්සේ එලඹඋනඑ ටේහියුන් ගේ අවස්ථා ව..
මුරකරුවන් සමඟ ටේහියුන් ඇතුල් වුණේ පර්යේෂණාගාරය ක් කියන්න පුළුවන් තැනකට..
" මට යන්න දෙන්න.. මොකක් ද මේ කරන්නේ.. "
" සහෝදරයා ඔයා මේ කරන්නේ අපේ රටට ලොකු සේවයක්.. මේක හරි ගියොත් අපිට පුළුවන් ලෝකයම හොල්ලන්න.. "
සුදු පැහැති පර්යේෂණාගාර පිට කබායකින් සැරසුණු පුද්ගලයෙක් ටේහියුන් ට කිව්වා..
" මොනවද තමුන් මේ කියවන්නේ.. මට යන්න දෙන්න.. "
ටේහියුන් කෑ ගැහුවා.. මුරකරුවන් ටේහියුන් ව තදින් අල්ලගෙන හිටපු නිසා ඔහුට බැරි වුණා අඩුම හෙල්ලෙන්න වත්..
" තමුන් ගේ කට වැඩි.. ඔය කොල්ලව අරගෙන එනවා.. "
ඒ පුද්ගලයා ගේ විධානයක් එක්ක ටේහියුන් ව එතන තිබුන ඇදක් මත හාන්සි කරවලා අත් කකුල් ගැට ගැහුවා.. ටේහියුන් දඟලන්න උත්සහ කරන කොට අර පුද්ගලයා ටේහියුන් ට යමක් එන්නත් කරා.. ටික වෙලාවකින් ටේහියුන් ට තද නින්දක ට පත් වුණා..
නින්දේ අවසානයත් එක්ක ටේහියුන් අවදි වුණා.. තද සීතලක් තමන්ගේ අවටින් ටේහියුන් දැනුනා.. ඒත් එක්කම හරි සැහැල්ලු බවක් එක්ක ටේහියුන් හිටගෙන හිටියේ ගොවිපල ඉස්සරහ...
එදා දැක්ක ලස්සන ගොවිපල අද වෙනස්.. ටේහියුන් ගොවිපල ඇතුලට ගියා... පේන විදිහට නම් ඒ තැන මාස කීපයකට කලින් අත ඇරලා දාලා.. හෙමින් හෙමින් ඇතුලට ගියපු ටේහියුන් ඇතුලේ දේවල් අල්ලන්න උත්සහ කරත් ඒ කිසිම දෙයක් ටේහියුන් ගේ ග්‍රහණයට නතු වුණේ නෑ... ටේහියුන් ගේ අලුත් වෙනසත් එක්ක ටේහියුන් ගියේ අන්තිමට එයා හිටපු තැනට..
පේලියට තියෙන ලාච්චු වල තියෙන්නේ මොනවාද කියලා බලන්න කුතුහලයක් ටේහියුන් ට දැනුනා.. අඩියෙන් අඩිය එතනට ලං වුණ ටේහියුන් එතනට අත් තිබ්බත් වෙනදා තියෙන අත් වෙනුවට තමන් ගේ අත ඒ හරහා විනිවිද යනවා ටේහියුන් දැක්කා..
කිසිම දෙයක් නොතේරුන ටේහියුන් අත් ඉවතට අරගෙන ඔළුව දාලා බැලුවේ ක්ශනිකව ආව සිතුවිල්ලකට.. ලාච්චු අංක හතර විදියට ඒක සටහන් වෙලා තිබුණා...
" දෙවියනේ.. එතකොට මං.. මේ මං මැරුණ කෙනෙක් ද... "